ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97
-4230
帖子存档
LearnBits තුළ පළ වෙන post එකක් නිර්මාණය වෙන්නෙ කොහොමද? පළමු comment එක බලන්න... via @DrgNo #LearnBits

පළමු සුපර්සොනික් ගුවන් යානා මොනවද? සුපර්සොනික් ගුවන් යානා කියන්නෙ, ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් පියාසර කරන්න පුලුවන් ගුවන්
පළමු සුපර්සොනික් ගුවන් යානා මොනවද? සුපර්සොනික් ගුවන් යානා කියන්නෙ, ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් පියාසර කරන්න පුලුවන් ගුවන් යානා වලට. මේ වර්ගයෙ ගුවන් යානා සංවර්ධනය වීම ඇරඹෙන්නෙ විසිවන සියවසේ දෙවන බාගයේදියි. පාලිත මට්ටමෙන් කරපු මිනිසුන් සහිත පළමු සුපර්සොනික් ගුවන් සැරිය වාර්තා වෙන්නෙ 1947 ඔක්තෝබර් 14 වෙනිද. ඒ Bell X-1 කියන පර්යේෂණාත්මක රොකට් යානය යොදාගෙන. ඒ වගේම පළමු යුධමය සුපර්සොනික් යානාව වශයෙන් සැලකෙන්නෙ උතුරු ඇමරිකානු "F-100 Super Sabre" කියන ප්‍රහාරක යානාවයි. මේ යානාවෙ පළමු පියාසැරිය සිදුවෙන්නෙ 1953 අවුරුද්දෙ. ඊට පස්සෙ මේ යානාව 1954 - 1971 කාලය තුළ ඇමරිකානු ගුවන් සේවයට යොදවල තියෙනව. 1968 වසරෙදි පළමු පියාසැරිය සිදු කරපු Tupolev Tu-144 කියන්නෙ සෝවියට් දේශයෙන් නිපදවපු ලොව ප්‍රථම සුපර්සොනික් වර්ගයේ මගී ගුවන් යානාවයි. මේ ගුවන් යානය, 1968 ඉඳල 1999 දක්වා ක්‍රියාන්විතයේ යෙදිල තියෙනව. #Knowledge | @LearnBits

ඔයා "Daruma-San" කියන ජපන් භූත සෙල්ලම ගැන දන්නවද?
Anonymous voting

⸙˻ ✦ ☁︎𓄹•°♡⦙₊˚.༄ ‎‧₊˚彡 MOODY🌸 හදවතට දැනෙන🤎🫀🫶🏻 වෙනස්ම හැගීමක කිමිදෙන්න✨☘️ එකතු වෙන්න අපිත් එක්ක...♡💫🐾 мємєѕ🍃 ωαℓℓραρє
⸙˻ ✦ ☁︎𓄹•°♡⦙₊˚.༄ ‎‧₊˚彡 MOODY🌸 හදවතට දැනෙන🤎🫀🫶🏻        වෙනස්ම හැගීමක කිමිදෙන්න✨☘️ එකතු වෙන්න අපිත් එක්ක...♡💫🐾 мємєѕ🍃 ωαℓℓραρєяѕ💫 ¢яαƒт ι∂єαѕ💜 ℓιƒє нα¢кѕ🌈 мσтιναтιση🍁 ѕтαтυѕ νι∂єσѕ🫀 𝚓𝙾𝙸𝙽 𝙽𝙾𝚆 :) 💌

