සිත් නෙත් අසපුව (buddhist stories)
Open in Telegram
මෙම නාලිකාවතුළ රැදී සිටින ඔබට 👉 දහම් ලිපි 👉ධර්ම සාකච්චා 👉බණ කතා 👉මාවරලේ භද්දිය හිමියන් ඇතුලු සියලු හිමිවරුන්ගේ ඔවදන් (එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන) කරුණු 👉සූත්‍ර 👉නිකායන් 👉දහම් කරුණු, ධර්ම දේශනා නොදන්නා සෑම දෙයක්ම ඇසීමට දැනගැනීමට රැදී සිටින්න.
Show more319
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මාපිය උපස්ථානයේ අනුසස්...
ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි මහානාමය, මාපියන් විසින් අනුකම්පා කරන ලද කුලපුත්‍රයාට දියුණුවක් ම වන්නේ ය. පිරිහීමක් නො වන්නේ ය”යි වදාළ සේක. මාපියන්ගේ අනුකම්පාව ලැබීම මාපිය උපස්ථානයේ එක් අනුසසෙකි. මාපිය උපස්ථානය කරන සත්පුරුෂයාට අන්‍ය සත්පුරුෂයෝ ද අනුකම්පා කරති. පසසති. ඇතැම් සොරු පවා මාපිය උපස්ථානය කරන්නාගේ වස්තුව පැහැර නො ගැනීමෙන් ඔහුට අනුකම්පා කෙරෙති. සමහර විට රෞද්‍ර වූ යක්ෂ රාක්ෂසයෝ පවා මා පිය උපස්ථානය කරන්නාට අනුකම්පා කරති. දෙවියෝ ද අනුකම්පා කරති. සුතන නම් වූ දුගී පුරුෂයා මාපිය උපස්ථානය කළ නිසා යක්ෂයාගෙන් අනුකම්පාව ද ලබා පොහොසතෙක් ද විය. සාම කුමාරයෝ මාපිය උපස්ථානය නිසා රාජ කරුණාව හා දේව කරුණාව ද ලැබූහ.
“යෙ මාතරං වා පිතරං වා - මච්චො ධම්මේන පොසති
ඉදෙව නං පසංසන්ති - පෙච්ච සග්ගෙ පමොදති”
යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේ ද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසිත. හේ මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද සතුටුවේ ය, යනු එහි තේරුමයි.
තම මව්පියන්ට උපස්ථාන කරන ඔබ කෘතගුණ සලකන්නෙක් බවට පත්වෙනවා. එසේම සර්වඥයන් වහන්සේගේ අනුශාසනයත් ඉටු කරන බව ශාස්තෘන් වහන්සේට නියම ආකාරයෙන් ම ගෞරව දක්වන්නෙක් බවට පත්වෙනවා. පිරිහීමේ දොරටු වසාලන දියුණුවේ දොරටු විවර කරන්නෙක් බවට ද පත්වෙනවා. උතුම් මංගල කාරණාවක් සපුරන ඔබගේ දෙලොව දියුණුව හා නිවන් මගද සකස් කරගැනීමට පරම වාසනාවද සැලසෙනවා.
නමස්කාර පාඨය හැදුනේ මෙහෙමයි
බුද්ධත්වයෙන් දෙවැනි දින මහ බෝමැඩදී අකුරු දහ අටකින් හා පද පහකින් යුක්ත වූ මෙම නම්ස්කාර පාඨය,
1. සතාගිරි,
2. රාහු අසුරේන්ද්‍ර
3. සිව්වරම් දෙවි
4. සක්දෙවිදු
5. සහම්පති මහබඹු
යන යක්ෂ, අසුර, දිව්‍ය, බ්‍රහ්මයන් විසින් කියූ එක් එක් පදය එකතු කොට තනා ගන්නා ලද්දකි.
නමෝ:-
බුදු පියාණන් වහන්සේ සියලු කෙලෙස්
සිඳ ලූ හෙයින් සාතාගිරි යකුන් "නමෝ" ගුණයට වදින ලද අයුරු
තීතෝ කරගෙන ආ දස බිම්බර අපෙ මුනිඳුට ගරු සින්දා
ඈතා නොගොසින් අසුනෙම වැඩ හිඳ සකල එ කෙළෙසුන් නැසු සින්දා
දෝතා මුදුනත තබමින් ගෞතම මුනිඳුගෙ ගුණ දුටු සන්දා
සාතාගිරි යක් නමෝ කියා අපෙ මුනිඳුට පළමුව වැන්දා
-----------------------------------------------------------------------
තස්‌ස:-
දීපංකර බුදු සමයේ පටන් තණ්‌හාව නසමින් පාරමී පූර්ණය කළ නිසා අසුරේන්ද්‍රයා "තස්‌ස" කියා වැන්දේය. රාහු අසුරිදු "තස්ස" ගුණයට වදින ලද අයුරු.
