𝐊𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞 𝐀𝐫𝐞𝐚 ✨
Open in Telegram
ඉතුරු ටික කියවන්න request to join කියන බටන් එක click කරන්න ...🥵 Join with us for daily update your knowledge ✨
Show more5 326
Subscribers
-2624 hours
-767 days
-24030 days
Posts Archive
5 326
සතුන් ගර්භාෂය තුල සිටින ආකාරය දැක්වෙන හරි අපූරු පින්තූර 12 ක්
නැෂනල් ජියෝග්‍රැෆික් කියන සඟරාව විසින් සිදු ලරපු දීර්ඝ පර්යේෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට, සතුන් ගර්භාෂය තුල සිටින ආකාරය සාර්ථකව ඡායාරූප ගත කිරීමට ඔවුන් සමත් වුණා. 4D අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් සමඟ සම්බන්ධ කරන ලද කුඩා කැමරා ආධාරයෙන් මේ ඡායාරූප ලබා ගැනීමට ඔවුන් සමත් වුණා. මේ පර්යේෂණවල ප්‍රතිඵලත් ගොඩාක් පුදුමාකාර වුණා.
සත්ව ලෝකයේ විශ්මිත සුන්දරත්වය ගැන හොඳම උදාහරණ සපයන මේ පින්තූර ටික නම් බලන්නම වටිනවා.👇
5 326
Repost from Binance Hero Academy 🇱🇰
🔔 🙃☺️☺️☺️ 🥶🥶🥶🥶🥶 🔔
‼️ ඉක්මනින් Active කරගන්න නොමිලේ දෙන්නෙ මේ OFFER එක. අය මෙහෙම චාන්ස් නෑ.‼️
⭐️Telegram එකේ සීමිත පිරිසකට විතරයි දෙන්න වෙන්නෙ
🔔ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖
⭐️යට Button එක ඔබලා මේක නොමිලේම ලබා ගන්න⭐️
👇👇👇
5 326
ජොබ්ස් ඇපල් සමාගමට නැවතත් පණ දීම.
නැවතත් ඇපල් සමාගම ජොබ්ස් යටතට නතුවීමත් සමග එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කිරීමට පටන් ගත්තේය. ඇපල් සමාගම මුහුණ දී සිටි ප්‍රශ්න ගැටලු හඳුනාගත් ඔහු නායකත්වයේ ගමනක් යමින් ඇපල් සමාගම නැවතත් ප්‍රාණවත් බවට පත් කිරීමට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.
ජොබ්ස් හට විවිධ ක්ෂේත්‍රයෙන් නිර්මාණශීලී මිනිසුන් කෙරෙහි තිබුණේ ඉතා හොඳ ඉවකි. ලොව බිහි වූ ඉතාමත් නිර්මාණශීලී චරිතයක් වූ “සර් ජොනී අයිව්” ගේ සැලසුම් දායකත්වය ඇපල් වෙත අපූරුවට ලබා ගත්තේය. 1997 දී ජොබ්ස් නැවත ඇපල් වෙත ආ පසු සමාගම නිෂ්පාදන ක්‍රියාවලියට අවතීර්ණ වූයේ වෙනස්ව හිතන්න යන තේමාව රැගෙනය.
‘වෙනස්ව හිතන්න’
''Think Different'' (වෙනස්ව හිතන්න) යන තේමාව යටතේ 1997 දී නැවත සක්‍රිය වූ අලුත් ගමනකට මුලපුරමිනි. ජොබ්ස් සතු අසීමිත නිර්මාණශීලී සංකල්පය හමුවේ විවිධාකර අංශවලට විහිදී පැතිරී ගිය ඇපල් නිෂ්පාදනය මුළු ලෝකයම ජයගනිමින් නැවතත් පරිගණක සහ මෙම තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමුඛයා බවට පත් විය. පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ක්ෂේත්‍රයේ මහා වෙනසක් කළ මේ ඇපල් සමාගම මේ වන විට ලෝකයට දායාද කළ දේ බොහෝමයි. ප්‍රථම වරට වර්ණ සංයෝජනයෙන් යුතු ඩිජිටල් කැමරාව පවා නිෂ්පාදනය කර ඇත්තේ ඇපල් සමාගමය.
අප ඇපල් කියූ විගස දන්නේ තාක්ෂණයේ විස්මිත දේ රැගත් නිර්මාණය. එහෙත් ඇපල් ලාංඡනය යටතේ විලාසිතා පවා විටෙක නිර්මාණය වී තිබේ. ඇපල් සමාගම නිෂ්පාදනය සහ නිර්මාණය කළ අප නොදන්නා තවත් බොහෝ දේ තිබේ.
කොටින්ම කිවහොත් අප දන්නේ ඔවුන්ගේ නිර්මාණවලින් ස්වල්පයක් පමණෙකි. අනාගතය උදෙසා ඔවුන් සැලසුම් කළ දේ හෙට දින ලෝකයට දායාද වීමට තිබිය දී පෘථිවියේ ජීවත් වූ මේ අසහාය මිනිසා “ස්ටීව් ජොබ්ස්” 2003 පමණ වන විට එක් වරම අසනීප තත්ත්වයට පත් වුණි.
ඇපල් මැවූ අරුම පුදුම මිනිසාගේ අනපේක්ෂිත මරණය.
2003 සිට සුව කළ නොහැකි වූ පිළිකා රෝගයෙන් පීඩා විඳි ස්ටිව් ජොබ්ස් නමැති අසහාය මිනිසා 2011 දී මෙලොවට සමු දී යන්න ගියේය. එය සිදු වූයේ ඔහු වයස අවුරුදු 56 ව සිටියදීය. ඔහු ඒ මරණය දැක දැක ඊට මුහුණ දුන්නේ මරණය යනු ජීවිතයේ තවත් හොඳම නව නිපැයුමක ඇරඹුමක් යන්න විශ්වාසයේ තබාගෙනය. අවසන් මොහොතේ දී ඔහු ඔහුගේ බිරිඳ දෙස බැලුවේය. දරුවන් දෙස බැලුවේය. පවුලේ අය ඔහු වටා එක් රොක් වී සිටියහ. ඔහු වාව් වාව් යන්නෙන් අවසන් වරට ප්‍රකාශ කළ බව සඳහන් වේ. මේ සටහන මුල දී අප ඔහු කාලතරණය කළ මිනිසෙක් ද? නැතහොත් වෙනත් දියුණු ලොවකින් තාවකාලිකව මෙහි පැමිණ සිටි මිනිසෙකු ද යන්න සඳහන් කළේ සාමාන්‍ය මිනිසකුට එහා ගිය සිතීමේ දැකීමේ නිර්මාණශීලී ධාරිතාවක් ඔහු සතු වූ බැවිනි. ජොබ්ස්ගේ සංකල්පයෙන් පටන් ගත් ඇපල් සමාගම් සමූහය සතුව 2019 වන විට සේවය කරන පි්රිස සඳහන් වූයේ 137,000ක් ලෙසිනි. ලෝකයේ තාක්ෂණය මුල් කරගත් මහා සමාගම් සතරක් තිබේ. ඒ ඇමසන්, ගූගල්, ෆේස්බුක් සහ මේ කියන ඇපල් සමාගම ය. එදා 1980 දී පමණ ඇපල් සමාගමේ කොටසක් අලෙවි වූයේ කොටස් මිල දී ගන්නා අය අතර ඩොලර් 22ක මුදලකටය. එදා කෙනෙක් ඩොලර් 100ක කොටස් ගත්තේ නම් අද එහි වටිනාකම ඩොලර් ලක්ෂ 6ක් පමණ වේ. හරි පුදුමයි නේද? ඇපල් මැවූ අරුමය.
