cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Helakuru News ⚡️

Changing the way Sri Lankans get News. 🇱🇰 තොරතුරු ජනගතකරණයේ ප්‍රමුඛයා! 🔴🟠🟢🟡 @HelakuruNewsBot

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
357
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
Show all...
Photo unavailableShow in Telegram
Show all...
Photo unavailableShow in Telegram
Show all...
Photo unavailableShow in Telegram
🏷 ජනපතිගේ රුව රැගත් සරුංගල් නිසා ගාලු මුවදොර උණුසුම් තත්ත්වයක් 📝 අද (27) ගාලු මුවදොර පිටියේ දී අරගලකරුවන් පිරිසක් විසින් සරුංගල් මාර්ගයෙන් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කර තිබුණා. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රැව සහිත සරුංගල් කිහිපයක් අරගලකරුවන් විසින් යැවීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් එය වැළැක්වීමට උත්සාහ කළ අතර එම අවස්ථාවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා. ආණ්ඩුව විසින් ගෙන යන මර්දනයට එරෙහිව මෙම සරුංගල් විරෝධතාවය පැවැත්වීමට අරගලකරුවන් කටයුතු කළා. 📅 2022-08-27 23:06:11 @HelakuruNewsLK
Show all...
Photo unavailableShow in Telegram
🏷 ඇෆ්ඝනිස්තානයට කඩුලු 8 ක ජයක් 📝 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් හා චාමික කරුණාරත්න ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා. අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකියාව නොලැබීම විශේෂත්වයක්. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම 11 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 40 ක් හා Hazratullah Zazai ලකුණු 36 ක් ලබා ගැනීමට සමත් වුණා. 📅 2022-08-27 22:20:35 @HelakuruNewsLK
Show all...
Photo unavailableShow in Telegram
🏷 ඇෆ්ඝනිස්තානයට ලකුණු 106 ක ඉලක්කයක් 📝 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් හා චාමික කරුණාරත්න ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණා. අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකියාව නොලැබීම විශේෂත්වයක්. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 106 ක්. 📅 2022-08-27 21:20:03 @HelakuruNewsLK
Show all...
Photo unavailableShow in Telegram
🏷 සූක්ෂමව ගුවන්තොටුපොළෙන් පිටමං කරන්න හැදූ කෝටි 03ක රත්‍රං රේගු භාරයට 📝 පැරීසියේ සිට අද (27) දින අලුයම 5.50ට පමණ මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙක් විසින් සිය ගමන්මළු තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා රත්‍රං තොගයක් රැගෙන යාමට උත්සාහ කිරිමේ දී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිය පුද්ගලික බඩු ලෙස හඟවමින් රේගුවට ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති මඟීන් සඳහා වන හරිත මාර්ගයේ (green channel) රැගෙන යාමට උත්සහා කළ අවස්ථාවේ දී හසු කරගැනීමට රේගු නිලධාරින් සමත්ව තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ ග්‍රෑම් 2414.6 ක රත්‍රං ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රු. 36,219,000/- ලෙස තක්සේරු කර ඇත. සිද්ධිය සම්බන්යෙන් රේගුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබන අතර රත්‍රං තොගය රාජසන්තක කර දඩ පැනවීමට කටයුතු කරන බවත් රේගුව වැඩිදුරටත් පවසා සිටියා. 📅 2022-08-27 20:39:52 @HelakuruNewsLK
Show all...
Photo unavailableShow in Telegram
🏷 පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් අමෙරිකාවෙන් ආධාර 📝 මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා අමෙරිකාව විසින් ආධාර තොගයක් ඊයේ (26) දිනයේ පිරිනමා තිබෙනවා. මෙලෙස ලැබුණු ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ඇතුළත් වනවා. අමෙරිකානු තානාපතිනී ජූලි චැන්ග් විසින් මුතුරාජවෙල පිහිටි ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත මෙම ආධාර තොගය ලබාදීමට කටයුතු කළා. 📅 2022-08-27 20:31:48 @HelakuruNewsLK
Show all...
Photo unavailableShow in Telegram
🏷 රන්ජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නෑ, තවත් අරගලයක් තියෙනවා - විපක්ෂ නායක 📝 රන්ජන් රාමනායක හට තවමත් ප්‍රජා අයිතිය හෝ දේශපාලනය කිරීමේ අයිතිය හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය, ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රංජන් රාමනායක හට ලබාදී ඇත්තේ අර්ධ නිදහසක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වෙනි ව්‍යවස්ථාවේ 1ඈ, අනුව ලබාදුන් නිදහසක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා, ඒ අනුව සිදුවී ඇත්තේ රන්ජන් හට සිරගතව හිඳින්නට තිබූ ඉතිරි කාලය ඉවත් කිරීම පමණක් බවත් පවසා සිටියා. 34 වන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය යටතේ රන්ජන් රාමනායක හට පූර්ණ නිදහස ලබා දෙන ලෙස කාරුණිකව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා. 📅 2022-08-27 20:24:36 @HelakuruNewsLK
Show all...
Photo unavailableShow in Telegram
🏷 කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට 📝 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වුණා. ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර අද පැවැත්වෙන පළමු තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා. 📅 2022-08-27 19:03:09 @HelakuruNewsLK
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.