තන්හා බරිත සිතුවිලි හැම දුරලුව
සත්‍ය වචනයෙන් තුන්ලොව සැනසුව
තස්ස යන පදෙන් ඒ බුදු ගුණ කීව
අසුරිදු රාහු වැන්දා සිරිපද ගාව
-----------------------------------------------------------------------
භගවතෝ:-
සමාධි ප්‍රඥවෙන් පරතෙරට ගිය හෙයින් ක්‌ලේශයන් නසා බුද්ධත්වයට පැමිණි හෙයින් දෘඨරාෂ්ට, විරූඨ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ, සතර වරම් දෙවියෝ "භගවතෝ" කියා වැන්දේය. සතර වරම් දෙවිවරු "භගවතෝ" ගුණයට වදින අයුරු.
නුවණින් අග්‍රවු ගුණයට සිත රන්දා
දන් පිදුමට සුදුසු ගුණයට හිත බන්දා
දුරලු නිසා කෙලෙසුන් මර බල සින්දා
භගවතෝ ගුණෙන් සිව් දෙවි බුදු පා වැන්දා
-----------------------------------------------------------------------
අරහතෝ:-
සසර බියට පත් සත්වයාට අභය පුරයට ප්‍රවේශවීමට අනන්ත ගුණ ඇති අරහත් ධජය ප්‍රමුඛකොටගත් සර්වඥයන් වහන්සේට අරහතෝ කියා ශක්‍රයා වැන්දේය. සක්‍ර දෙවිදුන් "අරහතෝ" ගුණයට වදින ලද අයුරු.
භව චක්‍රෙයහි අරයන් සන්සිදින ලද
බුදු බව ලබා සිවු සස් දම් දෙසන ලද
සක් දෙවිදුන් බුදුන් ගුණ කද සිතන ලද
අරහතෝ කියා වැන්දා සම්බුදු පාද
-----------------------------------------------------------------------
සම්මා සම්බුද්ධස්‌ස:-
දුක්‌ඛ, සමුදාය, නිරෝධ, මාර්ග යන උතුම් ඇත්ත සතර තමන් විසින්ම අවබෝධ කරගෙන ලොවට දායාද කළ හෙයින් සහම්පති මහා බ්‍රහ්මයා සම්මා සම්බුද්ධස්‌ස යන දෙපදයෙන් වැන්දේය. මහා බ්‍රහ්මයා "සම්මා සම්බුද්ධස්ස" ගුණයට වදින ලද අයුරු.
නිමා කරන්නට සසරෙහි සියලු දොසා
සම්මා බුදුන් ගුණ මහබඹු දුටුව නිසා
සම්මා සම්බුද්ධස්ස ගුණ කද ඇතුව තොසා
නම්මා සිරස වැන්දා බඹු සතුට නිසා
-----------------------------------------------------------------------
මේ කොටස් පහ එකතු කරලා තමයි අපි බුදු රජාණන් වහන්සේට "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස" කියලා නමස්කාර කරන්නේ.
තෙරුවන් සරණයි.
සියඹලාණ්ඩුවේ සෝරත හිමි.
Repost from ☸ බෞද්ධයා - The Buddhist Channel ☸
😣🩸 කාන්තාවන්ට ඔසප් වන දිනයට බෝධියට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?
✳️ විවිධාකාර නූගත් ගෝත්‍රික බමුණ මිත්‍යා මත සමාජගත වී ඇති අවධියක අපි සැම මෙහි සැබෑ තත්වය බෞද්ධයන් ලෙස බුද්ධිමත්ව විවෘතව විමසා බලමු.
පෙර කල පටන් ම සැබෑ බෞද්ධයන් සැමවිටම සැම දෙයක් සමඟින්ම බුදු දහම අනුව කටයුතු කළ අතර දුකක් වේදනාවක් පැමිණි විට වඩාත් විශේෂයෙන්ම ආගම දහම ඇසුරු කරනු ලැබුවා.
