en
Feedback
Sinhala Poetry Foundation

Sinhala Poetry Foundation

Open in Telegram
468
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
#poetry
#poetry

ජීවිතේ සරල තේරුම මැරෙන එක වෙන්න ඇති මැරෙනකන් මට ඒක ප්රශ්නයක් සරල නැති කිසිදෙයක් ප්රශ්න නොකරන නිසා අතරමැද හැම දේම විස්මයක් අන්ධකාරය නැමැති යමක් පවතින බවට සාක්ෂිය එකම එක දිස්නයක් ඔබ ගගනගාමියෙක් වෙන්න ඇති චන්ද්‍ර තරණය කරන්නැති ඒත් මට හඳ තාම කිරි හට්ටියක්... Thilina Priyalal Koggalage #priyalal_koggalage

හිතාදර හංසයිනි, ම⁣ගේ සිනා දියතර කඳුළු වෙන් කර ගන්න වෙහෙසෙන ඇතැම් විට මේ දැනෙන්නේ, සහසක් පියුම්,⁣ කොඳ, පෙඳ, පාසි දහසක් ජීවිත අතර විල්වාසි නිතර ඔබ මොබ පීනුව ඇල්මක් බැල්මක් නොලදුව එක පුංචි කුඩ මසෙකු නැති අඩුව හිසින් බර උසුලගෙන යන අතර ඇසින් ප්‍රේමයම ඉසිමින් නිතර "ගුඩ් මෝනින් මචං" කියු කූඹියෙක් පෑගුනේ මගේම පයටමද? ගෑවුනේ උගේ ලෙයමද? හදවතේ කීරී ගැහෙනා තැවුල ආලෝක වර්ෂ දහස් ගානක් ඈත කොහේදෝ කොඳෙව්වක සිට රෑට ආලෝක කිරණක් එවන්නේ මිය ගියපු තරුවක්ද? නැද්ද? නිශ්චිතව නොදන්නා කුහුල හිතාදර හංසයිනි, ම⁣ගේ සිනා දියතර කඳුළු වෙන් කර ගන්න වෙහෙසෙන අපි සිටින්නේ එකම මහ විසල් මුහුදක ඒ නිසයි අපේ ජීවිත මේ තරමටම ලුනු රස #thilina_priyalal_koggalage

ඉඩෝරේ මහ දාහයෙන් - තොල් පැලී වියළී ගිහින් පිපාසෙන් හෙම්බත් වෙමින් සිටි උල්පතක් රැකගනු රිසින්, ගඟක් උඩුගං බලා ඒවිද දිය බිඳක් රැකගෙන මිටින්? රැයක් නොනිදා ස්නේහයෙන් - රකින ලද කඩුපුල් ලියන් තලා පොඩිකර දමනු දැක දැක පලායනු මිස බටහිරින් හිරුට එරෙහිව සටනකට එද චන්ද්‍රයා එඩිතර ලෙසින්? පුරුදු ලෙස වැදි රජ අතින් - කඩු සටන පැරදුණු බැවින් ගල්ලෙනට වැද ලෙන් දොරත් බැඳ ගුලි ගැහී නිදනා මගෙන් සබඳ, මනරංජිතද ප්‍රේමය? කියා නොඅසනු මැන ඉතිං © තිලිණ ප්‍රියලාල් කොග්ගලගේ #thilina_priyalal_koggalage