මොකක්ද මේ Motion Sickness කියන්නෙ? Motion Sickness, කියන්නෙ ගොඩක් වෙලාවට චලනයන් මත ඇතිවන අසනීප තත්වයක්. ඒක නමේම තියෙනවනෙ. මේ තත්වයට හේතුව, අපේ ඇසෙන්, කණෙන් සහ ශරිරයෙන් එවන සංඥා, මොළයට නිසි පරිදි හඳුනාගත නොහැකි වීමයි. ඒ කියන්නෙ ඇඟේ විවිධ සංවේදී ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥා හරිහැටි තේරුම් ගන්න බැරි වෙන එකට. ඒ ගැන වඩාත් හොඳට තේරුම් ගමු අපි. අපේ මොළය සාමාන්‍යයෙන් අපේ ඇස, අභ්‍යන්තර කණ, මාංශ පේශි, සන්ධි වගේ ශරීරයේ ගොඩක් තැන්වලින් තොරතුරු ලබාගන්නව. ඒ ලබාගන්න තොරතුරු අර්ථකතන කරල තමයි මොළය ඒ ඒ අවයවයට අදාළ විධාන නිකුත් කරන්නෙ. නමුත් සමහර වෙලාවට, අපේ ඇඟේ විවිධ සංවේදී ඉන්ද්‍රියන්ගෙන් සහ ශරීර කොටස් වලින් මොළයට යවන තොරතුරු වල පරස්පරබවක් ඇතිවෙනව. හිතන්න අපි වාහනේක යනකොට, අපේ ඇස් විසින් අපි පහුකරගෙන යන දේවල් ගැන තොරතුරු මොළයට ලබාදෙනව. ඒ වගේම අපේ අභ්‍යන්තර කණේ චලන සංවේදක වලින් අපේ ශරීරය විටින් විට ගැස්සීම් වලට ලක් වෙන බව මොළයට දැනුම් දෙනව. හැබැයි අපේ මාංශ පේශි වලට දැනෙන්නෙ අපි නිශ්චලව වාඩි වෙලා ඉන්නව කියල. ඉතින් මාංශ පේශි තුල තියෙන සංවේදක වලින් මොළයට දැනුම් දෙන්නෙ අපි නිශ්චලව ඉන්නව කියල. අන්න ඒක පරස්පර තොරතුරු එකිනෙකට අතිච්ඡාදනය වීමක්. දැන් මොළයත් මඥ්ඥං වෙනව ඇත්තටම වෙන දේ හිතාගන්න බැරුව. තත්වය තවත් දරුණුයි ඔයා පොතක් එහෙම කියවනව නං. එතකොට ඇස් දෙකෙන් මොළ‍යට ලබාදෙන්නෙත් ඔයා නිශ්චලව ඉන්න බවට සංඥාවක්. ලැබෙන තොරතුරු වල මෙන්න මේ විසන්ධි වීම නිසා මොළයෙන් එක එක විධාන නිකුත් කරන්න පටන් ගන්නව. අන්න ඒ නිසයි මේ අසනීප තත්වය ඇති වෙන්නෙ. Motion Sickness කියන අසනීපයේ ලක්ෂණ ගණනාවක් තියෙනව. අධික දහඩිය, කරකැවිල්ල, තෙහෙට්ටුව, හිසරදය, නුරුස්නා බව, යම් දේකට නිසි අවධානය යොමු කිරීමට නොහැකි වීම, ඛේට ශ්‍රාවය වැඩි වීම, ඔක්කාරය සහ වමනය, සුදුමැලි සම, ගැඹුරින් සහ වේගයෙන් හුස්ම ගැනීම කියන්නෙ එයින් සමහරක්. හුඟක්ම කාන්තාවන්ට සහ වයස අවු. 2-12 අතර ළමුන්ට මේ අසනීප තත්වය ඇතිවෙන්න ඉඩකඩක් තියෙනව. ඒ වගේම පවුල් ඉතිහාසය, හෝමෝනමය උපත් පාලන ක්‍රම, අභ්‍යන්තර කණේ ආබාධ තත්ව, පාකින්සන්, ඉරුවාරදය, ඔසප් චක්‍ර කාලසීමාවන්, ගැබ්ගැනීම් වගේ කරුණුත් මේ අසනීප තත්වයට බලපානව. #Knowledge | @LearnBits

