en
Feedback
Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ

Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ

Open in Telegram
Buy Ad
2 231
Subscribers
No data24 hours
-117 days
-4930 days
Posts Archive
Voice message06:05

අද රෑ 12ට කලින් politics, philosophy හෝ මේ election එක ගැන දැනගන්න හෝ පැහැදිලි කරගන්න මොනවහරි තියෙනවනම් අහන්න.

මෙන්න මේ මහා රෑ එකපාරටම අපේ පාරට තාර දානවා 😂 උදේ ඇවිත් ගල් හැලුවා. දැන් ලොකු ගල්රෝල් වලින් ඇවිත් පාර තලනවා. පුදුම යෝධ සංවර්ධනයක්‌නේ දෙයියනේ තියෙන්නේ. මාස 6න් 6ටවත් චන්ද තිබ්බනම් අපේ රට බලන් ඉද්දී හැදෙනවා 😂

මේ දවස් වල සෑහෙන්න interesting දේවල් මේ රටේ මතුපිටින් නොපෙනෙන layer එකක සිද්ධ වෙනවා. චන්ද රැස්වීම් වලට manpower සමාගම් වලින් කුලී ක්‍රමයට මිනිස්සුන්ව විකුණන එක තාවකාලික ආදායම් මාර්ගයක් වෙලා. එක පුද්ගලයෙක්ට පෙළපාලි යන්න 1500, රැස්වීම් වල ඉන්න 3500 වගේ ගෙවනවා. bot farms ලංකාවට අලුත් දෙයක් නොවුනත් මීට කලින් මෙහෙම මහා පරිමානෙන් දේශපාලන වුවමනාවන් වලට භාවිතා වෙනවා දැකල තිබ්බේ නැහැ. ඒ අතර YouTube live වලට fake crowds හදන්න විතරක් නෙවෙයි SMMA වලට bot fb accounts, pages හැදෙනවා. පරණ fb accounts ඉතා ඉහල මිල ගණන් වලට විකිනෙනවා. (around 15k) meta සමාගමට විතරක් political ads වලට එක් එක් අපේක්ෂකයෝ වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය බලන්න. මිලියන ගණන්...

උඩ article එක කියවල මම මේ කියපු කතාව ඇතුලේ හැංගිලා තියෙන algorithms මොනවද කියලා හිතන්න.

"අඩෝ කීවෙනි පිටුවද පෙරළගන්න කිව්වේ? 362 බං එල "
මම පොත අරන් ඒක දෙකට මැද්දෙන් දිග හැරියා. පෙරලුනේ 680 පිටුව. ඉතින් මම පොතේ වම් පැත්තේ පිටු ටික අරන් ආපහු ඒ ටික මැද්දෙන් දිග හැරියා. ඒ ගමන පෙරලුනේ 358 වෙනි පිටුව ඉතින් මං එතන ඉදන් ඉස්සරහට තව පිටු කීපයක් පෙරලලා 362 පිටුව හොයාගත්තා. ඒ පිටුවේ තිබ්බේ කාඩ් සෙල්ලමක් ගැන සංකරණ සහ සංයෝජන ගානක්. ඒක දැක්කම මට අපි යාලුවෝ එක්ක කාඩ් ගහපු අවස්ථාවක්‌ මතක් උනා.
ඕයි මේ ගනින් උබේ අත. බලපං කාඩ් 8ක්‌ තියෙනවද කියලා.
මම මුනින් අතට මට බෙදල තිබ්බ කාඩ් ටික අරගෙන කොනක ඉදන් එකින් එක ගණන් කලා.
ඕ කාඩ් අටක් තියෙනවා
ඉතින් එහෙනම් ඕක පිළිවෙලට හදාගනින්.
මම මගේ කාඩ් අත දිහා බැලුව. ඉස්කෝප්ප ආසියයි, කලාබර 9,5 හාරත 9,7,10, රුවිත රජයි රැජිනයි. මම හාරත 9 අරගෙන 7යි 10යි මැද්දෙන් තිබ්බා. මොකද පොඩි එකේ ඉදන් ලොකු එක වෙනකම් පිළිවෙලට හදාගත්තම ලේසියි සෙල්ලම් කරන්න. කලාබර 9, 5 එකලග තිබ්බට 9ට වඩා 5 පොඩි නිසා ඒ දෙන්නව මාරු කලා 5,9 වෙන්න... Algorithms - අද හවස 5ට #BrainHack #Algorithms