සඳුන් ගමගේ✍
5 326
ීකාලයෙන් මිදී එයින් පළා ගිය ඔහු අකුරු ඇඳීම සඳහා වෙනමම ඉගෙනීමට ගියේය. පසු කලෙක ඔහු කියා තිබුණේ ඇපල් නාමයෙහි නිෂ්පාදනවලට අයත් සලකුණු සහ අක්ෂර නිර්මාණය කිරීමේ දී තමා එදා ඒ උගත් දේ බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවය.
අැපල් යන නාමය ඔවුනගේ සමාගමට යෙදීමට මුල් වූයේ කවරකු ද යන්න ගැන නිශ්චිතවම කිසිම තැනෙක සඳහන් නොවුව ද ජොබ්ස් යනු පලතුරු කෑමට බෙහෙවින් රිසි වූ චරිතයක් විය. ඒ නිසා මේ නම යොදා ගන්නට ඇතැයි සඳහන් කළ හැකිය. ඇපල් සමාගමේ නිෂ්පාදන සඳහා සලකුණ හෙවත් ලෝගෝ එකට ඇපල් ගෙඩියක හැඩය ඇඳ ගත් පසු ජොබ්ස් හට එය පෙනී ඇත්තේ චෙරි ගෙඩියක හැඩය මෙනි. ඇපල් සහ චෙරි ගෙඩිය එක හා සමාන වූ බැවින් ඇපල් ගෙඩියේ කෑල්ලක් කා දැමූ පසු පෙනෙන අන්දමට සලකුණ නිමවා තිබේ. මේ සියල්ලටම පෙර මුලින්ම තම සමාගමේ නිෂ්පාදන ලෝගෝව (සලකුණ) ලෙස ගෙන ඇත්තේ මහා දාර්ශනිකයෙකු වූ අයිසැක් නිව්ටන්ගේ හිස මතට ඇපල් ගෙඩි වැටෙන අයුරු පෙන්නුම් කෙරෙන ලාංඡනයකි. එය ඔහුට ගරු කරනු පිණිස යොදා ගත්තේ යැයි ජොබ්ස් කියා ඇත.
අැයි ඇපල් මේ තරමට ජනප්‍රිය වූවේ?
ඇපල් පරිගණක නිෂ්පාදන කරළියට ඒමට පෙර IBM, HP වැනි පරිගණක නිෂ්පාදන ලොව ආක්‍රමණය කර තිබුණ ද ඒවායෙහි කොටස් වෙන වෙනම මිල දී ගැනීමට සිදුවිණි. එනම් එම සමාගම් නිර්මාණය කළේ පරිගණක හෝ පරිගණක තිර පමණකි. ඇපල් සමාගම කරළියට ආ පසු වෙළෙඳ පොළ ඇල්ලුවේ සියල්ල එක් කට්ටලයක් ලෙස නිර්මාණය කළ නිසාවෙනි.
එමෙන්ම ඇපල් නිෂ්පාදනය සඳහා යොදා ගත් අක්ෂර සහ මුහුණුවර මෙන්ම සියල්ල ඉතාම සුන්දර නිමාවකින් යුක්ත වීම තවත් හේතුවක් විය. හුරු බුහුටි අනගි නිමාවකින් සහ පෙනුම හරියට සුන්දර රූ රැජිනක මෙනි. බොහෝ දෙනා ඇපල් නිෂ්පාදන හඳුන් වන්නේ හරි ස්මාට් යනුවෙනි. හැඩය පැහැය මෙන්ම ගුණය ද ඉහළ වූයේ තාක්ෂණය ඉතා සියුම්ව යොදා ගත් බැවිනි. සරලව කිව්වොත් බොහෝ දෙනා ඇපල් හඳුන්වන්නේ ‘මාර ලස්සයි’ යනුවෙනි.
ඇපල් හැදූ ඇපල් හට සමාගමෙන් ඉවත් වීමට සිදු වීම.
ස්ටිව් ජොබ්ස් යනු අපමණ ධාරිතාවයක් තිබූ චරිතයක් විය. එනිසාම ඔහු අනාගතයේ මුහුණ දීමට තිබෙන සියල්ල ගැන අවබෝධයෙන් සිටි අයෙක් විය. ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ලෙස සිටිය දී ඔහුට ගෙවා ඇත්තේ ඩොලරයක මුදලක් පමණක් බව සැලවේ. ඊට හේතුව ඩොලරයක්වත් නොගන්නේ නම් සෞඛ්‍ය ආරක්ෂණය නොලැබෙන නිසාය. ජොබ්ස්ට එලෙසින් ගෙවීම් කළ ද ඔහුට සමාගමේ තිබූ වත්කම 40% ක වැනි විශාල ප්‍රමාණයකි. ඇමරිකාවේ මහා භාණ්ඩාගාරයේ පවා එක මොහොතක නොමැති තරමේ ධනයක් ඇපල් සමගම සතු බව සඳහන් වේ. මෙහෙව් වූ ඇපල් සමාගමේ ප්‍රධාන විධායකව සිටි සමයේ දී ජොබ්ස් කෙතරම් විශිෂ්ටයකු වුවද, ඔහු වෙතින් දක්නට ලැබුණු තද ගති අනෙක් අයට ගෙන දුන්නේ රිදුමකි. තමාට ඕනෑ වැඩේ කෙසේ හෝ කර ගැනීමේ අභිප්‍රාය ජොබ්ස් සතුව තිබූ දෙයකි. කෙසේ වෙතත් ඇපල් හැදූ ඇපල් හට එනම් ජොබ්ස් හට ඇපල් සමාගමෙන් යාමට සිදු විය. එය හරියට නෙරපා දැමීමක් මෙනි.
ඇපල් වෙතින් ඉවත් වූ ජොබ්ස් Next නමින් වෙනස් ගමනක් යාම.
ප්‍රතිපත්තිමය ආරවුල් මත ඇපල් සමාගමෙන් ජොබ්ස් හට ඉවත්ව යාමට සිදුවුව ද අල්ප මාත්‍රයක හෝ කනගාටුවකට ඔහු පත් නොවුණි.
