ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97
-4230
帖子存档
දෙවන මට්ටම - විකිරණ කලාපය විකිරණ කලාපය තියෙන්නෙ සූර්යයාගේ හරයට ටිකක් එළියෙන්. මේ කලාපයෙදි විකිරණ ලෙස තාපය හුවමාරු වෙන නිසයි ඒකට ඒ නම ලැබිල තියෙන්නෙ. මේ විකිරණ කලාපය හැදිල තියෙන්නෙ අධිකව ඝන ලෙස ඇසිරුන ප්‍රෝටෝන වලින්. පළමු මට්ටමෙන් පිට උන ෆෝටෝන, සූර්යයාගේ හරයෙන් එලියට ඇවිල්ල, මෙන්න මේ විකිරණ කලාපයට ඇතුල් වෙනව. ඒත් විකිරණ කලාපයේ තියෙන ඝනව ඇසිරුණ ප්‍රෝටෝන වලින් එල්ල වෙන බාධාව නිසා, ඒ ෆෝටෝනයට, විකිරණ කලාපයේ තියෙන ප්‍රෝටෝනයක වදින්නැතුව මිලිමීටර් කිහිපයකට වඩා ගමන් කරන්න බැරි වෙනව. ඒ වගේම ෆෝටෝනයක්, ප්‍රෝටෝනයක් එක්ක ගැටෙන හැම අවස්ථාවකම, ෆෝටෝනයේ ශක්තියෙන් යම් ප්‍රමාණයක් හානි වෙලා ඒ ෆෝටෝනය වෙනත් දිශාවකට විසිරිලා යනව. අන්න ඒ නිසා, ෆෝටෝනයක් මේ විකිරණ කලාපයෙන් එලියට එන්නෙ මාර ගේමක් දීලා. කොටින්ම එක ෆෝටෝනයකට, විකිරණ කලාපයෙන් ගැලවිලා එන්න වසර දහස් ගණනක ඉඳල වසර මිලියන කිහිපයක් දක්වා කාලයක් ගතවෙන්න පුලුවන්. 12345

සූර්යයාගෙන් ආරම්භ වෙන ෆෝටෝනයක ගමන් මාර්ගය අපි හැමෝම දන්නව සූර්යයාගෙන් ආලෝකය විහිදෙනව කියල. ආලෝකය විදිහට ඒ පිටවෙන්නෙ ඇත්තටම ශක්තියක්. සරලවම ශක්ති පොදි නොහොත් ෆෝටෝන. අපි බලමු මේ ෆෝටෝනයක්, අපේ ඇසට අසුවීම දක්වා ගමන් කරන ගමන් මග දිහා. පළමු මට්ටම - සූර්යාගේ හරය අපි ග්‍රහණය කරගන්න සූර්යය ආලෝකයේ තියෙන ෆෝටෝන හැදෙන්නෙ, සූර්යයාගෙ හරය තුළ. (මැද). සූර්ය හරයක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වෙනව. සූර්යයාගෙ ස්කන්ධයෙන් වැඩි හරියක්ම සමන්විත වෙන්නෙ හයිඩ්‍රජන් පරමාණු වලින්. මේ හයිඩ්‍රජන් පරමාණු, සූර්ය හරයේ තියෙන අධික තාප ශක්තිය නිසා ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වලට ඛණ්ඩනය වෙනව. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන විහිදුන මේ මිශ්‍රණයට අපි කියනව ප්ලාස්මාව කියල. ඉතින් මේ අධිශක්ති ප්ලාස්මාව ඇතුළෙ තියෙන ප්‍රෝටෝන දෙකක් ගැටෙනකොට, ඒව එකට එකතු වෙලා (බන්ධනය වෙලා) අවසානයට ඩියුටීරියම් පරමාණුවක් හැදෙනව. මේ ක්‍රියාවලියෙදි නියුට්‍රිනෝ සහ පෝසිට්‍රෝනයක් මුදාහරිනව. ප්ලාස්මාව ඇතුලෙ තියෙන තවත් ප්‍රෝටෝනයක්, මේ හැදුන ඩියුටීරියම් පරමාණුවක් එක්ක ගැටුනොත්, එතනින් හීලියම්-3 න්‍යෂ්ටියක් හැදිල ගැමා කිරණ පිටවෙන්න පටන් ගන්නව. මෙන්න මේ පිටවෙන ගැමා කිරණ තමා ෆෝටෝන නොහොත් ශක්ති පොදි විදිහට සූර්යයාගෙන් නිදහස් වෙන්නෙ. ෆෝටෝන හැදුවට පස්සෙ, හීලියම්-3 න්‍යෂ්ටි දෙකක් එකතු වෙලා හීලියම්-4 න්‍යෂ්ටියක් සහ ප්‍රෝටෝන දෙකක් හැදෙන්න ඉඩකඩ තියෙනව. උඩ ක්‍රියාවලියෙන් හැදුන නියුට්‍රිනෝ ඇත්තටම දුර්වල ලෙස අන්තර්ක්‍රියා කරන අංශු වර්ගයක්. ඒක අභ්‍යවකාශයට මුදා හරිනව. ඒ පියවරෙන්ම හැදුන පෝසිට්‍රෝනය, ප්ලාස්මාවෙ තියෙන ඉලෙක්ට්‍රෝනයක් එක්ක එකතු වෙලා, ඒ අංශු දෙකම විනාශ කරගෙන තවත් ගැමා කිරණයක් නිර්මාණය කරනව. #Knowledge | @LearnBits 12345

🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘 🥳😁 Wallpapers හොයන්න Pinterest 🌐 ගියපුකාලේ ඉවරයි ඔයට ඔනේ කරන හැම වර්ගයේම Wallpapers හොයගන්න අදම එකත
🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘 🥳😁 Wallpapers  හොයන්න Pinterest 🌐 ගියපුකාලේ ඉවරයි ඔයට ඔනේ කරන හැම වර්ගයේම Wallpapers හොයගන්න අදම එකතුවෙන්න  ℝ 𝕒 𝕚 𝕟 𝕓 𝕠 𝕨 🌈🌼🦋 @rainbow_c_hannel@rainbow_c_hannel@rainbow_c_hannel Stay With Us Forever |••😊😀 Owner 🔐 :- @S_AcH_I | @Thilina2004 🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘

🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘 🥳😁 Wallpapers හොයන්න Pinterest 🌐 ගියපුකාලේ ඉවරයි ඔයට ඔනේ කරන හැම වර්ගයේම Wallpapers හොයගන්න අදම එකත
🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘 🥳😁 Wallpapers  හොයන්න Pinterest 🌐 ගියපුකාලේ ඉවරයි ඔයට ඔනේ කරන හැම වර්ගයේම Wallpapers හොයගන්න අදම එකතුවෙන්න  ℝ 𝕒 𝕚 𝕟 𝕓 𝕠 𝕨 🌈🌼🦋 @rainbow_c_hannel@rainbow_c_hannel@rainbow_c_hannel Stay With Us Forever |••😊😀 Owner 🔐 :- @S_AcH_I | @Thilina2004 🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘

🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘 🥳😁 Wallpapers හොයන්න Pinterest 🌐 ගියපුකාලේ ඉවරයි ඔයට ඔනේ කරන හැම වර්ගයේම Wallpapers හොයගන්න අදම එකත
🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘 🥳😁 Wallpapers  හොයන්න Pinterest 🌐 ගියපුකාලේ ඉවරයි ඔයට ඔනේ කරන හැම වර්ගයේම Wallpapers හොයගන්න අදම එකතුවෙන්න  ℝ 𝕒 𝕚 𝕟 𝕓 𝕠 𝕨 🌈🌼🦋 @rainbow_c_hannel@rainbow_c_hannel@rainbow_c_hannel Stay With Us Forever |••😊😀 Owner 🔐 :- @S_AcH_I | @Thilina2004 🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘🆘

මේකෙන් පස්සෙ නං පොඩ්ඩක් settle down වෙමු...! ඒලෙවල් වලින් පස්සෙ පොඩ්ඩක් ස්ථාවර වෙන්න ඕනෙ... ආ දැන් කැම්පස්... කැම්පස් අවුට් උනාට පස්සෙ පොඩ්ඩක් ස්ථාවර වෙමු. දැන් ජොබ් එක. තව ටික කාලෙකින් පොඩ්ඩක් ස්ථාවර වෙමු. එතකොට ඔක්කොම ඉවරයි. දැන් ළමයව බලාගන්න ඕනෙ. එයාල ලොකු උනාම ස්ථාවර වෙමු. දැන් මම වයසයි... දැන් වත් මට ස්ථාවර වෙන්න පුලුවන්ද? Settle Down කියන සංකල්පය ඇත්තටම අපිව නොමග යවන සංකල්පයක්. අපි අපේම හිත සංසුන් කරගන්න සහ තෘප්තිමත් කරගන්න ඒක අපිටම කියාගන්නව. ජීවිතේ කියන්නෙ එහෙම එක තැනකින් ස්ථාවර වෙන දෙයක් නෙවෙයි. ජීවිතේ කියන්නෙ ගවේෂණයට, අරගල කරන එකට, ඉගෙන ගන්න එකට, අහිමි වෙන එකට, අසමත් වෙන එකට, සාර්ථක වෙන එකට සහ අවසානයට, ජීවත් වෙන එකට. ඒ කොතනකවත් "ස්ථාවර වෙන්න" කාලයක් නෑ අපිට. ඒ නිසා බොරු අදහස් වලින් අන්ධ නොවී, ඉස්සරහට එන්න තියෙන අභියෝග බාරගන්න දැන්ම මනස සූදානම් කරගන්න. අපි විවේක ගමු සැරින් සැරේ. ඒත් දිගටම ජීවත් වෙමු...! #Night_Thoughts | @LearnBits

