en
Feedback
📘දැනුම පොත📘 The Knowledge Book📘

📘දැනුම පොත📘 The Knowledge Book📘

Open in Telegram

🌎ලෝකයේ තිබෙන දැනුම එකමතැනකට ගෙන විත් |🌐දැනුම බෙදන දැනුම පිපිරුණු|🌐 තෝතැන්නට ඔබත් එක්වන්න.🤝 🌍මේ ලෝකය පොතක් වගෙයි📖 ඒ පොතේ එක පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා දැනුම කියල 💡අන්න ඒ පරිච්ඡේදයට අයත් දේවල් ඔබට මෙම සමුහයෙන් ලබාගන්න පුළුවන්

Show more
197
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔයා දැනගෙන හිටියා ද? පින්තූරයේ ඇති තල්මසා Humpback තල්මසෙක්. නිල් තල්මසුන් ඊටත් වඩා විශාලයි. නිල් තල්මසුන් යනු පෘථිවියේ මෙතෙක
ඔයා දැනගෙන හිටියා ද? පින්තූරයේ ඇති තල්මසා Humpback තල්මසෙක්. නිල් තල්මසුන් ඊටත් වඩා විශාලයි. නිල් තල්මසුන් යනු පෘථිවියේ මෙතෙක් ජීවත් වූ විශාලතම සතුන් වේ. මෙම අතිවිශිෂ්ට සාගර ක්ෂීරපායීන් අඩි 100 ක් දිග සහ ටොන් 200 පමණ දක්වා වර්ධනය වේ. ඔවුන්ගේ දිව පමණක් අලියෙකු තරම් බර විය හැක. ඔවුන්ගේ හදවත මෝටර් රථයක් තරම්. 🐋 නිල් තල්මසුන්ට අඩි 100කට වඩා දිගට වැඩෙන්න පුළුවන්. (මහල් 10 ගොඩනැගිල්ලක් තරම්) ඔවුන් අලි ඇතුන් 30ක් පමණ බර විය හැක. 🐘 නිල් තල්මසුන්ගේ හදවත විශාලයි. එය සත්ව රාජධානියේ විශාලතම හදවතයි. ❤️ ඔවුන්ට පෘථිවියේ විශාලතම ළදරුවන් සිටී. ඔවුන් පෘථිවියේ ඝෝෂාකාරීම සතුන් අතර සිටී. ජෙට් එන්ජිමක් ඩෙසිබල් 140 කින් පමන ශබ්ද නිකුත් කරන අතර නිල් තල්මසෙකුගේ හඬ 188 දක්වා ළඟා වේ. ඔවුන්ගේ නාඩි, කෙඳිරිලි සහ විලාප නිවැරදි සාගර විද්‍යාත්මක තත්ත්වයේ දී සැතපුම් 1,000 ක් පමණ දුරින් සිටින අනෙකුත් තල්මසුන්ට ඇසෙන බව විශ්වාස කෙරේ. #copied

Way to Earn Free Crypto 💰 1. Start @Shibainubot 🚧 2.Then Send the number given in the image🚧 3. Join channels and click joined 🚧 4. Go to reffer and get friends 🚧 5. Withdarw money 🚧

📦❌ මෙවර පළාත් පාලන මැතිවරණයේ ඔබගේ, ඔබ පවුලේ චන්දය මොන පක්ෂයටද...? ( හැමෝටම Share කරල Vote කරන්න. )
Anonymous voting

හෙට දින අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනි සිටින සිසුන් හට සාර්ථක අන්දමින් මුහුණ දීමට වාසනාව හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු
හෙට දින අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනි සිටින සිසුන් හට සාර්ථක අන්දමින් මුහුණ දීමට වාසනාව හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 📘දැනුම පොත📘 The Knowledge Book❤️‍🩹

