𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
"චීනයේ වයස අවුරුදු 18 ට අඩු ළමයින් සදහා Online Games Play කළ හැකි කාලය සීමා කරයි
Online Games මේ වන විට ලෝකයේ බොහෝ රටවල ජන්ප්‍රිය වී තිබෙන අතර e-Sports නමින් මේ වන විට Online Gaming Competitions ද සෑම රටකම පාහෙ පැවැත්වෙනවා. එසේම පර්‍යේෂකයන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය පරිඝණකයක් භාවිතා කරමින් සාම්ප්‍රදායික Online Games වලට ක්‍රීඩකයන් ඇබ්බැහිවීමට වඩා වැඩි අගයක් තම අත ඇති ජංගම දුරකථනයෙන් Online Gaming වල නිරත වන බවයි. කෙසේ වෙතත් මේ කාලවකවානුව තුළ පාසල් සිසුන් තම නිවසේ සිට අධ්‍යාපනය ලබා ගැනීම අතර තුර Online Games සදහා ඇබ්බැහි වීමේ ප්‍රවනතාවය සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවද ඔවුන් වැඩි දුර පවසා තිබෙනවා.
සීමා කිරීමේ කාලය
චීනයේ අවුරුදු 18ට අඩු පිරිස් අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වීම සහ ඒ හරහා සූදු ක්‍රීඩාවෙ නිරත වීමේ දැඩි ප්‍රවනතාවයක් දැක්විම හේතුවෙන් පසුගිය දා එරට රජය මේ සදහා දැඩි නියෝග පනවනු ලැබුවා.
ඒ අනුව එරට ජාතික මුද්‍රණ හා ප්‍රකාශන පරිපාලන රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා (Xinhua) පවසා සිටියේ Online Games ක්‍රීඩා කිරීමට අවසර දෙනු ලබන්නේ රාත්‍රී 8 සිට රාත්‍රී 9 දක්වා පමණක් බවයි. ඒ සිකුරාදා , සති අන්තවලයි.
මුල් නීති වලට අනුව සතියකට පැය 3 ක් ලෙස Online Games ක්‍රීඩා කිරීම සීමා කර තිබුණත් පසුව නිවාඩු දිනයන්හිදී ක්‍රීඩා වල නිරත විය හැකි කාලය පැය තුන දක්වා ඉහළ නංවා තිබුණි.
මෙය සිදු වන්නේ කෙසේද?
මෙය සිදු කරන්නේ facial recognition තාක්ෂණය භාවිතා කරමින් බව ජාත්‍යන්තර මධ්‍යයේ සදහන් වී තිබුණා. ක්‍රීඩකයා තමන්ගේ සත්‍ය ජාතික හැදුනුම් පත සිය ගිණුම හා link කර ගත යුතු වනවා. එය නියාමනය කිරීමේදී ඔබ බාලවයස්කරුවෙක්ද යන්න එයින් හදුනාගත හැකි වනවා. ක්‍රීඩකයාට ලබාදී ඇති කාල සීමාව ඉක්මවා ක්‍රිඩා කරන්නේ නම් ඔහුට මුහුණ හදුනාගැනීමේ පද්ධතිය හරහා සිය මුහුණ පෙන්වීමට සිදු වනවා. මෙහිදී ඔබගේ හැදුනුම්පතේ ඔබ වැඩිහිටියෙක් ලෙස පෙනී සිටියද ඔබ මුහුණ හදුනා ගැනීමේ පද්දතියට මුහුණ පරිලෝකනය නොකළහොත් එය ඔබ බාලවයස්කරුවෙක් ලෙස සළකනු ලබනවා.
මින් පසුව අදාළ ආයතන නීති උල්ලංගනය කිරීමක් සිදු වුවහොත් එම බාලවයස්කාර ක්‍රීඩකයාගෙ හැදුනුම්පතෙහි ඇති වැඩිහිටියන්ගේ තොරතුරු හරහා සිය වැඩිහිටියන් සම්බන්ධ කර ගැනීමක් සිදු කරනු ලබනවා.
