en
Feedback
TechNews.LK

TechNews.LK

Open in Telegram

The official Telegram channel of TechNews.LK

Show more
1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
WhatsApp සඳහා නව Drawing Tools කිහිපයක් නිර්මාණය කිරීමට WhatsApp ආයතනය කටයුතු කරයි‌‌

නැගෙනහිර ආසියානු කළාපය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වල Telegram පරිශීලකයින් හට මුහුණදීමට සිදුව තිබුණු ගැ
නැගෙනහිර ආසියානු කළාපය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වල Telegram පරිශීලකයින් හට මුහුණදීමට සිදුව තිබුණු ගැටළුව නිරාකරණය කිරීමට Telegram ආයතනය කටයුතු කළ බවත්, මේ වන විට තම සේවාව යථා තත්ත්වයට පත් කර ඇති බවත් Telegram ආයතනය ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා වාර්තා කර සිටිනවා.

මේ වන විට Telegram සේවාව අකර්මන්‍ය වී ඇති බව ලොව පුරා පරිශීලකයින් රැසක් වාර්තා කර සිටින අතර මෙය Downdetector වෙබ් අඩවිය හරහා
මේ වන විට Telegram සේවාව අකර්මන්‍ය වී ඇති බව ලොව පුරා පරිශීලකයින් රැසක් වාර්තා කර සිටින අතර මෙය Downdetector වෙබ් අඩවිය හරහා ද දැකගත හැකි වෙනවා. කෙසේ නමුත් තවමත් මෙයට හේතුවක් හෝ මේ පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට Telegram ආයතනය කටයුතු කර නැහැ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව, මියන්මාරය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර්, ජර්මනිය සහ ඇමරිකාව යන රටවල් වලට බලපා ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

Samsung Folding OLED Display තාක්ෂණය අනාගත Folding Laptop එකක බලාපොරොත්තුවක් ද?‌‌

වෙළඳපොල වටිනාකම ඩොළර් ට්‍රිලියන 3 ඉක්මවූ ප්‍රථම publicly-traded company එක ලෙස Apple සමාගම ඉතිහාසයට එකතු වෙයි‌‌

iPhone 14 ජංගම දුරකථනයෙන් Notch එක ඉවත් කරනු ඇති බව අලුත්ම වාර්තා හෙළි කරයි‌‌

අද දින සිට BlackBerry Classic Phones සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට BlackBerry ආයතනය තීරණය කරයි‌‌

වර්ථමාන ජනාධිපතිවරයාට අපහාසවන ආකරයේ Post එකක් Facebook සමාජ මාධ්‍ය හරහා Share කළ බවට චෝදනා එල්ල කරමින් කාන්තාවක් ප්‍රශ්න කිරී
වර්ථමාන ජනාධිපතිවරයාට අපහාසවන ආකරයේ Post එකක් Facebook සමාජ මාධ්‍ය හරහා Share කළ බවට චෝදනා එල්ල කරමින් කාන්තාවක් ප්‍රශ්න කිරීම සඳහා CID විසින් සිය භාරයට ගත් බවට ප්‍රවෘත්තියක් පසුගිය දිනක අපට වාර්ථා වුණා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, කිසියම් අයෙකු ජනාධිපතිවරයාට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හෝ බෙදා ගැනීම සිදු කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට පොලීසියට හා නීති අංශ වලට හැකියාවක් ඇති බවයි.

සාමය, සතුට සහ ආරක්ෂාව සපිරි නව වසරකට සුභාශිංසන පුද කරන්නෙමු.
සාමය, සතුට සහ ආරක්ෂාව සපිරි නව වසරකට සුභාශිංසන පුද කරන්නෙමු.

Epic Games ආයතනය විසින් මේ වන විට ජනප්‍රිය Game series එකක් වන Tomb Raider Game මාලාවේ games 3ක් නොමිලයේ ලබාදීමට කටයුතු කර ති
Epic Games ආයතනය විසින් මේ වන විට ජනප්‍රිය Game series එකක් වන Tomb Raider Game මාලාවේ games 3ක් නොමිලයේ ලබාදීමට කටයුතු කර තිබෙනවා. Rise of the Tomb Raider: 20 Year Celebration, Shadow of the Tomb Raider: Definitive Edition, Tomb Raider: GAME OF THE YEAR EDITION යන games මෙලෙස ලබාදී ඇති අතර මීළඟ ජනවාරි 6 දක්වා මෙම games නොමිලයේ ලබාගත හැකි වෙනවා.

පසුගිය දින වල සිදු වූ Hacking ප්‍රහාර වලින් Master Passwords අවධානමකට ලක් නොවූ බව LastPass ආයතනය විසින් තහවුරු කරයි‌‌

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi 12 Smartphone Lineup එක නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි‌‌

Samsung සමාගමත් නුදුරු අනාගතයේදීම Android OS එක අතහැර දමාවිද? මේ ඒ ගැන විමසා බැලීමක්‌‌

Covid-19 වසංගත තත්ත්වය හමුවේ NYC Apple Stores ගණනාවක් වසා දැමේ‌‌

Epic Games Store එක හරහා ප්‍රසිද්ධ Videogame එකක් වන Control අද දින නොමිලයේ ලබාදීමට කටයුතු කරයි
Epic Games Store එක හරහා ප්‍රසිද්ධ Videogame එකක් වන Control අද දින නොමිලයේ ලබාදීමට කටයුතු කරයි

NASA ආයතනයේ අලුත්ම James Webb අභ්‍යාවකාශ Telescope එක සාර්ථකව අභ්‍යාවකාශගත කරයි‌‌

iPhone 15 සමගින් Physical SIM Card භාවිතය නතර කිරීමට Apple සමාගම සූදානම් වන බවට තොරතුරු‌‌

Original Apple Watch Charger වලින් හැර වෙනත් චාජර් වලින් Apple Watch charge කිරීමේ හැකියාව අවහිර කිරීමට කටයුතු කරයි‌‌

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ Twitter ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා. අද අලුයම් කාලයේ එම ගිණුම හ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ Twitter ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා. අද අලුයම් කාලයේ එම ගිණුම හරහා Crypto Currency පිළිබඳ පණිවුඩයක් සමාජ ගත කිරීමත් සමඟ මේ බව අනාවරණය වී තිබෙනවා. මේ වන විට ගිණුමේ සම්බන්ධතාවය නැවතත් යථා තත්ත්වයට පත් කර ඇති අතර, නරේන්ද්‍ර මෝදි මහතා Twitter පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සිය ගිණුම හැකර්වරුන්ගේ ග්‍රහණයේ තිබූ කාලයේදී සමාජ ගත කරන ලද Twitter පණිවුඩ නොසලකා හරින ලෙසයි.

Facebook Profile හරහා මුදල් ඉපැයිය හැකි Professional Mode නම් පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කරයි‌‌