𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
PCGLK
AMD Graphics සමගින් Exynos 2200 කරලියට
2019දි Samsung සමාගම AMD සමාගම සමග එකතු වෙලා AMD Graphics තමන්ගේ Exynos SOC එකට අරන් එනව කියල නවේදනය කලා. එම නිවේදනයෙන් වසර 2කට පස්සෙ තමන්ගෙ Exynos 2200 Chipset එක 2022 ජනවාරි 19 වනදා Samsung සමාගම unveil කලා.
4nm තාක්ෂණයෙන් නිර්මාණය වන Exynos 2200හි නවතම Armv9 CPU Cores වගේම Upgraded NPU එකක් ඇතුලත් වනවා. මෙහි විශේෂම දෙය වන්නේ දැනට ඇති Gaming Console හා සමකල හැකි Raytracing සහිත Graphics Output එකක් ලබාදීමට හැකි GPU එකයි. AMD සමාගමේ නවතම Radeon Graphics සදහා යොදාගන්නා RDNA 2 තාක්ෂණයෙන් තමයි Exynox 2200හි Xclipse GPU එක නිර්මාණය වෙන්නෙ.
මේක හඳුන්වාදීමේ blog post එකේදි VS Code development team එක කියල තියනව මේ විදිහට Web browser එකක් මත ක්‍රියාකරන සම්පූර්ණ code editor එකක් සංවර්ධනය කිරීමලු ඔවුන්ගෙ මුල්ම ඉලක්කය උනෙත්. විශේෂයෙන් මේ හේතුවෙන් desktop apps ක්‍රියාකරවන්න බැරි iPads සහ Android tablets වගේ පද්ධති වල පවා මේ විදිහට VS Code web app එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන්.
Desktop app එකේ තියන සියලුම පහසුකම් තවම VS Code web app එකේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි desktop app එකට හදපු extensions බොහෝමයක් web app එකේ ක්‍රියාත්මක නොවීමයි. ඒව ඉදිරියට web app එකෙත් ක්‍රියාත්මක වෙන්න පුලුවන් විදිහට update වේවී. Microsoft ආයතනය ලේසියෙන්ම test කරන්න පුලුවන් themes පහසුකමත් මේ web app එකට ඇතුලත් කරල තියනවා. උදාහරණයක් විදිහට vscode.dev/theme/sdras.night-owl කියන link එකෙන් Night Owl theme එක install උන VS Code සංස්කරණයක් බලාගන්න පුලුවන්.
Microsoft ආයතනය මේ VS Code web app එකට ඉක්මනින්ම updates කිහිපයක්ම නිකුත් කරන්න සූදානම් වෙනවා. මේ web app එක, browser එකක් ක්‍රියාත්මක වෙන internet connection එකක් තියන ඕන device එකක ක්‍රියාත්මක කරන්න පුලුවන් තාවකාලික, වේගවත්, සම්පූර්ණ code editor එකක් බවට පත් කිරීම ඔවුන්ගෙ අරමුණ කියල මේකෙ developing team එක ප්‍රකාශ කරල තියනවා.
PCGLK
Web browser එක මත Visual Studio Code.
Microsoft Visual Studio Code කියන්නෙ දැනට තියන හොඳම code editor එකක්. ඒක සම්පූර්ණයෙන්ම free සහ open source, ඒ වගේම සියලුම desktop platforms වල වැඩ කරනව සහ VS Code සඳහා තියන විශාල extension library එක විවිධ වැඩ පහසු කරගන්න ඉතා වැදගත්. මේ සියලුම හේතු නිසා VS Code, ලෝකයේ programmers ල අතර ඉතා ජනප්‍රියයි. මෙච්චර කල් අපි කවුරුත් ආදරය කරපු VS code editor එක web app එකක් විදිහටත් හඳුන්වාදෙන්න මේ වෙද්දි Microsoft ආයතනය කටයුතු කරල තියනවා.
