cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ධර්ම පුස්තකාලය - Dharma library 📖☸

☸️A Channel By Hela Daham Maga community ☸️ධම්ම දානං☸️. ☸️සියලු දානයන් අතරින් උතුම්ම ධානය ධර්ම් දානයයි🙏🙏

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
179
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔆නරසීහ ගාථා සිංහල අර්ථය සමඟ🔆 🟥චක්ක වරංකිත රත්ත සුපාදෝ ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී චාමර ඡත්ත විභූසිත පාදෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ චාමර සත් බැබලෙන පා පතුලේ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.. 🟥සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ ලෝක හිතාය ගතෝ නරවීරෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා ලෝ යහපත වෙත ආ නරවීරා මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. 🟥පණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ දේව නරාන පියෝ නරනාගෝ මත්ත ගජින්ද විලාසිත ගාමී ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦පන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. 🟥ඛත්තිය සම්භව අග්ග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාදෝ සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦අග්‍ර කුලය වූ කැත් කුල වංශේ දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. 🟥ආයත යුත්ත සුසන්ඨිත නාසෝ ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ ඉන්දධනූ අභිනීල භමූකෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦උසින් දිගින් සුපිහිටි සොද නාසේ ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. 🟥වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ සීහ හනූ මිග රාජ සරීරෝ කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦මනාව වටකොට සැදි ගෙල ඇත්තේ සිංහ හනුද මුව රජ වැනි සිරුරේ රන්පාටින් බැබලෙන ගත සිරියේ මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. 🟥අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ කංචන පට්ට විසුද්ධ ලළාටෝ ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦සසිනිල කේශය අඤ්ජන වර්ණය රන්පටයක් බඳු නිමල ලලාටය ඕසධි තරුවක් සේ පිරිසිදු විය මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. 🟥සනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ වීසති වීසති සේත සුදන්තෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦සසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන හිංගුල කන්ද සෙ දිව යහපත් වේ විස්ස බැගින් යුත් සමසතලිස් දත් මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි. 🟥ගච්ඡති නීල පථේ විය චන්දෝ තාර ගණා පරිවේඨිත රූපෝ සාවක මජ්ඣතෝ සමණින්දෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ 🟦අහස් කුසේ සරණා පුන්සඳ සේ තරු ගණනින් පිරිවරණ පරිද්දෙන් ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
Show all...
සෑම උදෑසනකම මෙසේ සිතන්න එය ඔබට මහා ආශීර්වාදයක් Ven Balangoda Radha Thero|Ama Dora Viwara Viya
Show all...
සෑම_උදෑසනකම_මෙසේ_සිතන්න_එය_ඔබට_මහා_ආශීර්වාදයක්_Ven_Bala_xKyqFQZBYKw.m4a18.27 MB
🔆මාපිය උපස්ථානයේ අනුසස්🔆 _ ▪️ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි මහානාමය, මාපියන් විසින් අනුකම්පා කරන ලද කුලපුත්‍ර‍යාට දියුණුවක් ම වන්නේ ය. පිරිහීමක් නො වන්නේ ය”යි වදාළ සේක. මාපියන්ගේ අනුකම්පාව ලැබීම මාපිය උපස්ථානයේ එක් අනුසසෙකි. මාපිය උපස්ථානය කරන සත්පුරුෂයාට අන්‍ය සත්පුරුෂයෝ ද අනුකම්පා කරති. පසසති. ඇතැම් සොරු පවා මාපිය උපස්ථානය කරන්නාගේ වස්තුව පැහැර නො ගැනීමෙන් ඔහුට අනුකම්පා කෙරෙති. සමහර විට රෞද්‍ර‍ වූ යක්ෂ රාක්ෂසයෝ පවා මා පිය උපස්ථානය කරන්නාට අනුකම්පා කරති. දෙවියෝ ද අනුකම්පා කරති. සුතන නම් වූ දුගී පුරුෂයා මාපිය උපස්ථානය කළ නිසා යක්ෂයාගෙන් අනුකම්පාව ද ලබා පොහොසතෙක් ද විය. සාම කුමාරයෝ මාපිය උපස්ථානය නිසා රාජ කරුණාව හා දේව කරුණාව ද ලැබූහ. “යෙ මාතරං වා පිතරං වා - මච්චො ධම්මේන පොසති ඉදෙව නං පසංසන්ති - පෙච්ච සග්ගෙ පමොදති” ▪️යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේ ද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසිත. හේ මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද සතුටුවේ ය, යනු එහි තේරුමයි. බෞද්ධයාගේ අත්පොත (රේරුකානේ චන්දවිමල හිමි)
Show all...