Daruma San - Ghost Games Daruma San කියන්නෙ ජපානයෙන් මූලාරම්භ උන භූත ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවෙ අරමුණ තමයි, දිනක් පුරාවටම ඔයා පසුපස එන භූත ආත්මයක් මෙලොවට කැඳවීම. ක්‍රීඩාවෙ යෙදෙන්න තියෙන්නෙ ඒ ආත්මයට ඔයාව අල්ලාගත නොහැකි වෙන විදිහට, මග හැර සිටීමෙන්. සෙල්ලම කරන ආකාරය : » ඔයා රෑට නිදාගන්න ඇඳට යන්න කලින්, ඔයාගෙ ඇඳුම් සියල්ලම ගලවල දාල නානකාමරයට යන්න. (ගෙදර අයට නොපෙනෙන්න මේ වැඩේ කරන්න. නැත්තං සෙල්ලමේ ආත්මය කැඳවන්නත් කලින්ම, ඔයාට මහසෝනා වැහිල කියල හිතල තොවිල් නටන්න ගනීවි) » දැන් නානකාමරයේ තියෙන, ඔයාට ඇතුළට බහින්න පුලුවන් තරමෙ බේසමකට වතුර එකක් පුරවන්න. එහෙම බේසමක් නැත්තං, පොඩි බේසමකට වතුර එකක් පුරවගන්න. » දැන් නානකාමරයේ ලයිට් ඕෆ් කරල, ඔයා වතුර පිරෙව්වෙ ලොකු බේසමකට නං, ඒ බේසම ඇතුළෙ වාඩි වෙන්න. පොඩි බේසමකට නං බේසම මැද හිටගන්න. » ඊළඟට ඔයා නානකාමරයේ තියෙන ටැප් එකක් දිහාට හැරෙන්න. (ඔයා ඉන්න බේසමට ආසන්නතම ටැප් එක දිහා බලන්න.) » දැන් ඔයා ඇස් දෙක පියාගෙන, ඔයාගෙ කොණ්ඩය හෝදනව වගේ, හොඳට අත් දෙකෙන් පිරිමදින ගමන්, "Daruma san, වැටුනා" "Daruma san, වැටුනා" කියල ආයෙ ආයෙ කියන්න. » මේක කියන අතරෙ, ඔයා හිතින් මවාගන්න ඕනෙ, ඔයාගෙ බේසමේ ජපන් ජාතික කාන්තාවක් හිටගෙන ඉන්න බවත්, ඇය එකපාරටම ලිස්සල අර ළඟම තියෙන ටැප් එක මතට වැටිල, ඒ ටැප් එක ඇගෙ ඇහැක් පසා කරගෙන යනබවත්, ඉන් ඇය මරණයට පත් වෙන බවත්. (ලයිට් ඕෆ් නිසා හිතින් මවාගන්න ලේසියි) » දැන් උඩ වාක්‍යය කියන අතරෙම, ඔයා හිස හෝදන එක නවත්තන්න. හැබැයි ඇස් අරින්න එපා. දැන් ඔයාට තේරේවි ඔයා ඉන්න බේසමේ සියුම් චලනයන්. ඇස් දෙක දිගටම වහගෙන ඉන්න. ඒ සියුම් චලනයන් ඇති වෙන්න හේතුව ඔයා අදාළ ආත්මය කැඳවල, ඒ ආත්මය දැන් ඔයා එක්ක එකම බේසමේ ඉන්න නිසයි. ඇයගෙ එක ඇහැක් ටැප් එකේ ඇනිල තුවාළ වෙලා තියෙන්නෙ. » ඔයාට දැනුන ගමන් තවත් කෙනෙක් ඔයත් එක්ක ඉන්නව කියල, ඔයා ඇස් දෙක වහගෙනම හයියෙන්, "ඇයි ඔයා නානකාමරේ වැටුනෙ" කියල අහන්න. » දැන් ඔයා පරිස්සමින් බේසමෙන් එලියට ඇවිත් ඇස් දෙක වහගෙනම නානකාමරෙන් එලියට ඇවිත්, නානකාමරේ දොර වහන්න. දැන් ඔයාට ඇස් දෙක අරින්න පුලුවන්. බේසමේ තියෙන වතුර ටිකත් එහෙමම තියෙන්න අරින්න. » ඊළඟ දවසෙ උදේ ඔයා නැගිට්ට ගමන් සෙල්ලම පටන් ගන්නව. තනි ඇහේ භූත කාන්තාව මුලු දවස පුරාවටම ඔයා පස්සෙන් එනවා. ඔයා දවසෙ විවිධ කාර්යයන් වල නිරතවෙනකොට, ඔයාට තේරේවි සියුම් ඡායාවක් ඔයා දිහා බලනව කියල. නමුත් එහෙම බලන කෙනෙක් පේන්න නැති වෙයි. මේ විදිහට ඒ කාන්තාව පොඩ්ඩ පොඩ්ඩ ඔයාට ළං වෙනව. ඉතින් මේ සෙල්ලම තමා එයාට එහෙම ළං වෙන්න නොදී එයාගෙන් බේරෙන එක. ඔයාට ඇස් කොනින් පෙනුනොත් ඇය ගොඩක්ම ඔයා ළඟට ඇවිල්ල කියල, ඉක්මනට "Tomare" කියල කෑගහල ඈතට දුවන්න. Tomare කියන්නෙ "නවතින්න" කියන එකට. ඒ වැඩෙන් ඔයාට පුලුවන් ඔයයි ඒ කාන්තාවයි අතර දුර වැඩි කරගන්න. ඔයාට මේ සෙල්ලම නවත්තන්න ඕනෙ නං, ඔයාට කරන්න තියෙන්නෙ, ඇයගෙ ඡායාවක් ඇස් කොණින් පේන වෙලාවක, එක පාරටම ඒ දිහා බලල "Kitta" කියල කෑගහන ගමන්, කරාටෙ ශොට් එකකින් හරස් ලෑල්ලක් පලනව වගේ අඟවන එක. Kitta කියන්නෙ "මම ඔයාව කපල නිදහස් කලා" කියන එකට. ඔයා ඒ අතින් අඟවන්නෙ, "කැපුවා" කියන එකයි. මධ්‍යම රාත්‍රියට කලින් ඔයා අනිවාර්යයෙන්ම සෙල්ලම ඉවර කරන්න ඕනෙ. නැතිනම් ඇය ඔයාගෙ සිහින වලට ඇතුල් වෙලා ඔයා පසුපස එන්න පටන් ගන්නවා. කාල නිකං ඉන්නම බැරි නං කරල බලන්න... (සියලුම කොටස් පළමු comment එකේ) #Scary | @LearnBits

