1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
1 305
අද ගොඩක් අය අවුරුදු තරඟ තියන නිසා මමත් හිතුව එහෙම තියන්න පුලුවන් තරඟයක් ගැන.
තරඟයේ නම :
සැඟවුන ලින්ක් එක සෙවීම
නමින් කියවෙනව වගේම ඔයාලට කරන්න තියෙන්නෙ පහළ තියෙන Imoji වලින් ලින්ක් එකක් අඩංගු වෙන ඉමෝජිය තෝරන එකයි. ලින්ක් එක ඔබපු ගමන් , ඔයාව යොමු වෙන chat එකට මොකක් හරි මැසේජ් එකක් දාන්න. ඒ විදිහට මුලින්ම මැසේජ් එක දාන කෙනා දිනුම්.
(මේක තරඟයක් නෙවෙයි. තරඟයක් සඳහා අදහසක් විතරයි)
පහළ imoji වලින් ලින්ක් එක හොයන්න.
🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊
මේ වැඩේ මීට කලින් කවුරු හරි කරල තියෙනවද කියල දන්නෑ. ඒත් චැනල් වල කරන්න හොඳ තරඟයක් වේවි...
#Suggestion
1 305
ගෘහස්ත විදුලි භාවිතය අවම කරගන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
1. අනවශ්‍ය විදුලි පහන් , විදුලි උපකරණ ක්‍රියාවිරහිත කරන්න.
2. විදුලිය ඉතිරිකර දෙන LED බල්බ් භාවිත කරන්න.
3. රෙදි සෝදන යන්ත්‍ර නිතරම ක්‍රියාත්මක කරන්න එපා. එක සේදුම් වාරයකට උපරිම ඇඳුම් ප්‍රමාණයක් ඇතුල් කරන්න. (දරාගත හැකි)
4. ශීතකරණය නිතරම විවෘත කරන්න එපා. අවශ්‍ය ආහාර පාන එකවරම ශීතකරණයෙන් එලියට ගන්න. (එක එක ආහාරය ගැනීමට වරින් වර දොර විවෘත නොකරන්න)
5. ශීතකරණය හොඳින් වැසී තිබේදැයි පිළිබඳ සැලකිලිමත් වෙන්න. යම් කාන්දුවක් ඇතොත් වහාම අලුත්වැඩියාවකට යොමු වෙන්න.
6. අධික උණුසුම් ආහාර ශීතකරණයට ඇතුල් කිරීමෙන් වළකින්න. (නිවුන පසු ඇතුල් කරන්න)
7. ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න. වතුර මෝටරය හැකි තරම් අඩු සංඛ්‍යාතයකින් ක්‍රියාත්මක කරන්න.
8. නිවසේ කුමන හෝ තැනක විදුලි කාන්දුවක් ඇත්දැයි සොයාබලා ඒවා පිළිසකර කරගන්න.
9. ස්වභාවික ආලෝකය හැකිතරම් භාවිත කරන්න. (දවල්ට ලයිට් දාන්නැතුව ඉන්න බලන්න)
10. ඇඳුම් මදින විට , එකවර ඇඳුම් සියල්ලම මැදගන්න.
#Life_Hacks
1 305
වැහි බිංදු පොළවට හෝ යම් පෘෂ්ඨයක් මතට පතිත වීමේදී ඇතිවන ශබ්දය , සුනඛන්ට අහිතකර ලෙස බලපානව.
ඒ ශබ්දය නිසා සුනඛයන් කලබලයට පත් වෙනව වගේම , ඔවුන්ගෙ කණේ වේදනාවන් පවා හටගන්නවා.
#Facts
1 305
Story Idea එකක් හදාගන්නෙ කොහොමද?
කතාවකට අවශ්‍ය කරන elements සොයාගැනීම... සහ ඒ ඔස්සේ කතාවක් ගොඩනැගීම....
#Writer
1 305
සතුට සම්බන්ධ කරුණු කීපයක් 😄
🦄 භෞතික වස්තූන් වෙනුවෙන් මුදල් වියදම් කරන අයට වඩා , අත්දැකීම් ලබාගැනීම වෙනුවෙන් මුදල් වියදම් කරන අය වඩාත් සතුටින් ජීවත් වෙනව.
