WidoxLK
Open in Telegram
Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK
Show more2 191
Subscribers
No data24 hours
-167 days
-6730 days
Posts Archive
2 191
RCS messages system එක ගැන team widox අපි ඔයගොල්ලොන්ට කිව්වා මතකත් ඇති. ඒ වගේ ම මේ වෙද්දී iOS සඳහාත් මේ RCS support කිරීම නිසා පෙරටත් වඩා වැඩි වශයෙන් RCS system එක ජනප්‍රිය වෙලා තියෙනවා. මේ අතරේ ම Google සමාගමත් මේ RCS සඳහා අලුත් පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි dual RCS support කියන feature එක. ඒ අනුව මේ වෙනකං එක් SIM එකක් සඳහා පමණක් සීමා වුණු RCS දැන් SIM දෙකෙන් ම use කරන්න අවස්ථාව උදා වෙනවා. මේ feature එක බොහෝ කාලයක් testing කරලා තමයි මේ වෙද්දී public විදිහට release කරලා තියෙන්නේ. ඒ වගේ ම මේ සඳහා physical හා eSIM යන ද්විත්වය ම support කරනවා. වාර්තා වෙන විදිහට නම් ඉදිරියේදී server side update එකක් විදිහට මේ feature එක Android devices සඳහා ලබා දේවි.
#RCS
#Android
Team Widox
2 191
Google Photos කියන්නේ Google ලා හඳුන්වලා දීපු ඔවුන්ගේ ම Gallery එක කියලා ඔයගොල්ලෝ දාන්නවත් ඇති. ඔන්න Google ලා මේ Google Photos එකට AI Generated and Edited images හඳුනාගැනීමේ හැකියාව තියෙන feature එකක් මේ වෙද්දී ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව Images වල meta data section එකට ගියාම ඒ image එක AI වලින් edit කරපු එකක් නම් edited with Google AI, Created using tools like Magic Editor, Magic Eraser, and Zoom Enhance වගේ short phrase එකකින් අපිට ඒ බව පවසනවා. ඒ වගේම මේ images Pixel exclusive features වෙලා තියෙන Best Take, AddMe වගේ ඒවගෙන් capture කරපු ඒවා හඳුනාගැනීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා. මේ feature එක ඉදිරි සතිවලදී සියලු ම Android, iOS වගේ ම Web platform එක සඳහාත් ලබා දෙන බව තමයි වාර්තා වෙන්නේ.
#GooglePhotos
#AI
Team Widox
2 191
⭕️ අද දිනයේදී එළිදැක්වුණු නව SLT Fiber packages ⭕️
කණගාටුවට කරුණ නම් ලංකාව තුලම ඉපදුනු ලංකාවේ පරිභෝගිකයින් මත යැපෙන මෙවැනි සමාගම් තම පාරිභෝගිකයන් හට මෙවැනි packages ලබා දීමට සිහි වන්නේ තමන්ගේ අදායම් වලට තර්ජනයක් එල්ල වූ විට පමණක් බැවිනි.. 🙂💔
මේකෙන්ම ඇවිල්ල මේකෙන්ම කකා ඉන්න network providers ලා ටිකට starlink වගේ network provider කෙනෙක් ලංකාවට එනකම් සාදාරන ගානකට package ටිකක් තමන්ගේ users ලට දෙන්න බැරි උනා.. 💀💔 Dialog, Mobitel දෙකම එකයි.. Airtel එකටත් dialog එක අරගෙන හොදටම කරගෙන යනවා.. සාදාරන ගානකට package එකක් දෙන්න ඉන්නේ hutch විතරයි.. ඒත් hutch coverage නැ 💀💔..
