🌺🌺 ~ බඹසරට අත්වැලක් ~ 🌺🌺
Open in Telegram
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
Show moreThe country is not specifiedThe category is not specified
223
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
No data
Any problems? Please refresh the page or contact our support manager.
Channel Posts
| 2 | -2147483648_-210436.webp | 0 |
| 3 | 💐💐 🌺🌺 🌷🌷
*නමෝ බුද්ධාය....!!!*
හෙට *ඔක්තෝබර් මස 14 දින අමාවක පොහොය* දිනයයි.
භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස *උතුම් මහ රහතන් වහන්සේලා අනුගමනය කරමින් අටසිල් සමාදන් වන* දිනයයි.
ඒ සඳහා ඔබටත් පින් සිතුවිලි පහල වේවා.....!!!
*තෙරුවන් සරණයි.....!!!*
🌹🙏 🌹🙏 🌹🙏 | 0 |
| 4 | 🏵️ *කාමයන් ගේ ආදීනව* 🏵️
1. අට්ඨිකඞ්කලූපමා කාමා,
2. මංසපේසූපමා කාමා,
3. තිණුක්කූපමා කාමා,
4. අඞ්ගාරකාසූපමා කාමා,
5. සුපිනකූපමා කාමා,
6. යාචිතකූපමා කාමා,
7. රුක්ඛඵලූපමා කාමා,
8. අසිසූනූපමා කාමා,
9. සත්තිසූලූපමා කාමා,
10. සප්පසිරූපමා කාමා,
11. අග්ගික්ඛන්ධූපමා කාමා.
(නිද්දෙසපාළි)
▪️මේ පාඨය පාඩම් කරගෙන තිබීම යෝගාවචරයන්ට ප්‍රයෝජනය. මෙය ද විදර්ශනාවට අයත් ය. වස්තු කාමය ක්ලේශකාමය කියා කාම දෙවර්ගයකි. වස්තුකාමය නම් සත්ත්වයන් ඇලුම් කරන වස්තූහු ය. කාම වස්තූහු ය. ඒවා මෙහි අන් තැනක විස්තර කර ඇත. ක්ලේශ කාම යනු කාම වස්තූන් ගැන ඇතිවන ආශාව ය. ක්ලේශයක් වන බැවින් එයට ක්ලේශකාමය යි කියනු ලැබේ. කාමච්ඡන්ද නීවරණය යි කියනුයේ ද එයට ම ය.
*1. අට්ඨිකඞ්කලූපමා කාමා.*
▪️කාමවස්තූහු ලේමස් නැති ඇටකැබෙල්ලක් වැනියෝ ය. ගවයන් මරා මස් කරන තැනක මස් කපා ගෙන විසි කර ඇති ඇට කැබෙල්ලක් සාගින්නෙන් පෙළෙන සුනඛයකුට හමුවුවහොත් ඌ එහි ඇති ලේ මස් ගඳ නිසා ඉමහත් ලෝභයෙන් එය සපන්නට වන්නේ ය. එහෙත් එයින් ඌ වෙහෙසට පත්වෙනවා මිස උගේ සාගින්න නො නිවෙන්නේ ය. එමෙන් ලස්සනය හොඳය කියා සලකන කාම වස්තූන් වැලඳගෙන රසයක් ලබන්නට උත්සාහ කරන කාමුකයන්ට වෙහෙස හැර අන්තිමට එයින් ලැබුණු එයින් ඉතිරි වුණු කිසි මිහිරක් නැත. එබැවින් කාමයෝ ලේ මස් නැති ඇට කැබලි වැනියෝ ය.