ඊට හේතුව පෙර කී පරිදි අනාගතය සම්බන්ධයෙන් ඔහුට හොඳ ඉවක් තිබීමය. ජීවිතයේ අනිත්‍යය ගැන ඔහු වටහා ගත්තේ බොදු දහම වැළඳ ගැනීමත් සමගය. ඔහු බුදු දහම වැළඳ ගත්තේ ඇපල් සමාගම බිහි කිරීමටත් පෙරදීය. 1972 දී ශිෂ්‍යයකුව සිටිය දී වරෙක ඔහු ඉන්දියාවේ සංචාරය කළේය. ඒ වෙන කිසිවක් නිසා නොවීය. සෙන් බුදු දහම ගැන දැන ගැනීම වෙනුවෙනි. පසුව ඔහු බුද්ධාගම වැළඳ ගත්තේය. එදා බුදු දහම සොයා යාමට ද ඔහුට හේතුවක් තිබිණි. තාරුණ්‍යයේ දී මරිජුවානා සහ එල්.එස්.ඩී. (LSD) නමැති මත්ද්‍රව්‍ය භාවිතයට ඔහු තදින්ම ඇබ්බැහිව සිටි බව වාර්තාවල සඳහන් වේ. ජීවිතයට අවබෝධය ලැබ ඉන් මිදීම සඳහා ඔහු බුදු දහම වැළඳ ගන්නට ඇතැයි සඳහන් කළ හැකිය.
ඇපල් සමාගමට එපා වූ ජොබ්ස් නැවත ඇපල් සමාගමට අත්‍යාවශ්‍ය වීම.
අැපල් සමාගමෙන් ඉවත් වීමට සිදු වූ පසු ජොබ්ස් එහි සිටි තවත් සේවක දෙතුන් දෙනෙකු සේවයට බඳවා ගෙන අලුත් ගමනක් ඇරඹීය. එය නම් කළේ Next යනුවෙනි. ඒක හරියට ඇපල්වලින් එහාට (ඊළඟට) යන අරුත දැනවීමක් මෙනි. ඔහු ඒ ඊළඟ ගමන යමින් සිටිය දී (1985 සිට) පික්සාර් (Pixer) නමින් තවත් සමාගමක් ස්ථාපිත කළේය. සහජයෙන්ම උපතින්ම ගෙනා පරිගණක ක්ෂේත්‍රයේ දැනුම සාගරයක් තරමට “ජොබ්ස්” සතුව තිබීම විටෙක පුදුමසහගත දෙයකි. මෙම සමාගම් දෙක ලස්සනට හැදී ගෙන එද්දී තමයි හොඳම කතාවට අපි ප්‍රවේශ වෙන්නෙ. එනම් ජොබ්ස් ගිය පසුව ඇපල් සමාගම ශීඝ්‍රයෙන් වැටෙන්නට පටන් ගැනීම. මේ වන විට වොස්නියැක් ද වෙනම ගමනක් යමින් සිටියේය. මේ මහ මොළකරුවන් දෙදෙනා නැතිව ඇපල් සමාගම වැටෙමින් තිබුණ ද ස්ටිව් ජොබ්ස් හට නැවත එන්න යැයි කීම එක් වර කළ හැකි දෙයක් නොවුණි. ඒ වන විට ජොබ්ස් තවත් සාර්ථක ගමනක් යමින් සිටීම මෙන්ම එළවා දැමූ මිනිසාට නැවත එන්නට කීම ප්‍රතිපත්තියක් නොමැති ක්‍රියාවකි. ඒනිසා ඇපල් සමාගම කළේ හැදෙමින් සිටි ජොබ්ස් සතු අලුත් සමාගම් ද්විත්වය කොටස් යොදා මිල දී ගැනීමය
5 326
දිගට වවා ගත් ජොබ්ස් යනු කා අතරත් ප්‍රිය මනාප චරිතයක් විය.
ස්ටීව් ෙජාබ්ස්
එවකට මගේ පාසල් සමයේ දී මිතුරකු පැමිණ ඔයා ස්ටීව් ජොබ්ස් හමු වීම වඩා හොඳ යැයි කියා සිටියේය. මොකද මිනිහා ඉලෙක්ට්‍රොනික අංශයේ එක එක දේ කරන්න උත්සාහ ගන්න හොඳ වැඩකාරයෙක්.
මේ කතාව මේ විදිහට පසු කලෙක කියා තිබුණේ ස්ටීවන් ගැරී වොස්නියැක් හෙවත් හැමෝම වොස් ලෙස ආමන්ත්‍රණය කළ මිනිසාය. හේ අන් කවරකුවත් නොවේ. ජොබ්ස් සමග එකතු වී ඇපල් ආයතනය බිහි කිරීමට පුරෝගාමී වූ ශක්තිමත් මිනිසාය. තවත් විදිහකට කිවහොත් ජොබ්ස් සතු වූ සංකල්පීය දැනුම නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිර්මාණය කළ මිනිසා වොස්නියැක් ය. මේ දෙදෙනා ගහට පොත්ත මෙන් සැසඳුණේය. එසේ නොවන්නට අද ඇපල් පරිගණක ක්‍රියාවලිය හෝ ඇපල් තොරතුරු තාක්ෂණ නාමයක් බිහි වන්නේ නැත. ඒ හැරත් ජොබ්ස් සමග වැඩ කිරීමට ද කෙනෙකු හට එතරම්ම පහසුවක් නොවුණි.
ජොබ්ස් යනු තමාගේ අදහස එළියට එන තෙක් අනෙක් කෙනාගෙන් වැඩ ගැනීමට දක්ෂ වූවෙකු විය. සංකල්පීය මනසකින් යුතු අපරිමාණ මිනිසෙකුගේ ස්වභාවය එලෙසින්ම වේ. විද්‍යුත් පරිපථ සහ රැහැන් වෙතින් ජොබ්ස්ගේ තුරුණු වියේ මොළය වෙළා ගෙන තිබුණ ද නිතරම ඔහු තුළ සිටියේ වඩාත් මානුෂීය මිනිසකු විය.
උසස් අධ්‍යාපනය ලබද්දී තම මව් පියන් ඉපයූ දුප්පත් මුදලින් යැපී නොසිටීමට සිතා ගෙන කටයුතු කළ අයෙකි. කොකා කෝලා බෝතල එකතු කර එ්වා නැවත අවන් හල්වලට ලබා දී ඩොලරයකට අඩු මුදලක් හම්බ කරගෙන විටෙක ඔහු ආහාර වේල සපයා ගත්තේය.
එමෙන්ම සතියකට වතාවක් නොමිලේ ලබා දුන් ආහාර වේලකින් සප්පායම් වීමට ඔහු සැතපුම් ගණනාවක් පා ගමනින් “හරේ ක්‍රිෂ්ණා” කෝවිල වෙත ගොස් තිබේ. මෙලෙසින් යෞවනයේ සිටම ඔහුගේ අභිප්‍රාය වී තිබුණේ තමාගේ දෙපයින් නැගී සිටීමටය. විටෙක මිතුරකුගේ නිවසේ බිමක නිදා ගැනීමට පවා ඔහුට සිදු විය. ඔහු ගැන මෙලෙසින් කතා කරන්නට ගියොත් පරක් තෙරක් නැතිව කතා කිරීමට තියෙන දේ නම් බොහෝමය. ඒ සියල්ල පසෙක තබා ඔහු සහ වොස්නියැක් එක්ව දියත් කළ හැඩකාර ගමන ගැන ඊළඟට කියවමු.
