cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🐾 ලෝක සවාරිය ✈️🌏

අරුම පුදුම විශ්මිත දේ සොයා යන්න කම්මැලිකම නැති වෙන්න දැනුම බෙදාගන්න එන්න අපේ ලෝක සවාරියට 🐾🛶🌏

Show more
Advertising posts
1 414
Subscribers
-124 hours
-107 days
-2630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

වසර 1999 දී ආර්ජන්ටිනාව සහ චිලී රාජ්‍යයන් අතර මැද පිහිටා ඇති ඇටකාමා කාන්තාරය මධ්‍යයේ මුහුදු මට්ටමේසිට අඩි 6739ක උසකින් පිහිටි ලුල්ලයිලාකෝ කඳු මුදුනේදී විද්‍යාඥයන් පිරිසක් විසින් අමුතු ආකාරයක සොයාගැනීමක් සිදුකරනු ලබයි.ඒ හොඳින් ආරක්ශාවී ඇති ඉපැරණි ඉන්කා මලසිරුරු තුනකි. මෙම මලසිරුරු තුනම මමීකරණයට ලක්ව තිබූ අතර ඒවා ලාබාල ඉන්කා ගෝත්‍රිකයන් තිදෙනෙකුට අයත් ඒවා වීය. එම මලසිරුරු තුන දෙස බලන්නෙකුට ඔවුන් ඒ මොහොතෙත් නිද්‍රාවකට පත්ව ඇති ආකාරයක් පෙන්නුම් කරන ලදී.. මේ අතරින් වඩාත් කතාබහට ලක්වූ මමිය.. '' ලා ඩොන්සෙල්ලා ' නමින් පසුකාලීනව හඳුන්වවනු ලැබීය. ඇය ඉතා අඩුවයස් කාරියක් වීය.සිරුර ඉතාම හොඳින් සංරක්ෂණය වී තිබු අතර , කඳුමුදුනේ අධික සීතල මෙයට හේතුවන්නට ඇත. ඉන්කා ගෝත්‍රිකයන් විසින් යම්කිසි පූජාවක් සඳහා බිල්ලට දුන් මේ අවුරුදු 13 බව සැලකෙන බාලවයස්කාර තරුණිය වසර 500කට ඈත අතීතයේ ජීවත් වූ බව කාලනීර්ණය අනුව විශ්වාස කරනු ලබයි. උස් සීතල කඳුමුදුනක මිය යෑම පිණිස රඳවා තැබූ ඇයගේ ජීවිතය දෙවියන් උදෙසාම කැප කරම ලද්දක්‍ බව විශ්වාස කෙරේ.කාලානුකූලව ඇය දෙවියන් උදෙසා බිලි දීම පිණිස හැඩගැස්වූ ජීවන රටාවකින් යුතුව සිටි බවත් , ඇය මිය යෑම පිනිස කඳුමුදුනේ රඳවා එන්නට ඇති බවත් සැලකේ. ලා ඩොන්සෙල්ලා ඉන්කා ගෝත්‍රයට අයත් චාරිත්‍රානුකූල ඇඳුමකින් සහ තොප්පියකින් සැරසී සිටින අතර ඇගේ කොණ්ඩය ඉතා සිහින් ලෙස ගොතා සකස් කර ඇති බව අදටද දැකිය හැකිය. ඇගෙන් ලබාගත් ජෛව සාම්පල මඟින් ඈ අවසන් වරට ආහරයට ගෙන සිටි ද්‍රවය හා ඇගේ කෙස් අතර වූ සුදු පැහැ කෙස් මඟින් ඇය අධික මානසික පීඩනයකට ලක්ව ජීවත් වී ඇති බවද සොයාගෙන ඇත.ඇගේ පෙනහලු බැක්ටීරියා ආසාදනයකට ලක්ව ඇගේ මරණය සිදුවන්නට ඇතිබවත් අධික සීතලෙන් දිවිරැක ගැනීම අපොහොසත්ව ඇතිබවත් නිගමනය කර ඇත.. ඈ ගතවුන කාලය තුල බඩ ඉරිඟු සහ ප්‍රෝටීන් අඬංඟු දෑ (උදා- ඉන්කා වැසියන් අතර සුලභ මාංශ ආහාරයක් වන ලාමා සතුන්ගේ මස් ) ආහාරයට ගෙන ඇති අතර ඇය චිචා සහා කොකා කොල සැපීම මඟින් මත් ගතියට පත්ව සිටින්නට ඇතිබව සැලකේ..මේ තර්කය සනාථ කිරීම පිණිස ඇගේ මුඛයෙන් මියයන අවස්ථාවේදී සපන ලදැයි සැලකිය හැකි කොකා කොල විශාල ප්‍රමාණයක් හමුව ඇත මෙම ද්‍රව්‍ය හේතු කොටගෙන අධි සීතලකදී නිද්‍රා තත්වයට පත්ව මරණය සිදුවීම පිලිබඳ වේදනාවක් ඇයට නොදැනෙන්නට ඇති බව විශ්වාස කරනු ලබයි. අදටද මෙම මමීකෘත දේහය දෙස බලන්නෙකුට ඇය ඕනෑම මොහොතක අවදිවිය හැකි පරිදි නින්දට පත්ව ඇති බවක් හැඟෙනුඇත. අද වන විට ලා ඩොන්සෙල්ලා මමිය ආර්ජන්ටිනාවෙ සල්ටා හී පිහිටි අල්ටා මොන්ටානා කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
Show all...