මේ VS Code web app එකට vscode.dev කියන link එකෙන් යන්න පුලුවන්. Web app එකෙත් පෙනුම desktop app එක වගේමයි. මේකෙදිත් ඔයාට extensions install කරන්න හැකියාව ලැබෙනව වගේම desktop app එකේදි යොදාගත්ත GitHub account එක හරි Microsoft account එකෙන් හරි sign in වෙලා desktop එකේ තිබ්බ settings sync කරගන්නත් පුලුවන්. මේකට remote repository එකකින් හෝ files upload කරල හෝ edit කිරීමට files එකතු කරගන්න හැකියාව තියනවා.
ලොව මෙතෙක් තිබූ අධිවේගී ම අන්තර්ජාලය වේගය පිළිබදව හිමිව තිබූ වේගය නැවුම් කිරීමට ජපාන ඉන්ජිනේරුවන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා.
එනම් තත්පරයකට ටෙරාබයිට් 319ක තරම් වේගයකින් කිලෝමීටර 3000 දිග ෆයිබර් කේබල් එකක් හරහා දත්ත සම්ප්‍රේශන කිරීමට මොවුන්ට හැකි වී තිබෙනවා.
මෙය කෙතරම් වේගවත් ද කිවහොත් මෙමගින් ඔබට පැය 5300 තරම් දිග HD වීඩියෝවක් තත්පරයකින් ඩවුන්ලෝඩ් කරගැනීමට හැකි වනු ඇත.
අතාත්වික 🇱🇰
ඔන්න මන් ආයි giveaway එකකට ගියා. මේ පාරවත් වොට් කරලා support එකක් දෙන්න please😢.
කරන්න තියෙන්නේ මෙච්චරයි ⚡️
මේ channel එකට join වුණා 👇🏻
https://t.me/ravanagiveaways
මේකට වොට් එකක් දැම්මා ❤️
https://t.me/ravanagiveaways/443
Name In Competition - Tharuk Renuja
Screenshots ටික මේකට එව්වා📲
@SLBotsofficialHelpbot
විනාඩියක් යන්නේවත් නැනේ ඕකට please වොටේ එකක් දාල support එකක් දෙන්න😢
Capacity – ධාරිතාවය
සාමාන්‍යයෙන්SD card එකක් 2GB වල සිට 64GB 128 GB දක්වා විවිද වලින් මිලදී ගන්න පුළුවන්. එක් එක් Device එකේ සදහන් කරල තියෙනව ඒ Device එක Support කරන උපරිම capacity එක. ඒ කියන්නෙ ගන්න පුවවන් ලොකුම card එක ගන්න කලින් එය තමන්ගෙ Device එක Support කරනවද කියල බලන්න වෙනව.
තමන්ගෙ Device එකට SD card එකක් මිලදී ගන්න කලිං සම්මත ප්‍රමාණය Form factor, ධාරිතාවය Capacity සහ වේගය speed class ගැන දැනගෙන ගියොත් එය ඉතා පහසු තීරණයක් වේවි.
Speed class
SD cards වල දත්ත ලියන කියවන වේගයන් අනුව speed class 4කට වෙන් කරන්න පුළුවන්. 2,4,6 සහ 10 ලෙස වර්ග කරල තියෙන class වලින් වේගය අඩුම class 2 එක. Class 2 SD card එකක් sd video recording එකකට හරිගියත් දැනට තියෙන smart phone වල තිබෙන HD video recording rapid Photo shooting සහ SD card එකට Apps install කරල use කරනව වගේ අංග සදහා ගැලපෙන්නෙ class 10 SD card එකක්.
SD card එකක වේගය එහි කවරයෙ වගේම කාඩ් එක මතත් Print කරල තියෙනව. එහෙම ලකුණු කරල නැතුනම් ඒ SD card එක ඉතා පරණ speed class 2 වඩා Slow එකක් වෙන්න පුළුවන්.
2016 වෙද්දි UHS – Ultra High Speed SD card කාණ්ඩයකුත් නිකුත් වෙලා තියෙනව. Class 1 සහ class 3 ලෙස නිකුත් වන මෙම SD card සුදුසු DSLR camera වගේ අධික වේගයෙන් Data read write කරන්න අවශ්‍ය Device වලටයි.
