cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🔥අහස් විමන🔥

විඩාබර ගමන් මගෙහි දයාබර ලැගුම්හල් සොයා යන.... දඟකාර හිත් වලට ජීවයක් ලබා දෙන..... පුංචි කවිකාර හිත් වලට උදා වූ නවමු තෝතැන්න.... 💫 අහස් විමන 💫

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
189
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

⁣ශෙනූ – Telegraph https://telegra.ph/%E0%B7%81%E0%B6%B1-08-07
Show all...
⁣ශෙනූ

♥️ ▫️ශෙනූ ▫️♥️ 05 කොටස ꧁☬ ◦• ●◉✿࿇༒ ●●༒࿇✿ ◉●• ◦ ☬꧂ ශෙනූ හිටියෙ ක්ලාස් එකේ.කෙල්ල කම්මැලිකමෙන් ඩෙස් එකට ඔලුව තියාගෙන හිටිය. එකපාරටම ශෙනූට මැසේජ් එකක් ආවා. "ඒයි මෝඩි......පාඩම අහගන්නව" මැසේජ් එක දිනුකගෙන්. ඒත් දිනුක කොහොමද ඒ ගැන දන්නෙ කියල හිත හිතම කෙල්ල වටපිට බැලුව. "කොහෙද සකබඹරෙ වගේ කැරකෙන්නෙ?" ඒ ගමන්ම තවත් මැසේජ් එකක්. "ඔයා කොහෙද ඉන්නෙ?" ශෙනූ එහෙම ඇහුවෙ ක්ලාස් එකේ කිසිම තැනක කොල්ලා නැති නිසා. "ඒව වැඩක් නෑනෙ පන්ඩිතී.කම්මැලියි නම් ඉන්ටර්වල් එකේ එන්න.අද කලින් කරපු පාඩමක්ලු කරන්නෙ" "ඔයා කොහොමද…

⁣ශෙනූ – Telegraph https://telegra.ph/%E0%B7%81%E0%B6%B1-08-06
Show all...
⁣ශෙනූ

♥️ ▫️ශෙනූ ▫️♥️ 04 කොටස  ꧁☬ ◦• ●◉✿࿇༒ ●●༒࿇✿ ◉●• ◦ ☬꧂ ශෙනූ එදා ක්ලාස් ගියේ තනියම.යාලුවො කවුරුවත් ඇවිත් හිටියෙ නෑ. ඉන්ටර්වල් එකේ කන්නෙ වත් නැතුව කෙල්ල ඩෙස් එකේ ඔලුව තියාගෙන හිටියා. "ඒයි මෝඩි" කෙල්ල ගැස්සිලා ඔලුව ඉස්සුවේ ඒ හඬට. ශෙනූගෙ එහා පැත්තෙන් වාඩි වෙලා දිනුක හිනාවෙවී බලන් ඉන්නව. කෙල්ල ඉක්මනට වටපිට බැලුවෙ බයෙන්.ඇස් දෙකත් ලොකු කරගෙන බලන බැල්මට කොල්ලට හිනත් යනව. "මොකද බං බය වෙලා වගේ?බලන් ඉන්න එවුන් ගැන හිතන්නෙපා.උන් එකෙක්ගෙන්වත් ඔයාට ප්‍රශ්නයක් නෑ" "හ්ම්......කොයි වෙලාවෙද ආවෙ?" "උදේ ඉඳන් හිටියෙ…

Show all...
බිඳුණු කවි සිත

▫️21 වන කවි සිත ▫️ ⁣පෙර කොටසට -:

https://telegra.ph/%E0%B6%B6%E0%B6%B3%E0%B6%AB-%E0%B6%9A%E0%B7%80-%E0%B7%83%E0%B6%AD-07-10

