en
Feedback
Learn Bits

Learn Bits

Open in Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Show more
1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
අපගේ එදිනෙදා ජීවිතය හා බැඳුණු විශ්මය ජනක මනෝවිද්‍යාත්මක කාරනා සරල හා ආකර්ෂණීය අයුරින් දැනගන්න,🧠🧚‍♂ ඔබේ දැනුම අලුත් කර ගන්න,
අපගේ එදිනෙදා ජීවිතය හා බැඳුණු විශ්මය ජනක මනෝවිද්‍යාත්මක කාරනා සරල හා ආකර්ෂණීය අයුරින් දැනගන්න,🧠🧚‍♂ ඔබේ දැනුම අලුත් කර ගන්න,✨ අදම අප හා එක්වන්න🤝 Humanistic Psychology | මානවවාදී මනෝවිද්‍යාව

උදම් රළ ඇතිවෙන්න හේතුව මොකක්ද? උදම් රළ ඇතිවෙන්න ප්‍රධානම සාධක දෙකක් තියෙනව. ඒ තමයි, සඳේ ගුරුත්වාකර්ෂණය සහ පෘථීවියේ භ්‍රමණ චලිතය. සඳට සමීපතම පෘථිවියේ පැත්තට සඳේ ආකර්ශණය වැඩියෙන්ම දැනෙන නිසා, ඒ පැත්තෙ සාගර ජලය ඉහළ නගිනවා. (ඉහළ රූපය) ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ සාගර ජලය ඉහළ නගින්නෙ, පෘථිවියේ භ්‍රමණ චලිතයේ බලපෑම නිසයි. සාගර ජලය එම භ්‍රමණය මගින් ඇතිවෙන බලයට ප්‍රතිරෝධය දැක්වීමට ඉහළ නගිනවා. පෘථිවි අග්‍ර දෙකක සාගර ජලය ඉහළ යාම නිසා, පෘථිවියේ අනෙක් අග්‍රයන් වල සාගර ජලය ඊට සමාන්තරව අඩුවෙනවා. උදම් රළ ඇතිවෙන්න මූලික හේතූන් හැටියට භෞතික විද්‍යාත්මකව සඳහන් මෙන්නෙ මෙන්න මේ සංසිද්ධීන් දෙකයි. #Knowledge

"ඔයාට ස්තූතියි" කියන්න අමතක කරන්න එපා... මනෝවිද්‍යාත්මකව, සතුටට බලපාන ප්‍රධානතම හේතුවක් තමයි කෘතඥතාව කියන්නෙ. ජීවිතය කියන්නෙ
"ඔයාට ස්තූතියි" කියන්න අමතක කරන්න එපා... මනෝවිද්‍යාත්මකව, සතුටට බලපාන ප්‍රධානතම හේතුවක් තමයි කෘතඥතාව කියන්නෙ. ජීවිතය කියන්නෙ ලේසි ගමනක් නෙවෙයි. ඒත් අප වටා තියෙන ප්‍රසන්න පුංචි දේවල් වලට අවධානය යොමු කිරීමෙන් සහ ඒ වෙනුවෙන් කෘතවේදී වීමෙන් අපිට වඩාත් ශක්තිමත් මානසික මට්ටමක් හදාගන්න අවස්ථාවක් සැලසෙනව. වටපිටාව බලන්න... ඔයා වටේ තියෙන හැමදෙයක්ම යම් කෙනෙකුගේ ධනාත්මක සිතුවිලි වල සැබෑ මූලාශ්‍රයක ප්‍රථිඵලයක් වෙන්න පුලුවන්. ඒ වෙනුවෙන් කෘතඥතාවක් දක්වන්න. හැකි සෑම විටම ඔයාට සමීප පුද්ගලයන්ට, වස්තූන්ට කෘතවේදී වෙන්න... #Psycho_Facts

අනන්තයට යන පාර කියන සොඳුරු නැවතුම.. "දිගන්තය" වාර්ෂික සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන තරඟාවලිය...
අනන්තයට යන පාර කියන සොඳුරු නැවතුම.. "දිගන්තය" වාර්ෂික සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන තරඟාවලිය...

