👺හොල්මන්☠️කතා🔆©
Open in Telegram
ශ්‍රී ලංකාවේ අත්භූත බලවේග පිළිබඳව දැනුම සහ අත්දැකීම් සහෘදයන් සමඟ බෙදාගැනීම සඳහා නිර්මාණය වුණු පළමු සිංහල මාධ්‍යය channel ය,🕹Join us for👹 🖖අනවසර උපුටා ගැනීම සපුරා තහනම්៚ WhatsAp Channel https://whatsapp.com/channel/0029Va8uk7PGehEPD5kBku1Z
Show more2 974
Subscribers
No data24 hours
+87 days
+1430 days
Posts Archive
2 974
ඉතින් කොහොමද හිතවත් යාලුවනේ. මම මේ කාලෙකට පස්සේ කියන්න යන කතාව මීට වසර 35 කට පමන පෙර මම දැකපු සහ විස්තර ඇතිව අහපු සත්‍ය සිද්ධියක්.
අදෘශ්‍යමානය….බලවේගයත්….සත්‍ය ජීවිතයත්….පන ඇති සහ පන නැතැයි සිතන අයත් මේ සිද්ධියට අදාලයි. කොටින්ම මේ සිදුවීම සිදුවුනේ මගේ ලගම සහෝදරියකට.
ඇය දකුණු පලාතේ, මගේ කියන සහෝදරිය ඉතාමත් සුන්දර ඒ වගේම උගත් කම අතිනුත් ඉතාමත්ම ඉහලම තැනක තමයි සිටියේ. අපොස උ/පෙල විභාගයෙන් ලංකාවෙම පලමු 20 දෙනා අතර සිටිය අපේ භාශාවෙන් කියනවානං සුපිරි මීටරයක්. මේ කියන කතාව ගොඩාක් අයට ආදර්ශයකුත් වෙන්න පුලුවන්. මොකද ඇය ගති ගුණ අතිනුත් ඉතාමත්ම ඉහලින් සිටි කෙනෙක් වුනත් ඇගේ තිබුන එකම දුර්වලකම වුන ඇගේ මුරණ්ඩුකම නිසා ඇයට අත්වුන ඉරණමක් සම්බන්ධයෙන් තමයි මම මේ කතාව කියන්නේ.
ඇයගේ නිවස පිහිටා තිබුන ස්ථානය, ඉතාමත් හුදකලා..තවද කියනවානං ඉතා ජන ශූණ්‍ය ප්‍රදේශයක්. කිවුවට විශ්වාස කරන්න මගේ සහෝදර සහෝදරිය අදටත් ඒ පලාත ඒ වගේමයි. දකුණු පලාත කිවුවම ඉතින් දන්නවනේ…මම ගම කියන්නං, මාතර තමයි. ඉතින් ඇගේ එක පුරැද්දක් තියෙනවා ඇගේ නිවස ඉදිරිපිට බැද තිබෙන ඔන්ච්ල්ලාව මතට වෙලා නව කතා පොත් කියවන එක. හැමදාම හවස 4 ඉදලා ඇදිරි වැටෙනකල් එයා ඔය වැඩේ කරනවා. ඊට පස්සේ තමයි ගෙට ඇව්ත් කාලා රෑට පාඩම් කලේ. මම මෙයාට කතා කලේ අක්කේ කියලා, ඉතින් මම මෙතැන් සිට මම අක්කා යැයි කියන්නම්. ඉතින් මේ දවසෙත් අක්කා එයාගේ ඔන්චිල්ලාව මතට වෙලා ඇදිරි වැටෙනකල් පොත කියවද්දී එයාගේ අම්මා එයාට කීප විටක්ම ගේ ඇතුලට කතා කරලා තියෙනවා. හැමදාම වගේ නැන්දා එයිට කියනවා ඇදිරි වැටුනම එතන ඉන්න එපා කියලා. මොකද ගමේ ඒ කෙලේ එක එක කතා තිබිලා තියෙනවා. මෙයා ඒ කියන කිසි දෙයක් කණකට ගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මෙහෙම ඉන්නකොට එයාට පොඩියකට ඇහැ වැහිලා තියෙනවා. එයාට