#lakepankawa
2 191
IOS 18 release කිරීමත් සමඟ ඒකට සමගාමීව snapchat සමාගමත් iPhones වලට අලුත් shortcut එකක් introduce කරල තියනව.ඒ තමයි ඔයාල ඔයාලගෙ iPhone එක screen on කරාම ඔයාලගෙ lock screen එක තුළ Snapchat camera icon display කිරීමයි.මේ button එක tap කිරීමෙන් ඔයාලගෙ snapchat හි `Camera Only´ mode එක තමයි on වෙන්නෙ.ඒ වගේම මේකෙන් ඔයාලට snap එකක් creat කිරීමේ හැකියාවත් ලබාදීල තියනව.ඒ වගේම lock screen එක unlock නොකර මේ icon එක හරහා ඔයාලට snapchat එකෙන් photos ගැනීමේ හැකියාව ලබා දීල තිබුණත්,ඒ photos වලට filters add කිරීම හා post කිරීමට ඉඩ ලබා නොදේ.IOS 18 use කරන devices වලට මේ සමඟම තවත් පොඩි update එකක් ලබාදීල තියනව.ඒ තමයි app එක open කරල තියෙද්දි volume button මඟින් snaps capture කිරීමේ හැකියාවයි.ඉදිරි සතිය තුළ මේ update එක ලොවපුරා පරිශීලකයින්ට ලබාදෙන බවයි සමාගම පවසන්නෙ.
#Snapchat
#Apple
#IOS
@Widoxlk
2 191
Youtube කියන්නේ මේ වෙද්දී තියෙන ප්‍රධාන ම Video sharing platform එකක් කිව්වොත් නිවැරදියි. ඒත් මතක ඇති කාලයකට Android users ලාට හොඳ update එකක් දෙන්න Google සමාගම කටයුතු කළේ නෑ. ඒත් මේ වෙද්දී Google සමාගම ඒකට පිළිතුරක් දීලා තියෙනවා. අද ඒ ගැන...
Youtube එකේ mini player එක කියන්නේ මෙච්චර කලෙකට කිසිම විදිහකින් update නොකරපු feature එකක් කියලා ඔයගොල්ලොත් හොඳට ම දන්නවා ඇති. හැබැයි මේ වෙද්දී Google ලා iOS වල වගේ mini player එකක් Android users ලාටත් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපිට මේක screen එකේ coners 4 ඕනම තැනක තියාගෙන video බලන්නත් mini player එක resize කරන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම sleep timer කියලා අලුත් feature එකකුත් Youtube සඳහා හඳුන්වලා දීලා තියෙනවා. මේ හරහා අපිට video එකක් end වෙද්දී වගේ ම අපේ custom timer එකක් add කරන් video බලන්නත් හැකියාව තියෙනවා. ඒ විතරකුත් නෙවේ Youtube settings page එකත් redesign කරන්න Google සමාගම කටයුතු කරලා තියෙනවා. මේ settings වලට developer tools කියලා option එකකුත් add කරලා තියෙනවා හැබැයි මේ ගැන Google සමාගම මෙතෙක් කිසිම හඳුන්වාදීමක් සිදු කරලා නම් නෑ.
#Youtube
#Google
Team Widox
2 191
Meta සමාගම විසින් Whatsapp හි අලුත් update එකක් ලබා දීමට කටයුතු කරමින් ඉන්නව.කලින් ඔයාලගෙ whatsapp account එකට contact add කරන්න පුලුවන් උනේ smart phone එකෙන් විතරයි.Linked devices වලින් add කරන්න බැරි උනා.මේ update එකෙන් ඔයාලට ඔයාලගෙ whatsapp account එක linked කරල තියෙන devices වලිනුත් contact add කිරීමේ හැකියාව තියෙනවා.
#Meta
#Whatsapp
🌐 WidoxLK | Facebook 🌐
2 191
Spotify හා Instagram වෙතින් අලුත් ඒකාබද්ධ update එකක් rolling out කරමින් ඉන්නව.මේ update එකෙන් ඔයාලට Instagram වල posts හා reels වලින් ඇසෙන ගීත directly spotify හරහා full song එක ඇසීමේ හැකියාව ලබා දීල තියනව.Instagram post එකකින් අසන ගීත කොටසක දී තිරයේ පහළින් song name එක මත tap කලාම ඔයාල audio preview page එකට එනව.එතනදි ඔයාලට new button එකක් display වේවි `Add´ කියලා.ඒක tap කලාම ඒක ඔයාලගෙ spotify library හි liked songs වෙතට එක් වෙනව.මේ update එක වැඩ කරන්න නම් ඔයලගෙ spotify හා instagram accounts connect වෙලා තියෙන්න ඕන.මේ වන විටත් ලෝ වටා users ලට මේ update එක දෙන්න පටන් අරන් තියෙන්නේ.