මිනිසාගේ මනස පිළිගන්නා සහ විශ්වාස කරනා ඕනෙම දෙයක්, මිනිසාට සාක්ශාත් කරගත හැක.... - Napoleon Hill #Saying

🔅ගොඩේ පතිනි 🔅මෙහෙකාර පෙම්බරී 🔅රෑ සමනලි 🔅නපුරු ආදරේ 🔅නපුරු ආඩම්බරකාරයා 🔅යක්ෂයාගේ පෙම්වතී 🔅සිතින් විතරක් 🔅හීතල හාදු 🔅ආ
🔅ගොඩේ පතිනි 🔅මෙහෙකාර පෙම්බරී 🔅රෑ සමනලි 🔅නපුරු ආදරේ 🔅නපුරු ආඩම්බරකාරයා 🔅යක්ෂයාගේ පෙම්වතී 🔅සිතින් විතරක් 🔅හීතල හාදු 🔅ආදරණිය ඔයා 🔅 පලිගත් විවාහය 🔅හිතුවක්කාර සමනලී 🔅නොයිඳුල් පෙම්බරී 🔅ඉරා තිමිර පට 🔅 සංසාර පුරුද්දක් ද  මේ 🔅EX වයිෆ් 🔅වැඩිමල් සිතක් 🔅රැවටුණු කසාදේ 🔅බිරිදක් නොවු මවක් 🔅බිරිද ඇයයි 🔅බිරිදගේ විලාපය 🔅ඉරා තිමිර පට 🔅කෙටිකතා,හොල්මන් කතා 🔅වියරු හාදු 🔅දෙවනී මනාලි 🔅රාග හෝරාව 🔅කලින් කෑල්ල 🔅සෙනෙහසට ඇරයුම 🔅වෙස් 🔅හිලවු කසාදේ    ඇතලු තවත්  විවිධ නවකතා කෙටිකතා,ලිපි රැසක් කියවන්න           බලන්න🌝💐🌸 ඔබේ දක්ෂතාවයට හැකියාවට අපෙන් අත්වැලක්..........💤 ඔබේ ඕනෑම නිර්මාණයක් අපට එවිමේ හැකියාව පවතී....ඔබේ නිර්මාණය පැයක්  ඇතුළත අපේ සමුහයට යොමු කරයි.💯 8.7K SUBSCRIBERS @panhida

පැන්ඩන්ට නිදාගන්න නිශ්චිත ස්ථානයක් නෑ. ඇඳක්, කූඩුවක් හෝ විශේෂ තැනක්වත් නෑ. ඉතින් එයාල වෙහෙසට පත් උනාම, ඒ ඉන්න තැනම නිදාගන්නවා
පැන්ඩන්ට නිදාගන්න නිශ්චිත ස්ථානයක් නෑ. ඇඳක්, කූඩුවක් හෝ විශේෂ තැනක්වත් නෑ. ඉතින් එයාල වෙහෙසට පත් උනාම, ඒ ඉන්න තැනම නිදාගන්නවා. හදිස්සියෙවත් එයාල ගහකට නැගපු වෙලාවක නිදිමතක් දැනුනොත්.... එයාල ගහ උඩම නිදාගන්නවා...! #Knowledge

Hi Guys ! හායි යාලුවනේ ! Mid Wicket අපි පටන් ගන්න අලුත්ම Game එක ගැන දැනගන්න දිගටම රැඳී සිටින්න අපිත් එක්ක... 🌝 We are prese
Hi Guys ! හායි යාලුවනේ ! Mid Wicket අපි පටන් ගන්න අලුත්ම Game එක ගැන දැනගන්න දිගටම රැඳී සිටින්න අපිත් එක්ක... 🌝 We are presenting an exciting new game for all our Telegram channel members! Get ready to unleash your competitive spirit and join us for an endless adventure. The best part? The game never ends, and you can join at any time, day or night. You can even divide into groups and play with your friends or family. And, of course, there are prizes to be won! So, what are you waiting for? Stay tuned for more updates with Mid-Wicket ! Share with your friends ! Join Us 👉 @MidWicket_News

අපිට අපේම හුස්ම නවතාගෙන/සිරකරගෙන සියදිවි හානිකරගන්න බෑ. #Facts
අපිට අපේම හුස්ම නවතාගෙන/සිරකරගෙන සියදිවි හානිකරගන්න බෑ. #Facts

උඩ වීඩියෝවේ දැක්වෙන්නේ පැන්ඩන් රැකබලාගන්නා සේවකයෙක්ගේ ජීවිතයේ එක දවසක්... සුභ ආරංචියක්...! යෝධ පැන්ඩන් තවදුරටත් "වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති" (endangered) සත්ව කාණ්ඩයක් නෙවෙයි. නවතම දත්ත වලට අනුව යෝධ පැන්ඩන් "අවදානමට ලක්විය හැකි" (vulnerable) විශේෂයක් ලෙසට වර්ග කරල තියෙනව. 1980 වසරේ කරපු සංඝනනයකදී හෙලි උනේ වනයේ වාසය කරන පැන්ඩන් සංඛ්‍යාව 1114 බවයි. කොහොම උනත් 2014 වසර වන විට වනයේ වාසය කරන පැන්ඩන් සංඛ්‍යාව 1864ක් බවට ඇස්තමේන්තු කරල තියෙනව. Additional - wwf.panda.org #Knowledge