꧁☬ ◦• ●◉✿࿇༒ ●●༒࿇✿ ◉●• ◦ ☬꧂ *දිනූ හැමදේ පැරදුනත් මා* *දිනා දෙන්නම් ඔබේ පැතුමන්* මා ළඟින් හුන් විරහ ගීතය නුඹේ සෙනෙහෙන් මැකුනා.... නුඹ නමින් ලියවෙච්ච කවි වල සතුට හැමතැන රැඳුනා..... විඳින විඳවන ජීවිතය තුළ  නිදහසක් අපි වින්දා..... සැනසියන් මගෙ ළඟම හැමවිට හුඟක් දුර අපි ආවා..... මතක අමතක කරන පාඩම යන්තමට නුඹ දුන්නා..... වියළි හද මත පිපුණු මල නුඹ  අපි අපිට හිත දුන්නා...... අමාරුම තැන් ඒවි…

https://chat.whatsapp.com/CDtA8YDk6TBEdkw6BkTUXO මං අකුරු කරන කතා,නිසදැස් එකම තැනකින් රසවිඳින්න කැමති අය ඇඩ් වෙන්න.
Show all...
✨📝𝑫𝒊𝒍𝒖...𝑺 🕊️

WhatsApp Group Invite

♥️▫️ශෙනූ▫️♥️ 03 කොටස ꧁☬◦•●◉✿࿇༒●●༒࿇✿◉●•◦ ☬꧂ දිනුක ගැන යම්තාක් දුරක පැහැදීමක් දැනුන නිසා ශෙනූ දිනුකගෙ නම්බර් එක සේව් කර ගත්තා. ශෙනූ ක්ලාස් යන හැම දවසකම නිමේෂ්ව දකින්න බලාපොරොත්තු උනත් කවදාවත් කෙල්ල ඔහුව දැක්කෙ නෑ. මේ වෙනකොට ශෙනූගෙ හිතේ නිමේෂ් ගැන තිබුණෙ කලකිරීමක්. මොකද තමන්ගෙ නම්බර් එක නිමේෂ් ඔහුගෙ යාලුවන්ට දුන්න කියල ශෙනූ දැනගත්තෙ ඒ යාලුවොන්ගෙන්මයි. ඒත් ක්ලාස් යනකොට පිරිමි ළමයි ඇය දිහා අමුතුවට බලනව කියල කෙල්ලට තේරිල තිබුණෙ. වරදක් නොකර තමන්ව මෙහෙම අපහසුතාවයට පත් වෙන එක ගැන ශෙනූ හිටියෙ ගොඩක් දුකෙන්. මාස ගාණක් ගෙවුනෙ ශෙනූ වැටෙන්න පුළුවන් උපරිම මානසිකව වැටිල. දවසක් එකවරම ඇගේ මතකයට ආවෙ දිනුකව.වචනෙකින් හරි තමන්ට පිහිටක් උන ඔහුට කතා කරන්න ඕනි කියල ශෙනූට හිතුනා. කාමරයට දුවගෙන ගිහින් ශෙනූ දිනුකට මැසේජ් එකක් දැම්ම. 📱"හායි.කොහොමද ඔයාට?" 📱"හොඳයි.කවුද මේ?" ඇත්තටම දිනුක ශෙනූගෙ නම්බර් එක සේව් කරල වත් තිබුණෙ නෑ. 📱"මම ශෙනුකි.ඔයා අර දවසක් මැසේජ් කරේ.නිමේෂ්ගෙ........" 📱"ආ.....ඔයාද?මට මතකයි.ඔයාට කොහොමද ඉතින්" 📱"මාත් හොඳින් ඉන්නව" 📱"දැන් ප්‍රශ්න සේරම ඉවරද මැඩම්?" 📱"ඔයා කොහොමද ඒ ගැන දන්නෙ?මං ඔයාට කිව්වෙ නැහැනෙ?" එතකොට තමයි දිනුක හැමදේම ශෙනූට කිව්වෙ.එදා අරෙහෙම මැසේජ් කරපු හේතුවයි,නිමේෂ්ගෙ රැවටිල්ලයි ශෙනූට හොඳටම තේරුණේ දිනුක කියපු දේවල් එක්ක. 📱"අනේ දිනුක ගොඩක් ස්තූතියි ඔයාට" 📱"මට ස්තූති කරන්න එපා කෙල්ලෙ.හොඳින් ඉන්න.