Learn Bits
Open in Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Show more1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
1 305
DAY 03 - Knowledge
අද දිනය තුළ #Knowledge කාණ්ඩයට අයත් Post පමණක් පල වනු ඇත.
Time ;
4.00am - 11.00pm
Featuring : Madara Uchiha
#Sharingan2022 #Knowledge
1 305
Horseshoe කකුළුවන්
මේ කකුළුවන්ගේ රුධිරය නිල් පාටයි. ඒකට හේතුව , ඔවුන්ගේ රුධිරයේ හිමොග්ලොබීන් වෙනුවට හිමෝසයනීන් පැවතීමයි. මේ හිමෝසයනීන් වල තියෙන කොපර් නිසා තමා රුධිරය නිල් පාට වෙන්නෙ.
මේ නිල් රුධිරය වෛද්‍ය ක්ශේත්‍රයට ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍යෙන් මේ කකුළු විශේෂයේ රුධිර ගැලුමක් ඩොලර් 60,000ක් විතර වෙනවා.
#Education ♡ @LearnBits
1 305
රේනාඩ්ගේ සින්ඩ්‍රෝමය (Raynaud's syndrome)
මේක යම් යම් තත්වයන් නිසා දේහයේ සමහර ප්‍රදේශ හිරිවැටෙන සහ සිසිල් වීම පිළිබඳ තත්වයක්.
මේ සංසිද්ධිය තුල වෙන්නේ , සමට රුධිරය සපයන කුඩා වාහිනී , සීතලට ප්‍රතිචාරයක් ලෙස අධිකව සංකෝචනය වීම නිසා ඒ අදාළ ප්‍රදේශයට රුධිර සැපයුම සීමා වීමයි.
#Education ♡ @LearnBits
1 305
සර්ප පැටවුන් ඉපදුනු විගසම , මරණීය දෂ්ඨන කරන්න සමත් වෙනවා.
වැඩිහිටි නාගයන් වගේම ළදරු නාගයන්ගේ විෂත් ගොඩක් බලවත්. එකම වෙනස වෙන්නේ , වැඩිහිටි නාගයන් එක වරකට නිකුත් කරන විශ ප්‍රමාණය විශාල වීමයි.
මේ නාග විෂෙහි තියෙනවා මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් කරන නියුරොටොක්සින්. මේ විෂ අංශබාග තත්ව ඇති කිරීම , ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය කිරීම වගේ දේවල් වලටත් සමත්.
#Education ♡ @LearnBits
1 305
Trap Jaw Ants (උගුල් හකු කුහුඹුවන්)
මේ කුහුඹුවන් ගොඩක් සක්‍රීය දඩයක්කරුවන්. ඒ වගේම විශ සහිත දෂ්ඨ කිරීම් වලටත් ප්‍රසිද්ධයි. මෙයාලගෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි , මේ කුහුඹුවන්ගේ හකු , ගොඩක් ශක්තිමත් වීම. මේ හකු වලින් ලබාගන්නා බලය නිසා ඔවුන්ට ක්ෂණිකව පලා යන්න පුලුවන් වෙලා තියෙනවා.
උඩ වීඩියො එක බැලුවම , මේ හකු වල බලසම්පන්න බව තේරුම් යයි.
#Education ♡ @LearnBits
1 305
ගෝනුසු විශ , ලෝකයේ මිළ අධිකම දෙයක්!
ගෝනුස්සන්ගේ විශ ලීටරයක් , ඩොලර් 10,302,700$ පමණ වෙනවා. මේ විශහි අන්තර්ගත ප්‍රෝටීන , ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වලට ප්‍රතිකාර කරන්න යොදාගන්නවා.
#Education ♡ @LearnBits
1 305
පුංචි තාක්ෂණික දෝශයක් නිසා online එන්න උනේ නෑ. 🥲. (ලයිට් තිබ්බෙ නෑ දවසම). දැන් ආපහු post දාන්නම්)
1 305
පියවි ඇසින් බලන්න පුලුවන් බැක්ටීරියාව...!
Thiomagarita - මේ තමයි දැනට ලෝකෙ හොයාගෙන තියෙන විශාලතම බැක්ටීරියාව. හැම බැක්ටීරියාවක්ම සෙන්ටිමීටරයක් පමණ දිගටි. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවන් සිදුවෙන්නෙ පටලයන් තුළ. ඒ වගේම Thiomagarita ගෙ පටලය තුළ තියෙන ද්‍රව්‍ය සහ DNA සැකැස්ම , වෙනත් කිසිම බැක්ටීරියාවකට වඩා සංකීර්ණයි.
ගොඩක් බැක්ටීරියා සාමාන්‍යෙන් මයික්‍රොමීටර් 2ක් පමණ වෙනවා. බැක්ටීරියාවන්ට නියමිත වර්ගඵල - පරිමා අනුපාතයක් තියෙනවා. ඒ කියන්නෙ ඔවුන්ට සංකීර්ණ පද්ධති නැති නිසා , දේහ සංසරණය වගේ දේවල් බොහොම කෙටි දුරකට විතරයි වලංගු වෙන්නෙ.
