AURUM BIO VAULT™ | ELITE
Open in Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
Show moreThe country is not specifiedThe category is not specified
1 669
Subscribers
+624 hours
+337 days
+39930 days
Posts Archive
🎯 MCQ Trick
"Imbibition = Adsorption + Hydrophilic Material + No ATP"
⚠️ MCQ වල අහන වරද
❌ නිපානය = ආස්‍රැතිය (Osmosis)
✅ නැහැ. ආස්‍රැතියේදී ජලය අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ගමන් කරයි.
✅ නිපානයේදී ජලය ජලකාමී ඝන ද්‍රව්‍ය මතුපිට අධිශෝෂණය වේ.
📝 එක් පේළියෙන්
නිපානය = ජලකාමී ඝන ද්‍රව්‍ය මගින් ජලය අධිශෝෂණය කර ගැනීමේ ATP අවශ්‍ය නොවන අක්‍රිය ක්‍රියාවලියකි. 💯
🧬 පහසු කළ විසරණය (Facilitated Diffusion)
✅ අක්‍රිය පරිවහනයකි → ATP අවශ්‍ය නැත.
✅ සාන්ද්‍රණ අනුක්‍රමණය ඔස්සේ සිදු වේ.
(High → Low concentration)
✅ පටල ප්‍රෝටීන (Carrier proteins / Channel proteins) අවශ්‍ය වේ.
✅ විශිෂ්ටත්වය (Specificity) පෙන්වයි.
→ එක් ප්‍රෝටීනයක් නිශ්චිත ද්‍රව්‍යයක් පමණක් පරිවහනය කරයි.
✅ සංතෘප්ත විය හැක (Saturable)
→ ප්‍රෝටීන සියල්ල කාර්යබහුල වූ විට වේගය තවදුරටත් වැඩි නොවේ.
✅ කෙටි දුර පරිවහනයක් වේ.
MCQ Trick 🎯
"Facilitated" = Protein Help + No ATP
👉 ප්‍රෝටීන ආධාරය තිබුණත් ATP වැය වන්නේ නැත්නම්,
ඒක පහසු කළ විසරණය.
උදාහරණ
Glucose සෛල තුළට ඇතුල් වීම (GLUT ප්‍රවාහක මගින්)
Ions (Na⁺, K⁺, Cl⁻) channel proteins හරහා ගමන් කිරීම
⚠️ MCQ වරදක්
"ප්‍රෝටීන ආධාරය ලැබෙන නිසා ATP අවශ්‍ය වේ" → ❌ වැරදි
"ප්‍රෝටීන ආධාරය ලැබෙන නමුත් ATP අවශ්‍ය නොවේ" → ✅ නිවැරදි
Mnemonic:
🔑 "Protein Help, ATP නැහැ, High → Low" = Facilitated Diffusion.
🟢 සයිකස් (Cycas) ජීවන චක්‍රය – කෙටි සටහන
🌴 1. බීජාණු ශාකය (Sporophyte) (2n)
ජීවන චක්‍රයේ ප්‍රමුඛ පරම්පරාව වේ.
ප්‍රභාසංශ්ලේෂක, බහු වාර්ෂික ශාකයකි.
මුල්, කාෂ්ඨීය කඳ සහ සංයුක්ත පක්ෂවත් පත්‍ර ඇත.
ද්විගෘහී (Dioecious) වේ.
විෂම බීජාණුක (Heterosporous) වේ.
🔬 2. මහා බීජාණු (Megaspore) හා ඡායා ජන්මාණු ශාකය (Female Gametophyte)
🌿 ගැහැනු ශාකයේ:
මහා බීජාණු පත්‍ර (Megasporophylls) දරයි.
ඩිම්බය (Ovule) ඩිම්බාවරණයකින් (Integument) වට වී ඇත.
අනුද්වාරය (Micropyle) පවතී.
📌 මහා බීජාණු මාතෘ සෛලය (2n)
→ ඌනන විභාජනය
→ මහා බීජාණු 4ක් (n)
✅ ඉන් ක්‍රියාකාරී වන්නේ එකක් පමණි.
එය ඩිම්බය තුළම රැඳී ඡායා ජන්මාණු ශාකය (n) සාදයි.