⭕️ඉතාලිය දෙවන කොටස වසර 850,000 තරම් ඈතට දිවෙන පහළ පැලියොලිතික් පුරාවස්තු දහස් ගණනක් Monte Poggiolo වෙතින් සොයා ගෙන ඇත. ඉතාලිය
⭕️ඉතාලිය දෙවන කොටස වසර 850,000 තරම් ඈතට දිවෙන පහළ පැලියොලිතික් පුරාවස්තු දහස් ගණනක් Monte Poggiolo වෙතින් සොයා ගෙන ඇත. ඉතාලිය පුරා සිදු කරන ලද කැණීම්වලින් වසර 200,000 කට පමණ පෙර මධ්‍ය පැලියොලිතික් යුගය දක්වා දිවෙන නියැන්ඩර්තාල් පැවැත්මක් අනාවරණය වූ අතර නූතන මානවයන් වසර 40,000 කට පමණ පෙර රිපාරෝ මෝචි හිදී පෙනී සිටියේය . මෙම යුගයේ පුරාවිද්‍යාත්මක ස්ථාන අතරට පුග්ලියා හි අඩෝරා ගුහාව , අල්ටමුරා , සෙප්‍රානෝ සහ ග්‍රවිනා ඇතුළත් වේ .

ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D චිත්‍රපටය තිරගත වීම අරඹයි මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන "ගජමෑන්" අද දිවයින
ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D චිත්‍රපටය තිරගත වීම අරඹයි මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන "ගජමෑන්" අද දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබෙනවා. හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටුන් චරිතය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර, Motion Capture තාක්ෂණය යොදාගනිමින් සැබෑ නළු නිළියන්ගේ චලනයන් තාක්ෂණිකව ග්‍රහණය කරගනිමින් මෙහි කාටුන් චරිත සජීවීකරණය සිදු කර තිබීම විශේෂත්වයක්. මේ සඳහා හඬ නළු නිළියන් වශයෙන්, සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි), යුරේනි නොෂිකා, සුනිල් පෙරේරා සහ රෂී ප්‍රබෝධා දායක වී ඇති අතර, චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා විසින්.

