1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
1 305
1 305
වයස අවු. 18ත් - 33ත් අතර කාලය , පුද්ගලයෙකුගේ ජීවිතයේ වැඩිම ආතතියකින් යුතු කාලය හැටියට සැලකෙනවා.
කොහොම උනත් , මේ වයස් පරාසය පුද්ගලයගෙන් පුද්ගලයට , කාලයෙන් කාලයට වගේම රටින් රටටත් වෙනස් වෙනව.
ඒත් පොදුවේ වයස අවු. 24 කියන වයස ගොඩක් මිනිසුන්ට ඉහළම ආතතියකින් යුතු වයස හැටියට සැලකෙනවා.
#Psycho_Facts
1 305
ක්ලියෝපැට්‍රා ඊජිප්තුවෙහි අවසාන රැජින බවට පත් වන විට ඇය 17 වන වියෙහි පසු විය. ඒ 7 වන ක්ලියෝපැට්‍රා ලෙස අභිශේක ලබමිනි. ඇයට ඒවක ලෝකයේ පැවැති භාෂාවන් 9ක් කතා කිරීමට හැකියාව තිබුනේ එකල ලෝකයේ ජීවත් වු බුද්ධිමත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු බවට පත් වෙමිනි.
ඇයට පුරාණ ඊජිප්තු භාෂාව, අරාබියානු, හිබ්රූ, ඉතියෝපියානු, සිරියානු භාශාවන් පමණක් නොව Parthians, Medes සහ Troglodytes යන භාශාවන්ද කතා කිරීමට මෙන්ම කියවීමටද හැකියාවක් සහිත විය. ඒ ක්ලියෝපැට්‍රා හට එකල ලෝකයේ තිබු පොත්පත් වලින් අතිබහුතරයක් කියවීමට හැකියාව ලබා දෙමිනි.
භාශාවන් පිළිබදව පමණක් නොව ඇය ඉතිහාසය, භූගෝල විද්‍යාව, ව්‍යුහ විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, සත්ත්ව විද්‍යාව, ආර්ථික විද්‍යාව, අන්තර්ජාතික සබඳතා සහ තවත් විශයන් ගණනාවක් පිළිබඳව වඩා පුළුල් වු දැනීමක් ඇය සතුව පැවතිනි.
ඇය විසින් රචිත පොත් ගණනාවක් අද වන විට ගින්නෙන් විනාශ වී පැවතියත්, ඇය විසින් රචනා කරන ලද ඖෂධ පැළෑටි, ඒවායේ භාවිත සහ රූපලාවන්‍ය පිළිබදව රචනා වී ඇති පොත් කිහිපයක අන්තර්ගතය වර්තමානය වන විටත් සුරක්ෂිත වී ඇත. ඇය මෙපමණ දැනුම් සම්භාරයකට හිමිකම් කීම සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් වනුයේ ඇය තම ළමා කාලය ගත කල ඇලෙක්සැන්ඩ්‍රියා නඟරයයි. ඇලෙක්සැන්ඩ්‍රියාව එකල ලෝකයේ තිබු ඉතා වටිනා අග්‍රගණ්‍ය නඟරයක් වූ අතර, එය ඒ සමයේ ලෝකයේ තිබු ශ්‍රේෂ්ඨතම පුස්තකාලයටද හිමිකම් කියූහ.
ඇය ඉතා ශ්‍රේෂ්ඨ චරිතයක් වුවත් ඇය පිළිබඳව වැඩිදුර තොරතුරු සපයා ගැනීමට තරමක් අපහසු ය, ඒ ඇය පිළිබදව සටහන්ව තිබු තොරතුරු මුලාශ්‍රයන්ගෙන් විශාල ප්‍රමාණයක් අද වන විට විනාශ වී පැවතිමයි.