අණ්ඩාණුධානි (Archegonia) හා අණ්ඩ නිපදවයි.
🌾 3. ක්ෂුද්‍ර බීජාණු (Microspore) හා පුං ජන්මාණු ශාකය (Male Gametophyte)
🌿 පිරිමි ශාකයේ:
පුං කේතුව (Male Cone) හටගනී.
ක්ෂුද්‍ර බීජාණුධානි (Microsporangia) තුළ
ඌනන විභාජනයෙන් පරාග කණිකා (Pollen grains) සෑදේ.
🌬 පරාගණය (Pollination)
පරාග කණිකා සුළඟින් ව්‍යාප්ත වේ.
අනුද්වාරය මත තැන්පත් වේ.
පරාග කණිකාව → පුං ජන්මාණු ශාකය.
පරාග නාලය (Pollen Tube) සාදයි.
විශාල කෂිකාධර ශුක්‍රාණු 2ක් නිපදවයි.
💧 4. සංසේචනය (Fertilization)
පරාග නාලය පිපිරී ශුක්‍රාණු නිදහස් කරයි.
ශුක්‍රාණු ද්‍රව මාධ්‍යයකින් අණ්ඩය වෙත පිහිනා යයි.
අණ්ඩය + ශුක්‍රාණුව
→ යුක්තාණුව (2n)
🌱 5. බීජ සෑදීම
යුක්තාණුව → කලලය (Embryo)
ඡායා ජන්මාණු පටක → භ්‍රෑණපෝෂය (Endosperm / Female Gametophyte tissue)
ඩිම්බාවරණය → බීජාවරණය
✅ ඩිම්බය → බීජය (Seed)
🌿 6. ප්‍රරෝහණය
හිතකර පරිසරයක බීජය ප්‍රරෝහණය වේ.
නව බීජාණු ශාකයක් (2n) බිහි වේ.
🔄 ජීවන චක්‍ර සාරාංශය
බීජාණු ශාකය (2n) → මහා හා ක්ෂුද්‍ර බීජාණු (n) → ඡායා හා පුං ජන්මාණු ශාක → සංසේචනය → යුක්තාණුව (2n) → කලලය → බීජය → නව බීජාණු ශාකය (2n)
📌 MCQ Points
✅ ප්‍රමුඛ පරම්පරාව = බීජාණු ශාකය (Sporophyte)
✅ ද්විගෘහී (Dioecious)
✅ විෂම බීජාණුක (Heterosporous)
✅ පරාගණය = සුළඟ මඟින් (Wind Pollination)
✅ ජිම්නොස්පර්ම අතර කෂිකාධර ශුක්‍රාණු පවතින විශේෂ ශාකයකි.
✅ ජන්මාණු ශාකය අතිශයින් ක්ෂීණ වූ සහ බීජාණු ශාකය මත යැපෙන අවස්ථාවකි.
⭐️ A/L Super Point
Cycas = Dioecious + Heterosporous + Wind Pollinated + Motile (Flagellated) Sperm + Seed Producing Gymnosperm 🔥🌴
🟢 සෙලජිනෙල්ලා (Selaginella) ජීවන චක්‍රය – කෙටි සටහන
🌿 1. බීජාණු ශාකය (Sporophyte) (2n)
ජීවන චක්‍රයේ ප්‍රමුඛ පරම්පරාව වේ.
ප්‍රභාසංශ්ලේෂක වන අතර මුල්, කඳ සහ පත්‍ර ලෙස විභේදනය වී ඇත.
සනාල පටක සහිත ශාකයකි.
පත්‍ර විෂම පත්‍ර යුගල ලෙස සකස් වී ඇත.
බීජාණු පත්‍ර (Sporophylls) සංකේතුවක් (Strobilus) ලෙස ශාඛා අග්‍රයේ පිහිටයි.
🔬 2. විෂම බීජාණුකතාව (Heterospory)
සෙලජිනෙල්ලා බීජාණු වර්ග 2ක් නිපදවයි.
🔹 ක්ෂුද්‍ර බීජාණු (Microspores) (n)
ක්ෂුද්‍ර බීජාණුධානි (Microsporangia) තුළ සෑදේ.
