Learn Bits
Open in Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Show more1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
1 305
සමකාලීන සුරාන්තය මිත්‍යාවක්ද? සත්‍යක්ද?
සමකාලීන සුරාන්තය කියන්නෙ , දෙදෙනාම එක වර සුරාන්තයට පත් වීම. සාමාන්‍ය ලිංගික එක්වීම් වලදි මේක වෙන්නෑ.
ඒකට හේතුව තමයි පුරුශයා ඉක්මනටම සුරාන්තයට පත් වීම. ඊට පස්සෙ ආපහු ලිංගිකව එකතු වීමක් නෑ. වර්තමානයේ ගොඩක් දෙනෙක් මේ ප්‍රශ්නෙ නිසා විඳවනවා. ඇත්තටම කාන්තාවන් පුරුශයන්ට වඩා වෙනත් කාන්තාවන්ට ඇල්මක් දක්වන්නත් , මේක එක හේතුවක්.
සමකාලීන සුරාන්තයකට පත්වීමට ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා.
1. පුරුශ සුරාන්තය පමා කිරීම.
2. කාන්තා සුරාන්තය ඉක්මන් කිරීම.
💝 නිතරම ඉරියව් මාරු කිරීම තුළින් පුරුශ සුරාන්තය පමා කරගන්න පුලුවන්. ඒ වගේම කාන්තාවට සුවපහසු ඉරියව්වක් සහ ස්ථානයක් තෝරා ගැනීම තුළින් කාන්තාවගේ සුරාන්තය ඉක්මන් කරන්නත් පුලුවන්.
💝 ලිංගිකව එකතු වීමකට කලින් , කාන්තාවට ලිංගික උද්දීපන (ස්පර්ශය , සිපගැනීම්) ලබා දීම මගිනුත් කාන්තා සුරාන්තය ඉක්මන් කරන්න පුලුවන්.
💝 ලිංගිකව එකතු වීමක් අතරතුරේ , අදහස් හුවමාරු කරගැනීම තුළිනුත් සමකාලීන සුරාන්තයක් ළඟා කරගන්න පුලුවන් වෙනවා.
#Relationship_Tips ♡ @LearnBits
1 305
අශුභවාදියා සෑම විටම දුශ්කරතා දකී. නමුත් සුභවාදියා සෑම දුශ්කරතාවකම අවස්ථාවක් දකී.
#Quotes ♡ @LearnBits
1 305
විද්‍යාඥයන් කියන විදිහට , හැමතිස්සෙම හැම දේකටම පරක්කු වෙලා එන අය ගොඩක් නිර්මාණශීලීයි මිනිසුන්.
අපේ සමහර යාලුවොත් ඉන්නෙ , උදේට ඇඳේ නිදාගෙන ඉන්න ගමන් "ආ මම මේ ළඟ ඉන්නෙ. විනාඩි පහෙන් ඔතන" කියලා , පැය දෙක තුන පරක්කු වෙලා එන අය.
එයාලත් නිර්මාණශීලී ද කියල හොයල බලන්න.
(පරක්කු වෙච්ච හේතු වලට කියන නිර්මාණශීලී බොරු ටික ඇහුවම ඒ බව මනාව පැහැදිලි වෙනවා)
#Psycho_Facts ♡ @LearnBits
1 305
අසාර්ථකත්වය කියන්නෙ පාරෙ අවසානය නෙවෙයි. ඒක පාරෙ අයිනෙ එල්ලල තියෙන සංඥාවක් , "වැරදි පාරක්... ආපහු හරවල වෙනත් පාරක යන්න" කියන.
- Oprah Winfrey
#Saying ♡ @LearnBits
1 305
ආදර සම්බන්ධයක එක වගේ මාන දෙකක් තියෙනවා.
- සම්බන්ධතාවයේ ශක්තිමත්බව
- සම්බන්ධතාවයේ කාලය / දිග
මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක්. අවුරුදු දහය පහළොව යාලුවෙලා හිටපු අය වෙන් වෙනවා ඔයා දැකල ඇති.
ඒ වගේම දවස් දෙකෙන් තුනෙන් මාරම විදිහට ළං වෙලා , මුලු ජීවිතේම සතුටින් එකට ඉන්න අයවත් ඔයා දැකල ඇති.
සම්බන්ධය දිගු කරගන්න මහන්සි වෙන්න එපා. ඒක ශක්තිමත් කරගන්න මහන්සි වෙන්න. එතකොට ඉබේම සම්බන්ධය දිගු වෙනවා...