නිරුවත් කවියා බාබා තහේර් ඔර්යාන් හුඟදෙනෙක් රූමිට කැමති වුණාට මම කැමතිම පර්සියානු කවියා බාබා තහේර් ඔර්යාන්. එක හේතුවක් ලංකාවේ හුඟදෙනෙක් පර්සියානු කවියන්ගෙන් කියවලා තියෙන්නේ රූමි සහ ඕමාර් ඛයියාම් විතරයි. ෆිර්දවුස්, ෆර්හාද් දින් අත්තර්, හෆීස්, නෙසාමි වගේ අය ගැන අහලා තියෙන්නේ ඉතාම සීමිත පිරිසක්. බාබා තහේර් මුල්කාලීනයෙක්. ඔහු රූමි නෙසාමි හෆීස්ලට වඩා කලින් ඉඳපු කෙනෙක්. ඔහු ගැන කියද්දි හරිම සංවේදී කතාවක් තියෙනවා. ඔහු කවියෙක් වුණේ කොහොමද? පුරාවෘත්තවල කියවෙන විදියට බාබා තහේර් කියන්නේ හරිම සරල සහ අහිංසක මනුස්සයෙක්. ඒ නිසාම එයා හිටපු නගරෙ අය මෙයාව විහිළුවකට ගත්තා. ඔහු ඒ කාලේ කවියෙක් නෙමෙයි. ශීත ඉර්තුවේ එක සීතල දවසක නගරෙ මිනිස්සු හිතුවා මෙයාට විහිළු කරලා විනෝදයක් ලබාගන්න. ඉතින් මේගොල්ලො බාබාව අරගෙන එනව අයිස්වගේ දියපාරක් ළඟට. ඇවිත් ඔහුට කියනවා  මේකේ පීනුවොත් ඔහුට කවියෙක් වෙන්න පුළුවන් බව. මේ අහිංසක බාබා තහේර් අර නගරෙ වැසියන්ව විශ්වාස කරලා ඇඳුම් ගලවලා අර අයිස්වගේ සීතල වතුරට බැහැලා පීනනවා. ටික වෙලාවක් යද්දි ඔහු දකිනවා තමන් වටේ ඉන්න හැමෝම ඔහුට හිනාවෙනවා. ඔහුට තේරෙනවා හැමෝම ඔහුව ගොනාට අන්දපු බව. මේ නිසා ඔහුගේ හදවත දැඩි වේදනාවට ලක්වෙනවා. ඒත් හැමෝම පුදුමයට පත්කරමින් ඔහු එදා ඉඳලා අති විශිෂ්ට කවියෙක් බවට පත්වෙනවා. එතන ඉඳලා ඔහුව හඳුන්වන්නේ නිරුවත් කවියා විදියට. මේ ඔහුගේ කවි දෙකක්: නොදුටුවොතින් ඔය උවන නැත සාමයක් මගෙ හදවතට සැනෙන් පලායයි මගේ ශෝකය දුටුවේ නම් ඔය උවනත සෑම පිරිමියෙක්ටම ඇතිනම් දුකින් කොටසක් මගේ හදවතේ ඇති වෙලී ශෝකයෙන් මේ ලොවේ හැම හදවතක්ම දැන් කඳුළු සලමින් සිටින මුහුද මමය මෙහි කේන්ද්‍රගතව හිඳින විශ්වය මමය පෙනෙන දෛවයේ පුස්තකය මමය සැදී පැහැදී හිඳින බලාපොරොත්තුවේ සහ භීතියේ තිතක් සෑදීමට සටහන :-  රශ්මික මණ්ඩාවල

බිරුම් කෙඳිරුම් නදක රුදු විසල් සීරුම් ය... මා වටා ගෙතුණු කතාවක් වන් අතීතෙක දැවටි දැවටී අප පසුපසින් ඇදී ආ කුඩා බලුපැටියෙක්‍ ය මග කියා ඉව කෙරූ මීදුමක එති එතී රූ පවා මැකී ගිය... පරණ පින්තූරයක දූවිලි පිටු විලස එහිම මැද මුල් ඇදුණු අක්කපානක් සදිසි පිටු දිගේ මුල් ඇදී මගේ හදවත වෙත ද තවම මා පෙලන රුදු සිහිවටනයක් සදයි ඒ අඳුරු සැඳෑවේ ඒ කුඩා පැටි සුනඛ කොහේ හෝ සැඟවුණා යළි මෙමට හමු නොවී උඩුබිරුම් නාදයක් ඈතකින් ඇසුණාද කුඩා මා බිය වැදී යළි මඟේ ආවාද? ඉන්පසුව බොහෝ කල් සෙවු නමුත් ඒ ළපැටි වනපෙතක සැඟව ගිය මතක කැඩපතක් ලෙස විටින් විට පරාවර්තනය වේ මතක ඉර සෝ සුසුම් සැඩ ඇණී ඉරිතලා යයි පපුව... විසල් කලකට පසුව අප විසල් නිවහනට කුඩාවුන් පෙරැතිකළ බැවින් මා ගෙන ආව බූල් පිරි පොමනේරියන් සුනඛ පැටියෙක් ය පොඩි බිරුම් නාදෙකින් විසල් නිවහන දවන... ඌට යා හැකි මගක් නොමැත මේ නිවහනේ කුඩා පටු පඩි පෙළේ ඉහළ පහළට ඇදේ මගේ සෙල්ලම් දවස් වෙත කඩාපැනවැදී පින්තූර පොතක පිටු විසුණුකර යයි පිටව අප වටා ගෙතුණු දිගු කතාවක යම් තැනෙක බිරුම් කෙඳිරුම් නදක රුදු විසල් සීරුම් ය... නදුන් යසිත දසනායක #nadun_yasitha

#timrankeerthi

#lakshantha_athukorala #poetry
#lakshantha_athukorala #poetry

#Janaka_Mahabellana
#Janaka_Mahabellana

#poetry ♥️
#poetry ♥️

අලුත් කවරෙකින් අලුත්වුණු "වළාකුළු නිම්නයට එන්න " පොත. කියවන්න ♥️
අලුත් කවරෙකින් අලුත්වුණු "වළාකුළු නිම්නයට එන්න " පොත. කියවන්න ♥️