බැක්ටීරියාවක් විශාල වෙනකොට සාමාන්‍යෙන් ඔවුන්ගේ සියලුම ජීව ක්‍රියා සීමා වෙනවා.
#Education ♡ @LearnBits
1 305
අඳුරු පදාර්ථයේ ලක්ශණ මොනවාද?
- එය අඳුරුයි. ආලෝකය විමෝචනය හෝ , පරාවර්තනය නොකරන නිසා සෘජුව දැකගන්න හැකියාවක් නෑ.
- අඳුරු පදාර්ථ කියන්නෙ පදාර්ථ හෝ ප්‍රතිපදාර්ථ අංශු වලින් ඔබ්බට ගිය අංශු වර්ගයක්.
- අඳුරු පදාර්ථ කියන්නෙ කලු කුහර නෙවෙයි. කලු කුහර කියන්නෙ ආලෝකය නැමීමට හැකියාවක් තියෙන ගුරුත්වාකර්ෂණ කාච වැනි දෙයක්.
#Education ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7
1 305
අඳුරු පදාර්ථයේ අඩංගු ශක්තිය ඉන්ධනයක් ලෙස යොදාගන්න පුලුවන්ද?
ඔයාල Flash කතා මාලාව බලල තියෙනව නං , ඒකෙදි ඒ ස්ටාර් ලැබ් එකෙන් කරන්න හදන්නෙත් මෙන්න මේ වගේම දෙයක් තමයි. particle accelerator එක තුළ Run කලේ මේ කියන Dark matters.
ඉතින් Flash කතාවෙදි කරන්නෙත් , මේ අඳුරු පදාර්ථයේ ශක්තියෙන් මුලු නගරයක්ම බල ගන්වන්න උත්සාහ කරන එක. නමුත් අවාසනාවකට , ඒ යන්ත්‍රය පුපුරලා , ඒකෙ තිබ්බ අඳුරු පදාර්ථය වළාකුලු වලට මුදා හැරුනා.
විද්‍යාඥයන් කියන විදිහට , මේ අඳුරු පදාර්ථය , පෘථිවිය තුළ භාවිතා කිරීම ගොඩක් අනතුරුදායක වෙන්න පුලුවන් ලු. ඉතින් ඒ නිසා අනාගතයේදී, අභ්‍යවකාශ යානා වගේ පෘථිවියෙන් පිටත දේවල් වලට බලය ලබාගන්න , මේ අඳුරු පදාර්ථ ගොඩක් වැදගත් දෙයක් වෙයි කියල ඔවුන් පවසනවා.
#Education ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7
1 305
අඳුරු පදාර්ථය , සාමාන්‍ය පදාර්ථය එක්ක ගැටුනොත් මොකක්ද වෙන්නෙ?
අඳුරු පදාර්ථයට , ඕනෙම ද්‍රව්‍යක් හරහා විනිවිද යන්න පුලුවන්. ඒ කියන්නෙ මේ මොහොතෙත් , කිසිම ශක්ති හානියකින් තොරව අඳුරු පදාර්ථ පෘථිවිය හරහා යනව වෙන්න පුලුවන්.
කොහොම උනත් විද්‍යාඥයන් පෙන්නල දෙන විදිහට , සාමාන්‍ය පදාර්ථය තුළ හමුවෙන සමහර අංශු , මේ අඳුරු පදාර්ථයට බලපෑමක් කරනවලු. ඒ නිසා අඳුරු පදාර්ථයේ ශක්තියේ සුලු වෙනසක් වෙන්න පුලුවන් කියලත් ඔවුන් පෙන්නල දෙනවා.
#Education ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7
1 305
අඳුරු පදාර්ථයේ බලපෑම සහ හැසිරීම?
- තාරකා විද්‍යාඥයන් කියන විදිහට , මණ්දාකිණියක තියෙන තාරකාවන් , ඉන් පිටත අභ්‍යවකාශයට විසිවීම වළක්වන්නේ , මේ කියන අඳුරු පදාර්ථයේ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසාලු.
- ඒ වගේම මේ අඳුරු පදාර්ථය විද්‍යුත් චුම්භක තරංග සමග කිසිම අන්තර්ක්‍රියාවක් දක්වන්නෙ නෑ. ඒ නිසා මේ අඳුරු පදාර්ථය , සාමාන්‍ය පදාර්ථයෙන් වෙන් කරගන්න ගොඩක් අමාරුයි.
- ඒ වගේම අඳුරු පදාර්ථයන් , ආලෝකය එක්කත් කිසිම අන්තර්ක්‍රියාවක් දක්වන්නෑ. අලෝකය අවශෝෂණය කිරීම , පරාවර්තන කිරීම හෝ විමෝචනය කිරීමක් කරන්නෙ නෑ.
