𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Open in Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Show moreThe country is not specifiedThe category is not specified
2 394
Subscribers
+624 hours
+207 days
+10430 days
Posts Archive
Repost from ⭕ 𝕐𝕆𝕌 ℂ𝔸ℕ 𝔻𝕆 𝕀𝕋 ⭕
🔥 අලුත් වෙනසක් 🔥
⚡ PHYSICS ⚡
👨🏫 දර්ශන උකුවෙල සර්
• 2027 Revision Videos 🎥
👨🏫 මහේන් ජේකබ් සර්
• 2027 Revision Videos 🎥
• 360 Paper & Discussions 📝
📦 අනුරාධ පෙරේරා සර්ගේ
• PHYSICS STUDY PACK 📚
🧪 CHEMISTRY 🧪
📦 අමිල දසනායක සර්ගේ
• CHEMISTRY STUDY PACK 📚
🧬 BIOLOGY 🧬
📦 සශංක සර්ගේ
• BIOLOGY STUDY PACK 📚
📦 මුතුගල සර්ගේ
• BIOLOGY STUDY PACK 📚
⭕හැමදවසකම⭕
☛06.00AM➔PHYSICS MCQ
☛07.00AM➔CHEMISTRY MCQ
Poll මැසෙජ් එකක් වීදියට දාමවා 🥹 ❤️🩹
🔥 2027 / 2028 A/L කරන ඔයාලට ඉස්සරහටත් තවත් වැදගත් Resources ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා! ❤️🔥
📌 මේ Resources ටිකත් අනිවාර්යයෙන්ම Save කරගන්න! 😍
🌝 යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න!
━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper#AL2027#AL2028#දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕
"😔ඩිප්රෙශන් හැදුනම සනීප කරගන්නව නෙවෙයි, හැදෙන්න කලින් බේරෙන්නේ කොහොමද?"
අපි හැමෝම වගේ "ඩිප්රෙශන්" (Depression) නැත්නම් විෂාදය ගැන කතා කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ ඒක හැදුනට පස්සේ කොහොමද ප්රතිකාර ගන්නේ, කොහොමද ඒකෙන් ගොඩ එන්නේ කියලා විතරයි. 😭
ඒත්, හිතන්න... ගංවතුරක් ආවට පස්සේ ගේ සුද්ද කරනවට වඩා, ගංවතුර එන්න කලින් වැලි කොට්ට දාලා ගේ බේරගන්න එක ලේසියි නේද? 🙂 අන්න ඒ වගේ තමයි මානසික සෞඛ්යයත්. ඩිප්රෙශන් කියන අඳුරු වලට වැටෙන්න කලින්, අපේ මනස ආරක්ෂා කරගන්න, "Mental Immunity" (මානසික ප්රතිශක්තිය) එකක් හදාගන්න අපිට පුළුවන්.
අද කතා කරමුද ඒ කොහොමද කරන්නේ කියලා?
🤬 "ඕනවට වඩා හිතන" ලොකුම හේතු දෙකක් (සහ ඒවා සරල කරගන්න හැටි)
අපේ මනස ගොඩක් වෙලාවට විඩාවට පත් වෙන්නේ, පීඩනයට ලක්වෙන්නේ අපි "Overthinking" කරන නිසා. ඒ කියන්නේ ඕනවට වඩා දේවල් ගැන හිතන නිසා. මේකෙදි ප්රධාන තැන් දෙකක් තියෙනවා අපි නිතරම හිරවෙන.