ආයේ විනාඩි කීපයකට පස්සේ ඇහැරිලා බලනකොට කඩුල්ල ලග එක මනුස්සයෙක් ඉදන් මෙයා දිහා බලාගෙන ඉන්නවලු. චායාව දැකලා තියෙන්නේ අදුර නිසා. මෙයා ඇස් ටිකක් පොඩිකරලා හොදට බලනකොට සරමක් ඇදගත්ත, ශර්ට් එකක් ඇද ගත්ත නමුත් ගැහැණු රෑපයක් තමයි එතන ඉදලා තියෙන්නේ (අක්කා කියපු විදිහට, ඇත්තටම මටනං නිකං විකාරයක් වගේ, සරමක් ඇදගත්ත ශර්ට් එකක් ඇදගත්ත ගෑණියෙක්…?) එයා අක්කට කතා කරලා තියෙනවා අතින්. අක්කා කියන විදිහට එයාට මතක ලගට ගියා විතරලු. නැන්දට ආයේ එයාව දකින් ලැබිලා තියෙන්නේ එතන තියෙනවා මීටර 200-300 විතර එහාට වෙන්න 4 දෙනෙක් වලදාපු සොහොනක්. අන්න ඒ සොහොනක් උඩ පතබාලා ඉදලා තියෙන්නේ. එයාට මතක නෑලු මොකද වුනේ කියලා. එදා ඉදලා හැමදාකම හවස හය වෙනකොට එයා නිකන් possessed වෙනවා වගේ හැඩි දැඩි පිරිම 4-5 කටවත් මෙල්ල කරගන්න බැරි තරමට ශක්තියක් එයාට එන්නේ. දවසක් එයා මගේ තාත්තාවත් විසි කලේ නිකන් බොනික්කෙක් විසි කරනවා වගේ මගේ ඇස්දෙක ඉස්සරහම. පස්සේ තොවිල් කරලා කරලා ඒ තත්වේ ටිකක් අඩුවුනා. නමුත් හැමදාමත් එයා හරියට මළ පෙරේතියක් වගේ. කසාද බැන්දේ නෑ. රස්සාවක් කරන්නේ නෑ. කැම්පස් ගියේ නෑ. ජීවිතේම අවුල් ජාලාවක් වුනා, අන්තිමට මම මේ කතාව ඔයාලට කියන්න දවස් 4 කට කලින් එයා නැති වුනා. මට පුදුම දුකක් දැනෙන්නේ. මම ලංකාවෙන් පිට ජීවත් වන නිසා මට අක්කගේ මළ ගෙදරට යන්න විදිහක් නෑ. එයා නැති වුන නිසා තමයි මට ඔයාලට මේ කතාව අරගෙන එන්න හිතුනේ. පුදුම ලස්සන අනාගතයක් තිබුන අක්කා, නිකන්ම නිකන් යන්න ගියා…..😪😪😪 (මේ කතාව තව තවත් දික් කිරීමට අදහසක් නොතිබුන නිසා කතාව ඉවර කලා. නමුත් ඉතාමත් බයානක සිදුවීම් මාලාවක් සිදුවීමෙන් පසුව තමයි අන්තිමය තොවිල් පවිල් කරන්න පටන් ගත්තේ. එයාගේ බුද්ධි මට්ටම සම්පූර්ණයෙන්ම වගේ නැති වුනා, පොතක් කියනන්න තියා අතින්වත් ඇල්ලුවේ නෑ. මගේ නැන්දගේ නිශ්වාසය තිබුනේ කවුරැහරි කොඩිවිනයක් කරලා කියලා. ඒවායේ ඇත්ත නැත්ත ඔයාලා තීරණය කරන්න. මමනං විශ්වාස කරන්නේ නෑ ඔය කොඩිවින. මම වැරදිත් ඇති, මට කියන්න.)
@holman_katha
2 974
මොනවා මං මේ දකින්නේ හීනයක්ද.
මගේ හදවත බයෙන් ගැහෙන හඬ මටම ඇසෙයි. අතපයත් වෙවුලන්න පටන් ගත්තා. කෑ ගහන්න කට ඇරියත් කටින් පිටවන හඬක් නොමැත. කරන්නට කිසිවක් නැත. මං අතදෙකින් ඇස් දෙක වසා ගත්තා.