ජීවිතයට මිහිර ගෙනා ඇපල් ගමන
සුපුරුදු පරිදි අප්‍රේල් 1 වැනිදා තවත් වසරක තවත් දිනක් උදා වී තිබිණ. කිසිදු වැදගැම්මකට නැති විහිළු තහළුවලින් එකිනෙකා තම තමුන් රවටා ගන්නා මෝඩයාගේ දිනය යැයි හැඳින්වෙන මෙදින ස්ටීව්ලා දෙදෙනෙක් එනම් ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් සමග රොනල්ඩ් වේන් යන තරුණයෝ තිදෙනා එක්ව හරි අපූරු ගමනක් ආරම්භ කළෝය.
ඒ ගමන ඔවුන් නම් කළේ ඇපල් කම්පියුටර් කම්පැනි නමිනි. මෙය ආරම්භ කිරීම වෙනුවෙන් තමා සතු වූ ෆොක්ස්වැගන් රථය ජොබ්ස් විකුණා දැමූ බව ද වොස්නියැක් තමා සතු වූ වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණයක් විකුණා දැමූ බව ද සඳහන් වේ.
රොනල්ඩ් වේන් සමග එක්ව මේ දෙදෙනා මුදලක් යොදා මේ සමාගම හවුල්කාර එකක් ලෙස ආරම්භ කළේ ඉතා සුළුවෙනි. වාර්තා උපුටා දක්වන පරිදි මේ කටයුත්ත ඔවුන් ඇරඹියේ ජොබ්ස්ගෙ මව් පියන් වූ පෝල් සහ ක්ලාරාට අයත් නිවසේ ගරාජයේ සිට බවය. එහෙත් වොස්නියැක් පසු කලෙක පවසා තිබුණේ එය හරියට මිථ්‍යා ප්‍රබන්ධයක් මෙන් වූ කතාවක් යැයි කියාය. එසේ වුව ද මේ ගමනේ ආරම්භය ඒ පුංචි ගරාජයම වේ. ඒ හැරත් මෝඩයාගේ දවස මේ තරුණයින් තිදෙනා අරුත් බර කළේ ලෝකයටම පොදු මාර්ගයක් වෙනුවෙනි.
පුදන කොටම කාපි යකා
එදා 1976 අප්‍රේල් 1 වැනිදා එලෙසින් පටන් ගත් ඇපල් කම්පියුටර් කම්පැනි එකට මුදල් ආයෝජනය කළ හවුල්කරුවකු වූ රොනල්ඩ් වේන් දින 12ක් ඉක්ම ගිය පසු එයින් ඉවත් විය. ඊට හේතුව හරි හැටි සඳහන් නොවුව ද ජොබ්ස් සහ වොස්නියැක්ගේ අදහස් වේන් සමග පෑහීමක් සිදු නොවුණි.
වෙසෙසින්ම ජොබ්ස්ගේ අදහස් හා වේන්ගේ ආකල්ප වෙනස් විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තමා සතු වූ 10%ක පමණ කොටස් නැවත ඩොලර් 800 කට පමණ ජොබ්ස් සහ වොස්නියැක් වෙත ලබා දී වේන් ඉන් ඉවත්ව යාමය. වේන් එදා ඒ කොටස් විකුණුවේ නැත්නම් අදට ඔහුගේ කොටස්වල මිල සැසඳීම කළහොත්, එහි වටිනාකම ඩොලර් බිලියන සියයක් පමණ වේ. ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දවා ගන්නට බැරිය කියා කියන්නේ මෙවැනි දේටය. කෙසේ වෙතත් වේන්ගේ නික්ම යාම හමුවේ ස්ටීව්ලා දෙදෙනා තමුන්ගේ ගමන් මග වෙනස් කළේ නැත.
ස්ටීව්ලා දෙදෙනා අලුත් ගමනක.
වේන් ඇපල් අත්හැර ගිය ද ස්ටීව්ලා දෙදෙනා අලුත් ගමනකට මුල පිරූහ. 1977 දී එලෙසින් අලුත් ගමනකට මුල පිරුවේ ඇපල් කම්පියුටර් ඉන්කෝපරේෂන් නමිනි.
ඒ වන විට ජොබ්ස් සහ වොස්නියැක් විසින් නිර්මාණය කර තිබූ Apple - 1 පරිගණකය කා අතරත් කතා බහට ලක්විය. එය වොස්නියැක්ගේ පුද්ගලික පරිහරණය සඳහා නිර්මාණය කළ ද ඉල්ලුම නිසාම අලෙවි කටයුතු ඇරඹියේ එම පරිගණකය අලෙවි කරමිනි. ඉන්පසුව ඇපල් ඉන්කෝපරේෂන් සමාගම ස්ථාපිත වීමෙන් පසුව Apple - II (ඇපල් 2) නමින් නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹීය. ඊට ලැබුණේ උණු කැවුම් විකිණෙන තරමටත් වඩා වූ ඉල්ලුමකි.
ඇපල් සලකුණ සහ ජොබ්ස් සතු වූ විවිධත්වයෙන් අකුරු ඇඳීමේ දක්ෂතාවය.
එකල සරසවි අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ දී එක දිගට දේශනවලට සවන් දීම, ජොබ්ස් හට ගෙන දුන්නේ කම්මැළිකමකි. ඒ නිසා එක
5 326
Repost from Everything🌎
ජීවිතයට මිහිර ගෙනා ඇපල් සමාගමේ කතාව
ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි
අප්‍රේල් පළමුවැනිදා (1) හැඳින්වෙන්නේ “මෝඩයාගේ දවස” යනුවෙනි. මෙදින එතරම්ම වැදගැම්මක් ඇති දවසක් නොවන වග බොහෝ දෙනාගේ අදහස වේ. එහෙත් ලෝකයට අප්‍රේල් 01 වැනිදා යනු තවත් අතිශයින්ම වැදගත් වූ දිනයකි. ඒ නිසා මෙම දිනය මෝඩයාගේ දවස ලෙස නම් කර අහක දාන්නට බැරි දිනයකි.
