cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

BH | Chemistry MCQ World From Bhagya Hettiarachchi

ලංකාවේ පළමු වතාවට පැයෙන් පැයට MCQ කරන්න Chemistry MCQ World එකක්❤ යාළුවන්ටත් Link එක යවන්න!👇

Show more
Advertising posts
7 290Subscribers
-324 hours
-297 days
-23630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙළින් 45kJ/mol හා 90J/Kmol වේ. ද්‍රවයෙහි තාපාංකය වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1.45°C
  • 2. 62.7°C
  • 3. 100°C
  • 4. 135°C
  • 5. 227°C
0 votes
🎉 1
SO₂, SO₃, SO₃²-, SO₄²-, SCl₂ යන විශේෂවල සල්ෆර් පරමාණුවේ විද්‍යුත් ඍණතාව වැඩිවන පිළිවෙළට සැකසූ විට නිවැරදි පිළිතුර වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. SCl₂ < ₃, SO₃²- < SO₂ < SO₃ < SO₄²-
  • 2. SO₃ < SO₄²- < SO₂ < SO₃²- < SCl₂
  • 3. SO₃²- < SO₄²- < SCl₂< SO₃ < SO₂
  • 4. SCl₂ < SO₃²- < SO₄²- < SO₂ < SO₃
  • 5. SCl₂ < SO₄²- < SO₃²- < SO₂ < SO₃
0 votes
🤩 1
පහත සඳහන් කුමන වගන්තිය C₆H₅OH පිළිබඳව අසත්‍ය වේ ද? ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. CH₃COCl සමඟ ප්‍රතික්‍රියා කර ෆීනයිල් එස්ටරයක් සාදයි.
  • 2. Br දියර සමඟ ප්‍රතික්‍රියා කර සුදු පැහැති අවක්ෂේපයක් ලබා දේ.
  • 3. NaHCO₃ සමඟ පිරියම් කළ විට CO₂ වායුව පිට කරයි.
  • 4. NaOH හමුවේ C₆H₅N₂Cl- සමඟ පිරියම් කළ විට වර්ණවත් සංයෝගයක් ලබා දේ.
  • 5. උදාසීන FeCl₃ සමඟ පිරියම් කළ විට වර්ණවත් (දම් පැහැයට හුරු) ද්‍රාවණයක් ලබා දේ.
0 votes
👍 1
පහත දැක්වෙන ඒවායින් නිවැරදි වන්නේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. H පරමාණුවක n, 2→1 , 3→2 හා 4→3 ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ අතුරෙන් වැඩිම ශක්තියක් පිටවනුයේ 3→2 වල ය.
  • 2. OF2, OF4, SF4 අතුරෙන් අඩුවෙන්ම ස්ථායී වන්නේ SF4 ය.
  • 3. Li, C, N, Na හා P අතුරෙන් විද්‍යුත් ඍණතාව අඩුම මූලද්‍රව්‍ය Li වේ.
  • 4. (Li හා F),(Li+ හා F-),(Li+ හා O²-),(O²- හා F-) යුගලවල අරයයන්හි වැඩිම වෙනස ඇත්තේ Li+ හා O²- අතරය.
  • 5. CH2Cl2 වල ද්‍රව කලාපයෙහි පවතින එකම අන්තර් අණුක බල වර්ගය වන්නේ ද්විධ්‍රැව-ද්විධ්‍රැව බල වේ.
0 votes
1) කීටෝනයක කාබනයිල් කාබන් පරමාණුව හා එයට බන්ධනය වූ අනෙකුත් පරමාණු එකම තලයක පිහිටයි. 2) කීටෝනයක කාබනයිල් කාබන් පරමාණුව sp2 මුහුම්කරණය වී ඇත. ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
👍 3
ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!! අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙනවා. හැබයි ඒක අපට ලැබෙන්නේ අපි මහන්සි වෙන විදියට. අපි කැප කරන විදියට. අපි අපේ අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන දේ අනුව.. හැමෝටම ලැබෙන්නේ පැය 24යි, අත පය 04යි විතරයි. මෙන්න මේ දේවල් දෙක උපරිම කාර්‍යක්ෂමතාවයකින් භාවිතා කරන මිනිස්සු උඩට එනවා! ඔබටත් පුළුවන්! මේ ලෝකේ හැමෝම ඉන්නේ පුළුවන් මිනිස්සු විතරයි.මනුස්සයෙක් කියන්නෙම පුළුවන් කියන එක! විශ්වාස කරන්න! ඔබ ඔබව එකම එක වතාවක් විශ්වාස කලොත්, ඔබව නතර කරන්න කිසිම දේකට බැරි වේවි! "කොච්චර හිතන්න පුළුවන්ද, එච්චර කරන්න පුළුවන්!" Chemistry | Expert භාග්‍යා හෙට්ටිආරච්චි
Show all...
6🎉 1
1) හැලජන අතුරෙන් I2 ඝනයක් වන අතර Br2 ද්‍රවයකි. 2) අණුක පෘෂ්ඨික වර්ගඵලය වැඩිවීමත් සමග ලන්ඩන් බල වඩා ප්‍රබල වේ. ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
පහත සදහන් ජලීය ද්‍රාවණයන්හි H2O ඇතුලුව සන්නායකතාව අඩුවන පිළිවෙළ වන්නේ, A) 0.01M KCl, B) 0.1M KCl, C) 0.1M HAC (HAC=ඇසිටික් අම්ලය), D) H2O ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. D > C > B > A
  • 2. A > C > B > D
  • 3. A > B > C > D
  • 4. B > A > C > D
  • 5. C > D > A > B
0 votes
පහත සඳහන් කුමන වගන්තිය බහුඅවයවක පිළිබඳ වැරදිද? ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. බේක්ලයිට් තාප ස්ථාපන බහුඅවයවිකයකි.
  • 2. ටෙෆ්ලෝන් තාප සුවිකාර්ය බහුඅවයවයකි.
  • 3. නයිලෝන් 6,6 සෑදී ඇත්තේ 1,6-ඩයිඇමයිනොහෙක්සේන් සහ හෙක්සේන්ඩයිඔයික් අම්ල ආකලන බහුඅවයවීකරණය මගිනි.
  • 4. ටෙරිලීන් සෑදී ඇත්තේ එතිලීන් ග්ලයිකෝල් සහ ටෙරිතැලික් අම්ලය අතර සංඝනන බහුඅවයවීකරණය මගිනි.
  • 5. ස්වභාවික රබර් cis-polyisoprene දාමවලින් සමන්විතය.
0 votes
👍 1
He, CH4, CCl4, CBr4, SiH4 හි තාපාංක වැඩිවන පිළිවෙළ වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. CH4 < He < SiH4 < CCl4 < CBr4
  • 2. He < SiH4 < CH4 < CCl4 < CBr4
  • 3. He < CH4 < SiH4 < CCl4 < CBr4
  • 4. CH4 < He < SiH4 < CBr4 < CCl4
  • 5. He < CH4 < CCl4 < SiH4 < CBr4
0 votes
👍 1