රජය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිතුවම් සංරක්ෂණය සඳහා සුදුසු ක්‍රියාමාර්ග සදහා යොමු වූහ. ඔක්තෝබර් 14 වන දින සිට සීගිරිය නැරඹීමට පැමිණීමද ජනතාවට තහනම් විය. එවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා මේ වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම් කටයුතු පොලිසියට භාර කරන ලදී. සිදුවූ විනාශයෙන් සීගිරි ලඳුන් සාර්ථකව මුදවා ගැනීමට එවකට අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා ඇතුළු සියළුම පිරිස්වලට තිබූ අවශ්‍යතාව පැහැදිලිව දකින්නට ලැබුණු අතර, ඊරියගොල්ල මහතා සීගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 21 වෙනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදු කළේය. සීගිරි ළඳුන් ප්‍රකෘති ස්වභාවයට පත් කිරීම සඳහා විශේෂඥ සහාය අවැසි විය. සීගිරි බිතු සිතුවම්වලට සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එවකට ඇමරිකානු තානාපති කාර්යාලය, ස්මිත්සෝනියන් කෞතුකාගාරය (Smithsonian Museum) සහ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කලහ. සංස්කෘතික වස්තුන් හැදෑරීමේ හා සංරක්ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්ථානය (International Centre for the Study and Preservation of Cultural Property) විසින් ඉතාලියේ ඉපැරැණි චිත්‍ර සංරක්ෂකවරයකු මෙන්ම රසායනික විද්‍යාඥයෙකු වන අචාර්ය ලුසියානෝ මරෙන්සි (Luciano Maranzi) මහතාව 1967 ඔක්තෝබර් 22 දින මෙරටට එවීමට පියවර ගනු ලැබිණ. ආචාර්ය මරෙන්සි මහතා ලංකාවට පැමිණෙන විටද රසායන විශේෂඥ රාජා ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සීගිරි ළඳුන්ගේ පැවැත්ම වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් සිටියහ. ආචාර්ය මරෙන්සි මෙරටට ආ විගස සීගිරියේ ඉතිහාසය, පරිසරය හා ගැමි සංස්කෘතිය ගවේෂනය කරන ලදී. දේශීය බිතුසිතුවම් කලාවේ පීතෘවරයා ලෙස සැලකෙන සෝලියස් මෙන්දිස් මහතා වෙතට ගිය ආචාර්ය මරෙන්සි දේශීය චිත්‍ර කලා අමුද්‍රව්‍ය පිළිබඳ ඔහුගෙන් උපදෙස් ලබා ගත්තේය. විශේෂඥ දැනුමත් හා දේශීය දැනුමත් සංකලනය කොට බිතු සිතුවම් විනාශ කිරීමට ගෑ තීන්ත ඉවත් කොට ප්‍රතිසංස්කරණය කෙරිණි. අනතුරුව ආචාර්ය මරෙන්සි මහතා 1967 නොවැම්බර් මස 4 වැනිදා ඉතාලිය බලා ආපසු පිටත්විය. ඉන්පසු දෙවැනි වතාවටත් ඒ මහතා 1968 මාර්තු මස 4 වැනිදා මෙරටට පැමිණ තවදුරටත් සීගිරි බිතු සිතුවම් සංරක්ෂණයේ කටයුතු එම වසරේ අප්‍රේල් මස 11 දින දක්වා සිදු කරන ලදී. 1968 මැයි මස 9 වැනි දින සම්භාවනීය අමුත්තනුත් දහස් ගණන් හා රටවැසියන් ඉදිරියේ සීගිරි කුල බටහිරින් ඇති පැරැණි රාජ සභා ශාලාවෙහි පවත්වන ලද ඓතිහාසික රැස්වීමේදී ඊරියගොල්ල මහතා විසින් සීගිරි බිතු සිතුවම් ලෙන උත්සවාකාරයෙන් යළිත් මහජනතාව වෙත විවෘත කරන ලදී. මෙහිදී දෙස් විදෙස් උඩරට නැටුම් ප්‍රධාන පංචතූර්ය නාදය ඔස්සේ රාජ්‍ය නියෝජිතයන් කැඳවා ගෙන ආ අතර, එහි නැටුම් මෙහෙයවන ලද්දේ ආචාර්ය පණිභාරත ශූරීන් විසිනි. "අචාර්ය ලුසියානෝ මරෙන්සි මහතාගේ සංරක්ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත්, අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය" යනුවෙන් 1967-68 පුරාවිද්යා පාලන වාර්තාව සඳහන්කර තිබේ. සීගිරි බිතු සිතුවම් ප්‍රතිසංස්කරණදී එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙකු වූ සහ එම දෙපාර්තමේන්තුවේ සිටි එකම රසායන විද්‍යා උපාධිධාරියා ලෙස විද්‍යාජෝති රාජා ද සිල්වා මහතාගේ මෙහෙයද අනර්ඝය. එලෙසින්ම, අගමැති ඩඩ්ලි සේනානායක, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ආමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ඇතුළු රජය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවයද පැසසිය යුතුය. මේ සියළු දෙනාගේ එකමුතුවෙන් ලංකා කලා ඉතිහාසයේ අඳුරුතම පල්ලම මකා දැමීමට හැකිවිය. රටට අවැසි වන්නේ එවැනි එකමුතු කමය. https://t.me/danumapotha_new_official

ලංකා කලා ඉතිහාසයේ අඳුරුතම දිනය - ඔක්තෝබර් 14 (1967) වසර 55 කට පෙර සීගිරි ලඳුන්ට කළ "අතවර" ගැන ඔබ දැන සිටියාද ? "කලබල වූ ඕවසිය
ලංකා කලා ඉතිහාසයේ අඳුරුතම දිනය - ඔක්තෝබර් 14 (1967) වසර 55 කට පෙර සීගිරි ලඳුන්ට කළ "අතවර" ගැන ඔබ දැන සිටියාද ? "කලබල වූ ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම් ගත නුහුණු ටැලිපෝන් පණිවිඩයක් අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේ කොළපාට ලියන තීන්තයක් කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස් එම තීන්ත අස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්තෝබර් මස 15 වැනිදා උදේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයා (ආචාර්ය චාල්ස් ගොඩකුඹුර) විසින් මට (ආචාර්ය රාජා ද සිල්වා මහතාට) දන්වන ලදී." පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික පාලන වාර්තාවේ (1967-68) මෙම විනාශය පිළිබඳ මෙසේ සඳහන් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සිරිසමන් විඡේතුංග මහතා විසින් 2003 වසරේ රචිත සීගිරි කාශ්‍යප ග්‍රන්ථයේ 32 පිටුවේ සදහන් කර ඇත. සීගිරි සිතුවම් මත තවරා තිබුනේ ගොරෝසු කොළ පැහැති තීන්ත වර්ගයකි. මෙය කාම උන්මත්තයකුගේ ක්‍රියාවක්ද , අන්තගාමීන්ගේ ක්‍රියාවක්ද නැතහොත් දේශපාලනික ක්‍රියාවක්ද යන මතවාද ලැව්ගින්නක් සේ පැතිරයමින් තිබියදී,