#Instagram
#Spotify
🌐 WidoxLK | Facebook 🌐
2 191
Repost from bloGs by sUsA
Starlink price එකත් එක්ක ඒක worth ද දැනගන්න කියවන්න.. Dasun Sameera ගේ FB පෝස්ටුවක්
Starlink මම හිතපු Range එකේ (13,000 - 17,500) තියෙනවා (දැන් දෙනවා කියන්නේ 15,000ට). හැබැයි මං හිතුවෙ device එක 75,000ක් විතර වේවි කියලා. 😅 බොහෝ දුරට ලංකාවේ රජයේ tax නිසා ඒක 105,000 විතර වෙනවා ඇත්තේ. 😳
සමහර අය වැරදියට තේරුම් අරං තිබුණා මේක අරගෙන තැන තැන ගෙනියන්න පුළුවන් කියලා. ❌ නීත්‍යානුකූලව නම් එහෙම කරන්න අවසර නෑ. නමුත් වෙනත් රටවල දී නම් වෙනත් තැන්වලට ගෙන ගියාට ගැටළුවක් වුනේ නෑ කියලාත් කට්ටිය කියලා තියෙනවා. 🇺🇸 🇦🇺 හැබැයි මම නම් කියන්නේ එහෙම හිතාගෙන නම් ගන්න එපා. 😕 එයාලගේ roaming service එකක් තියෙනවා ඒක වෙනුවෙන්. ඒක මිල ටිකක් වැඩියි (ලංකාවේ මිල ගණන් තාම දන්නෑ, සමහර විට ලංකාවට ඒක එන එකක් නෑ. (TRC approval වෙනම ඒකට ගන්න වේවි.)
හැබැයි මේක ආවට පස්සේ SLT එක ලංකාවේ රජයට තියා ගන්න ඕන කියන තර්කය නම් තේරුමක් නැති තර්කයක් වෙනවා. 🙂 Australia වල රජයේ ටෙලිකොම් එකක satellite connection එකක් Starlink නිසා වහන්නත් වෙලා තියෙනවා (වහලාද කියලා හරියටම දන්නෑ, google yourself 🤣).
Starlink අවිවාධාත්මකව වඩා වාසි දායක වෙන්නේ දුර පැතිවල connection සඳහා. 🏞️ හොටල් ආයතන වගේ තැන්වලට වෙනම business package එකක් ගන්න වෙයි (ඒකත් තාම ලංකාවට නෑ). 🏨 ඒවා ආවම ඒ අය මේක ගොඩක් වැදගත් වෙයි. 🏢 පොඩි පොඩි කම්පැණි වලට නම් residential connection එක ඇති වේවි. 🏠 ඒ වගේම ලංකාවේ ඉන්න ඩොලර්, යුරෝ වලින් පඩි ගන්න remote jobs කරන අයට, තමන් කැමති පලාතක luxury ජීවිතයක් අඩු මුදලට විඳින ගමං රස්සාව කරගෙන යන්න ආසා, නමුත් internet නැති නිසා ඒක කරන්න බැරි අයට මේක ගොඩක් වැදගත් news එකක් වේවි. 🎉 ඒ වගේම ලංකාවේ ඒ වගේ පැති වල තානායම් කරගෙන යන අයට digital nomads ආකර්ශනය කරගන්නත් මේක මාර වැදගත් වේවි. 💼🌍
Unlimited data කියල තිබ්බට ආයතනයක් විදියට (using residential connection) මේක භාවිතා කරන්න හිතා ඉන්නවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. 😬 මොකද unusual activity තියෙනවා නම් data speed එක අඩු කරන්නත් ඉඩ තියෙනවා. 🐢 (ඔය කියන තරම් දරුණුවට මේවා වෙයි කියලා හිතන්න එපා. ගොඩක් තැන්වලදී මේවා ගැටලුවක් වෙන එකක් නෑ.) 4ක් 5ක් ඉන්න නිවසකට නම් residential connection එක ගැටලුවක් වෙන්න විදියක් නෑ.