තරහවක් , කෝපයක් දැනුනම මේ දේවල් කරන්න... 🧘‍♀ස්වසන අභ්‍යාසයක් සිදු කරන්න. 🧘‍♀ හිතට එන හැමදේම කොළයක් අරන් ලියන්න. ඕනෙම දෙයක්.
තරහවක් , කෝපයක් දැනුනම මේ දේවල් කරන්න... 🧘‍♀ස්වසන අභ්‍යාසයක් සිදු කරන්න. 🧘‍♀ හිතට එන හැමදේම කොළයක් අරන් ලියන්න. ඕනෙම දෙයක්. 🧘‍♀ සුලු ව්‍යායාම කීපයක් කරන්න. (සිරුර උණුසුම් කිරීමට සෑහෙන) 🧘‍♀ ජවසම්පන්න (energetic) සංගීතයකට සවන් දෙන්න. 🧘‍♀ කොට්ටයක් වැනි මෘදු දෙයකට පහර දෙන්න. #Psycho_Facts

Share & Support ♨️ 🤓🤓🤓

මිනිස් ආත්මයේ බර ග්‍රෑම් 21යි කියල, විද්‍යාඥයන් පිරිසක් කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනව. ඒ, අසාධ්‍ය රෝගියෙකුගේ මරණයට පෙර හා
මිනිස් ආත්මයේ බර ග්‍රෑම් 21යි කියල, විද්‍යාඥයන් පිරිසක් කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනව. ඒ, අසාධ්‍ය රෝගියෙකුගේ මරණයට පෙර හා පසු, ශරීර බරෙහි වෙනස නිර්ණය කිරීමෙන් පසුවයි. මෑත කාලීනව telegram තුළ සංසරණය උන මේ කතාව බොරුවක් බව ඔයාල දන්නවද? 😅 ඇත්තම කතාව දැනගන්න අපේ Fact Check පෝස්ට් එක කියවන්න » තියෙන තරමක් Phobia වර්ග ඔක්කොම දැනගමුද ? » මේ වගේ සත්‍යතාවක් තියෙන කරුණු වගේම ජීවිතයටත් වැදගත් දෙයක් කියවන්න එකතු වෙන්න.... 🇱​​​​​🇪​​​​​🇦​​​​​🇷​​​​​🇳​​​​​🇧​​​​​🇮​​​​​🇹​​​​​🇸​​​​​ මීට අමතරව LearnBits තුළ පළවෙන සියලුම පෝස්ට් කාණ්ඩයන් ගැන දැනගන්න, අපේ HashTag ගොණුවට යොමු වෙන්න » 🙃 තව ගොඩක් දේවල් තියෙනව...

The Creeper Program Creeper Program කියන්නෙ ලෝකයේ පළවෙනිම පරිඝණක වෛරසයයි. (සලකනු ලබන) මේ වෛරසය නිර්මාණය කරල තියෙන්නෙ බොබ් තෝමස් (Bob Thomas) නම් තැනැත්තෙක්. ඒ 1971 වසරේදී. Creeper වෛරසය නිර්මාණය කිරීමේ අරමුණ වෙලා තියෙන්නෙ, මේ වෛරසයට ස්වයං-ප්‍රතිනිර්මාණය වෙමින්, තවත් උපාංගයකට පැතිරෙන්න පුලුවන්ද බව පරීක්ශා කිරීමටයි. Additional - Techslang #History

අද මම... • මම ගැන විශ්වාස කරනවා. • ධනාත්මකව දවස ගෙවනවා. • ඕනෙවට වඩා හිතන එක නවත්තනවා. • මහන්සි වෙලා වැඩ කරනවා. • නිහතමානීව හැසිරෙනවා. • හොඳ යහළුවෙක් වෙනවා. Good Morning Bits ♨️ #Morning_Thoughts