මෙහිදී චීන රජය Online Gaming කර්මාන්තය සහ විශේෂයෙන්ම එහි මූලිකත්වය දරන Tencent බහු ජාතික සමාගම මත විශ්වාසය තබන බවද වැඩි දුරටත් සදහන් වී තිබුණා.
මෙය අනවසර නියාමනයක්ද ?
ජාත්‍යන්තර මාධ්‍යයේ මෙම නියාමනය පිළිබදව දැඩි ලෙස විවේචනයට ලක්ව තිබුණා. විශේෂයෙන්ම වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ටද බලපාන එවැනි අනවසර නියාමනය බොහෝ රටවල පිළිගත නොහැකි බව බොහෝ දෙනා පවසා සිටියා.
BBC ලෝක පුවත් සේවය මගින් සිදු කරන Tech Tent Podcast සේවාව තුළද මේ පිළිබදව සාකච්ඡාවට නැගුනා. ඒ පිළිබදව ඔබට පහත link එක භාවිතයෙන් එම Podcast එකට සවන්දීමේ හැකියාව ලැබෙනවා."
🤠🎩ආතල් GEMBAA චැනල් එකට සාදරයෙන් පිලිගන්නවා🎩🤠
🤠ඔබ සතු මීඩීයා📸 සහ නිර්මාන📝 බෙදා ගැනීමට කැමති නම් අපගේ සමූහයට Share කරන්න🤠📬
👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿👇🏿
"CSAM හඳුනාගැනීම ඇතුළු ළමා ආරක්‍ෂක විශේෂාංග හඳුන්වාදීම ප්‍රමාද කිරීමට Apple සමාගම කටයුතු කරයි
පසුගිය මාසයේදී Apple සමාගම විසින් iCloud වෙත upload කරන photos වල ඇති ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් හඳුනාගත හැකි තාක්ෂණක් (CSAM detection) හඳුන්වාදීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළ අතර, ඇතැම් security experts ලා විසින් මෙම විශේෂාංගය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මෙමගින් ඇතැම් රජයන් හට පුරවැසියන්ගේ දත්ත ලබාගැනීමේ හැකියාවක් ඇති බවත්, එය පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් බවත්ය.
ඒ සඳහා අදහස් දක්වමින් Apple සමාගම ප්‍රකාශ කර සිටියේ, මෙම CSAM (Child Sexual Abuse Materia) හඳුනාගැනීමේ ක්‍රමය මගින් කිසිදු පරිශීලකයෙකුගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් නොවන බවයි.
නමුත්, මේ වනවිට Apple සමාගම විසින් මෙම විශේෂාංගය හඳුන්වාදීම කල්දමා ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ, මෙම විශේෂාංගය පරිශීලකයන් හට හඳුන්වාදීමට පෙර මෙය refine කළයුතු බවත්, ඒ සඳහා අතිරේක කාලයක් ගත වන බවයි.
පරිශීලකයන්, උපදේශක කණ්ඩායම්, පර්යේෂකයන්ගේ සහ අනෙකුත් අයගේ ප්‍රතිචාර මත පදනම්ව, තීරණාත්මක වැදගත්කමක් ඇති මෙම CSAM හඳුනාගැනීමේ විශේෂාංගය නිකුත් කිරීමට පෙර, ඉදිරි මාස කිහිපය තුළදී එයට තවත් අතිරේක එකතු කිරීම් සිදුකරමින් වැඩිදියුණු කිරීමට ඔවුන් තීරණය කළ බව Apple සමාගම විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
මෙම වසර අවසානයේදී iOS 15, iPadOS 15 සහ macOS Monterey updates වල කොටසක් ලෙස මෙම නව ළමා ආරක්ෂණ විශේෂාංග හඳුන්වාදීමට Apple සමාගම අපේක්ෂා කර තිබුණත්, මෙම විශේෂාංගය හඳුන්වාදීම කල් දැමීමෙන් පසුව එය එළිදැක්වීමට අදහස් කරන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් වාර්තා වන්නේ නොමැති වෙනවා."