Fibre 🌐 connection වෙනුවට StarLink 📡 වලට යන්න ඕන ද?
සරල කෙටි උත්තරය නම් ❌ නෑ..
දීර්ඝ උත්තරය නම් ✔️ ඔව්...
සරලව අපි ගත්තොත්, fibre connection එකකට reliability එක satellite connection එකක තියෙන්න විදියක් නෑ. ඒත් මේ ලංකාව. ලංකාව වීම නිසාම fibre connection වල ගැටළු ගොඩක් තියෙනවා. 😒 ඒ මදිවට බිඳ වැටීමක් වුනොත් (ගහක් කඩන් වැටිල වගේ) දින වලින් නෙමෙයි සති ගණන් වලින් internet නැතිවෙන ඔබට ඉන්න වෙනවා වෙන්න පුළුවන්. 😓 පුද්ගලිකව ඔබට fibre connection එක එක්ක තියෙන අත්දැකීම් එක්ක මේ තීරණය ගැන හිතන්න පුළුවන්. 💡 පුද්ගලිකව මට තිබ්බ ගොඩක් SLT ගැටළු wifi 6 router එකක් ගහ ගත්තම හරි ගියා. 😌 Connectivity ගැටළු තියෙනවනම්, නැතිනම් පුළුවන් නම් wifi වෙනුවට wired connection එකකට මාරු වෙලා බලන්න. 🔌 ඊගාවට දුර පිහිටීම, bandwidth, number of parallel connection, wifi disturbances වගේ දේවල් ගැන හොයලා බලලා වඩා ඔයාට සුදුසු wifi device එකක් අරගන්නත් පුළුවන්. SLT එකෙන් දෙන router එක නම් මෙලෝ රහක් නෑ. 😒 මට පුද්ගලිකව ගැටළුවක් වුනා එහා ගෙදරක තියෙන CCTV එකක තියෙන wifi interferences එක්ක. 🥹 ඒ මොනව නැතත් SLT itself සමහර වෙලාවට කිසි හේතුවක් නැතුව slow වෙනවා. 😔 සමහර වෙලාවට SLT firewall එකෙන් මහ විකාර විදියට connection slow කරනවා (trottle) කියලා මම සැක කරනවා. 🤔
මේ ඉහත හැමදේටම අමරතව, poor customer service එකට, අසාධාරණ value added මිල ගණනයට, fibre connection එකක සාමාන්‍යයෙන් data limit (cap) දාන්නෑ ලෝකේ. 🌍 ලංකාවේ wired connection වලත් mobile වල වගේ data වලට charge කරන එක අසාධාරණයි. 😤 Fibre connection unlimited විය යුතුයි. මිල වැඩි විය යුත්තේ bandwidth එක අනුවයි. මේ සියළු අසාධාරණ කම් වලට විරෝධතාවයක් දක්වන මාධ්‍යක් විදියටත් එක්ක මම Starlink වලට යනවා. 🚀 දිගටම SLT connection එක තියා ගන්නවා, හැබැයි මිල අඩුම connection එකකට downgrade කරලා. 🏷️ Backup option එකක් විදියට. 🔄
ඔයාට Starlink වලට යන්න ඕන නම්, ඒක ඔයා justify කරගන්න personal research එකක් කරන්න ඕන. 🔍 මගෙන් අහන්න නම් එපා! 😅 මොකද මේක එහෙම ප්‍රශ්නයක් දෙකක් අහලා ඔයාට මේක කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන් තරම් සරල ප්‍රශ්න නෙමෙයි. 😅 මගේ SLT connection ගැටලුව හඳුනාගෙන ඒකට පිළියම් යොදන්න මට සෑහෙන හිතන්න සහ research කරන්න වුනා (මං මේ network field එක ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි). 💻🧠
2 191
ඔන්න Guys, Starlink එකෙන් ලංකාවට දෙන packages වල price එක මේ වෙද්දී Starlink නිල වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ඒ අනුව මසකට රුපියල් 15 000ක් පමණ වෙන Unlimited package එකක් නිවාසාශ්‍රිත කටයුතු සඳහා හඳුන්වා දී ඇති අතර ඉදිරියේ දී තවත් packages හඳුන්වා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන...
