BH | Physics MCQ World From Bhagya Hettiarachchi
Open in Telegram
ලංකාවේ පළමු වතාවට පැයෙන් පැයට MCQ කරන්න Physics MCQ World එකක්❤ යාළුවන්ටත් Link එක යවන්න!👇
Show more2 653
Subscribers
No data24 hours
-217 days
-7630 days
Posts Archive
සමාන්‍ය සීරුමාරුවේ පවතින සංයුක්ත අන්වීක්ෂයක විශාලක බලය 100වේ. අවනෙත් කාචයේ නාභීය දුර 2.5cm වන අතර වස්තු දුර 2.6cm වේ. උපනෙතේ විශාලනය කොපමණද?
බර උසුලන්නෙක් ඔහුගේ දෑතින් භාරයක් සිරස්ව ඉහළට(ධන දිශාවට) ඔසවයි. පිළිවෙළින් a) ඔහුගේ දෑත් මගින් භාරය මත,
b) ගුරුත්වය මගින් භාරය මත,
c) භාරය මගින් ඔහුගේ දෑත් මත කරනු ලබන කාර්යයේ ලකුණ වනුයේ,
ඇදි තන්තුවක ඇති ස්ථාවර තරංගයක් සම්බන්ධව කර ඇති පහත ප්‍රකාශ අතුරෙන්,
A) තන්තුව දිගේ ශක්තිය ප්‍රචාරණය නොවේ.
B) නිෂ්පන්දයක පිහිටීම කාලය සමග විචලනය නොවේ. C) තන්තුවේ එක් එක් අංශුව අත්කර ගන්නා උපරිම විස්ථාපනය තන්තුව දිගේ ඒවායේ පිහිටීම මත රඳා පවතී.
එක එකෙහි ක්ෂේත්‍රඵලය A වූ ලෝහ තහඩු දෙකක් භාවිතා කර, පරතරය 0.9cm සහිත වාතය මාධ්‍ය ලෙස ඇති 1F සමාන්තර තහඩු ධාරිත්‍රකයක් සෑදුවහොත්, A ක්ෂේත්‍රඵලයෙහි අගය ආසන්න වශයෙන් වන්නේ, (ε₀ = 9x10^-12 F/m ලෙස ගන්න)
ඒකාකාර ඝනත්වයක් ඇති ග්‍රහලෝකයක ස්කන්ධය 2x10^27kg වේ. එහි අරය 6.7x10^7m වේ. ග්‍රහලෝකයේපෘශ්ඨය මත ගුරුත්වාකර්ෂණ විභවය වනුයේ, (G = 6.7x10^-11 Nm²/kg²)
ලෝහ කම්බියකට θ₁ හා θ₂ උෂ්ණත්වවලදී පිළිවෙළින් R₁ සහ R₂ ප්‍රතිරෝධ ඇත. ලෝහයේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය දෙනු ලබන්නේ,
පාරජම්බුල හා අතිධ්වනි තරංගවල භෞතික ගුණ පිළිබඳව නිවැරදි නොවන්නේ,
A) තරංග දෙකෙහිම ශක්තිය ඒවායේ සංඛ්‍යාත මත රඳා පවතී.
B) තරංග දෙකටම ද්‍රව්‍ය අයනීකරණය කිරීමේ හැකියාව ඇත. C) තරංග දෙකම ධ්‍රැවීකරණය කළ හැක.
ලෝහ කම්බියකට θ₁ හා θ₂ උෂ්ණත්වවලදී පිළිවෙළින් R₁ සහ R₂ ප්‍රතිරෝධ ඇත. ලෝහයේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය දෙනු ලබන්නේ,
පාරජම්බුල හා අතිධ්වනි තරංගවල භෞතික ගුණ පිළිබඳව නිවැරදි නොවන්නේ,
A) තරංග දෙකෙහිම ශක්තිය ඒවායේ සංඛ්‍යාත මත රඳා පවතී.
B) තරංග දෙකටම ද්‍රව්‍ය අයනීකරණය කිරීමේ හැකියාව ඇත. C) තරංග දෙකම ධ්‍රැවීකරණය කළ හැක.