කුඩා ප්‍රමාණයේ වේ.
🔹 මහා බීජාණු (Megaspores) (n)
මහා බීජාණුධානි (Megasporangia) තුළ සෑදේ.
විශාල ප්‍රමාණයේ වේ.
💙 3. පුං ජන්මාණු ශාකය (Male Gametophyte) (n)
ක්ෂුද්‍ර බීජාණුව තුළම විකසනය වේ.
අන්වීක්ෂීය හා ප්‍රභාසංශ්ලේෂක නොවේ.
ශුක්‍රාණුධානි (Antheridia) සාදා කෂිකාධර ශුක්‍රාණු නිපදවයි.
💗 4. ඡායා ජන්මාණු ශාකය (Female Gametophyte) (n)
මහා බීජාණුව තුළම විකසනය වේ.
අණ්ඩාණුධානි (Archegonia) දරයි.
අණ්ඩ නිපදවයි.
💧 5. සංසේචනය (Fertilization)
ජලය අවශ්‍ය වේ.
ශුක්‍රාණු අණ්ඩාණුධානිය වෙත පිහිනා යයි.
අණ්ඩය හා ශුක්‍රාණුව එක්ව යුක්තාණුව (2n) සාදයි.
🌱 6. නව බීජාණු ශාකයේ විකසනය
යුක්තාණුව → කලලය → ළපටි බීජාණු ශාකය.
මුල් අවධියේ පෝෂණය ඡායා ජන්මාණු ශාකයෙන් ලබා ගනී.
පසුව ස්වාධීන බීජාණු ශාකයක් බවට පත්වේ.
🔄 ජීවන චක්‍ර සාරාංශය
බීජාණු ශාකය (2n) → ඌනන විභාජනය → මහා බීජාණු + ක්ෂුද්‍ර බීජාණු (n) → පුං හා ඡායා ජන්මාණු ශාක → සංසේචනය → යුක්තාණුව (2n) → කලලය → නව බීජාණු ශාකය (2n)
📌 MCQ Points
✅ ප්‍රමුඛ පරම්පරාව = බීජාණු ශාකය (Sporophyte)
✅ විෂම බීජාණුකතාව (Heterospory) පෙන්වන ප්‍රථම සනාල ශාක කාණ්ඩවලින් එකකි.
✅ ක්ෂුද්‍ර බීජාණු → පුං ජන්මාණු ශාකය
✅ මහා බීජාණු → ඡායා ජන්මාණු ශාකය
✅ ජන්මාණු ශාක දෙකම අන්තර්බීජාණුක (Endosporic) ලෙස විකසනය වේ.
✅ බීජාණු පත්‍ර සංකේතුවක් (Strobilus) ලෙස සකස් වී ඇත.
⭐️ A/L Favorite Point:
Selaginella = Heterosporous + Endosporic Gametophytes + Dominant Sporophyte 🔥
🟢 නෙප්‍රොලෙපිස් (Nephrolepis) ජීවන චක්‍රය – කෙටි සටහන
🌿 1. බීජාණු ශාකය (Sporophyte) (2n)
ජීවන චක්‍රයේ ප්‍රමුඛ පරම්පරාව වේ.
මුල්, කඳ සහ පත්‍රවලට පැහැදිලිව විභේදනය වී ඇත.
කඳ භූගත රයිසෝමයක් වේ.
සංයුක්ත පක්ෂවත් පත්‍ර දරයි.
ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනය (Circinate Vernation) පෙන්වයි.
ධාවක (Runners) මඟින් අලිංගිකව ද ව්‍යාප්ත වේ.
🔬 2. බීජාණු නිපදවීම
පරිණත පත්‍රවල යටි පැත්තේ සෝරස (Sorus) පිහිටයි.
සෝරස කසුව (Indusium) මඟින් ආරක්ෂා වේ.
බීජාණුධානිය තුළ ඌනන විභාජනය (Meiosis) සිදුවී ඒකගුණ බීජාණු (n) සෑදේ.
බීජාණු සුළඟ මඟින් ව්‍යාප්ත වේ.