සිකුරු ග්‍රහයාගේ දිනක කාලය, එහි අවුරුද්දක කාලයට වඩා දිගු බව දන්නවද ඔයා? මාතෘකාව දැක්කම නං ඒක නිකං බෙඩ්ශීටුයි බ්‍රේක් ඔයිලුයි
සිකුරු ග්‍රහයාගේ දිනක කාලය, එහි අවුරුද්දක කාලයට වඩා දිගු බව දන්නවද ඔයා? මාතෘකාව දැක්කම නං ඒක නිකං බෙඩ්ශීටුයි බ්‍රේක් ඔයිලුයි වගේ කතාවක් කියල හිතයි ඔයා. ඒත් ඇත්තටම සිකුරු ග්‍රහයා තුළ දිනක් ගතවෙන්න යන කාලය, එහි අවුරුද්දක් ගතවෙන්න යන කාලයට වඩා වැඩී. දිනක් ගත වෙනව කියල අපි සලකන්නෙ, අදාළ ග්‍රහයාට තමන් වටා එක වටයක් භ්‍රමණය වීමට ගත වන කාලයයි. ඒ වගේම අවුරුද්දක් ගත වෙනව කියල අපි සලකන්නෙ, අදාළ ග්‍රහයාට සුර්යයා වටා එක වටයක් යාමට ගත වෙන කාලයයි. ඉතින් සිකුරු ගැන සැලකුවොත්, සිකුරුට තමන් වටේ සම්පූර්ණ වටයක් භ්‍රමණය වෙන්න පෘථිවි දින 243ක් ගත වෙනව. එයා බොහොම හිමින් භ්‍රමණය වෙන්නෙ. නමුත් සිකුරු, සුර්යයා වටා ඉතා වේගයෙන් ගමන් කරල, පෘථිවි දින 225ක් ඇතුළත එක් සම්පූර්ණ වටයක් ගමන් කරනව. ඉතින් ඇත්තටම, සිකුරුගෙ දිනයක්, සිකුරුගෙ අවුරුද්දකට වඩා ලොකුයි...! Additional - nasa.gov #Astronomy | @LearnBits

ඔයාට උපාධියක් ලබාගන්න කොච්චර කල් ගියත්, අවසානයේ ඔයා උපාධිධාරියෙක්...! ඔයාට සැබෑ ආදරය හොයාගන්න කලින්, අසාර්ථක සම්බන්ධතා දහයකට මුහුණ දෙන්න උනත්, ඔයාට දැන් සැබෑ ආදරයක් තියෙනව...! ඔයා ඔයාටම කියල ගෙයක් දොරක් හදාගත්තෙ අවුරුදු 45දි උනත්, ඔයා ඒ වෙද්දි සාර්ථක ජීවිතයක් ගෙවනව...! විවිධ පුද්ගලයන් සාර්ථක වෙන්නෙ විවිධ කාලසීමාවන් තුළයි. ඒක ඒ ඒ පුද්ගලයට අනන්‍ය උන දෙයක්. ඒත් ඇයි ඔයා පරක්කුයි කියල හිතන්නෙ...? ඔයාගෙ කාලය තාම ලැබුවෙ නැතුව ඇති...! ඒ නිසා නවතින්න එපා... දිගටම යන්න... ඔයා සාර්ථක වෙන්නෙ තව අවුරුදු දහයකින් නම්, ඒ වෙනුවන් අද මහන්සි වෙන්න...! #Life_Tips | @LearnBits

ඉංගීසි සංවාදයකදි හැමතිස්සෙම, "You are welcome" කියන්න එපා. ඒ වෙනුවට මේව යොදාගන්න. - No problem. - Of course. - It was nothing. - No worries. - My pleasure. - Not at all - You’re welcome. - Happy to serve you. - Oh.. anytime. - Don’t mention it. - You got it. - Glad to help. - Anytime. - That’s all right. - Glad to be of any assistance. - Sure. - Sure thing. - It’s okay. - It’s alright. - Mention it. - Never mention - Glad to have helped. - Not a problem. - I’m happy to help you. - It’s my duty. - That’s absolutely fine. - Certainly. - Cool - It’s all gravy #English

