1 954
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 954
මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය වන police.lk වෙබ් අඩවිය අකර්මන්‍යය වී ඇති බව දැකගත හැකි වෙනවා.
කෙසේ නමුත් මෙය සයිබර් ප්‍රහාරයක් නිසා සිදු වූයේ ද, නැතහොත් වෙනත් තාක්ෂණික දෝශයක් නිසා සිදු වූයේ ද යන්න පිළිබඳව මේ දක්වා නිළ තොරතුරක් වාර්තා නොවන නමුත්, බොහෝ විට සයිබර් ප්‍රහාරයක් විය හැකි බව බොහෝ දෙනා අනුමාන කරනවා.
1 954
Chrome Web Browser එක මඟින් ඔබගේ password වෙනත් අයෙකු සමඟ ඉක්මනින් share කරගැනීමේ හැකියාව ලබා දෙන ලකුණු
1 954
රුසියානු පරිශීලකයින් සඳහා Disney, Netflix සහ Spotify සේවා තුළ සම්බාධක පැනවීමට එම ආයතන කටයුතු කරයි.
Disney සමාගම පවසා සිටියේ රුසියාව තුළ නැවත Theaterical release සිදු නොකිරීමට ඔවුන් කටයුතු කරන බවයි. එසේම Netflix සහ Spotify සේවාවන් තුළ රුසියානු පරිශීලකයින්ට තමන්ගෙ බැංකු කාඩ් පත් භාවිතා කර ගෙවීම් සිදු කිරීම අවහිර කිරීමටද එම සමාගම් කටයුතු කර තිබෙනවා.
1 954
යුක්‍රේනය සහ රුසියාව අතර උග්‍ර වෙමින් පවතින යුධමය තත්වය සහ රුසියානු යුධ අපරාධ හේතුවෙන් රුසියානු මාධ්‍ය ආයතන කිහිපයක් තම platform එක තුළ අවහිර කිරීමට YouTube ආයතනය කටයුතු කර තිබෙනවා.
Russia Today, Sputnik වැනි ප්‍රසිද්ධ රුසියානු මාධ්‍ය ආයතන කිහිපයක් මෙලෙස සිය platform එක තුළ අවහිර කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට Meta ආයතනය විසින් Facebook සහ Instagram වෙතින් ද, TikTok වෙතින් ද මෙම media channels අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.
විශේෂයෙන්ම යුරෝපා රටවල් ගණනාවක රජයන් විසින් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා.
1 954
Google සමාගම විසින් ඊයේ දිනයේ Android 13 සංස්කරණයේ පළමුවැනි Developer Preview සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
මෙහිදී අලුත් Photo API එකක් ඇතුළු privacy focused options ගණනාවක් Android Developer වරුන් හට හඳුන්වාදීමට කටයුතු කර තිබුණා.
මීට අමතරව මේ අලුත්ම Android සංස්කරණයට ද සුපුරුදු පරිදි අතුරුපසක නමක් ලබාදීමට Google සමාගම කටයුතු කර තිබුණු අතර, මෙවර එය ඉතාලි අතුරුපසක් වන Tiramisu යන නමින් හැඳින්වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
1 954
සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංග හේතු කොටගෙන ඇතිවූ සූර්ය කුණාටුවක් හේතුවෙන්, ඉකුත් තුන්වෙනිදා Falcon 9 රොකට්ටුව භාවිතයෙන් කක්ෂ ගත කරන ලද Space X සමාගමට අයත් සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා.
එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40-50 ක් තම පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවට Space X සමාගම නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙම පාලනයෙන් ගිලිහුණු චන්ද්‍රිකා යළි පෘථිවි වායුගෝලයට ඇතූළු වී ගිනිගෙන කඩා වැටීමට ඉඩ ඇති බවට NASA ආයතනය දැනුම් දී තිබෙනවා
1 954
Face mask එකක් පැලඳ සිටියත් Face ID එක භාවිතා කිරීමේ හැකියාව සහ තවත් පහසුකම් iOS 15.4 සංස්කරණය සමඟින් ලබාදෙයි