බුද්ධි අංශ මඟින් ලද නවතම තොරතුරු අනුව කිංකිණි පාලනය සියතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. ගෙදර අනෙකුත් සතුන් මෙන්ම ඒ නැන්දා පවා කිංකිණිට බය වී සිටින්නේ ඌ දුටු තැන ගෙරවීමට, සපා කෑමට සහ පහුරු ගෑමට නොපැකිලෙන නිසාවෙනි. කිංකිණි සිය නම පවා වෙනස් කරගෙන ඇති අතර නවතම නාමය ස්නෝවී බව සඳහන් වේ.

My first IEM experience earbuds, earphones වලට වියදම් කරලා ඇති වෙලා ඉන්න නිසා මම හිතුවා in ear monitor එකකට යන්න. ඔයත් audiop
+1
My first IEM experience
earbuds, earphones වලට වියදම් කරලා ඇති වෙලා ඉන්න නිසා මම හිතුවා in ear monitor එකකට යන්න. ඔයත් audiophile කෙනෙක් නම් IEM එකකට try එකක් දීලා බලන්න. මේ IEM වල bass, mid, treble frequency range වලට වෙනම drivers තියෙනවා. ඒ නිසා සාමාන්‍ය earphones වලින් ගන්න බැරි හොඳ dynamic range එකක් වගේම අවේනික sound signature එකක් බලාගන්න පුළුවන්. මේවගේ තියෙන විශේෂත්වය තමයි ගොඩක් ගණන් වැඩි earphone වලටත් වඩා හොඳට මේ මිලෙන් අඩු IEM perform කරන එකයි. මම ආරම්භයක් විදිහට ගණන් අඩු iem එකකින් පටන් ගත්තත් ඉස්සරහට තව high quality IEM try කරන්න ඉන්නේ. ඊළඟ target එක CCA CRA එක.

මනුෂ්‍ය වර්ගයාගේ මොළය යම් දෙයක් හිතන්නේ එක විදිහකට... නමුත් කෘතීම බුද්ධියට හිතන්න සෑහෙන්න විධි ගොඩාක් තියෙනවා... ඒ සිතුවිලි ර
මනුෂ්‍ය වර්ගයාගේ මොළය යම් දෙයක් හිතන්නේ එක විදිහකට... නමුත් කෘතීම බුද්ධියට හිතන්න සෑහෙන්න විධි ගොඩාක් තියෙනවා... ඒ සිතුවිලි රටාවන් ගොඩක් වෙනස්... Coming soon...

අපිට නිදහසක් කියලා එකක් තියෙනවද බන් ඉතින්? Exam ඉවර වෙලා කට්ටිය එක්ක නිදහස් චතුරස්‍රයට වෙලා ඉද්දී මගෙන් යාලුවෙක් ඇහුවා. සිතීම
අපිට නිදහසක් කියලා එකක් තියෙනවද බන් ඉතින්?
Exam ඉවර වෙලා කට්ටිය එක්ක නිදහස් චතුරස්‍රයට වෙලා ඉද්දී මගෙන් යාලුවෙක් ඇහුවා. සිතීමේ නිදහස කථනයේ නිදහස ජීවත්වීමේ නිදහස මේ හැමදේම තිබ්බත් අපිට තාමත් චන්දයේ නිදහස නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ඇමෙරිකා එක්සත් ජනපදය ගත්තත් චන්දයකදී සුදුසුකම් ලත් චන්දදායකයින්ගෙන් මනාපය පළකිරීමේ ප්‍රතිශතය 66.67% කට වඩා අඩු අගයක් ගන්නවා. මේකට හේතුව විදිහට "චන්දෙ දෙන්න සුදුසු එක්කෙනෙක්වත් නැහැ, මගේ මතය නියෝජනය කරන කෙනෙක් නැහැ" වගේ අදහස් මුල් වෙනවා. චන්දය භාවිතා කිරීමේ අයිතිය වගේම, චන්දයෙන් වැලකී සිටීමේ අයිතියත් වටිනවා. නමුත් චන්දයෙන් වැලකී ඉන්න එකෙන් වෙන්නේ අපි අපිටම අසාධාරණයක් කරගන්න එක. ඇත්තටම චන්දයකට නිදහසක්‌ තියෙනවනම් මම නම් හිතන්නේ මනාපය වගේම අමනාපයත් පළ කිරීමේ හැකියාව තිබිය යුතු වෙනවා. මොකද අහවල් පුද්ගලයා පත් කරගන්න ඕනි කියලා හිතෙනවට වඩා කවුරු ආවත් මේ වගේ කෙනෙක් නම් එන්න එපා කියලා හිතෙනවා වැඩියි. ඒ වගේම මම හිතනවා තව දුරටත් මගේ මතය නියෝජනයට නියෝජිතයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අපිට කෙලින්ම අපේ මතය රාජ්‍යයේ තීරණ ගන්න පළ කිරීමේ හැකියාවක් තිබ්බනම් වටිනවා.