💚 3. ජන්මාණු ශාකය (Prothallus / Gametophyte) (n)
බීජාණු ප්‍රරෝහණයෙන් හෘදයාකාර, කොළ පැහැති ප්‍රාක්තලසය සෑදේ.
ප්‍රභාසංශ්ලේෂක හා ස්වාධීන වේ.
ඒකගෘහී (Bisexual) වේ.
යටි පැත්තේ:
📌 මූලාභ (Rhizoids)
📌 ශුක්‍රාණුධානි (Antheridia)
📌 අණ්ඩාණුධානි (Archegonia)
පිහිටයි
💧 4. සංසේචනය (Fertilization)
ජලය අවශ්‍ය වේ.
කෂිකාධර ශුක්‍රාණු අණ්ඩාණුධානිය වෙත පිහිනා යයි.
අණ්ඩය හා ශුක්‍රාණුව එක්ව යුක්තාණුව (2n) සාදයි.
🌱 5. නව බීජාණු ශාකයේ විකසනය
යුක්තාණුව → කලලය → ළපටි බීජාණු ශාකය.
මුල් අවධියේ ජන්මාණු ශාකය මත රඳා පවතී.
පසුව ස්වාධීන ප්‍රභාසංශ්ලේෂක බීජාණු ශාකයක් බවට පත් වේ.
🔄 ජීවන චක්‍ර සාරාංශය
බීජාණු ශාකය (2n) → ඌනන විභාජනය → බීජාණු (n) → ප්‍රාක්තලසය (ජන්මාණු ශාකය) → ගැමිට → සංසේචනය → යුක්තාණුව (2n) → කලලය → නව බීජාණු ශාකය (2n)
📌 MCQ Points
✅ ප්‍රමුඛ පරම්පරාව = බීජාණු ශාකය (Sporophyte)
✅ ජන්මාණු ශාකය = හෘදයාකාර ප්‍රාක්තලසය (Prothallus)
✅ සෝරස කසුව (Indusium) මඟින් ආරක්ෂා වේ
✅ බීජාණු ශාකය හා ජන්මාණු ශාකය දෙකම ප්‍රභාසංශ්ලේෂක සහ ස්වාධීන වේ ⭐️
✅ ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනය පෙන්වයි.
🟢 පෝගොනේටම් (Pogonatum) ජීවන චක්‍රය – කෙටි සටහන
🌿 1. ජන්මාණු ශාකය (Gametophyte) (n)
ජීවන චක්‍රයේ ප්‍රමුඛ හා දිගුකාලීන අවස්ථාවයි.
ප්‍රභාසංශ්ලේෂක වන අතර කඳ, පත් සහ මූලාභ දක්නට ලැබේ.
ද්විගෘහී (♂ හා ♀ ශාක වෙන්ව පවතී).
♂ ශාකයේ ශුක්‍රාණුධානි (Antheridia) තුළ කෂිකාධර ශුක්‍රාණු නිපදවයි.
♀ ශාකයේ අණ්ඩාණුධානි (Archegonia) තුළ තනි අණ්ඩයක් නිපදවයි.
💧 2. සංසේචනය (Fertilization)
ජලය අවශ්‍ය වේ.
ශුක්‍රාණු පිහිනා ගොස් අණ්ඩාණුධානිය තුළ අණ්ඩය සමඟ සංයෝජනය වේ.
යුක්තාණුව (2n) සෑදේ.
🌱 3. බීජාණු ශාකය (Sporophyte) (2n)
යුක්තාණුව → කලලය → බීජාණු ශාකය.
ජන්මාණු ශාකය මත රඳා පවතී.
කොටස් 3ක් ඇත:
📌 පාදය (Foot) – පෝෂණය අවශෝෂණය කරයි.
📌 තන්තුව (Seta) – බීජාණුධානිය දරා සිටියි.
📌 ස්පෝටිකාව/බීජාණුධානිය (Capsule) – ඌනන විභාජනයෙන් බීජාණු නිපදවයි.
🔬 4. ඌනන විභාජනය (Meiosis)
බීජාණුධානිය තුළ බීජාණු (n) සෑදේ.
🌱 5. ප්‍රරෝහණය
බීජාණු සුදුසු තෙත් උපස්තරයක් මත ප්‍රරෝහණය වේ.
