Experiments & Wisdom
Open in Telegram
විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group
Show more1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
1 175
පහරදෙන ශාක ගැන මුකුත් ඔයා මීට කලින් අහල තියෙයි ද ?
ඔක්සැලිස්( Oxalis) නැමැති මෙම ශාක විශේෂයට එබඳු විශේෂ හැකියාවක් තියෙයි . මේ ශාකයේ හැදෙන කරල් සමඟ යමක් බාහිරින් ස්පර්ශ වුවොත් වහාම ඒ ඇතුලේ පවතින ඇට පිටතට විදීමට පටන් ගන්නවා. මේක ශාක ලෝකයේ සුවිශේෂී අවස්ථාවක් බව පැහැදිලියි .
මොකක්ද මෙහෙම ඇට විසි කරන එකෙන් එයා බලාපොරොත්තු වෙන්නෙ ?
අපි දන්නවා සමහර ශාක වල ඇට සතුන්ගේ ශරීරයේ දැවටෙන, ඇලෙන සුළු ස්වභාවයක් ගන්නවා(තුත්තිරි උදාහරණයක් ) ඒක පරාගනයට උදව් වෙනවා. ඒ වගේ මේ විදින ඇට සතුන්ගේ ඇඟේ රැඳී හෝ සතෙක් විසින් වෙනත් තැනකට ගෙනිහින් දැම්මාම ඒ ඇට වලට වෙනත් තැනක පැළ වෙන්න හැකියාවකුත් ලැබෙනවා.
#amazing #biology #science #pollination #projectiles #Oxalis #plants #plant_species #ballistic #disperse
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
Repost from TOP SONGS OAT
🌝Sri Lankan Anime Community
🌚Only For anime Fans
👀If you are a Anime Seeker, you are at the Right place.
🕶Lets make this group and channel a Hub of Anime.
🛑Rules :
1.Try to interact in a friendly manner
1 175
විවිධ අවි කීපයකින් උණ්ඩ පිට වන ආකාරය slow motion වීඩියෝ කරගෙන තමයි මේ තියෙන්නෙ .
#Ballistics #shots #weapons #guns
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
💡Blepharisma බ්ලීපැරිස්මා.
Blepharisma යනු කරදිය සහ මිරිදිය ජලයේ දී අපට හමුවෙන ඒක-සෛලික ජීවියෙක්. සාමාන්‍යයෙන් මොවුන් රෝස පැහැයක් ලබාගන්නා නමුත් ඉතාමත් අඳුරු පරිසරයක හොඳින් පෝෂණ කොටස් ලබාගනිමින් වර්ධනය වන්නේ නම් රතු පැහැයකට හුරු වර්ණයකින් මොව්න් දිස් වෙයි.
මොවුන් සාමාන්‍යයෙන් ආහාරයට ගනු ලබන්නේ විව්ධ බැක්ටීරියා, ඇල්ගී ආදී කුඩා ජීවීන් වැනි දේ ය. සාමාන්‍ය Blepharismaවකුගේ දිග මයික්‍රොමීටර 50ක පමණ පරාසයක පවතියි.
#biology #science #amazing #Blepharisma #unicellular #organisms
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
තාරකා විද්‍යාව
ගැලීලියෝ, තාරකා විද්‍යාව සඳහා ඉමහත් දායකත්වයක් ඉටු කළේය. ඔහු නිර්මාණය කරගන්නා ලද තම දුරේක්ෂය භාවිතයෙන් ග්‍රහලෝක හා තාරකා නිරීක්ෂණය කළේය. ඔහු බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් සිව් දෙනා නිරීක්ෂණය කළ අතර, එම චන්ද්‍රයන් අදටත් Galilean moons (ගැලීලියානු චන්ද්‍රයන්) ලෙස හඳුන්වනු ලබයි. සිකුරු ග්‍රහයාගේ අඳුරු ආවාට, සහ සඳ මතුපිට ඇති කඳු වැනි සොයාගැනීම් ඔහු සිදු කළේය.
භෞතික විද්‍යාව(Physics)
චලිතය පිළිබඳ නීති හා Experimental Method(පර්‍යේෂණාත්මක ක්‍රම සහ විධි) පිළිබඳ ඔහුගේ වැඩ කටයුතු ප්‍රසිද්ධියක් ලබා ඇත. ගැලීලියෝ විවිධාකාර අත්හදා බැලීම් සිදු කළේය. ඔහු ගුරුත්වාකර්ෂණ බලය සහ චලිතයේ යෙදෙන වස්තු පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් බොහොමයක් පර්‍යේෂණ සිදුකර ඇත. පසුකලෙකදී මේ පර්‍යේෂණ සහ ඒවායේ නිරීක්ෂණ ,නිගමන සර් අයිසැක් නිව්ටන්ගේ සොයාගැනීම් සඳහා පවා පදනම් වී ඇත. උදාහරණයක් වශයෙන් අවස්ථිතිය යන සංකල්පය, Galilean Transformations(චලිතය සම්බන්ධ ගණිතමය සොයාගැනීමක්) ආදිය අපට දැක්වීමට හැක.