ඕව හිතන් නැතුව පාඩම් වැඩ ටික කරගන්න" 📱"හරි......සමාවෙන්න කරදර කරා නම්" 📱"අනේ නෑ.ඕනි උදව්වක් ඉල්ලන්න.අපි හොඳ යාලුවොනෙ.මං දන්නව ඔයා අහිංසක කෙල්ලෙක් කියල" 📱"ඔයා කොහොමද මං ගැන දන්නෙ?මාව දැකල වත් නෑනෙ" 📱"එකපාරක් දැකල තියෙනව.ඔයා නිමේෂ් එක්ක බස් හෝල්ට් එකේ ඉද්දි.ඔයා එදා රෝස පාට බ්ලව්ස් එකක් ඇඳගෙන හිටියෙ" 📱"අහ්......ඔච්චර දේවල් මතකද?" 📱"ඔව් ඉතින්.නිමේෂ් වගේ එකෙක් එක්ක ඔයා වගේ කෙනෙක් ඉද්දි පුදුම හිතුනා.මං කොල්ලො එක්කත් කතා උනා එදා" 📱"එහෙමද?මං පසුතැවෙනව දිනුක.මට නිමේෂ් එක්ක අෆෙයාර් එකක් පටන් ගන්නෙ නැතුව ඉන්න තිබුණ" 📱"හරි හරි.දැන් ඕව හිතන්නෙපා මැට්ටි.ඔයා හොඳ කෙනෙක්.සතුටින් ඉන්න" 📱"හරි දිනුක.ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් හිට්යට" 📱"මං මොකක්ද කරේ?" 📱"ඔයා මං හින්ද නිමේෂ් එක්ක රන්ඩු කරා කියල මං දන්නව" දිනුක හිතුවෙ නෑ කෙල්ල මේ දේවල් දන්නව කියල. 📱"හරි හරි බං.යාලුවො එහෙම තමයි.කෙල්ලෙක් උනත් උඹ මගේ හොඳ යාලුවෙක්.හිත හොඳ අයට මං කැමතියි.ඕනි දෙයක් කියපන් ඕනිම වෙලාවක" 📱"අනේ......ඔයත් මගේ හොඳම හොඳ යාලුවෙක් අද ඉඳන්" මෙහෙම මාස ගාණක් ගෙවිල ගියේ දෙන්නගෙම මිතුරුකම තවත් වැඩි කරමින්. දිනුක ඉඳල හිටල ශෙනූගෙ ක්ලාස් එක ගාවට එනව ශෙනූව හම්බ වෙන්න. කෙල්ලත් දැන් හැමදේම දිනුකට කියන්න පුරුදු වෙලා. කලින් වගේ කොල්ලොන්ගෙ උසුළු විසුළු කෙල්ලට දැන් ඇහෙන් නෑ.කවුරුවත් කෙල්ල දිහා අමුතු විදිහට බලන්නෙත් නෑ. මොකද ශෙනූ නොදන්නව උනාට ශෙනූ යන එන හැම තැනකටම දිනුක ආවා. කෙල්ලට අනවශ්‍ය දේවල් කියන,කරන හැමෝම කොල්ලගෙන් හොඳටම ගුටි කෑවා. ඒ කෙල්ලොද කොල්ලොද කියන එක දිනුකට අදාළ උනේ නෑ.ශෙනූට වැරැද්දක් කරන හැම කෙනාටම දිනුක දඬුවම් කරා. ශෙනූ නම් දැන් ඉන්නෙ ගොඩක් සතුටින්.කෙල්ලගෙ ප්‍රශ්න සේරම දැන් විසඳිලා. ජීවිතේට එන හැමෝම අපේ ජීවිතේට එක එක විදිහට බලපෑම් කරනව.ඒ හොඳ විදිහටද නරක විදිහටද කියල කියන්න අපි කවුරුවත් දන් නෑ. ꧁☬◦•●◉✿࿇༒●●༒࿇✿◉●•◦ ☬꧂ ඔන්න අදට ඉවරාාාාාායි. කමෙන්ට් තිබුණොත් ඊළඟ කොටසත් ඉක්මනටම දෙන්නම්
Show all...
Photo unavailableShow in Telegram
03 කොටස
Show all...
Show all...
⛔ Positive Thinking 01⛔