ලෝකයේ එක වෙලාවක, එක පැත්තකට දිවා කාලය ලබන බවත්, අනිත් පැත්තට රාත්‍රී කාලය ලබන බවත් අපි දන්නව. නමුත් මේ දිවා සහ රාත්‍රි කාලයන්
ලෝකයේ එක වෙලාවක, එක පැත්තකට දිවා කාලය ලබන බවත්, අනිත් පැත්තට රාත්‍රී කාලය ලබන බවත් අපි දන්නව. නමුත් මේ දිවා සහ රාත්‍රි කාලයන් වෙන් කරන තැන, හෝ රේඛාව ගැන දන්නවද? දිවා රෑ වෙන් කරන මේ රේඛාවට කියන්නෙ The Terminator කියල. එහෙමත් නැත්තං අළු රේඛාව කියලත් කියනව. වායුගෝලයෙන් හිරු එළිය වර්තනය කරන හින්ද, දිවා සහ රාත්‍රි කාලයේ පැහැදිලි වෙන් වීමක් පේන්නෑ. ඒ කියන්නෙ මේ රේඛාව නොපැහැදිලි රේඛාවක්. නිර්ණයන්ට අනුව නං මේ රේඛාවේ පළල කිලෝමීටර් 60ක් වගේ වෙනව. Additional - sos.noaa.gov #Knowledge

"සතුටට තියෙන එක දොරක් වැහුනම, තවත් දොරක් විවෘත වෙනව. නමුත් අපි ගොඩක් වෙලාවට කරන්නෙ, අර වැහුන දොර දිහා පමණක් ගොඩක් වෙලා බලන් ඉන්න එක. ඒ නිසා අපිට විවෘත උන අලුත් දොර පේන්නෑ." - Helen Keller #Saying

මේ තියෙන්නෙ ස්පාඤ්ඤ ජාතික Sergi Cadenas නම් චිත්‍ර ශිල්පියාගෙ සිතුවමක්. මේ සිතුවමේ විශේෂත්වය තමයි, චිත්‍රය දිහා බලන කෝණය අනුව චිත්‍රයේ සිටින කාන්තාවගේ වයස වෙනස් ලෙස පෙනීම. #Social_Mid | @LearnBits

කතා කියවන්න.....😍 නිර්මාණ බෙදා ගන්න......🙈 ලින්ක් ශෙයා කරගන්න😌 එන්න එකතු වෙන්න....👀 අපිත් එක්ක......🙂 මේ අපේ කතා පියස...
කතා කියවන්න.....😍 නිර්මාණ බෙදා ගන්න......🙈 ලින්ක් ශෙයා කරගන්න😌 එන්න එකතු වෙන්න....👀 අපිත් එක්ක......🙂 මේ අපේ කතා පියස......❤️🍃 පාඨක හදවත් ස්පර්ෂ කරන ආදරණීය නිවහන 😍.

