cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐙𝐨𝐨𝐌📲 𝐇𝐃

⛔➟Request කියන එක ඔබන්න ඔබපු ගමන් ඔටෝ ඇඩ් වෙයි චැනල් එකට ⛔➟ඉදිරියේදී ශ්‍රීලංකාව මුහුණ දෙන සෑම T20 තරගයක්ම ZOOM📲 ඔස්සේ නරඹන්න ⛔➟ක්‍රිකට් නිවුස් සියල්ලන්ට ප්‍රථමයෙන් දැනගන්න 𝙎𝙩𝙖𝙩𝙪𝙨☞https://t.me/+jgqEcZ5HK1IwNzg1 ⛓⚧𝙲𝙾𝙽𝚃𝙰𝙲𝚃 𝚄𝚂☞

Show more
Advertising posts
3 660
Subscribers
No data24 hours
-277 days
-12430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailable
Ipl Final ටෙලිග්‍රෑම් වීඩියෝ චැට් එකේ බලමුතේ 😌 ....
Show all...
🔥 19👍 2 1
News – Hitwicket The monitoring task had failed 100 consecutive times. Your subscription to the RSS feed has been deactivated. To reactivate it, please use the /activate_subs command. ERROR: Network error (TimeoutError)
Show all...
සොනාල් දිනූෂ ලකුණු 59 ක් ද, රනිත ලියනආරච්චි ලකුණු 45 ක් ද, අශාන් ප්‍රියන්ජන් ලකුණු 39 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී මොහමඩ් ශිරාස් කඩුලු 5 ක් බිද හෙලුවේ ලකුණු 52 ක් ලබා දෙමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් වූ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 187 ක්. (🅃🄶 ➤ #Cricket_ZooM_HD)
Show all...
Photo unavailable
දඹුල්ල ශූරතාවය අභියස ; ගාල්ල ලකුණු 165 ක් පිටුපසින් දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද (4) නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු දඹුල්ල කණ්ඩායමට හිමි කරමින්. ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යමින් සිටි ගාලු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියා. ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඔවුන් තවත් ලකුණු 165 ක් ලබා ගත යුතුයි. පැතුම් කුමාර නොදැවී ලකුණු 26 ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 4 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පසිදු සූරියබණ්ඩාර ලකුණු 19 කට දැවී ගිය අතර, සොහාන් ද ලිවේරා ලකුණු 17 යි. පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තා. තෙවැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 116 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 196 ක් රැස් කළා.
Show all...
Photo unavailable
ඩොටින්ට WPL අහිමි වෙයි ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩිකා Deandra Dottin ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් එලෙස ඇයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව සදහන්. ඇය වෙනුවට ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා Kim Garth සංචිතයට ආදේශ කිරීමටයි ජයන්ට්ස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ. ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා පැවැති වෙන්දේසියේ දී Deandra Dottin ඉන්දීය රුපියල් ලක්ෂ 60 ක මුදලකට ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණා. WPL තරගාවලිය අද ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම අතරයි. (🅃🄶 ➤ #Cricket_ZooM_HD)
Show all...
Photo unavailable
අද ඇරඹෙන WPL තරගාවලියේ පළමු තරගයේ වෙනසක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලිය අද (4) ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම අතරයි. තරගය මීට පෙර රාත්‍රී 7:30ට මුම්බායි හි D Y පටිල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබුණ ද, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද නිවේදනය කළේ පළමු තරගය රාත්‍රී 8ට ආරම්භ කිරීමට තීරණය කළ බවයි. සමාරම්භක උත්සවය පස්වරු 6:25 ට ආරම්භ වන අතර, පස්වරු 4 සිට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. පළමු තරගයේ කාසියේ වාසිය පස්වරු 7:30 ට උරගා බැලීමට නියමිතයි. (🅃🄶 ➤ #Cricket_ZooM_HD)
Show all...
Photo unavailable
Watch : සියල්ලන් මවිතයට පත් කළ හසන් හා වැන් ඩර් ඩසන් රැක ගත් සුපිරි උඩ පන්දුව පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (3) රාත්‍රියේ පැවැති 19 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම් හසන් අලී හා රසී වැන් ඩර් ඩසන් සමත් වුණා. කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැති අතර, තරගයෙන් යුනයිටඩ් කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කළා. රාවල්පින්ඩි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කරච්චි කිංග්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 201 ක්. නායක ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 92 ක් රැස් කළේ පන්දු 54 කින්. ඉර්ෆාන් ඛාන් ලකුණු 30 කට දැවී ගියා. ඔහුගේ කඩුල්ල දවා ගැනීම සදහායි හසන් අලී හා රසී වැන් ඩර් ඩුසෙන් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ. හතරේ සීමාව ආසන්නයේ දී පළමුව හසන් අලී විසින් උඩ පන්දුව රැක ගත් අතර, අනතුරුව ඔහුගේ සමබරතාවය ගිලිහී ගොස් ඔහු සීමාවෙන් ඉවතට ඇදී ගියා. කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී ඔහු ක්ෂණිකව පන්දුව වැන් ඩර් ඩසන් වෙත යොමු කළ අතර, වැන් ඩර් ඩසන් විසින් එය සුරැකිව රැක ගනු ලැබුවා. (දර්ශන පහතින්)
Show all...
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. අසාම් ඛාන් පන්දු 41 කින් වේගවත් ලකුණු 72 ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. Catch hai, catch hai! 😮 Excellent work by @RealHa55an! #SabSitarayHumaray l #HBLPSL8 I #IUvKK pic.twitter.com/gUFCcHnogu — PakistanSuperLeague (@thePSLt20) March 3, 2023 ---- (🅃🄶 ➤ #Cricket_ZooM_HD)
Show all...

Photo unavailable
නවසීලන්තය ලකුණු 135 ක් පිටුපසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (4) ක්‍රයිස්ච්ර්ච් හි Lincoln නුවර Bert Sutcliffe Oval ක්‍රීඩාංගනයේ දී නිමා වුණා. දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය (NEW ZEALAND XI) එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 141 ක්. JCT Boyle නොදැවී ලකුණු 73 ක් ද, JJNP Bhula නොදැවී ලකුණු 37 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. JM Cumming ලකුණු 27 කට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 21 ක් ලබා සිටියදීයි. ඔහු සමග ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු පන්දු 111 කින් ලකුණු 78 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
Show all...
අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 87 කින් වේගවත් ලකුණු 95 ක් ලබා ගත්තා. හයේ පහර 2 ක් හා හතරේ පහර 16 ක් මෙන්ඩිස්ගේ ඉනිමට ඇතුළත් වුණා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 38 (70) ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 35 (45) ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී JW Hartshorn, SB Davey, RM ter Braak හා TF van Woerkom එක් කඩුල්ල බැගින් දවා ගත්තා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්. (🅃🄶 ➤ #Cricket_ZooM_HD)
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.