WhatsApp Group Invite

Photo unavailableShow in Telegram
විඩාබර ගමන් මගෙහි දයාබර ලැගුම්හල් සොයා යන.... දඟකාර හිත් වලට ජීවයක් ලබා දෙන..... පුංචි කවිකාර හිත් වලට උදා වූ නවමු තෝතැන්න.... 💫 අහස් විමන 💫
Show all...
💫❤️ TO JOIN OUR CHANNEL ❤️💫
💫✉️ OUR DISCUSSION ✉️💫
❤️🧐 CONTACT OUR OWNER 🧐❤️
🌹✨ JOIN WITH US & ENJOY YOUR MOMENTS ✨🌹
♥️▫️ශෙනූ▫️♥️ 02 කොටස ꧁☬◦•●◉✿࿇༒●●༒࿇✿◉●•◦ ☬꧂ දවසක් පන්තියට වෙලා හිටපු දිනුකට ඇහුනෙ යාලුවො කෙල්ලෙක් ගැන කතා වෙනව.ඒත් ඔහුට ඒ මාතෘකාව එතරම් වැදගත් නැති නිසා ඔහු ඒකට අවධානයක් දුන්නෙ නෑ. "අම්මෝ බං.අද නම් හම්බ උනා සුපිරි නම්බර් එකක්" දිනුකගෙ යාලුවා දිනුක ළඟට ඇවිත් වාඩි උනේ එහෙම කියාගෙනම. "ඇයි?" මුකුත්ම හිතාගන්න බැරුව කොල්ලා යාලුවා දිහා බැලුවෙ ඇස් දෙකත් හීනි කරල. "මේකයි බං සීන් එක.අර නිමේෂ් ඉන්නෙ.උගේ කෑල්ලගෙ නම්බර් එක මේ තියෙන්නෙ.කෑල්ල කිව්වට බං ඌට වෙන එකියෙක් ඉන්නව.මේකිව තියන් ඉන්නෙ ආතල් එකට" "අඩේ එහෙමත් එකක්ද?ඉතින් මේ කෙල්ල පව්නෙ" "ඒකිත් වටේ යනවලු බං" "උඹ කොහොමද දන්නෙ?" "අර නිමේෂයා කොල්ලො හැමෝටම නම්බර් එක බෙදන්නෙ එහෙම කිය කිය" "කෝ දියන් මටත් නම්බර් එක" මේ කතාවෙ අමුත්තක් දැනුන නිසාම දිනුක ඒ කෙල්ලගෙ නම්බර් එක ඉල්ලගත්ත. මොකද නිමේෂ් කියන්නෙත් එච්චර හොඳ එකෙක් නෙවෙයි කියන්න දිනුක දන්නවා. කෙල්ලොන්ව කොච්චර එපා උනත් දිනුක හැම කෙල්ලෙක්ටම ගරු කරනව.තමන්ට කරදරයක් වෙන කෙල්ලොන්ව නම් ඈත් කරලම දානව. කොල්ලො කියපු විදිහට නම් කෙල්ලගෙ නම ශෙනුකි.ඇයත් දිනුකගෙ වයසෙමයි. ගෙදර ගියපු ගමන් කොල්ලා කරේ ඒ නම්බර් එකට මැසේජ් එකක් දාපු එක. 📱""හායි ෂෙනූ"" කියල මැසේජ් එකක් යවල දිනුක ගියේ අම්මට උදව් කරන්න. මේ අතරෙ තව කෙනෙක් හිටිය කල්පනා කර කර.ඒ තමයි ශෙනුකි.ශෙනුකි ආශිංසනා. ශෙනුකි නිමේෂ් එක්ක අෆෙයාර් එකක් තිබුණත් නිමේෂ් දැන් ඇයව සත පහකට ගණන් ගන්නෙ නෑ.