*2. මංසපේසූපමා කාමා*
▪️කාමවස්තූහු මස් වැදැල්ලක් වැනියෝ ය. මස් වැදැල්ල එක් සතකුට ම නොව බොහෝ සතුන්ට ප්‍රයෝජනය ලැබිය හැකි බොහෝ සතුන් කෑමට බලාපොරොත්තු වන දෙයකි. එබැවින් එය බොහෝ දෙනාට සාධාරණ වස්තුවකි. කාමවස්තූන් අතර ද එක් අයකුට පමණක් ප්‍රයෝජනය ලැබිය හැකි එක් අයකු පමණක් කැමති වන අන්‍යයන් කැමති නොවන වස්තුවක් නැත. එබැවින් කාම වස්තූහු බොහෝ දෙනාට සාධාරණ ය. මස් වැදැල්ලක් ගෙන කපුටකු පියාසර කරතහොත් එය උදුරා ගැනීම සඳහා දුටු දුටු කපුටා ලුහුබැඳ ඌට කොටන්නට පටන් ගන්නේ ය. එමෙන් එක් කාම වස්තුවක් අයිති කර ගැනීමට එයින් ප්‍රයෝජන ලැබීමට බොහෝ දෙනා උත්සාහ කරන්නාහ. කාම වස්තුවක් අයිති කරගෙන සිටින්නහුට එය අත් හරනා තුරු සෙස්සන් ගෙන් බියක් ඇත්තේ ය. මාපියන් මරා දූන් පැහැර ගෙන යන්නේ, සැමියන් මරා අඹුවන් පැහැර ගෙන යන්නේ, හිමියන් මරා වස්තුව පැහැරගෙන යන්නේ, එක් අයකු අයිති කර ගෙන සිටින ඉඩමට අනිකකු පනින්නේ කාමයන්ගේ බහු සාධාරණ භාවය නිසා ය. මස් වැදැල්ල ගෙන යන කපුටාට නිදහස ලැබීමට නම් එය හළ යුතු ය. එමෙන් කාමයන් නිසා වන බියෙන් නිදහස් වීමට නම් කාමයන් හළ යුතු ය. බහු සාධාරණත්වය කාමයන්ගේ මහත් ආදීනවයෙකි.
*3. තිණුක්කූපමා කාමා*
▪️කාමයෝ තණසුලු වැනියෝ ය. මේ රටේ පාවිච්චි කරන්නේ පොල්කොළ හුලු ය. රාත්‍රී කාලයේ පොල්කොළ හුලක් ගෙන ගමන් කරන තැනැත්තා එය නො හළ හොත් එයින් ඔහුගේ අත දැවෙන්නේ ය. එමෙන් කාම වස්තූන් අයිති කරගෙන ඒවා නොහැර ඒවායේ ම ඇලී සිටින්නවුන්ට අවසානයේ දී ඇති වන්නේ ශෝකාදි දුක් රැසකි.
“කාමතෝ ජායතී සෝකෝ - කාමතෝ ජායතී භයං,
කාමතෝ විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං.”
(ධම්ම පද)
කාමය නිසා ශෝකය හටගනී. කාමය නිසා භය ඇති වේ. කාමයන් හැර ඒවායින් මිදුණහුට ශෝකයක් නැත. ඔහුට බයක් ඇති වන්නේ කොයින් ද?
*4. අඞ්ගාරකාසූපමා කාමා*
▪️කාමයෝ ගිනි අඟුරුවළකට බඳු උපමා ඇතියෝ ය. ගිනි අඟුරු වළෙහි ඇත්තේ මහත් දැවීමකි. එයට ළංවූ තැනැත්තා වැටුණු තැනැත්තා දැවෙන්නේ ය. එමෙන් කාම වස්තූන් ළං කරගෙන අයත් කර ගෙන සිටින තැනැත්තා ද ඒවායින් දැවෙන්නේ ය. කාම වස්තුවක් වන බිරියක අයත් කරගෙන සිටින පුරුෂයා හට ඒ කාම වස්තුවට යම්කිසි විපතක් වේය කියා ද නිතර ගින්නක් ඇත්තේ ය. ඈ තමා හැර අන් පුරුෂයකු හෝ යේදෝ යි ගින්නක් ඇත්තේ ය. ඇය වෙත අන් පුරුෂයෙක් පැමිණේය කියා ද ගින්නක් ඇත්තේ ය. ධනය රැස් කරගෙන සිටින්නහුට තමාගේ ධනය සොර සතුරෝ ගනිත් ද අන් කිසි ක්‍රමයකින් හෝ නැති වේ ද කියා නිතර ඇවිළෙන ගින්නක් ඇත්තේ ය. සමහර විට ඒ තැවීම නිසා ඔහුට රාත්‍රියේ නින්ද නො යන්නේ ය. එසේ අයිති කරගෙන සිටින තැනැත්තා දවන බැවින් කාමයෝ අඟුරු වළක් වැනියෝ ය.
