🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
关闭频道
ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
显示更多1 599
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
කොල්ලෝ ඉස්සෙල්ලාම මෙහෙම කරන්න,
Programming වලටනම් ඉස්සෙල්ලම PC එකක් ඕනේ වෙනවා, ලොකු ලොකු PC නම් ඕනේ වෙන්නේ නැහැ, පොඩිවට පටන්ගන්න තියෙන PC එකකින් . Firstly w3schools.com එකට ගිහිල්ල කැමති Language එකක් තෝරාගන්න Programming වලට . මන් නම් Recommend කරන්නේ Python හොදයි කියල Starter කෙනෙක්ට නම්. ඊට පස්සේ ඒ WEB එකේ තියෙන Step ටික Follow කරන්න , මාර විදිහට තේරෙනව ඒවා, අනික අපිටම එතන Practically ඉගෙනගන්නත් විදිහක් ඒ WEB එකේ හදල තියෙනව.
වැඩේ තේරෙනවා වගේනම් , එහෙම දැනුන ගමන් නවත්තන්න Tutorial බලන එක. ඊටපස්සේ කරන්න ඕනේ වැඩේ තමයි ඔයා Project එකක් පටන් ගන්න මොකක්ම හරි එකක්. පොඩි දෙයක් උනත් අවුලක් නැහැ මොක්ක්මහරි ඔයාගේ Idea එකක්. දන්න විදිහට ඉගෙනගත්ත දේවල් වලින් Start එක ගන්න, දන්නෙම නැති තැන Google Search කරන්න ඒත් Code Copy & Paste නම් කරන්න එපා . හරියට තේරුම් අරගෙන code එක හිතට ගෙන ඔයාගේ වැඩේ කරගෙන යන්න. ඔය විදිහට පටන් ගත්තේ Python වලින්නම් ඒ Language එකෙන් සුපිරි වැඩ්ඩෙක් වෙන්න. ඊටපස්සේ අනිත් Languages වලට යන්න . එක Language එකක් ඉගෙනගත්ත කියන්නේ අනිත් ඒවා අල්ලගන්න එක Easy.
පොඩි උපදෙස් ටිකක් තියෙනව අත්දැකීමෙන් සහ හොයල බලල කියන්නේ 👇
ᗚ කවදාවත් Course Video බලනව කියල පටන් අරගෙනන්ම් යන්න එපා වැඩක් කරගන්න සැහෙන්න කාලයක් යයි. ඒ දේටම සීමා උන කෙනෙක් වෙයි.
ᗚ Tutorial Videos වගේ දේවල් ලොකුවට Follow කරන්න එපා, මොකද එහෙම කලොත් පුරුද්දක් වෙනවා ඒවා බල බල Project හදන්න ගන්න එක. එතකොට ඇති වැඩක් නැහැ.
ᗚ වෙන අය හදපුව , අනිත් අයගේ අදහස් හෝ Projects Copy කරලා හදන්න යන්න එපා කවදාවත්. මොකද Programmer කෙනෙක් කියන්නේ ගොඩක් Creative කෙනෙක් නිසා ඒ වගේ දේවල් කරන්න එපා. තමන්ගේම දෙයක් ගොඩනගා ගන්න.
ᗚ ලේසි නැහැ තමයි හැබැයි අතාරින්න නම් එපා මොන වෙලාවෙවත් ඒ ගැන ඉතින් අපේ යක්කුන්ට කියන්න ඕනේ වෙන්නේ නැහැනේ... අල්ලගෙන යන්න මොකද Programming කරද්දී එයි Error එක දිගට මුල් කාලේදී .
ᗚ නිතරම මේ දේවල් ගැන ඒ කියන්නේ Dev සම්බන්ධ දේවල් ගැන Update එකේ ඉන්න.
ᗚ හැබැයි ඉතින් මේ වැඩ කරන්න ගත්තහම අර අමුතුම එකක් වගේ අතරින්නම හිතෙන්නේ නැති අයත් ඉන්නව. ඒ නිසා හොද මිටරෙන් ඉදල හැම දෙයක්ම Balance කරගන්න,
ᗚ එකම දෙයක් පස්සේ පන්නන්න එපා, මොකද සමහරු ඉන්නව Python නම් ඒකම විතරයි ඉතින්... Android App පවා හදන්න ගන්නවා එකෙන් , එහෙම බැහැනේ... හැම දෙයක්ගැනම ඉගෙනගන්න ඕනේ.
