ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97
-4230
帖子存档
දිනක් තුළ මිනිසෙක් බිලියන 10කට අධික , සමේ සෛල ප්‍රමාණයක් හලාදමනවා. මෙලෙස වසරක් තුළ සමෙන් හැලෙන මියගිය සෛල වල ස්කන්ධය කිලෝග්‍රෑම් 2කට ආසන්න වේ. #Facts 👣 @LearnBits

"පිස්සුවෙන් වගේ , ලෝකෙ වෙනස් කරන්න උවමනාවක් තියෙන මිනිසුන් තමයි දවසක ඒක කරන්නෙ" - Steve Jobs #Saying 🥀 @LearnBits

𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 #Pic4You 💋
+1
𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 #Pic4You 💋

බාබි බෝනික්කාගේ සම්පූර්ණ නම "බාර්බරා මිලිකන්ට් රොබර්ට්ස් " (Barbara Millicent Robert) වේ. ඇය උපන් ප්‍රදේශය ලෙස සඳහන් වන්නේ වි
බාබි බෝනික්කාගේ සම්පූර්ණ නම "බාර්බරා මිලිකන්ට් රොබර්ට්ස් " (Barbara Millicent Robert) වේ. ඇය උපන් ප්‍රදේශය ලෙස සඳහන් වන්නේ විස්කොන්සින් හි විලෝව් පෙදෙසයි. ඒ වගේම බාබි බෝනික්කාගෙ උපන් දිනය වන්නේ 1959 මාර්තු 9 වෙනිදායි. ඒ ඇය පළමු වතාවට නිව් යෝර්ක්හි සෙල්ලම්බඩු කඩයකදී මහජනයාට ප්‍රදර්ශනය කළ දිනයයි. #Knowledge 🧑 @LearnBits

🇺🇦 6000 - 9000 පමණ වන යුක්‍රේන භට කණ්ඩායම් Liman ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඒ ඊයෙ සිට එම ප්‍රදේශයේ ඇති වූ යුධමය තත්වය නිසා. ර
🇺🇦 6000 - 9000 පමණ වන යුක්‍රේන භට කණ්ඩායම් Liman ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඒ ඊයෙ සිට එම ප්‍රදේශයේ ඇති වූ යුධමය තත්වය නිසා. රුසියානු මිත්‍ර හමුදා පසුබැසීමත් , යුක්‍රේන හමුදා පැමිණීමත් නිසා මේ වන විට රුසියානු යුක්‍රේන භට සංඛ්‍යාව දැක්වෙන්නේ 1:10 ක් ලෙසයි. #LiveWar 🔊 @LearnBits

“The world isn’t perfect. But it’s there for us, doing the best it can… that’s what makes it so damn beautiful.” ලෝකය සර්වසම්පූර්ණ නැහැ. ඒ උනාට ඒක අපි වෙනුවෙන් පවතිනවා. අපි වෙනුවෙන් හැකි උපරිමය කරනවා. අන්න ඒකයි ලෝකය එච්චර ලස්සන... - Roy Mustang - (Full Metal Alchemist) #AnimeQuotes ☄ @LearnBits

Miss World - Kiki Håkansson - 1951 #History 👩‍🦰 @LearnBits
Miss World - Kiki Håkansson - 1951 #History 👩‍🦰 @LearnBits

විශාල කාමරයක මිනිසුන් 85 දෙනෙක් සිටිනවා. මේ අතරින් කීප දෙනෙක් සොම්බීන් බවට පත් වෙනවා. ඉතිරි මිනිසුන් ජීවතුන් අතර සිටිනවා. සොම්බීන් සහ මිනිසුන් අතර අනුපාතය 2:3 නම් , කාමරය තුළ සිටින සොම්බීන් ගණන සොයන්න. #Fun 🧟‍♂ @LearnBits
Anonymous voting

𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 #Pic4You 🤗
+1
𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 #Pic4You 🤗