Comment
Share 😇
කතා කියවන්න.✔️
නිසදැස් විදින්න.〰️
චිත්‍ර ඇතුලේ ජීවත් වෙන්න.🔝
News දැනගන්න.🔜
තව හුගක් දේවල් එක්ක... වෙනම ලෝකයක්🇱🇰
t.me/kathalokaya
Click This Buttons 😊💪👇
"
News
අසීමිත සහභාගී වන්නන් සංඛ්‍යාවකට සම්බන්ධ වියහැකි Group Video Calls පහසුකම සමඟින් Telegram 8.0 Update එක නිකුත් වෙයි
පසුගිය දිනෙක ලොව පුරා Download වාර බිලියන 1 ක සීමාව පසු කළ Mobile App 15 අතරට පැමිණි Telegram වෙතින් මෙවර ද අනෙකුත් Messenger Platform වලට හොඳ අභියෝගයක් වෙමින් තම පරිශීලකයින්ට අසීමිත සාමාජික සංඛ්‍යාවක් සමග පවත්වා ගෙන යා හැකි Group Video Calls සහ තවත් අංග රැසකින් සමන්විත Update එකක් නිකුත් කිරීමට සමත් විය.
තම සෑම උපන්දිනයක් සදහාම එම උපන් දිනයේ අංකයෙන් Major Update එකක් නිකුත් කරන Telegram, මෙම වසරේ ද අගෝස්තුවේ දී පැමිණි ඔවුන්ගේ 8 වන උපන් දිනය සිහිපත් කිරීමට මෙම Update එක 8.0 යනුවෙන් නම් කර ඇත.
Group Video Calls with Unlimited Members
Telegram Video Call එකකට සම්බන්ධ විය හැකි පරිශීලකයන් ගණන 1,000 දක්වා වැඩි කරයි
එකවර 1,000 දෙනෙකුට පමණක් සීමා කර තිබූ Group Video Call පහසුකම මේ වනවිට එකවර අසීමිත සාමාජික සංඛ්‍යාවකට සහභාගී විය හැකි ආකාරයට වැඩි දියුණු කර ඇති බව Telegram සමාගම සිය නිළ Blog අඩවියේ ලිපියක් හරහා ප්‍රකාශ කර සිටිනවා
Telegram Group Video Calls වල තිබෙන සරල සිත් ගන්නා සුළු UI එක ද, කිසිදු Subscription Service එකක් නොමැතිව අසීමිත සහභාගී වන්නන් සංඛ්‍යාවක් සමග Screen Shearing පහසුකම ද ඇතුළත්ව Restrictions නොමැතිව Video Conference පවත්වාගෙන යාම පහසුකම සමඟින් Zoom, MS Teams, WebEx වැනි අනෙකුත් Video Conference Platforms වලට Telegram ඉතා හොඳ තරගකරුවෙකු වන බව නිසැකය.
දැනට තිබෙන Group Calls හි හඩ පමණක් පටිගත කිරීමේ පහසුකම ඉදිරියේදී Video එක ද ඇතුළත් වන ලෙස පටිගත කළ හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට Telegram විසින් මේ වන විට ක්‍රියා කරමින් සිටි.
Flexible Forwarding පහසුකම
දැන් Telegram භාවිත කරන ඔබට වෙනත් කෙනෙකුගේ පණිවිඩයක් Forward කිරීමේදි පෙර තිබූ අදාල මුල් පරිශීලකයාගේ නම සමග පණිවිඩය Forwarded වීමේ අංගය, දැන් ඔබේ රුචිකත්වය මත මුල් පරිශීලකයාගේ නම රහිතව Forwarded කිරීමේ හැකියාව ඇත. තවද Media File එකක් Forwarded කිරීමේදී එහි Caption එක ඇතුව හෝ නැතුව ඔබට කැමති ලෙස Forwarded කළ හැක.
