ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97
-4230
帖子存档
ලෝක ප්‍රසිද්ධ , Elon Musk (ඊලෝන් මස්ක්) ඇනිමෙ (Anime) රසිකයෙක් බව ඔයා දැන හිටියද? Elon Musk ඔහුගේ නිල ට්විටර් ගිණුම හරහා පළ ක
ලෝක ප්‍රසිද්ධ , Elon Musk (ඊලෝන් මස්ක්) ඇනිමෙ (Anime) රසිකයෙක් බව ඔයා දැන හිටියද? Elon Musk ඔහුගේ නිල ට්විටර් ගිණුම හරහා පළ කෙරුන tweet එකක් මගින් , ඔහුගේ කැමතිම anime කතාමාලාවක් කිහිපයක් සඳහන් කලා. Death Note , Fullmetal Alchemist , Ghost In The Shell සහ Your Name කියන්නෙ ඔහු සඳහන් කරපු ඇනිමෙ කතා වලින් කීපයක්. ලෝක පුරා සිටින ඇනිමෙ රසිකයන් , Elon Musk ගෙ ඇනිමෙ රසය පිළිබඳ කතා වෙනව වගේම , තවත් පිරිසක් කතා උනේ වෙනම දෙයක් ගැන. ඒ තමයි , ලෝකයේ ඉහළම තලයේ ආයතන 6ක හිමිකරු වන Elon , ඒ වැඩත් කරන ගමන් , දවසම twitter එකේ tweets පළ කරන ගමන් කොහොමද anime series බලන්න වෙලාවක් හොයාගන්නෙ කියන එක. #Social_Mid

ප්ලූටෝ ග්‍රහයාගේ පෘෂ්ඨය මත විශාල හදවතක හැඩැති 'සාගරයක්' තියෙනවා. විද්‍යාඥයන් කියන විදිහට මේ මුහුද පිරිල තියෙන්නෙ විශ වායු , ද
ප්ලූටෝ ග්‍රහයාගේ පෘෂ්ඨය මත විශාල හදවතක හැඩැති 'සාගරයක්' තියෙනවා. විද්‍යාඥයන් කියන විදිහට මේ මුහුද පිරිල තියෙන්නෙ විශ වායු , ද්‍රව්‍ය වලින් සමන්විත අයිස් වලිනුයි... #Astronomy

https://www.brain-testing.org/iq-test IQ Test එකක්. වෙලාවක් තියෙනව නං කරල බලන්න. (ගොඩක්ම සීරියස් ගන්න එපා😅. පොඩ්ඩක් ratings හොඳයි මේකෙ.) #Fun

ඔයා , ඔයාටම නැවත නැවතත් කියමින් මතක් කරගන්න... 🪽 මට මාව වැදගත් 🪽 මම මට ආදරෙයි 🪽 මම ඉහළ තැනකට යන්න සුදුසු කෙනෙක් 🪽 මට ලොකු වටිනාකමක් තියෙනව 🪽 මට විශිෂ්ඨ අරමුණක් තියෙනව 🪽 මම සතුටින් ඉන්න සුදුසු කෙනෙක් 🪽 මම බුද්ධිමත් 🪽 මම දිනෙන් දින මානසිකව වගේම කායිකව වැඩෙනව 🪽 මම සුවපත් වෙනවා 🪽 මම දියුණු වෙනවා 🪽 මම ඉගෙන ගන්නවා අන්න ඒ නිසා මම මං වෙනුවෙන් ලස්සන ජීවිතයක් හදාගන්නවා... #Life_Tips

#Writers යටතේ පළ වෙන ලිපි/පෝස්ට් ඔක්කොම එක පේජ් එකකට ගත්තා. චැනල් එකේ හොයාගන්න අමාරු නම් , පේජ් එකෙන් ගන්න. https://t.me/DrgNo_S/12