Lapland - (ෆින්ලන්තය) ලැප්ලන්ඩ් කියන්නෙ ෆින්ලන්තයේ පිහිටන , ආක්ටික් කවයේ උතුරේ සිට දකුණට විහිදෙන භූමි ප්‍රදේශයක්. විශාල සංචාරක ආකර්ශණයක් දිනා ගෙන තියෙන මේ භූමියේ උෂ්ණත්වය , සීත කාලයේදී -50 °C ක් දක්වා පහළ බසිනවා. ඒ උනාට සැන්ටා ක්ලෝස්ගෙ නිජබිම උන ෆින්ලන්තය නැරඹීමට එන සංචාරකයින් , මේ භූමිය නැරඹීම නං මගහරින්නෙ නෑ... #WorldWide ⛄️ @LearnBits

යුක්‍රේන යුධ ටැංකියක් විසින් රුසියානු T-72B වර්ගයේ යුධ ටැංකියක් විනාශ කරන අයුරු. මේ සටන ඇතිවුනේ ඊයෙ දහවලේ යුක්‍රේනයේ Liman ප්‍රදේශයේ. යුධ ටැංකි වල බල ගිලිහුණු නිසා මේ වනවිට රුසියානු යුධ අංශ එම ප්‍රදේශයෙන් පසුබහින බවට වාර්තා වෙනවා. (100% තහවුරු නැත.) වීඩියෝ ගත කරන්නේ යුක්‍රේන හමුදා සාමාජිකයන් විසින්. #LiveWar 🗺 @LearnBits See the ending. @DamHistory

ඔයා , ඔයා එක්කම තනිවෙන එක හොඳ දෙයක්ද? මේ කියන්නෙ තනිකම ගැන නෙවෙයි. ඔයා ටික වෙලාවක් බාහිර ලෝකයෙන් මිදිලා , තනියම ඉන්න එකට. සාම
ඔයා , ඔයා එක්කම තනිවෙන එක හොඳ දෙයක්ද? මේ කියන්නෙ තනිකම ගැන නෙවෙයි. ඔයා ටික වෙලාවක් බාහිර ලෝකයෙන් මිදිලා , තනියම ඉන්න එකට. සාමාන්‍යෙන් අපි තනියම ඉන්න වෙලාවට , අපේ සිතුවිලි වලට ඇහුම්කන් දෙන්න , සිතීමේ වේගය පොඩ්ඩක් අඩු කරගන්න , විවේකයක් ගන්න සහ අපේ හැඟීම් ගැන සොයාබලන්න පුලුවන් වෙනවා. ඉතින් මේ දේවල් නිසා අපිට පුලුවන් වෙනවා අපේම සුවිශේෂීත්වය ගැන කලින්ටත් වඩා හොඳට දැනගන්න. අපි තනියම ඉන්න කොට අපි අපේ ශරීරයට වඩාත් හොඳින් ඇහුම්කන් දෙන්න ගන්නව. අපේ හැඟීම් සහ අපේ ශක්තීන් වල මූලාශ්‍රය සොයාගන්න පුලුවන් වෙනව. ඒ වගේම අපිට , අපේ පාලනය , අපි අතටම ගන්නත් පුලුවන් වෙනව. ඒ වගේම මානසික ආතතියක් හෝ , වෙනත් ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක , ඒ අර්බුද සහ දුෂ්කර අවස්ථාවන් ජය ගන්නත් , මේ තනිවීම කියන එක ලොකු පහසුවක් වෙනවා. #Psycho_Facts 😺 @LearnBits

Cherophobia යනු විනෝදයට සහ සතුටට ඇති බයයි. #Facts 😿 @LearnBits

හිපපොටේමස් ලගෙ විශාල දේහ ප්‍රමාණය , ඔවුන්ගෙ පිහිනුම් හැකියාවට කිසිම බලපෑමක් කරන්නෙ නෑ. හිපපොටේමස්ල කියන්නෙ පිහිණුම් ශූරයන්. ඔ
හිපපොටේමස් ලගෙ විශාල දේහ ප්‍රමාණය , ඔවුන්ගෙ පිහිනුම් හැකියාවට කිසිම බලපෑමක් කරන්නෙ නෑ. හිපපොටේමස්ල කියන්නෙ පිහිණුම් ශූරයන්. ඔවුන්ට පුලුවන් විනාඩි 2 - 5 ත් අතර කාලයක් හුස්ම නොගෙන ඉන්න. ඔවුන් සම්පූර්ණයෙන්ම වතුර යටට කිමිදුනාට පස්සෙ , එයාලගෙ කන් සහ නාසය ඉබේම වැහෙනවා. ඒ එතුලට වතුර ඇතුල් වීම වැළැක්වීමට. #Knowledge 🦛 @LearnBits

𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 #Pic4You 🚗 @LearnBits
+1
𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 #Pic4You 🚗 @LearnBits

දකුණු කොරියාව විසින් , යුක්‍රේනයට ඩොලර් බිලියන 2.9 ක ආයුධ සැපයීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා. නමුත් දකුණු කොරියාව විසින් ස
දකුණු කොරියාව විසින් , යුක්‍රේනයට ඩොලර් බිලියන 2.9 ක ආයුධ සැපයීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා. නමුත් දකුණු කොරියාව විසින් සෘජුවම මෙම ආයුධ තොගය යුක්‍රේනයට සැපයීමක් සිදු නොකරන අතර එය , යුරෝපීය රටක් වන සේකියාව හරහා සැපයීම සිදු කරනට නියමිතයි. මෙම සැපයුම් තොගය සඳහා ඇමරිකාව විසින් මූල්‍ය ආධාර සපයන අතර , එම ආයුධ තොගය Czech ආරක්ශක ආයතනයට ලබා දීමට නියමිතයි. එවිට එම ආයුධ තොගය , එම ආයතනය හරහා යුක්‍රේනයට ලබා දෙනු ඇත. මෙම ආයුධ තොගයට අයත් වන්නේ Chiron air defense, Shingung MANPADS සහ පතොරම් වේ. #LiveWar 💥 @LearnBits

සම්බන්ධතාවකදි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනෙ දෙයක් තමයි තමන්ගෙ සහකාරිය කියන දෙය සහ අදහස් කරන දෙය තේරුම් ගැනීම. ගොඩක් කාන්තාවන් කටින් කියන දේ නෙවෙයි ඇත්තටම අදහස් කරන්නෙ. ඉතින් මේ ඇත්තටම අදහස් කරන දේ තේරුම් ගන්න නං අපිට සිද්ද වෙනවා , කාන්තාවකගේ ශරීර ඉරියව් , හැසිරීම් ආදී සියලුම දේවල් නිරීක්ශණය කරල අවබෝධ කරගන්න. උදාහරණයකට , කාන්තාවක් ගොඩක් වෙලාවට තමන්ගෙ පෙම්වතාට , I love You කියන්නෙ නෑ. ඒ වෙනුවට ඇය ඔහු එක්ක හිනා වෙනවා , ඔලුව හොලවනවා , කටින් පොඩි හිනාවක් දාගෙන "ඔයා නං හරිම මෝඩයෙක්" වගේ දේවල් කියනවා. ඇත්තටම මේ කියන්නෙ ඇය ඔහු එක්ක ආදරයෙන් වෙලිලා ඉන්නව කියල. ඉතින් ඔයත් පෙම්වතෙක් නං , තමන්ගෙ පෙම්වතියගෙ කටහඬට සහ කියන දේට විතරක් අවධානය දෙන්න එපා. ඇයගේ මුලු සිරුරටම අවධානය දෙන්න. ඇය විසින් පවසන රහස් පණිවිඩය නිවැරදිව හොයා ගන්න කෙනයි සම්බන්ධතාවයක් ජය ගන්නෙ! ඒ වගේම ඔයා පෙම්වතියක් නං තමන්ගෙ පෙම්වතා , ශර්ලොක් හෝම්ස් ජාන ඇති අයෙක් නොවන බව වටහාගෙන , ඔහුට කියන්න අවශ්‍ය දෙය සඟවන්නැතුව කියන්න උත්සාහ කරන්න. #Relationship_Tips 🫠 @LearnBits