🔢🔢. අතීතය ගැන හිතන එක (Overthinking the Past) 🗓"අනේ මම එදා එහෙම නොකර හිටියා නම්...", "මට ඒ දේ වුනේ නැත්නම් අද මම කොච්චර හොඳ තැනකද...", "ඇයි මටම මෙහෙම වුනේ?" 😔 මේ විදිහට අපි ගෙවිලා ගිය දේවල් ගැන, වෙච්ච වැරදීම් ගැන, අපිට අහිමි වුන දේවල් ගැන ආයෙ ආයෙ හිතනවා. ඒක හරියට පරණ තුවාලයක් ආයෙ ආයෙ පාරනවා වගේ. සරල විසඳුම (Be Simple): 👏 අතීතය වෙලා ඉවරයි. ඒක වෙනස් කරන්න බෑ. අතීතයෙන් වෙන්න ඕන එකම දේ පාඩමක් ඉගෙන ගන්න එක විතරයි. ඒ පාඩම ඉගෙන ගත්තා නම්, ඒක එතනින් අතාරින්න. "Okay, ඒක වුනා, මම පාඩම ඉගෙන ගත්තා, දැන් මම ඉන්නේ අද දවසේ" කියලා හිතන්න. අතීතයේ බර කර තියාගෙන වර්තමානයේ දුවන්න බෑ.
🔢🔢. අනාගතය ගැන (ඕනවට වඩා) හිතන එක (Overthinking the Future) 🔮"හෙට exam එක fail වුනොත් මොකද වෙන්නේ?", "මට කවදාවත් ජොබ් එකක් හම්බවෙන එකක් නෑ වගේ...", "මම තනියම ඉඳියිද?", "අනේ ලෙඩක් හැදුනොත්..." 😭 මේක තමයි "Anxiety" (කාංසාව) කියන්නේ. තාම වෙලා නැති, සමහරවිට කවදාවත් වෙන්නෙත් නැති දේවල් ගැන හිතින් බය වෙන එක. සරල විසඳුම (Be Simple): 💡 අනාගතය ගැන "Plan" කරන එක (සැලසුම් කරන එක) හොඳයි. ඒත් අනාගතය ගැන "Worry" වෙන එක (කනස්සලු වෙන එක) නරකයි. ඔයාට පාලනය කරන්න පුළුවන් දේ විතරක් කරන්න. ඒ තමයි අද දවස. අද දවසේ ඔයා හරියට මහන්සි වුනොත්, අද දවසේ ඔයා සතුටින් ඉන්න උත්සාහ කලොත්, අනාගතය ඉබේම හැදෙයි. හෙට ගැන බය වෙවී අද දවසේ සතුට නැති කරගන්න එපා. සරලවම කිව්වොත්, වර්තමානයේ ජීවත් වෙන්න (Live in the Present)! 💯 🛡 ඩිප්රෙශන් වලින් බේරෙන්න තව "Mental Tricks" ටිකක් අර දේවල් දෙක සරල කරගන්නවා වගේම, අපේ මනස ශක්තිමත් කරගන්න පුළුවන් තව සරල, එදිනෙදා දේවල් තියෙනවා.
0️⃣1️⃣. මිනිස්සු එක්ක 'Connect' වෙන්න(නිකන්ම නෙවෙයි, ඇත්තටම!) 🤝 තනිකම කියන්නේ ඩිප්රෙශන් වලට අත වනන දෙයක්. අපි දැන් ගොඩක් වෙලාවට 'social media' වල 'connected' වුනාට, ඇත්තටම 'connected' නෑ. කරන්න ඕන දේ: යාළුවෙක්ට නිකන් මැසේජ් එකක් දානවට වඩා කෝල් එකක් අරන් කතා කරන්න. 📞 පුළුවන් නම්, සතියකට සැරයක්වත් පවුලේ අයත් එක්ක, නැත්නම් හොඳම යාළුවෙක් එක්ක එකට ඉඳන් තේ එකක් බොන්න. ඔයාගේ හිතේ තියෙන දෙයක්, ඔයා විශ්වාස කරන කෙනෙක් එක්ක කතා කරලා බෙදාගන්න. හිතේ හිරකරගෙන ඉන්න එපා.