අප්‍රේල් පළමු වැනිදා මෝඩයාගේ දවස වෙනුවට මහා මොළකරුවකුගේ දිනක් ලෙස නම් කිරීම වඩා හොඳය. මේ මහා මොළකරුවා වෙන කවරකුවත් නොවේ. ස්ටීව් ජොබ්ස්ය. “ඇපල්” පරිගණක හා ඇපල් විද්‍යුත් සංකල්පය ලොවට නිර්මාණය කර දුන් මහා මිනිසා ඔහුම වේ. එමෙන්ම ඇපල් පරිගණක නිර්මාණ සංකල්පයෙන් යුතු ලෝ ප්‍රකට ඇපල් ආයතනය බිහි වූයේ අප්‍රේල් 1 වැනිදාකය. හරියටම කිව්වොත් 1976 අප්‍රේල් 1 වැනිදාය. ඊට මුල් වූයේ මේ මහා මිනිසා පමණක්ම නොවේ. ලෝකය තනි අතට ගැනීමට සමත් වඩාත් හැඩකාර පරිගණක සංකල්පය නිර්මාණ ක්‍රියාවලිය ලොවට දායාද කළ මහා මිනිසා ස්ටීව් ජොබ්ස් වුවද, තොරතුරු තාක්ෂණයේ ලොව අංක එකේ සමාගම ලෙස ඇපල් සමාගම බිහි වූයේ ස්වීට් ජොබ්ස්, ස්ටීව් වොස්නියැක් සහ රොනල්ඩ් වේන් යන අපූරු ත්‍රිමූර්තියේ සංකලනයෙනි. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ ලෝ ප්‍රකට ඇපල් සමාගමේ හැඩකාර ගමන ගැන වූ කතාවය.
ඇපල් සමාගම ගැන කතා කිරීමට පෙර ස්ටීව් ජොබ්ස් ගැන කතා කළ යුතුම වේ.
ස්ටීවන් පෝල් ජොබ්ස් යනු කාලතරණය කළ චරිතයක් ද? නැතහොත් වෙනත් දියුණු ලොවකින් පෘථිවියට පැමිණ සිටි ජීවියකු ද යන්න විටෙක අනුමාන කළ නොහැකි තරම්ය. ඔහුගේ ජීවිත කතාව යනු වෙනමම පරිච්ඡේදයකි. ඔහු මෙලොවට පැමිණියේ මා පිය යුවළකට දාව බව සැබෑය. එහෙත් ඔහු හැදී වැඩුණේ වෙනත් මා පිය යුවළකට අයත්වය. සරලව කිවහොත් ජොබ්ස් යනු දරුකමට හදා ගැනීම සඳහා ජීව විද්‍යාත්මක මාපිය යුවළ විසින් වෙනත් මා පිය යුවළකට ලබා දුන් දරුවකු විය. සිරියානු සම්භවයක් ඇති අබ්දුල් ෆටාහ් ජෝන් ජාන්දලි හොඳ ප්‍රේමවන්තයෙකු විය. ඔහුගේ පෙම්වතිය වූ ජොආන් ෂීබල් සිම්සන් හට ඔහු අසීමිතව ආදරය කළේය. ජාන්දලී තම පවුලේ අය සහ මේ පෙම්වතිය සමග ගිම්හාන සමයේ නිවාඩුව ගත කිරීම වෙනුවෙන් සිරියාවට පැමිණ සිටියේය. ඒ 1954 වසරේ දීය. ගිම්හාන නිවාඩුව අවසන් වූයේ වසන්තයේ පණිවුඩයක් රැගෙනය. එනම් ෂීබල් ජාන්දලී නිසා ගැබ් ගෙන සිටියාය. එය මේ යුවළට සුබ පණිවිඩයක් වුවද, ජොආන් ෂීබල් සිම්සන්ගේ පවුලේ උදවියට එය දරාගත නොහැකි දෙයක් විය. එනම් මේ සම්බන්ධයට ෂීබල්ගේ මාපියන්, විශේෂයෙන්ම පියා තදින්ම විරුද්ධව සිටියේය.
ෂීබල් සිම්සන් තම ඥාති වර්ගයා හමුවේ තමා ගැබ් ගෙන ඇති වග නොකීමට පවා වග බලා ගත්තාය. ඒ වෙන කිසිවක් නිසා නොවීය. එය දැන ගතහොත් තමාට සහ ජාන්දලීට අත්වන ඉරණම ගැන ඇය හොඳින්ම දැන සිටි නිසාය. ඒ නිසා නියමිත කාලයේ දී ෂීබල් තම දරුවා හොර රහසේම ප්‍රසූත කිරීමට වග බලා ගත් අතර ඉනික්බිතිව නීත්‍යානුකූලව තම දරුවා හොඳ උගත් මා පිය යුවළකට බාර කිරීමට ද ඇය වග බලා ගත්තාය. මක්නිසා ද යත් ෂීබල් ද හොඳින් උගත්තියක වූ නිසාය. ඇය එසේ කළේ වෙන කරන්නට කිසිවක් ඉතිරිව නොතිබූ බැවිනි. තවත් පරිච්ඡේදයකට මුල පුරමින් උපාධිධාරීන් නොවුණු පෝල් ජොබ්ස් සහ ක්ලාරා ජොබ්ස් යුවළ හට මේ වාසනාවන්ත දරුවා හදා ගැනීමේ භාරකාරත්වය හිමි වුණි. ඒ කතාවේ අතරමැද නඩු හබ කීමට ද ස්ටීව් ජොබ්ස්ගේ සැබෑ මව වන ෂීබල් හට සිදු විණි. කෙසේ වෙතත් ඒ සියල්ල ගැන කතා නොකර අපි ස්ටීවන් හෙවත් ස්ටීව් ජොබ්ස්ගේ ළමා විය ගැන කතා කරමු.
පෝල් සහ ක්ලාරා යුවළ තම පුතු වන ස්ටීව් ජොබ්ස් සහ දියණිය වූ පැට්‍රීෂියා කැටුව කැලිෆෝර්නියාවේ ශාන්ත ක්ලෙයාර්හි මවුන්ටන් වීව් වෙත සංක්‍රමණය වූවෝය. ස්ටීව් ජොබ්ස් උපත ලබා සිටියේ ද කැලිෆෝර්නියාවෙ පාලෝ ඇල්ටෝ හිදීය. සොබා දහමට සමීපව ළමා විය ගත කිරීමේ භාග්‍යය ස්ටීව් ජොබ්ස් හට ලැබී තිබුණ ද, ඒ පවුල ආර්ථික අතින් එතරම්ම සවිබල ඇති පවුලක් නොවුණි.
ජොබ්ස්ගේ පියා වූ පෝල් ජොබ්ස් හොඳ වඩු කාර්මිකයෙකු විය. ඉතා හොඳ නිර්මාණ කිරීමේ හැකියාව ඔහුට තිබිණ. තාත්තාගේ නිර්මාණශීලී වැඩ ගැන ඔහු නිරන්තර අවධානයෙන් පසු විය. මේ වග දැනගත් ඔහුගේ පියා මේ පුංචි පුතු හට ඉතා නිර්මාණශීලී බංකුවක් සාදා දුන්නේය.
ඒ වෙන කිසිවක් නිසා නොවේ, කාර්මික කටයුතුවලට යාන්ත්‍රික අත්හදා බැලීම්වලට ජොබ්ස් පුතු උනන්දු වූ නිසාවෙනි. පියාගේ ඒ හඳුනා ගැනීම හරි අගේය. මෙලෙසින් කටයුතු කරමින් සිටින අතරේ ජොබ්ස් පාසලේ උසස් පෙළ සිසුවකුව සිටිය දී නොයෙකුත් දේ අත්හදා බලමින් නිර්මාණ කරමින් පොත පතට වඩා බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි වැඩිපුර නැඹුරුව සිටියේය.