එක දවසක් ඒවි ඔයා ඔයාටම කියාගන්න , "මම ඒක කලා... මම මං ගැන ආඩම්බර වෙනව" කියන. දින ගණනාවක් , සති ගණනාවක් , මාස ගණනාවක් , අවුරුදු ගණනාවක් වැඩ කිරීමෙන් පස්සෙ , ඔයා ඔයාටම ස්තූති කරගනීවි එදාට. ඔයාට ඇඳටම වෙලා , ෆෝන් එක ඔබ ඔබ ඉන්න හිතුනත් , ඔයා ඔයාටම නීති පනවගෙන වැඩ කරපු එකට කෘතඥ වේවි ඔයා.... කණ්නාඩියෙන් ඔයාව දකිනකොට , "මේ ඉන්නෙ පට්ට පොරක්" කියල කියාගනිවි එදාට... ඒ දවස අද නොවෙන්න පුලුවන්. ඒත් ඒ දවස ඉක්මනටම පැමිණේවි... ඒ දවස වේගෙන් පැමිණේවි... ඒ වෙනුවෙන් වැඩ කරන්න... දිගටම යන්න... දිගටම යන්න...! #Life_Tips

"බය" ඔස්සේ චිත්තවේග පාලනය බය කියන්නෙ වෙනත් කෙනෙක්ව හසුරවන්න පුලුවන් අපූරු මෙවලමක්. ඔයා කෙනෙක්ව ප්‍රමාණවත් ලෙස බය ගන්නල , ඒ කෙ
"බය" ඔස්සේ චිත්තවේග පාලනය බය කියන්නෙ වෙනත් කෙනෙක්ව හසුරවන්න පුලුවන් අපූරු මෙවලමක්. ඔයා කෙනෙක්ව ප්‍රමාණවත් ලෙස බය ගන්නල , ඒ කෙනාව ඔයාට අවශ්‍ය ඕනෙම දෙයක් කරන්න පොළඹවගන්න පුලුවන්. එහෙමත් නැත්තං , කෙනෙක්ව සුදුසු සීමාවකට බය ගන්නල , ඔහු /ඇය සියලුම වැඩ අත්හැර දමන තත්වයකට පත් කරන්න පුලුවන්. ශිෂ්ඨාචාරයන් ආරම්භයේ ඉඳන්ම පැවතගෙන එන විවිධ ආගම් මේකට හොඳම උදාහරණයක්. උදාහරණයකට බුදු දහමේ සඳහන් වෙනවා පස් පවින් වැළකී සිටින්න කියල. ඒ දේවල් සිදු කළොත් කල්ප ගාණක් නිරයේ දුක්විඳින්න වෙනව කියලත් සඳහන් වෙනව. සමහරුන්ට ඒ වගේ දේවල් විකාර වගේ පෙනුනත් සමහරුන්ට ඒ දේවල් ලොකු මානසික තර්ජනයන්. ඒ නිසා නිරයට සහ දුක් විඳීමට තියෙන බය නිසා මිනිසුන් පස් පවින් වැළකී ඉන්න උත්සාහ කරනව. ගොඩක් ආගම් වල , නීති පද්ධති වල "බය" කියන දේ චිත්තවේග පාලනයට යොදාගෙන , ඒ ඔස්සේ මිනිසුන්ව යහමගට ගන්න උත්සාහ කළත් , "බය" කියන්නෙ භයානක මෙවලමක් බව සිහියෙ තියාගන්න... #Psycho_Facts 😨 @LearnBits

විශිෂ්ටත්වය කියන්නෙ කිසිම වෙලාවකත් අහම්බෙන් ලැබුණු දෙයක් නෙවෙයි. ඒක උසස් චේතනාවන්ගේ , බුද්ධිමත් ක්‍රියාවල සහ අවංක උත්සාහයන්ගේ ප්‍රතිඵලයක්. - ඇරිස්ටෝටල් #Saying 📖 @LearnBits