Jump to Next Channel පහසුකම
දැන් ඔබට නාලිකාවක් තුළ ඇති පණිවිඩ සියල්ලම කියවා අවසන් වූ පසු පෙර මෙන් නැවතත් Chat List එකට පැමිණ ඊළගට පණිවිඩ ඉතිරිව ඇති නාලිකාව සොයාගෙන එයට පැමිණීම අවශ්‍ය නොවේ. නව Update ඒකෙන් පසු නාලිකාවක අවසානයට පළකර ඇති පණිවිඩය කියවූ පසු උඩට Swipe කිරීමෙන් ඊළගට ඉතිරිව ඇති නොකියවූ පළකිරීම් තිබෙන වෙනත් නාලිකාවක් සදහා මාරු වෙයි.
Unread Comment Count in Channels
තවද නාලිකාවක් තුළ ඇති Comment Section එකෙහි පෙරදී නොකියවූ නව පණිවිඩ පෙන්වීමක් සිදු නොවුන ද නව Update එකෙන් පසු නොකියවූ Comment ගණන දර්ශනය වීමද සිදු වේ.
වැඩිදියුණු කළ Sticker පැනලය
Sticker නිර්මාණ සදහා Open & Free Paltfrom වන Telegram හි පරිශීලකයින්ට භාවිත කිරීමට තිබූ Sticker පැනලයෙහි වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදු කර ඇත.
නව Update එකත් සමග Trending Sticker වෙනම තීරුවක් තුල දර්ශනය වන අතර කලින් කුඩාවට තිබූ Sticker Pack Thumbnails දැන් විශාල කර බැලීමට හැකි වන ලෙස සකසා ඇත.
තවද ඔබ සමග සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයා Sticker එකක් සොයන විට, ඔවුන් කරන ක්‍රියාවන් (typing, recording a voice message සහ sending file) පෙන්වන කොටසෙහි අලුතින් "choosing a sticker" යන ක්‍රියාව දර්ශනය වේ.
Telegram විසින් සෑම Update එකක් සමගම පාහේ නොවරදවාම ගෙන එන ඔවුන්ටම ආවේනික වූ නිර්මාණාත්මක Animated Emojis කිහිපයක්ම මෙවරත් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
"අදට එපමණයි - ඊළඟ Update කිරීම් සඳහා අප සතුව දැනටමත් හොද Developers Team එකක් සිටියි. ඊළග නව Update එකෙන් හමුවෙමු !"
අවසාන වශයෙන් ඔවුන් තම Update එකත් සමග නිකුත් කළ Blog සටහනේ දක්වා තිබුනේ එසේය.
දැනටමත් Messenger Platforms අභිබවා යමින් Video Conference Platforms වලටද හොද තරගකරුවෙකු වී තිබෙන Telegram හි මීළග Update පිළිබදව මේ වන විට සියලු දෙනාගේම අවධානය යොමු වී ඇත."
B L U E T O O T H | Viking නිල් දත 📱
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
මේ වෙනකොට ඔයාලා හැමෝම ගාව Bluetooth තියන එක Device එකක් හරි ඇති. Bluetooth පාවිච්චි කරලා ගොඩක් වැඩ ගන්නවත් ඇති. 🙃 පාවිච්චි කරාට මේ technology එක පටන් ගත්ත විදිහ දැනගෙන හිටියද? 😙
මේ ගැන අදහස එන්නෙ 1989 දි. wire නැති headset එකක් හදන අදහසින් තමයි වැඩේට බහින්නෙ. මේ technology එක වැඩකරන්න ඔින වෙන පළවෙනි protocol එක හදන්නෙ Dr. Jaap Haartsen. ඒක හදන්න එයාට අවුරුදු 5 ක් යනවා. 🙂 ඊටපස්සෙ ඒක perfect කරන්න තවත් අවුරුදු කිහිපයක්ම යනවා. කොහොම හරි 1999 දි ලෝකෙ පළවෙනි bluetooth වලින් වැඩකරන handsfree headset එක හදනවා. 😙 එච්චර කාලෙකට කලින් හොයාගත්ත දෙයක් කියලා හිතම්න නැතුව ඇති. Me too... 🙂ඉතින් ඒතමයි Bluetooth වල පළවෙනි version එක. නැත්තන් 1.0 version එක. මේවෙද්දි latest ම version එක තමයි 5.2 🙂❤️