විශ්වයේ පවතින ඕනෙම දෙයක් එක්කො තාරාවෙක්. නැතිනම් තාරාවෙක් නෙවෙයි. #Facts | @LearnBits

පදිරි නොවී හොඳ බොරුවක් කියන්නෙ කොහොමද? 1. ඇත්ත කතාව වෙනස් කරන්න අලුත්ම බොරු කතාවක් ගොතනවට වඩා, ඇත්ත කතාව වෙනස් කරන එක වඩාත් සාර්ථකයි. උදා :- ඔයා පාටියකට ගියා නං, ඒ පාටිය සම්බන්ධ බොරු කීපයක් කියන්න පුලුවන් ඔයාට. (පාටියට ඇවිල්ල හිටපු අය, අරය මට නම්බරේ දුන්නා, එයා එක්ක මම කාමරේ....etc) 2. පොඩ්ඩක් විශ්වාස කරන්න පුලුවන් බොරුවක් කියන්න. ඔයා ඔයාගෙන්ම අහගන්න මේ බොරුව අනිත් අය විශ්වාස කරාවිද කියල. උදා :- ඔයා ජීවිතේට පාටිවලට යන්නැති කෙනෙක් බව හැමෝම දන්නව නං, ඔයා ඒ පාටි එකට ගියා වගේ බොරුවක් කියන්න එපා. 3. බොරුව කියල පුරුදු වෙන්න. කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල ඒ බොරුව කියන්න පුරුදු වෙන්න. මූණෙ අනවශ්‍ය හැඟීම් පෙන්වන තැන්, ඔයා හිරවෙන තැන් ආදිය නිවැරදි කරගන්න පුලුවන් එතකොට. 4. වෙනත් පුද්ගලයන්ව ඔයාගෙ බොරුවට ගාවගන්න එපා. හැකිතරම් බොරුවට ඔයාව විතරක් සහභාගි කරගන්න. වෙන අයව එකතු කරගන්න එපා. ඒ වගේම ඔයාගෙ බොරුව ගැන වෙන කාවහරි දැනුවත් කරන්න ඕනෙ නං, එයාට ඒ සම්පූර්ණ කතාවම කියන්න එපා. අවශ්‍ය දේ විතරක් කියන්න. උදා :- "කවුරු හරි ඇහුවොත් මම සෙනසුරාද කොහෙද හිටියෙ කියල, එයාට කියන්න මම පාක් එකට ගියා කියල" 5. බොරුව කෙටි කරගන්න. අපි විහිළුවට කියනව වගේ "දාර නයි අරින්න" හදන්න එපා. හැකිතරම් බොරුව කෙටි කරගන්න. ඔයා වැඩි හොඳට කියල හිතල, අනවශ්‍ය කරුණුත් එකතු කරනකොට අනිත් අයට ඔයා කියන්නෙ හෙන බොරුවක් බව අතේ මාට්ටු වෙනව. 6. විශ්වාසයෙන් කියන්න. බොරුවක්, ඇත්ත වගේ කියන්න හොඳ හයිය හිතක් ඕනෙ. ඒ නිසා හොඳ ගැම්මෙන් බොරුව කියල දාන්න. සමහරු ඡන්දෙ කාලෙට ස්ටේජ් උඩ නැගල සා ගහන බොරු කියන්නෙ. අන්න ඒ ගැම්ම හදාගන්න. 7. ස්වභාවික බව පවත්වගන්න. සාමාන්‍යයෙන් බොරුවක් කියනකොට, ඒකෙ යම් අස්වාභාවික ගතියක් දැනෙනව. ඒකට හේතුව අපි ඇත්තටම ඒ දේට මුහුණ නොදුන්න නිසා. ඒ නිසා හැකිතරම් ඔයාට ස්වභාවිකව මුහුණ දෙන්න උන දේවල් වලට බොරුව සීමා කරන්න. උදා :- ඔයා අතක් කැඩිල වගේ බොරු කරනව නං, "ඉස්සර මට මේ ගානට අත උස්සතෑකි" කියල, දඟලන්න යන්න එපා. ඇත්තටම අතක් කැඩුණ කෙනෙක් විතරයි ඒ අත්දැකීම දන්නෙ. 