en
Feedback
TechNews.LK

TechNews.LK

Open in Telegram

The official Telegram channel of TechNews.LK

Show more
1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මේ දක්වා Microsoft සමාගමේ Bing Search engine එක හරහා වැඩිම වාර ගණනක් Search කරන ලද වචනය වන්නේ "Google" වන බව, Alphabet ආයතනයේ
මේ දක්වා Microsoft සමාගමේ Bing Search engine එක හරහා වැඩිම වාර ගණනක් Search කරන ලද වචනය වන්නේ "Google" වන බව, Alphabet ආයතනයේ නීතීඥවරයෙකු විසින් වාර්තා කරනවා. Google සමාගමේ Antitrust නඩුවකට සාක්ෂි සපයමින් මේ බව අනාවරණය කිරීමට කටයුතු කර ඇති අතර, Google යන වචනයට පසුව වැඩිම වාර ගණනක් search කර ඇත්තේ පිළිවෙලින්, youtube, facebook, gmail සහ amazon යන වචන වන බවත් අනෙකුත් වාර්තා හරහා ද තහවුරු වී තිබෙනවා.

හිටපු ඇමෙරිකානු ජනාධිපති තමන්ගේ Twitter ගිණුම නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් Twitter සමාගමට විරුද්ධව නඩු පවරයි‌‌

OS 15 සංස්කරණය නිකුත් කර තවමත් ගතවී තිබෙන්නේ සති කිහිපයක් පමණක් වුවත්, මේ වන විටත් එය සහාය දක්වන iPhone වලින් 19.3%ක ප්‍රමාණය
OS 15 සංස්කරණය නිකුත් කර තවමත් ගතවී තිබෙන්නේ සති කිහිපයක් පමණක් වුවත්, මේ වන විටත් එය සහාය දක්වන iPhone වලින් 19.3%ක ප්‍රමාණයක install කිරීමට කටයුතු කර ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

2018 වර්ෂයේ සිට Cloudflare Domain Registrar සේවය පවත්වාගෙන ගියත්, මේ දක්වා ඒ හරහා අලුත් Domain name register කිරීමේ හැකියාව ල
2018 වර්ෂයේ සිට Cloudflare Domain Registrar සේවය පවත්වාගෙන ගියත්, මේ දක්වා ඒ හරහා අලුත් Domain name register කිරීමේ හැකියාව ලබාදී තිබුණේ නැහැ. කොහොම නමුත් මේ වන විට Cloudflare හරහා අලුත් Domains මිලදීගැනීමේ හැකියාව ලබාදී ඇති අතර, මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් සේවාවන් වලට සාපේක්ෂව Domain name වල මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වීමයි. Cloudflare සමාගමේ 11 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය සැප්තැම්බර් 27 වැනි දින සිට මෙම පහසුකම සියළුදෙනාටම භාවිතා කළ හැකි ලෙස නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Covid-19 සහ අනුමත එන්නත් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ විවිධ වැරදි මත සහ අසත්‍ය තොරතුරු පැතිර යමින් පවතිනවා. මෙම කාරණ
Covid-19 සහ අනුමත එන්නත් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ විවිධ වැරදි මත සහ අසත්‍ය තොරතුරු පැතිර යමින් පවතිනවා. මෙම කාරණා හේතුවෙන් Covid මර්දන එන්නත් ලබා ගැනීමටද පුද්ගලයන් මැලි කමක් දක්වන බව වෛද්‍යවරුන් පවසා සිටියා. මෙවැනි අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් සමාජය අතර සංසරණය වීම පිළිබඳව වගකීම එම සාමාජ මාධ්‍ය ලබා ගත යුතු බවත්, මෙම ගැටළුව කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙසත් ජූලි මාසයේදී ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා පවසනු ලැබුවා. ඒ අනුව Google ආයතනය සිය YouTube platform එක මත, අනුමැතිය ලද එන්නත් පිළිබද වැරදි මත, Covid-19 සම්බන්ධ අසත්‍ය පුවත් සම්බන්ධ නාළිකා සහ videos තහනම් කිරීමට පසුගිය මාසයේදී කටයුතු කරනු ලැබුවා. එම ක්‍රියාවලිය පුළුල් කරමින් YouTube ආයතනය පවසා සිටියේ සිය platform එක තුළ ඇති සියලුම එන්නත්කරණ විරෝධී හා ඒහා සම්බන්ධ වීඩියෝ ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