👉For more details -https://www.starlink.com/lk/residential
#Starlink
#SriLanka
Team Widox
2 191
Android 15 update කරාට Android 15 එකෙන් ආපු features ගැන දන්නේ නැද්ද? එහෙනම් Android 15 ගැන දැනගමු...
👉 Read ArticleTeam Widox
2 191
IOS සඳහා පමණක් ලබා දීල තිබ්බ Chat specific themes දැන් Android Users ලට ලබා දීමට තීරණය කරල තියනව.මේ වන විට online හරහා messanger වගේ customisation සහිත whatsapp හි අලුත් interface එකක් share වේ.ඔයාලට මේ update එක හරහා chat colors 20 ක් හා textured chat themes 22 ක් ලබාගන්න පුළුවන්.ඔයාල chat එකට දාල තියන wallpaper එක change කරන විටත් ඒ chat එකට theme එක ආයෙ තෝරන්නත් පුළුවන්.
#Whatsapp
@Widoxlk
2 191
IOS සඳහා පමණක් ලබා දීල තිබ්බ Chat specific themes දැන් Android Users ලට ලබා දීමට තීරණය කරල තියනව.මේ වන විට online හරහා messanger වගේ customisation සහිත whatsapp හි අලුත් interface එකක් share වේ.ඔයාලට මේ update එක හරහා chat colors 20 ක් හා textured chat themes 22 ක් ලබාගන්න පුළුවන්.ඔයාල chat එකට දාල තියන wallpaper එක change කරන විටත් ඒ chat එකට theme එක ආයෙ තෝරන්නත් පුළුවන්.
#Whatsapp
🌐 WidoxLK | Facebook 🌐
2 191
ඔන්න Guys මීට සුළු වේලාවකට කලින් Google සමාගම official stable Android 15 update එක Pixel devices සඳහා release කළා. ඔයාලා ගාවත් Pixel 6 + device එකක් තියෙනවා නම් update එක ඇවිත් ද කියලා බලන්න...
#Pixel
#Android15
Team Widox
2 191
Xiaomi සමාගමේ sub brand එකක් වන Poco සමාගමේ නිල වෙබ් අඩවිය වන po.co මේ වසරේ දෙසැම්බර් 31 වන දා සිට discontinued කරන බව මේ වන විට නිල වශයෙන් නිවේදනය කර ඇත. ඉන් පසුව Poco brand එක යටතේ ඇති සියලුම products Xioami සමාගමේ නිල වෙබ් අඩවිය හරහා ලබා ගැනීමටත් අවස්ථාව සලසා ඇති බවත් Xiaomi සමාගම පවසනවා.
#Poco
#xiaomi
📱 WidoxLK | Facebook 📱
2 191
nVIDIA RTX 50 series එක 2025 ජනවාරි මාසයේදී CES ivent එකේදී එළිදැක්වීමට නියමිතයි..මේ වෙද්දී RTX 50 series main card කිහිපයකම details leak වෙලා තියෙනවා..මේ rumors වලට අනුව RTX 5090 main card එක 32GB GDDR7 memory එකකින්ද RTX 5080 16GB GDDR7 memory එකකින්ද RTX 5070 12GB GDDR7 memory එකකින්ද සාමනවිත බව වාර්තා වෙලා තියෙනවා.. 80,70 cards RTX 40 series memory size එකට සමාන වුනත් main 90 card එක 40 series එකත් එක්ක compare කරද්දී 24GB ඉදල 32GB වෙනකම් ලොකු upgrade එකකට යන්න සමත් වෙලා තියෙනවා.. RTX 5090 card එක 512bit memory bus speed එකකින්ද 5080 card එක කලින් වගේම 256bit එකකින්ද සාමන්විත වනවා.. කොහොම උනත් RTX 5090 card ඒකට 600w power එකක්ද 5080 card එකට 450w power එකක්ද අවශ්‍ය බව සදහන් වෙනවා.. කලින් series වලට වඩා RTX 5080 card එක 4090 card එකට වඩා performance අතින් ඉදිරියෙන් සිටින බවත් power consume අතින් 4090 ට වඩා අඩු power එකක් අවශ්‍ය බවත් වාර්තා වෙලා තියෙනවා.. කොහොම උනත් මේ හැම card එකක්ම Ai සදහා optimized card වනු ඇති බව වාර්තා වනවා..
