1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
1 305
2007 වසරේදී ස්කොට්ලන්ත රජය විසින් ඩොලර් 162,972 ක් වැය කරමින් මාස හයක් මුලුල්ලේ , ස්කොට්ලන්තයේ සංචාරක ආකර්ශණය වැඩි කිරීමට උචිත පාඨයක් නිර්මාණය කිරීමට උත්සාහයක් දරා ඇත.
අවසානයේ ඔවුන් භාවිත කල පාඨය වන්නේ , "Welcome to Scotland" යන්නයි.
(ස්කොට්ලන්තයට සාදරයෙන් පිළිගන්නවා)
#History ⛩ @LearnBits
1 305
ඉතාමත් පීඩාකාරි සහ දැඩි දෙමාපියන් ඇසුරේ ජීවත් වන ළමුන් , පසුකලෙක වැඩිහිටියන් වූ පසුව , අධික ලෙස සිතමින් කාලය ගත කිරීමට වැඩි නැඹුරුවක් දක්වනවා.
#Psycho_Facts 🙇♂ @LearnBits
1 305
යෝනිය යනු , ස්ත්‍රී ප්‍රජනක මාර්ග විවරය සඳහා පටබැඳුණු සංස්කෘතික නාමයයි. අතීතයේ යෝනිය වෙනුවෙන් උපහාර පූජා පවා පවත්වා ඇත. ඒ මෙලොව සියලුම මිනිසුන් ලෝකයට පැමිණියේ එය තුළින් වන බැවින්.
#Facts 👶 @LearnBits
1 305
ඒයි මේ හලෝ 🌚
➢ ඔයත් ටීවි එකේ විකාශනය වුණු බෝයිස් ඕවර් ෆ්ලවර්ස්, ෆුල් හවුස්, හිමන්තරා, හිම තුහින, අග්‍රා, සසර කින්නරාවී, අභීත දියණිය, චංගුමී, ඉසිවර වෙදදුරු වගේ කොරියානු කතා බලලා තියෙනවද 😚💗!?
➢ එහෙනම් ඉතින් අනිවා ඔයත් කොරියන් රසිකයෙක් වෙන්න ඕනි 😍✨
➢ අපි හැමෝටම අපි ආස කරන ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඉන්නව වගේ, ඔයාලත් ආස කරන කොරියානු පුද්ගලයෙක් ඇතිනෙ 😌🔥
➢ කැමතිද තමන් ආස කරන කොරියානු නලු නිළියන්, කොරියානු ɪᴅᴏʟs ලා වගේම කොරියාව සම්බන්ධ සියලුම දේවල් දාන චැනල් එකකට ජොයින් වෙන්න 😉🖤 ?
➢ ඔන්න එහෙනම් ඔයාට අපේ චැනල් එකෙන් හැමදාම කොරියාව සම්බන්ධ විවිධ දේවල් ලබාගන්න පුලුවන් 😝💋
➢ ඒ විතරක් නෙවෙයි, ඔයාලට අපේ චැනල් එකෙන් කොරියානු පුද්ගලයින් මූලික කරගනිමින් ලියවුණු කෙටි කතාත් කියවීමටද හැකියාව ඇත 🤓🦋
1 305
LearnBits ගැන වැරදි ආකල්පයක් ඇතිකරගන්න එපා...
LearnBits කියන්නෙ සිලබස් එක ගැන post දාන චැනල් එකක්වත් , හුඟක් අය ආස hit වෙන හෝ ට්‍රෙන්ඩ් වෙන post දාන චැනල් එකක්වත් නෙවෙයි.
LearnBits කියන්නෙ , අධ්‍යාපනික රාමුවෙන් පිටතට හිතන සහ ඉන් පිටත දේවල් ගැන අවබෝධයක් දැනගන්න අයට , ඒ අවශ්‍ය දැනුම ලබාදෙන චැනල් එකක් විතරයි. LearnBits තුළින් කිසිම වෙලාවක විශය ධාරාවන්ට සමගාමී කරුණු බලාපොරොත්තු වෙන්න එපා. (ඇතැම් කරුණු එහෙම වෙන්න පුලුවන්. ඒත් මූලික අදහස ඒක නෙවේ.)