8. මුහුණෙ ඉරියව් ගැන විමසිලිමත් වෙන්න බොරු කියනකොට අපි පෙන්නන්නෙ සාමාන්‍යය චලනයන් නෙවෙයි. උදාහරණයකට බොරු කියද්දි අපි හිස පැත්තට ඇල කරන්න හෝ නවාගන්න පෙළඹෙනව. සහ Eye contact මගහරිනව. ඒ දේවල් පාලනය කරගන්න. 9. බොරුවත් එක්ක ජීවත් වෙන්න. බොරුවක් කිව්වට පස්සෙ ඔයාට ඒක අමතක කරල දාල ඉන්න බෑ. එහෙම උනොත් ඔයා එක එක වෙලාවට එක එක දේවල් කියයි. එතකොට අනිත් අය දැනගන්නව ඔයා බොරුකාරයෙක් කියල. ඒ නිසා ඔයා කියන බොරු කොලේක ලියාගෙන ඒව තුළ ජීවත් වෙන්න. මතක තියාගන්න. මොකද බොරුව කියන්න ලේසි. ඒක පවත්වගන්න අමාරුයි. 10. සාක්ෂි වසන් කරන්න. ඔයා කියපු බොරුවට අදාළ හැම සාක්ෂියක්ම හංගල දාන්න. හිතන්න ඔයා ගෙදර අය එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල, ඔයා අනිත් අයට කියනව ඔයයි ඔයාගෙ "කෑල්ලයි" ෆිල්ම් එකක් බලන්න ගියා කියල. ඊට පස්සෙ ඔයා ඒ ෆිල්ම් එක බලන්න ගියපු පොටෝ ෆේස්බුක් එකට දානව "Happy family dayout" කියල. ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. ඇත්ත සාක්ෂි කවදාවත් එලියට දෙන්න එපා. බොරුව කිව්ව නිසා ගෙවන්න වෙන දෙයක් ඒක. 11. බොරුව අඩු පිරිසකට කියන්න. වැඩි පිරිසකට බොරුවක් කියන්න ගියාම, ඒ බොරුව පවත්වගන්න තව තව බොරු කියන්න ඕනෙ. අපිට බෑනෙ ඒ හැම බොරුවම මතක තියාගන්න. ඉතින් සීමිත පිරිසකට ඔයාගෙ බොරුව සීමා කරන්න. 12. ලිමිට් පැන්නොත් ඇත්ත පිළිගන්න. එක බොරුවක් කියන්න හිතන් ඉඳල, ඒක අනිත් අයට ඒත්තු ගන්වන්න බොරු විස්ස තිහ කියන්න උනොත්, වඩාත්ම උචිත දේ තමයි, තමන් කිව්වෙ බොරුවක් බව අනිත් අය ඉදිරියේ පිළිගන්න එක. සහ, බොරු කියන එක කිසිම කෙනෙක් අනුමත නොකරන දෙයක්. විශේෂයෙන්ම ඔයාගෙ ආදරණීයන්. ඒ අය ඉදිරියේ බොරුකාරයෙක් කියල නරක නාමයක් හදාගන්නවට වඩා උචිතයි, ඇත්ත එක්ක ජීවත් වෙන එක. මොකද එක පාරක් බොරුකාරයෙක් උනොත්, ඒක හෙවනැල්ල වගේ ඔයාගෙ මුලු ජීවිත කාලය පුරාවටම ඔයා පස්සෙන් එනව. #How_To | @LearnBits