මොකක්ද ගන්න හොඳ?
මොකක්ද ගන්න හොඳ?

record.ogg11.51 MB

Lady from the cat asylum #SS5stories #real
Lady from the cat asylum
#SS5stories #real

හරි එහෙනම් අද රෑ 11ට live එකක් ගමු. මේ සේරටම මුල වුනේ මෙන්න මෙයා

මම අද මගේ ජීවිතේටම අමතක නොවෙන අත්දැකීමකට මුහුණ දුන්නා 💀 කෙනෙක් invite කරපු පලියට කවදාවත් google maps බලාගෙන හද්ද පාළු පැති වල කැලවල් අස්සේ තියෙන හොල්මන් ගෙවල් වලට යන්නෙපා. ඇයි කියලා අහන්නෙපා යන්නෙපා. මම තාම එතනින් ගැලවිලා ගෙදර යන ගමන් 💀💀 වැඩි විස්තර බදාදා හවස live එකකින් කියන්නම් 💀

දේශපාලන memes, youtube facebook videos වලට පුළුවන් දළ වශයෙන් ඔයාගෙ මතය නිරූපණය කරන්න. හැබැයි ඔයා හිතන පතන විදිහ සහ ඔයා සැබෑ ජ
දේශපාලන memes, youtube facebook videos වලට පුළුවන් දළ වශයෙන් ඔයාගෙ මතය නිරූපණය කරන්න. හැබැයි ඔයා හිතන පතන විදිහ සහ ඔයා සැබෑ ජිවිතයේදී ඇත්තටම ක්‍රියා කරන විදිහ කියන දෙක අතර සෑහෙන්න ලොකු වෙනසක් තියෙනවා. දේශපාලනය කියන්නේ ඔයාගේ පෞද්ගලික මතය හෝ සමාජයක් විදිහට අපි හිතන පතන දේවල් පිලිබිඹු කරන එකට නෙවෙයි. දේශපාලනය කියන්නේ තනි තනි වෙනස් මත දරන ස්වාධීන පුද්ගලයින් ගොඩක් කොහොමද තමන්ගේ මතය රැකගෙන එකට වැඩක් කරන්නේ කියන එකයි. ඔයා මොන මොන දේවල් හිතින් හිතුවත්, ඇත්තටම ඔයා ඒ දේවල් ප්‍රකාශ කරන්නේ හෝ ක්‍රියාවට නගන්නේ නැත්නම්, ඒ මතයන්ගෙන් අනෙත් අයට වෙන බලපෑම ගැන එයාලට දැනෙන විදිහ හොයල බලන්නේ නැත්නම්, මොන තරම් දේශපාලනය ගැන හිතුවත් හෙව්වත් ඉගෙනගත්තත් වැඩක් නැහැ. මොන video එක post එක කියෙව්වත් වැඩක් නැහැ. මොකද ඒ හැම දෙයකින්ම කරලා තියෙන්නේ ඔයා විශ්වාස කරන්නේ මොකක්ද සහ ඔයාගේ මතය මොකක්ද කියලා නැවත නැවත ඔයාට මතක් කරලා දෙන එක මිසක් ඇත්තටම ඔයාගේ politics මොනවද කියලා ඔයාට තේරුම් කරලා දෙන එක නෙවෙයි.

