cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🙏🙏Dhaham Mansala " ධහම් මංසල "🙏🙏

ධර්මයේ ගැබුර සොයා ඇරබෙන විශ්ව ගවේෂණය සමග ඔබත් එක් වන්න...☸️🙏🙏 Join us in your quest for the depths of the Dhamma ...☸️🙏🙏 ✌️Owner | @Dev_Saviya © ⚡️Powered By |@Rawana_Partners ®

Show more
Advertising posts
196
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙසං ජීවිතං පියං. අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ. 🍀(සාමාන්‍යයෙන්) සියලු සත්ත්‍වයෝ ම කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. රහතුන් තබා සෙසු සියල් සත්නට ම ජීවිතය ප්‍රිය ය. (රහත්හු ජීවිත මරණ දෙක්හි උපේක්‍ෂක වෙති.) එබැවින් තමා උපමා කොට නුවණැත්තේ කිසි සතක්හු නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය. (ධම්මපදය)
Show all...
පන්සිල් සුරකින පින්වතුන්ගේත්, පන්සිල් සුරැකීමට උත්සාහ කරන පින්වතුන්ගේත් යහපත පිණිස සමූහයක් නිර්මාණය කළෙමි. ප්‍රතිපත්තියට උනන්දු සියලු පින්වතුන් එකතු වෙත්වා! https://www.facebook.com/groups/pansilsurakimu "ප්‍රතිපත්තිගරුක බොදු පින්වතුන් පිරිසක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. සියලු පින්වතුන් තමන් දවස පුරා නොකඩවා රකින සිල්පද ගැන සමූහයට ලියන්න. කැඩෙන සිල්පද පාපෝච්චාරණය කර නැවත රකින බවට සමූහය දැනුවත් කරන්න. මෙසේ කිරීමට පුරුදු වීමෙන් ඔබගේ සීල විශුද්ධිය සම්පූර්ණ වේ. සතරසම්‍යග්ප්‍රධාන වීර්‍ය ආදී බෝධිපාක්ෂිකධර්ම වර්ධනය වේ. එපමණක් නොව ඔබ රකින සිල්පද ගැන අසන දකින අය ද පන්සිල් සුරැකීමට උනන්දු වේ. සියලු පින්වතුන් ප්‍රතිපත්ති පූජාවට උත්සාහ කරත්වා! මේ භවයේම නිවන් අවබෝධ කරත්වා! යම් ප්‍රමාදයක් ඇත්නම් නිවන් අවබෝධ දක්වා සුගතිගාමී ම වෙත්වා!"
Show all...
පන්සිල් සුරකින එකමුතුව | Facebook

ප්‍රතිපත්තිගරුක බොදු පින්වතුන් පිරිසක් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. සියලු පින්වතුන් තමන් දවස පුරා නොකඩවා රකින සිල්පද ගැන සමූහයට ලියන්න. කැඩෙන සිල්පද පාපෝච්චාරණය කර නැවත රකින බවට සමූහය දැනුවත්...

🟧දෝණපාක සූත්‍රය🟧 සැවැත්නුවර - ▪️එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ තිඹක්සාලෙහි බත අනුභව කෙරෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ අනුභව කළේ මහත් කොට සුසුම් හෙළන සුලු වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. ▪️ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පසේනදි කොසොල් රජු, අනුභව කළහු, මහත් කොට සුසුම් හෙළන්නහු දැන ඒ වේලාවෙහි මේ ගාථාව වදාළ සේක: හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේ ය. ▪️එකල්හි සුදස්සන මාණවක තෙමේ කොසොල් රජු පිටිපස සිටියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සුදස්සන මාණවකයා ඇමතී ය. දරුව, සුදස්සන, එව තෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය පිරිවහා මා බත් වළඳන කල්හි කියව. මම ද තට දවස් පතා කහවණු සියයක් නිත්‍ය භික්‍ෂාවක් (=වැටුපක්) පවත්වන්නෙමි යි. එසේ ය, දේවයන් වහන්සැ යි සුදස්සන මාණවක තෙමේ පසේනදී කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පිරිවහා පසේනදි කොසොල් රජ බත් වළඳන කල්හි කියයි: “හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේයි.” ▪️ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පිළිවෙළින් සහල් නැළියක බත වැඩි ම ආහාරය කොට ඇති බැව්හි සිටියේ ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පසු කලෙක සැහැල්ලු සිරුරු ඇත්තේ අතින් ශරීරාවයවයන් පිරිමදනේ ඒ වේලාවෙහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන් ද, පරලොව අභිවෘද්ධියෙන් ද යන උභයාර්‍ත්‍ථයෙන් ම මට අනුකම්පා කළ සේකැ” යි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.