හිතන්න ඔයා ඔයාගෙ ගැලරි එකේ පින්තූරයක් ඕපන් කරල, වෙන කෙනෙක්ට ඔයාගෙ ෆෝන් එක දෙනව ඒක බලන්න කියල. නමුත් ඒ කෙනා අදාළ පොටෝ එක බලල, swipe කරල ඊළඟ පොටෝ එකත් බලන්න හදනව. (විශේෂයෙන්ම ගෙදර මිනිස්සු) අන්න ඒක වළක්වන්න ඔයාට මෙන්න මේ වැඩේ කරන්න පුලුවන්. ඔයාට පෙන්නන්න ඕනෙ පොටෝ එක ඕපන් කරල, පොඩ්ඩක් zoom in කරල අනිත් කෙනාට ෆෝන් එක දෙන්න. එතකොට එයාට බෑ අනිත් පින්තූරය බලන්න swipe කරන්න. හෝ දෙතුන් පාරක් swipe කරන්න ඕනෙ. ඒ වෙලාව ඇති ඔයාට ආපහු ෆෝන් එක ඉල්ලගන්න. #Life_Hacks | @LearnBits

Hello everyone! I'm so happy and grateful to announce that we have reached 1700 subscribers in our telegram channel. This is
Hello everyone! I'm so happy and grateful to announce that we have reached 1700 subscribers in our telegram channel. This is a huge milestone for LearnBits and we couldn't have done it without your support and feedback. I appreciate every single one of you. Thank you for joining us on this journey and for sharing your thoughts and opinions with us. I hope you enjoy the content we create and find it useful and informative. We look forward to growing with you and reaching new heights together. Thank you so much! (Image template : Link) #Notice

සියදිවි හානිකරගන්න පෙළඹෙන්නේ දුර්වල මනසක් තියෙන අයද? සියදිවි හානිකරගැනීමක් ආකාර දෙකකට වෙන්න පුලුවන්. ඒ, සැලසුම් සහගත සියදිවි නසාගැනීම් සහ ක්ෂණික සියදිවි නසාගැනීම්. සැලසුම් සහගතව සියදිවි හානිකරගන්න අය දිගු කාලයක් තිස්සෙ මානසික පීඩනයන්ට ලක් වෙලා, ඔවුන්ට ගැලවුමක් නැති බව සිතිලයි ඒ දේට පෙළඹෙන්නෙ. නමුත් ක්ෂණිකව සියදිවි හානිකරගන්න අය, ඒ මොහොතක ඇතිවන යම් කම්පනයක් නිසා ඒ දේට පෙළඹෙනව. ඕනෙම කෙනෙක්ගෙ මනසක දුර්වලතා තියෙනව. කෙනෙක් යම් පීඩාකාරී අවස්ථාවක ඉන්න වෙලාවට මේ දුර්වලතා උත්සන්න වෙනව. ඒ වගේ කෙනෙක්ගෙ හිතට සෘණාත්මක සිතුවිලි එන්න පටන් ගන්න මූලිකම හේතුව ඒක. ඔවුන්ට දැනෙන්න පටන් ගන්නව ඔවුන්ට කිසිම කෙනෙක් නෑ කියල. කිසිම උදව්වක් ලැබෙන්නෑ කියල. හැබැයි සියදිවි හානිකරගත්ත හැමෝම හෝ හානිකරගන්න පෙළඹුන හැමෝම දුර්වල මනසක් ඇති අය කියන සමාජ දුර්මතය පිළිගන්න එපා. සමහර වෙලාවට ඒ අයට ඇත්තටම ගොඩක් ශක්තිමත් මනසක් තිබිල තියෙනව. උදාහරණයකට සැලසුම්සහගත සියදිවි නසාගැනීමකට ලක් උන කෙනෙක්, කාලයක් තිස්සෙ තමන්ගෙ ප්‍රශ්න වලට පිළිතුරු හොයනව. හැම පැතිකඩයක් ඔස්සේම පිළිතුරු හොයල, අවසානයට තමයි තමන්ගෙ ජීවිතය නසාගන්නෙ. නිකමට හිතන්න අධික පීඩාකාරී අවස්ථාවක, මුකුත් කරකියාගන්න දෙයක් නැතුව ඉන්න කෙනෙක්ට වඩා ඒ අවස්ථාවකත් පිළිතුරක් හොයන්න හදනව කියන්නෙ ඒ දුර්වල මනසක ලක්ෂණයක්ද කියල. ඒ වගේම තමයි ක්ෂණික සියදිවි නසාගැනීමකට ලක් වෙන අයත්, තමන්ගෙ ජීවිතය නසාගැනීම ගැන කිසිදු බයක් දක්වන්නෑ. අන්න ඒකයි ඒ අය භයානකම ක්‍රම වලට මිය යන්න හදන්නෙ. ඉතින් ඔයාලට තේරෙනව ඇති ඒ හැමෝම ඇත්තටම දුර්වල මනසක් තියෙන අය නෙවෙයි කියල. සැලසුම් සහගත සියදිවි නසාගැනීමකට පෙළඹෙන අය සාමාන්‍යයෙන්, තමන් කරන්න යන ඒ වැඩේට, අනිත් අයගෙ ආකර්ෂණය බලාපොරොත්තු වෙනව. ඒකයි ඔවුන් නිතරම suicide / relationship breaks / negative thoughts කියන දේවල් ගැන කතා කරන්න පෙළඹෙන්නෙ. එහෙම කෙනෙක්ව හඳුනගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන මම කලින් සඳහන් කරල තියෙනව. ඒක කියවන්න මෙතනින්. #Psycho_Facts | @LearnBits