හෝම්ස්ටෙඩ් උසස් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටින අතරේ උතුරු කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ සිදුවන දේ ගැන ජොබ්ස් නිතර විමසිල්ලෙන් පසුවිය. සිලිකන් නිම්නය යනු බොහෝ විද්‍යුත් ක්‍රියාකාරකම්, මෙන්ම පරිගණක ක්ෂේත්‍රය බොහෝ දේ සිදු කෙරෙන කලාපය විය. බොහෝ දෙනා නව සොයා ගැනීම් සියල්ල ආදිය කිරීමට පෙලැඹුණේ මෙහි දීය.
කොණ්ඩය
5 326
Repost from N/a
🛑හුදෙක් අනිවාර්යයෙන් ඔයාට🛑
"‼️SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු ‼️""
Telegram ™ අවකාශය පුරා සැරිසරන ඔයාට ඕනේ මොනවද👀❓
(දැනුම,අධ්‍යාපනය,Film,කාටුන්
නවකතා,සිංදු, Status,Tv Series,O/L හා A/L පේපර්, කෙටිසටහන්, Meme... ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම බටන් එකකින්🙇♀🫶 )
තවත් හිත හිත ඉන්න එපා🙅♀ඔයා මේ දැන්ම 👊
"" CLICK HEAR "" Button එක ඔබලා ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝❤️
⭕ Add Your channel - @all_in_one_tm
5 326
Repost from සිංහල වැල් විතරයි🥰
🔤🔤🔤🔤🔡🔡🔡🔡
💥 🌩💠💠🌩🌩💠🌩🌩🌩 💥
⚠️ චැනල් එකෙ ඉන්න හැමොටමයි මේ කියන්නෙ ‼️
📣 ටෙලිග්‍රැම් එකෙ ඔයාට ඔන දේවල් හොයාගන්න අමාරුද?
📣 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet ... 🥳💬
➡️ දැන්ම ඔයා Add Me ඔබලා ජොයින් වෙන්න 🤯
➡️ එහෙනම් අනිවාරෙන් Add Me ඔබන්න නැත්තම් ඔයාට මේ චැනල් එකත් මිස් වෙයි 🤯😀
➡️ මේ Post එක ටික වෙලාවයි තියෙන්නෙ දැන්මම යට Add Me ඔබන්න 😀 🤣
5 326
Repost from End Of Saturday Folder 💀
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠
👉ඔයත් ඕන කරන දේවල් තාම ගන්නේ Search කරලද 🥲
🔗SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු 😎✨
ඔයාට ඕනේ මොනවද හැම දෙයක්ම අපි දෙන්නම් ✈️
🟢𝗠𝗘𝗠𝗘𝗦 😆
🟢𝗙𝗜𝗟𝗠𝗦 🍿🎬
🟢𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 📚
🟢𝗦𝗧𝗔𝗧𝗨𝗦 🌐
🟢සින්දු 🎧😀
🟢𝗙𝗔𝗦𝗛𝗜𝗢𝗡 👗
🟢𝗙𝗥𝗘𝗘 𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗘𝗧 ✅
🟢නිසදැස් , කතා 🥰
🟢𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 🏏
🟢𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗦𝗛𝗢𝗣𝗣𝗜𝗡𝗚 🔥
⭐️ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම තැනකින් 😊❤️
♻️තවත් බල බලා ඉන්න එපා ✨
🚀දැන්ම ALL IN ONE BUTTON එක ඔබලා ADD CHANNEL Button එක ඔබන්න 📊
✅Add Your Channel : @All_In_One_TM 💪
5 326
ලොව මෙතෙක් ජීවත්වූ ධනවත්ම පුද්ගලයා - මාන්සා මූසා (ක්‍රි.ව.1280 - ක්‍රි.ව. 1337) (Mansa Musa)
මාර්වල් කොමික්ස් නම් අතිමහත් ප්‍රබන්ධ විශ්වයේ, බ්ලැක් පැන්තර් ලෙස වඩාත් හොඳින් දන්නා ටී’චල්ලා, වකන්ඩා රජු පමණක් නොව, ඔහු ඒ සියලු වීරයන් අතර ධනවත්ම සුපිරි වීරයා ද වේ. වර්තමානයේ ජීවත්ව සිටින ධනවත්ම පුද්ගලයා යන මාතෘකාව සඳහා වන අද සටනට කෝටිපති ව්‍යාපාරකයින් අතර කඹ ඇදීමක් තිබුණද, මානව ඉතිහාසයේ ධනවත්ම පුද්ගලයා වන මාන්සා මූසා, මාර්වල් විශ්වයේ පළමු කළු සුපිරි වීරයා මෙන්ම අප්‍රිකානු ජාතිකයෙකි. මෙලොව ජීවත් වූ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මාන්සා මූසා පිළිබද බොහෝ දුරට ඉතිහාස රචකයන් අමතක කර ඇත්තේ අප්‍රිකාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම හා අධ්‍යයනය නොකිරීම නිසා ය.
1312 දී මූසා මාලි අධිරාජ්‍යයේ පාලකයා බවට පත්විය. ඔහුට පෙර පාලකයා වූයේ දෙවන අබු-බකර්ය. මුසා ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ බව කියැවේ. එහෙත් අබු බකර් අත්ලාන්තික් සාගරයේ මායිම සොයා ගැනීම සඳහා මුහුදෙන් ගිය ගමනකදී අතුරුදහන් විය. ඉන් පසු බලයට පැමිණියේ මුසාය. මුසාගේ පාලනය පැමිණියේ සිවිල් යුද්ධ සහ සම්පත් හිඟකම හේතුවෙන් යුරෝපීය ජාතීන් අරගලයක යෙදී සිටි අවධියක ය. එම කාලය තුළ මාලි අධිරාජ්‍යය සමෘධිමත් වූයේ රන් හා ලුණු වැනි ස්වාභාවික සම්පත් නිසාය.
රන් හා ලුණු වෙළඳාමෙන් මුසා ඉතා විශාල මුදලක් සොයා ගත් බව කියැවේ. මුසාගේ පාලනය යටතේ මේ සමෘද්ධිමත් අධිරාජ්‍යය, බටහිර අප්‍රිකාවේ සැලකිය යුතු කොටසක (අත්ලාන්තික් වෙරළ තීරයේ සිට දේශීය වෙළඳ මධ්‍යස්ථානයක් වන ටිම්බක්ටු සහ සහරා කාන්තාරයේ සමහර ප්‍රදේශ දක්වා) විහිදී ගියේය. මූසා සිංහාසනයේ සිටියදී භූමිය වර්ධනය වෙත්ම එහි පුරවැසියන්ගේ ආර්ථික තත්වයද වර්ධනය විය.