අර ගුරුවරයා තවමත් කේන්තියෙන් ඉන්න බව ඔහුට පේනවා... ඕන දෙයක් වෙන්න කියලා ඔහු ආයෙත් හඬ අවදි කරනවා... " සර්... ඔබතුමා මගෙන් ඇහුවේ 'අපට' වකුගඩු කීයක් තියෙනවාද කියලයි... ඒ කියන්නේ ප්‍රශ්ණය අහපු ඔයාටයි, උත්තරය දුන්නු මටයි, අපි දෙන්නට වකුගඩු හතරක් තියෙනවා... ඔබතුමාට දෙකයි, මට දෙකයි අපි කියන්නේ බහු වචනයක්..... හරිනේ... මම එළියේ ඉන්නම් පීටර් තණකොළ ගෙනාවම සර් ඒවා තනියෙන් භුක්ති විඳින්නකෝ..." කියාගෙන එළියට ගියා... එහෙම කියාගෙන එළියට ගිය ඒ ශිෂ්‍යයා තමයි පසුව බ්‍රසීලියානු ජාතික, ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙකු සහ පුවත්පත් වාර්තාකරුවෙකු වූනු, Apparício Fernando de Brinkerhoff Torelly (1895 -1971) එහෙමත් නැත්නම්.. "බැරන් ඩි ඉටාරේ (Barão de Itararé)" ලෙස වඩාත් ජනප්‍රිය උනේ.... පස්සේ කාළෙක ඔහු අපිට මෙහෙම කියනවා... ඔබ එදිනෙදා ජීවිතය ගෙනයාමේදී වඩාත්ම වැදගත් වන්නේ තමා සතු "දැනුමට" වඩා තමා දැනුමෙන් ලබාගත් "අවබෝධයයි..." ජීවිතය නිරන්තරයෙන් එය ඔබගෙන් ඉල්ලා සිටිනවා. සමහර මිනිසුන්, ඔවුන් අනෙකාට වඩා ටිකක් දැනුමක් තියෙනවා කියලා සිතන නිසා සහ ඔවුන් දැනුමෙන් සන්නද්ධව ඉන්නවා කියලා ‘විශ්වාස කරන’ නිසා, අන් අය අවතක්සේරු කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතනවා. අහන්න.. කියවන්න... හිතන්න... ඊට පස්සේ ඒ හැමදේම 'අවබෝධ' කරගන්න... ඒත් ඔබ, ඊනියා 'දැනුම' කියන ආභරණයෙන් හිස උදුම්මාගත්ත කෙනෙකු නොවෙන්න...!!!. Credit goes to owner ජය ❤️❤️ https://t.me/danumapotha_new_official

බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර, එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙ
බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර, එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙම අහනවා... "ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? " කිසිම දෙයක් නොතේරෙණ ගානට "හතරයි..!” කියලා අර සිසුවා කියනවා... " හතරක් "... ගුරුවරයා මුළු පන්තියම දෙවනත් වෙන්න හිනාවෙනවා... මේ ගුරුවරයාත් ඉතිං අර කාට හරි යමක් වැරදුණාම කින්ඩියට හිනාවෙන කට්ටිය ඉන්නේ... අන්න ඒ වගේ කෙනෙක්... ඔහු හිනාව නවත්තලා ඉදිරි පේළියේ ඉන්න ඔහුගේ සිත්ගත් කීකරු ළමයා අමතලා මෙහෙම කියනවා... " පීටර්... දැක්කා නේද... මේ පන්තියේ බූරුවෙක් ඉන්නවා... ඒ නිසා කොහෙන් හරි හොඳ තණකොළ මිටියක් හොයාගෙන එන්න...” මේ කිව්ව දේට අර ළමයට පොඩ්ඩක් කේන්ති යනවා... ඔහු අර ඉදිරි පේළියේ ඉන්න ළමයට ටිකක් කේන්තියෙන් මෙහෙම කියනවා... “ පීටර්... තමුසේ එහෙනම් තණකොළ මිටිය අරගෙන එන ගමන් මටත් කෝපි එකක් අරගෙන එනවා...” මේකට අර ගුරුවරයාටත් ආපහු හොදටම කේන්ති යනවා... කේන්තියෙන් පුපුරපු ගුරුවරයා අර ළමයාව පන්ති කාමරයෙන් එළියට ඇදලා දානවා... පන්ති කාමරයෙන් එළියට ගිය ළමයා ආයෙත් පන්තියේ දොර ළඟට එනවා... පන්තියේ කිසිම සද්දයක් නෑ...

හැබැයි දෙවැනි දවසේ ඔහුට මේක නිවැරදි කරගන්න අවස්ථාවක් තාත්තා ලබා දීලා තිබුණා. “ දෙවැනි දවසේත් තාත්තා අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් රැගෙන ආවා. නමුත් එවර මම හිතුවා මම ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා. මම වහාම බිත්තරයක් මතුපිට නැති බදුන තෝරා ගත්තා. ඒත් ඒකේ පතුලේ බිත්තර දෙකක් තියා එකක්වත් තිබුනේ නෑ. බලාපොරොත්තු කඩ වූ මගේ මුහුණ දිහා බලමින් මගේ තාත්තා මෙසේ කිව්වා. මගේ දරුවෝ මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එකවාගේ වේවියැයි අනුමානයෙන් වැඩ කරන්නට එපා. ජීවිතය විවිධ අවස්ථාවල දී අපව රවට්ටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගත යුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්නට බෑ. ” හැමවිටම එකම ආකාරයෙන් වැඩ නොකල යුතුයි. තාත්තා තුන්වැනි දවසේ අර විදියෙම නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබූ වේලේ වඩාත් කල්පනාකාරීව තීරණයක් ගැනීමට මට සිදුවුණා. “තාත්තා ඔයා අපේ පවුලේ ප්‍රධානියා. අපි හැමටම වඩා උඩින් ඉන්නේ ඔයා. ඔයා ඉස්සර වෙන්න. මුල්ම නූඩ්ල්ස් බදුන ඔයා ගන්න. මම ඉතුරු වෙන එක ගන්නම්. තාත්තා බිත්තරයක් උඩින් තිබූ බදුන අතට ගත් වේලේ මගේ හිත කිව්වා මගේ බදුනේ පතුලේ බිත්තරයක් තියෙන්න බෑ කියලා. නමුත් නූඩ්ල්ස් බදුනේ අඩක් හිස් වද්දි මට පෙනුනා බිත්තර එකක් වෙනුවට දෙකක් ඒකේ තියෙනවා කියලා. මම හරිම ආසාවෙන් ඒක අනුභව කලා. තාත්තා ඒ වෙලාවේ තමයි මට වැදගත්ම පාඩම කියලා දුන්නේ. ඔහු මෙහෙම කිව්වා. පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයක දී උනත්, අනික් මිනිස්සු ගැනත් හිතලා වැඩ කලොත්, අන්න එතැන දි සොබා දහම ඔබට හොදම දේ දෙන්න පටන් ගන්නවා. ” -ස්තූතියි- උපුටා ගැනීමකි https://t.me/danumapotha_new_official