වැඩ කරන විදිහ , පාඩම් කරන විදිහ , විභාගෙට මුහුණ දෙන විදිහ , අදාළ සිලබස් එකේ යම් යම් විශය කරුණු , ඉල්ල ඉල්ල දවසෙම Motivational පෝස්ට් බලන වෙලාවෙ , ඔය විද්‍යුත් උපාංග ටික වහල දාල වැඩක් කරගත්ත නං , ඒක ඇත්තටම කාර්යක්ෂමයි. ඒ වගේ පෝස්ට් 100ක් කියවන වෙලාවෙ , තමන්ම මහන්සි වෙලා එක විශය කරුණක් හිතල හිතල අවබෝධ කරගත්ත නං ඒක ඔයාගෙ ජීවිතේට සෑහෙන වටිනව.
ඒ නිසා තමන්ගෙ අධ්‍යාපනය , වෙන මිනිස්සුන්ගෙ post නිසා ගොඩගන්න උත්සාහ කරන්න එපා. ඒක ඔයාගෙ වැඩක්. ගුරුවරුන්ගෙන් හෝ වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්න. ජීවිතේට දැකලවත් නැති අය මත්තෙ නැහෙන්න එපා.
LearnBits වෙතට ආපු පෞද්ගලික request කීපයක් නිසා මම දැම්මෙ.
phy6 , Chem , bio තුනට අදාළ විශය කරුණක් නං මම පෞද්ගලිකව හරි කියල දෙන්නං. Motivational post , study tips වගේ දේවල් LearnBits තුළින් බලාපොරොත්තු වෙන්න එපා. LearnBits කියන්නෙ දන්නැති යමක් ඉගෙන ගන්න තැනක් විතරයි. මේ ගොඩක් දේවල් ඔයාට ඇත්තටම වැඩක් නැතුව ඇති.
ඒත් දැනුම කියන එකට වටිනාකමක් කියල ඉවර කරන්න බෑ. ඒ නිසා දැනගත්ත කියල පාඩුවක් වෙන එකක් නෑ.
#Notice 🧚 @LearnBits
1 305
ඉතාලි පුවත්පතක් වන La Repubblica භයානක හෙලිදරව්වක් කර තිබෙනවා. ඒ NATO සංවිධානය විසින් මිත්‍ර පාර්ශ්වයන් වෙතට යම් අනතුරු ඇඟවීමක් කර ඇති බවයි. එම අනතුරු ඇඟවීමෙන් පැවසෙන්නේ , රුසියාව විසින් K329 Belgorod නම් න්‍යෂ්ටික සබ්මැරීනය යුද්ධයට සම්බන්ධ කරගෙන ඇති බවටයි.
මේ සබ්මැරීනයේ විශේෂයත්වය වන්නේ එහි "Doomsday න්‍යෂ්ටික අවි පද්ධතිය" නම් සුපිරි අවියක් පැවතීමයි.
මේ අවි පද්ධතියට අඩංගු වන්නේ සාගර බහුකාර්යමය ටෝපිඩෝ වර්ගයක් වන Status 6 - Poseidon වර්ගයේ ටෝපිඩෝ මිසයිලයි. මේ ටෝපිඩෝ වල විශේෂත්වය තමයි , මෙයට කිසිම දුර සීමාවක් නොමැති වීම. සහ ටෝපිඩෝව , රේඩාර් වලට හසු නොවීමයි.
ඒ වගේම රුසියානු විද්‍යාඥයන් විසින් නිර්මිත මේ පොසයිඩන් ටෝපිඩෝ අවි ගැන , පිටස්තර ලෝකය සතු දැනුම ඉතාමත් අල්පයි.
මේ සම්පූර්ණ අවි කට්ටලය එකතු උනාම ඒකට කියන නම තමයි doomsday weapon කියන්නෙ.
#LiveWar 🚢 @LearnBits
1 305
බ්‍රහස්පති වටා චන්ද්‍රයන් 79ක් කක්ශ ගත වී තිබෙනවා. ඉන් 53 නම් කර අවසන් වන අතර .තවත් 26ක් නම් කිරීමට නියමිතයි.