විශ්වයේ ජීවය පැවතිය හැකි යැයි උපකල්පනය කරන මුළු ග්‍රහලෝක සංඛ්‍යාව, අප පෘථිවියේ සියළුම මුහුදු තීරයන් වල ඇති වැලි කැට ගණනටත් වඩ
විශ්වයේ ජීවය පැවතිය හැකි යැයි උපකල්පනය කරන මුළු ග්‍රහලෝක සංඛ්‍යාව, අප පෘථිවියේ සියළුම මුහුදු තීරයන් වල ඇති වැලි කැට ගණනටත් වඩා වැඩිය. එබැවින් විශ්වයේ ජීවය පැවතිය හැකි ග්‍රහලෝක ගණනෙන් අවම වශයෙන් ග්‍රහලෝක දහසකවත් ආසන්න වශයෙන් මානවයින් බඳු ජිවීන් ජීවත් විය හැකිය. සමහර ජීව විද්‍යාඥයින් තර්ක කරනුයේ, පෘථිවියේ පවතින භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක සාධකම පවතින යම් කිසි ග්‍රහලෝකයක් විශ්වයේ වේ නම්, එහි බොහෝ දුරට අප පෘථිවියේ දක්නට ලැබෙන ජිවීන්ට බොහෝ සමාන ජිවීන් පැවතිය හැකි බවයි. සරලවම පැවසුවහොත් ආසන්න වශයෙන් පෘථිවියේ අරය, භ්‍රමණ ආවර්ත කාලය, වායුගෝලීය පීඩනය, වායුගෝලීය සංයුතිය, ප්‍රධාන මූලද්‍රව්‍ය හා රසායනික සංයෝග වල සංයුතිය, මව් තාරකාවේ සිට ඇති දුර, භූගෝලීය සාධක හා තවත් කාරණා ගණනාවක් පෙර කී සාධක වලට අයත් වේ. කෙසේ නමුත් විශ්වයේ විශාලත්වය හා සෑසදීමේදි හා, අපට සන්නිවේදනය කළ හැකි උපරිම වේගය ආලෝකයේ වේගයට සීමා වීම හේතුවෙන් මෙවැනි ජීවයන් සත්‍ය වශයෙන්ම අපට සොයා ගත හැකි වේද යන්න දැඩි උභතෝකෝටික ගැටළුවකි. - පදාර්ථ Image Credits - Melodysheep #Knowledge 👽 @LearnBits

🪴 I'm (I am) I'm කියන වචනය අපි යොදාගන්නෙ , වෙනත් වචන සමග ඒකාබද්ධව , තමන් ගැන යමක් ප්‍රකාශ කරන්න. හෝ තමන් කරමින් සිටින දෙයක් ගැන පවසන්නයි. 🌱 Examples "I'm so tired." "I'm confused." "I'm happy." "I'm twenty three years old." "I'm hungry." "I'm nervous." "I'm excited." "I'm leaving work." "I'm thirsty." ඒ වගේම I'm පදය එක්ක අපිට තවත් සවිස්තරාත්මක වචන යොදන්න පුලුවන්. (Super , very , extremely වැනි) "I'm extremely tired." "I'm very happy." "I'm terribly hungry." "I am super excited." #English 🪸 @LearnBits

බල්ලන් තම අයිතිකරුවා ගැන සිතන විදිහ "මේ කෙනා මාව නාවනවා" "මේ කෙනා මට කන්න දෙනවා" "මේ කෙනා මට ආදරේ දෙනවා" "මේ කෙනා මාත් එක්ක සෙල්ලම් කරනවා" "මේ කෙනා මාව පරිස්සමින් බලාගන්නවා" "මේ කෙනා මගෙ ලොක්කා වෙන්න ඕනෙ..." පූසන් තම අයිතිකරුවා ගැන සිතන විදිහ "මේ කෙනා මාව නාවනවා" "මේ කෙනා මට කන්න දෙනවා" "මේ කෙනා මට ආදරේ දෙනවා" "මේ කෙනා මාත් එක්ක සෙල්ලම් කරනවා" "මේ කෙනා මාව පරිස්සමින් බලාගන්නවා" "මේ කෙනා මගෙ සේවකයෙක් වෙන්න ඕනෙ..." #Fun 🐈 @LearnBits