ඇයගේ රූමත්භාවය පිළිබදව විවිධ මතවාද පැවතියත් රෝමයෙන් බිහිවු ශ්‍රේෂ්ඨම පාලකයෙකු වූ ජූලියස් සීසර් පමණක් නොව ඔහුගේ ප්‍රධාන ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කරන ලද මාර්ක් ඇන්තොනි ද ඇයත් සමඟ ආදරයෙන් බැදුණහ. ඇසුවන් වසඟ වන ඉතා සුන්දර කටහඩක් ඇය සතුව පැවති අතර ඇයගේ දැනුම, බුද්ධිය, ගුණාංග හා පෞර්ෂය හේතුවෙන් බොහෝ දෙනෙකු ඇයට ආදරය කළහ. කෙසේ වෙතත් මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ කාන්තාව ඇය බව නොඅනුමානය.
- ඡායාරූපය අන්තර්ජාලයෙනි.
** එය AI යොදාගෙන නිර්මාණය කරන ලද්දක් වන අතර එහි නිරවද්‍යතාව පිළිබදව යම් කිසි ගැටළු පවතී.
- පදාර්ථ
#Social_Media #History
1 305
නුසුදුසු තැනක , නවත්තගන්න බැරි හිනාවක් ආවොත් හිනාව ආයාසයෙන් නවත්තන්න හදන්න එපා. එතකොට තව හිනා යනව.
ඒ වෙනුවට මේ දේ කරන්න. එහෙම හිනාවක් එනව තේරුනොත් , හුස්ම ඉහළට අදින්නැතුව , පුලුවන් තරන් හුස්ම පිට කරන්න. ඒ කියන්නෙ ඉතා ගැඹුරින් ප්‍රාශ්වාස කිරීම විතරක් කරන්න.
එතකොට ඔයාට හිනාවක් ආවත් , හිනා වෙන්න බැරි වෙනව.
#Life_Hacks
1 305
එක වැඩුණු විශාල ශාකයක් විසින් , එක අවුරුද්දක් ඇතුළත කාබන්ඩයොක්සයිඩ් වායු රාත්තල් 48කට වඩා අවශෝෂණය කරගෙන , ඒ වෙනුවට ඔක්සිජන් පිට කරනවා.
#Facts
1 305
ඔයාට හැමදාටම අසාර්ථක කෙනෙක් විදිහට ඉන්න ඕන්නං මේ දේවල් අද ඉඳන්ම කරන්න...❤️
1. දවසම ටීවි බලන්න. නැත්තං ෆෝන් එක ඔබන්න.
2. කිසිම විනෝදාංශයක් කරන්න එපා. ඵලදායි විනෝදාංශයක් නං කරන්නම එපා.
3. කිසිම අරමුණක් ඇති කරගන්න එපා. එහෙම අරමුණක් තියෙනව නං ඉක්මනටම ඒක අමතක කරල දාන්න.
4. ඔයාට සුව පහසු සීමාවෙ ජීවත් වෙන්න. පොඩ්ඩක් හරි අපහසු නම් , එයින් ඈත් වෙන්න.
5. විශ්වකර්මයන් සිදු වෙනකං බලන් ඉන්න.
6. ඔයාගෙ ප්‍රශ්න වලට අනිත් අයට බනින්න.
7. හැමතිස්සෙම මේ වගේ පෝස්ට් කියව කියව , ඒවගෙන් මෝටිවේශන් ලබාගන්න. නැතුව මොළේ කල්පනා කරල ෆෝන් එක අතෑරල දාල වැඩ කරන්න පටන් ගන්න එපා.
Good Morning Bits ♨️
#Life_Tips ?
1 305
මේ රූපයෙන් දැක්වෙන්නෙ 1688 නිර්මාණය කරපු හෝ භාවිත කරපු සිතියමක්. මේ සිතියමේ විශේෂත්වය තමයි , මේකෙ සහරා , ගෝබි වැනි 'කාන්තාරයන්' නොතිබීම. ඒ වෙනුවට ඒ ස්ථාන වල විවිධ ගංගාවන් සහ නගර ලකුණු කරල තියෙනව.