එතකොට කොහොමද මේ technology එකට "Bluetooth" කියන නම ආවේ?🤔 සමහරු මේ කතාව අහලත් ඇති. මේ technology එකට ඔින වෙන කෙටි පරාසයක් තියන ගුවන්විදුලි තරංග හදන්න company 3 ක් වෙන වෙනම වැඩ කරා. ඒ තමා අපි හැමෝම දන්න Intel, Ericsson & Nokia. 😙 පස්සෙ මෙයාලා කතා වුණා මේකට තනි standard එකක් හදන්න. ඒ කිව්වෙ එක protocol එකක්. මෙතෙන්දි Intel එකට වැඩ කරේ Jim Kardach කියන පොර.❤️ ඉතිම් මේ Jim , Viking රජෙක් ගැන තියන ඉතිහාස පොතක් කියවලා තිබ්බා. ඒ රජාගෙ නම වුණේ "Harald Bluetooth Gormsson".🙃 කතාවෙ තිබ්බ විදිහට පොර Denmark & Norway කියන රටවල් දෙක එක්සත් කරලා තියනවා. ඉතින් මෙයාලා මේ හදන්න යන technology එකෙන් කරන්න යන්නෙත් device දෙකක් connect කරන එක හින්දා මේකට ගැලපෙනම නම අර Viking රජාගෙ නම වුණ Bluetooth කියලා Jim කියනවා. 😍 අන්තිමේදි ඒ නමත් එක්ක මේ technology එක ලොකු දුරක් යනවා. අර රජාටත් ඇත්තටම නිල් දතක් තිබ්බා හැබැයි. 😙❤️
Copied 🌝
.
බලා🌝 වැල පෙමි 😢
කෝස් එක දෙස 👀
ගෙදරින් කරන්න 🙃
එපා කිවු නිසා 🙁
කරුමේ තමා 🙃
මේ අපේ 😶
"ලංකාවේදී නොමිලේ සිංහලෙන් උගන්වන cybersecurity course එකක් කරමු.
එක program එකයි course 3යි.ඔක්කොම නොමිලේ සිංහලෙන් උගන්වන්නේ.මේ සඳහා ලියාපදිංචි වීමට පහත සඳහන් Telegram Group එකට join වෙන්න.ලියාපදිංචිය සැප්තැම්බර් මස 10 වනදායින් අවසන් වේ.
ඔබ දන්නවානේ මේ Cisco Networking Academies 1997 දී ආරම්භ කරන ලදී. ඒක අද වන විට රටවල් 180ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා Cisco Networking Academy 12000 වැඩි අතර 26000 කට වැඩි Certified උපදේශකවරු සිටින ආයතනයක් වේ. ඉතින් හිතලා බලන්නකෝ කොච්චර ව්‍යාප්ත වෙච්ච ආයතනයක්ද කියලා.දනන්වද තව දෙයක් මේ Cisco Academy වලින් මුළු ලෝකයම පිළිගන්නා Courses 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර ඒ හැම Course එකකටම ලොව පුරා පිළිගන්නා සහතිකපත්ද ලබා දේ.. ඔබ දන්නවද ඒ හැම Course එකකටම ලෝකයේ පිළිගන්නා Exam එකකුත් තියෙනවා කියලා. ඉතිං අන්න එහෙම course කිහිපයක් තාම අපි මේ online කරන්න හදන්නේ නොමිලේම Cisco WebEx හරහා.
මුල්ම course එක තමා,
01. Introduction to Cybersecurity
මෙන්න මේ course එකෙන් තමා අපේ මේ වැඩසටහන පටන් ගන්නේ. මේකෙනම් තියෙන්නේ Basic Cybersecurity තමා.හැබයි මෙන්න මේ course එකෙන් අපි කථා කරනවා..
Cybersecurity
Cybersecurity Best Practices
Network Vulnerability
Privacy and Data Confidentiality
Threat Detection
Malware
මෙන්න මේ කියන key point ටිකට අමතරව අනිවාර්යෙන්ම මෙන්න මේවත් කථා කරනවා.