ලොව ජයගත් එක්තරා රාජ්‍ය නායකයෙක් දිනක් මෙසේ පවසා තිබුනා දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුව
ලොව ජයගත් එක්තරා රාජ්‍ය නායකයෙක් දිනක් මෙසේ පවසා තිබුනා දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඩ්ල්ස් බදුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඩ්ල්ස් බදුනක් තෝරා ගන්නැයි සන් කලා. මා වහාම බිත්තරය තිබුණු බදුන තෝරා ගත්තා. නමුත් නුඩ්ල්ස් බදුන හිස් වෙනවිටයි මට පෙනුනේ තාත්තාගේ නූඩ්ල්ස් බදුනේ පතුලේ සැගවී බිත්තර දෙකක් තිබූ බව. අමතර බිත්තරයක් උරුම කර ගැනිමට නොහැකි වීම ගැන මම කණගාටුවට පත්වුණා. ඒ වෙලාවේ තාත්තා මට මෙන්න මෙහෙම උපදෙසක් දුන්නා. මගේ දරුවෝ. ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නෙවෙයි. ඔබ යමක් අත්පත් කරගන්නට යන්නේ ආත්මාර්ථකාමී සිතිවලි වලින් නම් ඔබට කණගාටුදායක අවසානයක් උරුම වෙන්නට පුළුවන්. ”

මාධ්‍යවෙිදියා.. - ‘‘වෛද්‍ය මෂාලි ඔබ දුප්පතුන්ට අවුරුදු 40ක් තිස්සේ නොමිලේ ඔබෙි සේවාවත්, ඖෂධත් ලබා දෙනවා, එයට යමි හේතුවක් තියෙනවද ?" ‘‘ඔව් නිශ්චිතවම හේතුවක් තියෙනවා, දවසක් තම අසනීපයට බොහෙත් ගන්න ඇයගේ පුතාත් සමග මා ළගට පැමිනි මවක් බෙහෙත් අරන් ඉවර වූ පසු ඇගේ පුතා කීවා, "අමිමෙි මට හරි වෙිදනාවයි ඉන්සියුලින් එකකුත් ගමු" කියල... එවිට ඒ අමිම කිවිව... "පුතේ ටිකක් වෙිදනාව ඉවසගන්න දැන් ඉන්සියුලින් ගත්තොත් ඔයාටයි නංගිල මල්ලිටයි කන්න මොනව හරි ගන්න සල්ලි මදිවෙනව" කියල... ඒ පිරිමි දරුවට දියවැඩියාව, පස්සේ ඔවුන් ගෙදර ගිහිල්ල ටික වෙිලාවකට පස්සෙ මට ඒ ගෙදරින් කැදවීමක් ආවා අර පිරිමි දරුවා වහ බීල කියල.. මම ඔවුනගේ ගෙදරට ඉක්මනට ගියා නමුත්, මට ඒ දරුවාව බෙිරගන්න පුලුවන් කමක් තිබුනේ නෑ ඔහු මගේ දෑත් මතම මිය ගියා.... පස්සෙ දරුවගෙ අමිම මට ඔහු වස බීමට ප්‍රථමයෙන් යමක් සටහන් කල එක්සයිස් පොතක් දුන්නා ඒකෙ ඒ මිය ගිය දරුවා මෙහෙම ලියල තිබුණ..... ‘‘අමිමෙි මීට පස්සෙ මම ඉන්සියුලින් ඉල්ලලා කරදර කරන්නේ නෑ, ඒ සල්ලි වලින් මල්ලිටයි නංගිටයි හොදට කන්න දෙන්න" මම හිතන්නෙ ඔබට දැන් වැටහෙන්න ඔන මම ඇයි දුප්පත් අයට නොමිලේ ප්‍රතිකාර කරන්නෙ කියල... ඒක තමයි මගේ හෘදසාක්ෂිය... ඒ මිය යාමට මමත් වැරදි කරුවෙක්..." " ස්තුතියි වෛද්‍යතුමනි ! මුලු ඊඡිප්තුවම දන්නවා ඔබ දුප්පතුන්ට හා ඔබෙන් ප්‍රතිකාර ගැනීමට එන ඔනෑම අයෙකුට කරන මහගු සේවය. ඒ නිසා ඊඡිප්තුවෙි ඡනප්‍රිය රූපවාහිනී නාලිකාවක් ඔබට පවුමි මිලියන ගණනක මුදලක් පරිත්‍යාග කිරීමට සැරසුන වෙලාවෙි ඔබ එය ප්‍රතික්ෂේප කලා ! ඇයි ඒ ?" ‘‘එකක් මට මුදල් අවශ්‍ය නෑ, මගේ බිරිද ධනවත් කාන්තාවක් සහ මට මීටර් ගනන් දිග මෝටර් රථයක් හෝ කිලෝ ගණන් බර ඡේත්තුකාර ඇදුමි ඔන නෑ. මට ඡිවත් වෙලා ඉන්න යාන්තමට සැන්විචස් පෙත්තක් ප්‍රමාණවත්.... අනික මුදල් පරිත්‍යාග කරන්න ඔන මට නොවෙයි බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැති මෙි රටෙි අසරණ ඡනතාවට, ඉන්න හෙවනක් නැති දරුවන්ට, මම එයාලට කිවිව එහෙම කරන්න කියල..." එවැනි මිනිසෙක් 2020 ඡුලි 27 වැනිදා ඊඡිප්තුවෙි Tanta නගරයේ අවුරුදු 72 ක් ආයු වළදා මිය ගියේය.... ජය ❤️❤️ Credit goes to owner Jordan M Fernandes https://t.me/danumapotha_new_official