පුරාවිද්‍යාඥයන් විසින් ගෝබි සහ අනෙක් කාන්තාරවල භූගතව තිබුනු නගර සහ සොහොන් බිම් සොයාගෙන තියෙන බව අපි හැමෝම දන්න දෙයක්.
ඒත් මේ සිතියම අවු. 500කට කිට්ටු කාලයේ නිර්මාණය වුන එකක් නම් , සහරා , ගෝබි කාන්තාර මෑත අතීතයක් වෙනකංම 'කාන්තාර' නොවුන බවට උපකල්පනය කරන්න පුලුවන්.
ඒ කියන්නෙ ගංගා පද්ධතීන් පවා තිබුණු මේ සාරවත් ඉඩම් හදිසියේම හෝ කෙටි කාලයක් තුළ සම්පුර්ණයෙන්ම වැලි වලින් වැහිල ගිහින් තියෙනවා...
#History
1 305
විවිධ Phobia වර්ග
Cainophobia - අලුත් බව හෝ නැවුම්බවට ඇති බිය
Caligynephobia - ලස්සන කාන්තාවන්ට ඇති බිය
Carcinophobia – පිළිකාවක් වර්ධනය වේ යැයි ඇතිවන බිය
Cardiophobia - හෘද රෝගයක් වැළඳීමට ඇතිවන බිය
Carnophobia - මස් වලට ඇති බිය
Catapedaphobia - උඩ පැනීමට ඇති බිය
Cathisophobia - වාඩි වීමට ඇති බිය
Catoptrophobia - දර්පණ හෝ මළවුන්ට ඇති බිය
Ceraunophobia - අකුණු ගැසීම් වලට සහ ගිගිරුම් වලට ඇති බිය
Cetaphobia - තල්මසුන්ට ඇති බිය
Chaetophobia - හිසකෙස් වලට ඇති බිය
Chemophobia - රසායන ද්‍රව්‍ය හෝ රසායන විද්‍යාවට ඇති බිය (Approved 🤝)
Cherophobia - සතුටට ඇති බිය
Chiraptophobia - ස්පර්ශයන්ට ලක්වීමට ඇති බිය
Chirophobia - අත් වලට ඇති බිය
Chiroptophobia - වවුලන්ට ඇති බිය
Cholerophobia - කෝපයට ඇති බිය හෝ කොළරාවට ඇති බිය
Chorophobia - නර්තනයට ඇති බිය
Chrometophobia - මුදල් වලට ඇති බිය
Chromophobia - වර්ණයන්ට ඇති බිය
Cibophobia - ආහාර වලට ඇති බිය
Chloephobia - පුවත්පත් වලට ඇති බිය
Cleisiophobia - සංවෘත අවකාශයක (ලිෆ්ට් එකක වගේ) සිරවී සිටීමට ඇති බිය
Climacophobia - කඳු , පඩිපෙලවල් නැගීමට ඇති බිය
Clinophobia - ඇඳන් වලට හෝ ඇඳක නිදාගැනීමට ඇති බිය
Coimetrophobia - සුසාන භූමීන් වලට ඇති බිය
Contreltophobia - ලිංගික අපයෝජනයට ලක්වීමට ඇති බිය
Coprastasophobia - මලබද්ධයට ඇති බිය
Coprophobia - මලපහ කිරීමට ඇති බිය
Cremnophobia - කඳු බෑවුම් වලට ඇති බිය
Cryophobia - අධික සීතල යමකට ඇති බිය
Crystallophobia - වීදුරු හෝ ස්ඵටික ආකාරයේ දේවල් (දියමන්ති) වලට ඇති බිය
Cyclophobia - බයිසිකල් වලට ඇති බිය
#Phobia #Knowledge
@LearnBits
1 305
බහුලව භාවිත වෙන තාක්ෂණික කෙටි යෙදුම් සහ ඒවායින් අදහස් වන දේවල්
UI ➮ User Interface
CCTV ➮ Closed Circuit Television
HS ➮ Hotspot
LCD ➮ Liquid Crystal Display
GPRS ➮ General Packet Radio Service
FIR ➮ First Information Report
GPS ➮ Global Positioning System
GB ➮ Gigabytes
OS ➮ Operating System
IMEI ➮ International Mobile Equipment Identity
PAN ➮ Permanent Account Number
ATM ➮ Automated Teller Machine
ROM ➮ Read Only Memory
LED ➮ Light Emmiting Diode
HDMI ➮ High Definition Multimedia Interface
WWW ➮ World Wide Web
COMPUTER ➮ Common Operated Machine Particulary Used for Technical Education & Research
DVD ➮ Digital Versatile Disk
DP ➮ Display Picture
PDF ➮ Portable Document Format
Wi-Fi ➮ Wireless Fidelity
CD ➮ Compact Disk
SMS ➮ Short Message Service
SIM ➮ Subscriber Identity Mobile
#Tech #Social_Mid
1 305
Tinker toy cat
ලෝකෙ කුඩාම පූසාගෙ නම තමයි මේ "Tinker Toy" කියන්නෙ. සම්පූර්ණයෙන් වැඩුණු මේ පූසගෙ උස 7cmක් සහ දිග 19cm ක් වෙනවා.