අලුත්ම iPhone එකක වුවත් මේ වන විට ලොව පවතින අනෙකුත් ජංගම දුරකථන වල අන්තර්ගත වන අලුත්ම තාක්ෂණයන් සහ පහසුකම් ඇතුලත් නොවීම පිළිබ
අලුත්ම iPhone එකක වුවත් මේ වන විට ලොව පවතින අනෙකුත් ජංගම දුරකථන වල අන්තර්ගත වන අලුත්ම තාක්ෂණයන් සහ පහසුකම් ඇතුලත් නොවීම පිළිබඳව බොහෝ දෙනා මැසිවිලි නගන බව අපි නිතරම දකිනවා. කෙසේ නමුත්, යම්කිසි පහසුකමක් iPhone වලට එකතු කිරීමට පෙර, ඒ පිළිබඳව මනා අධ්‍යනයක් සිදු කරන බවත්, එය සැළසුම් කිරීමේ සිට මහාපරිමාණයෙන් නිශ්පාදනය කිරීම දක්වා වන ක්‍රියාවලිය සඳහා වසර 3ක පමණ කාලයක් ගත වන බවත් Apple සමාගම පෙන්වා දෙනවා. මේ අනුව අද දින යම්කිසි feature එකක් පිළිබඳව සැළසුම් කිරීම ආරම්භ කරන්නේ නම්, තවත් වසර 3ක් ඉදිරිය පිළිබඳව සිතා බලා ඊට අනුකූල ලෙස එය සැළසුම් කිරීමට ඔවුන් කටයුතු කරන බව Apple සමාගමේ camera hardware engineering හි උප සභාපති වන Graham Townsend මහතා ප්‍රකාශ කරනවා.

Instagram Business පරිශීලකයින් සඳහා Ads වලදී WhatsApp පරිශීලකයින් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාවක් ලබාදෙයි‌‌

Facebook ආයතනය විසින් TikTok සේවාවට සමාන විශේෂාංගයක් Facebook Reels නමින් එළිදක්වයි‌‌

Honor සන්නාමය චීනයේ තුන්වන විශාලතම smartphone සන්නාමය බවට පත්වෙයි‌‌

Covid මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් සදහා Digital එන්නත්කරණ කාඩ්පත ලබාදීම සදහා ශ්‍රී ලංකා ගුවන්
Covid මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් සදහා Digital එන්නත්කරණ කාඩ්පත ලබාදීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කෙට් දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. '1945' යන එම කෙටි දුරකථන අංකය අමතා එන්නත්කරණ කාඩ්පත සදහා අවශ්‍ය තොරතුරු ලබා දිය හැක. මෙම තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී ශ්‍රී ලංකා රජය විසින් Digital එන්නත්කරණ කාඩ්පත ලබා දෙනු ඇති. වැඩි විස්තර සහ එන්නත්කරණ Digital හැදුනුම්පත ලබා ගැනීම සදහා ඔබට ඉහත සදහන් කළ කෙට් දුරකථන අංකය ඇමතිය හැක.

iOS 15 වෙත තම iPhone update කළ Spotify පරිශීලකයින් රැසකට මේ වන විට ඉක්මණින් බැටරිය බැස යෑමේ ගැටළුවකට මුහුණදීමට සිදුවී තිබෙනවා
iOS 15 වෙත තම iPhone update කළ Spotify පරිශීලකයින් රැසකට මේ වන විට ඉක්මණින් බැටරිය බැස යෑමේ ගැටළුවකට මුහුණදීමට සිදුවී තිබෙනවා. මෙයට හේතුවී තිබෙන්නේ iOS එක සඳහා වන Spotify app එකේ ගැටළුවක් වන අතර, මේ වන විටත් මෙම ගැටළුව පිළිබඳව Spotify Community එක හරහා නිවේදනයක් නිකුත් කිරීමට Spotify සමාගම කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් තවමත් එම ගැටළුව නිරාකරණය කිරීමට ඔවුන් සමත්වී නොමැති අතර, ඒ සඳහා update එකක් ලබාදියහැකි නිශ්චිත දිනයක් පිළිබඳව ද නිවේදනයක් නිකුත් කිරීමට Spotify සමාගම කටයුතු කර නැහැ.

Google සමාගම අද දින ඔවුන්ගේ 23 වැනි උපන්දිනය සැමරීමට කටයුතු කරනු ලැබූ අතර Google Doodle එක වෙනස් කරමින් එය සංකේතවත් කිරීමට කට
Google සමාගම අද දින ඔවුන්ගේ 23 වැනි උපන්දිනය සැමරීමට කටයුතු කරනු ලැබූ අතර Google Doodle එක වෙනස් කරමින් එය සංකේතවත් කිරීමට කටයුතු කර තිබුණු බව ඔබ දකින්නට ඇති. Google සමාගම ආයතනයක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ 1998 වර්ෂයේ සැප්තැම්බර් 4 වැනි දින වුවත්, මෙහි ඉතිහාසය 1996 වර්ෂය දක්වා ඉතිහාසයට ගමන් කෙරෙන අතර, සෑම වසරකම සැප්තැම්බර් 27 වැනි දින එහි උපන්දිනය සැමරීමට ඔවුන් කටයුතු කරනු ලබනවා. Google යන නම නිර්මාණය කර ඇත්තේ 10¹⁰⁰ වැනි බ‍ලය හඳුන්වන googol යන වචනය අනුසාරයෙන් වන අතර, මේ වන විට Google සමාගමේ මූලස්ථානය හඳුන්වන්නේ GooglePlex යන නමිනුයි. මේ GooglePlex යන්න නිර්මාණය කර තිබෙන්නේ googol වල 10 වැනි බලය හඳුන්වන googolplex යන වචනය අනුසාරයෙනුයි.

