en
Feedback
2027 Main Revision - Biology - Virul Weerakoon

2027 Main Revision - Biology - Virul Weerakoon

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
8 497
Subscribers
-1824 hours
-1317 days
+5 72730 days
Posts Archive
Voice message03:07

චර්මයේ ඇති ව්‍යූහ දෙකක් සඳහන් කරන්න. State two structures that are present in the dermis.

ඉන්සියුලින් හා ග්ලූකගන් හෝමෝන ක්‍රියා කරන ඉලක්ක ස්ථාන දෙකක් සඳහන් කරන්න.  Name the two target sites on which insulin and glucagon act on.

අධිවෘක්ක මජ්ජාව මඟින් නිපදවන හෝමෝන දෙකක් සඳහන් කරන්න. Name two hormones produced by the adrenal medulla.

පැහැදිලි ප්‍රතිබිම්භයක් දෘෂ්ටිවිතානය මත ලබා ගැනීමට දායක වන ක්‍රියාවලි තුනක් සඳහන් කරන්න. State three processes that involve in obtaining a clear image on the retina.

ඇසෙහි බිත්තියේ හමුවන ස්තර තුන දක්වන්න. State the three main layers found in the eye wall.

පොෂි මෙන්ම පෝෂි නොවන බලපෑම සහිත හෝමෝනයක් සඳහන් කරන්න. State a hormone that has both trophic and non-trophic effects.

රසාංකුර සමන්විත වන කොටස් තුන සඳහන් කරන්න. State the three parts of a taste bud.

පශ්ච උපාගම සෛල සඳහා නිදසුන් ආකාර තුනක් සපයන්න.  Give three examples for post-synaptic cells

සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණ වර්ග තුන සඳහන් කරන්න. What are the three types of external defenses in innate immunity?

වෘක්කාණුවේ ජලයට අපාරගම්‍ය කොටස කුමක් ද? What is the part of the nephron that is impermeable to water?

මානව හෘදයේ බිත්තියේ ස්තර තුන නම් කරන්න. State the three layers of the wall of the human heart.

පර්යන්ත ස්නායු පද්ධතියේ අපවාහි සං‍රචක දෙක සඳහන් කරන්න. What are the two autonomic components in the PNS?

උපරිම ආයාසයකින් ආශ්වාසනයෙන් ඇතුළු කර ගන්නා වාත පරිමාව හඳුන්වන නම කුමක් ද? What is the name of the volume of air taken in by a forceful inhalation?

නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ උදම් පරිමාවේ, ශේෂ පරිමාවේ හා ව්‍යූහාත්මක මළ අවකාශ    පරිමාවේ අගයන් සඳහන් කරන්න.                      Mention the following values in a healthy adult. Tidal volume, Reserve volume and anatomical dead space.

වෘක්කයේ මජ්ජාව විලිඛිත ස්වරූපයක් ගෙන ඇත්තේ ඇයි? Why the renal medulla is striated?

වෘක්කයේ බාහිකය කණිකාමය ස්වරූපයක් ගෙන ඇත්තේ ඈයි? Why the renal cortex look granulated?

වෘක්කයක දික් කඩක පවතින පියවි ඇසින් හඳුනා ගත හැකි ප්‍රදේශ තුන නම් කරන්න. What are the three visible regions in a longitudinal section of a kidney?

වෘක්කවල පිහිටීම දක්වන්න. State the location of the kidneys.