🦄 බෙදාගත් විට ගුණනය වන එකම දේ සතුටයි.
🦄 ආයාසයෙන් මුහුණට සිනාවක් නගා ගැනීම තුළින් ඔයාට ක්ශණික සහනයක් දැනෙන්න පුලුවන්.
🦄 අපේ සතුටට ගොඩක්ම බලපාන්නෙ , බාහිර දේවල් වලට වඩා , අපේ හිතේ ඇතිවන සිතුවිලියි.
🦄 අනික් අයව නිතරම සතුටින් තියන්න උත්සාහ කරන සමහර මිනිස්සු , අවසානයේදී තනිකම වැළඳගන්නවා.
#Psycho_Facts
1 305
විද්‍යාවේ ප්‍රධාන සංකල්ප හතර මොනවද?
විද්‍යාඥයන් විද්‍යාව තුළ අඩංගු කරුණු බෙදා වෙන් කරන්න පුලුවන් , ගොණු හතරක් ගැන සඳහන් කරනව. ඒ තමයි ,
1. Facts (සත්‍ය කරුණු)
2. Hypotheses (උපකල්පන)
3. Laws (නීති)
4. Theories (න්‍යායන්)
Facts කියන්නෙ දැනටමත් සත්‍ය ලෙසම හොයාගෙන / හඳුනාගෙන ඇති සුලු කරුණුයි.
නීති කියන්නෙ ගොඩක් වෙලාවට ගණිතමය ප්‍රකාශයන් විදිහට සකස් කරල තියෙන , විවිධ කරුණු සහ සාක්ශි මත පදනම්ව ස්වභාවික ලෝකයේ වස්තු , ශක්ති අතර තියෙන සම්බන්ධකම් විස්තර කරන දෙයක්. මේව ගොඩක් වෙලාවට ස්වභාවික නිරීක්ශණයන් හැටියට සැලකෙනව වගේම , ඒ ඒ සංසිද්ධි ගැන ගැඹුරු පැහැදිලි කිරීම් සඳහන් වෙන්නෑ.
උපකල්පන කියන්නෙ යම් සංසිද්ධියක් උදෙසා කරන කල්පිතමය පැහැදිලි කිරීම් වලටයි.
විද්‍යාත්මක න්‍යායන් හැටියට සැලකෙන්නෙ , පුළුල් පරාසයක සංසිද්ධීන් සඳහා අදාල වෙන ගැඹුරු පැහැදිලි කිරීම් වලටයි.
විද්‍යාව කියන්නෙ ගොඩක් නම්‍යශීලි දෙයක්. විද්‍යාවේ ඇතැම් කරුණු වැරදි බව ඔප්පු වෙන්න පුලුවන්. කාලයත් සමග ඒව පරිණාමය වෙන්නත් පුලුවන්.
#Knowledge
1 305
ජිරාෆ්ල නිදාගන්නෙ ඔවුන්ගේම පිටේ පහළ ප්‍රදේශයට හිස තබාගෙනයි. ඒ වගේම ජිරාෆ් කෙනෙක් සාමාන්‍යෙන් රාත්‍රී කාලයේදී , පැය දෙකක් වැනි කෙටි කාලයයි නිදාගන්නෙ.
#Facts
1 305
අවම දක්ශතාවන් අවශ්‍ය වන , ඔයාටත් දියුණු කරගන්න පුලුවන් කුසලතා කීපයක්
🪴 වෙලාවට වැඩ කිරීම
🪴 මුළු ශක්තිය වැඩකට යෙදවීම
🪴 ධනාත්මක වීම
🪴 උද්‍යෝගිමත් වීම
🪴 නිතරම සූදානමින් සිටීම
🪴 සහයෝගය දැක්වීම
🪴 කරුණාවන්ත වීම
🪴 තමන්ගෙ දැනුම බෙදාගැනීම/ඉගැන්වීම
#Life_Tips
1 305
දිවාකාලයේ අධික නිදිමත (excessive daytime sleepiness)
ඒ කියන්නෙ පුද්ගලයෙකුට දිවාකාලයේ දැඩි නිදිමතක් දැනීම සහ ඔහු හෝ ඇය , අවදියෙන් ක්‍රියාකාරීව සිටිය යුතු අවස්ථාවලදිත් නින්දට යාමට පෙළඹීමකටයි.