#Education ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7
1 305
අඳුරු පදාර්ථයේ වැදගත්කම් මොනාද?
- මණ්දාකිනි හැදෙනකොට , ඒ ක්‍රියාවලියට අඳුරු පදාර්ථය වැදගත් මෙහෙයක් ඉටු කරනවා.
- විශ්වයේ හැඩය , විශාලත්වය සහ අනාගත තේරුම් ගන්න මේ අඳුරු පදාර්ථය ගැන අවබෝධ කරන් ඉන්න ඕනෙ.
- විශ්වයේ තියෙන අඳුරු පදාර්ථ ප්‍රමාණය මගින් අපිට අවබෝධ කරගන්න පුලුවන් , විශ්වය විවෘතද , සංවෘතද එහෙමත් නැත්තං පැතලිද කියල.
~ විවෘත විශ්වය - දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වය
~ සංවෘත විශ්වය - එක්තරා ප්‍රමාණයකට ප්‍රසාරණය වී , බිඳ වැටෙන විශ්වය.
~ පැතලි විශ්වය - ප්‍රසාරණය වී , නැවත මුල් තත්වයටම සංකූචනය වන විශ්වය.
#Education ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7
1 305
අඳුරු පදාර්ථය හැදිල තියෙන්නෙ මොනවගෙන්ද?
විද්‍යාඥයන් කියන විදිහට අඳුරු පදාර්ථය හැදිල තියෙන්නෙ බරියොනික් (Baryonic) නොවන අංශූන්ගෙන්.
Barnyonic කියන්නෙ ප්‍රෝටෝන , නියුට්‍රෝන වගේ උප පදාර්ථමය අණු වලින් සමන්විත , පරමාණුක න්‍යෂ්ඨීන් වැනි දේවල් වලට. ඒ කියන්නෙ මේ Barnyonic අංශු වල ඉලෙක්ට්‍රෝන වගේ දේවල් නෑ.
#Education ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7
1 305
අඳුරු පදාර්ථය - Dark Matter
(7 Step Series)
1) මොනාද මේ අඳුරු පදාර්ථය , එහෙමත් නැත්තං Dark Matter කියන්නෙ?
අඳුරු පදාර්ථය කියන්නෙ විශ්වයේම සංඝටකයක්. සරලවම මේ අඳුරු පදාර්ථය ගැන හඳුන්වනව නං , මේව ආලෝකය අවශෝෂණය නොකරන , පරාවර්තනය නොකරන හෝ ආලෝකය විමෝචනය නොකරන , ගුරුත්වාකර්ශණ ආකර්ශණයෙන් හඳුනා ගන්න පුලුවන් අංශු වර්ගයක්.
මේව විද්‍යුත් චුම්භක විකිරණ තරංග වර්ණාවලියකින් හොයාගන්නත් බැහැ.
මේ අඳුරු පදාර්ථයර , විශ්වයේ මුලු පදාර්ථයෙන් 85%ක ප්‍රමාණයක් අයත් වෙනවා. ඒ කියන්නෙ සාමාන්‍ය පදාර්ථයට වඩා පස් ගුණයකටත් වඩා වැඩියි.
#Education ♡ @LearnBits
1 • 2 • 3 • 4 • 5 • 6 • 7
1 305
මෙන්න තවත් දුර්ලභ දර්ශනයක්
මී මැස්සන් , තමන්ගෙ සගයින්ට , මල් පිහිටි දිශාව සහ දුර ගැන කියන්නෙ අමුතුම සන්නිවේදන ශෛලියකට. මෙයාල කරන්නෙ නැටුමක් මාර්ගයෙන් , හිරුට සාපේක්ෂව මලේ දුර සහ දිශාව කියන එකයි.
#Education ♡ @LearnBits
1 305
මේ තියෙන්නෙ බොහොම දුර්ලභ සංසිද්ධියක්. ඒ තමයි ඒක සෛලික පැරමීසියම් ජීවියෙක් විනාශ වෙලා යන ආකාරය. (මිය යෑම)
මේ රූප රාමුවල අයිතිය හිමිවෙන්නේ James Weiss නම් අන්වීක්ෂීය ශිල්පියාටයි.
#Education ♡ @LearnBits
1 305
DAY 03 - Education
අද දිනය තුළ #Education කාණ්ඩයට අයත් Post පමණක් පල වනු ඇත.
Time ;
4.00am - 11.00pm
Featuring : Sasuke Uchiha
#Sharingan2022 #Education
1 305
@LearnBitsAssets
👆👆
LearnBits තුළ පළවන Photo designs වල Templates මේ චැනල් එකෙන් අරගන්න පුලුවන්.
කැමති විදිහකට භාවිත කරන්න👏
No copyright !
#Notice ♡ @LearnBits