එම නම් කරන ලද චන්ද්‍රයන් වන්නේ,
1.Europa
2.lo
3.Ganymede
4.Callisto
5.Amalthea
6.Himalia
7.Adrastea
8.Valetudo
9.Thebe
10.Carme
11.pasiphae
12.Ananke
13.Metis
14.Elara
15.Lysithea
16.Sinope
17.Eupheme
18.Eirene
19.Themisto
20.Callirrhoe
21.Carpo
22.Kalyke
23.S/ 2017 J 4
24.S/ 2003 J 2
25.Cyllene
26.Locaste
27.Harpalyke
28.Chaldene
29.Herse
30.Megaclite
31.S/ 2003 J 12
32.Isonoe
33.Aoede
34.Hegemone
35.Erinome
36.Arche
37.Helike
38.Eukelade
39.Taygete
40.Praxidike
41.Jupiter LX 1
42.Hermippe
43.Autonoe
44.Eurydome
45.Euporie
46.Aitne
47.Dia
48.Thyone
49.Sponde
50.Euanthe
51.Leda
Lo යනු බ්‍රහස්පති ට ආසන්නතම චන්ද්‍රයායි.
Callisto යනු බ්‍රහස්පති සිට දුරින්ම පිහිටි චන්ද්‍රයායි.
Leda යනු මින් කුඩාම චන්ද්‍රයායි.
Ganymede යනු බ්‍රහස්පතිගේ සහ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම චන්ද්‍රයායි.
#Astronomy 🌚 @LearnBits
1 305
අලුතෙන් මුණ ගැසුනු කෙනෙක් එක්ක කතා කරන්නෙ කොහොමද?
ජීවිතයේ අපිට නිරන්තරයෙන්ම , විවිධ ආකාරයේ පුද්ගලයන්ව හම්බෙනවා. සහ අපි ඒ ගොඩ දෙනෙක් එක්ක කතාබහ කරනවා.
ඉතින් එහෙම කෙනෙක් එක්ක පළවෙනි පාරට කතා කරනකොට මේ දේවල් අනුගමනය කරන්න.
🐹 හිතට ධෛර්ය්‍යයක් ගන්න. කිසිම දේකට වදවෙන්න එපා. මුලින් ඔයාට අපහසුවක් දැනුනත් , ගැම්මෙන් කතා කරනව වගේ පෙන්නන්න.
🐹 නිතරම හිත තුළ කුතුහලය ඇතිකරගන්න. අදාළ කෙනාගෙන් සුලු සුලු ප්‍රශ්න අහන්න. මතක තියාගන්න. ඔයා එයාව දන්නෙ නෑ. ඒ නිසා නම ඇහුව පමණින් එයා ගැන හැමදේම දන්නව වගේ හිතන්න හදන්න එපා.
🐹 සාමාන්‍යෙන් අපි පළවෙනි පාරට කෙනෙක් එක්ක කතාබහ කරන්න යන්නෙ යම් සැලසුමක් ඇතුව. ඒ දේ කරන එකේ වැරැද්දක් නෑ. හැබැයි සැලසුමෙන් පිට පනින්න බය වෙන්න එපා. Situation එක අනුව කතා කරන්න.
🐹 අදාළ කෙනා සමග කතා කරනකොට , වෙන කවුරු හරි ගැන ප්‍රසංශා කරන්න. එයාගෙ ප්‍රතිචාරය අනුව ඔයාට දැනගන්න පුලුවන් , එයා මොන වගේ කෙනෙක්ද කියලා.
🐹 ඔයාල දෙදෙනාටම පොදු දෙයක් ගැන කතා කරන්න. හිතන්න ඔයාට විද්‍යා ප්‍රදර්ශනයකදි කෙනෙක්ව හම්බෙනව. ඔයා ඒ කෙනා එක්ක සිංහල සාහිත්‍ය කතා කරන්න යන්න එපා. විද්‍යාව ගැන කතා කරන්න.
🐹 අමිහිරි අවස්ථාවන් වලට කලබල නොවී සන්සුන්ව කතා කරන්න. ඒ කියන්නෙ ඔයා අතින් ඉස්සර කාලෙ උන වැරැද්දක් තියෙනවා. ඔයා අඳුරන්නැති නමුත් ඔයාව අඳුරන කෙනෙක් එක්ක , ඔයා කතා කරනකොට ඒ කෙනා අර අමිහිරි දේ මතක් කරනවා. ඒ වගේ අවස්ථා වලදි කලබල වෙන්න එපා.