AI යුගයේ මිනිස් ජීවිතය: අද්භූත අනාගතයක කතාවක් අද මම ඔයාලට කියන්න යන්නේ පුදුම කතාවක්. ඒක තමයි අපේ අනාගතේ ගැන. මේක AI (කෘතිම බුද්ධිය) අපේ ලෝකේ හැම තැනම පැතිරිලා තියෙන කාලෙක ගැන කතාවක්. ඉතින් අපි යමු, අවුරුදු 50ක් විතර ඉස්සරහට. බලමු එහෙම වෙලාවක අපි කොහොමද ඉන්නේ කියලා. රොබෝවරු එක්ක උදේට අවදි වෙන හැටි දැන් හිතන්න, ඔයා උදේට ඇහැරෙනවා. ඒත් ඔයාව අවදි කරන්නේ අම්මා නෙවෙයි. ඒක තමයි ඔයාගේ AI සහකරු. එයා කියනවා, "good morning! අද දවසේ කාලගුණය හොඳයි. ඔයාගේ favourite තේ එක හදලා තියෙනවා. ඒ වගේම ඔයා කැමති breakfast එකත් ලෑස්ති කරලා තියෙනවා." ඔයා ඇඳෙන් නැගිටිනවා. ඒත් වැඩට යන්න ඕන නෑ. මොකද AI නිසා ඔයාගේ රැකියාව නැතිවෙලා. ඒත් ඒක ගැන කනගාටු වෙන්න දෙයක් නෑ. මොකද දැන් ඔයාට ඕන තරම් වෙලාව තියෙනවා ඔයා කැමති දේවල් කරන්න. නව ලෝකයේ දවසක් ඔයා පාන්දර නැගිටලා, ගෙදර ඉඳන්ම online class එකකට සම්බන්ධ වෙනවා. මේ class එක නඩත්තු කරන්නේ AI. ඒත් ඒකේ ඉන්නේ ලෝකේ හැම තැනින්ම ආපු මිනිස්සු. ඔයා ඉගෙන ගන්නවා අලුත් භාෂාවක්. ඒක තමයි "ග්‍රහලෝක සංචාරක සන්නිවේදනය." මොකද දැන් මිනිස්සු අඟහරු වගේ වෙනත් ග්‍රහලෝක වලටත් ගිහින් ජීවත් වෙනවනේ. දවල්ට ඔයා යනවා virtual reality තාක්ෂණය පාවිච්චි කරලා හදපු උද්‍යානයකට. එතන ඔයා මුණගැහෙනවා ඔයාගේ යාළුවෝ එක්ක. ඒ අය ඉන්නේ ලෝකේ වෙනත් රටවල. ඒත් මේ තාක්ෂණය නිසා ඔයාලට එකට එකතු වෙලා සෙල්ලම් කරන්න පුළුවන්. හවසට ඔයා creative writing project එකක් පටන් ගන්නවා. ඒකට AI උදව් කරනවා ideas දෙන්න. ඒත් story එක ලියන්නේ ඔයාමයි. මොකද AI වලට නැති මිනිස් හැඟීම් ඔයාට තියෙනවනේ. අලුත් ආර්ථිකය දැන් ඔයාලට මතක ඇති, රැකියා නැති උනාම සල්ලි හොයන්නේ කොහොමද කියලා හිතුවා නේද? ඒක තමයි මේ අලුත් ලෝකේ තියෙන පුදුම දේ. දැන් හැමෝටම මූලික ආදායමක් ලැබෙනවා. ඒකට කියන්නේ Universal Basic Income (UBI) කියලා. මේක රජය විසින් හැමෝටම දෙනවා. ඒත් ඔයාට තව සල්ලි ඕන නම්, ඔයාට පුළුවන් ඔයාගේ නිර්මාණ විකුණන්න. ඔයා ලියන කතා, ඔයා අඳින චිත්‍ර, ඔයා නිර්මාණය කරන සංගීතය... මේ හැම දෙයක්ම online marketplace එකක දාලා විකුණන්න පුළුවන්. AI මේවා evaluate කරලා, ඒවට fair price එකක් set කරනවා. හැබැයි මේ ලෝකේ සල්ලි විතරක් නෙවෙයි වැදගත්. Social credit system එකක් තියෙනවා. ඔයා සමාජයට කරන හොඳ දේවල් වලට ලකුණු හම්බවෙනවා. මේ ලකුණු වලින් ඔයාට special privileges ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ඔයාට පුළුවන් premium AI assistants පාවිච්චි