ඔයාගේ Facebook Account එක ආරක්ශිතද ?
ඔයාගේ Facebook Account එක Secure කර ගන්නේ කොහොමද?
Smart Phone එකේ data වෙන කෙනෙක් ඔයාට හොරෙන් බලනවද ?
ඔයාගේ Smart Phone එක නැති උනොත් මොකද කරන්නේ ?
මෙන්න මේ ටික ඉවර වෙන්න ආසන්න විදියට දවස් 06ක් විතර යයි. දවසටම කරන්නේ පැය 2යි online.
තව දෙයක් මේ සඳහා Cisco Network Academy එකෙන් ඔයාලට LMS එකක් හදලා දෙනවා එකේ Introduction to Cybersecurity නමින් curriculum එකක් තියෙනවා ඔයාලට එකෙන් වැඩි දුර තොරතුරු ලබා ගන්න ඉගෙන ගන්න පුළුවන්. මේ දවස් 06ක කාලය ඉවර උනාම ප්‍රශ්ණ 25ක් තියෙන online MCQ paper එකක් තියෙනවා. ඒ paper එකේ pass mark එක 70. 70ක් අරන් pass වෙන කෙනා හට ලෝකෙම පිළිගන්න Certificate එකක් හම්බෙනවා.හැබැයි එක හම්බෙන්නේ course එකේ Final exam එක complete කරන අයට විතරයි. ඒ complete කරන අයට සහතික පත්‍රයට අමතරව digital badge එකක් හම්බෙනවා. හොඳේ..
හරි අපි යමු දෙවැනි course එකට..
02. Introduction to IoT
මෙන්න මේ course එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ Basic Level Digital Transformation පැත්ත.ඒ වගේම අපි මේකෙදි කථා කරනවා අළුත් technology පැත්ත , Artificial Intelligence පැත්ත සහ importance of the new Intent Based Networking කියන පැතිකඩයන් සම්බන්ධව කථා කරන්න බලා පොරොත්තු වෙනවා. මෙන්න මේ ටිකත් ඉවර වෙන්න ආසන්න විදියට දවස් 10ක් විතර යයි. මොකද දවසටම කරන්නේ පැය 2යි online.
තව දෙයක් මේ සඳහා ද Cisco Network Academy එකෙන් ඔයාලට LMS එකක් හදලා දෙනවා එකේ Introduction to IoT නමින් curriculum එකක් තියෙනවා ඔයාලට එකෙන් වැඩි දුර තොරතුරු ලබා ගන්න ඉගෙන ගන්න පුළුවන්. මේ දවස් 10ක කාලය ඉවර උනාම ප්‍රශ්ණ 35ක් තියෙන Online MCQ paper එකක් තියෙනවා. ඒ paper එකේ pass mark එක 70. 70ක් අරන් pass වෙන කෙනා හට Certificate එකක් හම්බෙනවා හැබැයි එක හම්බෙන්නේ course එකේ Final exam එක complete කරන අයට විතරයි. ඒ complete කරන අයට සහතික පත්‍රයට අමතරව digital badge එකක් හම්බෙනවා. හොඳේ..
හරි අපි යමු තුන්වෙනි course එකට..
03. Networking Essential
මේක ගැන කථා කරනවානම් සැළකිය යුතු දේවල් ගොඩක් තියෙනවා කථා කරන්න. මේ course එකෙන් අපි පහත සඳහන් කොටස් කථා කරන්න හිතාගෙන ඉන්නවා.
Basic Networking and Network Concepts
Integrated Wireless Router
IPv4 and IPv6 Fundamentals
SOHO Network
Standards and Protocols
Wireless Network
Basic Network Security
මතක තියා ගන්න මේ course එක සඳහා ද Cisco Network Academy එකෙන් ඔයාලට LMS එකක් හදලා දෙනවා එකේ Networking Essentials කියලා curriculum එකක් තියෙනවා ඔයාලට එකෙන් වැඩි දුර තොරතුරු ලබා ගන්න ඉගෙන ගන්න පුළුවන්. මේකනම් දවස් 15ක විතර උගන්වන වෙනවා.උගන්වලා ඉවර වෙලා ප්‍රශ්ණ 50ක් තියෙන online MCQ paper එකක් තියෙනවා. ඒ paper එකේ pass mark එක 70. 70ක් අරන් pass වෙන කෙනා හට Certificate එකක් හම්බෙනවා හැබැයි එක හම්බෙන්නේ course එකේ Final exam එක complete කරන අයට විතරයි. ඒ complete කරන අයට සහතික පත්‍රයට අමතරව digital badge එකකුත් හම්බෙනවා. හොඳේ.