විද්‍යාත්මක ක්‍රමය(scientific method)
ගැලීලියෝ, විද්‍යාත්මක ක්‍රමය සංවර්ධනය කිරීමේ පුරෝගාමියෙකු විය. ඔහුගේ ගණිතය, භෞතික විද්‍යාව සම්බන්ධ තම පරීක්ෂණ, සහ අත්හදා බැලීම් විද්‍යාත්මක ක්‍රමයේ සංවර්ධනයට බලපාන ලදී. විද්‍යාත්මක ක්‍රමය, සියළු ආකාරයේ විද්‍යාවන්ගේ අභිවෘද්ධියට බලපෑවේය. වෛද්‍ය ප්‍රතිකාර සහ නව ඖෂධ වර්ග පරීක්ෂා කර බැලීම සහ ඒවා පිළිගත හැකි සාක්ෂි මත පදනම් විය යුතුය යනාදී අදහස් ප්‍රවර්ධනය කරමින් එම ක්ෂේත්‍රයන්හි දියුණුවට ද ඉන් මග පෑදීය.
ගණිතය(Mathematics)
ගැලීලියෝ ගණිතමය සංකල්ප නිර්මාණය කරමින්, පවතින සංකල්ප මුවහත් කළේය. එසේ ඔහු ස්වභාවික ක්‍රියාවලි විශ්ලේෂණය කිරීමට ද ගණිතය යොදාගත්තේ ය. ඔහු භෞතික විද්‍යාව සහ ගණිතය යන පථ දෙකෙහිම ප්‍රවර්ධනයට පාර කැපුවේය. (ඔයාල සමහර අය නම් දන්නව ඇති ව්‍යවහාරික ගණිතය/Applied maths කියන්නෙ තනිකරම physics 🥲)
ගැලීලියෝ ගැලීලිගේ සොයාගැනීම් කිහිපයක්,
වැඩිදියුණු කළ දුරේක්ෂය(Improved Telescope)
ඔහු ටෙලස්කෝප් එක ලෝකයේ පළමුවන වරට නිර්මාණය කළ පුද්ගලයා නොවන නමුත්, එහි පැවති සරල සැකැස්ම වැඩි දියුණු කළේය. වඩාත් හොඳින් අභ්‍යාවකාශය නිරීක්ෂණයට අවශ්‍යය පදනම ඔහු තම දුරේක්ෂයත් සමඟ අපට දායාද කළේය. මින් එකල තාරකා විද්‍යාවේ උන්නතියට විශාල දායකත්වයක් සැපයීය.
තර්මොස්කෝප්(Thermoscope) (නූතන උෂ්ණත්වමානයේ පියා)
එය එක් කෙළවරක බල්බයක් ද අනෙක් කෙළවර දියරයක ගිල්වා ඇති වීදුරු බටයකින් සමන්විත ය. පරිසරයේ උෂ්ණත්වය වෙනස් වන විට, බල්බය තුළ වාතය ප්‍රසාරණය වීම හෝ සංකෝචනය වීම හරහා, නළයේ පහළ කෙළවර ගිල්වා ඇති ද්‍රවය ඉහළට හෝ පහළට ගමන් කරන අන්දමේ යාන්ත්‍රණයක් එහි පැවතුණි. එයට නිශ්චිතව උෂ්ණත්වය මැනීම සඳහා පරිමාණයක් සකස් කර නොතිබුණද, එය නවීන උෂ්ණත්වමානයේ පූර්වගාමියා වූ අතර උෂ්ණත්වය මැනීමේ අනාගත වර්ධනයන් සඳහා මග පෑදීය. ලොව ප්‍රථම උෂ්ණත්වමානය ලෙසද මේ හඳුන්වනු ලබයි. පසු කලෙක සෙල්සියස් සහ කෙල්වින් වැනි විද්‍යාඥයන් උෂ්ණත්ව පරිමාණ සැකසූ අතර උෂ්ණත්වමානයේ සහ තාප ගති විද්‍යාවේ ද අනාගතය මෙම කුඩා නව නිපැයුම තුළ ගැබ් වී පැවතීම විශ්මයජනක ය !