TikTok සේවාව සමඟින් එකතු වී සිටින මාසික active පරිශීලකයින් ප්‍රමාණය බිලියනය ඉක්මවා යාමට සමත් වී ඇති බව ByteDance ආයතනය නිවේදන
TikTok සේවාව සමඟින් එකතු වී සිටින මාසික active පරිශීලකයින් ප්‍රමාණය බිලියනය ඉක්මවා යාමට සමත් වී ඇති බව ByteDance ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. 2020 වර්ෂයේ ජූලි මාසය සමඟ සංසන්දනය කිරීමේදී මේ වන විට 45%ක පරිශීලකයින් ප්‍රමාණයක් TikTok සමඟින් එකතු වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. 2018 ජනවාරි - මිලියන 55 2018 දෙසැම්බර් - මිලියන 271 2019 දෙසැම්බර් - මිලියන 508 2020 ජූලි - මිලියන 689 ක් ලෙස මෙහි active පරිශීලකයින් ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා.

iPhone ඇතුළු සියලුම Smartphone සඳහා USB Type-C cable එක අනිවාර්ය කිරීමට යුරෝපා සංගමය සූදානම් වෙයි‌‌

S Pen Slot එකක් හා Galaxy Note හා සමාන Design එකක් සහිතව S22 Ultra ජංගම දුරකථනයේ Renders අන්තර්ජාලයට නිකුත් වෙයි‌‌

මේ වන විට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් සහතික කරන ලදැයි පැවසෙන ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. ISIS නැමැති අන
මේ වන විට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් සහතික කරන ලදැයි පැවසෙන ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. ISIS නැමැති අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද යැයි පැවසෙන "Interschool" නැමැති WhatsApp Group එකකට ඔබව add වුවහොත් නැවත් එයින් ඉවත් විය නොහැකි බව එහි සදහන් කර තිබෙනවා. එහි සටහන් වන කරුණු සාවද්‍ය වන අතර, ඕනෑම WhatsApp Group එකකට එකතු වන ඕනෑම කෙනෙකුට අවශ්‍යය අවස්ථාවකදී එයින් ඉවත් වීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම මෙලෙස ත්‍රස්ථවාදී ක්‍රියාවන් හෝ සංවිධාන වලට අයත් Group පවත්වාගෙන යෑමට WhatsApp නීතිරීති වලට පටහැනි කටයුත්තක් වන අතර මෙවැනි අනවසර දෑ නිරීක්ෂණය කර ඒවාට කඩිනම් පියවර ගැනීමට ද WhatsApp ආයතනය කටයුතු කරනු ලබනවා. එසේ නිර්මාණය කරන ලද Group මෙන්ම ඒවායේ Admin වරුන් සඳහා ද WhatsApp සේවාව භාවිතා කිරීමේ හැකියාව අවහිර කෙරෙනු ලැ‍බෙනවා. ඉතින් ඔබ දුටු මෙම ලිපියෙහි අඩංගු කරුණු කිසිඳු පදනමකින් තොර වන අතර මෙවන් දෑ කිසිදු තහවුරු කිරීමකින් තොරව සමාජ මාධ්‍ය තුළ share කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමු.

Apple සමාගමේ iCloud Private Relay සේවාව භාවිතයේදී පරිශීලකයාගේ සැබෑ IP Address එක අන්තර්ජාලයට නිරාවරණය වන බව හඳුනාගැනෙයි‌‌

Posts සහ Stories නිර්මාණය කිරීම සඳහා Facebook සමාගම විසින් නව + Button එකක් අත්හදාබැලීමට කටයුතු කරයි
Posts සහ Stories නිර්මාණය කිරීම සඳහා Facebook සමාගම විසින් නව + Button එකක් අත්හදාබැලීමට කටයුතු කරයි

Oppo Watch එක එහි වූ තරඟකාරී මිළ සහ පහසුකම් නිසාවෙන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණ බව මතක ඇති. ඔන්න දැන් Oppo සමාගම විසින් එහි අ
Oppo Watch එක එහි වූ තරඟකාරී මිළ සහ පහසුකම් නිසාවෙන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණ බව මතක ඇති. ඔන්න දැන් Oppo සමාගම විසින් එහි අලුත්ම සංස්කරණය වන Oppo Watch Free මාදිලිය ‍මීළඟ සැප්තැම්බර් 26 වැනි දින එළිදැක්වීමට සූදානමින් සිටිනවා. Oppo K9 Pro ජංගම දුරකථනය සහ Oppo Smart TV එක ද මෙම event එක අතරතුරදීම එළිදැක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Live Stream Recording, Chat Themes සහ තවත් නව පහසුකම් කිහිපයක්ම සමග Telegram 8.1 Update එක නිකුත් වෙයි‌‌