ලෝහ දණ්ඩක උෂ්ණත්වය 100°C කින් වැඩි කරන විට එහි දිගෙහි භාගික වෙනස්වීම 2.4x10^-5 වේ. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයෙහි රේඛීය ප්‍රසාරණතාව වනුයේ,
නාභි දුර f₁ උත්තල කාචයක ප්‍රධාන අක්ෂය මත වස්තුවක් තැබූ විට රේඛීය විශාලනය m₁ තාත්වික ප්‍රතිබිම්බයක් V₁ දුරකින් සෑදේ. මෙම කාචය, නාභි දුර f₂ වූ (f₂ < f₁) උත්තල කාචයක් ඒ වෙනුවට එම ස්ථානයේම තැබූ විට නව ප්‍රතිබිම්බ දුර හා විශාලනය m₂ තෘප්ත කරන අවශ්‍යතා වන්නේ,
එක්තරා පරිණාමකයක ප්‍රාථමික දඟරයේ වට 360ක් සහ ද්විතීයක දඟරයේ වට 30ක් ඇත. මෙය භාවිත කරනුයේ කුමන වෝල්ටීයතා පරිවර්තනය සිදුකර ගැනීමටද? (ප්‍ර.ධා. = ප්‍රත්‍යාවර්ත ධාරා, ස.ධා. = සරල ධාරා)
භාජනයකට වියළි බිස්කට් දමා එයට වාතය ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි පරිදි පියනකින් වසන ලදී. භාජනය තුළ සාපේක්ෂ ආර්ද්‍රතාව 80% ක් බවද දිනකින් එය 30% බවද බිස්කට්වල ස්කන්ධය m ප්‍රමාණයක් වැඩි බවද සොයා ගන්නා ලදී. උෂ්ණත්වය නියත නම් ආරම්භක ජල වාෂ්ප ස්කන්ධය වනුයේ,
උෂ්ණත්වමිතිය සම්බන්ධයෙන් පහත ප්‍රකාශවලින් නිවැරදි නොවන්නේ කුමක් ද?
විභවමාන කම්බියක වෝල්ටීයතා සංවේදීතාව (V/cm) වැඩි කිරීම සඳහා
A) කම්බියේ දිග වැඩි කිරීම.
B) කම්බිය සමඟ ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම C) කම්බිය හරහා යොදා ඇති වෝල්ටීයතාව වැඩි කිරීම.
Z අක්ෂය මත ඇති අනන්ත දිගක් සහිත ඍජු සිහින් කම්බියක රේඛීය ආරෝපණ ඝනත්වය -λ වේ. ස්කන්ධය m වූ කුඩා +q ආරෝපණයක් කම්බිය වටා xy තලයේ ඇති අරය r වූ වෘත්තාකාර පථයක ගමන් කිරීමට සලස්වයි. ආරෝපණයේ ආවර්ත කාලය දෙනු ලබන්නේ,
27°C හි පවතින පරිපූර්ණ වායුවක් භාජනයේ තුළ අඩංගු වී ඇත. වායුවේ උෂ්ණත්වය 127°C දක්වා වැඩි කළහොත් (127°C දී වායු පරමාණුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය)/(27°C දී වායු පරමාණුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය) යන අනුපාතය වනුයේ,
පරිපූර්ණ වායුවක් තුළ ධ්වනි වේගය v පිළිබඳ පහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,
A) v, වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ.
B) v, වායුවේ මවුලික ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. C) v, වායුවේ මවුලික තාප ධාරිතා අතර අනුපාතය මත රඳා පවතී.
විද්‍යුත්චුම්බක තරංග සම්බන්ධයෙන් පහත කුමක් අසත්‍ය වේ ද?
ඒකක දිගක ස්කන්ධය 1g/m හා ආතතිය 40N සහිත ධ්වනිමාන කම්බියක කම්පන දිග කුඩා අගයක සිට වෙනස් කරමින් සංඛ්‍යාතය 320Hz සරසුලක් සමඟ එකවර නාදකරනු ලැබේ. මෙහිදී 5Hz ස්පන්ද ඇසේ නම් ධ්වනිමාන කම්බියේ අනුරූප කම්පන දිගවල් (m වලින්) වනුයේ,