Headlight ක්‍රමය අනුගමනය කරන්න රචකයන් , තමන්ගෙ රචනයන් විවිධ ක්‍රම වලට කරනව. ඒ යටතට අයත් වෙන එක ක්‍රමයක් තමයි HeadLight Writing ක්‍රමය කියන්නෙ. අපි අඳුරු මීදුමෙන් වැහුණු පාරක කාර් එකක යනව කියල හිතන්න. අපිට පේන්නෙ කාර් එකේ හෙඩ්ලයිට් වදින දුරක් විතරයි. අපි දන්නෑ ඉදිරියෙන් මොනව තියෙනවද කියල... හෙඩ්ලයිට් ක්‍රමය කියන්නෙ "ඊළඟට වෙන්නෙ මොකක්ද" කියන එක ගැන සැලසුමක් හදන්නැතුව රචනයේ යෙදෙන එකයි. සාමාන්‍යෙන් ගොඩක් රචකයො නවකතා ලියනකොට එහෙම , කතාවෙ මුල ඉඳන් අගටම දළ සැලැස්මක් හදාගෙන ඉන්නව. ඒ වගේම කතාවේ ඒ ඒ සිදුවීම් වල ආරම්භයන් , අවසානයන් වලට පවා සැලැස්මක් හදනව. හෙඩ්ලයිට් ක්‍රමයේදී අපි ඒ ඒ සිදුවීම් අනුපිළිවෙලට සැලසුම් හදන්නෑ. හෙඩ්ලයිට් ක්‍රමයේදී , අපි කතාවෙ දළ අදහසට අනුව කතාව ලියාගෙන යනව. ඔන්න අපිට යම්කිසි සිදුවීමක් ලියන්න හම්බෙනව. අපි ඊළඟ සිදුවීම ගැන හිතන්නෙවත් නැතුව , වර්තමාන සිදුවීම අපිට ඕනෙ විදිහට ලියනව. ඊටපස්සෙ කල්පනා කරල බලනව "ඊළඟට වෙන්නෙ මොකක්ද" කියල. කොටින්ම , අපි ගොඩාක් දුර හිතන්නෑ. අපි ඉන්න සීමාව ගැන විතරයි අපි හිතන්නෙ. අපි ඒ සීමාව තුළ උපරිමයෙන්ම හොඳට ලියනව. ඒ සීමාව පහු උනාට පස්සෙන් , ඉදිරිය ගැන හිතන්නෙ. සමහරු කතාව ලියාගෙන යනකොට , කොටස් 10ක් විතර ලිව්වට පස්සෙ කතාවෙ තව ලියන්න දෙයක් නැති වෙනව. ඒ එයාල කතා ආකෘතියට අනුව , ඒ ඒ සිදුවීමත් කලින්ම හිතාගෙන ලියන නිසා. එතකොට එයාල හිතාගෙන හිටපු සිදුවීම් කීපය ලියල ඉවර උනාට පස්සෙ කතාවෙ තව ලියන්න මුකුත් ඉතුරු වෙලා නෑ. හෙඩ්ලයිට් ක්‍රමයෙන් අපිට අසීමාන්තික සිදුවීම් ප්‍රමාණයක් ලැබෙනව. මොකද අපි ඉස්සරහට වෙන සිදුවීම් කලින්ම හිතාගෙන නෙවෙයි ලියන්නෙ. අපි එක සිදුවීමකට පස්සෙයි ඊළඟ සිදුවීමට යන්නෙ. අන්න ඒකෙන් අපිට එකිනෙකට වෙනස් සිදුවීම් සහ ප්‍රතිඵල රාශියක් ලැබෙනව. කතාවක් දිගටම ඇදගෙන යන්න ඒක ලොකු උදව්වක් වේවි. ඔයා දැන් ලියන ක්‍රමය ඔයාට සෙට් නැත්තං , මේ උඩ කියපු හෙඩ්ලයිට් ක්‍රමය උත්සාහ කරල බලන්න. වෙනසක් තියේවි. #Writing @LearnBits