#Relationship_Tips ♡ @LearnBits
1 305
අද ; 22th SEP
⛲️ ජාත්‍යන්තර දීප්තිමත් සාම දිනය
සිත් තුළ ඇති , උණුසුම් , ආදරණීය සහ සාමකාමී අදහස් ප්‍රචලිත කිරීම සඳහා වන දිනය
⛲️ ලෝක රයිනෝ දිනය
ක්‍රමයෙන් වඳ වී යෑමේ තර්ජනයකට ලක්ව සිටින රයිනෝසිරස් සත්වයන් රැක ගැනීම සඳහා වෙන් වූ දිනය.
#On_This_Day ♡ @LearnBits
1 305
ෆ්ලෝරො ඇන්ටිමොනික් අම්ලය (HSbF6)
දැනට ලෝකෙ තියෙන සුපිරිම සහ ප්‍රභලම අම්ලයක්. මේ අම්ලය හදන්නෙ හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් (HF) සහ ඇන්ටිමනි පෙන්ටෆ්ලෝරයිඩ් (SbF5) මිශ්‍ර කරලයි.
උඩ රූපයෙන් පේනව ඇති ලෝහ හැන්දක් උනත් මේ අම්ලය නිසා දියවෙලා ගිහින් තියෙනවා.
#Knowledge ♡ @LearnBits
1 305
ස්ටැලින්ග්‍රැඩ් ඛේදවාචකය
The Battle of Stalingrad
(23 August 1942 – 2 February 1943)
සෝවියට් රුසියානු හමුදාවන් විසින් , 100,000 කට අධික ජර්මානු භට පිරිස් වෙත ප්‍රහාර එල්ල කරමින් ස්ටැලින්ග්‍රැඩ් නුවර නැවතත් රුසියාව අතට පත් කර ගැනීම.
(දෙවන ලෝක යුද්ධය)
- Stalingrad 1943
#History ♡ @LearnBits
1 305
ඔයා වැටෙයි,
ඔයාට තුවාල වෙයි,
ඔයා අසාර්ථක වෙයි...
ඒත් ඊළඟ මොහොතේ,
ඔයා නැගිටීවි,
ඔයාට සුව වේවි,
ඔයා ජයගනීවි...
ඒක තමයි ජීවිතය.
#Life_Tips ♡ @LearnBits
1 305
ක්‍රිස්තු වර්ශ 132 දී , ෂැං හෙන්ග් නම් චීන තාරකා විද්‍යාඥයයෙක් නිපදවල තියෙනවා භූකම්පන මානයක්. මේ උපකරණයෙන් පුලුවන් වෙලා තියෙනවා සැතපුම් සිය ගණනක් ඈතින් ඇති වෙන භූකම්පන වල දිශාව සහ ප්‍රභලත්වය හොයාගන්න.
මේක තමයි ලෝකෙ ඒ වෙනකොට නිපදවල තිබ්බ පළමු භූකම්පන හඳුනා ගැනීමේ උපකරණය.
චීනය කියන්නෙ ස්වභාවයෙන්ම ගොඩක් භූකම්පන වලට ලක් වෙන රටක්. ඒ නිසා චීන අධිරාජ්‍යයාට මේ උපකරණය නිසා ගොඩක් ලොකු පහසුවක් සැලසුනාලු , භූකම්පනයක් උන විගසම අදාළ දිශාවට ප්‍රථමාධාර සහ භට පිරිස් යවන්න.
#Knowledge ♡ @LearnBits
1 305
Articles දානකොට සිංදුවකුත් දාන්නද😆. ඒකත් අහ අහ කියවන්න. සාමාජිකයෙක් දාපු අදහසක්😅
#LearnBits
1 305
හදිස්සියේ වත් සූර්යා එකවරම ආලෝකය විහිදුවන එක නතර කළොත් (අඳුරු උනොත්) , පෘථිවි වාසීන් වන අපිට ඒක දකින්න තවත් විනාඩි අටකට ආසන්න කාලයක් ඉන්න වෙනවා.
මොකද , සූර්යයාගේ පෘශ්ඨයේ ඉඳල පෘථිවියට තියෙන අධික දුර නිසා අවසන් ආලෝක කිරණයත් පෘථිවියට ළඟා වෙන්න එච්චර කාලයක් ගත වෙනවා.
