Experiments & Wisdom
Open in Telegram
විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group
Show more1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
1 175
ඇමරිකාවෙ මේරිලෑන්ඩ් සරසවියේ ශිෂ්‍යයන් කීපදෙනෙක් හදපු Drone යානාවක් තමයි මේ තියෙන්නෙ .
මේකෙ විශේෂත්වය බැලු බැල්මට පේනවා ඇති ඔයාට.
ලියනාඩෝ ඩා වින්චිගෙ හෙලික්කොප්ටරය නැත්නම් වායු ස්කුරුප්පුව(Aerial Screw) අනුසාරයෙන් තමයි සුලං පෙති 4 නිර්මාණය වෙලා තියෙන්නෙ. ඇත්තෙන්ම මේ අදහස, පෙති පිළිබඳ අදහස ඩාවින්චි අරගත්තෙ ආකිමිඩිස්ගෙ ස්කුරුප්පු මූලධර්මය අනුසාරයෙන් . ඒ නිසා මේක Archimedean Propeller/ආකිමිඩියානු ප්‍රචාලකය ලෙසත් නම් කෙරෙන අවස්ථා තිබෙනවා.
#propeller #Aerial_Screw #screw #physics #sciencs #amazing #engineering #aerodynamics
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
අභ්‍යාවකාශයේ ගින්නක් ඇති කරමු ද?
2014 ජුලි 18 දින රේයිඩ් වයිස්මන් නැමති ගගනගාමියා ඇතුළු කණ්ඩායමක් විසින් අභ්‍යාවකාශයේ දී සිදුකළ පරීක්ෂණයක් ගැන තමයි අද කතා කරන්නෙ.
මෙම අභ්‍යාවකාශ පරීක්ෂණයෙ නම FLEX-2. මෙතනදි සිදුකළ දේ සරලව කීවොත්, ක්ෂුද්‍ර ගුරුත්වයේදී(පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී) අභ්‍යාවකාශයේ ඉන්ධන දියර බිඳිති ගිණි දැල්වීමක් තමයි සිදුකරල තිබෙන්නෙ.
ISS එකේදි Combustion Integrated Rack(CIR) නැමති ඇටවුමක් තුළ ඉන්ධන බිඳිති දැල්වීම සිදුකර තිබෙනවා. මෙම පරීක්ෂණයෙ අරමුණු කීපයක් තමයි ක්ෂුද්‍ර ගුරුත්වයේ ගින්දර හැසිරීම අධ්‍යයනය, අභ්‍යාවකාශ යානා-උපකරණ වල හට ගැනෙන ගින්දර නිවා දැමීම සහ පෘථිවිය මත පරිසර හිතකාමී ඉන්ධන නිර්මාණය කිරීම.
මෙහි සොයාගැනීම් අනුව ශූන්‍ය ගුරුත්වයේදී ගිනිදැල් ගෝලාකාර හැඩයක් හෝ වාත ප්‍රවාහය ගලන ආකාරයන් අනුව තරමක් දිගටි හැඩතලයක් ලබාගන්නවා.
#flames #experiment #amazing #space #ISS #physics #science #heat
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
මේ තියෙන්නෙ ජල පොකුණකට Fish oil(මත්ස්‍ය මේද,ප්‍රෝටීන් වලින් සකසන ලද තෙල් විශේෂ) ටිකක් වක්කරන දසුනක්.
තෙල් ස්ථරය ජල ස්ථරය මත පා වීම නිසා ආලෝකය ඒ මත පතිත වූ පසු මේ ඇති වන දර්ශනය හඳුන්වනවා Thin-film interference/ තුනී-පටලයකින් ඇති කෙරෙන ආලෝක බාධකය ලෙසට. සාමාන්‍ය පරිදි තවදුරටත් ආලෝකයට බෑ ජලය තුළට වර්තනය වෙලා ගමන් කරන්න. සැලකිය යුතු ප්‍රතිශතයක් පරාවර්තනය විය යුතුයි. එමෙන්ම තවත් ප්‍රතිශතයක් වර්තනයෙන් ජල මාධ්‍යය තුළට ගමන් කර අනතුරුව පොකුණ පත්ලේ වැදී ආපසු ඉහළට එම ආලෝක කිරණ පැමිණෙනවා. එතකොට වර්තනය වෙලා පත්ලෙ වැදිල උඩට කිරණයි, තෙල්-වාත අතුරුමුහුණතෙදි පරාවර්තනය වුනු සමහර කිරණයි එකිනෙකා ආලෝක තරංග නිර්මාණකාරී සහ විනාශකාරී නිරෝධන වලට ලක් වෙනවා.