✳️ වසර හතක් මාස හතක් දින හතක් පුරාවට දරු ගැබක් ඉසිලූ සීවලී මාතාවන් පවා එම වේදනාව නැති කර ගත්තේ බුදුගුණ ශ්‍රවණය කිරීමෙනි. දහම ඇසුරු කිරීමෙනි. ආගමික කටයුතුවල යෙදිමෙනි.
🌼 කාන්තාවන්ට බුදුන් වදින්න විතරක් නොවේ, සියළුම කුසල් කරන්න හොඳම දවසක් වන්නේ ඔසප් වන දවසයි.
✳️ සියළුම සසර දුක් නසන්න පිහිට සරණ වන තුණුරුවන්, සියළුම කායික දුක් නැති කර ගන්නත් අතිශයින්ම මහනීය ඖෂධයක්ම වේ.
ආවෙණිකදුක්ඛ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
🟡 පින්වත් මහණෙනි, පුරුෂයන් හැර කාන්තාවන්ට පමණක් විදින්නට සිදු වන දුක් පසක් තිබේ. ඒ දුක් පහ වන්නේ
“පින්වත් මහණෙනි,
⚪️ 1. මේ ලෝකයෙහි කාන්තාව ලාබාල වයසේදීම ස්වාමියාගේ නිවසට ගොස් නෑයන්ගෙන් වෙන් වෙයි.
⚪️ 2. කාන්තාව ඔසප් වේ.
⚪️ 3. කාන්තාව ගැබිණියක් වෙයි.
⚪️ 4. කාන්තාව දරුවන් වදයි.
⚪️ 5. කාන්තාව සැමියාට උපස්ථාන කරන්නියක් බවට පත් වෙයි. මේවා පිරිමින්ට විඳින්නට නැති කාන්තාවන්ට පමණක් විදින්නට වන දුක් කරදර පහයි.”
✳️ කාන්තාවන්ගේ ඔසප් දිනයට ඔවුන්ට, හිසේ කැක්කුම, ගර්භාෂයේ කැක්කුම, කෑම අරූචිය, මානසික නොසන්සුන් කම, කරකැවිල්ල, බඩ බුරුල් වීම, ඔක්කාරය, වැනි කායික සහ මානසික වේදනා රාශියක්ම විදින්නට සිදු වේ.
✳️ එවැනි වේදනාත්මක පීඩාකාරී දවස් වලට තුන් ලෝකයේ එකම ආරක්ෂාව, රැකවරණය, සැනසිල්ල වන බුද්ධ රත්නය ළඟට යන්නත් තහනම් කරනවානම් එසේ කියන අයට තියෙන්නේ තදබල මිථ්‍යා දෘෂ්ටියක් බව කිව යුතුය.
ඊටත් එහා ගියපු මහා අමනුෂ්‍ය ක්‍රියාවක් බවද කිව යුතුය.
මහාකාරුණික සම්බුදු සසුනක මෙසේ දුකට පත් අය තවත් දුකට පත් කරන්නේ නැත සැනසීමක් ලබා දෙනු විනා..
👉🏻 බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ මහ රහත් තෙරණින් වහන්සේලාගේ සිට සියලුම භික්ෂුණීන් වහන්සේලා, මාසික ඔසප් දිනයට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී ධර්මශ්‍රවණය කර තිබේ. එකළ එයට කිසිදු බාධාවක් තිබී නැත.
👉🏻 ඔසප් දින වල අතීත භික්ෂුණීන් වහන්සේලාට සීමාවට වැඩම කර පොහොය කර්ම කිරීමටද කිසිදු බාධාවක් තිබී නැත. විවිධ විනය කර්ම කිරීමටද, බුදු රජණන් වහන්සේ සහ උභතෝ සංඝරත්නයේ දානාදියට සහභාගි වන්නට කිසිදු තහංචියක් තිබී නැත.
👉🏻 හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ වඩම්මවන විට ඇයද කාන්තාවන්ට ආවේණික මෙම සිදුවීමට මුහුණ පාන්නට ඇත
ඒ අතීත උත්තමාවියන් මෙවැනි වේදනාකාරී දවසක වඩ වඩාත් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ පිහිටම තමන්ගේ ජීවිතයට ලබා ගන්නට කටයුතු කළාය.