පළමුව ප්‍රාක්තන්තුව (Protonema) සාදයි.
ප්‍රාක්තන්තුවෙන් අංකුර හටගෙන නව ජන්මාණු ශාක ඇතිවේ.
🔄 ජීවන චක්‍ර සාරාංශය
ජන්මාණු ශාකය (n) → ගැමිට → සංසේචනය → යුක්තාණුව (2n) → බීජාණු ශාකය (2n →
ඌනන විභාජනය → බීජාණු (n) → ප්‍රාක්තන්තුව → නව ජන්මාණු ශාකය (n)
📌 MCQ Point:
පෝගොනේටම්හි ප්‍රමුඛ පරම්පරාව = ජන්මාණු ශාක පරම්පරාව (Gametophyte Generation) ✅
Repost from Chemistry with Nipun 🔴
තාත්තාගේ කැපවීමෙන් ගොඩනැගෙන හෙට දවස, අද ඔබේ කැපවීමෙන් ජයග්‍රහණයක් කරගන්න. 📚🧪✨
මෙවර Father's Day වෙනුවෙන් තාත්තාට දෙන්න පුළුවන් ලස්සනම තෑග්ග තමයි ඔබේ සාර්ථකත්වය. ❤️🏆"කට් කෙරුවාට අපි ක්ලාස්....තාත්තා ගෙව්වා ෆීස්." ✨💞 "තාත්තා තාත්තගේ කොටස කරා... අපි අපේ කොටස කරමු..."💪🔥 #FathersDay #ThankYouDad #BestGiftForDad #Chemistry #AL2026 #AL2027 #AL2028 #StudyHard #Success #CharithaDissanayake
🧬✨ AURUM BIO VAULT ✨🔬
🧫 t-RNA & r-RNA | MCQ Short Note
🚛 සංක්‍රාමී RNA (t-RNA)
🔹 සෛලය තුළ ඇති කුඩාම RNA වර්ගය 🏆
🔹 රේඛීය අණුවක් වුවද නියමිත ලෙස නැමී
🍀 Clover Leaf (ත්‍රිපත්‍ර) හැඩයක් ගනී
🔹 පුඩු (Loops) 3ක් අඩංගු වේ
📍 ප්‍රධාන ස්ථාන 2
🧱 Amino Acid Attachment Site
➡️ ඇමයිනෝ අම්ල බැඳෙන ස්ථානය
🎯 Anticodon
➡️ mRNA හි කෝඩෝනය හඳුනා ගනී
🔍 Anticodon මගින් mRNA හඳුනාගන්නේ කෙසේද?
📝 mRNA හි ඇති Codon එකට
🎯 tRNA හි ඇති Anticodon එක
Complementary Base Pairing මගින් සම්බන්ධ වේ
📌 උදාහරණය:
📝 mRNA Codon = AUG
🚛 tRNA Anticodon = UAC
🔗 A ↔️ U
🔗 U ↔️ A
🔗 G ↔️ C
මෙම ගැලපීම නිසා නිවැරදි ඇමයිනෝ අම්ලය රයිබොසෝමයට ගෙන එයි 🧱
🏗 රයිබොසෝමීය RNA (r-RNA)
🔹 සෛලයේ බහුලතම RNA වර්ගය 🏆
🔹 සංකීර්ණ හා අක්‍රමවත් ව්‍යුහයක් ඇත 🌐
🔹 රයිබොසෝමයේ ප්‍රධාන සංරචකයකි
✨ විශේෂත්වය
🏭 ප්‍රෝටීන් සංස්ලේෂණය සිදුවන ස්ථානය සපයයි
🔗 ඇමයිනෝ අම්ල එකතු කර
පොලිපෙප්ටයිඩ දාමය සෑදීමට උපකාරී වේ
📌 rRNA = Protein Factory Platform
🧬💙 AURUM BIO VAULT 💙🔬
✨ "tRNA = Transport 🚛 | rRNA = Ribosome 🏗 | DNA = Store 📚 | RNA = Build 💪" ✨
🧬✨ AURUM BIO VAULT ✨🔬
🧫 ප්‍රෝටීන් සංස්ලේෂණයේ RNA වර්ග 3️⃣
ප්‍රෝටීන් සංස්ලේෂණයට RNA වර්ග තුනම එකට ක්‍රියා කරයි 🤝🧬