Form factor – ප්‍රමාණය
📌Standard size SD card – 32mm x 24mm
📌Mini SD card – 21.5 mm x 20 mm
📌Micro SD card – 15 mm x 11mm
ලෙස සම්මත ප්‍රමාණ 3ක් යටතේ SD card නිෂ්නාදනය වෙනව.
PCGLK
SD card තෝරා ගමු
SD card එහෙමත් නැත්නම් Secured Digital card කියන්නෙ ඉතා කුඩා ඉඩක වැඩි data Capacity එකක් ගබඩා කරන්න පුළුවන් ලෙස නිපදවපු Flash memory chip එකක්. Digital camera, smart phone, tab වගේම laptop වලත් SD card භාවිතා වෙනව. ඒත් හැම SD card එකක්ම හැම Device එකකටම හරියන්නෙ නැහැ. මේ නිසා SD card එකක් මිලදී ගන්න කලිං පහත කරුනු ගැන අවධානය යොමු කරන්න වෙනව.
මේ නව CPU සදහා නව Chipsets එහෙමත් නැත්නම් Motherboards වලට යාමට ප්‍රධාන හේතුව intel Raptor lake CPU වල ඇති DLVR Digital Linear Voltage Regulator පහසුකමයි. මේ හරහා අඩු Voltage එකක් යටතේ වැඩි performance එකක් ලබාදීමේ උත්සහයක intel සමාගම නිරත වෙනවා.
13 වන පරම්පරාවේ intel Raptor lake CPU වල Cores 24 දක්වා උපරිමයකට යාම වගේම high speed DDR 5 RAM support එකත් ඇතුලත් වෙනව. කෙසේ වෙතත් දැනට ඇති LGA 1700 Socket එකම මෙයට භාවිතා වෙන නිසා – 12th gen Motherboards වලට මෙම 13th gen CPU backward Compatible වේවිද යන්න ගැන තවමත් අදහසක් නැහැ.
PCGLK
Intel 13 Gen ගැන තොරතුරු Leak වෙයි
Motherboard නිෂ්පාදකයකු වන Biostar සමාගම ECC (Eurasian Economic Commission) වෙත තමන්ගේ අළුත්ම intel 13th gen සදහා වන Motherboard නම් Register කිරීමක් වාර්ථා වෙනවා. Biostar Z790 Valkyrie, Z790 Racing GTA, and Z790-A Silver කියන මේ නම් සමගින් intel සමාගමේ මීලග Generation එක සදහා අළුත්ම Motherboards මිළදී ගැනීමට සිදුවේවි දැයි සැකයක් මතුවෙනවා.
Intel සමාගම තමන්ගේ 12 වන පරම්පරාවේ CPU නිකුත් කරේ 2021 අන්තිමේදියි. ඒ සමගම ඔවුන් තමන්ගෙ මීලග Raptor lake Generation එකේ Testing පටන් ගත් බවත් සදහන් කරා. මේ සමගම 2022 අවසානයේ intel 13th generation එක නිකුත් කරන බවත් පැවසූ intel සමාගම මෙතරම් කෙටි කලක් තුල Motherboard මාරුවකට යාම ගැටළු සහගත එකක් වෙනවා.
Samsung හි Foldable OLED Display තාක්ෂණය, Galaxy Flex Note ලෙස මෙහිදී ඉදිරිපත් වූ අතර එමඟින් Laptop Size Display එකක් Fold සහ Unfold කල හැකි තාක්ෂණයක් හඳුන්වාදෙනු ලැබුවා.
මෙම Flex Note තාක්ෂණය සහිත OLED Dispaly එක Fold කල විට අඟල 13 ක Laptop එකක් ලෙස හා Unfold කලවිට අඟල 17 portable Monitor එකක් ලෙස භාවිතා කල හැකියි.
මේ නිසා Folding Laptop එකක් පිළිබඳ සාධනීය බලාපොරොත්තු තබා ගත හැකි බවට මෙම නව නිර්මාණය ඉඟි කරන අතර, එය සම්පූර්ණයෙන්ම අනාගත පරිගණක තාක්ෂණය වෙනස් කරනු ඇති.
TechNewsLK
Samsung Folding OLED Display තාක්ෂණය අනාගත Folding Laptop එකක බලාපොරොත්තුවක් ද?