*5. සුපිනකූපමා කාමා*
▪️කාමයෝ සිහිනයන් වැනියෝ ය. නින්දට වන් තැනැත්තාට සමහරවිට ශෝභන නගර ග්‍රාම කෙත්වතු යාන වාහන උත්සවාදිය පෙනේ. සමහරවිට නොයෙක් වස්තූන් ද ලැබේ. අවදිව බලන කල ඒ සිහිනෙන් දුටු සිහිනෙන් ලැබුණු දේවලින් කිසිවක් නැත. කම්සැප විඳින්නහුට ද ඒ සැපය විඳින වේලාවේදී මිස ඉන්පසු එය නැත. ලබාගෙන ඇති කාම වස්තූහු ද කලකදී නැති වී යති. කාමවස්තූන් ඇත්තේ ද තමා මිය පරලොව යාමෙන් ඒ සියල්ලට ම අහිමි වේ. අතීත භව වලදී එක් පුද්ගලයකු අයිති කරගෙන සිටි කාම වස්තූහු ඉතා බොහෝ ය. වර්තමාන භවයේ දී ඒවායින් කිසිවක් ඔහුට නැත. වර්තමාන භවයේ දී අයත් කරගෙන පණ මෙන් ආදරයෙන් සිටින කාමවස්තූන් ද ඔහුට මරණින් පසු නැත. එබැවින් කාමයෝ සිහිනයක් බඳු ය.
*6. යාචිතකූපමා කාමා* | 0 |
| 5 | මෙත් සිතින් පිරුණු හිතකින් සුන්දර ජිවිතයක් ගත කරන්න ....✨✨තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏✨✨✨✨✨✨✨✨✨ | 0 |
| 6 | 🙏සක් දෙවිඳුගේ කථා වස්තුව🙏
පින්වතුනේ, පින්වත් දරුවනේ,
පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා.
චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තියෙනවා. එම දිව්‍ය ලෝක දෙකේම අධිපති භාවය ලැබූ කෙනාට තමයි සක් දෙවිඳු කියන්නේ. ශක්‍ර දෙවියන් කලින් මිනිස් ලොව හිටිය කෙනෙක්. ඔහු ගොඩාක් පින් කළා. දවසක් ලිච්ඡවි කුමාවරුන් ශක්‍ර දෙවියන් ගැනත්, බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ අතීත ජීවිත කථාව පෙන්වා වදාළා.
එකමත් එක කාලෙක මගධ දේශයෙහි ‘මචල’ කියල ගමක් තිබුණා. මේ ගමේ තරුණයෙක් හිටියා. ඔහුගෙ නම මඝ. මඝ මාණවකයා කියලයි ඔහු ප්‍රසිද්ධ වුණේ. ඔහු මිනිසුන්ට හරිම ආදරෙයි. හැමෝටම උදව් කරනවා. හැම දෙනාගෙම සැපදුක් බලනවා. එ් වගේම ඔහු සිල්වන්තයි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වෙලා හිටියා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා වදාළා.
“පින්වත් මහණෙනි, සක්‍ර දෙවියන් මිනිස් ලොව ජීවත්ව සිටියදී, උතුම් ගුණ ධර්ම හතක් සමාදන් වුණා. එ් ගුණ ධර්ම හත නම් මේවාය.
1. දිවි තිබෙන තුරා මං මව් පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා.
2. දිවි තිබෙන තුරා මං වැඩිහිටියන්ට සලකන, ගුරුදෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා.
3. දිවි තිබෙන තුරා මං ඉතා යහපත් මුදු මොළොක් වචන කතා බස් කරන කෙනෙක් වෙනවා.
4. දිවි තිබෙන තුරා මං කේලාම් නොකියන කෙනෙක් වෙනවා.
5. දිවි තිබෙන තුරා මං ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුක්ත වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මං ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලගෙන එනවා නම් එ් ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන් දීම පිණිස අත් සෝදාගත්තු කෙනෙක් වෙනවා. දානය පිණිසම සිත යෙදවූ කෙනෙක් වෙනවා. ඉතා සතුටින් දන් දෙන කෙනෙක් වෙනවා. පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා.
6. දිවි තිබෙන තුරා මං සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා.
7. දිවි තිබෙන තුරා මං ක්‍රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්‍රෝධයක්, තරහක්, වෛරයක් හටගත්තොත් එ් ක්ෂණයෙන්ම මං එ් අකුසලය දුරුකරනවා. බැහැර කරනවා. නැති කරනවා.
මෙන්න මේ ගුණයන්ගෙන් යුතු මඝ මාණවකයා තමයි සක් දෙවිඳු බවට පත්වුණේ.