Photo unavailableShow in Telegram
වෙනිසියුලාවට එහි අවසන් ග්ලැසියරයද අහිමිවී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 5000 ක උසින් පිහිටි සියෙරානෙවාඩාඩි මෙරීඩා කඳු පන්තියේ පිහිටි හම්බෝල්ට් නැමති ග්ලැසියරය තවත් දශකයක කාලයක්වත් සුරැකී පවතිනු ඇති බවටයි විද්‍යාඥයන් මීට පෙර අනාවැකි පළ කර තිබුණේ. එම ප්‍රදේශයේ මේ වනවිට අයිස් හෙක්ටයාර දෙකක පමණක් ඉතිරිව ඇති බැවින් එය අයිස් තට්ටුවක් බවට නැවතත් නාමකරණය කර තිබෙනවා. ඒ අනුව ග්ලැසියර 5කට හිමිකම් දැරූ දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටි නිවර්තන කලාපීය රටක් වන වෙනිසියුලාව නූතනයේ සියලුම ග්ලැසියර අහිමිවූ ලොව පළමු රට බවට පත්වනවා.එල්නිනෝ දේශගුණික සංසිද්ධීන් හේතුවෙන් මෙලෙස නිවර්තන ග්ලැසියර විනාශය වේගවත් වෙමින් පවතින බව සඳහන්. වසර 10 කට පෙර පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4ක් දක්වා එරට උෂ්ණත්වය වැඩිවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මේ වනවිට මෙක්සිකෝව සහ ස්ලෝවේනියාව ග්ලැසියර දියවෙමින් පවතින එම රටවලටද ඉදිරියේදී ග්ලැසියර අහිමිවනු ඇති.
Show all...
😢 7
Photo unavailableShow in Telegram
Kami Rita 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරමින් තමන්ගේම වාර්තාව බිඳ දමා තිබෙනවා.ඔහු නේපාලයේ ‘එවරස්ට් මිනිසා’ ලෙසින්ද හඳන්වනු ලබනවා.කෙසේ වෙතත් මොහු මේ වන විට යහපත් සොඛ්‍ය තත්ත්වයේ පසුවෙන බවයි වාර්තා වන්නේ.Kami Rita කඳු නැගීමේ දක්ෂයෙකු වන අතර මීට පෙර 28 වතාවකදීම ඔහු මෙම කන්ද තරණය කරමින් වාර්තා පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඔහු විසින් තමා තැබූ මෙම වාර්තාව පිළිබදව සිය Instagram ගිණුමෙහිද පළ කර තිබෙනවා.
Show all...
👍 1
Photo unavailableShow in Telegram
“ලෝක මව්වරුන්ගේ දිනය” අදයි “ලෝක මව්වරුන්ගේ දිනය” අදට (12) යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙන අතර මෙම දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යන්නක්. අමෙරිකාවේ ඇනා ජාවිස් නැමැත්තිය 1908 වසරේ මැයි මාසයේ දෙවැනි ඉරු දින සිය මව අනුස්මරණය කළ අතර පසුව ඇය එය රජයේ පිළිගත් නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු ආරම්භ කළා. එහි ප්‍රතිඵලය වූයේ 1912 වසරේ සිට සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය ලෝක මව්වරුන්ගේ දිනය බවට සංකේතවත් වීමයි. ලොව පුරා විවිධ රටවල් මව්වරුන්ගේ දිනය විවිධ දිනවලදී සැමරීමට කටයුතු කරන අතර උතුරු අර්ධ ගෝලයට අයත් රටවල් මව්වරුන්ගේ දිනය සැමරීමට අප්‍රේල් සහ මැයි මාස දෙක අතර දිනයක් යොදාගනු ලබනවා. දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගන්නා, ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කළ අම්මාගේ ගුණ සුවඳ දසත විසිරෙන්නේ කිසිදිනෙක කිසිවකට සම කළ නොහැකි ලෙසින් බව මතක් කළ යුතුය. “ගෙදර බුදුන් අම්මා” ලොව වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුවයි. #ලෝකසවාරිය
Show all...