Show all...
▪️මහරජ, මේ පුද්ගලයෝ සිවුදෙන ලොව ඇත. ▪️මහරජ, දිළිඳු පුද්ගල තෙමේ සැදැහැ නැත්තේ වේ ද, මසුරු වේ ද, තදමසුරු වේ ද, පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ බුද්ධාදීන් කෙරෙහි ආදර නැත්තේ වේ ද, මහනුන්ටත් බමුණන්ටත් (මෙයින්) අන්‍ය වූ වණිබ්බකයන්ටත් අක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැයි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළකා ද, ජනාධිපති මහරජ, අඳුරෙන් අඳුරට යන එබඳු පුද්ගල තෙමේ මැරෙන්නේ දරුණු නිරයට පැමිණේ. ▪️රජතුමනි, දිළිඳු පුරිස් තෙමේ සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, ශ්‍රේෂ්ඨ අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟ සිත් ඇත්තේ දන් දේ ද, මහණුන් ද, බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද හුනස්නෙන් නැගිට වදී ද, සමචරියයෙහි හික්මේ ද, යාචකයන්ට බොජුන් දෙන්නහු නොවළහා ද, ජනශ්‍රේෂ්ඨ වූ මහරජ, අඳුරෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ. ▪️මහරජ, අඪ්‍ය වූ පුරිස් තෙමේ ඉදින් සැදැහැ නැත්තේ මසුරු වූයේ තද මසුරු වූයේ පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ (බුද්ධාදීන් කෙරෙහි) ආදර රහිත වූයේ වේ ද, මහණුන්ටත් බමුණන්ටත් මෙයින් අන්‍ය වූ වණිබ්බකයන්ටත් ආක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැ’යි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළහා ද, ජනශ්‍රේෂ්ඨ වූ මහරජ, එළියෙන් අඳුරට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දරුණු නිරයට පැමිණෙයි. ▪️මහරජ, අඪ්‍ය වූ පුද්ගල තෙමේ ඉදින් සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, උසස් අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟසිත් ඇත්තේ දන් දේ ද, මහණුන් ද බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද, හුනස්නෙන් නැගිට වඳී ද, සමචරියයෙහි හික්මේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු නො වළාහා ද, ජනාධිපති වූ මහරජ, එළියෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ.
Show all...
💢.පුග්ගල සූත්‍රය💢 සැවැත්නුවර - ▪️එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ, ලෝකයෙහි මේ පුද්ගලයෝ සිවු දෙනෙක් ඇත. කවර සිවු දෙනෙක? යත්: “අඳුරෙන් අඳුරට යන්නේ ය. අඳුරෙන් එළියට යන්නේ ය. එළියෙන් අඳුරට යන්නේ ය. එළියෙන් එළියට යන්නේ ය”යි. ▪️මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයෙක්හි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදි කුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඩු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ නොමනා පැහැ ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් බොහෝ අබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් අඬක්නටුයෙක් හෝ වේ ද, ආහාරපාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන් යහන් ලැඟුම් පහන් උපකරණ නො ලබන්නෙක් වෙ යි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ ය. මහරජ, පුරුෂයෙක් අඳුරෙකින් අඳුරකට යන්නේ හෝ වේ නම් කළුවරින් කළුවරට යන්නේ හෝ වේ නම් ලෙහෙමලට යන්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුඟුල් තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ. ▪️මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයකේහි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු වූ සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදිකුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේත් නො මනා පැහැඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් බොහෝ ආබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් පක්‍ෂඝාතයෙක් හෝ වෙයි. ආහාරපාන වස්ත්‍රයාන මල් ගඳ විලෙවුන් යහන් ලැඟුම් ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වේ. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් තෙමේ බිමින් පලඟකට නගින්නේ හෝ වේ නම් පලඟින් අසුපිටට නගින්නේ හෝ වේ නම් අසුපිටින් ඇත්කඳකට නගින්නේ හෝ වේ නම් ඇත්කඳින් පහයකට නගින්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ. ▪️මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ මනවඩන දෑ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණුමහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උසස් කුලයෙක උපන්නේ වේ. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්තේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යානවාහන මල්ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපෝපකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පහයෙන් ඇත්කඳකට බස්නේ හෝ නම් ඇත්කත්කඳෙකින් අසුපිටකට බස්නේ හෝ වේ නම් අසුපිටෙකින් පලඟකට බස්නේ හෝ වේ නම් පලඟෙකින් පොළොවට බස්නේ හෝ වේ නම් පොළොවින් අඳුරකට පිවිසෙන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වෙයි. ▪️මහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහද්ධන ඇති, මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති, බොහෝ සිත් පිනවන දෑ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ ගැහැවි මහසල් කුලයෙහි හෝ උසස්කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්නේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපෝකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පලඟෙකින් පලඟකට යන්නේ හෝ වේ නම් අසුපිටෙකින් අසුපිටකට යන්නේ හෝ වේ නම් පහයෙකින් පහයකට යන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වෙයි.
Show all...
📒අත්‍ථකරණ සූත්‍රය📒 සැවැත්නුවර - ▪️එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස: මෙහි මම විනිශ්චයාසනයෙහි හුන්නෙම් අඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන දෑ ඇති බොහෝ ධනධ්‍යාන ඇති කැත් මහසලුන් ද, බමුණු මහසලුන් ද, ගැහැවි මහසලුන් ද කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බණන්නවුන් දකිමි. වහන්ස, ඒ මට “දන් මා විසින් නඩු විසඳීමෙන් කම් නැත. දැන් නඩුහලෙහි සොඳුරුමුව ඇත්තෙක් නො පෙණේ ය” යි මේ අදහස විය. ▪️මහරජ අඪ්‍යවූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ වූ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන වස්තූපකරණ ඇති බොහෝ වූ ධනධ්‍යාන ඇති යම් ඒ කැත්මහසල්ලුත්, බමුණු මහසල්ලුත්, ගැහැවි මහසල්ලුත් කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බෙණෙද්ද, ඔවුන්ට එය බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. ▪️කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්‍වයෝ කුසල් ඉම ඉක්ම යෑම නො දනිත්. අටවන ලද කෙමිනට තමන් වදනා බව නො දන්නා මසුන් මෙනි. පසු ව ඔවුන්ට දුක වේ. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය.
Show all...
📙පිය සූත්‍රය 📙 සැවැත්නුවර - ▪එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මාගේ සිත්හි “කිනම් කෙනකුන්ට තෙමේ ප්‍රිය” වේ ද? කිනම් කෙනකුන්ට තෙමේ අප්‍රිය වේ දැ? යි මෙබඳු විතර්‍කයෙක් පහළ විය. ▪වහන්ස, ඒ මට තෙල අදහස විය: යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඔවුන් “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියතුදු වැලිත් ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ▪යම් කෙනෙක් කයින් සුසිරිත් කෙරෙත් ද, වචනයෙන් සුසිරිත් කෙරෙත් ද, සිතින් සුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ▪මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. කිසිසෙයෙකින් ඔහු “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ▪මහරජ, යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙද්ද, වචනයෙන් සුසිරිත් කෙරෙද්ද, සිතින් සුසිරිත් කෙරෙද්ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. කිසිසේ ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කෙරේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙත්. එහෙයින් තෙමේ තමන්ට ප්‍රිය ය. ▪ඉදින් ‘තමා ප්‍රිය ය’ යි දන්නේ නම් තමා පව හා නො යොදන්නේ ය. පව් කරන්නහු විසින් ඒ සුවය සුව සේ නො ලද හැකි ය. ▪මරුවා විසින් වැතිරෙන ලද, මිනිස්භවය හැර දමන ඔහුට කිමෙක් තමන්ගේ වේ ද? කිමෙක් රැගෙණ යේ ද? වෙන් නො වන සෙවනැල්ල මෙන් කිමෙක් ඔහු අනු ව යන්නේ වේ ද? ▪මිනිස් තෙමේ මෙලෙව්හි යම් පින්පව් දෙකක් කෙරේ ද, එය ඔහුට සිය දෑ වෙයි. එය ම රැගෙණ යෙයි. වෙන් නො වන සෙවනැල්ල මෙන් එය ම ඔහු අනු ව යන්නේ වෙයි. එහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වෙයි.