ගර්භණී සමයේදී හිසකෙස් සහ නියපොතු වල වර්ධන වේගය ඉහළ යන්න පුලුවන්...! ගර්භණී සමයේදී, සිරුරේ සිදුවෙන හෝමෝනමය වෙනස්කම් නිසා, නියප
ගර්භණී සමයේදී හිසකෙස් සහ නියපොතු වල වර්ධන වේගය ඉහළ යන්න පුලුවන්...! ගර්භණී සමයේදී, සිරුරේ සිදුවෙන හෝමෝනමය වෙනස්කම් නිසා, නියපොතු සහ හිසකෙස් වෙනදට වඩා වැඩි වේගයකින් වර්ධනය වීම සිදු වෙන්න පුලුවන්. මේ වෙනස ගර්භණී කාලය තුළ විතරයි පවතින්නෙ. ඒ වගේම ගර්භණී සමය තුළ, සමහර කාන්තාවන්ගේ මුහුණේ හෝ තනපුඩු අවට වැනි අනවශ්‍ය ස්ථාන වලත් හිසකෙස්/රෝම වර්ධනය වෙනව. ඒත් ගොඩක් වෙලාවට මෙවැනි තත්වයන් ස්ථිර හෝ සදාකාලීක නොවන බව වෛද්‍යවරුන් පෙන්වල දෙනවා. Additional - kidshealth.org #Facts

ලියුබා (Lyuba) කියන්නෙ මීට වසර 42,000 කට පමණ මිය ගිය මාසයක් වයසැති, ගැහැණු මැමත් පැටවෙක්. ඇයව සයිබීරියාවේදි හොයාගන්නකොට, ඇගේ
ලියුබා (Lyuba) කියන්නෙ මීට වසර 42,000 කට පමණ මිය ගිය මාසයක් වයසැති, ගැහැණු මැමත් පැටවෙක්. ඇයව සයිබීරියාවේදි හොයාගන්නකොට, ඇගේ සම සහ අවයවන් පවා නොවෙනස්ව තිබිල තියෙනව. ඊට අමතරව ඇගේ මවගෙ මව් කිරි පවා ඇගේ උදරයේ තිබිල තියෙනව. ඒ වගේම "ලියුබා" තමයි මෙතෙක් කල් හොයාගෙන තියෙන වඩාත්ම සම්පූර්ණ මැමත් සත්වයා. Additional - wikipedia #History

හැමදෙයින්ම ඈත් වෙලා, විවේකයක් අරගෙන.... ඔයා ගැන අවධානය යොමු කරන එක, වැරැද්දක් නෙවෙයි... මිනිස්සුන්ගෙ බිඳුණු හිත් ඔක්කොම හරිගස්සන එක, ඔයාගෙ වගකීමකුත් නෙවෙයි... ඔයා හැමතිස්සෙම අනිත් අයගෙ සතුට වෙනුවෙන් වැඩ කරන්න උත්සාහ කරන්න ඕනෙත් නෑ... මුලින් ඔයාගෙම සතුටට සහ මානසික නිදහසට ප්‍රමුඛතාවය දෙන්න... එතනින් පස්සෙ අනිත් අය ගැන හිතන්න... ඒක ආත්මාර්ථකාමී බවක් නෙවෙයි... මේ ඔයාගෙ ජීවිතේ... ඔයාගෙ....! #Life_Tips

Anonymous Contact LearnBits තුළින් අපේ සාමාජිකයන්ට හඳුන්වල දීපු Anonymous contact ඔප්ශන් එක මතක ඇති ඔයාලට. අනන්‍යතාවක් දන්වන්නැතුව ඔයාලගෙ ප්‍රශ්න, Fact checks වගේ දේවල් අපිට යොමු කරන්න තමයි අපි ඒ පහසුකම ලබා දුන්නෙ. කොහොම උනත් දැන් ඔයාලට අපේ වෙබ්සයිට් එකට නොයා, ටෙලිග්‍රෑම් එක තුළදිම මෙම සේවාව යොදාගන්න පුලුවන්. @LearnBitsAsk_bot බොට්ව start කරල බොට්ගෙ "menu" බට්න් එක ක්ලික් කලාම ඔයාලට වෙනම portal එකක් ඕපන් වෙයි. අන්න එතනින් ඔයාට පුලුවන් anonymous contact ඔප්ශන් එකට පිවිසෙන්න. එහෙමත් නැත්තං මේ ලින්ක් එක එබුවම, බොට් වෙතට පිවිසෙන්නැතුව උනත් ඔයාට ඒ portal එක ටෙලිග්‍රෑම් තුළ ඕනෙම තැනකදි විවෘත කරගන්න පුලුවන්. Link : http://t.me/LearnBitsAsk_bot/LQA Anonymous option එක අවශ්‍ය නැත්තං ඔයාලගෙ ප්‍රශ්නය කෙලිමන්ම බොට් වෙතට සෙන්ඩ් කරන්න. #Notice