ඔයා තෝරාගන්න Path එක අනුව Language තීරණය කරන්න. උදාහරණ විදිහට , Android Apps නම් JAVA , Kotlin , Flutter , Dart . IOS Apps නම් Swift , Flutter . Windows Software නම් C# , C++ , VB , F# . මේ වගේ... තව ඊට අමතරව TypeScript , Java Script වගේ එවයි Design කරන වැඩ වලට වගේනම් HTML , CSS , XML , XAML , DART වගේ ඒවා... මොන දේ කලත් එක්කිනම් නවතින්න එපා හැම දෙයක්ම ඉගෙනගන්න.
මේ Message එක දැම්මේ Programming Filed එකට යන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ ගැන දෙයක් දැනගන්න. මන් IT නෙමෙයි Chemistry කලෙත් හැබැයි 🥲 මේවා කින්න තරම් මු මොකෙක්ද කියල සමහරු හිතනවා ඇති 🥲. මන් @SingleDevelopers එකේ owner ඔයාල දැකල තියෙන ගොඩක් BOT ලා එහෙම මන් හදපුව, Apps , Software එහෙම ගොඩක් හදල තියෙනව, ඉතින් අත්දැකීමක් තියෙන නිසා උපදෙසක් දෙන්න පුළුවන් නිසයි මේ කියන්නේ , ලොකුකමකට නෙමෙයි . හරි කොහොමහරි මම නම් ඔන්න එකම එක Course එකක්වත් කරලවත් බලලවත් නැහැ, අපේ Family එකේ Programming ගැන කරන කෙනෙක්වත් නැහැ මට අහගන් කෙනෙක්වත් නැහැ මන් මේ තත්වෙට ආවෙත් මන් මේ කියපු විදිහේ Step ටිකකින්ම තමයි. Project ටිකක් පටන් ගත්ත ඒ දේවල් වලින්ම ඉගෙනගත්ත. දැන් ඉතින් Programming වලින් හදන්න බැරි Project එකක් නැහැ ඕනෙම එකක් පුළුවන්. ලොකු ලොකු දේවල් ඕනේ වෙන්නේ නැහැ , කැපවෙලා ආසාවෙන් ඉගෙනගන්න මේ දේවල් ගැන තනියම.
ඕනෙම දෙයක් කරගන්න Dream එකක් තියෙන්න ඕනෙනේ... ඉතින් එහෙම දෙයක් තියාගෙන කරන්න පටන්ගන්න. දන්නේ නැති අයට දැනගන්න කියන්නම්, සාමන්යෙන් Android App එකක් හදන්න Developer කෙනෙක් App එකේ ස්වභාවය අනුව ලොකු මුදලක් අය කරනව. @AlphaV2ray මේ මන් ලගදී Exam අස්සෙම කරපු Project එකක් මේ වගේ App එකක් ඔක්කොම වැඩ කෑලි එක්ක හදන්න සාමන්යෙන් 1600$ වගේ ගන්නව. ඉතින් ලොකු ගානක් තමයි හැබැයි යන Price එකනම් ඒගාන. ඔයානම් App එක හදන කෙනා හදල දෙන කෙනා ඔයා ඉල්ලන ගැන දෙන්න ඕනේ ඒ හැටි. දැන් අහයි උබ ඉතින් ඕව කරලා තියෙනවද කියල.. ඔව් ඔව් ගොඩක් ඒ වගේ Project කරලා තියෙනව ඔය කියන Price එකටම. දැනටත් ඇවිල්ල තියෙනව Orders සමහරුන්ගේ message බලන්නෙත් නැහැ 🫠. මතකයිනේ අපේ සර් කියපු දේ... වැඩ්ඩෙක් වෙන්න එතකොට එයි ලගට අනිත් අය ඔයාව හොයාගෙනම කියල . දැක්කනේ Programming වල තියෙන වටිනාකම 😁 Dream එකක් ගොඩනගාගන්න ලේසි වෙන්න කිව්වේ...
දන්නේ නැති තැනක් තිබ්බොත් ඕනේ වෙලාවක අහන්න, පුළුවන් වෙලාවට අනිවා Reply එකක් දාන්නම් : @MalithRukshan
Realme සමාගම විසින් Realme 10 Pro 5G Coca-Cola Edition ජංගම දුරකතනය එලිදක්වයි
Realme සමාගම විසින් Coca-Cola Themed Smartphone එකක් පිළිබඳව ඉඟි පළ කළ බව අපි වාර්තා කළා ඔබට මතක ඇති. මෙසේ මෙම Coca-Cola Theme එක යොදා ඇත්තේ Realme 10 Pro 5G Smartphone එක සඳහා වනවා.