මේ ආකාරයෙන් ගුණ ධර්ම සතක් සමාදන් වෙලා එම ගුණධර්ම නොකඩා ආරක්ෂා කොට දියුණු කරගත්ත නිසා ඔහු ශක්‍ර දෙවියන් බවට පත්වුණා. මෙම ශක්‍ර දෙවියන්ට නම් කීපයක් තිබෙනවා. එ් ගැන බුදුරජාණන් වහන්සේ මේ අයුරින් වදාළා.
“පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන්ට ‘මඝවා’ කියල කියනවා. එයට හේතුව ඔහු මඝ මාණවකයන් ලෙස මිනිස් ලොව බොහෝ පින් කරමින් ගත කිරීමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘පුරින්දද’ කියල කියනවා. එයට හේතුව මොහු මිනිස් ලොව සිටිද්දී සියලූ දෙනාටම ආදර්ශ ඇතිවෙන පරිදි හැමටම ප්‍රථමයෙන් විවිධාකාරයෙන් දන් පැන් දීමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘සක්ක’ කියනවා. එයට හේතුව මිනිස් ලෝකයේ සිටියදීත් මොහු ඉතාමත්ම පිළිවෙලකට, ඉතාමත් ක්‍රමානුකූල ලෙස හොඳින් සකස් කොට දන් පැන් පිදීමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘වාසව’ කියල කියනවා. එයට හේතුව මිනිස් ලොව සිටියදී මොහු දුගී දුප්පත් ජනතාවට නොයෙක් ආකාරයෙන් නිවාස තනවා පරිත්‍යාග කිරීමයි. එ් වගේ ම ශක්‍ර දෙවියන්ට ‘සහස්සක්ඛ’ (දහසක් ඇස් ඇති කෙනා) කියනවා. එයට හේතුව ශක්‍ර දෙවියන්ට මොහොතකින් කරුණු දාහක් ගැන සිතන්නට පුළුවන්කමයි. එ් වගේම ශක්‍ර දෙවියන්ට ‘සුජම්පති’ කියල කියනවා. සුජා කියලා අසුර කුමාරිකාවක් හිටියා. එ් අසුර කුමාරිකාව ශක්‍ර දෙවියන්ගේ බිසව බවට පත්වුණා. එ් නිසයි සුජම්පති කියන්නෙ. ශක්‍ර දෙවියන්ට ‘දේවානමින්ද’ කියල කියනවා. එයට හේතුව තව්තිසා වැසි දෙවියන්ගේ ප්‍රධානත්වයට පත්වෙලා සියලු යස ඉසුරින් පිරි දිව්‍ය රාජ්‍යයේ අධිපති බවට පත්වීමයි.
මෙයින් අපට එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. එනම් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් බවට උපත ලබා සිටින්නේ මිනිස් ලොව සිටි මඝ නම් වූ තරුණයෙක් බවයි. මේ තරුණයා ඔය උතුම් ගුණ ධර්ම හත තුළ පිහිටලා මහත් සේවාවක් කළා. විශ්‍රාම ශාලා හැදුවා, පැන් පොකුණු හැදුවා, මංමාවත් හැදුවා. හොඳ දේවල් වලට විරුද්ධ අය ලෝකයේ හැමදාම ඉන්නවා. මඝ මාණවකටත් සමහර අය විරුද්ධ වුණා. එයට හේතුව මඝ මාණවකගේ සේවා කටයුතු නිසා අනිත් අයගේ ආනුභාවය අඩුවෙලා ගියා. මඝ මාණවකගේ කීර්ති රාවය පැතිරිලා ගියා. නමුත් මඝ මාණවක එ් කිසිදු නින්දා අපහාසයකින් කම්පා නොවී තමන්ගේ සේවාව කරගෙන ගියා. තමන් යම් තැනක සේවාවක් කරමින් සිටිද්දී එතැනට බාධා කරනවා නම් එතුමා කාටවත් දොස් නොකියා එතැන අත්හරිනවා. වෙන තැනකට යනවා. මඝ මාණවක එවැනි ආකාරයට තමන්ගේ පුණ්‍ය කටයුතු දිගින් දිගටම කරගෙන ගියා. තමන් සමාදන් වූ උතුම් ගුණධර්ම හත තුළ රැඳී සිටියා. එ් හේතුව නිසාමයි ශක්‍ර දිව්‍යරාජයා බවට උපත ලැබුවේ. | 0 |
| 7 | *අවිඳු අදුර දුරලන ප්‍රඥාව* | 0 |
| 8 | *මුනිඳාණෙනි සමන්ගිරේ...*
*තබන්න ඒ සිරිපා...*
අහස් ගව්ව | Ahas Gawwa | 0 |
| 9 | No text... | 0 |
| 10 | No text... | 0 |
| 11 | *🪷පොඩි වෙලාවක් අටසිල් ගැනීම පවක් ද???*🪷 | 0 |
| 12 | *ඉවසන්න* | 0 |
| 13 | 💐💐 🌺🌺 🌷🌷
*නමෝ බුද්ධාය....!!!*
හෙට *මැයි මස 27 දින ( පුර අටවක පොහොය* දිනයයි)
භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස *උතුම් මහ රහතන් වහන්සේලා අනුගමනය කරමින් අටසිල් සමාදන් වන* දිනයයි.