ඇමරිකාවේ , Scott Forbes නම් තැනැත්තෙක් විසිනුයි මේ පුංචි පූසාව බලාගන්නෙ සහ මේ පූසගෙ හිමිකරු හැටියට සඳහන් වෙන්නෙ.
Additional - GuinnessWorldRecords
#Knowledge
1 305
සියල්ලටම හේතුව මනසයි. ඔබ හිතන දෙය අනුව , ඔබ පත්වෙන දෙය තීරණය වෙනව.
- ගෞතම බුදුරජාණන් වහන්සේ
#Sayings
1 305
ක්‍රිකට් තරඟයකදී , පන්දු යවන්නන් විසින් බෝලය නිතරම අතුල්ලන්නෙ ඇයි?
ඔයා ක්‍රිකට් මැච් බලන කෙනෙක් නං ඔයා දැකල ඇති තරඟය අතරතුරේ , පන්දු රකින පිළේ ක්‍රීඩකයන් විසින් බෝලය ඔවුන්ගෙ කලිසමේ සහ අතින් ගොඩක් වෙලා පිරිමදිනව.
ඔයා හොඳට බැලුව නං ඔයා දැකල ඇති , ඔවුන් නිතරම පිරිමදින්නෙ බෝලයේ එක පැත්තක් විතරක් බව. කීප දෙනෙක් වරින් වර බෝලය පිරිමැදීම හෝ ඇතිල්ලීම සිදු කලත් , ඔවුන් නිතරම එක පැත්තක් විතරයි පිරිමදින්නෙ.
බෝලයක් මේ විදිහට එකපැත්තක් නිතරම පිරිමදිනකොට , බෝලෙ ඒ පැත්ත සුමට වීමක් සිදු වෙනව. එහෙමත් නැත්තං ඔප වැටෙනව.
ඒත් බෝලයේ අනෙත් පැත්ත එන්න එන්නම රළු වෙනව හෝ , සුමට වීමක් වෙන්නෑ.
මෙන්න මේ වෙනස ඇති කරගන්න තමයි ක්‍රීඩකයන් නිතරම බෝලයේ එක පැත්තක් පිරිමැදීම සිදු කරන්නෙ.
මේ ඇතිවෙන වෙනස නිසා වේගපන්දු යවන්නෙක් , අධික වේගෙන් බෝලය පිතිකරුවට යොමු කරනකොට , බෝලයේ දිශාවට ප්‍රතිවිරුද්ධව එල්ල වෙන වායු කඳ නිසා පීඩන වෙනසක් ඇති වෙනවා.
ඒ කියන්නෙ රළු පැත්තට වැඩි පීඩනේකුත් , සුමට පැත්තට අඩු පීඩනේකුත් නිර්මාණය වෙනව. මෙන්න මේ අවස්ථාවෙදි , ඒ පීඩන වෙනස නිසා ඇති වන බලයේ බලපෑමෙන් , බෝලය කෙලින්ම ගමන් කරන්නැතුව , වාතය තුළදීම ගමන් මාර්ගය එක දිශාවකට නැවෙනව.