📝 m-RNA (Messenger RNA)
🔹 DNA වල ප්‍රවේණික තොරතුරු පිටපත් කරයි 📋
🔹 එම තොරතුරු න්‍යෂ්ටියෙන් රයිබොසෝම වෙත ගෙන යයි 🚚
📌 කාර්යය: Genetic Message Carrier 📩
🚛 t-RNA (Transfer RNA
🔹 ඇමයිනෝ අම්ල රයිබොසෝම වෙත ගෙන යයි 🧱
🔹 ප්‍රතිකෝඩෝනය (Anticodon) මගින් නිවැරදි ඇමයිනෝ අම්ලය තෝරයි 🎯
📌 කාර්යය: Amino Acid Transporter 🚛
🏗 r-RNA (Ribosomal RNA)
🔹 රයිබොසෝමයේ ප්‍රධාන සංරචකය වේ
🔹 ඇමයිනෝ අම්ල එකතු කර පොලිපෙප්ටයිඩ දාමය සෑදීමට උපකාරී වේ 🔗
📌 කාර්යය: Protein Factory 🏭
🎯 MCQ QUICK REVISION
📝 m-RNA → Message 📩
🚛 t-RNA → Amino Acids 🧱
🏗 r-RNA → Ribosome & Protein Synthesis 🔗
🧠 Memory Trick
📩 m-RNA = Message
🚛 t-RNA = Transport
🏭 r-RNA = Ribosome
DNA 🧬 → mRNA 📝 → tRNA 🚛 → rRNA 🏗 → Protein 💪
━━━━━━━━━━━━━━━
🧬💙 AURUM BIO VAULT 💙🔬
✨ "mRNA Gives the Instructions 📩 | tRNA Brings the Materials 🚛 | rRNA Builds the Protein 🏗" ✨
━━━━━━━━━━━━━━━
🧬✨ AURUM BIO VAULT ✨🔬
🚫🧬 ප්‍රෝටීන දුස්ස්වභාවීකරණය (Denaturation)
🔹 දුස්ස්වභාවීකරණය යනු ප්‍රෝටීනයක ඇති දුර්වල බන්ධන හා අන්තර්ක්‍රියා බිඳ වැටීම නිසා එහි විශිෂ්ට 3D හැඩය 🌐 නැතිවීමයි.
⚠️ දුස්ස්වභාවීකරණයට හේතු
🔥 ඉහළ උෂ්ණත්වය හා විකිරණ
➡️ ප්‍රෝටීන ව්‍යුහය විනාශ කරයි
🧪 ප්‍රබල අම්ල / භස්ම
➡️ pH වෙනස් කරයි
🧂 අධික ලවණ සාන්ද්‍රණ
➡️ අන්තර්ක්‍රියා බිඳ දමයි
⚙️ බරලෝහ
➡️ Hg (රසදිය), Pb (ඊයම්)
🧴 කාබනික ද්‍රාවක හා ක්ෂාලක
➡️ Detergents, Alcohols
🎯 MCQ QUICK POINTS
🚫 Denaturation
= 3D හැඩය නැතිවීම 🌐❌
⚠️ හේතු:
🔥 Heat
🧪 Extreme pH
🧂 High Salt
⚙️ Heavy Metals
🧴 Organic Solvents
🧬💙 AURUM BIO VAULT 💙🔬
✨ "Denaturation = Loss of Shape 🌐❌ |
🎯 MCQ QUICK REVISION
🌀 Secondary Structure
✅ Hydrogen Bonds 🤝
📖 β-Pleated Sheet
🌀 α-Helix
🌐 Tertiary Structure
✅ Hydrogen Bonds 🤝
✅ Disulfide Bonds 🔗
✅ Ionic Bonds ⚡️
✅ Hydrophobic Interactions 💧🚫
✅ Van der Waals Forces ✨
🧠 MEMORY TRICK
🌀 Secondary = H Bonds Only 🤝
🌐 Tertiary = H + S-S + Ionic + Hydrophobic + Van der Waals
📌 Secondary → Local Folding 🌀
📌 Tertiary → Complete 3D Shape 🌐