✳️පබ්බතූපම සූත්‍රය✳️ සැවැත්නුවර - ▫️එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ තෙපි දැන් මේ දෙවෙන් දවාලෙහි කොහි සිට එවුද? ▫️වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජු බැවින් මැඩුනු දනව්හි තිරබවට පත් මුදුන්හි අභිෂේක කරණ ලද මහත් පොළෝමඬල දිනා අධිපතිව වෙසෙන කැත් රජුන්ට යම් ඒ රජකටයුතු ඇද්ද, මම දැන් එහි උත්සුකබවට පැමිණියෙම් වෙමි. ▫️මහරජ, ඒ කුමකැයි හගිහු ද? මෙහි තොප විසින් ඇදහියයුතු පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් පෙර දිගින් එන්නේ ය. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම පෙරදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. ඉක්බිති දෙවෙනි පුරුෂයෙක් දකුණු දිග සිට එයි….. ඉක්බිති තෙවෙනි පුරුෂයෙක් පැසුළු දිග සිට එයි …. ඉක්බිති ඇදහිය යුතු පිළිගත හැකි වචන ඇති සිව්වැනි පුරුෂයෙක් උතුරු දිග සිට එයි. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම උතුරුදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. මහරජ, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි වූ තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද? ▫️වහන්ස, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුශලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️මහරජ, තොපට කියමි. මහරජ, තොපට දන්වමි. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටී. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටි කල්හි තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද? ▫️වහන්ස, ජරාමරණ දෙක (අප) මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුසලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර මාවිසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️වහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජුබැවින් මඩනාලද දනව්හි තිරබවට පත් මහත් පොළෝමඬල දිනා අධිපති ව වෙසෙන මුදුන අභිෂේක කළ කැත් රජුන්ගේ යම් ඒ ඇත්යුධ වේ නම් වහන්ස, ජරාමරණදෙක අප (මැඩ) ගෙණ සිටි කල්හි ඒ ඇත් යුදවලට ද වැඩෙක් නැත. සමත්බවෙක් නැත. ▫️වහන්ස, මුදුන අභිෂේක කළ … කැත් රජුන්ගේ යම් ඒ අස්යුද වේ නම් … රථයුද වේ නම් … පාබලයුද වේ නම් වහන්ස, ජරා මරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ පාබළ යුධවලට ද වැඩෙක් නැත. සමත් බවෙක්ද නැත. ▫️වහන්ස, යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවා ලන්නට සමත් වෙත් නම් එබඳු මැති ඇමතිකෙනෙක් මේ රජකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ මන්ත්‍රයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත. ▫️වහන්ස, ආවා වූ සතුරන් ධනයෙන් පොලඹවා ගන්නට යම් ධනයෙකින් අපි සමර්‍ත්‍ථ වමෝ නම් පිහිටියා වූත් අහස සිටියා වූත් එබඳු බොහෝ රන් අමුරන් මේ රදකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණදෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ ධනයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත. ▫️වහන්ස, ජරාමරණ දෙක මා මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර මා විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️මහරජ, තෙල එසේය. මහරජ. තෙල එසේ ය. ජරාමරණදෙක (තොප) මැඩගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර තොප විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද. ▫️භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා වැලි අන්‍ය වූ තෙල ගාපෙල ද වදාළ සේක: ▫️යම්සේ මහත් වූ ශෛලමය වූ අහස හැපී (සිටි) පර්‍වතයෝ හාත්පස සිවු දිගුන් සුණු කෙරෙමින් පෙරළී එන්නාහු ද, ▫️එසේ ජරාවත් මරණයත් ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද සැඬොල් පුස්සඬු කුලයෙහි වුවන්ද යන සියලු සතුන් යට කෙරෙත්. කිසිවක් අත් නො හරී. සියල්ල ම මඩී. ▫️එහි ඇතුන්ට ද රථයන්ට ද පාබලසෙනඟ ට ද විෂයස්ථාන නො වේ. මන්ත්‍රයුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දනන්නට නො ම හැක්කේ ය. ▫️එහෙයින් ධෛර්‍ය්‍යවත් වූ නුවණැති පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද ශ්‍රද්ධාව පිහිටුවන්නේ ය. ▫️යමෙක් කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ධර්‍මයෙහි හැසිරෙණ සුලු ද (නුවණැත්තෝ) මෙලොව ම ඔහු පස්සත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි. ධර්ම දනය පිණිස share කරන්න.
Show all...
⭕️මෛත්‍රී පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය⭕️ ▪️මෛත්‍රී පාරමිතාව පුරන බෝධිසත්ත්වයා විසින් පළමු කොට ම “මම ලෝකයේ කිසිවකුට සතුරු නො වෙමි ය. මම ලොව හැම දෙනා ගේ ම මිත්‍රයෙක් වෙමි ය, හිතවතෙක් වෙමිය, හැම දෙනාට ම උපකාර කාරයෙක් වෙමිය’ යි සිතා ගත යුතු ය. ලොව හැම දෙනා ම තමා මෙන් සිතිය යුතු ය. අනුන්ට වන නින්දා අලාභහානි දුක් කරදර තමාට වන ඒවා සේ සැලකිය යුතු ය. අනුන්ට අලාභයක් - හානියක් - නින්දාවක් - කරදරයක් වන කිසි ම ක්‍රියාවක් නො කළ යුතු ය. සෑම වරදක් ම ඉවසිය යුතු ය. ▪️මේ ගුණාංගයන්හි පිහිටා “මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආචී චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරිසු ආචී චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්‍රහ්මචාරීසු ආචී චෙව රහො ච” යනුවෙන් දැක්වෙන පරිදි ඒ ඒ අය ඇති නැති සෑම තැනදී ම, අනුන් කෙරෙහි මෛත්‍රී සහගත කායකර්ම පැවැත්විය යුතු ය. මෛත්‍රී සහගත වාක්කර්ම පැවැත්විය යුතුය. මෛත්‍රී සහගත මනඃකර්ම පැවැත්විය යුතු ය. පාරමිතා ප්‍ර‍කරණය - රේරුකානේ චන්දවිමල හිමි
Show all...