තත්පර කිහිපයකින් වසා ගත් ඇඟිලි අතරින් යාන්තමින් ඈ සිටි දෙස බලන්නට වූ අතර තවමත් ඇය එලෙසම මා දෙස විරූපී මුහුණින් බලා සිටි.ඇයගේ කට දෙපසින් ලේ කඩා හැලෙන බව පෙනේ.
මොහොතක්වත් ඒ මුහුණ දෙස බලන්නට බැරිය. එය එතරම් බියකරු බවක් ගෙනදුණි.
එක්වරම ඇය මා සිටි දෙසට පිරවර තබන්න විය.
මොනවා මං දැන් මොකද කරන්නේ..
කවදාවත් මෙවන් අත්දෑකීමකට මුහුණ දී නොතිබුණු මා බයෙන් සලිත වෙලා.
කෑ ගහන්න උත්සහ ගන්නා වාරයක් පාසා මගෙ කටින් කිසිදු හඬක් පිට නොවුනි.බයෙන් ගැහෙන මාගේ දෑස් එකවරම අන්ධකාරයෙන් වසා ගනු ලැබිය.
" මහත්තයෝ.. මහත්තයෝ...නැඟිටින්න."
ඇඟට වැදුණු තට්ටුවත් කවුරු හරි කතා කරපු හඬත් සමඟ මං එක්වරම පියවි සිහියට ආවා වගේ මට දැනුනා.
ඒ වන විට වැස්ස පහව ගොස් තිබුණි.
ඒ ස්ටේෂන් මාස්ටර්ගේ කටහඬ. ඔහු මා අසල.
" නැඟිටින්න මහත්තයෝ.. දැන් ඔන්න කෝච්චිය ළඟ එනවා කිව්වා. මාත් මේ දැන් තමා ආවේ. සීතලට නිකම්ම නින්ද යනවා නොවැ. "
තද නින්දකින් අවදි වුණා වගේ දැනුනු මං ඇස් දෙක පිහදමින් සිහියට ආ සැණින් මට මතක් වුණේ තරුණියවයි.
" කෝ..කෝ.. අර ගෑණු ළමයා "
" මොන ගෑණු ළමෙක්ද මහත්තයෝ.." ස්ටේෂන් මාස්ටර් මගෙන් ඇහුවා.
" ඇයි දැන් අර බංකුව ළඟ හිටියේ.. මුහුණ තුවාල වෙලා හිටිය ගෑණු ළමයා "
මට පිටුපා කාර්යාලය දෙසට යමින් සිටි ස්ටේෂන් මාස්ටර් එකවරම නැවතුනා. ඇස් දෙකත් ලොකු කරමින් යලිත් මං ළඟට ආවා.
" මොනවා දෙයියනේ මහත්තයා ඒ ළමයව දැක්කද "
ඔව්... මං දැක්කා.අර බංකුවේ හිටියා."
" අනේ මහත්තයෝ බය වෙන්න එපා මෙහෙම කිව්වට. ඒ මේ සති දෙකකට කලියෙන් ස්ටේෂන් එකට පොඩ්ඩක් එහෑයින් කෝච්චියට හැප්පිලා මැරුණු ගෑණු දරුවෙක් "
"මොනවා ... "
මට ආයිත් හීන් දාඩිය දැම්මා.
"ඔව් මහත්තයෝ ඔන්න ඔය කොළඹ ජොබ් එකකට යන්න තමයි ඒ ළමයා ඇවිත් තිබ්බේ.එනකොට තමා රෑ බදුල්ලෙ යන කෝච්චියට අහුවුණේ.
හැප්පිලා විසික් වෙලා තිබිලා මිනිය හොයා ගද්දී ඒ ළමයගේ මූණ ගන්න දෙයක් නෑ.."
" දෙයියනේ... ඇත්තමද මේ .."