" වෛද්‍යවරයෙක් මිය ගියේය...." ලෝකයේ බොහෝ වෛද්‍යවරු මිය ගොස් ඇත, මිය යති, එසේනමි වෛද්‍යවරයෙක් මිය ගිය බවට අමුතු සටහනක් ඇයි...?
" වෛද්‍යවරයෙක් මිය ගියේය...." ලෝකයේ බොහෝ වෛද්‍යවරු මිය ගොස් ඇත, මිය යති, එසේනමි වෛද්‍යවරයෙක් මිය ගිය බවට අමුතු සටහනක් ඇයි...? වෛද්‍යවරු සියල්ලෝම හොද මිනිසුන් නොවෙති, බොහෝ වෛද්‍යවරු සිය පදවියේ නාමයෙන් මිනිසුන්ව පතුලටම සුරාගෙන කති... අප ලියන්නේ එසේ සිය ඡනතාව සුරාගෙන නොකා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිය රැකියාව කල ඊඡිප්තුවෙි, Dr. Muhammad al-Mashaali ගැනය... හොද මිනිසෙකු ගැන ලියන්න සැතපුමි දහස්ගණනක් දුර සිටියද, ඔහු නාදුනන වුවද ඒවා අපට වැදගමිමකට නැති සාධකය... ඩොක්ටර් මුහමද් අල් මෂාලි 2020 ඡුලි 27 මිය ගියේය... ඔහු මිය යාමට කාලයකට පෙර එක් මාධ්‍යවෙිදියෙක් මෙසේ අසා තිබුනේය.. ‘‘ඊඡිප්තුවෙි ඔනෑම වෛද්‍යවරයෙක් සිය රෝගියාගෙන් ඊඡිප්තු පවුමි 40ක් අයකරන විට ඔබ පමණක් පවුමි 10ක් අයකරන්නේ ඇයි ?‘‘ වෛද්‍යවරයා පිළිතුරු දෙමින්... " වෛද්‍ය විද්‍යාලයේ එක් මහාචාර්යවරයෙක් අපිට දවසක් මෙහෙම කිවිව, වෛද්‍ය විද්‍යාව කියන්නෙ මානුෂික වෘත්තියක් මිස වානිඡ වෘත්තියක් නොවෙි, ඔබ අලංකාර නිවසක් තනාගැනීමට, සුඛෝපභෝගී මෝටර් රථයක් ගැනීමට, වෛද්‍ය විද්‍යාව හදාරන්න හදන්න එපා ඒකට කොටස් වෙළදපොල හෝ ඡාත්‍යන්තර වෙළදාම හදාරන්න"