ඔන්න ගොඩක් අය බලාගෙන හිටපු - "Stories" ටෙලිග්‍රෑම් වලටත් එනවලු ජූලි මුල Features: • Privacy අපේ Stories බලන්නෙ කවුද කියල අපිට තීරණය කරන්න පුලුවන්. • Compact interface ඇප් එකේ උඩම "පුළුල් කරන්න පුලුවන්" සෙක්ශන් එකක Stories තියෙන්නෙ. • Flexibility Stories පහසුවෙන් අනිත් අයගෙන් හංගන්න පුලුවන්. • Captions අපිට වීඩියෝ පොටෝ එඩිට් කරන්න වගේම කැප්ශන් එකකුත් එක්ක Stories විදිහට පළ කරන්න පුලුවන්. • Dual-camera support අපිට පුලුවන් ඉදිරිපස සහ පිටුපස කැමරා දෙකෙන්ම එකවර අරගත්ත ස්ටෝරිස් පළ කරන්න. • Flexible expiration options අනිත් ඇප් වගේ පැය 24න් ඉවත් වෙන්නෑ. අපිට තීරණය කරන්න පුලුවන් ස්ටොරි එක අයින් වෙන්න ඕනෙ කාලය. උදේට දවල්ට රෑට කාපුව ඔක්කොම ඒකට හලනව ඇරෙන්න, මේ Stories පහසුකම ඵලදායීව භාවිත කරන්න පුලුවන් ආකාර මොනවද? #Telegram

කතාව ඕනෙවට වඩා සිග්-සැග් යවන්න එපා! කතාවකදි "සිග්-සැග් යවනව" කියල අදහස් කරන්නෙ, ප්‍රධාන කතාවට අවශ්‍ය නොවන වෙනත් දේවල් එකතු කර
කතාව ඕනෙවට වඩා සිග්-සැග් යවන්න එපා! කතාවකදි "සිග්-සැග් යවනව" කියල අදහස් කරන්නෙ, ප්‍රධාන කතාවට අවශ්‍ය නොවන වෙනත් දේවල් එකතු කරන එකට. උදාහරණයට හිතන්න ඔයා ඔයාගෙ කතාව ලියාගෙන යනකොට, ඔයා එක තැනකදි ඒකට ඇතුල් කරනව අතීත සිදුවීමක්. හෝ වෙනත් පොඩි කතාවක්. උඩ පොටෝ එකේ ඔයාට පේනව වගේ, සිග්-සැග් යනව කියන්නෙ ප්‍රධාන පථයෙන් එහාට මෙහාට වෙවී කතාව රචනා කරන එකට. ඇත්තටම කතාවකට අතීත සිදුවීම්, වෙනත් සුලු කතාංග ඕනෙ. මොකද නැත්තං පාඨකයට කතාව නීරස වෙන්න පුලුවන්. හැබැයි ඕනෙවට වඩා කතාව සිග්-සැග් යවන්න ගියොත්, පාඨකයට ඔයාගෙ කතාව හිතාගන්න බැරි වෙන්න පුලුවන්. අතීත සිදුවීමක ඉඳල ආපහු වර්තමාන කතාවටත්, වර්තමාන කතාවෙ ඉඳල ආපහු අතීත සිදුවීමකටත් කතාව වෙනස් කරන එකේ සාර්ථකත්වය තීරණය වෙන්නෙ ඔයාගෙ දක්ෂතාව මත. ඒ නිසා අඩුත් නැති වැඩිත් නැති සාමාන්‍ය මට්ටමට කතාව සිග් සැග් යවන්න. කතාවෙ ඇතිවෙන සුලු සුලු විචලනයන්, පාඨකයට දරාගන්න පුලුවන්. සහ තේරුම් ගන්න පුලුවන්. #Writer | @LearnBits

විවිධ Phobia වර්ග Hadephobia - අපායට ඇති බිය Hagiophobia - ශුද්ධ වස්තූන්, ස්ථාන වලට ඇති බිය Harpaxophobia - තමාව මංකොල්ලකයි යයි දක්වන බිය Hedonophobia - සතුට දැනීමට ඇති බිය Heliophobia - සුර්යයාට ඇති බිය Hemophobia - රුධිරයට ඇති බිය Herpetophobia - උරගයන්ට ඇති බිය Heterophobia - විෂමලිංගිකයන්ට ඇති බිය Hippopotomonstrosesquippedaliophobia - දිග වචන වලට ඇති බිය Hodophobia - සංචාරය කිරීමට ඇති බිය Homichlophobia - මීදුමට ඇති බිය Homilophobia - දේශනා වලට ඇති බිය Homophobia - සමලිංගිකයන්ට ඇති බිය Hoplophobia - ගිනි අවි වලට ඇති බිය Hydrophobia - ජලයට ඇති බිය Hylophobia - වනාන්තර වලට ඇති බිය Hypegiaphobia - වගකීම් වලට ඇති බිය Hypochondria - රෝගාබාධ වලට ඇති බිය #Phobia | @LearnBits