✳️ ඔසප් වෙනවා කියා අමුතු අපූරු සිදුවීමක් නැත..
මන්ද කාන්තා වේවා පුරුෂ වේවා දෙපාර්ශ්වයේම ශරීරවල ඇත්තේ එකම අසූචි 32කි. 😊 කාන්තා පිරිමි දෙපක්ෂයම ඇවිදින අසුචි ගොඩවල් වැනිය. ඔවුන් අතරින් කාන්තාවන් ඔසප් වන දිනයේ ඔවුන්ව ආගමික කටයුතු වලින් ඉවත් කිරීම, කොන් කිරීම, වධ දීම, පීඩාවට පත් කිරීම, දොස් කීම වැරදිය. ඔවුන්ට බුදු මැදුරට යාම තහනම් කිරීම ධර්ම විනයට පට හැනි මිථ්‍යා දෘෂ්ඨියකි.
එම දවසට කාන්තාවන්ට තුණුරුවන්ගේ සෙවන තුළින් වඩ වඩාත් සහනය ලබන්නට ඉඩකඩ සැලසිය යුතුය.
✳️ කාන්තාවන්ගෙන් උයන පිහන වැඩ, ගෙදර දොර වැඩ එවැනි වේදනාත්මක දවසක ගැනීම නම් සුදුසු නැත. පිරිමින් අපහසුවට පත්ව සිටින තමන්ගේ බිරිඳ සහ දියණිය එම වැඩ කටයුතු වලින් එදිනට නිදහස් කර ඒවා කර දිය යුතුය.
✳️ එම දිනයෙහි දී බුදු මැදුරට ගොස් මල් පහන් පූජා කර උතුම් පින් රැස්කර ගන්නා කාන්තාවන්ට ලැබෙන කුසලය අහෝසි වන්නේ කුමන කරුණු නිසාද? කියා කර්ම සකස්වන විදිහ අනුව විමසා බැලිය යුතුය. එවිට පෙනෙන්නේ සමහර විට වෙනදාට වඩා ඇයට එදිනට පින් කර ගත හැකි බවයි. ඇයට කායික මානසික අපහසුතාවය නිසා වඩ වඩා තුණුරුවන්ගේ ගුණ සිහි කරමින් එදිනට පිහිට ලබාගත හැකි ය.
😇 සසරේ භයානක බව වටහාගෙන ත්‍රිලක්ෂණය ඔස්සේ සංස්කාරයන්ගේ හැටි තේරුම් ගන්නටද පුළුවන. විදර්ශනාව හොඳින් වැඩිය හැකි දිනයක් බවට ද පත් විය හැක.
✳️ කාන්තාවන්ගේ ඔසප් දිනයක වුවත්, කිසිදු බියක් සැකක් නොමැතිව තම තමන්ගේ නිවෙස් වල බුදු මැදුරු වල හෝ වෙහෙර විහාරස්ථාන වලට ගොස් හිතේ හැටියට පින්කම් කරගත හැකිය. එදිනට වුවත් ඇතිවන ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාණ සම්පයුත්ත කුසල් සිත් වලට, එවැනි ම විපාක ලැබෙනවා හැර අකුසල විපාකයක් ලැබෙන ක්‍රමයක් නැත.
එම නිසා බිය නොවී ඔබට පීඩාකාරීම මොහොතේ තුණුරුවන් පිහිට කර ගන්න. 🙏🏻😇🌼
උපුටා කල සංස්කරණයකි.
Repost from ධර්ම දාන ☸️
☘පුළුවන් නම් මේ පුංච් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වියලි ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතාවයන් සොයා බලා පුජා කරන්න බලන්න. අප්‍රමාණ පිං අත්වෙනවා
මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ බොහෝ අඩුපාඩු රාසියක් සමග වැඩ සිටින කුඩා ස්වාමීන් වහන්සේලා 26 නමක්
වැඩ් ව්ස්තර සදහා
☎️ හෝ whtaspp 👉0778701507
අශෝක රව්න්ද්‍ර
☎️ හෝ whtaspp 👉0703975888
නායක ස්වාමීන් වහන්සේ
(උපුටාගැනීමකි)
"වෛරයෙන් බිහි වූ පිටිදූවේ සිරිධම්ම හිමිගේ මිථ්‍යා දර්ශනය"
BMICH පොත් ප්‍රදර්ශනයේ ආශිර්වාද සහ ගොඩගේ පොත් ප්‍රදර්ශන හල් වලින් ලබා ගන්න.