ඔව් මහත්තයෝ.. මීට කලිනුත් ඔය මහත්තය වගේම දෙතුන් දෙනෙක්ම තනියම ඉද්දි දැකලා තියෙනවා රෑ දොගොඩ හරියේ ස්ටේෂන් එකේ ඉන්නවා.මහත්තයා බය වෙන්න එපා.බුදු සරණයි කරදරයක් වෙන්නෑ මහත්තයට."
"අනේ දෙයියනේ.." මගෙ කටින් පිටවුණේ එපමණයි.
ඒත් සමඟම ඈතීන් කෝච්චියේ නලා ශබ්දය ඇහෙන්න විය.
" එහෙනම් මං යන්නම් මාස්ටර් "
බයංකාර මතකයකුත් අරගෙන මං කොළඹ බලා යන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩවිය.
@holman_katha
2 974
" මහත්තයෝ අදනම් කෝච්චිය පැයක් විතර පරක්කු වෙයි එන්න."
ස්ටේෂන් එකේ ලී බංකුවකට බර දී හිටපු මා එකවරම තිගැස්සුනේ ඒ කතා කරපු සද්දෙත් එක්කයි.
ආ.. මේ ස්ටේෂන් මාස්ටර්නේ..
" ඔව් මහත්තයෝ උඩහින් කෝල් එක ආවා කෝච්චිය පැයක් විතර පරක්කුයි කියලා.ඉතිං මාත් පොඩ්ඩක් ඇහැ පියාගන්න යනවා කෝච්චිය ලංවෙනකම් "
හේතු කාරණා අහන්න වුවමනාවක් තිබුණත් නිදිමත ඇස් දෙකත් එක්ක සුහඳ සිනහවකින් සමුදීලා පඩිත් නැඟගෙන උඩහට ගිය මාස්ටර්ට කරදර කරන්න හිත දුන්නෑ.
වෙලාව රෑ 11.35 යි.
ෆෝන් එකෙන් වෙලාව බැලුවේ බදුල්ලෙන් නියමිත වෙලාවට දුම්රිය පිටත් වුවානම් තව විනාඩි 25 කින් මා සිටින දුම්රිය ස්ථානයට ළඟා විය යුතුය.
නමුත් කුමක් හෝ හේතුවකින් දුම්රිය පැයක ප්‍රමාදයකින් මෙහි ළඟා වීමට නියමිතයි.
ඔෆිස් එකේ රාජකාරි වැඩ වගයකට දවස් දෙකක් නොදන්න පලාතක ගතකරලා හෙට දින කොළඹ ඔෆිස් එකේ පෙනී ඉන්න අවශ්‍ය නිසාම රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ බලා යන්න හිතුවේ ගමන පහසුවෙයි කියලා හිතලමය.
අද සතියේ දවසක් නිසාවෙන්ද මන්දා මුලු දුම්රිය වේදිකාවටම ඉන්නෙ මාත් , ලෝකේ පෙරලුණත් ඇහැරෙන් නැති විදිහට වේදිකාවේ කොණක සීතලේ ගුලි ගැහිලා නිදන් ඉන්න බල්ලන් දෙන්නෙකුත් පමණයි.
මං එනවිටත් ඇද හැලෙමින් තිබුණු පොද වැස්ස අඩුවක් නැත.වැස්ස නිසා සීතල තවත් වැඩි වුණා වගෙයි මට දැනුනේ. කොහොමත් සීතල පැත්තක මේ වගේ වැහිපොදක් එක්ක සීතල දෙගුණවෙලා නුපුරුදු අපිට දැනෙනවනේ.සීතලට ඇදගෙන හිටපු ජර්සියෙන් ඔලුවත් වසාගත් මං බංකුවේ ඇන්දකටම බර දීලා ඇස් දෙකත් පියන් පොඩ්ඩක් ඇලවුණා.
තරමක නින්දකට වැටී සිටි මං එකවරම ඇහැරුණේ හීන් හඬක් නංවමින් මා ළඟින් හමා ගිය අමුතු හුළං රැල්ල නිසාවෙනි.
එක්වරම නින්දෙන් ඇහැරුණු මා වටපිට බලන්න වුණා. වේදිකාවේ කොණක නිදා සිටි බල්ලන් දෙදෙනාද එහි නැත. මා හැර එහි පැමිණි වෙනත් මඟියෙකුද තවම නැත.