.
.
.
<!- - 🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ - ->
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
Realme සමාගම විසින් Realme 10 Pro 5G Coca-Cola Edition ජංගම දුරකතනය එලිදක්වයි
Realme සමාගම විසින් Coca-Cola Themed Smartphone එකක් පිළිබඳව ඉඟි පළ කළ බව අපි වාර්තා කළා ඔබට මතක ඇති. මෙසේ මෙම Coca-Cola Theme එක යොදා ඇත්තේ Realme 10 Pro 5G Smartphone එක සඳහා වනවා.
Android 14හි විවිධ Builds නිකුත් විය හැකි කාලවකවානු
මෙම සටහනට අනුව Pixel දුරකථන සඳහා පළමු Beta Release එක අප්‍රේල් මාසයේදී බලාපොරොත්තු විය හැකි අතර ජූලි මාසයේදී Pixel දුරකථන සඳහා Stable Version එක නිකුත් කිරීමෙන් පසු අනෙකුත් Smartphones සඳහා ද ඔවුන්ගේ Custom Android Skin එකත් සමඟම Android 14 බලාපොරොත්තු විය හැකි වනවා.
Android 14හි නව විශේෂාංග සහ Android 14 සඳහා සහාය දක්වන දුරකතන පිළිබඳව දැන ගැනීමට Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න..
.
.
<!- - 🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ - ->
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
Android 14 Developer Preview එක නිකුත් කර ඇති දුරකථන ලැයිස්තුව
Pixel 7 Pro: Factory Image - OTA
Pixel 7 : Factory Image - OTA
Pixel 6a : Factory Image - OTA
Pixel 6 Pro : Factory Image - OTA
Pixel 6 : Factory Image - OTA
Pixel 5a : Factory Image - OTA
Pixel 5 : Factory Image - OTA
Pixel 4a (5G) : Factory Image - OTA
ඔබගේ Pixel දුරකතනයට මෙවැනි Developer Previews සාමාන්‍ය update එකක් ලෙසින් නොලැබෙන අතර ඉහතින් ඔබගේ දුරකතනයට අදාළ Image File එක download කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
කෙසේවෙතත් මෙවැනි Developer Previews වල නොයෙකුත් bugs තිබිය හැකි අතර ඔබ එදිනෙදා භාවිතා කරන දුරකතනයට මෙවැනි සංස්කරණ ස්ථාපනයෙන් වළකින ලෙස අප ඔබට මතක් කර සිටිනවා.
Google සමාගම විසින් සෑම Android Version එකක්ම ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට අකුරකින් පටන් ගන්නා රසකැවිල්ලක නමින් හඳුන්වන බව ඔබ දන්නවා ඇති. ඒ අනුව මේ Android 14 සංස්කරණය හඳුන්වනු ලබන්නේ Upside Down Cake ලෙසයි.
මේ වසරේ නිකුත් වීමට නියමිත නවතම Android සංස්කරණය වන Android 14 හි ප්‍රථම Developer preview එක නිකුත් වේ
Google සමාගම විසින් Android 14 හි පළමු Developer Preview එක මේවන විට නිකුත් කර ඇති අතර එය Android 14හි පළමු build එක වනවා.
මේ වන විට ලොව පුරා පවතින ජනප්‍රියතම යෙදවුම බවට පත් වූ ChatGPT හට අභියෝගයක් විය හැකි මෙම යෙදවුම බොහෝ විචාරකයන් නම් කරනු ලබන්නේ "ChatGPT Killer" වශයෙන් වේ. මන්දයත් මෙම යෙදවුම් දෙකම සංවාදාත්මක AI සේවාවන් දෙකක් වන නිසාවෙනුත් Google හට තරඟකාරීව පවතින Microsoft Bing වෙතට GPT තාක්ෂණය සම්බන්ධ කරමින් නව සංස්කරණයක් එළිදැක්වූ නිසාවෙනුත් ය.