━━━━━━━━━━━━━━━━━━━
🧬🔬 AURUM BIO VAULT 💙✨
📚 "Secondary = Hydrogen Bonds 🤝 | Tertiary = Many Interactions 🌐"
🌱 Biology Made Simple & Memorable 🧠⚡️
🧬✨ AURUM BIO VAULT ✨🔬
🧫 ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් 4️⃣
ජීවීන්ගේ ප්‍රෝටීන 🧬 විවිධ ව්‍යුහ මට්ටම් හතරකින් සමන්විත වේ. ඒවා අතර වෙනස හඳුනාගත හැක්කේ හැඩය, බන්ධන වර්ග සහ පොලිපෙප්ටයිඩ දාම ගණන අනුවයි. 🌟
1️⃣ ප්‍රාථමික ව්‍යූහය (Primary Structure) 🧬
🔹 ඇමයිනෝ අම්ල පෙළක් පෙප්ටයිඩ බන්ධන මගින් සම්බන්ධ වී ඇත
🔹 ප්‍රෝටීනයේ අනන්‍ය රේඛීය අනුපිළිවෙල මෙයයි
🔹 සරල දාමයක් ලෙස පවතී ➖
📌 බන්ධනය: Peptide Bonds 🔗
📍 මතක තබාගන්න:
🧬 = Amino Acid Sequence
2️⃣ ද්විතීයික ව්‍යූහය (Secondary Structure) 🌀
🔹 එකම පොලිපෙප්ටයිඩ දාමයේ පිටකොන්ද අතර ඇති හයිඩ්‍රජන් බන්ධන නිසා සෑදේ
🔹 ප්‍රධාන ආකාර දෙකක්:
🌀 α-Helix (ඇල්ෆා හෙලික්සය)
📖 β-Pleated Sheet (බීටා රැළිති තලය)
📌 බන්ධනය: Hydrogen Bonds 🤝
✅ උදාහරණ:
🦱 Keratin
🕸 Silk Fibroin
3️⃣ තෘතියික ව්‍යූහය (Tertiary Structure) 🌐
🔹 පොලිපෙප්ටයිඩ දාමය තවදුරටත් නැමී සෑදෙන ත්‍රිමාණ (3D) හැඩය
🔹 R කාණ්ඩ අතර අන්තර්ක්‍රියා මගින් ස්ථාවර වේ
📌 බන්ධන:
🤝 Hydrogen Bonds
⚡️ Ionic Bonds
🔗 Disulfide Bonds
💧 Hydrophobic Interactions
✅ උදාහරණ:
⚙️ Enzymes
🥚 Albumin
📍 මතක තබාගන්න:
🌐 = One Polypeptide → 3D Shape
4️⃣ චතුර්ථ ව්‍යූහය (Quaternary Structure) 🏗
🔹 පොලිපෙප්ටයිඩ දාම 2ක් හෝ වැඩි ගණනක් එකතු වී සෑදේ
🔹 සෑම දාමයක්ම උප ඒකකයක් (Subunit) ලෙස හැඳින්වේ
🔹 උප ඒකක අතර අන්තර්අණුක ආකර්ෂණ බල පවත
📌 දාම ගණන: 2️⃣ හෝ ඊට වැඩි
✅ උදාහරණ:
🩸 Hemoglobin
🦴 Collagen
📍 මතක තබාගන්න:
🏗 = Multiple Polypeptides Working Together
🎯 MCQ QUICK REVISION
🧬 Primary → Amino Acid Sequence ➖
🌀 Secondary → α-Helix / β-Sheet (H Bonds) 🤝
🌐 Tertiary → One Chain's 3D Shape 🔗
🏗 Quaternary → Multiple Polypeptide Chains 🧩
💡 Memory Trick
🧬 ➜ 🌀 ➜ 🌐 ➜ 🏗
Amino Acid Chain ➜ Local Folding ➜ 3D Folding ➜ Many Chains Combined
━━━━━━━━━━━━━━━
🧬💙 AURUM BIO VAULT 💙🔬
📚 Biology Made Simple & Memorable ✨
━━━━━━━━━━━━━━━