ගැලීලියානු කවකටුව / යුධ කවකටුව (Galilean Compass/Military Compass)
සාමාන්‍ය එදිනෙදා ගණිතමය කටයුතු සඳහා යොදාගැනෙන අඳින කවකටුව සමඟ මෙය පටලවාගන්න එපා. ගණිතමය කටයුතු සඳහා මෙන්ම එදා යුද්ධ භූමි තුළ දී දේශසීමා මැනීම් සේනාංක ස්ථානගත කිරීම් ආදියට ප්‍රසිද්ධියක් මෙම මාලිමාව ඒකාලයේ ලබා ඇත. කටු ද්විත්වයේ ඇති පරිමාණ සහ එහි යාන්ත්‍රණය ගැලීලියෝ විසින් සකසා ඇත්තේ ජ්‍යාමිතික සහ අංක ගණිතමය කටයුතු සඳහා යොදාගැනීමටයි.
දෝලන බට්ටා සහිත ඔරලෝසු පිළිබඳ මූලධර්මය (Pendulum Clock Concept)
ඔහු නිශ්චිතවම අවලම්භ බට්ටෙක් සහිත ඔරලෝසුව නිර්මාණය කළේ නැති නමුත්, කාලය මැනීම සඳහා ඔරලෝසු තුළ දෝලන භාවිතා කිරීමේ සංකල්පය පළමුවරට ලෝකයාට හඳුන්වා දුන්නේය. මෙම සංකල්පය පසුකාලීනව දෝලන බට්ටා සහිත ඔරලෝසු වලට පදනම සැකසීය.
මේ ආදී සුවිසල් මෙහෙවරක් විද්‍යාවේ අභිවෘද්ධිය උදෙසා ඉටුකළ මෙතුමා නූතන විද්‍යාවේ පියා ලෙස හඳුන්වනු ලබයි.
තම දුරේක්ෂයේන් සූර්‍යයා නිරීක්ෂණය කිරීමට යාම නිසා ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ ඇස් පෙනීම ක්‍රමයෙන් අඩු වෙලා තිබෙනවා. එමෙන්ම ඔහු පෘථිවිකේන්ද්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එදා මධ්‍යකාලීන යුගයේ ශුද්ධ වූ අමන පල්ලිය විසින් ඔහුගේ පොතපත තහනම් කර, චෝදනා සඳහා වරදකරු බවට පත් කර අනතුරුව දඬුවම වශයෙන් නිවාස අඩස්සියේ සිරකර තැබීය. ගැලීලියෝ තම අවසන් හුස්ම හෙලන්නේ මෙලෙස නිවාස අඩස්සියේ සිටිය දී ය. ඒ 1642 ජනවාරි 8 වැනිදා ය. (නිව්ටන්ගේ උපතට වසරක් පෙර)
#Polymath #Scientist #Astronomer #Galileo_Galilei #Galileo #Biography
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
ගැලීලියෝ ගැලීලි.
ගැලීලියෝ ගැලීලි 1564 වසරේ පෙබරවාරි 15 වන දා, ඉතාලියේ පීසා නගරයේ දී උපත ලැබීය. ඔහු පීසා විශ්වවිද්‍යාලයේ මූලික වෛද්‍ය අධ්‍යාපනය ලබාගත් නමුත් පසුව ගණිතය සහ ස්වභාව දර්ශනවේදයට යොමු විය, එයින් නොනැවතුනු ඔහු විද්‍යාව සමඟ බැඳී තාරකා විද්‍යා හා අනෙකුත් විද්‍යාත්මක ක්ෂේත්‍ර කෙරෙහි ඔහුගේ අවධානය යොමු කරන්නට පටන් ගනියි.
ගැලීලියෝ ගැලලි තම දස්කම් පෑ විෂය ක්ෂේත්‍ර කීපයක් නම්,
(ගැලීලියෝ කියන්නෙත් Polymathවරයෙක්-- විෂය ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයෙක්)
1 175
ගෙදරදි කරල බලන්න . 😉👌
මේකෙ රහස තමයි වීදුරු බෝතලය රත් කරන එක.
#chemistry #science #amazing #heat
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
නිකමට හරි කල්පනා කරල තියෙයි ද කොකාකෝලා වලට ක්ලෝරින් දැම්මොත් මොකක් වේවි ද කියල ?
#coca_cola #chlorine #chemistry #science #dangerous #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
ටයරයක් පුපුරා යෑමකදී නිර්මාණය වන පීඩනයෙන් ගොඩනැඟෙන බලය කොතරම් බලවත් ද කියල බලාගන්න පුළුවන් ඔයාලට.(ඔය ඇත්ත මනුස්සයෙක් නෙවෙයි , ඩමියක්)
#pressure #force #tyre #explosion #danger #dangerous #physics #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
නිකලස් කොපර්නිකස්
නික්ලස් කොපර්නිකස් යනු පෝලන්තයේ උපන් විද්වතෙකි. ඔහු විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතාවයන් පෙන්වා ඇත. එකල පැවති සම්ප්‍රදායික චින්තන රටාවෙන් ඔබ්බට සිතූ ඔහු, විද්‍යාත්මක දැනුම පුළුල් කරමින් තාරකා විද්‍යාව, ගණිතය, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විවිධ විෂය ක්ෂේත්‍රයන්හි තම දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ විශිෂ්ට ගණයේ පුද්ගලයෙකි.