ගනාඳුර මැඬ ගලයි කුටියට සඳරැස් තැනින් තැන තරු ඇස්වලත් මඳහස් | පෘථිවි අයේශ්මන්ත #pruthuwi_ayeshmantha

ඔබ ඕනෑම වෙලාවක එන්න මා සිටින්නේ සන්තෝෂ විල අසල උසම උස ගසකයි! මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරවයි! මා මෙහි වෙසෙන බව ඔබට ලියූ තුරුපත් හොටෙන් ඇන, දෙපයින් ඉරා අන්න මේ ගස යට ඔහේ දිරා යයි, පොලවට පොහොර වෙයි! හීතල හීගඩු පිපෙන උතුරු දූපතින් එන හුලග ඔබේ සුවද ගෙන එයි. හීගඩු පිපුනාම පිහාට්ටක් දෙකක් හලන එක ගානක් නෑ දැන් මට පුරුදුයි! ඔබ ඕනෑම වෙලාවක එන්න මා සිටින්නේ සන්තෝෂ විල අසල උසම උස ගසකයි ! චන්ද්‍රයා චන්ද්‍රලෝක එව්වාම දිග හැරෙන කණාමැදිරි පියාපත් මේ දුර්ග ගස නැග එයි. ඇවිත් ඔබ මොබ ඇවිද ඔබේ වග විමසයි, වද වෙයි. එකෙක් දෙකෙක් අල්ලා ගස් කදේ ගසා මැරුවාම ඒ වදෙත් ඉවරයි! ගම් දනව් වලින් ඈතට උස ගසක වෙසෙන රෞද්‍ර ගිජුලිහිනියෙක් ගැන පුවතක් නුදුරේදිම ඔබට සැලවෙයි! නමුත් විස්වාස කරන්න, මං ඉන්නේ සන්තෝෂ විල අසල උසම උස ගසකයි ! මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරවයි ! Mkcp Shasheen #mkcp_shasheen

නැගිට්ටා __________ මල් නටුව අල්ලගෙන මලේ පෙති නැගිට්ටා මලේ පෙති අල්ලගෙන මල් රේණු නැගිට්ටා විවිධ වූ පාන්තික සමනල්ලු නැගිට්ටා ගිනි ගලින් ගල ගැටී ගෑස් ලිප් නැගිට්ටා ලුනු දියෙන් ඇනි ඇනී පාන් පිටි නැගිට්ටා උනුන් මත වැටී හුන් පාන් තැටි නැගිට්ටා ටාර්සන් තවම නිදි එඩ්ගර් රයිස් බරෝස් සමගින් නොවිසඳුණු අභිරහස් පේළියට නැගිට්ටා දිගින් දිගටම වීර ක්‍රියා කළ හෙයින් ටින් ටින්ට මහන්සියි ටින් ටින් තවම නිදි ස්නෝවි නැගිට්ටා සකලවිධ තුර්ය වාදක කණ්ඩායම් නැගිට්ටා දේශාභිමානී ගීත හොය හොයා ඇවිද්දා බාලදක්ෂ රෑන් පිටින් ජම්බෝරිය නැගිට්ටා දෙපට කොස්පට්ටා ගැටය වටයක් පැටලැ වූ වළලු දෙකේ ගැටය ගිනි නිවන්නාගේ පුටු ගැටය වැනි ගැට වර්ග නැගිට්ටා සකලයන් අඹන්නා නැගිට්ටා ඔහුගේ ඝෝෂා නාදයට බිය වී 'ගොයමෙහි වැද හුන් වී කුරුලු පොදියක් ලිහී ආකාසයේ විහිදී ඒ යායෙම තව තැනකින් යළිත් ගොයමට වදින' දර්ශනය නැගිට්ටා වනජීවී නාලිකා සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව චීටා සහ ඇන්ටිලෝපයා නැගිට්ටා ආහාර දාමයක අගට වී එකම ගහේ අතු දෙහෙක වසා සිටි ' ඊ ' වලින් උන්නු ඊගල් හා 'උ' යන්නෙන් හුන් උකුස්සා " ක්‍රෑස් " ගාගෙන නැගිට්ටා නගර අයිනේ පිහිටි ආර්ථික විද්‍යා පන්ති පෙළ නැගිට්ටා එකී ආර්ථික විද්‍යා පන්තිවලට එපිටින් අර්ථ ක්‍රමය වරින්වර තම මෛථුන්‍ය ඉරියව්ව වෙනස් කර පුරවැසියන්ට යන්න දෙන විට දෙපිටින්, දෛනිකව පාසල් විවාද කණ්ඩායම් අතින් බිඳ වැටෙන්නට නියමිත තර්ක ටික නැගිට්ටා යන්ත්‍රානුසාරයෙන් උඩ පැන ජයග්‍රාහකයන් තෝරා විඩාපත් වුණ ඉලක්කම් හා ඉංග්‍රීසි අක්ෂර පැලඳි පිංපොං බෝල වගයක් 'නයිට්' එක ඇද දමා යන්ත්‍රයේ මුවවිටින් නැගිට්ටා ...! Ruwan Bandujeewa #ruwanbandujeewa