1324 වන තෙක් මාලි දේශ සීමාවෙන් පිටත ලෝකයට රජුගේ විශාල ධනය පිළිබඳ අවබෝධයක් ලැබුනේ නැත. භක්තිමත් මුස්ලිම්වරයකු වන මුසා සිය හජ් වන්දනා ගමන සඳහා මක්කම බලා පිටත් විය. නමුත් ඔහු තනියම ගමන් කළේ නැත. සැතපුම් 4,000 ක පමණ දුරක් ගමන් කළ යුතු මෙම ගමනට මුසා සහ දස දහස් ගණනක් සොල්දාදුවන් හා වහලුන්ද ඇතුළත් විය. මුහුදු ගමනට සහභාගී වූ නිශ්චිත සංඛ්‍යාව පිළිබඳ වාර්තා හිඟ වුවත්, මුසා සමඟ පැමිණි රථ වල ඔටුවන් හා අශ්වයන් සමඟ රන් පවුම් විශාල ගණනක් තිබූ බවට වාර්තා වේ.
මෙය මූසා පසුකර ගිය ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් දැක ඇති අතර, මෙතරම් විශාල පිරිසක් හා ධනයක් දැකීමෙන් ඔවුන් පුදුම වූ බව කියැවේ. වාර්තා වල කියැවෙන පරිදි මුසා මග දෙපස සිටි ජනයාට රත්‍රන් දුන් බවද කියැවේ.
මුසා සිය රත්රන්, පල්ලි විශාල ප්‍රමාණයක් තැනීම සඳහා යොදා ගත් අතර පුරාවෘත්තයට අනුව ඔහු සිය පාලන සමයේ සෑම සිකුරාදා දිනකම එක පල්ලියක් ඉදි කළේය. ඔහු විසින් ඉදිකරන ලද මුස්ලිම් පල්ලි අතරින් වඩාත් ප්‍රචලිත වන්නේ මාලි හි ටිම්බක්ටු හි ජින්ජුරෙබර් පල්ලියයි.
මූසාගේ ධනය ඩොලර් බිලියන 400 ක් පමණ යැයි විද්වතුන් විශ්වාස කෙරේ. මූසාගේ ධනයට සමීප වන එකම පුද්ගලයා ජෝන් ඩී. රොක්ෆෙලර්ය. ඩොලර් බිලියන 336 ක් පමණ ධනයක් ඔහුට ඇති බව ආර්ථික විද්වත්හු විශ්වාස කරති.
විශ්මිත ඉතිහාසය
5 326
Repost from Thursday - Channel Folder (SL)
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
‼️මෙන්න ඔයාට විශේෂ අවස්ථාවක්...⚡️
⭐ Telegram වල තමන්ට අවශ්‍ය Channels ඔක්කොම ටික එක තැනක තියෙනවා නම් ගොඩක් ලේසි නේද❓
🔻ඔයාට අවශ්‍ය සියලු ම Channels එක Folder එකක් විදිහට Add කරන්න.💻
💠Education, Memes, Cricket, Food, Movies, Free Internet තියෙන ලංකාවේ විශාලතම Channels වලට ඔයාට දැන ලේසියෙන්ම Add කරන්න පුලුවන්.🔝
🔜දැන් ම පහත Button එක ඔබලා "Add SL Channels" ඔබන්න විතරයි තියෙන්නේ🔤
Add Now👇👇👇
5 326
Repost from Binance Hero Academy 🇱🇰
🔔 🔤🔤🔤🔤🔡🔡🔡 🔔
‼️ මේ Channel එකේ ඉන්න හැමෝටම කරන අවසන් නිවේදනයයි‼️
⭐️Telegram එකේ ඔයාට ඕනෙ ඒවා හොයාගන්න අමාරුද? එහෙනම් අපෙන් ඕනෙම එකක් ලබාගන්න පුළුවන්
🔔ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖
⭐️යට Button එක ඔබලා මේ හැම දේම අත් විදින්න.⭐️
👇👇👇
5 326
බටහිර කැළඹූ නාඹර තරුණයා - බිලී ද කිඩ් (Billy The Kid)
"කව්ද බෝයි" කාටූන් කතා මාලාව ඔබ බොහෝ දෙනෙක් නරඹා ඇතුවාට සැකයක් නැහැ. එහි එක් කොටසකදී අපට හමු වන ඉක්මනින් තරහා යන, කිසිදු දෙයක් කිරීමට නොහැකි බිලී ද කිඩ් චරිතය ඔබට මතකද? සැබැවින්ම ජීවත් වූ මේ පුද්ගලයා කාටූන් කතා මාලාවේ අප දුටු පුද්ගලයාට වඩා නම් බෙහෙවින් වෙනස් අයෙකි.
හෙන්රි මැකාර්ටි (පසුව විලියම් එච්. බොනී) නොහොත් බොහෝ දෙනා දන්නා පරිදි බිලී ද කිඩ් ලෙස හැඳින්වෙන මොහු, ඇමරිකානු බටහිරින් බිහි වූ ලාබාලම හා ප්‍රසිද්ධ තුවක්කු සටන් කරුවෙකුට උදාහරණය සපයයි. වයස අවුරුදු 21 දී වෙඩි තබා ඝාතනය කිරීමට පෙර, බිලී බටහිර ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වේ. ඔහුගේ පුරාවෘත්තය ඔහුගේ මරණයෙන් බොහෝ කලකට පසු නොනැසී පැවතුනි.
1859 නොවැම්බර් 23 වන දින හෙන්රි මැකාර්ටි නිව් යෝර්ක් නගරයේදී උපත ලැබූ නමුත් ඔහු කුඩා අවදියේදී ඔහුගේ පවුලේ අය සමඟ කැන්සාස් වෙත සංක්‍රමණය විය. කෙටි කලකින් ඔහුගේ පියා මිය ගිය අතර ඔහුගේ මව නැවත විවාහ වී බටහිර නිව් මෙක්සිකෝවට පදිංචියට ගියේය. හෙන්රි ඔහුගේ සුළු පියාගේ නම වන ඇන්ට්රිම් භාවිතා කළ අතර අවසානයේ ඔහුගේ නම විලියම් එච්. බොනී ලෙස වෙනස් කළේය.
ඔහුට නීතිය සමග ගැටලු ආරම්භ වූයේ වයස අවුරුදු පහළොවේ දී නිව් මෙක්සිකෝවේ සිල්වර් සිටි හි සොරකම් කිරීමේ චෝදනාව මත ඔහුව සිරගත කිරීමත් සමගය. ඇරිසෝනා වෙත පලා ගිය ඔහු එහිදී රණ්ඩුවකට පැටලුන අතර අවසානයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළේය. බොනී පසුව නිව් මෙක්සිකෝවෙන් පලා ගියේය.