2022 October වලදි RTX 40 series එක launch කරාට පස්සේ 2024 මුලදී CES එකේදී RTX super cards launch කරත් මේ වෙනකම් RTX main card launch එකක් කරලා නැ.. 40 series එක launch කරලා අවුරුදු දෙකක් ගිහිල්ලත් දැනටත් ලෝකේ තියෙන market available powerful ම card එක RTX 4090.. 💀
#nvidia
#rtx50
🌐 WidoxLK | Facebook 🌐
2 191
මේ වෙද්දී ජනප්‍රිය ම Social media platform එකක් වෙලා තියෙන Meta සමාගමේ WhatsApp යෙදවුම සඳහා Meta සමාගම විසින් Status update වලට අලුත් feature එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ මොකද්ද කියලා අද බලමු.
ඔයගොල්ලොන්ට WhatsApp Status ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මීට පෙර Zoom, Google Meet වගේ යෙදවුම් සඳහා ලබා දීපු Live Backgrounds feature එක මතක ද? ඒ වගේ ම feature එකක් WhatsApp Beta සඳහාත් නිකුත් කර තිබෙනවා. මේ feature එක හරහා live background හෝ non-live background සහිතව status share කිරීමටත් මේ හරහා අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේ ම මේත් එක්ක ම Low light condintion එකකදී පෙරට වඩා clear විදිහට WhatsApp camera එකෙන් capture කරන photos වගේ ම videos පවා share කරන්නත් හැකියාව ලබා දීලා තියෙනවා.
මේ feature එක මේ වෙද්දී WhatsApp beta සඳහා නිකුත් කර ඇති අතර ඉදිරියේ දී සියලු ම පරිශීලකයන්ට භාවිතා කිරීමට අවස්ථාව උදා වේවි.
#WhatsApp
#Meta
📱 WidoxLK | Facebook 📱
2 191
Finally, අවුරුදු ගාණක් දෙයි කියලා බලන් ඉඳපු Google Chrome එකේ Bottom bar එක 💀...
Team Widox
2 191
Zoom සමාගමේ නවතම AI assistant වන Zoom AI Companion 2.0 පසුගිය දා පැවති එහි වාර්ෂික Zoomtopia උත්සවයේදී introduce කලා.මෙය Gemini AI හා Copilot ට සමාන කමක් දක්වයි.මේ හරහා document summarise කිරීම,text generate කිරීම වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.ඒ වගේම workplace users ලට side pannel එකේ promt එක ලබා දීමෙන් Zoom හි සියලුම platforms වලට acess කිරීමේ හැකියාව තියනව.ඒ වගේම මේ assistant හට Zoom team channel හි unread messages summarise කිරීමටත් Zoom mail හි email threads recap කිරීමටත් පුළුවන්.ඒ වගෙම meeting එක අවසන් වූ පසුත් රැස්වීමේ අන්තර්ගතය පිලිබඳ අසන ප්‍රශ්න වලට පිළිතුරු හැකියාව ඇත.තවද AI assistant සමඟ කල conversations නැවත refer කරන්නත් පුළුවන්.ඒ වගේම මෙලෙස unveiled කරපු feature එකක් තමයි Custom AI avatars.මේ feature එක මුලින්ම ඔයාලට video එකක් record කරගන්න දීල පස්සෙ AI model හරහා එය Avatar එකක් generate කරනව.ඒ වගේම මේකට ඔයාලගෙ voice එකට සමාන voice එකක් generate කිරීමේ හැකියාව තියනව කියලා සමාගම කියනව.ඔයාල script එකක් add කලොත් මේ generate වෙන avatar එක කතා කරනවලු.
#Zoom
#AI
@Widoxlk