බෞද්ධ ජීවිතයකට වැදගත් අනුශාසනාවක් | Most Ven. Na Uyane Ariyadhamma Maha Thero
Show all...
බෞද්ධ_ජීවිතයකට_වැදගත්_අනුශාසනාවක්_Most_Ven_Na_Uyane_Ar_uOow3WUUP10.m4a1.74 MB
🔴පුණ්ණෝවාදය🔴 එක් සවස් කාලයක ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම හුදෙකලාව වෙසෙමින් මහණදම් පුරනු කැමැත්තෙමි. ඒ සඳහා මට කෙටි අවවාදයක් කරනු මැනැවැ’ යි සැළ කළෝය. භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරණුවන්ට කොටින් දහම් දෙසා “පුණ්ණය, මා ගෙන් මේ කෙටි දහම් දෙසුම අසා ගෙන කවර ජනපදයක වාසය කරන්නෙහිදැ’ යි විචාළ සේක. 💢“ස්වාමීනි, සුණාපරන්ත නම් ජනපදයක් ඇත. මම එහි වෙසෙමි.” 🔆“පුණ්ණය, සුණාපරන්තයේ මිනිස්සු නපුරුය, ඉදින් එහිදී තට බැන්නහු නම් එකල්හි කුමක් සිතන්නෙහි ද?” 💢“ස්වාමීනි, සුණාපරන්තයෝ හොඳ මිනිස්සු ය, බණින නුමුත් මොවුහු මට අතින් නො ගසති’ යි සිතමි. 🔆“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ අතින් ගසත් නම් කුමක් සිතන්නෙහි ද?” 💢“ස්වාමීනී, මේ මිනිස්සු හොඳය, අතින් ගසන නමුත් මොවුහු මට ගල් නො ගසති’ යි සිතමි. 🔆“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ ගල් ගසත් නම් එකල්හි කුමක් සිතන්නෙහි ද?” 💢“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය. ගල් ගසත්, මුත් පොලුවලින් නො ගසති’ යි සිතන්නෙමි. 🔆“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ පොලුවලින් ගසත් නම් කුමක් සිතන්නෙහි ද?” 💢“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය, පොලු වලින් ගසත් මුත් කැති පිහියාවලින් නො කොටති’යි සිතමි. 🔆“පුණ්ණය, සුණාපරන්තයෝ පිහියාවලින්, කැති මන්නාවලින් කොටන්නාහු නම් කුමක් සිතන්නෙහි ද?” 💢“ස්වාමීනී, සුණාපරන්තයෝ හොඳය, මොවුහු මා නො මරති ’යි සිතමි. 🔆“පුණ්ණය, ඉදින් සුණාපරන්තයෝ තා මරත් නම් කුමක් සිතන්නෙහි ද?” 💢“ස්වාමීනී, ශරීරයත්, ජීවිතයත් පිළිකුල් කරන ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ ශරීරය ගැනත්, ජීවිතය ගැනත් කළකිරී තමන් මරවා ගැනීමට මිනිසුන් සොයති. නො සොයා ම මම මිනීමරුවන් ලදිමි” යි සිතමි. 🔆ඉක්බිති බුදුරජාණන් වහන්සේ වදාරන සේක් “පුණ්ණය, ඉතා හොඳය. එබඳු හික්මීමක් ඇත්තා වූ තට සුණාපරන්තයෙහි විසිය හැකි ය. එයට කල් දනුව’ යි වදාළ සේක. පුණ්ණ තෙරුන් වහන්සේ එහි ගොස් උපාසකයන් පන්සියයක් ද, උපාසිකාවන් පන්සියයක් ද ඇති කොට තමන් වහන්සේ ද සව් කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක.
Show all...
විමතිවිතරණී ධම්ම සාකච්ඡා (01 කොටස) Ven Balangoda Radha Thero
Show all...
විමතිවිතරණී_ධම්ම_සාකච්ඡා_01_කොටස_Ven_Balangoda_Radha_Th_b2zVizrelqE.m4a15.66 MB
ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස|Ven Balangoda Radha Himi|Ama Dora Viwara Viya
Show all...
ධර්මය_ශ්_රවණය_කිරීමෙන්_ඔබට_ලැබෙන_ආනිසංස_Ven_Balangoda_R_WBrFlIfOt9o.m4a18.96 MB
ධර්මයේ හැසිරෙන්න වයසට යනකම් ඉන්න එපා - ven balangoda radha thero
Show all...
ධර්මයේ_හැසිරෙන්න_වයසට_යනකම්_ඉන්න_එපා_ven_balangoda_radh_PJOtWuTUYZM.mp31.67 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.