එකවරම මා හිඳි බංකුවේ සිට වම් පස බැලූ මා දුටුවේ රේල් පාර දිගේ වේදිකාව දෙසට පැමිණෙන අයෙකුගේ ඡායාවකි. ඇඳ හැලෙන පොද වැස්සත් පලාත පුරා පැතිර ඇති අඳුරත් හේතුවෙන දුරින් ඇදෙන ඡායාව කවුරුන්ද යන්න හඳුනා ගැනීමට මට නොහැකි විය.
කෙමෙන් කෙමෙන් ඡායාව ලං වෙත්ම රේල් පාර දිගේ පැමිණෙන්නේ තරුණියක් බව මා පසක් කර ගත්තා.
සුදු පැහැති සාරියක් හැඳ සිටි ඇය වැස්සෙන් බේරීමට ඉහලා සිටි කලු පැහැති පොඩි කුඩය සුළඟ සමඟ පොර බදන අයුරු මා දුටුවා.ඒ වන විටත් ඇය වැස්සෙන් මඳක් තේමි ගොස් හමාරය.
බිම බලන් රේල්පාර දිගේ වේදිකාව දෙසට පැමිණෙන ඇයගේ මුහුණ පැහැදිලිව නොපෙනුනත් පෙනුමෙන් ඇය වයස 25 ක් 30 ක් පමණ වන්න වූ තැනැත්තියක් විය හැකි බව මා නිගමනය කලා.
හැඳ සිටින සාරිය හා අතෙහි ඇති තරමක් බර බෑගය ඇය යම් කිසි දුර ගමනකට සුදානම්ව පැමිණෙන හැඩය. සමහරවිට කොළඹ රැකියාවක් කරන තැනැත්තියක් වන්නට පුලුවනැයි මගේ හිත කීය.
මොනවා මේ මහ රෑ කට්ට කලුවරේ කාත් කවුරුත් නැතිව ඇය තනිව මෙහෙම එන්නෙ කොහොමද.
එකවරම දෙගිඩියාවක් මගේ සිතට ආවා.
මා අතේ බැඳි ඔරලෝසුව අනුව දැන් රෑ 12 කණිසමත් පසු වී හමාරය.
චිරි .. චිරි ගාමින් කඩා හැලෙන වැස්ස එලෙසමය.
රේල් පාර ඔස්සේ පැමිණි ඇය මදක් අපහසුවෙන් දුම්රිය වේදිකාවට ගොඩ විය.
ඒත් සමඟම පෙර පරිදිම හීන් හඬකුත් නංවමින් හුළං රැල්ලක් හමා ගියේද ඇය පැමිණෙන දෙස සිටය.
වේදිකාවේ මඳ දුරක් පැමිණි ඇය ඒ කෙලවරෙහි වූ බංකුවක තම අතෙහි වූ බෑගය තබමින් හිඳගනු ලැබිය. වැස්සට ඉහලාගෙන ආ කුඩය අකුලා බංකුව අසලම බිම තැබිය.
මෙහා කෙලවරට වන්නට වු බංකුවක හිඳගෙන සිටි මා ඇය දෙස බලා සිටින්නට වූයේ මා තුල හටගත් කුතුහලය නිසාවෙනි.
දැන් දුම්රිය වේදිකාවටම සිටින්නේ මාත් ඇයත් පමණි.
කොපමණ සීතල තිබ්බත් ඇය සීතල මැකෙන්නට ජර්සියක් හෝ හැඳ නොසිටීම මට පුදුමයක් ගෙනදෙන්නක් විය.
මා දුර සිට ඇය දෙස කොතෙක් බලා උන්නත් ඇය කිසිදු මොහොතක මා දෙස බැලුවේ නොමැත.ඇය බිම බලාගත් ඇයුරින්ම සිටී.
වේදිකාවේ ඉහලින් ඇති විදුලි බල්බයේ මඳ ආලෝකයෙන් ඇයගේ රූපය යම් තාක් පැහැදිලිව මා හට දැක ගත හැකි වුවත් පැත්තෙන් මුහුණට වැටී ඇති කොණ්ඩය හේතුවෙන් ඇයගේ මුහුණ දැක ගැනීමට නොහැකි විය.