මේ සඳහා ලියාපදිංචි වීමට පහත සඳහන් Telegram Group එකට join වෙන්න.
https://t.me/ciscofreecourse
ලියාපදිංචිය සැප්තැම්බර් මස 10 වනදායින් අවසන් වේ."
"ඔක්තෝබර් 5 වන දින Windows 11 නිකුත් කරන බව Microsoft නිවේදනය කරයි.
News
•
Windows 11 සුදුසුකම් ලත් පරිගණක සදහා ලබාදීම ඔක්තෝබර් වන දින සිදුකරන බව Microsoft නිවේදනය කරනවා. නව යාවත්කාලීන කිරීම් ලබාදීම අදියර වශයෙන් සිදුවේ. මුලින්ම සුදුසුකම් ලත් උපාංග වෙත යාවත්කාලීන කිරීම් ලබාදෙනු ඇත. වින්ඩෝස් 11 යාවත්කාලීන කිරීම් ලබාගැනීමට ඔබගේ පරිගණකයේ වයස හා දෘඨාංග අවශ්‍යතා හා අනෙකුත් කරුණු සලකා බලනු ඇත.
කෙසේ උවත් එලිදැක්වීමේදී නිවේදනය කරන ලද සියලුම විශේෂාංග එදිනට ලබානොද්. උදාහරණයක් ලෙස Android App ධාවනය කිරීමේ පහසුකම. කෙසේ උවත් ඒවා පියවරයන් වශයෙන් Updates ලෙස ඉදිරි වසර ඇතුලත ලබාදෙනු ඇත.
ඔබගේ Windows 10 උපාංගයේ Update Settings වෙත ගොස් ඔබට Windows 11 වෙත මාරුවීමේ හැකියාව ඇතිද යන්න. පරික්ෂා කර බැලිය හැකිය. Windows 11 වෙතට මාරුවීමේ හැකියාවක් නැති බව පෙන්වන උපාංග වලට USB Drive මගින් Windows 11 ස්ථාපනය කල හැකි උවත් එහිදී උපාංගයේ ක්‍රියාකාරීත්වය ගැන සමාගම වගකියනු නොලබයි."
🎭෴චැප් ලින්෴🎭
🟡හැමෝම ගෙදරට වෙලා ඉන්න මේ දවස්වල හිනා වෙලා සතුටින් ඉන්න එක කොච්චර වැදගත්ද?
🟡එහෙනම් ඒකට හරියනම තැන තමයි චැප් ලින් කියන්නෙ.
🟡කෙටියෙන්ම කිව්වොත් මේක ඔයාලගෙ සතුට වෙනුවෙන්ම හදපු චැනල් එකක්.
🔵Memes බලන්න.
🔵Funny posts බලන්න.
🔵Funny videos බලන්න.
🔵සුපිරි Facts හොයාගන්න.
🔵අලුත් යාලුවො හොයාගන්න.
🔵ඇතිවෙනකම් chat කරන්න.
🔵සුපිරි Events වලට සෙට් වෙලා දිනන්න.
🟢සුවහසක් චැප්ලින්වරුන් එකතුවෙන අපේ චැනලයට ඔබත් අදම එකතු වෙන්න.
♥️ඇවිල්ලම වෙනස වටහාගන්න.
✅පහල Buttons වලින් එකතු වෙන්න.