අපි ඒකට කියනව Swing වෙනව කියල. වාතය තුළ බෝලය දෝලනය කරන්න තමයි , ක්‍රීඩකයන් මේ විදිහට බෝලය පිරිමැදල , එක පැත්තක් සුමට කරන්නෙ.
#Knowledge
1 305
ඔවුන්ට ඔයා කෙරෙහි ඇතිව තිබූ උනන්දුව නැති වුන බවට ඇඟවෙන සංඥා කිහිපයක්
ඔවුන් තවදුරටත් ඔයාට කෙටි පණිවිඩ හෝ ඇමතුම් ලබාගන්නෑ. හැමතිස්සෙම ඔයයි , ඔවුන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නෙ.
ඔවුන් ඔයා එක්ක කතා කරන දේවල් වල පරාසය එන්න එන්නම අඩු වෙනවා. ඔවුන් නිතරම "සමාවෙන්න , මම පස්සෙ ගන්නම් ඔයාට , මම වැඩක ඉන්නෙ" ආදී දේවල් කියමින් ඔයා එක්ක කතා කරන එක මගහරිනව.
(ඔවුන් ඔන්ලයින් හිටියත් ඔයා එක්ක කතාවක් බහක් නැතුව ඉන්නවා)
ඔයාගෙ මැසේජ් වලට රිප්ලයි කරන්න ගත වෙන කාලය වැඩි වෙනවා. එයාලගෙ රිප්ලයි එක වචනෙට දෙකට සීමා වෙනවා.
ඔවුන් ඔයාට විවිධ බොරු කියන්න පටන් ගන්නවා. ඔයාගෙන් ඇතැම් දේවල් සඟවන්න උත්සාහ කරනව.
ඔවුන් ඔවුන්ගේ ප්‍රමුඛතාවන් වෙනස් කරනවා. මිනිස්සු තමන්ගෙ ප්‍රමුඛතාවන් කාලයත් එක්ක වෙනස් කරන්නෙ , ඔවුනුත් ඇතුලාන්තයෙන් වෙනස් වෙන නිසා බව මතක තියාගන්න.
ඔවුන් කලින් මෙන් හැසිරෙන්නෑ. ඔයාට අගරු කරමින් කතා කරනවා. බැණ වදිනවා. නිතරම ඔයා එක්ක කේන්ති ගන්නවා.
මේ කරුණුත් එක්කම පහත දේවලුත් සිහියේ තියාගන්න.
මිනිස්සු සමහර වෙලාවට ගොඩක් නරක කාලයන් ගෙවනවා. ඒ වගේ කාලෙක , ඔවුන් මානසිකව වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ කාලෙකත් , උඩ කිව්ව දේවල් ඔවුන් කරාවි.
නමුත් දිගින් දිගටම ඒ වගේ දේවල් කරනව නං , ඔවුන් සමග ඔයාට තියෙන සම්බන්ධතාව ගැන ආපහු හිතල බලන්න. එයාල එක්ක සෘජුවම ඒ ගැන කතා කරල තීරණයක් ගන්න.
#Relationship_Tips
1 305
පිළිතුර බලාගන්න තාමත් ඒ සම්බන්ධ ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නව නං.
https://t.me/LearnBitsF/221/609
1 305
ඔයාට බෑ අනිත් අයව පාලනය කරන්න...
ඔයාට බෑ එයාලව වෙනස් කරන්න...
ඔයාට බෑ කාවවත් නිවැරදි කරන්න...
ගොඩක් මිනිස්සු , අවවාද පිළිගන්නවට වඩා කැමතී කෙනෙක්ව අනුගමනය කරන්න. එයාල ආස එයාලට උපදෙස් දෙන අයට නෙවෙයි. එයාල ආස වෙන කෙනෙක් දිහා බලන් , ඔවුන්ව අනුගමනය කරන්න.