#Astronomy_Facts ♡ @LearnBits
1 305
ඔයාගෙ යහලුවන්ව තෘප්තිමත් කරන්න හෝ ඔයා ගැන ඔයාගෙ යහලුවන්ගෙ හිත් වල පැහැදීමක් ඇති කරන්න ඕනෙ නිසා , ඔයාගෙ දෙමාපියන්ගෙ බලාපොරොත්තු සුන් කරන්න එපා.
#Quotes ♡ @LearnBits
1 305
රෑට ඇඳුම් නොමැතිව නිදාගන්න එක අපේ හමට ගොඩක් හොඳයි. සමේ තත්වයන් වැඩිදියුණු කරනවා. ඒ වගේම වයසට යන එක පමා කරනවා.
#Facts ♡ @LearnBits
1 305
Its Official Now !
You can read Astronomy Related Posts in LearnBits Now!🤟
Idea by : @Binura_72
Kindly mute the channel if it bothers you! No need to break the focus by unnecessary things....
#Notice ♡ @LearnBits
1 305
Direct Question from subscriber
මම මගෙ අධ්‍යාපනික වැඩවලට හදාගත්ත Telegram private චැනල් එකක් තියෙනවා. තව මගෙ යාලුවෙකුත් ඒකෙ ඉන්නව. හැබැයි අපි දෙන්නා විතරයි මේ චැනල් එකේ මෙච්චර කල් හිටියෙ. අපි දෙන්නම ලින්ක් එකවත් කොහෙවත් share කරල නෑ.
ඒ උනාට චැනල් එකේ දාපු පෝස්ට් වලට views 11ක් විතර පෙන්නනවා. හරිනං views 2 යිනෙ පෙන්නන්න ඕනෙ. මමයි මගෙ යාලුවයි බලපුව විතරයි. අපි දෙන්න වෙන කිසිම device එකකින්වත් චැනල් එකේ පෝස්ට් බලල නෑ.
මගෙ පෞද්ගලික voice notes ඉඳන් ඒ චැනල් එකේ තියෙනවා. views එච්චර වැඩි උනේ වෙන කවුරුහරිත් ඒ චැනල් එකේ පෝස්ට් බලන නිසාද?
Telegram එකේ ඉන්න අයට , ආපු ලොකුම ප්‍රශ්නයක් මේක. පෞද්ගලික දේවල් දාල තියෙන private චැනල් වල post එකකට එන views වැඩි වෙන්නෙ කොහොමද කියන එක.
එහෙම views වැඩි වෙනවා කියන්නෙ වෙන කවුරු හරි ඔයාගෙ private චැනල් එකේ post කියවනවා බලනවා කියන එක නෙවෙයි.
telegram එකෙන් අපි කරන සමහර දේවල් එයාල සිස්ටම් එකේ සදාකාලිකවම record කරගන්නෑ. මේ channel post views කියන්නෙත් එහෙම දෙයක්. ඔයාගෙ private චැනල් එකෙන් post එකක් දාල ඔයා ඒක බැලුවට පස්සෙ , Telegram එකෙන් record කරගන්නවා ඔයා ඒ post එක බැලුවා කියල. හැබැයි දවස් 3-4 කින් Telegram system එකෙන් automatically ඒ වාර්තාව එයාල අයින් කරනවා.
Telegram FAQ :- https://telegram.org/faq_channels#q-what-does-the-eye-icon-mean
ඔයා දවස් හතරකට පස්සෙ ආපහු අර post එක බැලුවොත් , Telegram system එකෙන් ඔයාව අඳුරගන්නෙ , අලුතෙන්ම ඔයා ඒ post එක කියවනවා කියල. මොකද ඔයා කලින් ඒ post එක කියෙව්වා කියල එයාල සඳහන් කරගත්ත රෙකෝඩ් එක , එයාල අයින් කරපු නිසා.
ඉතින් Views ගණන වැඩි වෙනවා. ඔයා ගොඩක් කල් මෙහෙම එකම post එක බලනකොට එන්න එන්නම views count එක වැඩි වෙනවා.
ඒ නිසා බයක් ඇතිකරගන්න අවශ්‍ය නෑ. හැබැයි පෞද්ගලික දේවල් share කරගන්නව නං , private චැනල් එකක් වෙනුවට secret chat එකක් භාවිත කරන එක උචිතයි.
#LearnBits_Q_A ♡ @LearnBits