මෙම Bard AI හි එළිදැක්වීම පිළිබඳව Sundar Pichai විසින් පළ කර තිබූ Twitter සටහනක් පහත සඳහන් වේ.
https://twitter.com/sundarpichai/status/1622673775182626818?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1622673775182626818%7Ctwgr%5E79035d04cd38113062d1a9780117dd8481b13f0a%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fandroidwedakarayo.com%2Fgoogle-bard-as-an-answer-to-microsoft-bing-and-openai-chatgpt-combination%2F
Google වෙතින් එන Bard
Google සමාගම මීට වසර කිහිපයකට පෙර සිටම AI හි නැඟී ඒමක් පිළිබඳව පුරොකථනයන් සිදුකළ අතරම ඒ සඳහා ආයෝජනයන් ද සිදුකිරීම කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් Google සමාගම මීට වසර දෙකකට පමණ ඉහතදී LaMDA (Language Model for Dialogue Applications) නැතහොත් සංවාද යෙදුම් සඳහා භාෂා ආකෘතියක් (Language Model) එකක් එළිදක්වන ලදී.
එලෙස එළිදක්වන ලද LaMDA ආශ්‍රය කරගනිමින් Google සමාගම විසින් සංවාදාත්මක AI සේවාවක් (Conversational Ai Service) නිකුත් කිරීම සඳහා අඩිතාලම තබන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ නවතම AI යෙදවුම වන Bard පසුගිය දිනෙක එළිදක්වන ලදී.
Bard නිකුත් වීම පිළිබඳව.
මේ වන විට Bard හි එළිදැක්වීම සිදුකළ ඇති නමුත් සියලුම පරිශීලකයින් සඳහා මෙම යෙදවුම භාවිතා කිරීම සඳහා අවස්ථාව දැනට නොමැත. නමුත් Google සමාගම සඳහන් කරනු ලබන ආකාරයට නුදුරේදීම මෙම Bard භාවිතා කිරීම සඳහා පරිශීලකයන් හට අවස්ථාව උදාවනු ඇත.
.
.
.
<!- - 🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ - ->
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
මේ සඳහා ඔවුන් කදිම නිදසුනක් දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම සේවාව හරහා ඔබට NASA ආයතනය මගින් සිදුකරන මෙහෙයුමක් වන James Webb දුරේක්ෂය හරහා සිදුකරන පර්යේෂණයක් ඔබගේ අවුරුදු 9ක් පමණ කුඩා දරුවාට පවා වැටහෙන අන්දමින් පැහැදිලි කිරීමට මෙම AI යෙදවුමට හැකියාව පවතින බවයි. එමෙන්ම ඔබට Football ක්‍රීඩාවේ මේ වන විට සිටින ප්‍රධානතම ක්‍රීඩකයන් පිළිබඳව අධ්‍යනය කිරීමටත් එයින් පසුව ඔබට ඒ ආකාරයෙන් ඔබගේ දක්ෂතා නංවාගැනීම සඳහා අවශ්‍ය පුහුණුවීම් සිදුකිරීමට අවශ්‍යය තොරතුරු ලබාගැනීමටද හැකියාව අති බව සඳහන් කරනු ලබයි.
Bard භාවිතා කරන්නේ කෙසේද?
Google Bard සලකන විට එය ChatGPT හි ක්‍රියාකාරීත්වයට වඩා වැඩි වෙනසක් පෙන්නුම් කරන්නේ නැත. එහි පවතින ආකාරයටම Text area එකක් තුළ අපට අවශ්‍ය වන Keywords ලබාදීමෙන් අනතුරුව අප හට අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ අවස්ථාව පවතී. පහත සඳහන් වන්නේ Google Bard භාවිතා කර ලබාගත් ප්‍රතිඵලය ඡායාරූපයක් වේ.
Google සමාගම සඳහන් කරනු ලබන ආකාරයට මෙම Bard හරහා පරිශීලක ඔබ සඳහා විශාල පහසුකම් ප්‍රමාණයක් අත්විඳිය හැකි අතර එයට හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ එම සමාගම විසින් මේ වන විට නිර්මාණය කර ඇති Language Models විශාල ප්‍රමාණයක් භාවිතා කරමින් විවිධ මූලාශ්‍ර වල පවතින තොරතුරු ඉතාම කාර්යක්ෂමව සහ නිරවද්‍යව ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
https://twitter.com/Google/status/1622710355775393793?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1622710355775393793%7Ctwgr%5E79035d04cd38113062d1a9780117dd8481b13f0a%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fandroidwedakarayo.com%2Fgoogle-bard-as-an-answer-to-microsoft-bing-and-openai-chatgpt-combination%2F
පාඨක ඔබ සඳහා අප විසින් මීට දින කිහිපයකට පෙර ගෙන ආ ලිපියක් ඔස්සේ සඳහන් කරනු ලැබූවේ Google Search Engine එක සඳහා අභියෝගයක් වශයෙන් Microsoft සමාගම විසින් OpenAI හි GPT තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කර එළි දක්වන ලද New Bing ලෙස නම් කළ නව සංස්කරණය පිළිබඳවයි. ඒ පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් නොවන්නේ නම් හෝ ඒ පිළිබඳව නැවතත් කියවා දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් මෙම සබැඳිය ඔස්සේ එම ලිපිය පරිශීලනය කරන්න.
