cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Channel - බෞද්ධ අපි☸️

🌸 සංවාදයන් සදහා සමූහය භාවිත කරන්න 🌸 ලිපි කියවීම සදහා channel එකට එකතු වන්න @buddhism2020 PDF - @buddhist_library_bot video/Audio - @buddhismlLKbot

Show more
Advertising posts
415
Subscribers
No data24 hours
-37 days
-130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

📗ධම්මපදය📗 යථාපි පුප්ඵරාසිම්හා කයිරා මාලාගුණෙ බහූ එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං. ▪️දක්‍ෂ මාලාකාරයෙක් මල් රැසෙකින් යම්සේ බොහෝ මල්දම් කරන්නේ ද, එසේ ම උපන් සත්ත්‍වයා විසින් බොහෝ කුසල් කටයුතු ය.
Show all...
🟣සප්පුරිසදාන සූත්‍රය🟣 (සැවැත්නිදාන යි) ▪️මහණෙනි, මේ සත්පුරුෂදාන අටෙකි. කවරඅටෙක යත්: ▪️පිරිසුදු දැය දෙයි. ප්‍රණීත දැය දෙයි. සුදුසු කල්හි දෙයි. කැපවූවක් දෙයි. පරීක්‍ෂාකොට දෙයි. නිරතුරු දෙයි. දෙනුයේ සිත පහන් කෙරෙයි. දී තුටුසිත් ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂ දාන අටයි. ▪️මනා ක්‍ෂේත්‍ර වූ බ්‍රහ්මාචාරීන් කෙරෙහි පිවිතුරු වූ පිණී වූ සුදුසු කල්හි වූ කැප වූ පානභෝජන සඞ්ඛ්‍යාත දානය නිතර දෙන්නේ ය. ▪️බොහෝ ආමිස දී නො ද විපිළිසරවන්නේ ය. විදර්ශීහු (ප්‍රාඥයෝ) මෙසේ දෙනලද දන් වනත්. ▪️සැදැහැති ස්ථානෝත්පත්තික නුවණ ඇති පණ්ඩිත තෙමේ (මසුරුමලින්) මුත් සිතින් මෙසේ දන් දී නිදුක් සැප ඇති ලොවට පැමිණේ.
Show all...
වාණිජො’ව භයං මග්ගං අප්පසත්‍ථො මහද්ධනො විසං ජීවිතුකාමො’ව පාපානි පරිවජ්ජයෙ. ⭕️(සොරුන් සිටි හෙයින් භය කටයුතු වූ මඟ වළහන්නා වූ) කැටි වැ යන සාත්තුවක් නැති (හෝ මඳ වූ සාර්‍ත්‍ථ පිරිසක් ඇති) බොහෝ ධන ඇති, වෙළෙඳක්හු මෙන් ද, හලාහල විෂයක් දුරු කරණ, ජීවත් වනු කැමති එකක්හු මෙන් ද, අකුශල කර්‍ම දුරු කරන්නේ ය. (ධම්මපදය)
Show all...
✳️පබ්බතූපම සූත්‍රය✳️ සැවැත්නුවර - ▫️එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ තෙපි දැන් මේ දෙවෙන් දවාලෙහි කොහි සිට එවුද? ▫️වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජු බැවින් මැඩුනු දනව්හි තිරබවට පත් මුදුන්හි අභිෂේක කරණ ලද මහත් පොළෝමඬල දිනා අධිපතිව වෙසෙන කැත් රජුන්ට යම් ඒ රජකටයුතු ඇද්ද, මම දැන් එහි උත්සුකබවට පැමිණියෙම් වෙමි. ▫️මහරජ, ඒ කුමකැයි හගිහු ද? මෙහි තොප විසින් ඇදහියයුතු පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් පෙර දිගින් එන්නේ ය. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම පෙරදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. ඉක්බිති දෙවෙනි පුරුෂයෙක් දකුණු දිග සිට එයි….. ඉක්බිති තෙවෙනි පුරුෂයෙක් පැසුළු දිග සිට එයි …. ඉක්බිති ඇදහිය යුතු පිළිගත හැකි වචන ඇති සිව්වැනි පුරුෂයෙක් උතුරු දිග සිට එයි. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම උතුරුදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. මහරජ, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි වූ තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද? ▫️වහන්ස, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුශලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️මහරජ, තොපට කියමි. මහරජ, තොපට දන්වමි. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටී. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටි කල්හි තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද? ▫️වහන්ස, ජරාමරණ දෙක (අප) මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුසලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර මාවිසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජුබැවින් මඩනාලද දනව්හි තිරබවට පත් මහත් පොළෝමඬල දිනා අධිපති ව වෙසෙන මුදුන අභිෂේක කළ කැත් රජුන්ගේ යම් ඒ ඇත්යුධ වේ නම් වහන්ස, ජරාමරණදෙක අප (මැඩ) ගෙණ සිටි කල්හි ඒ ඇත් යුදවලට ද වැඩෙක් නැත. සමත්බවෙක් නැත. ▫️වහන්ස, මුදුන අභිෂේක කළ … කැත් රජුන්ගේ යම් ඒ අස්යුද වේ නම් … රථයුද වේ නම් … පාබලයුද වේ නම් වහන්ස, ජරා මරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ පාබළ යුධවලට ද වැඩෙක් නැත. සමත් බවෙක්ද නැත. ▫️වහන්ස, යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවා ලන්නට සමත් වෙත් නම් එබඳු මැති ඇමතිකෙනෙක් මේ රජකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ මන්ත්‍රයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත. ▫️වහන්ස, ආවා වූ සතුරන් ධනයෙන් පොලඹවා ගන්නට යම් ධනයෙකින් අපි සමර්‍ත්‍ථ වමෝ නම් පිහිටියා වූත් අහස සිටියා වූත් එබඳු බොහෝ රන් අමුරන් මේ රදකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණදෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ ධනයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත. ▫️වහන්ස, ජරාමරණ දෙක මා මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර මා විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️මහරජ, තෙල එසේය. මහරජ. තෙල එසේ ය. ජරාමරණදෙක (තොප) මැඩගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර තොප විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා වැලි අන්‍ය වූ තෙල ගාපෙල ද වදාළ සේක: ▫️යම්සේ මහත් වූ ශෛලමය වූ අහස හැපී (සිටි) පර්‍වතයෝ හාත්පස සිවු දිගුන් සුණු කෙරෙමින් පෙරළී එන්නාහු ද, ▫️එසේ ජරාවත් මරණයත් ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද සැඬොල් පුස්සඬු කුලයෙහි වුවන්ද යන සියලු සතුන් යට කෙරෙත්. කිසිවක් අත් නො හරී. සියල්ල ම මඩී. ▫️එහි ඇතුන්ට ද රථයන්ට ද පාබලසෙනඟ ට ද විෂයස්ථාන නො වේ. මන්ත්‍රයුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දනන්නට නො ම හැක්කේ ය. ▫️එහෙයින් ධෛර්‍ය්‍යවත් වූ නුවණැති පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද ශ්‍රද්ධාව පිහිටුවන්නේ ය. ▫️යමෙක් කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ධර්‍මයෙහි හැසිරෙණ සුලු ද (නුවණැත්තෝ) මෙලොව ම ඔහු පස්සත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
Show all...
න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතී සො ජගතිප්පදෙසො යත්‍ථඪිතො මුච්චෙය්‍ය පාපකම්මා 📕යම් තැනෙක සිටි සත්ත්‍ව තෙම තමා විසින් කරණ ලද පාපකර්‍මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්‍රදේශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. සමුද්‍රමධ්‍යයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත. (ධම්මපදය)
Show all...
නත්‍ථි රාගසමො අග්ගි නත්‍ථි දොසසමො කලි නත්‍ථි ඛන්‍ධසමා දුක්ඛා නත්‍ථි සන්තිපරං සුඛං. 🟢රාගය හා සම ගින්නෙක් නැත. ද්වේෂය හා සම අපරාධයෙක් නැත. පඤ්චස්කන්‍ධ දුඃඛය හා සම දුකෙක් නැත. නිර්‍වාණ සැපයට වැඩි තරම් සුවයෙක් නැත. (ධම්මපදය)
Show all...
05:47
Video unavailableShow in Telegram
5.12 MB
චිරප්පවාසිං පුරිසං දූරතො සොත්‍ථිමාගතං ඤාතිමිත්තා සුහජ්ජා ච අභිනන්‍දන්ති ආගතං. 🟡බොහෝ කලක් පිට රට ගොස් වුසූ, දුරු රටැ සිට සුවසේ ආ පුරුෂයක්හු දැක නෑයෝ ද මිතුරෝ ද යහළුවෝ ද ඔහුගේ පැමිණීම සාදර ව පිළිගනිත්. තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකා පරං ගතං පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතීව ආගතං. 🟡එ පරිද්දෙන් ම කළ පින් ඇති මෙ ලොවින් පරලොවට ගිය පුරුෂයා ද, ඔහු කළ කුසල්හු දුර සිට ආ ප්‍රියයකු පිළිගන්නා නෑයන් සේ පිළිගන්නාහු ය. (ධම්මපදය)
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.