5 473
Subscribers
No data24 hours
-177 days
-5630 days
Posts Archive
5 473
අනූනන විභාජනය ✅
🟢ද්විගුණ හෝ ඒකගුණ මාතෘ සෛලයක න්‍යෂ්ඨිය විභාජනය වී මාතෘ න්‍යෂ්ඨිය වර්ණදේහ සංඛ්‍යාවට සමාන වූත් ප්‍රවේණිකව සර්වසම වූත් දුහිතෘ න්‍යෂ්ටි දෙකක් නිපදවීමේ ක්‍රියාවලිය අනූනනය වේ.
🟢මෙය උප කලා පහකට බෙදනු ලබයි.
🟢එනම් ප්‍රාක් කලාව පෙර යෝග කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව වේ.
🔷ප්‍රාක් කලාව
🟢මේ අනුනන විභාජනය ආරම්භක සහ දීර්ඝතම කලාව වේ.
🟢මෙහිදී
✔️න්‍යෂ්ටියේ අඩංගු ක්‍රොමැටීන් දේහ සිහින් නූල් ලෙස දෘශ්‍යමාන වේ.
✔️ඒවා තවදුරටත් දඟර ගැසී ඝනීකරණය වීමේ හේතුවෙන් හිටිය හා ඝන වර්ණ දේහාංශ ලෙස සකස් වීම සිදුවේ.
✔️මෙහි ඇති සර්වසම සහෝදර වර්ණ දේශාංශ සෙන්ට්‍රොමියර ප්‍රදේශයේදී තදින් සම්බන්ධ වී වර්ණදේහ ලෙස දෘශ්‍යමාන වේ
✔️න්‍යෂ්ටිකාව නොපෙනී යාම සිදුවේ.
✔️කේන්ද්‍ර දේහ සෛල ධ්‍රැව වෙතට ගමන් කරයි.
✔️තර්කුව හා තුරුව නිර්මාණය ආරම්භ වේ.
🔷පෙර යෝග කලාව
🟢මෙහිදී
✔️න්‍යෂ්ටි පටලය බිඳ වැටේ.
✔️වර්ණදේහ තවදුරටත් දඟර ගැසී ඝනීකරණය වීම සිදුවේ.
✔️කයිනෙටොකෝර් නම් විශේෂිත ප්‍රෝටීනයක් සෑම වර්ණදේහයකම සහෝදර වර්ණ දේශාංශ සහ සෙන්ට්‍රොමියර ප්‍රදේශයේදී පාර්ශිකව සම්බන්ධ වේ.
✔️තර්කු තන්තු වර්ණදේහවල සෙන්ට්‍රොමියර ප්‍රදේශයේදි කයිනෙටොකෝර්ව සමග තදින් සම්බන්ධ වේ.
🔷යෝග කලාව
🟢මෙහිදී වර්ණදේහ වල කයිනෙටොකෝර්වට සම්බන්ධ වූ තර්කු තන්තු සංකෝචනය වීම හේතුවෙන් වර්ණ දේහ සමක තලය මත (යෝග කලා තලය) සෛලයේ පරිධිය වටා සකස් වීම සිදු වේ.
🔷වියෝග කලාව
🟢අනුනනය කෙටිම කලාව වේ.
🟢මෙහිදී
✔️කොහැසීන් ප්‍රෝටීන ජලවිච්ඡේදනය වීම හේතුවෙන් සෑම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියර ප්‍රදේශයෙන් වෙන් වීම සිදුවේ.
✔️කයිනෙටොකෝර්වට සම්බන්ධ වී ඇති තර්කු තන්තු සංකෝචනය වීම හේතුවෙන් සහෝදර වර්ණ දේශාංශ වෙන්වී ප්‍රතිවිරුද්ධ ද්‍රැව වෙතට ඇදී යාම සිදුවේ.
✔️වියෝග කලාව අවසානයේ සෛලයක ප්‍රතිවිරුද්ධ ද්‍රැව වල සමාන හා සම්පූර්ණ වර්ණදේහ කට්ටලයක් බැගින් අඩංගු වේ.
🔷අන්ත කලාව
🟢අනූනනයේ අවසාන කලාව වේ.
🟢මෙහිදී
✔️ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වලට ඇදී ගිය වර්ණදේහ වටා න්‍යෂ්ටි පටල ඇතිවේ.