9
HOTEL DEL SALTO - COLOMBIA . හොල්මන් අවතාර බොහොමයකට මූලාශ්‍රයක් බවට පත්ව ඇති කොළොම්බියාවේ බොගෝටාහි ඩෙල් සොල්ටෝ සුඛෝපභෝගී හෝටලය වර්ෂ 1923 දී ගෘහ නිර්මාණ ශිල්පී කාලෝස් ආර්ටියුරෝ ටේපියස් ගේ සැලසුමකට අනුව නිර්මාණය කර ඇත. ටෙක් වෙන්ඩමා දිය ඇල්ලට සමීපව පිහිටා ඇති හෝටලය, රමණීය වන නමුත් පැතිරී ගිය අද්භූත කතන්දර සහ නවාතැන් ගැනීමට පැමිණෙන බොහෝ සංචාරකයින් ඇල්ලෙන් පහලට පැන සියදිවි නසා ගැනීම නිසා 90 දශකයේ මුල් භාගයේදී හෝටලය වසා දමන ලදී. මෙම අවාසනාවන්ත තත්වයට හේතුව ලෙස දැක්වෙන පුරාවෘතයට අනුව , ස්පාඤ්ඤ යටත් විජිතවාදීන් විසින් ප්‍රදේශයේ ආදිවාසී ගෝත්‍රිකයන් වහල් සේවය සඳහා ‌රැගෙන ගිය අතර පලාගිය ජනතාව වහල් ජීවිතයක් වෙනුවට දිය ඇල්ලෙන් පහලට පැනීමට තීරණය කළහ. ඔවුන් විශ්වාස කළේ ඇල්ලෙන් පැනීමෙන් පසු රාජාලියකු බවට පරිවර්තනය වී ඔවුන් බලාපොරොත්තුවන නිදහස කරා පියාසර කිරීමට හැකි වන බවයි. මෙම මිත්‍යා කතාව දෙස් විදෙස් බිඳුණු සිත් ඇත්තන් ආකර්ශනය කළ අතර ඔවුන් තම ජීවිතයේ අවසන් ගමනාන්තය ලෙස ඩෙල් සොල්ටෝ හෝටලය සහ ටෙක් වෙන්ඩමා දිය ඇල්ල තෝරා ගත්හ. ඩෙල් සොල්ටෝ හෝටලය, ‌මේ වනවිට කෞතුකාගාරයක් බවට පරිවර්තනය කර ඇත. Laksiri Kuruppu #ලෝකසවාරිය
Show all...
👍 3
මීටර් 7000 ක් ඉහල හිමාලයේ ලොව වඩාත්ම උසින් පිහිටි බෞද්ධ විහාරස්ථානය🙏🌼☸ උපුටාගැනීකි
Show all...
🙏 10
ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය. මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය. එඩිසන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ "Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents" ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත. රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්‍රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න. ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය. ඔහු ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් නොකරන්නට ඔබ අද අන්තර්ජාලයට එන්නේද නැත. අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය. අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය. භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ) පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය). බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය. දුරස්ථ පාලකය.රැහැන් රහිත සන්නිවේදනය.නියෝන් ලයිට්.ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුරුන් කියාද? ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම තනි කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර "මුළු ලෝකයටම රැහැන්‍ රහිතව" නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය. මෙලෙස බැලූ කල නිකොලා ටෙස්ලා කෝටිපතියෙකු විය යුතුය. නැත. ඔහු සැමවිටම මිනිසුන්ට අඩු මිලට විදුලිය ලබාදීමට හා ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමට කටයුතු කල කෙනෙකි. තව වසර 50000කට ප්‍රමාණවත් තෙල් පොළොවේ ඇතැයි සිතූ එම කාලයේ එඩිසන් සිතුවේ අනාගතය තෙල් මත රැඳෙනු ඇතැයි කියාය. නමුත් අසාමාන්‍ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කේය. නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. විශේෂයෙන් කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්‍යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය. ඉතින් සියවසේ විද්‍යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය. 😌✌ #copied උපුටා ගැනීමකි
Show all...
🔥 3 2👍 1😁 1🤣 1🖕 1
ඉතිහාසයේ බිහි වු ශ්‍රෙෂ්ඨතම විද්‍යාඥයා - (නිකොලා ටෙස්ලා) _________ ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු බව පිළිගන්නවාද ? ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද? පළමු ප්‍රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි. . මම පෞද්ගලික හුඟක් ගරැ කරන කෙනෙක්, ඒ වගේ ඔබ සැම සියළු දෙනා ගරැ කළ යුතු කෙනෙක් ! ඔබ දැන් Online පවා ඉන්නේ ඔහුගේ නිර්මාණ නිසාමයි ! නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා. ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා. කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි. ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි. එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා. සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,ගිණිගැනීම් අධික වීම,ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා. ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා. එවිට එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා "Tesla, you don't understand our American humour" "ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරේන්නේ නෑ" එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි. දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්‍රත්‍යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි. මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්‍රමාණවත් වීම,සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්‍රමාණවත් වීම,නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම ආදී හේතු නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්‍රිය වන්නට පටන්ගන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්‍යාපාර වලට මරු පහරක් එල්ල කරමිනි. එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" එම සියළු සතුන් ප්‍රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය. අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්‍රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා. මේ සමග කුජීත වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්‍රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි). ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා... නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්‍ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය. නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය. Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය. ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය.
Show all...
👍 3 1🤡 1🤣 1