වැඩිම පිරමීඩ සංඛ්‍යාවක් තියෙන රට මොකක්ද? පොදු විශ්වාසයන්ට අනුව, වැඩිම පිරමීඩ තියෙන රට - ඊජිප්තුව කියල අපි හිතන් හිටියට, ඇත්තට
වැඩිම පිරමීඩ සංඛ්‍යාවක් තියෙන රට මොකක්ද? පොදු විශ්වාසයන්ට අනුව, වැඩිම පිරමීඩ තියෙන රට - ඊජිප්තුව කියල අපි හිතන් හිටියට, ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඊජිත්තුවේ මේ වෙනකොට පිරමීඩ 138ක් වගේ විශාල ගණනක් හොයාගෙන තිබුනත්, සුඩානයේ මේ වෙනකොට පිරමීඩ 255ක් පමණ හොයාගෙන තියෙනව. සුඩානයේ තියෙන පිරමීඩ ඉදිකරල තියෙන්නෙ, පුරාණ ඊජිත්තුවරුන් විසින් නෙවෙයි. ඒව හදල තියෙන්නෙ පෞරාණික ශිෂ්ඨාචාරයක් උන කුෂ් (Kush) රාජධානියේ සාමාජිකයන් විසින්. ඒ ක්‍රි.ව. 350 දක්වා කාලය තුළ. කාල නිර්ණයන්ට අනුව, මේ කුෂ්වරුන් පිරමීඩ හදන්න පටන් අරන් තියෙන්නෙ ඊජිත්තුවරුන්ගෙන් වසර 500කට පමණ පස්සෙ උනත්, මේ දෙගොල්ලොම පිරමීඩ හදල තියෙන්නෙ මළවුන් සොහොන් කරන්න. කුෂ්වරුන්ගේ පිරමීඩ මීටර් 30ක් දක්වා උසකින් යුක්තයි. ඊජිත්තුවරුන්ගේ පිරමීඩ මීටර් 138ක පමණ සාමාන්‍ය උසකින් යුක්තයි. වර්තමාන සුඩානයේ මධ්‍යයේ පිහිටන පැරණි නගරයක් වෙන Meroë නගරය, ලොව වැඩිම පිරමීඩ සාන්ද්‍රණයක් සහිත නගරය හැටියට සැලකෙනව. ඒ එම නගරයේ විහිදිලා තියෙන 200කට ආසන්න පිරමීඩ සංඛ්‍යාව නිසයි. #Knowledge | @LearnBits