ඒ වගේ ම තමයි හොඳට බලන්න, ඔබට පෙනේවි තෙල් තට්ටුව ඈතට ඈතට ප්‍රසාරණය වෙනකොට ඇසට ඇති කෝණය වැඩි වත්ම අපට පෙනෙන පැහැය ක්‍රමානුකූලව වෙනස් වෙනවා. ආලෝක වර්තනය හා පරාවර්තනය යන දෙකෙම සමගාමීව ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙසට තමයි මේ අවස්ථාවේදි අපට මෙලෙස වර්ණ ගොඩක් දැකබලා ගැනීමට හැකි වන්නේ. (දේදුන්නේ 🌈 පාට)
#optics #physics #science #amazing #interference
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
මේ තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙන් හමු වෙන අග්නි මාණික්‍ය (opal) විශේෂයක් .
මෙම ඛනිජය සමන්විත වෙන්නෙ SiO2-nH2O යන සංයෝගයෙන්. nH2O කෑල්ල පොඩ්ඩකට අමතක කරලා, බලන්න SiO2 දිහා. සිලිකන් ඩයොක්සයිඩ වලින් තමයි මේ ලස්සන පාෂාණය නිර්මාණය වෙලා තියෙන්නෙ . මේ පාෂාණ විශේෂය ආභරණ නිර්මාණය කිරීමේදී ද යොදාගැනෙනව.
#mineral #opal #amazing #earth #geography #geology #science
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
🔭
zoom out
🌟
අපේ මන්දාකිණිය වන ක්ෂීරපථය තරු 200 000 000 කින් පමණ සමන්විත වේ. එමෙන්ම අපට ඇති ළඟම මන්දාකිණිය වන්නේ ඇන්ඩ්‍රොමීඩා ය.
#astro #info #science #physics #amazing #galaxy
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘1 175
+3
හඳේ දූවිලි 🥴
🚀අවසන් වරට හඳ මත පා තැබූ මිනිසුන් දෙදෙනා කවුද ?
•ඇපලෝ 17 මෙහෙයුමට සහභාගී වූ ජැක් ෂ්මිට් හා ජීන් කර්නන් යන දෙපළයි.
ඉතින් මේ දෙන්නාට හඳේ ඇවිදල නැවත යානාවට එනකොට කකුල් හොඳට ගසන්න අමතක වෙනව.. වෙන විදිහට කීවොත් හඳේ දූවිලිත් අරගෙන තමයි යානාව ඇතුලට එන්නෙ . ඇත්තෙන්ම ඒ වෙනකොටත්(1972වන විටත්) ගගනගාමින්ට හඳේ වැලිත් එක්ක අමිහිරි මතක තිබුණු බව කියන්න කැමතියි . කෙසේවෙතත් මේ දෙන්න හරියට සැලකිලිමත් වෙලා නෑ ඒ පිළිබඳ.
මේ දූවිලි නිසා එයාලගෙ අජටාකාශ-ඇඳුමෙ හැම සන්ධියක්ම පාහේ අවහිර වෙලා තියෙයි .(සන්ධි- වැළමිට, දණහිස ආදී නැමුම් ඇති ස්ථාන) . මෙම දූවිලි යානාව ආපසු එන ගමනෙදි ගගනගාමින්ට කොයිතරම් කරදරයක් වුනාද කීවොත්, ලේයර් තුනක ඝනකමකින් යුතු එයාලගෙ කකුල් වල බූට් සපත්තු හරහා එයාලට මේ දූවිලි ඇතිල්ලෙන විදිහ දැනිලා තියෙනවා ලු.
ඔවුන්ගේ මෙම අත්වැරදීම නිසා යානාව නැවතත් පෘථිවියට ලඟාවන තාක් දැලි පිහියෙන් කිරි කෑවා හා සමාන අද්දැකීමක් ගගනගාමින්ට විඳදරා ගැනීමට සිදුවී ඇත !
#space #astro #astronomy #NASA #Apollo17 #space_mission #Moon #Dust
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
ගොඩක් අයට අනාගතයට වටින උපකරණයක්😂❤️
#chinese #mask #protective #babies
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
කොවාලාවකුගේ බර මනින්න හදාගත්ත උපක්‍රමයක් තමයි මේ තියෙන්නෙ . මෙයාලා සමතලා මතුපිටක තැබුවොත් ඉක්මනින් පැනල කොහේහරි දුවනව. තරාදියෙන් බර හරියට මැන ගන්නකල් දඟලන්නෙ නැතිව තියාගන්න තමයි සත්තු වත්තෙ කට්ටිය මේක හදාගෙන තියෙන්නෙ .
#Koalas #Weight #amazing #animal
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
1 175
මේ වගේ බයික් එකක් ගැන මොකද හිතන්නෙ 🤔
#Motor_cycle #bicycle #new_invention #innovations #inventions #amazing
♣️Experiments & Wisdom♣️
☘Now on whatsapp☘