Bluetooth හොයාගත්තෙ කවුද? ඒක වැඩ කරන්නෙ කොහොමද? බ්ලූටූත් කියන්නෙ කෙටිදුර , රැහැන් රහිත දත්ත හුවමාරු ක්‍රමයක්. රේඩියෝ තරංග ආධා
Bluetooth හොයාගත්තෙ කවුද? ඒක වැඩ කරන්නෙ කොහොමද? බ්ලූටූත් කියන්නෙ කෙටිදුර , රැහැන් රහිත දත්ත හුවමාරු ක්‍රමයක්. රේඩියෝ තරංග ආධාරයෙන් , ඉලෙක්ට්‍රොනික උපාංග දෙකක් අතර සන්නිවේදනයක් ඇති කරන එක තමයි bluetooth වල මූලික ක්‍රියාවලිය. බ්ලූටූත් වලට භාවිත වෙන්නෙ රේඩියෝ තරංග පරාසය තුළ තියෙන 2.4GHz වැනි අගයක්. ඒ නිසා බ්ලූටූත් ඔස්සේ සැලකිය යුතු දුරකට සහ , ගුණාත්මකව හා නිවැරදිව දත්ත හුවමාරු කරන්න හැකියාවක් තියෙනව. බ්ලූටූත් සංකල්පය හොයාගන්නෙ ස්වීඩන් ජංගම දුරකථන මාදිලියක් වන Ericsson ආයතනයේ , ඉංජිනේරුවෙක් වෙච්ච Dr. Jaap Haartsen විසිනුයි. ඒ 1990 වසරේ පමණ. 1998 දී Bluetooth Special Interest Group ලෙස හඳුන්වපු සංවිධානයක් පිහිටුවල තියෙනව. ඒ බ්ලූටූත් තාක්ෂණය වැඩිදියුණු කරන්න සහ ප්‍රචාරණය කරන්න. මේ කණ්ඩායම විසින් 1999 දී Bluetooth 1.0 කියල හඳුන්වන බ්ලූටූත් මාදිලිය නිකුත් කරල , ඊට වසරකට පස්සෙ , bluetooth 1.0 තාක්ෂණය ජංගම දුරකථන වලට සහ ලැප්ටොප් ආදී යන්ත්‍ර වලට එක් කරල තියෙනව. ඉන් ආරම්භ උන bluetooth සංග්‍රාමය වර්තමානයේ බොහෝ යන්ත්‍ර සූත්‍ර වල අනිවාර්‍ය අංගයක් වෙලා තියෙන බව අපිට දැකගන්න පුලුවන්. #Knowledge @LearnBits

LearnBits හි post share කිරීමේදී සැලකිලිමත් වෙන්න. https://t.me/LearnBits/601 (අලුත් කලා) #Notice

අඟහරු ග්‍රහයා මතදී , හිරු බැස යාම දිස්වෙන්නේ නිල් පැහැයෙනුයි. Additional - IFLScience #Astronomy @LearnBits
අඟහරු ග්‍රහයා මතදී , හිරු බැස යාම දිස්වෙන්නේ නිල් පැහැයෙනුයි. Additional - IFLScience #Astronomy @LearnBits

"කිසිවෙකුටවත් අපව ගලවාගත නොහැක. එය අප විසින්ම කළ යුතුය. කිසිවෙක්ටවත් එය කළ නොහැකි වන අතර , කිසිවෙකුත් එක නොකරනු ඇත. අප විසින්ම නිවැරදි මග ගමන් කළ යුතුය." - ගෞතම බුදුරජාණන් වහන්සේ #Saying @LearnBits