කෙල්ල ඒ ගැන හිටියෙ ගොඩක් අවුලෙන්. ඒ මදිවට සතියක විතර කාලයක් තිස්සෙ නිමේෂ් ශෙනූව බ්ලොක් කරල තියෙන්නෙ. නිමේෂ් ගාවම ඉන්න රනිදු කියල යාලුවෙක් ශෙනූට කිව්වෙ නිමේෂ්ගෙන් ඈත් වෙලා ඉන්න කියල.නිමේෂ් ශෙනූව රවට්ටනව කියල රනිදු හැමවෙලේම කිව්ව. කෙල්ලගෙ හිත හැදෙන්න වචනයක් හරි කිව්වෙ රනිදු විතරයි.ඒකත් ඔහුගෙ යාලුවන්ට හොරෙන්. මොකද ශෙනූ අහිංසක කෙල්ලෙක් කියල රනිදු දන්නවා. ඒ වගේම කෙල්ල නිමේෂ් වෙනුවෙන් ගොඩක් වියදම් කරා.ඒ හැමදේම දන්න නිසාමයි යාලුවොන්ට හොරෙන් හරි රනිදු ශෙනූට උදව් කරේ. දවස් ගාණක් අඬල අඬලම ශෙනූ හෙම්බත් වෙලා. ශෙනුකිට තිබුණෙ පොඩි බට්න් ෆෝන් එකක්.කෙල්ල ෆෝන් එක අතට ගත්තෙ යාලුවෙක්ට හරි මැසේජ් එකක් දාල හිත නිදහස් කර ගන්න. ඒත් නන්නාඳුනන අංක වලින් ආපු මැසේජ් වලින් ෆෝන් එක පිරිල.කෙල්ල ඒ හැම මැසේජ් එකක්ම බැලුවෙ කවුද කියල සැකෙන්. තමන්ගෙ නම්බර් එක මෙහෙම අඳුරන් නැති අයට යන්නෙ කොහොමද කියන එක කෙල්ලටත් ප්‍රශ්නයක්. 📱"කොහෙන්ද මගේ නම්බර් එක" සමහර මැසේජ් වලට එහෙම රිප්ලයි එකක් දැම්මෙ මේකට විසඳුමක් ඇත්තෙම නැති නිසා. ඒ අතරෙ කෙල්ල දැක්කෙ තමන්ගෙ නම කියල එවපු මැසේජ් එකක්. 📱"හායි ශෙනූ" කෙල්ල ඒ මැසේජ් එක කියෙව්වෙ හිතේ මැවෙන ප්‍රශ්න ගොඩක් එක්ක. 💭වැරදිලා ආපු මැසේජ් එකක් වෙන්න බෑ.මගේ නමත් දන්නවා.මෙයාගෙන් අහල බැලුව නම් හරියයි. 📱"හායි කවුද මේ" ශෙනූ ඒ නම්බර් එකට මැසේජ් එකක් දාල ටිකකින් රිප්ලයි ආවා. 📱"මම දිනුක" 📱"ඔයා මාව දන්නවද?" 📱"ඔයා ශෙනුකි නේද?" 📱"ඔව්......ඔයා කොහොමද දන්නෙ?" 📱"ඒක ඔයාට වැඩක් නෑ.හැබැයි මං දෙයක් කියන්නද?" 📱"මොකක්ද?" 📱"කාවවත් විශ්වාස කරන්න එපා.පුළුවන් නම් ඉක්මනටම ඔය නම්බර් එක මාරු කරන්න" 📱"හරි.ඒත් ඇයි ඒ?" 📱"ප්‍රශ්න අහන්න එපා.කියපු දේ කරන්න බැරි නම් ඉන්න" 📱"හ්ම්.....තෑන්ක්ස්" 📱"පරිස්සමෙන් කෙල්ලේ.බායි" දිනුක මැසේජ් කරාට පස්සෙ ශෙනූගෙ ඔලුව තවත් අවුල් උනා කිව්වොත් තමයි හරි. ඒ කවුද?ඇයිද එහෙම කිව්වෙ? කෙල්ලගෙ හිතේ ප්‍රශ්න ගොඩයි. ꧁☬◦•●◉✿࿇༒●●༒࿇✿◉●•◦ ☬꧂ මේ කතාව එපාද කියන්නකො.😒
Show all...
Photo unavailableShow in Telegram
02 කොටස
Show all...