ආර්ථික විද්‍යාව (Economics)
නිකොලාස් කොපර්නිකස් ආර්ථික විද්‍යාවට ගෙන ආ විශේෂ දායකත්වය වනුයේ "quantity theory of money" (මුදලේ ප්‍රමාණය පිළිබඳ මූලධර්මය) යන සංකල්පයයි. ඔහු පෙන්වාදුන්නේ මුදල් ප්‍රමාණය සහ ගනුදෙනු ප්‍රමාණය අතර සම්බන්ධතාවයක් ඇති බවයි. (වෙළෙඳපොළ භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් , වෙළඳපොල තුළ ගැවසෙන මුදල් ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික බව.) මෙම සංකල්පය පසුව ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් බවට පත් විය.
වෛද්‍ය විද්‍යාව
නිකලස් කොපර්නිකස්ගේ වෛද්‍ය ක්ෂේත්‍රයට දායකත්වය වඩාත් සුළු එකක් වන අතර, ඔහු 1501 වසරේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීම ආරම්භ කර තිබෙනවා. පාඩුආ විශ්වවිද්‍යාලයේදී ඔහු වසර තුනක් වෛද්‍ය උපාධිය හදාරා ඇති අතර ඔහු ශල්‍යකර්ම පවා සිදුකර ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.
තාරකා විද්‍යාව
ඇත්තවශයෙන්ම කොපර්නිකස් ඉතිහාසගත වෙන්නෙ ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයෙක් වශයෙන්. ඔහු පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කළොත්, ඔහු ඩාවින්චි වගේ ම Polymathවරයෙක්. (විෂය ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ දැනුම ඇති පුද්ගලයෙක්)
නිකෝලස් කොපර්නිකස්, සූර්ය කේන්ද්‍ර වාදය(Heliocentric Model of the Universe) හඳුන්වා දී පාරම්පරික භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව උඩු යටිකුරු කරමින් විද්‍යාත්මක විප්ලවයක් සඳහා මූලික පදනමක් සකසන ලදී. මේ මොඩලය මගින් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තූන් පෘථිවි වටා නොව, සුර්යයා වටා ගමන් කරන බව පවසමින් පැරණි පෘථිවි කේන්ද්‍රවාදී අදහසට අභියෝගයක් එල්ල කළේය. ඔහු "De Revolutionibus Orbium Coelestium" නම් තම කෘතිය 1543 දී ප්‍රකාශයට පත් කරමින් මේ බව ලෝකයාට ඉදිරිපත් කළේය. ඔහුගේ මෙම කෘතිය මඟින් නූතන තරකා විද්‍යා විප්ලවය ආරම්භ කිරීම ගැලීලියෝ ගැලීලි සහ ජෝහානස් කෙප්ලර් වැනි පසු කළෙක බිහි වූ විශිෂ්ට විද්‍යාඥයන්ට විශාල බලපෑමක් සිදු කරන ලදී. එම නිසා "නූතන තාරකා විද්‍යාවේ පියා" ලෙස මෙතුමාව හඳුන්වනු ලබයි.
වැඩිදුර විස්තර 👉 මෙතනින් ගිහින් බලන්න .
#Polymath #Scientist #Astronomer #Nicholas_Copernicus #Copernicus #Biography
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
ද්‍රවමානය
ද්‍රවමානය අප භාවිත කරන්නෙ ද්‍රව වල ඝනත්වය සොයාගැනීමට. ද්‍රවමානය ප්‍රායෝගිකව යොදාගැනෙන අවස්ථා කීපයක් වශයෙන්,
බැටරි ඇසිඩ් වල තත්ත්ව පරීක්ෂාව, සේලයින් ද්‍රාවණ වල ගුණාත්මක බව පරීක්ෂාව, ඇල්කොහොල් අඩංගු බීම වර්ග වල සාන්ද්‍රණය පරීක්ෂාව, රබර් කිරි වල ගුණාත්මක බව පරීක්ෂාව
ආදිය ඉදිරිපත් කළ හැකියි.
#Aerometer #density #liquids #solutions #facts #science #chemistry #physics
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
තාප සංවහනය(heat convection) භාවිතයෙන් ක්‍රියාත්මක වෙන පොඩි විසිතුරු උපකරණයක්.
#heat #physics #facts #amazing #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