නැවත නිව් මෙක්සිකෝවට පැමිණි බොනී, ලින්කන් කවුන්ටි යුද්ධයට (සතුරු කල්ලි දෙකක් අතර ඇති වූ යුද්ධයකි) සම්බන්ධ විය. එහිදී ඔහු නිර්භීත සටන්කරුවෙකු සහ විශිෂ්ට වෙඩික්කරුවකු බව ඔප්පු කළේය. කෙසේ වෙතත්, ඔහුගේ වෙඩි පහරවල් දෙකකින් ෂෙරිෆ් ජේම්ස් බ්‍රැඩි සහ නියෝජ්‍ය නිලධාරියෙකු මිය යන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස බොනීව මිනීමැරුමකට අවශ්‍ය අයෙක් ලෙස සටහන් විය. මාධ්‍යවේදී එමර්සන් හෝග් පුවත්පතට මෙසේ ලියන ලදී. “ඔහු උපතින්ම ම්ලේච්ඡයකුට සමාන ය". එහෙත් එවැනි ප්‍රකාශ මගින් බොනීගේ කීර්තිය තවත් ඉහළ නැංවූ අතර ඔහුට බිලී ද කිඩ් යන අන්වර්ථ නාමයද හිමි විය.
එහෙත් මේ අතර බිලී ආණ්ඩුකාර ලිව් වොලස් සමඟ ගිවිසුමක් ඇති කර ගත්තේය. තමාට එරෙහි චෝදනා ඉවත් කරන්නේ නම් වෙනත් මිනීමරුවන්ට එරෙහිව සාක්ෂි දීමට ඔහු එකඟ විය.
කෙසේ වෙතත්, නිදහස ලැබීමෙන් පසු, බිලී සිය සාපරාධී මාර්ග වෙත ආපසු පා තබන ලදී. සමහර ටෙක්සාස් ගොවීන්ගෙන් ගවයන් සොරකම් කිරීමට ඔහු තවත් මිනිසුන් කිහිප දෙනෙකු මෙහෙයවීය. මෙය දුටු ආණ්ඩුකාර වොලස් ඔහුව යළි අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය. ෂෙරිෆ් පැට් ගැරට් ඉක්මනින්ම මොහුව අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් පසු උසාවියට ඉදිරිපත් කළ බිලීට මරණ දඩුවම දුන් බව කියැවේ. එහිදී විනිසුරුවරයා "You are sentenced to be hanged by the neck until you are dead, dead, dead!" ඊට පිළිතුරු ලෙස කැගැසූ බිලී කියා සිටියේ "And you can go to hell, hell, hell!" ලෙසය.
කෙසේ හෝ බිලී ද කිඩ් තම බන්ධනාගාර ආරක්ෂකයා මරා දමා තවත් නියෝජ්‍ය නිලධාරියෙකුට වෙඩි තබා පලා යාමට හැකි විය. එහෙත් මෙවර ඔහුට කිසිදු අවස්ථාවක් හිමි නොවුණි.
1881 ජූලි මාසයේදී ෂෙරිෆ් ගැරට් සහ ඔහුගේ පිරිස (ඔහුට සහාය වීම සඳහා ෂෙරිෆ් විසින් සංවිධානය කරන ලද පිරිසක්) නව මෙක්සිකෝවේ ෆෝට් සුමනර් හි නිවසකදී බිලීව කොටු කර ගත්හ.
ඔවුහු ඔහුව අඳුරු කාමරයක සැඟවී සිටියදී වෙඩි තබා ඝාතනය කළහ. පසුදා ඔහුගේ සිහින් සිරුරට වඩා විශාල වූ ණයට ගත් සුදු කමිසයක් ඔහුට අන්දා අවසන් කටයුතු කරන ලදී. බිලී හරියටම අවුරුදු විසිඑකක්, මාස හතක් සහ දින විසිඑකක් ජීවත් විය. වසර ගණනාවක් පුරා, බිලී ද කිඩ්ගේ පුරාවෘත්තය වර්ධනය වූයේ ඔහුගේ ජීවිතය පිළිබඳව සාදන ලද පොත් සහ චිත්‍රපට කිහිපයක ප්‍රතිඵලයක් වශයෙනි.
copied
5 326
Oprah Winfrey [ඔප්රා වින්ෆ්රි] – ඇමෙරිකාව
“Queen of All Media” නමින් ලොවම හඳුනන ඔප්රා වින්ෆ්රි යනු අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු කාන්තාවක්. එමෙන්ම ඇය විසිවන සියවසේ ලොව ධනවත්ම අප්‍රිකානු ඇමරිකානුවා වූ අතර උතුරු අප්‍රිකාවේ පළමු කළු බිලියනපතිනිය යි. තවද 2007 දී ලෝකයේ වඩාත්ම බලගතු කාන්තාව ලෙස ශ්‍රේණිගත කිරීම්වලට එකතු වූ ඇය ඉතාමත් අමිහිරි ළමා කාලයකට උරුමකම් කී කාන්තාවක්. ඇයට උපතින් පිය සෙනෙහස හෝ රැකවරණය හිමි නොවූ අතර තනි තුරුණු මවකට දාව ඇය උපත ලැබුවා. නිසි රැකවරණයක් නොවූ සමාජ පසුබිමක් තුළ ජිවත් වීමට සිදු වූ ඇය හට අවුරුදු නවය වනවිට කිහිපවතාවක්ම දන්නා හඳුනන පුද්ගලයන්ගෙන් පවා දුෂණයට ලක්වන්නට සිදුවුණා. අවසානයේ අවුරුදු 14 දී ඔප්රා ගැබ්ගත් අතර , එය නොමේරු දරු උපතක් වුණා. උපතින් දින කිහිපයකින් දරුවා මිය ගියා. ඉන්පසු ඇය තම පියා වෙත යන අතර උසස් පාසල් අධ්‍යාපනයේ දී ගුවන් විදුලියේ වැඩසටහන් ඉදරිපත් කරන්නියක් ලෙස එක්වනවා. එය ඇගේ ජිවිතයේ ස්වර්ණමය යුගයේ ආරම්භයයි. චිකාගෝ නුවර සිට විකාශනය වන The Oprah Winfrey Show වැඩසටහන ඉමහත් ප්‍රසිද්ධියක් ලද අතර එය ලොව ශ්‍රේණිගත කිරීම් අතර ඉහළින්ම පවතින වැඩසටහනක්. ඉතා දුක්ඛිත සමාජයක සිට අදවන විට සුඛෝපභෝගී ජීවිතයක උරුමකාරියක්ව ඇති ඔප්රා මෙවන් දිවියක් හිමිකර ගත්තේ සිය දහසක් දුක් කම්කටුලු , කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස යි.
ඉතින් තවමත් ඔබ ඔබේ හීනයට ප්‍රමාද නැහැ. කාන්තාවක් වීම මත ජීවිතය විදීමට, ඉදිරියට යාමට ඇති ඉඩ අහුරා ඇත්තේ ඔබේ සිතිවිලිම විතරයි. එක මොහොතක ඔබ ගන්නා ශක්තිමත් තීරණයක් ඔබගේ ජීවිතය ඉතාමත් සුන්දර සමයකට ගෙන යා හැකි බව විශ්වාසයි. අවශ්‍ය වන්නේ එකී ශක්තිමත් තීරණය හා එයට කැපවීමයි.
Knowledge Area