කෙසේ වෙතත් මේ වන විට Google සමාගම හා ChatGPT වැනි AI ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද යෙදුම් සමග ඇතිවී තිබෙන සීතල යුද්ධය අතරේ Google සමාගම විසින් සිය බර අවියක් නිදහස් කිරීමට සැරසෙන බවක් අප වෙත පෙනී ගියේ පසුගිය දිනෙක ඔවුන් විසින් පළ කර තිබූ පුවතක් හේතුවෙනි. ඒ පිළිබඳව විස්තර ඔබට මෙම ලිපිය ඔස්සේ දැනගත හැකිවේ.
Microsoft සහ OpenAI ChatGPT එකතුවෙන් පැමිණි New Bingට පිළිතුරු ලෙසින් Google වෙතින් එන Bard
මේ වන විට තාක්ෂණය පිළිබඳව වඩා උනන්දුවෙන් පසුවන පාඨක ඔබ සඳහා ඇති ප්‍රධානතම උනන්දුවක් වන්නේ මේ වන විට ලොව පුරා නැගී එන AI තාක්ෂණය හා සම්බන්ධ යෙදවුම් වල ක්‍රියාකාරීත්වය වේ. කාර්මික විප්ලවය ඇතිවූ කාලයේ දී මතුවූ ප්‍රධානතම ගැටලුවක් බවට පත්වූයේ ඒ වන විට කාර්මික විප්ලවය ආරම්භ වන රටවල් තුළ කාලයක් තිස්සේ ගමන් කළ රැකියා සහ ජන ජීවිතය අහිමි වීම සම්බන්ධවයි. එය ජනතාව තුළ තරමක මිත්‍යා මතයන් නිර්මාණය කිරීමට හැකිවූවා සේම ඇතැමුන් ගේ "හිස් ගෙඩි" වලට වැරදි ආකල්පයන් ඇතුලත් කිරීමට පවා හැකිවිය.
නමුත් ලෝකයේ යථා ස්වාභාවය අනුව සෑම කාලයම අපට එකම ආකාරයට ගතකළ නොහැක. එම කාලය තුළ නව තාක්ෂණික පුනරුදයන් වෙත දෝෂදර්ශණයන් එල්ල කළ ජනතාවට පසුකාලීනව එහි වැදගත්කම පසක් වූවා සේම මේ වන විට ආරම්භ වී ඇති "කෘතිම බුද්ධියේ පුනරුදය" පිළිබඳව ද අප තුළ අනිසි බියක් ඇතිකරගත යුතු නොමැත.
කෙසේ වෙතත් මෙලෙස ආරම්භ වී පවතින AI යුද්ධය මගින් ඉදිරි අනාගතයේදී දැවැන්ත පෙරළියක් අත්දැකීමට හා පරිශීලකයන් වන අප හට ඉතාම වැදගත් සහ ආරක්ෂාකාරී සේවාවන් රැසක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකිවේ.
<!- - 🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™ - ->
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
මෙම AI තාක්ෂණය මගින් බලගැන්වෙන Search Engine හි භාවිතය ඉදිරියේදී තරමක ඉහළ භාවිතයකට නැඹුරු කිරීමට හේතුවන බව බොහෝ විචාරකයන් මත පළ කරමින් සඳහන් කර සිටී. එමෙන්ම බොහෝ පරිශීලකයන් මෙන් Google Chrome Download කිරීම සඳහා පමණක් Edge භාවිතා කිරීමේ රැල්ල ද මින් පසුව තරමක් දුරට හෝ බොහෝ සෙයින් පහව යනු ඇති බවට මාගේ අදහසයි.