වයිකින්වරුන්ගේ අස්ථිමය අසිපත් වයිකින්වරුන්, ඔවුන්ගෙ මියගිය ඥාතීන්ගේ හෝ සතුන්ගේ අස්ථි කොටස්, ඔවුන්ගේ අසිපත් තනන ලෝහ සමග මිශ්‍ර
වයිකින්වරුන්ගේ අස්ථිමය අසිපත් වයිකින්වරුන්, ඔවුන්ගෙ මියගිය ඥාතීන්ගේ හෝ සතුන්ගේ අස්ථි කොටස්, ඔවුන්ගේ අසිපත් තනන ලෝහ සමග මිශ්‍ර කරල තියෙනව. ඒකට හේතුව, එම ක්‍රියාවලිය තුළින් මියගිය අයගේ ආත්මයන්ගේ බලයෙන් තම අසිපත ශක්තිමත් වෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබීමයි. මේ ගැන කිසිම ලිඛිත කියවිල්ලක් නැතත්, කැණීම් ආශ්‍රිත සොයාගැනීම් ඔස්සේ පුරාවිද්‍යාත්මක ක්ශේත්‍රය තුළින් එය සනාථ කරල තියෙනව. #History | @LearnBits

මෙතෙක් ඉදිකරන ලද සහ දැනට සේවයේ පවතින විශාලතම සබ්මැරීනය මොකක්ද? රුසියානු Dmitriy Donskoy, TK-208 කියන්නෙ, න්‍යෂ්ටික බලයෙන් බලග
මෙතෙක් ඉදිකරන ලද සහ දැනට සේවයේ පවතින විශාලතම සබ්මැරීනය මොකක්ද? රුසියානු Dmitriy Donskoy, TK-208 කියන්නෙ, න්‍යෂ්ටික බලයෙන් බලගන්වපු බැලස්ටික් මිසයිලික සබ්මැරීනයක්. ඒ වගේම මේක තමයි දැනට භාවිතයේ තියෙන සහ, මෙතෙක් නිපදවල තියෙන විශාලතම සබ්මැරීනය. අඩි 600කට ආසන්න දිගක් සහ මීටර් 25ක පළලක් තියෙන මේ සබ්මැරීනය, 1980 සිටම සැලකිය යුතු ප්‍රතිසංස්කරණ කාල පරිච්ඡේදයන් කීපයක් සමග මේ දක්වා ක්‍රියාත්මක වෙනව. ටොන් 48,000ක පමණ ස්කන්ධයකින් යුක්ත TK-208 සබ්මැරීනය මෙහෙයවන්නෙ 160 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් මගින්. ඒ වගේම TK-208 සබ්මැරීනය කියන්නෙ, සිව්වන පරම්පරාවෙ න්‍යෂ්ටික බලැති යුධමය සබ්මැරීන පන්තියක් වන Akula-Class හි ප්‍රමුඛතම සබ්මැරීනයක්. NATO සංවිධානය විසින් මේ සබ්මැරීන පන්තියට Typhoon කියන අන්වර්ථ නාමයක් ලබාදීල තියෙනව. #Knowledge | @LearnBits