අඟහරු ග්‍රහයා සතුව Phobos සහ Deimos කියක හඳුන්වන චන්ද්‍රයන් දෙදෙනෙක් සිටිනවා. Phobos කියන්නෙ අභ්‍යන්තර වලයේ තියෙන විශාල චන්ද්
අඟහරු ග්‍රහයා සතුව Phobos සහ Deimos කියක හඳුන්වන චන්ද්‍රයන් දෙදෙනෙක් සිටිනවා. Phobos කියන්නෙ අභ්‍යන්තර වලයේ තියෙන විශාල චන්ද්‍රයායි. එතකොට Deimos කියන්නෙ පිටත වලයේ තියෙන කුඩා චන්ද්‍රයායි. #Astronomy 🌘 @LearnBits

සාර්ථක පුද්ගලයෙක් වෙන්න මේ දේවල් කරන්න. 🗳 ඔයා කැමති සහ අකමැති දේවල් ගැන දැනගන්න. ඒ වගේම ඔයාගෙ ශක්තීන් සහ දුර්වලතා හඳුනගන්න. 🗳 ඔයාගෙ පවුලෙ අය සහ සමීපතයන්ට වඩා වෙනස් කෙනෙක් වෙන්න බය වෙන්න එපා. 🗳 ඔයාගෙ සිතුවිලි අදහස් , හැඟීම් වගේ හැමදෙයක්ම පොතක හෝ දිනපොතක සඳහන් කරගන්න. 🗳 රූපවාහිනිය නරඹන කාලය 80%කින් අඩු කරල , ඒ ඉතුරු උන කාලය ඔයාගෙ ඉලක්කයන් වෙනුවෙන් වැය කරන්න. එහෙමත් නැත්තං දෙයක් ඉගෙන ගන්න වැය කරන්න. 🗳 සෑම කෙනෙක්ටම කරුණාවන්ත වෙන්න. ආචාරශීලී වෙන්න. 🗳 මුදල් සෑම විටම නිසි කළමණාකරනයකින් පාවිච්චි කරන්න. 🗳 සෑමවිටම ඉවසීමෙන් කටයුතු කරන්න. 🗳 නිසි පුද්ගලයන්ව අගය කරන්න. අන් අයගේ ගේ සතුටේදී සතුටු වෙන්න. 🗳 පවතින ගැටළුකාරී තත්වයන් , ඔයාට ලැබුණු අභියෝගයක් කියල හිතාගෙන ඒ වෙනුවෙන් විසඳුම් සොයන්න. 🗳 පැමිණිලි කරන්නෙක් වෙන්නැතුව , ගැටළු විසඳන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. 🗳 ඔයාගෙ පරිකල්පන හැකියාවන්ට ඉඩ දෙන්න. රාමුවෙන් එපිටට හිතන්න පුරුදු වෙන්න. 🗳 කෑම පාලනය කරගන්න. ව්‍යායාම කරන්න. 🗳 භාවනා කරන්න. 🗳 අවශ්‍ය තැන් වලදි බය වෙන්න. ලැජ්ජා වෙන්න. අපහසුතාවට පත් වෙන්න. ඔයාගෙ ප්‍රතිරූපයට හානියක් වෙන්නෑ ඒකෙන්. ඔයාගෙ ප්‍රතිරූපය ශක්තිමත් වෙන එකයි වෙන්නෙ. 🗳 කිසිම දෙයක් සුලුවෙන් තකන්න එපා. හැමදෙයක් ගැනම කෘතඥ වන්න. #LearnBits 😮‍💨 @LearnBits

නාසි - ජර්මනි පාර්ශ්වයන් විසින් "Non-aggression" ගිවිසුම අත්සන් කල බවට සැල වූ වහාම , පාර්ලිමේන්තුව තුළට දිව යන පෝලන්ත අගමැති.
නාසි - ජර්මනි පාර්ශ්වයන් විසින් "Non-aggression" ගිවිසුම අත්සන් කල බවට සැල වූ වහාම , පාර්ලිමේන්තුව තුළට දිව යන පෝලන්ත අගමැති. - 1939 #History 📇 @LearnBits