මෙම Bing පහසුකම මේ වන විට සියලුම පරිඝණක සඳහා නිකුත් කර නොමැති වුවත් ඉතාම සීමිත ප්‍රමාණයකට ලබාදීමට Microsoft සමාගම කටයුතු කර ඇත. මෙහි සම්පූර්ණ සංස්කරණය ඉදිරි සති කිහිපය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කරයි. එයට අමතරව මෙම සංස්කරණය ලබාගැනීමට බලාපොරොත්තු වන්නෙ නම් ඔබට එහි Waiting List එක වෙතට ඇතුලුවීම ද සිදුකළ හැකිවේ. එහිදී Microsoft ගිණුම් මගින් Sign in වන පරිශීලකයන් සඳහා වැඩි ප්‍රමුඛතාවය ලබාදෙන බවට සඳහන් වේ.
පහත සඳහන් වන්නේ මෙම Bing භාවිතයෙන් ඉදිරියේදී ඔබ වෙත අත්දැකීමට ලැබෙන ChatGPT වලට සමාන සේවාවන් කිහිපයකි.
මෙය ඔවුන් "New Bing" ලෙස හඳුන්වන අතර Microsoft සමාගම විසින් සඳහන් කරන්නේ පරිශීලකයන් හට Web Browse කිරීම සඳහා සංවාදාත්මක AI පහසුකමක් ඔවුන්ගේ Edge Browser එක හරහා ලබාදීමට අදහස් කළ බවයි. එමගින් පරිශීලකයන් හට ChatGPT තුළ ක්‍රියාකළ ආකාරයට සමානව Bing හරහාද සංවාදාත්මක විලාශයෙන් හා Natural Language භාවිතා කර කටයුතු කිරීමට අවස්ථාව උදාවන බවයි.
මෙම New Bing එළිදැක්වීමේදී සඳහන් වූ ප්‍රධානතම කරුණක් වන්නේ OpenAI සමාගම සිය නිර්මාණයක් වන ChatGPT සඳහා භාවිතා කරනු ලබන GPT නම් වූ භාෂා සැකසුම් ආකෘතිය මෙම Bing හි යාවත්කාලීන කිරීම සඳහා භාවිතා කර ඇති බවයි.
Microsoft සමාගම OpenAI සමග කලක පටන් ඇතිකරගෙන තිබූ ගිවිසුම් පසුගිය දිනෙක දීර්ඝ කිරීම සිදුකළ අතර ඔවුන් සඳහන් කරනු ලැබූවේ OpenAI සමග ඉදිරියේදී Microsoft පාරිභෝගිකයන් සඳහා අමතක නොවන අත්දැකීමක් ලබාදීමට සූදානම් වන බවයි. එහි කූටප්‍රාප්තියක් වශයෙන් Microsoft Edge browser එක සඳහා නව විශේෂාංග කිහිපයක් එක කරමින් නව සංස්කරණයක් නිකුත් කිරීමට සමාගම කටයුතු කර තිබෙන බව සඳහන් වේ.
Google පැරදවීමට සමත් වන ආකාරයේ සෙවුම් පද්ධතියක් Microsoft සහ ChatGPT එකතුවෙන්?
අප විසින් පසුගිය දිනක පළ කරනු ලැබූ ලිපියක් මගින් ඔබ වෙත ගෙන ආවේ මේ දිනවල මහත් සේ ජනප්‍රියතාවයට පත්වී තිබෙන කෘතිම බුද්ධිය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති ChatGPT නම් යෙදවුම ඉදිරි වසර දෙක තුළ දී Google සෙවුම් පද්ධතිය වෙත ඇතිකරන බලපෑම පිළිබඳව ය. එම ලිපිය මෙම සබැඳිය ඔස්සේ ඔබට කියවිය හැකියි.
එම ලිපිය මගින් අප සඳහන් කරනු ලැබූවේ ChatGPT හි ක්‍රියාකාරීත්වය හේතුවෙන් සහ Google සෙවුම් පද්ධතියට වඩා ඉතාම කාර්යක්ෂමව සෙවීමට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන්නාවූ ආකාරයත් පිළිබඳව වුවත් මෙම ලිපිය ඔස්සේ එයට වඩා Google සමාගමේ Google සෙවුම් පද්ධතිය වෙත බලපෑමක් එල්ල කළ හැකිවන යෙදවුමක් පිළිබඳව සාකච්ඡා කරනු ලබයි. ඒ Microsoft සමාගම ChatGPT හා එක්වී අලුතෙන්ම හඳුන්වා දුන් Microsoft Edge සෙවුම් පද්ධතියේ නවතම යාවත්කාලීන කිරීමයි.