ඔයා තරුණ කාලයේදී වයසක අයට ගරු කරන්න. ඔයා ශක්තිමත් කාලවලදි දුර්වල අයට උදව් කරන්න. ඔයා වැරදි කාල වලදි, වැරැද්ද නිහතමානීව පිළිගන්න. මොකද අපි හැමෝම දවසක වයසට යනව. දුර්වල වෙනව. අපිට වරදිනව. #Life_Tips | @LearnBits

Behind the scenes #Social_Mid | @LearnBits

කම්මැලිකමට මොකක් හරි කරමුද? ඔක්කොටම හොඳ ජපන් තාක්ෂණය වගේ, මේකටත් තියෙනව ජපාන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. බොහොම පොඩි අභ්‍යාස
කම්මැලිකමට මොකක් හරි කරමුද? ඔක්කොටම හොඳ ජපන් තාක්ෂණය වගේ, මේකටත් තියෙනව ජපාන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. බොහොම පොඩි අභ්‍යාසයක්. ඔයාට කරන්න තියෙන්නෙ විනාඩි එකක්, යම් කිසි වැඩක නිරත වීමයි. යම් කිසි වැඩක් කියන්නෙ ෆේස්බුක් එකේ උඩ පහළ යන එකට නෙවේ. ගාණක් හදනව, පොතක් කියවනව වැඩක්. මිනිත්තු එකක් මොකක් හරි වැඩක් කරන එක ඇත්තටම ලේසිනෙ. හැබැයි මිනිත්තුව ඉවර උන ගමන් වහාම ඒ වැඩේ නවත්තන්න. දවසින් දවස විනාඩියෙන් විනාඩිය වැඩි කරන ගමන් දිගටම මේ අභ්‍යාසයේ යෙදෙන්න. එක දවසකට කීප වරක් "එකම කාල පරාසයක" මේ අභ්‍යාසය කළත් කමක් නෑ. හැබැයි අභ්‍යාසයේ කාලය වැඩි කරන්නෙ දවසින් දවස. මේ අභ්‍යාසයේ අරමුණ අවධානය පවත්වගැනීම නෙවෙයි. මේකෙ අරමුණ ඔයාව නිරන්තරයෙන් වැඩෙහි නියැලීම ප්‍රගුණ කිරීමයි. ට්‍රයි එකක් දාල බලන්න. උදව්වක් වෙයි. #Psychology_Facts | @LearnBits

https://t.me/LearnBitsF/221/616 පිළිතුර -

පොඩි ගාණක් හදමු (_) + (_) + (_) + (_) + (_) = 30 සුදුසු ඉලක්කම් යොදාගෙන, හිස්තැන් පුරවල අවසානයට 30 අගය ලබාගන්න. හැබැයි හිස්තැන් පුරවන්න, ඔයාට යොදාගන්න පුලුවන්, 1 , 3 , 5 , 7 , 9 , 11 , 15 කියන ඉලක්කම් විතරයි. (එක ඉලක්කමක් එක වරකට වඩා යොදාගන්න පුලුවන්. වෙනත් කිසිම නීතියක් නැත) #Fun