ඔයාට ලෝකය වෙනස් කරන්න ඕනෙ නං , ඔයාට සිද්ද වෙනව ඔයාටම කියල අනුගාමිකයන් පිරිසක් නිර්මාණය කරගන්න.
අන්න ඒකට... ඔයා ඉහළම තැනකට යන්න ඕනෙ හැමෝටම පේන්න.
ඔයාට පුලුවන් ඔයාව පාලනය කරන්න...
ඔයාට පුලුවන් ඔයාව වෙනස් කරන්න...
ඔයාට පුලුවන් ඔයාවම නිවැරදි කරගන්න...
ඔයාගෙ ශ්‍රේෂ්ඨත්වය වැළඳගන්න. අනිත් අයව වෙනස් කරනව වෙනුවට ඔයා ගැන අවධානය යොමු කරන්න. කාලයත් එක්ක අනුවර්තනය වෙන්න. දියුණු වෙන්න.
ඔයාගෙ හොඳම වර්ශන් එක දක්වා වැඩිදියුණු වෙන්න...
අන්න එදාට... මිනිස්සු ඔයා නිසා වෙනස් වේවි... ඔයාට ඇහුම්කන් දේවී... ඔයාව පිළිගනීවි...
ඔයාව අනුගමනය කරාවි...
#Life_Tips
1 305
1 305
දවසක් එක්තරා මහළු පුද්ගලයෙක් දුරකථන අලුත්වැඩියා කරන තැනකට ගිහින් , එතන හිටපු තරුණ කාර්මිකයෙක්ට කතා කලා.
"පුතා... මගේ ෆෝන් එකේ මොකක්දෝ අවුලක් තියෙනවා... මේක පොඩ්ඩක් බලනවද?"
එම තරුණ කාර්මිකයාත් බොහොම කරුණාවෙන් , මේ වයසක පුද්ගලයට කතා කලා.
"දෙන්න මාමෙ. මම බලන්නම්.."
මහල්ලා ලහි ලහියේ , ඔහුගේ බෑගයේ දමාගෙන ඇවිත් තිබූ ජංගම දුරකථන ගෙන , මේ තරුණ කාර්මිකයා අත තිබ්බා.
තරුණ කාර්මිකයා කොච්චර සැලකිල්ලෙන් පරීක්ශා කලත් , ඒ ජංගම දුරකථනයේ කිසිම ගැටලුවක් තිබෙන බවට හොයාගන්න බැරි උනා.
"මාමෙ... මේ ෆෝන් එකේ නං කිසිම ප්‍රශ්නයක් නෑ... මාමට ඇයි හිතුනෙ මේකෙ ප්‍රශ්නයක් තියෙනව කියල..?"
මහළු පුද්ගලයා නැවතත් කතා කළේ , දෙනෙතෙන් රූටා වැටුණු කඳුලු බිඳුවකුත් සමගිනි...
"එහෙනං ඇයි පුතේ මට මගෙ දරුවන්ගෙන් කවදාවත් ඇමතුමක් එන්නැත්තෙ...?"
_
වර්තමානයේ රටේ ලෝකෙ ඇහෙන පොදු දේක අරටුවක් මේ පුංචි කතාවක් ඇතුලට දැම්මෙ.
සමාජ නවීකරණයකට ඉඩ දෙන්න. නමුත් දෙමාපිය ආදරය අත් නොහරින්න... එය සදාකාලිකයි... එය ස්ථිරයි... එය පවිත්‍රයි... එය සැබෑ ආදරයයි...
#Story
1 305
ඇමරිකානු සොල්දාදුවන් විසින් , අශ්ව හිසක් ආකාරයේ රූපයක් නිරූපණය කිරීමට සිටගෙන සිටින ආකාරය.
ඒ පළමු ලෝක යුද්ධය නිසා දිවි අහිමි වුනු , මිලියන අටක් පමණ වූ අශ්වන් , බූරුවන් සහ කොටලුවන්ට උපහාර දැක්වීමටයි.
#History