අපි කතා කරමු ටයිටන් සබ්මැරීනයට මොකද උනේ කියල හැමෝම මේ ගැන කතා කරන නිසා, මටත් රැල්ලට ඒක ගැන පොඩ්ඩක් බලන්න හිතුන. අපි පියවරෙන් පියවර කාරණා ගැන අධ්‍යනය කරමු. Implosion සහ Explosion කියන්නෙ මොකක්ද? සබ්මැරීනයේ පිපිරුමට අදාළ වැදගත්ම වචන දෙකක් තමයි මේ. මේ වචන දෙකේම සිංහල තේරුම් "පිපිරුම" කියන එකයි. නමුත් අර්ථයන් වෙනස්. Implosion කියන්නෙ, බාහිරින් ඇතිවෙන බලයක් නිසා වන පුපුරා යාමක්. (එබීමක්, පරිමාව අඩු වීමක්). Explosion කියන්නෙ අභ්‍යන්තරයෙන් ඇතිවන බලයක් නිසා වන පුපුරා යාමක්. ටයිටන් සබ්මැරීනය ගැන සැලකුවොත් ඒකට මුහුණ දෙන්න උනා කියල පුවත් වල පළවුනේ මෙන්න මේ Implosion එකකට. සබ්මැරීනයක් සාගරයේ ගැඹුරට යන්න යන්න සබ්මැරීනයේ බඳ මත සාගර ජලයෙන් ඇතිවෙන බලය වැඩිවෙනව. (පීඩනය නිසා). ඒ වගේම සබ්මැරීන් බඳකට දරාගන්න පුලුවන් උපරිම බලයකුත් තියෙනව. ඒක සබ්මැරීන් බඳේ ඝනකම, අන්තර්ගතය වගේ දේවල් මත වෙනස් වෙනව. ඉතින් සාගර ජලය නිසා ඇතිවෙන බලය, මේ සබ්මැරීන් බඳට දරාගන්න පුලුවන් උපරිම බලයට වඩා වැඩි උනාම, සබ්මැරීන් බඳ පුපුරල යන්න පුලුවන්. එහෙමත් නැත්තං එබීමකට ලක් වෙන්න පුලුවන්. හරියට නිකං හිස් ටින් එකක් එබුවම වගේ. සබ්මැරීනයේ ගමන් ගත් අයට කොච්චර ලොකු වේදනාවකට මුහුණ දෙන්න සිදු උනාද? වෛද්‍ය විද්‍යාත්මකව ඒ අයට කිසිම වේදනාවක් විඳින්න වෙලා නෑ. මොකද මේ පිපිරීමත් සමගම ඒ අයගෙ සිරුරු වලට අධික පීඩනයකට මුහුණ දෙන්න සිදු වෙනව. ඉතින් ඒ සා විශාල පීඩනයක් එක්ක ඇසිපිය ගහන සැනින් සිරුරක් විනාශ වෙලා යන්න ලොකු ඉඩකඩක් තියෙනව. ඒකට හේතුව මිනිස් සිරුරේ වාත අවකාශ තියෙනව. උදාහරණ විදිහට පෙනහළු තුළ කෝඨරක තුළ වාතය පිරුණු තැන් තියෙනව. ඉතින් ශරීරයට පිටතින් එල්ල වෙන අධික පීඩනය නිසා, ඒ වගේ අවකාශයන් ක්ෂණිකව බිඳවැටෙනව. සබ්මැරීන් බඳක් එච්චර ලොකු පීඩනයක් දරාගන්න පුලුවන් වෙන විදිහට හදන්නෙ කොහොමද? ගැඹුරු සාගරයේ විශාල ජල පීඩනයට එරෙහි වෙන්න අවශ්‍ය කරන මූලිකම දෙය තමයි සබ්මැරීන් බඳේ සැලසුම. හෝ ව්‍යුහය. දැනට පවතින සබ්මැරීන් වල බඳවල් ගොඩක් වෙලාවට නිර්මාණය කරන්නෙ ටයිටේනියම් සහ ඇලුමිනියම් මිශ්‍රණයකින්. මොකද මේ වගේ ලෝහ පිටතින් ඇතිවෙන පීඩනයන්ට ඔරොත්තු දීම සඳහා නවීකරණය කරන්න පුලුවන්. ටයිටන් සබ්මැරීනය සැලකුවොත් මේ සබ්මැරීනය හදල තියෙන්නෙ කාබන් ෆයිබර් තන්තු මිශ්‍රිත ටයිටේනියම් ලෝහයෙන් කියල තමා කියන්නෙ. සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය භාවිත කරන්නෙ අභ්‍යාවකාශ යානා වලට සහ ගුවන් යානා වලට. මොකද ටයිටේනියම් සහ වානේ මිශ්‍රණයකට වඩා, කාබන් තන්තු එක් කිරීමෙන් මේ මිශ්‍රණය වඩාත් සැහැල්ලු (බර අඩු) කරගන්න පුලුවන්. කොහොම උනත් ඒක පරීක්ෂණාත්මක නිර්මාණයක් විතරක් බවත්, ගැඹුරු මුහුදේ කටයුතු සඳහා නුසුදුසු බවත් සමහර විද්‍යාඥයන් මත පළ කරනව. #Knowledge | @LearnBits

මොනවද මේ බර ආහාර? බර ආහාර කනව කියන්නෙ පාන් කිලෝ 20ක් විතර එක පාර ගහල දානවට නෙවෙයි. බර ආහාර කියන්නෙ අපේ ශරීරයට දිරවන්න ගොඩක් ව
මොනවද මේ බර ආහාර? බර ආහාර කනව කියන්නෙ පාන් කිලෝ 20ක් විතර එක පාර ගහල දානවට නෙවෙයි. බර ආහාර කියන්නෙ අපේ ශරීරයට දිරවන්න ගොඩක් වෙලා යන ආහාර වලට. මේ වගේ ආහාර වල සාමාන්‍යයෙන් ඉහළ මට්ටමින් කාබෝහයිඩේ‍්‍රට, ප්‍රෝටීන සහ ලිපිඩ අන්තර්ගතයි. හෝ ඉහළ මට්ටමින් කැලරි අන්තර්ගතයි. සමහර ධාන්‍ය වර්ග, කැරට්, ළූණු, තක්කාලි, ගෝවා කියන එළවලු වර්ග සහ තිරිඟු, සහල්, අයිස්ක්‍රීම්, තද පැහැ චොකලට්, රතු පැහැ මස් වර්ග කියන්නෙ මේ වගේ බර ආහාර වලට සරල උදාහරණ කීපයක්. මේ සමහර ආහාර ක්ශුද්‍රාන්තය තුළ දින පහක වගේ කාලයක් ගමන් කරනව. #Facts | @LearnBits