(සැප්තැම්බර් මස 28 දින සිට ඔක්තෝබර් මස 01 දින දක්වා පමණී)
ගරුතර මහා සංඝරත්නයේ ආරාධනාවෙන්, අතිපූජණීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලදී.
සැබෑ ධර්ම කාරණාව මතු කරමින් මිථ්‍යා මතවාද සියල්ලම පෙන්වා දී ඇත. දැනගත යුතුම ධර්ම කාරණා රාශියක් ඇතුළත්, ධර්ම භාණඩාගාරයක් බදු, ඔබ සැම අනිවාර්‍ය්‍යයෙන්ම කියවිය යුතු යුගයේ අත්‍යාවශ්‍යම අවශ්‍යතාවයක් වූ, ඉතාමත්ම වටිනා පොතකි.
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුර.
0452229458
0763523330
(දැන ගැනීම සඳහා හැකිතාක් සෙයාර් කරන්න.)
Repost from Dhamma Calendar ධර්ම දේශනා දින සටහන්
හෙට දවසේදී...
ශ්‍රී ලංකාද්වීපයේ ත්‍රිවිධශාසනභාරධාරී ව වැඩවුසූ බෝධිසත්ත්වගුණෝපේත තිපිටකධරාචරිය මහාකම්මට්ඨානාචරිය තෙපිටකවාචිස්සරාචරිය අතිගරු පූජනීය නාඋයනේ අරියධම්මාභිධාන ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අධිපති සහ ප්‍රධාන අනුශාසක, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් වර්ෂ 07ක් සම්පූර්ණ වන-
2023 සැප්තැම්බර් 07 දින බ්‍රහස්පතින්දා
කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රමයේ දී
අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේට පින් පිණිස-
උදෑසන 9.00- සවස 3.00 දක්වා රුධිරදාන පුණ්‍යකර්මය
උදෑසන 10.30ට දහවල සංඝගත දක්ෂිණාව
සවස 6.00 - පහන් දහසක ආලෝකපූජාව සහිත සම්බුද්ධපූජාව
ථේරාපදාන ග්‍රන්ථයක් සිවුවණක් පිරිස වෙත පූජා කිරීම
රෝදපුටු කිහිලිකරු ආදි උපකරණ ප්‍රදානය කිරීම
ආදි පින්කම් රැසක්
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ධුරන්ධර අග්ගමහාපණ්ඩිත සාසනවංසාභිධජසද්ධම්මජෝතික අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයෙහි ගෞරවනීය සහභාගිත්වයෙන් පැවැත්වේ.
පින් කැමැති සියල්ලෝ පැමිණෙත්වා!
මහරහත් තෙරණින් වහන්සේලා - 4
(හතරවන ලිපිය )
භද්දා කපිලානි මහ රහත් තෙරණින් වහන්සේ
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කල පිප්ඵලී නම් බ්‍රාහ්මණ තරුණයෙක්ව සිටියා. එකල එතුමාගේ බිරිඳ වූයේ භද්දා කපිලානියයි. කල්ප ගණනක් අඹුසැමියන් ලෙස විවිධ භවවලදී හමුවූ මේ දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. මවුපියන් ගේ බලවත් ඉල්ලීම මත විවාහ දිවියට එළඹුනත් ඔවුන් දෙදෙනා කිසි දිනෙක රාග සිතකින් දෙදෙනා දිහා බැලුවේ නැහැ. අවසානයේදී ඔවුන්ගේ මවුපියන්ගේ මරණයෙන් පසුව දෙදෙනාම ගිහි ගෙය අත් හරින්නට තීරණය කළා. පිප්ඵලී තරුණයා බුදුරජාණන්වහන්සේ හමුවී මහණ උපසම්පදාව ලබා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෙස ප්‍රසිද්ධියට පත් වද්දී භද්දා කාපිලානිය මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ මුණ ගැසී පැවිදිව, වීර්යය වඩා රහත් භාවයට පත් වුණා. පෙර විසූ ජාති සිහි කිරීමට විශේෂ සමත්කමක් දැක්වූ භද්දා කපිලානි මහා රහතන් වහන්සේව පෙර ජාති සිහි කරන භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ බුදුරජාණන් වහන්සේ විසින් පිහිටවනු ලැබුවා.
තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා 🙏