කරන්න, හොඳම virtual reality experiences වලට යන්න. අලුත් ප්‍රශ්න, අලුත් විසඳුම් ඉතින් මේ අලුත් ලෝකේ ප්‍රශ්න නැද්ද? ඒක නම් නෙවෙයි. තාමත් ගැටලු තියෙනවා. හැබැයි ඒවත් පරණ ඒවට වඩා වෙනස්. එක ප්‍රශ්නයක් තමයි, AI වලට වැරදෙන්න පුළුවන් එක. ඒ නිසා AI ගන්න තීරණ monitor කරන්න මිනිස්සු ඕන වෙනවා. ඒ වගේම AI හදන අයත් ඉන්න ඕනේ ඒවා improve කරන්න. තව ප්‍රශ්නයක් තමයි privacy. AI වලට අපි ගැන හැම දෙයක්ම දැනගන්න පුළුවන් නිසා, ඒවා අපේ තොරතුරු protect කරන හැටි ගැන අපි හොඳට බලන්න ඕනේ. සමහර මිනිස්සු AI වලට පුරුදු වෙන්න අමාරුයි. ඒ අයට උදව් කරන්න counselors ලා ඉන්නවා. මේ counselors ලා AI සහ මිනිස්සු අතර පාලමක් වගේ වැඩ කරනවා. අනාගත ලෝක - හොඳ හා නරක මේ AI ලෝකේ ගොඩක් හොඳ දේවල් තියෙනවා: 1. හැමෝටම කෑම, ඇඳුම්, නිවාස වගේ මූලික අවශ්‍යතා ලැබෙනවා. AI නිසා ඒවා නිෂ්පාදනය කරන්න ලේසියි. 2. අධ්‍යාපනය ලබාගන්න ලේසියි. AI teachers ලා නිසා හැමෝටම personal tutors ලා වගේ. 3. සෞඛ්‍ය සේවා දියුණුයි. AI doctors ලා ඉන්න නිසා ලෙඩ හැදෙන්න කලින්ම ඒවා identify කරගන්න පුළුවන්. 4. පරිසරය ආරක්ෂා වෙලා. AI optimization නිසා waste එක අඩුයි. ඒත් සමහර අය මේ ලෝකෙට කැමති නැති වෙන්න පුළුවන්: 1. ඇත්තටම වැඩ කරන්න ඕන නැති එක ගැන සමහරු කනගාටු වෙනවා. 2. AI එක්ක තරඟ කරන්න බැරි නිසා සමහරු demotivate වෙනවා. 3. Real world interactions අඩු වෙලා virtual world එකට සීමා වෙන එක ගැන සමහරු අකමැතියි. මේ තමයි එක විදිහක අනාගතයක්. ඒත් මතක තියාගන්න, අනාගතේ අපි හදන දෙයක්. AI කොච්චර දියුණු උනත්, ඒවා පාලනය කරන්නේ අපිමයි. අපේ සංස්කෘතිය, අපේ values, අපේ අරමුණු... මේවා තීරණය කරන්නේ අපිමයි. ඉතින් AI ගැන බය වෙන්න එපා. ඒ වෙනුවට AI එක්ක වැඩ කරන හැටි ඉගෙන ගන්න. අපේ creativity, අපේ empathy, අපේ critical thinking... මේවා AI වලට නැති දේවල්. ඒ නිසා මේවා දියුණු කරගන්න. එතකොට ඔයාට මේ අලුත් ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මතක තියාගන්න, අනාගතේ කොහොම උනත් ඒක exciting! ඒ නිසා ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙමු. මොකද ඒක අපේ අලුත් adventure එක! මේ උඩ තියෙන ලිපිය ලිව්වේ මම නෙවෙයි. මට විභාගේ නිසා මේවා ලියන්න වෙලාවක් නැහැ 😂 මේක තනිකරම ලිව්වේ AI එකක්. මම prompt කලා විතරයි AI එක්ක අනාගතය කොයිවගේ වෙයිද කියලා සිංහලෙන් ලියන්න කියලා. ඔව් සිංහලෙන් 💀

suprise 🙃 නිකන් google site එකක් ගැහුවේ. තාම හදලා නෑ හරියට. tele එකට backup එකක් විදිහට හැදුවේ