0️⃣2️⃣. ඇඟ ටිකක් හොල්ලන්න!(ජිම් යන්නම ඕන නෑ) 🥳 මනසයි, ශරීරයයි කියන්නේ දෙකක් නෙවෙයි. එකක්. ශරීරය දුර්වල වෙනකොට, මනසත් දුර්වල වෙනවා. කරන්න ඕන දේ: දවසට අඩුම විනාඩි 30ක්වත් ඇවිදින්න. නැත්නම් කැමති සින්දුවක් දාගෙන නටන්න. 💃 පොඩ්ඩක් දාඩිය දානකම් ව්යායාම කරනකොට, අපේ මොළයෙන් "එන්ඩොර්ෆින්" (Endorphins) කියන "සතුටු හෝමෝන" (Happy Hormones) නිපදවෙනවා. ඒක ස්වභාවික 'anti-depressant' එකක් වගේ. ඒ වගේම, හොඳට නිදාගන්න 😴, පුළුවන් තරම් වතුර බොන්න 😓.
0️⃣3️⃣. "ඔයාටම කියලා" පුංචි දෙයක්🎨📖 වැඩ, ගෙදර වැඩ, විභාග... මේ ඔක්කොම මැද්දේ "ඔයා" නැතිවෙලා යනවද? ඔයා කැමති, ඔයාට සතුටක් ගේන පුංචි දෙයක් දවස ගානේ කරන්න. කරන්න ඕන දේ: ඒක පොතක් කියවන එක වෙන්න පුළුවන්. ලස්සන සින්දුවක් අහන එක වෙන්න පුළුවන්. 🎧 චිත්රයක් අඳින, ගහක් හිටවන, කෑමක් උයන, නැත්නම් නිකන්ම නිකන් තේ එකක් හදාගෙන එළිය බලාගෙන ඉන්න විනාඩි 10ක් වෙන්න පුළුවන්. ☕️ මේකට කියන්නේ "Me Time" කියලා. මේක ඔයාගේ මනස 'recharge' කරනවා.
0️⃣4️⃣. පුංචි දේවල් අගය කරන්න(Gratitude) 🙏 අපිට නැති දේවල් ගැනම හිත හිත ඉන්නකොට, අපිට තියෙන දේවල් පේන්නේ නැතුව යනවා. කරන්න ඕන දේ: හැමදාම රෑට නිදාගන්න කලින්, "අද දවසේ මට සතුටු වෙන්න පුළුවන් වුන පුංචි දේවල් 3ක්" ලියාගන්න. (උදා: අම්මා හදපු තේ එක රසට තිබ්බා, යාළුවෙක් කතා කරා, ලස්සන මලක් දැක්කා). මේකෙන් වෙන්නේ, ජීවිතේ තියෙන 'positive' දේවල් දකින්න අපේ මොළය පුරුදු වෙන එක. ❤️
Rusiru Galagoda BA (Hons) Psychology University of Sri Jayewardenepura#FACTS #MOTIVATION ඔයාගේ හොදම යාලුවටත් #SHARE කරන්න හොදේ...
🇨 🇭 🇪 🇲 🇮 🇸 🇹 🇷 🇾
2027🅵︎🆄︎🅻︎🅻︎ 🄿🄰🄿🄴🅁 1/2/3/4/5 ᑌᑭᒪOᗩᗪᗴᗪ 🅜︎🅐︎🅘︎🅝︎ 🅟︎🅐︎🅟︎🅔︎🅡︎ 1/2/3(𝖬𝖢𝖰 𝖮𝗇𝗅𝗒) ᑌᑭᒪOᗩᗪᗴᗪ
𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙇𝙞𝙣𝙠 https://t.me/amilaschem28
දිනේෂ් මුතුගල සර්ගේ 2028 AL සෙට් එකේ Notes අපේ Resources Group එකට ලබන සතියේ ඉදන් Upload කරනවා.ඕනි හැමෝම Join වෙන්න..