👇👇👇👇👇👇👇👇👇👇👇👇
"iOS devices සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ලබාදීමට කටයුතු කරයි
Clubhouse app එක ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් අහල තියෙනවා වගේම නැතුවම බැරි audio based සමාජ මාධ්‍යක් කිව්වොත් නිවැරදියි. ඉතින් මේ Clubhouse කියන audio based platfom එකෙහි මුල්ම සංස්කරණය නිකුත් කලේ iOS devices භාවිතා කරන්නන් සඳහා පමණක් වුවත්, මේ වනවිට ඉන් ඔබ්බට ගොස් Android පරිශීලකයන් සඳහාත් මේ app එක ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
පසුගිය මාසයේදි Clubhouse සේවාවෙන් beta විශේෂාංගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, invite එකක් නොමැතිව app එකට සම්බන්ධ විය හැකි අකාරයක් හඳුන්වාදුන් අතර මේ වනවිට, Clubhouse තුළ දිනකට rooms 600,000 ක් පමණ create වන බවත්, ප්‍රතිශතයක් වශයෙන් පුද්ගලයෙකු දිනකට මිනිත්තු 60 කට වඩා මෙම platform එක තුළ රැදී සිටින බවත් Clubhouse ආයතනය වාර්තා කරනවා.
දැනටමත්, වෙනත් Streaming platforms සඳහා ද විවිධාකාරයෙන් Spatial Audio තාක්ෂණය යොදාගනු ලබන අතර මීට පෙර ලිපියකින් iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහාය ලබාදීමට Netflix ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
iPhone සහ iPad සඳහා වන Netflix App එකට Spatial Audio සහාය ලබාදීමට Netflix ආයතනය කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ Music Streaming platform එක වන Apple Music සඳහා Spatial Audio පහසුකම ඇතුළු වීශේෂාංග කිහිපයක් හඳුන්වාදීමෙන් අනතුරුව බොහෝ පිරිසකගේ අවධානයට Spatial Audio පහසුකම
කෙසේවෙතත්, Spatial Audio පහසුකම තවමත් භාවිතා කිරීමට හැකියාව ඇත්තේ iOS based devices සඳහා වීමත් විශේෂත්වයක් වන අතර iOS සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ලබාදීම පිළිබඳව Clubhouse නිළ twitter ගිණුම හරහා tweet එකක් පළ කිරීමටද Clubhouse ආයතනය කටයුතු කර තිබෙනවා.
මෙම spatial audio තාක්ෂණය මගින්, ත්‍රිමාණ අතත්‍ය (virtual) අවකාශයක් පරිශීලකයා තුල ඇති කිරීම මගින් Clubhouse සංවාදයකට සවන් දෙන පරිශීලකයන් හට සැබෑ ලෙස මිනිසුන්ගෙන් පිරුණු කාමරයක සිට එම සංවාදයට සහභාගි වන ආකාරයේ අත්දැකීමක් ලබාගැනීමට හැකියාව හිමිවෙනවා. එමෙන්ම, මේ තාක්ෂණය bluetooth හෝ wired headphones සමඟ හොඳින් ක්‍රියා කරන බවද වාර්තා වෙනවා.
මෙම spatial audio තාක්ෂනය තවමත් clubhouse භාවිතා කරන Android පරිශීලකයින් සඳහා ලබාදී නොමැති අතර ඉක්මනින් Android සඳහා වන Clubhouse සංස්කරණයටත් Spatial audio සහය ලබාදීමට කටයුතු කරන බව Clubhouse ආයතනයේ නිළ blog අඩවියේ සඳහන් කර තිබෙනවා.
මේ වනවිටත් iOS සඳහා වන Clubhouse app එකට spatial audio සහාය ඔවුන්ගේ නවතම Clubhouse සංස්කරණයත් සමග ලබාදීමට කටයුතු කර තිබෙන අතර Apple App Store එක හරහා Clubhouse app එකෙහි latest version එකට update කිරීමෙන් මෙම පහසුකම ලබාගැනීමට හැකියාව තිබෙනවා.
එමෙන්ම, ඔබට අවශ්‍ය පරිදි Spatial audio පහසුකම enable හෝ disable කිරිමට iOS devices සඳහා වන Clubhouse app එක හරහා හැකියාව තිබෙනවා."