https://youtu.be/GewHDSt5-jg සාහිත්‍ය සැරිසර මෙවර කිවියර නන්දන වීරසිංහ සමඟ #nandana_weerasinghe

නොබැලි නම් පස් මහ බැලුම් Hello මචං ආනන්ද බැරිද තව කෙස් ටිකක් අරගන්න? අභිනීල අක්බඹර මාකට් එක වැඩියි සෑහෙන්න නමෝ බුද්ධාය! පින්වත් ආනන්ද හෙල්ලුනයි කිව්ව දත එහෙමම ද? මාලිගාවෙත් වැඩ ඉවර සෑහෙන්න ඕපනින් එකට කොසොල් එනවලු ඔන්න හෙලෝ සාදු මම සුනඛත්ත දැනටම සල්ලි හම්බෙලා ඉක්මනට ගිජුකුළු ගිරි සෑයෙ නිදානෙට නියපොතු ටිකක් බැරිද කප්පන්න? නිගන්ටයො ටික මර්දනෙට පනතක් ගේමු ආනන්ද! බැරිද ලොකුනාන්සෙගෙන් හෙමිහිට කනාස්සනක් හරි ගහගන්න. අභිධර්මෙ, විනය පොත් ටික බැරිවෙයිද ගල් කරගන්න. ඔව් ඔව් ඕයි.. සුබද්දය දැන් ඉතින් අපිව අමතක ද? අතීසාරෙට ගොඩ බෙහෙත්! ජීවක එවන්නං ඉක්මනට බැරිවෙයිද විනාඩියකට ලොකු සාදු අපෙ ස්ටේජ් එකට නග්ගන්න. මොනාද ඕයි ඊයෙ කිව්ව බණ බැරිවෙයිද සංශෝධනේ කරගන්න. සල්ලි බැරිම නම් චෙක්, කාඩ් කැප වෙන ගොඩ දාගන්න. මේ අද හෙටම යයිද කුසිනාර නෑ නෑ දුකයි... ඒත් දන් නැද්ද නිදහස් වෙන්නෙ එපැයි අපි හා නැද්ද ඉතින් ආනන්ද..? "නමෝ මහා කාරුණිකස්සතස්ස!" © සහන් අත්තනායක -

නින්ද යාගෙන එනකොටම,, සීලිමේ රුහුණු කුමාරි දුවනවා ඒ විතරක් නම් මදැයි මං දිහා හොඳට බලලා හූවකුත් තියනවා ඩක-ඩොකොස් සද්දෙට බිත්ති ටික පණ බයේ ගැහෙනවා ජනෙල් ටික ඉතිපිසෝ කියනවා හවස බෙරිහන් දුන්නු රෑහියෝ නොනවත්වාම කහිනවා පැනඩෝල් ඉල්ලලා පෝලිමට දොරට තඩි බානවා ඒ විතරක් නම් මදැයි පෙති වෙනුවට සිරප් එක නැද්ද කියලත් අහනවා ග්ලොප්-ග්ලොප් සිමෙන්ති පොකුණ කලතාන රන්වන් මාළුවෝ බිමට බහිනවා උන් ඇවිත් මිදුලෙ බඩ පිනුම් ගහනවා ඒ විතරක් නම් මදැයි මල් පඳුරු ගානේ කටවලුත් උලුක් කරගෙන ඉන්ස්ටා දාන්න සෙල්පි ගන්නවා (හෙන්දිරික්කා පැල තැලෙනවා ) ගේ කිරිල්ලිය විළිරුදාවෙන් අඬනවා "මිඩ්වයිෆ් කිව්ව විදියට පැටවුන් අතර පරතරේ තියාගන්න තිබුනේ" ගේ කුරුල්ලා කෙඳිරි ගානවා උන් ගැන අනුකම්පා හිතිලා ඇඬෙනවා ඒ විතරක් නම් මදැයි මම ඉතාමත් හදිසියේ වන් වන් නයින් ගහනවා Dinu rajaguru #dinurajaguru