පැහැදිලි අත් අකුරින් ලියූ සටහන් වේ.✨✨✨
🌟 WELCOME TO ꧁༺ 𝗡𝗘𝗫𝗢𝗥𝗔 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗦𝗛𝗢𝗣 ༻꧂ OFFICIAL COMMUNITY! 🌟
⭕️අපගේ චැනලය හරහා ඔබට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන අඩුම මිලට ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. 📚 🛒
•••••••••••••••••••••••••••••••••••••••••
🛍 අපෙන් ලබාගත හැකි ප්රධාන නිෂ්පාදන (Categories):
📚Educational Items 📱 Electronic Devices & Accessories (ස්මාර්ට්ෆෝන්, ගැජට් සහ උපාංග) 📺 TV & Home Appliances (නිවසට අවශ්ය විදුලි උපකරණ) 💅 Health & Beauty (සෞඛ්ය හා රූපලාවන්ය නිෂ්පාදන) ⌚️ Watches & Accessories (අත්ඔරලෝසු සහ අමතර උපාංග) ⚽️ Sports & Outdoor (ක්රීඩා සහ එළිමහන් උපකරණ)••••••••••••••••••••••••••••••••••••••••• 💡 අපගේ විශේෂත්වය: 📦 විශ්වාසනීය සහ ඉක්මන් දිවයින පුරා බෙදාහැරීම 💯 උසස්ම තත්ත්වයේ භාණ්ඩ සාධාරණ මිලගණන් වලට ••••••••••••••••••••••••••••••••••••••••• 📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අපව සම්බන්ධ කරගන්න: 📲 WhatsApp: +94 77 860 7716/ +94 76 228 5235 💬 Telegram Direct: +94 77 860 7716
📌 Join our Official Community:꧁༺ 𝗡𝗘𝗫𝗢𝗥𝗔 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗦𝗛𝗢𝗣 ༻꧂ Channel Link :- https://t.me/NexoraOnlineLK
පාඩම් කරනකොට එන ලොකුම ප්රශ්න සහ ඒවට විසඳුම්...🙃
පාඩම් කරගෙන යනකොට ඔයාලට ලෝකෙ නැති ප්රශ්න එනවා. Phone එක ගන්න හිතෙනවා, නිදිමතයි, වෙන වෙන ඒවා ඇහෙනවා..... ඔය වගේ හුඟක් ප්රශ්න. ඔයාලගෙන් ආපු message, මගෙ අත්දැකීම්; ඔය ඔක්කොමත් එකතු කරලා මං හිතුවා මේ ගැන එක post එකක් ලියනවා කියලා.
ඉතින් අද අපි බලමු මොනාද මේ ප්රශ්න කියලා.
🔠🔠) Phone එක බලන්න හිතෙනවා.
මේ phone එක කිව්වහම හුඟක් දේවල් තියෙනවා.
- සමහරු FB එක පැත්තෙ පොඩ්ඩකට කියලා යනවා. හැබැයි එයා දන්නෙත් නැතුව හෙන වෙලාවක් ඔහේ wall එකේ උඩ පහළ ගිහින්
- නැත්නම් instagram
- එහෙමත් නැත්නම් YouTube එකේ ගිහින් වැඩකටම නැති වීඩියෝ ටිකක් බලලා
- Game එකක් ගහන්න ගිහින්, දන්නෙම නැතුව levels complete කරගෙන ගිහින්; පාඩම් වැඩ අතරමඟ
මට තේරුණ විදිහට phone එකෙන් ගොඩක්ම ලොකු හානියක් වෙන්නෙ ඔන්න ඔය දේවල් ටිකෙන්. ඇත්තටම වෙන්නෙ ඔයාටත් නොදැනීම ඔයාගෙ කාලය ගෙවෙන එක.
➡️ විසඳුම;
- පාඩම් කරන වෙලාවට FB/instagram/YouTube යන්න එපා. ඒවට වෙනම වෙලාවක් තියාගන්න.