Show all...
Repost from Taprobane Lk
Photo unavailableShow in Telegram
Peace on earth will come to stay, when we live Christmas every day . . . ! 😇☃️❤️ 🧑‍💻I'am Savindu Deshan
Show all...
📕මල්ලිකා සූත්‍රය📕 සැවැත්නුවර - ▪️එකල්හි පසේනදි කොසොල්රජ මල්ලිකාදේවිය සමග උතුම් පහයෙහි මතුමහලට ගියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල්රජ මල්ලිකා දේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල කී ය. ▪️මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්ද? මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට ද නැත. ▪️ඉක්බිති පසේනදි කොසොල්රජ පහයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි මම මල්ලිකාදේවිය සමග උතුම් පහාතලමත අරා සිටියෙම් මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ”යි තෙල කීමි. වහන්ස, මෙසේ කී කල්හි මල්ලිකා දේවිය මට “මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල බස් කිවු ය. වහන්ස, මෙසේ කියන ලද මම මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැතැ”යි තෙල කීයෙමි. ▪️එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක: ▪️සියලු දිගුන් සිතින් අනුගමනය කොට තමහට වඩා ඉතා ප්‍රිය වූවකු කිසි තැනෙක නො ම ලදිමි. මෙසේ අන් බොහෝ දෙනාට ද තෙමේ ප්‍රිය ය. එහෙයින් තමහට වැඩ කැමැත්තේ අනුන් නො පෙළන්නේ ය.
Show all...
🍀වස්සකාර සූත්‍රය🍀 ▪️එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: ▪️භවත් ගෞතමයන් වහන්ස, “යම් කිසිවෙක් ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි දුටු දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ අසන ලදැ’යි යම් කිසිවෙක් ඇසූ දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ ස්පර්‍ශ කරණ ලදැ’යි යම් කිසිවෙක් ස්පර්‍ශ කරණ ලද්ද බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ දන්නා ලදැ’යි යම් කිසිවෙක් දැනගත් දෑ බෙණේ නම් එහි දොසෙක් නැතැ යි මම මෙබඳු වාද ඇතියෙමි. මෙබඳු දෘෂ්ටි ඇතියෙමි.” ▪️බමුණ, මම දුටු හැම කියයුතුය යි නොකියමි. බමුණ, මම දුටු හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම ඇසූ හැම කියයුතුය යි නො ම කියමි. බමුණ මම ඇසූ හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම හැම (ඵොට්ඨබ්බ ගන්‍ධරස සඞ්ඛ්‍යාතමුතය) කියයුතු ය යි නො ම කියමි. බමුණ, මම හැම මුතය නොකියයුතු ය යි නො ද කියමි. බමුණ, මම හැම විඥාතය (ධම්මාරම්මණ) කියයුතුය යි නො ම කියමි. බමුණ, මම හැම විඥාතය නොකියයුතු ය යි නො ද කියමි. ▪️බමුණ, දුටු යමක් කියන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු දුටු දැය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් දුටු දැයක් කියන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙබඳු දුටු දැය කියයුතුය යි කියමි. ▪️බමුණ, යම් ඇසූ දැයක් කියන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු ඇසූ දැය නො කියයුතු ය යි කියමි. බමුණ, යම් ඇසූ දැයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු ඇසූ දැය කිය යුතුය යි කියමි. ▪️බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු මුතය නො කියයුතුය යි කියමි. බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු මුතය කිය යුතුය යි කියමි. ▪️බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු විඥාතය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු විඥාතය කියයුතුය යි කියමි. ▪️එකල්හි මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට හුනස්නෙන් නැගී ගියේ ය.
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.