ඒ සඳහා ඔබටත් පින් සිතුවිලි පහල වේවා.....!!!
*තෙරුවන් සරණයි.....!!!*
🌹🙏 🌹🙏 🌹🙏 | 0 |
| 14 | No text... | 0 |
| 15 | *නමෝ බුද්ධාය 🙏🙇♂️🌼* | 0 |
| 16 | ‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?”
‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත‍්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…”
තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි.
‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.”
‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ‍්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය.
‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප‍්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..”
පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි.
‘‘කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප‍්‍රතිචාර දැක්වූහ.
‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!”
‘‘මම… මම…”
‘‘ඔව් කවුද ඔය…?”
‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත‍්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි.
‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?”
‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!”
‘‘ආහ්… අසූචි මළ මූත‍්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?”
‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.”
‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?”
‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය.
‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…”
‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත‍්‍ර දන්නෙ නැති වුණාට…”
‘‘දාස් ගාණක්…? අපි අතරේ…?”
‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත‍්‍රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.”
‘‘මොකද්ද ඔහෙගෙ නම?”
‘‘නම…? අපිට නම් මොකට ද? අපි කතා කර කර ඉන්නෙ නෑ. මොකෙක් හරි අල්ලගෙන බඩ ගින්න නිවාගන්න තමයි අපි හදන්නෙ…”
‘‘කලින් ජීවිතේ කොහෙද හිටියෙ…? මතකයක් එහෙම තියෙනව ද?” | 0 |
| 17 | 🪷✨ *මෝර පිරිත* ✨🪷
*බෝසත් මොණරා ගැන වදාළ දෙසුම*
🪷 *උදෑසන සජ්ඣායනය* 🪷
*මේ හිරු උදා වන විට – ඇස් ඇති එක ම රජු ලෙස*
*පතුරුවා රන්වන් රැස – මහ පොළොව බබුළුවන්නේ*
*මහ පොළොව බබුළුවන – හිරු මඬල නුඹ වදින්නෙමි මම*
*නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ*
*උදේත'යං චක්ඛුමා ඒකරාජා*
*හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ*
*තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං*
*තයජ්ජ ගුත්තා විහරේමු දිවසං*
*හැම දහම් පරතෙර වැඩි – යම් රහත් මුනිවරු සිටිත් නම්*
*ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා*
*ඒ උතුම් මුනිවරු ද – මාගේ දිවි සුරකිත්වා*
*සම්බුදු වරුන් හට – මාගේ වැඳුම වේවා*
*සතර මඟ ඵල නුවණට – මාගේ වැඳුම වේවා*
*උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා*
*ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා*
*ඒ බෝසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා ගොදුරු සොයන්නට සැරිසරා යන්නේ ය.*
*යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ*
*තේ මේ නමෝ තේ ච මං පාලයන්තු*
*නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා*
*නමෝ විමුත්තානං නමෝ විමුත්තියා*
*ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා*
*ඒතේන සච්චේන සුවත්ථි හෝතු*
*ඒ සත්‍යානුභායෙන් සැමට සෙත් වේවා!* | 0 |
| 18 | *නමෝ බුද්ධාය .....🙇♂️🌼🙏* | 0 |
| 19 | *මෙත් සිත | මෛත්‍රී භාවනාව* | 0 |
| 20 | Video from නමෝ බුද්ධාය...!!! | 0 |