මේ තත්වය තියෙන කෙනෙක්ට හොඳ රාත්‍රී නින්දක් ලබාගැනීමෙන් පස්සෙ උනත් පහුවදා දවසම නිදිමතක් දැනෙන්න පුලුවන්.
මේ තත්වයට හේතුව , නිදන්ගත රෝගි තත්වයන් හෝ narcolepsy සහ sleep apnea වගේ නින්ද සම්බන්ධ ආබාධයන් වෙන්න පුලුවන්.
#Psycho_Facts
1 305
සෑම මිනිස් ශරීරයකම තියෙනව ස්වභාවික ඔරලෝසුවක්. මේ ඔරලෝසුවෙන් තමයි , පැය 24ක කාලය තුළ අපේ නින්ද සහ අවදිවීම පාලනය කරන්නෙ.
ඒත් සමහර මිනිස්සුන්ට පුලුවන් මේ ශරීරයේ ස්වභාවික ඔරලෝසුව අභිභවා යමින් , තමන්ට අවශ්‍ය වෙලාවට අවදි වෙන්න. ඒ වගේම සමහරු අනවශ්‍ය වෙලාවලටත් ඇහැරෙනව. (මධ්‍යම රාත්‍රියේ).
මේ සංසිද්ධි දෙකටම හේතුව අපේ ශරීරයෙන් ශ්‍රාවය කරන කෝටිසෝල් වගේ ආතති හෝමෝන වල ක්‍රියාකාරීත්වයයි.
#Knowledge
1 305
සැල්දිරි (Celery) ආහාරයට ගැනීම ශරීරයට ගොඩක් හිතකරයි. සැල්දිරි ආහාරයට ගැනීමෙන් රුධිර , සීනි මට්ටම් පාලනය , දේහයේ විෂහරණය , හෘද සෞඛ්‍ය ඉහළ නැංවීම වගේ වාසි රාශියක් අත් කරගන්න පුලුවන්.
#Life_Hacks
1 305
අශ්වයෙක්ට , කොපමණ අශ්වබලයක් (Horse power) නිපදවන්න පුලුවන්ද?
"අශ්වබල" කියන නම දැක්කම නං ඔයාට හිතේවි , එක අශ්වයෙක්ට නිපදවන්න පුලුවන් බලයට , "අශ්වබලය" කියනව කියල.
ඒත් ඇත්තටම 'අශ්වබල 1ක්' කියන්නෙ අශ්වයෙක් විසින් නිපදවන බල ඒකක එකකට නෙවෙයි.
එක අශ්වයෙක්ට පුලුවන් , අශ්වබල 15ක උපරිම බලයක් නිපදවන්න. හැබැයි මිනිසෙක්ට නිපදවන්න පුලුවන් වෙන්නෙ අශ්ව බල එකක් විතරයි.
(ක්‍රීඩකයන්ට අශ්වබල 1.2ක් හා සාමාන්‍ය මිනිසෙක්ට අශ්වබල 0.9ක්)
ඒ නිසා "අශ්වබල" කියන පදය , අශ්වයන්ගෙ බලයට වඩා මිනිස් බලයේ ඒකකයට සමාන වෙනව.
අශ්වබල කියන පදය මුලින්ම භාවිත කරල තියෙන්නෙ ජේම්ස් වොට් විසින්. ඒ ඔහුගේ වාෂ්ප එන්ජින් වල බලය ගැන සංඛ්‍යාත්මක මිනුමක් හැටියටයි.
ජේම්ස් වොට් නිරීක්ශණය කරල තියෙනව වැඩ කරන අශ්වයෙක් , විනාඩි එකකදී , රාත්තල් 33,000ක් අඩියක දුරක් තල්ලු කරන බව.
මෙන්න මේ චලනය මත පදනම්ව තමයි අශ්වබලය කියන පදය නිර්මාණය කරල තියෙන්නෙ.