- Exam එකක් ළඟ එද්දි games uninstall කරන්න.
- Phone එක බලන්න targets දෙන්න. ඒ කියන්නෙ 1st chapter එක ඉවර වුණහම phone එක බලනවා. ආයිමත් 2nd chapter එක ඉවර වුණහම... අන්න ඒ වගේ (හැබැයි මෙතනදි ඒ කාලය මිනිත්තු 5කට සීමා කරගන්න අනිවාර්යයෙන්ම).
- Phone එකෙ පේන්නෙ නැති තැනකින් තියන්න. හුඟක් වෙලාවට ඒක ගන්න හිතෙන්නෙ දකිනකොටනෙ. ඒ නිසා පොත් මේසෙ ලාච්චුවකින්, අල්මාරියකින්, ඇඳෙන්, පොත් රාක්කෙන් ඔයාගෙ phone එක තියලා තියන්න.
🔠🔠) නිදිමත.
පුදුම වැඩක් කියන්නෙ, පාඩම් කරන්න පටන් ගත්තහම ඔයාලට කොහෙවත් නැති නිදිමතක් එනවා. තව මේකෙ තියෙන විශේෂත්වය තමයි; පාඩම් කරන එක නවත්තලා වෙන වැඩක් කරනකොට මේ නිදිමත නැතිවෙන එක.
ඒකෙන්ම පේනවා මේක ඇත්තටම නිදිමතටත් වඩා එහා ගිය කම්මැලිකමක් කියලා. මොන දේ වුණත් මං හිතන්නෙ නෑ මේ දේ නිසා ඔයාලා ඔයාලගෙ අධ්යාපනය විනාශ කරගන්න ඕන කියලා.
➡️විසඳුම;
- පුළුවන් තරම් වතුර බොන්න. ළඟ වතුර බෝතලයක් තියාගෙන බොන්න. ඒකෙන් ඔයාලව fresh කරනවා. ඔයාලගෙ මතක ශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඒක ඔයාලගෙ සෞඛ්යයටත් හොඳටම හොඳයි.
- ඕනවට වඩා සැප පහසුව එපා. ඔයාලටත් මේ ලෙඩේ තියෙනවා නම්; කුෂන් පුටු, කැරකෙන පුටු, AC, fan (හුඟක්ම රස්නෙ නම් ඕන වෙනවා)... වගේ දේවල් හොයන්න එපා. මොකදා ඒකත් ඔයාලට නිදිමත දැනෙන්න එක හේතුවක්.
- ඇඳ පේන්නෙ නැති තැනක්. හුඟක් වෙලාවට ඇඳ පේනකොට නිකන් ඇඳ කතා කරනවා වගේ දැනෙනනවා නම්, නිදිමත වගේ වෙනවා නම් පොත් මේසෙ ඇඳ පේන්නෙ නැති විදිහට තියාගන්න.
- කෑමට පස්සෙ ටිකක් වෙලා ඉන්න. කාපු ගමන් පාඩම් කරන්න එන්න එපා. එහෙම එනවා නම් කෑම ටිකක් අඩුවෙන් කන්න. නැත්නම් ඔයාලට ඊළඟට එන්නෙ බුදිමත. ඒ නිසා කෑවට පස්සෙ ටිකක් ඇවිදලා, පොඩ්ඩක් දුවලා කරලා ආයිමත් පාඩම් කරන්න එන්න.
🔠🔠) බාලගිරි දෝසෙ.
හුඟක් වෙලාවට ඔයාලා පාඩම් කරන්න හිතනවා, එහෙම නැත්නම් පාඩම් කරන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හිතනවා 'ඔන්න ඔහෙ අදත් ඉඳලම, හෙට ඉඳන් සුපිරියටම පටන් ගන්නවා' කියලා. හැබැයි වැඩේ කියන්නෙ ඔය හෙට කවදාවත් එන්නෙ නැති එකයි.