ඒත් සමඟම මගේ හිත ප්‍රශ්න වැලකින් පිරෙන්න පටන් ගත්තේ මේ මහරෑ තනිවම මේ වගේ තරුණියක් දුම්රිය වේදිකාවක තනිවම සිටිනු දැකීම පුදුමය ගෙන දෙන්නක් වීම නිසාවෙනි.
මා තවමත් ඇය දෙස බලා හිඳී.
මොහොතක් ගතවෙත්ම එක්වරම හඬත් නංවාගෙනම සුළං රැල්ලක් ඇය සිටි දෙසින් හමන්නට විය.
ඒත් සමඟම ඇය දෙස බලා සිටි මගේ ඇස් දෙක දුටු දෙයින් මා තිගැස්සුනේය. බියට පත්වුණේ කිසිම මොහොමතක එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසාවෙනි.
හමා ගිය සුළං රැල්ලත් සමඟ ඇයගේ මුහුණට වැටී තිබු කෙස් රොද පසෙකට වනවාත් සමඟම මා දුටුවේ ඇයගේ මුහුණ වීරූපී ස්වරූපයක් ගෙන ඇති අයුරුය. අව පැහැයට හැරී ඇති මුහුණේ බිය උපදවන අයුරින් ඇති ලේ පැහැ තුවාල කැලැල් මාව බියංකාර කරනු ලැබිය.
ඒත් සමඟ එක්වරම ඇය මා දෙසට හැරී බංකුවෙන් සිටගත්තා. විරූපී මුහුණින් මා දෙස බලා සිටින ඇයගේ කටින් රතු පාටින් ලේ බිංදු කඩා හැලෙන අයුරු දුටු මා හට උන් හිටි තැන් අමතක විය.
2 974
පස්සෙ අංකල් කිව්වා තව ටිකක් යද්දි දෙවාලයක් තියෙ එතනට යමන් එයා එතනට යනකම් වහනේ ගන්නම් කියලා අපි දෙන්නවත් දාං අවා දෙවාලෙට එ වෙලාවෙ උදේ 8.00විතර ඇති එ අංකල් වහනෙ නවත්තලා ගිහින් කපු මහත්තයට විස්තරේ කියලා එයාව එක්ක ඇවිත් අපිට කියන්න කිව්වා වුන දේ අපි කිව්වම එ ගුරුන්වන්සෙ කිව්වා දෙවාලේ ඇතුලට එන්න කියලා පස්සෙ එයා අපිට නුල් දෙකකුත් බැදලා කිව්වා අපෙ වෙලාවට තමා ඔම නතර වෙලා තියෙන්නේ නැත්තම් අපේ කැල්ලක්වත් හම්බ වෙන්නැ කියලා මොකද ඔතන බිලි ගන්නවා කියලා... අයෙ කිව්වා උබලා එක්කන් ඇවිත් තියෙන්නෙ කොටහලු උනු ගැනු දරුවෙක්ව එක නිසා වහනෙ කිල්ලට අහුවෙලා කියලා( අපි වහනෙට අරක්ශාවක් දලා තිබ්බේ මොකද හම්බ කරන් කන වහනේ නිසා)පස්සෙ එයා වහනෙත් අරක්ශාවක් දලා අපිට තැබිලි ගෙඩි දෙකුත් බොන්න දිලා අපිව පිටත් කරලා එව්වා... එදා ඉදං අද වෙනකම් එ පාරෙ තාම ගිහින් නෑ අයෙ යන්නෙත් නෑ 👻👻 එදා මොනම හරි පිනකට තමා බෙරිලා තියෙන්නෙ නැත්තම් අපි දෙන්නම අද නෑ 👻👻
ඔන්න ඔකයි කතාව හොදනම් ලයික් එකක් කමෙන්ට් එකක් දන්න මෙක ගොඩක් කල් නිසා මට මතක විදියට ලිව්වේ වැරදි තියේ නම් සමා වෙලා පෙන්නලා දෙන්න අදට නවතින්නම් ඔක්කොටම අයියනායක දෙවියන්ගේ පිහිටයි අරක්ශාවයි 🙏