සිංගප්පූරුවේ , අවසරයකින් තොරව වෙනත් කෙනෙකුගේ Wifi එකකට සම්බන්ධ වීම , වසර තුනක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි. Law - Comput
සිංගප්පූරුවේ , අවසරයකින් තොරව වෙනත් කෙනෙකුගේ Wifi එකකට සම්බන්ධ වීම , වසර තුනක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි. Law - Computer Misuse and Cybersecurity Act / section 6(1)(a) #Facts @LearnBits

කුම්මාකිවි (kummakivi) කියන්නෙ ෆින්ලන්තයේ පිහිටල තියෙන විශාල සමතුලිත ගලක්. මීටර් 7ක් දිග මේ විශාල පාෂාණය , තවත් උත්තල හැඩයේ ප
කුම්මාකිවි (kummakivi) කියන්නෙ ෆින්ලන්තයේ පිහිටල තියෙන විශාල සමතුලිත ගලක්. මීටර් 7ක් දිග මේ විශාල පාෂාණය , තවත් උත්තල හැඩයේ පාෂාණයක් මතයි මේ විදිහට සමතුලිතව තියෙන්නෙ. සුලු පෘෂ්ඨ වර්ගඵලයක් තුළ සමතුලිතව තිබුනත් , සාමාන්‍ය මිනිස් බලයෙන් මේ ගල චලනය කරන්න බෑ කියලයි සඳහන් වෙන්නෙ. #Sup4Sub #WorldWide @LearnBits

ආදර සම්බන්ධතාවකදි හෝ වෙනත් කිසියම් සම්බන්ධතාවකදී , කිසිම රණ්ඩුවක් නැතුව , විවාද කිරීමක් නැතුව ඉන්න එක ඇත්තටම හොඳ ලක්ශණයක් නෙවෙයි. සමහරුන්ට හිතෙයි ශක්තිමත්ම සම්බන්ධතාවක් තියෙන්නෙ කිසිම රණ්ඩුවක් නැතුව ඉන්න අයට කියල. ඉතාමත් සුලුතරයක් සඳහා ඒ කරුණ සත්‍යක් උනත් , රණ්ඩුවක් , විවාදයක් , මතගැටුමක් නැති සම්බන්ධතාවක ඉන්න පුද්ගලයන් ගොඩක් වෙලාවට අනෙකා ගැන සැලකිල්ලක් දැක්වීමක් කරන්නෑ. සම්බන්ධතාවකදි , අපි එකිනෙකාව වඩාත් අවබෝධ කරගන්නෙ සහ වැඩිදියුණු වෙන්නෙ ඒ ඇතිවන ගැටළු වලිනුයි. සම්බන්ධතාවක් පවත්වන මිනිසුන් කාලයත් එක්ක අනුවර්තන වෙන්නෙ , ඒ වගේ විවාදයන් වලදී හුවමාරු කරගන්නා අදහස් වලින්. නමුත් දෛනිකව ගැටළු හටගන්නව නං , වහාම උපදෙස් ගත යුතු මූලාශ්‍රයකින් , අදාළ උපදෙස් ලබාගන්න වගබලාගන්න. Additional - joyful couple (int) #Relationship_Tips @LearnBits

ඔයා හිතන විදිහ අනුව , ඔයාට සාර්ථක වීමට ඇති අවස්ථාවන් 0% - මම කරන්නෑ 10% - මට බැහැ 20% - මම දන්නෑ 30% - මට ඒක කරන්න පුලුවන් උනා නං කියල හිතෙනව 40% - මට ඒක කරන්න ඕනෙ 50% - මම හිතන්නෙ මම ඒක කරාවි 60% - මම ඒක කරාවි 70% - මම හිතන්නෙ මට ඒක පුලුවන් 80% - මට පුලුවන් 90% - මම ඒක කරනව 100% - මම ඒක කරන ගමන් ඉන්නෙ ඔයාට ලොකු හීනයක් නැත්තං... ඔයා දවසක ඒ වගේ ලොකු හීනයක් තිබුනු කෙනෙක් යටතේ වැඩ කරාවි කියන කාරණය මතක තියාගන්න... #Life_Tips @LearnBits