ඉතින් මේ දේ නැති කරගන්න පුළුවන් ඔයාලටම තමයි. මොකද targets ඔයාගෙ නම්, ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕන ඔයාම තමයි. එහෙම කරන්නෙ නැති නිසා තමයි හුඟක් මිනිස්සුන්ට මහ හුඟක් හීන විතරක් තියෙන්නෙ. ඒ අයට කොච්චර හීන තිබ්බත්, ඒ වෙනුවෙන් වැඩ කරන්න බෑ. ඔයාලටත් පුළුවන් ඔය දෙකෙන් තේරීමක් කරන්න.
- හීන එක්ක මැරිලා යනවද දවසක??
- හීන වෙනුවෙන් මහන්සි වෙලා ඒ හීන හැබෑ කරගෙන මැරිලා යනවද???
කියලා තීරණය වෙන්නෙ ඔයා මතම තමයී.
➡️ විසඳුම;
- Study plan එකක් හදාගන්න (හැදුවට වැඩක් නෑ, ඒකෙ තියෙන විදිහට වැඩ කරන්න).
- Timetable එකකට හැඩ ගැහෙන්න. එතකොට ආයාසයක් නැතුව ඔයාලට වැඩ ටික කරගෙන යන්න ඒකට හුරු වෙන්න පුළුවන්.
- ඔයාගෙ dream එක නිතර පේන තැනකින් ගහලා තියාගන්න.
- හිත හිත ඉන්නෙ නැතුව පටන් ගන්න.
- කල්දාන්න හිතෙන හැමවෙලේම කොහොමහරි අල්ලගෙන කරන්න.
ඉතින් මට තේරුණ විදිහට පොදුවෙ ඔයාලා හැමෝටම පාඩම් කරද්දි තියෙන ලොකුම ප්රශ්න 03 තමයි මේ. මේ post එකේ මොන දේ ලියලා තිබුණත්, ඔයා මේක කියෙව්වත්, මේ දේවල් කරන හෝ නොකරන එක ඔයාලගෙ අතේ තියෙන තේරීමක්. ඒ වගේම මේ දේවල් කරන්නෙ කොහොමද කියන එකත් ඔයාලම තීරණය කරන්න ඕන දෙයක්.
Targets ඔයාලගෙ නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නත් ඕන ඔයාලම තමයී.. ඉතින් අදම පටන් ගන්න..
⠛⠛⣿⣿⣿⣿⣿⡷⢶⣦⣶⣶⣤⣤⣤⣀
⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣷⡀
⠉⠉⠉⠙⠻⣿⣿⠿⠿⠛⠛⠛⠻⣿⣿⣇
⢤⣀⣀⣀ ⢸⣷⡄ ⣁⣀⣤⣴⣿⣿⣿⣆
⠹⠏ ⣿⣧ ⠹⣿⣿⣿⣿⣿⡿⣿
⠛⠿⠇⢀⣼⣿⣿⠛⢯⡿⡟
⠦⠴⢿⢿⣿⡿⠷ ⣿
⠙⣷⣶⣶⣤⣤⣤⣤⣤⣶⣦⠃
⢐⣿⣾⣿⣿⣿⣿⣿⣿⣿⣿
⠈⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡇
⠙⠻⢿⣿⣿⣿⣿⠟⠁
දිනේෂ් මුතුගල සර්ගේ 2028 AL සෙට් එකේ Notes අපේ Resources Group එකට ලබන සතියේ ඉදන් Upload කරනවා.ඕනි හැමෝම Join වෙන්න..
පැහැදිලි අත් අකුරින් ලියූ සටහන් වේ.✨✨✨
⭕️2027 Session 01 ප්රශ්න පත්ර 35ම පහත ලින්ක් එක හරහා ලබා ගත හැක.⭕️
💢2027 Chemistry | Amila Dasanayake💢Paper Link:- https://t.me/BioMathsNexustutes/1879