✔️න්‍යෂ්ටිකා නැවත දෘශ්‍යමාන වේ.
✔️වර්ණදේහ ලිහිල් වී ක්‍රොමැටීන් ජාලයක් බවට පත්වේ.
✔️ප්‍රතිවිරුද්ධ ධ්‍රැව වල මාතෘ න්‍යෂ්ටියට ප්‍රවේණිකව සර්ව සම හා සමාන දුහිතෘ න්‍යෂ්ටි දෙකක් ඇති වේ.
✔️සත්ත්ව සෛලවල භේදන ඇලිය ද ශාක සෛල වල සෛල තලය ද ඇති වීම ආරම්භ වේ.
5 473
අපට දවසකට මනසට සිතුවිලි 6000ක් විතර එනවා😱.මේ ඔක්කොම සිතුවිලි අපේ මනසට උවමනා අපිව සතුටට පත් කරන සිතුවිලි නෙවෙයි😔.ඔයාලට මේ අත්දැකීම ඇති නොවුන නරක දෙයක් ගැන හිතලා ඔයා කොච්චර දුක් වෙලා තියනවද?🥺හිතන්න ඔයා තාමත් පාඩම් කරලා නැහැ😔.හැබැයි ඔයා පාඩම් නොකරපු එක ගැන හිතනවා.පාඩම් නොකල අතීතය ගැන හිතනවා.මම පාඩම් නොකරපු නිසා fail වෙයි කියන අනාගතේ ගැන හිතලා අඩනවා 😭.හැබයි තාම ඒ දේවල් වෙලාවත් නැහැ.ඉතින් ඇයි ඔයා මේ වර්තමානයේ ජීවත් නොවී අතීතෙයි අනාගතෙයි දුව දුව ඉන්නේ😒,ඔයා මෙහෙම හිතන්න හරි මට පාඩම් කරන්න බැරි වුනා😊.
කමක් නැහැ.තාම මම ෆේල් වෙලා නෑ😘.මම පරාජිතයෙක් වෙලා නෑ.මම වර්තමානය වෙනස් කරනවා.😊එතකොට මගේ අනාගතේ ලස්සන වෙයි😇
.හැමවෙලේම ඔයා මවාගන්න ඕනි ඔයාට දකින්න පුලුවන් ලස්සනම ආනාගතය හැබයි ඒකට මේ මොහොතේ වැඩ කරන්න. මේ මොහොතේ ජීවත් වෙන්න.😇😊
මතක තියාගන්න ඔයාගේ වර්තමානය කියන්නේ ඔයාගේ අතීතේ කරපු දේවල් වල ප්‍රතිපලයක්.🙂
ඔයාගේ අනාගතය කියන්නේ ඔයා මේ දැන් මේ මොහොත විදිමින් ගෙවන වර්තමානයේ ප්‍රතිපලයක්🙃
ඒක නිසා ඔයා වර්තමානයේ ජීවත් වෙලා යතාර්තයට මුහුණ දෙන්න.
එතකොට ඔයාට ඔයාගේ ඉල්ලක්ක වලට අනිවාර්යයෙන් යන්න පුලුවන් ❤️😍🤩
💫සිතුවිලි පාලනය කරනගෙන මනසට වදයක් නොකරගෙන සතුටින් වැඩ කරන්න කැමති හැම යාලුවෙක්ම,ජීවිතේ ලස්සන දකින්න අලුතින් හිතන්න කැමති හැම යාලුවෙක්ම එකතු වෙන්න මේක අවබෝධයෙන් කරමු.සතුටින් කරමු🌝
https://t.me/azurasb
5 473
💫 හිත් කියවන්න ආසයිද😏
එහෙනම් එන්න 😌
එකිනෙකාට දැනෙන හැඟෙන විදිය හඳුනාගමු 😁
අප අවට ඉන්න අය අපි ගැන මොනවා හිතනවා ඇතිද 🤔
එන්න අපි හොයාගමු 😜
5 473
දෙන්නගේ නම් එක් කොට
එදා මං කල කැටයම
අලුත් තින්තෙන් වැහුනට
තාම ඇති ඩෙස් එක මත
නමේ දේකේ හිමිකරුන්
වී ඇත පෙම්වතුන්
ඩෙස් එකේ කැටයම
දැන් ඇත පලුදු වී
🌺❤️