#Knowledge
1 305
ඔයාට දුකක් දැනුනොත් හෝ කලබල බවක් දැනුනොත් මේ දේවල් මතක් කරගන්න
1. වේදනාව කියන්නෙ වර්ධනයේම කොටසක්.
2. ජීවිතේ හැමදෙයක්ම තාවකාලිකයි.
3. දොස් කීමෙන් සහ වගවීමෙන් කිසිවක් වෙනස් වෙන්නෑ.
4. ඔයාගෙ ජීවිතේ තියෙන පැල්ලම් , ඔයාගෙ ශක්තිමත් බවේ සංකේතයන්.
5. ජීවිතය එක්ක ඔයා කරන සෑම අරගලයක්ම , ඉදිරියට තියපු පියවරක්.
6. අනිත් අයගෙ සෘණාත්මක අදහස් , ඔයාගෙ ප්‍රශ්නයක් නෙවෙයි.
7. ඔයාට මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම දේ , දිගටම ඉස්සරහට යන එකයි.
#Life_Tips
1 305
සම්පූර්ණ Folder එකක්ම Share කිරීමේ පහසුම
ටෙලිග්‍රෑම් beta version ඇප් එකෙන් , දැන් ඔයාට සම්පූර්ණ folder එකක්ම වෙනත් කෙනෙක්ට share කරන්න පුලුවන්.
කොහොම උනත් private chats , Bot chats සහ Chat by type ආකාරයේ (Contact , Non-Contant , Channels , Groups , Bots) සංවාද මෙහෙම share කරන්න බැහැ.
via : TgInfo
#Tele_Tips
1 305
ඉංග්‍රීසි භාෂාව තුළ සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත වන වාක්‍ය කිහිපයක් සහ එහි අර්ථයන්
❗️You've got them shaking in their boots.
▪️ඔවුන් දැන් බය වෙලා ඉන්නෙ
❗️You'll have to sink or swim.
▪️දැන් ප්‍රථිඵලය දිනුම හෝ පැරදුම පමණයි
❗️We are sitting pretty.
▪️අපි හොඳ තැනක/තත්වෙක ඉන්නව
❗️She slays me with that nonsense.
▪️ඇයගේ මෝඩ අදහස් / විකාර නිසා මට ඇයව පිළිකුල් සහගතයි
❗️Everything is ship shape.
▪️හැමදේම හොඳින් පිළිවෙලට තියෙනව
❗️Why don't you sleep on it?
▪️අද රෑට ඒ ගැන හිතල , හෙට මට දන්වන්න
❗️We just made small talk.
▪️අපි කිසිම බැරෑරුම් දෙයක් ගැන කතා කලේ නෑ
❗️Go ahead and sound off.
▪️ඔයා හිතන දේ කියන්න
❗️He's spaced out.
▪️ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරල ඉන්නෙ
❗️It will spread like wildfire.
▪️එය ගොඩක් ප්‍රසිද්ධ වේවි
❗️They have stacked the deck
▪️අපි ක්‍රීඩා කරන්නෙ සමාන කොන්දේසි යටතේ නෙවෙයි
❗️They have stacked the cards.
▪️ඔවුන්ගෙ වාසියට , ඔවුන් අපිව රවට්ටල
❗️We will need to start from scratch.
▪️අපි මුල ඉඳලම පටන් ගන්න ඕනෙ
❗️I don't want to steal his thunder.
▪️මම ඔහුට සුභ ආරංචිය ප්‍රකාශ කිරීමට ඉඩ දෙමි
❗️She tried to steal the spotlight.
▪️ඇයට අනවශ්‍ය අවධානයක් අවශ්‍ය වෙලා
❗️You must stick to your guns on that.
▪️ඔබේ අදහස හොඳයි. ඒ අදහස තුළම සිටින්න
❗️He's just a stick-in-the-mud.
▪️ඔහු වෙනස් වෙන්න අකමැති කෙනෙක්
❗️You won't strike it rich.
▪️මේ අදහස ඔයාව පොහොසතෙක් නොකරනු ඇත
❗️You need to strike while the iron is hot.
▪️අවස්ථාව ඇති විට එය කරන්න
❗️We won't take a back seat to them.
▪️අපි එයාලට දෙවනි වෙන්නෑ
#English