මෙන්න මේ දේවල් ඔයාට නොදැනුවත්වම ඔයාගෙ කාලය සොරකම් කරනවා. - ඔයාට නුසුදුසු දෙයක් ප්‍රතික්ෂේප කිරීමට ඇති නොහැකියාව - වැඩකරන මේසය
මෙන්න මේ දේවල් ඔයාට නොදැනුවත්වම ඔයාගෙ කාලය සොරකම් කරනවා. - ඔයාට නුසුදුසු දෙයක් ප්‍රතික්ෂේප කිරීමට ඇති නොහැකියාව - වැඩකරන මේසය, පොත් කබඩ් එක සහ වැඩට සම්බන්ධ අනෙකුත් ස්ථාන අවුල් සහගත වීම. - වැදගත් දේවල් සටහන් කරගැනීමේ පුරුද්දක් නොමැති කම. - අවිනිශ්චිතභාවය සහ මන්දගාමීත්වය. - අතීත වැරදි සහ අසාර්ථකත්වයන් ගැන පසුතැවෙමින් කාලය ගත කිරීම. - අවධානය සහ කාලය පැහැර ගන්නා දුරකථන සංවාද, ගෲප් චැට් ආදියට යොමු වීම. #Psycho_Facts | @LearnBits

Save the earth... It's the only planet with MEMES! පෘථිවිය බේරගන්න. මොකද මීම්ස් තියෙන එකම ග්‍රහලොව එයයි... #Social_Mid | @Lea
Save the earth... It's the only planet with MEMES! පෘථිවිය බේරගන්න. මොකද මීම්ස් තියෙන එකම ග්‍රහලොව එයයි... #Social_Mid | @LearnBits

ඇයි සමහරු අනිත් අයගෙ ආකර්ෂණය දිනාගන්න, තමන්ගෙ අනාගතයට හෝ ජීවිතයට වගේම අනිත් අයටත් කිසිම ඵලයක් නැති වැඩ වල නිරත වෙන්නෙ? වර්තමානයේ සෝශල් මීඩියා ගැන සැලකුවොත්, අපිට වැඩිපුරම හම්බෙන්නෙ මේ වගේ මිනිස්සු. අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන, රැකියා නැති කරගෙන, අනිත් අයගෙ ආකර්ෂණය දිනාගන්න ඕනෙ නිසා එක එක වැඩ කරල ඒව සෝශල් මීඩියා වලට එකතු කරනව. මේකට හේතුව තමන් කවුද කියන එක තමන්ට අවිනිශ්චිත වීමයි. මිනිස්සුන්ට තමන්ගෙ අනාගතය තීරණය කරගන්න බැරිවෙනකොට, තමන්ගෙ සැබෑ හැකියාවන් හොයාගන්න බැරි වෙනකොට, ඔවුන් මේ වගේ මාර්ග වල ගමන් කරන්න ඉඩකඩක් තියෙනව. උදාහරණයකට ලංකාවෙ සමහර තරුණ තරුණියො, සෝශල් මීඩියා ඔස්සේ තමන්ගෙ හැකියාවන්, දක්ශතාවන් ප්‍රචාරය කරනව. මම කියන්නෙ ඒ හැමෝම වැරදී කියල නෙවෙයි. නමුත් ඒ අතරින් කීප දෙනෙක් ඉන්නව, තමන්ගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොදන කාලයත් ඒ වැඩ වලට අරගෙන, අවසානයට තමන් සිහින දැකපු අනාගතය අත්කරගන්න බැරි උන. අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වෙන්නෙ ලෝකයාගෙ ආකර්ෂණය නෙවෙයි. අපේ සැබෑ හැකියාවන් සහ අපි ගොඩනගාගත්ත අනාගතය. ඒ ලැබෙන්න තියෙන ලස්සන ජීවිතේ, බොහොම සුලු ආශාවන් නිසා නැති නාස්ති කරගන්න එපා. අපි හැමෝගෙම ජීවිතවල තියෙනව එක්තරා කඩඉමක්. අන්න ඒ කඩඉමෙන් පස්සෙ ඔයාගෙ ජීවිතය තීරණය වෙන්නෙ, ඒ කඩඉමට කලින් ඔයා ජීවත් උන විදිහ අනුවයි. ඉතින් අවසාන් වරටත්..., ලෝකයාගෙ ආකර්ෂණය "ඉල්ලගන්න" තැනට වැඩ කරන්න එපා. ඒක "උපයගන්න" තැනට වැඩ කරන්න. #Life_Tips | @LearnBits