Folding phone දැන් තවදුරටත් අපිට ආගන්තුක නොවන්නේ FlexPai, Motorola, Samsung වැනි සමාගම් වලින් ඇරඹී මේ වන විට Huawei, Oppo වැනි චීන සමාගම් දක්වා Folding Smartphone නිශ්පාදනය ව්‍යාප්ත වී තිබීම නිසයි.
නමුත් Folding Laptop එකක් ගැන ඔබට සිතා ගත හැකිද? දැනට අපිට නුහුරු උවත් වර්තමානය විසින් දැනටමත් අනාගත Folding Laptop වලට මඟ පාදා අවසන්.
CES 2022 ප්‍රදර්ශනයේදී Samsung සමාගම ඉදිරිපත් කළ concept අතරට තුන් ආකාරයට නැමිය හැකි (Tri-Fold) විශාල OLED තිරයක් වෙතද අවධානයක් යොමු වුණා.
TechNewsLK
වෙළඳපොල වටිනාකම ඩොළර් ට්‍රිලියන 3 ඉක්මවූ ප්‍රථම publicly-traded company එක ලෙස Apple සමාගම ඉතිහාසයට එකතු වෙයි
ලොව වටිනාකමින් වැඩිම publicly-traded company එක ලෙස Apple සමාගම කිරුළු පැළඳි බව 2020 වර්ෂයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඒ වන විට Apple සමාගමේ වෙළඳපොල වටිනාකම පැවතියේ ඇමෙරිකානු ඩොළර් ට්‍රිලියන 1.84ක වන අතර, එයින් මාස 17කට පසු, එනම් මේ වන විට එක ඇමෙරිකානු ඩොළර් ටිලියන 3 සීමාව අබිභවා යෑමට සමත් වී තිබෙනවා.
මේ අනුව ඩොළර් ට්‍රිලියන 3ක වෙළඳපොල වටිනාකම් සීමාව පසු කළ පළමුවැනි publicly-traded company එක ලෙස Apple සමාගම ඉතිහාසගත වන අතර, Microsoft සමාගම ද මේ වන විට වෙළඳපොල වටිනාකම ඩොළර් ට්‍රිලියන 2.6ක සීමාවේ පසු වෙනවා.
කෙසේ නමුත් මෙම ඩොළර් ට්‍රිලියන 3ක වෙළඳපොල වටිනාකම යනු එම සමාගම සතුව ඩොළර් ට්‍රිලියන 3ක් මුදල් ලෙස හෝ assets ලෙස පැවතීම නොවන බව වටහාගත යුතු අතර, මෙය හුදෙක්ම සංකේතාත්මක වටිනාකමක් පමණි.
එමෙන්ම මේ ඩොළර් ට්‍රිලියන 3ක වටිනාකම කෙසේද යන්න සසඳා බැලුවහොත්, එක්සත් රාජධානිය, ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව සහ දකුණු කොරියාව යන රටවල් වල දල දේශීය නිෂ්පාදනයට වඩා ඉහළ අගයක් වෙනවා.
Community Owner හට තම Community එක Open Community හෝ Invite Only Community එකක්ද යන වග තීරණය කළ හැකි අතර, Community Participations ලා හට උපරිමය 5ක් දක්වා වූ පරිශීලකයන් සඳහා Community එකට Invite කිරීමේ හැකියාව තිබෙනවා.
මෙම Twitter Community විශේෂාංගය උත්සාහ කිරීමට ඔබත් කැමති නම්, Twitter ආයතනය විසින් උද්දීපනය කරන පහත සඳහන් Communities කිහිපයක් සඳහා Join වීමේ හැකියාව පවතිනවා.
📌 Roblox
📌 Xbox Community
📌 Tech Twitter
📌 Fashion
📌 R&B Twitter
📌 Formula 1
Twitter Community එකක් නිර්මාණය කර ගැනීම සඳහා පරිශීලකයන්ට සෘජු පහසුකමක් තවමත් සපයා නොමැති අතර ඉදිරියේදි එවැනි විශේෂාංගයක් ලබා දීමටද Twitter සමාගම කටයුතු කරන බව වැඩි දුරටත් පවසා තිබුණා.