ඔයාගෙ බලය ප්‍රදර්ශනය කරන්න. හැම තිස්සෙම අලුතෙන් හම්බෙන අයට ඔයාගෙ දුර්වලතාව මුලින් පෙන්නන්න එපා. ඔයාගෙ ශක්තීන් පෙන්නන්න.
🐹 ඔයාගෙ පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදිහට කතාව අරගෙන යන්න.
#Psycho_Facts 🐹 @LearnBits
1 305
Pygmy Marmoset කියන්නෙ මේ ලෝකෙ ඉන්න කුඩාම වඳුරු විශේෂයයි. මෙයාල කොච්චර කුඩාද කියනව නං , හොඳින් වැඩුණු සතෙක් උනත් අපේ අතකට වඩා ලොකු නෑ. මේ කුඩා සත්ව විශේෂය ජීවත් වෙන්නෙ දකුණු ඇමරිකානු වැසි වනාන්තර ආශ්‍රිතවයි. මෙයාලගෙ සාමාන්‍ය ප්‍රමාණය අඟල් 4.6 සිට අඟල් 6.2ක් දක්වා විචලනව වෙනවා.
#Knowledge 🐵 @LearnBits
1 305
කාන්තාවකගේ විළුඹ ආශ්‍රිත ප්‍රදේශය , ඇයගේ ලිංගික තෘප්තිය සමඟ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නෙ විළුඹ ආශ්‍රිත ප්‍රදේශයෙන් පවා කාන්තාවක් ලිංගිකව උත්තේජනය වෙනවා.
ඔයාල අහලත් ඇති foot fetish කියල වෙනමම sex method එකකුත් තියෙනව කියල. ඒක බොහොම සාමාන්‍ය දෙයක්.
තමන්ගෙ පෙම්වතියව , බිරිඳව සතුටු කරන්න අවශ්‍ය නම් , මේ කරුණත් ගොඩක් වැදගත් වෙයි. පැනපු ගමන් හනුමා දර පලනව වගේ වැඩේ ඉවරයක් කරන්නැතුව , මුලින්ම ඇයගේ විළුඹ සහ ඒ අවට ප්‍රදේශයට සියුම් සම්භාහනයක් දෙන්න.
හැකි නම් ඒ අවට සිපගැනීම් උනත් කරන්න පුලුවන්. මේකෙන් කාන්තාවක් ලිංගිකව උත්තේජනය කරනව වගේම ලිංගික හැඟීම් උද්දීපනය වෙනවා. ඉතින් ටික වෙලාවකින් ඇයගේ සම්පූර්ණ දායකත්වය ඇතුව , ශක්තිමත් ලිංගික එක්වීමකට අවස්ථාවක් ලැබෙනවා.
#Relationship_Tips 🦶 @LearnBits
1 305
නර්තනයේ නියැලීම , ආත්ම විශ්වාසය වර්ධනයට සහ මානසික පීඩනය නිදහස් කිරීමට දායක වේ.
නිකං ඉන්න වෙලාවට සිංදුවක් දාන් නටන්න. ඇඟට ව්‍යායාමයකුත් වෙනවා.
#Psycho_Facts 💃🕺 @LearnBits
1 305
සති දෙකක් තුළ තනි පුරුශයෙකු විසින් නිපදවන ශුක්‍රාණු ප්‍රමාණය , මුලු ලෝකයේම සිටින සෑම සරු කාන්තාවක්ම ගැබ් ගැන්වීමට ප්‍රමාණවත්ය.
#Facts 😸 @LearnBits
1 305
තරුණ ගැහැණු ළමයෙකුගේ පියයුරු සම්බන්ධව පිරිමින්ගෙන් වන බලපෑම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද?
#Youth #Personal_Care #Life_Tips
@LearnBits 😾
1 305
Coming Up!
තරුණ ගැහැණු ළමයෙකුගේ පියයුරු සම්බන්ධව පිරිමින්ගෙන් වන බලපෑම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද?
New..
#Youth #Personal_Care #Life_Tips
@LearnBits 😾
1 305
ඔයාගෙ ජීවිතයේ හොඳම පුද්ගලයා තමයි , ඔයා මේ වාක්‍ය කියවන කාලය තුළ ඔයාගෙ හිතට ආපු පළවෙනි පුද්ගලයා.
කරල බලන්න. ඇත්තකුත් තියේ...😉
#Psycho_Facts 👻 @LearnBits