Fact Check මිනිස් ආත්මයේ බර ග්‍රෑම් 21යි කියල විද්‍යාඥයන් පිරිසක් කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනව. ඒ, අසාධ්‍ය රෝගියෙකුගේ මරණයට පෙර හා පසු, ශරීර බරෙහි වෙනස නිර්ණය කිරීමෙන් පසුවයි. අපේ සාමාජිකයෙක් මට එවපු පෝස්ට් එකක තිබුණු දෙයක් මේක. ඇත්තටම මේ කතාව බොරුවක්. හැබැයි විද්‍යාඥයෙක් එහෙම පරීක්ශණයක් කරපු බව ඇත්තක්. මේ පරීක්ෂණය ඔවුන් නම් කරල තියෙන්නෙ "21 Gram experiment" කියල. මේ පරීක්ෂණය සිදුකරල තියෙන්නෙ 1901 වසරේ. ඒ Duncan MacDougall නම් විද්‍යාඥයා විසින්. ඔහුට අවශ්‍ය වෙලා තියෙනව මිනිස් ආත්මයට බරක් තියෙනවද කියල හොයාගන්න. පරීක්ෂණයේදී ඔහු කරල තියෙන්නෙ, කලින් බර සඳහන් කරගත්ත රෝගීන් හයදෙනෙකු යොදාගෙන ඒ එක එක්කෙනා මරණයට පත් උන වෙලාවෙම, ඔවුන්ගේ දේහ බර මිනුම් කරගැනීමයි. කොහොම උනත් එකම එක රෝගියෙක්ගෙ විතරක්, මරණින් පසුව ක්ශිණකවම දේහ බර ග්‍රෑම් 21.3ක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා MacDougall තීරණය කරල තියෙනව මිනිස් ආත්මයේ බර තමයි මේ විදිහට මරණයෙන් පස්සෙ අඩු උනේ කියල. MacDougall මිනිසුන්ට අමතරව බල්ලන්ටත් මේ පරීක්ෂණය සිදු කරල තියෙනව. ඒ, එම පරීක්ෂණයට යොදාගත්ත බල්ලන්ට විශ ලබා දී මරණයට පත් කිරීමෙන්. කොහොම උනත් බල්ලන්ගෙ දේහ බර, මරණින් පස්සෙ සැලකිය යුතු ලෙස වෙනස් නොවීම නිසා MacDougall ප්‍රකාශ කරල තියෙන්නෙ "සතුන්ට ආත්මයක් නෑ" කියලයි. කොහොම උනත් 1907 වසරේ වෛද්‍යවරයෙක් උන Augustus P. Clarke , මේ පරීක්ෂණය සාවද්‍ය බව තහවුරු කරල තියෙනව. Augustus පෙන්නල තියෙනව, මිනිසෙක් මරණයට පත් උන වහාම පෙනහළු වල ක්‍රියාකාරීත්වය නතර වෙනව කියල. ඒත් එක්කම දේහයේ සිසිලන යාන්ත්‍රණත් නවතින නිසා දේහ උෂ්ණත්වය වැඩි වෙන්න පුලුවන් බවත්, මේ හේතුන් නිසා ස්වේදය විදිහට සැලකිය යුතු ජලවාෂ්ප ප්‍රමාණයක් දේහයෙන් පිටවෙනව කියල. මේ කරුණු නිසා දේහ බර ක්ශණිකව අඩු වෙන්න පුලුවන් බවත් ඔහු පෙන්නල දෙනව. ඒ වගේම තවත් විද්‍යාඥයන් පිරිසක් පවසනවා, මරණයෙන් පසුව දේහයේ තිබුණ වායූන් පිටතට නිදහස් වීමත්, දේහ බරේ අඩුවීමට හේතුවෙන්න පුලුවන් කියල. කොහොම උනත් මේ දක්වා කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් ඔප්පු වෙලා නෑ මිනිස් ආත්මයට බරක් තියෙන බවවත්, ඒ බර ග්‍රෑම් 21ක් කියලවත්. ඒ නිසා සාවද්‍ය කරුණු ඕනෙවට වඩා හිතට ගන්න එපා හොයල බලන්නැතුව. ඒ කරුණු පළ කරන අයත් මීට වඩා වගකීමකින් තොරතුරක් ඉදිරිපත් කරන්න මහන්සි වෙනව නං තවත් හොඳයි... අමතර කරුණු පළමු comment එකේ Fact Status : FALSE ❌ #Facts_Check