TechNewsLK
Twitter Communities විශේෂාංගය නිළ වශයෙන් Android පරිශීලකයන් සඳහා ලබා දෙයි
Twitter සමාගම Facebook Groups, Reddit වැනි Platforms සමඟ කරට කර තරඟ කිරීම සඳහා පසූගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී Twitter Communities නමින් නව විශේෂාංගයක් හඳුන්වා දෙනු ලැබුවා.
නමුත් එම විශේෂාංගය IOS සහ Twitter Web පරිශීලකයන් සඳහා පමණක් සීමා වී තිබුණි. කෙසේවෙතත් නවතම Android සංස්කරණය (9.26.0) හරහා Android පරිශීලකයන් හටද ඉතාමත් පහසුවෙන් Twitter Communities සඳහා සම්බන්ධ වීම සහ Tweets පළ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
Barroso කලින් පවසා ඇත්තේ "2022 මැතිවරණ ක්‍රියාවලියට සැලකිය යුතු සහභාගිවන්නෙකුට නිසි නෛතික නියෝජනයකින් තොරව බ්‍රසීලයේ වැඩ කළ නොහැකි බවත්, එය ජාතික නීති සහ අධිකරණ තීන්දුවලට අනුකූල වීම සඳහා වගකිව යුතු බවත්ය." මේ අනුව, ටෙලිග්‍රෑම් ඇතුළු එවැනි සමාගම්වල භෞතික නියෝජනයක් රට තුළ විවෘත කිරීමේ අවශ්‍යතාවයක් ඔහු ඉඟි කර ඇත. එසේ නොමැති නම්, රට තුළ ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා නීති සම්පාදනය කරන සම්පාදකයින් විසින් ඒවා තහනම් කළ යුතු බව ඔහු විශ්වාස කරයි.
අපගේ බ්‍රසීලියානු නාලිකාව තුලින් මෙය පිළිබඳව වැඩිදුර විස්තර පෘතුගීසි භාෂාවෙන් කියවන්න :
tecnoblog.net/noticias/2022/01/19/tse-cogita-banir-telegram-no-brasil-para-combater-fake-news-nas-eleicoes
#Brazil #lockstg
Credit : Telegram Info Sinhala
බ්‍රසීලයෙහි ටෙලිග්‍රෑම් තහනම් කිරීමකට සැරසෙයි.
ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර සාවද්‍ය තොරතුරු යැවීමට ටෙලිග්‍රෑම් භාවිතා කළ හැකි යැයි බ්‍රසීලයේ බලධාරීන් බිය වී ඇත.
TSE හි වත්මන් ප්‍රධානියා (local analogue of the CEC) වන Luis Roberto Barroso, Pavel Durov වෙත ලිපි කිහිපයක් යවා ඇත, නමුත් ප්‍රතිචාරයක් නොලැබුණි. මෙම ලිපිවල, TSE විසින් ටෙලිග්‍රෑම් පරිපාලනය සමඟ රැස්වීමක් පැවැත්වීමට සහ ඉදිරි මැතිවරණවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට යෝජනා කර ඇත. Twitter, Facebook සහ WhatsApp සමඟ සමාන විධිවිධාන දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ටෙලිග්‍රාම් මෑතකදී රටේ වත්මන් ජනාධිපති Jair Bolsonaro ගේ ආධාරකරුවන් අතර ජනප්‍රිය වෙමින් පවතී. 2021 මුලදී, ඔහු ටෙලිග්‍රෑම් නාලිකාවක් ආරම්භ කර සත්‍යාපන පිරික්සුම් සලකුණක් පවා ලබා ගත් අතර 2018 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී ටෙලිග්‍රෑම් ක්‍රියාකාරීව භාවිතා කර ඇත.
අපේ group එකටත් අනිවරෙන් join වෙලා ඉන්න comments වලත් හොද අදහස් share වෙනවා සහ channel එකේ අවුලක් වුණොත් දැනගන්නත් එක්කම අපේ group පොජ්ජටත් join වෙලා ඉන්න😅.
Link👇🏻
https://t.me/chanel_dp_of
