🥶මේ වගේ දේවල් දකිද්දී, ඔනිම කෙනෙක්ට හිතෙන සරලම දේ තමයි ඔයාලා මේ ඉගෙන ගන්න දේවල් අනාගතයට වැඩක් වෙන්නේ නැති වෙයිද කියලා.
අපි සරලව මෙහෙම ගන්න කෝ, දැන් මේක හරහා අපිට Coding Skill එකක් නැතුව අපිට අවශ්‍ය දෙයක් හදාගන්න පුලුවන් ඒක හරි, ඒත් Code එකක් කියවන්න නම් අපිට Coding Skill එක තියෙන්න ඔනි.
මොකද ඔයා Ai වලින් English Text එකක් Generate කරාට, ඒක කියවගන්න නම් ඔයාට English දැනුමක් හරි ඒක Translate කරගන්න විදිහක් හරි ඔනි නේ.
එතකොට Ai වලින් එකම විදිහේ Prompt වලට, Codes Write වෙද්දී ඔව්වගේ තියෙන අඩුපාඩු ඔය ඉන්න Hackers ලා විසින් හොයන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ Ai වලින් එක එක දේවල් නිපදුවත්, ඒවා ඔය Hackersලට Hack කරන්න ලේසී වෙනවා...
අන්න ඒකයි අපි හැමවෙලේම කියන්නේ, ඔයාලට Ai නෙවෙයි මොනා ආවත් මේ Hacking Skill එක ඉස්සරහට මාරටම වැදගත් වෙනවා කියලා. මොකද අපිට Ai වලින් Hacking කියන දේ Automate කරන්න පුලුවන්. ඉතිම් එහෙම කරත්, මනුස්සයෙක් හිතන විදිහ ai එකකට හිතන්න බෑ.
මොකද මනුස්සයෙක් විවිද පරාස ගණනාවකට හිතනවා නේ, ඒක ඉතිම් Ai වලට කරනවා කියන එක ලේසී දෙයක් නෙවෙයි.
හරි අපි හිතමු කෝ මනුස්සයෙක් විදි 100 කට හිතනවා කියලා. අපි කොහොම හරි ai එකට ඒ මනුස්සයා හිතන විදි 100ම පුරුදු කරා කියමු කෝ, ඒත් ඉතිම් Hacker කෙනෙක් කියන්නේම වෙනස් පුද්ගලයෙක් නේ,
ඉතින් ඔය නිකමට හරි ඔතන ඉන්න Hacker කෙනෙක් හිතලා, ඊට පස්සේ ai එකට පුරුදු කරපු එයා හිතන විදි 100න් එහාට 101 වෙනි විදිහට හිතලා මනුස්සයෙක් දෙයක් කරොත්, අන්න එතකොට ඉතිම් මොකද වෙන්නේ Ai වලට මිනිස්සු එක්ක තරග කරන්න බැරි වෙනවා.
🤭හැබැයි ඉතිම් ai හින්දා අපිට වැඩපහසු වෙනවා.
ඒ කියන්නේ අපි මෙච්චර කල් කෝඩ් එකක් ලියන්න දවස් 5ක් ගත්තා නම් , දැන් ai එක්ක ඒ දේ පැය 2 න් කරගන්න පුලුවන්. ඒක ඉතිම් එක පැත්තකට වාසියක් නම් තමයි. ඒත් ඉතිම් ඒකත් එක්ක වෙන්නේ ඔය මිනිස්සු තාර්කිකව හිතන එක තවත් අඩු වෙන එක.
සරලව මෙහෙම ගන්න කෝ, දැන් Doctor කෙනෙක් ඉන්නවා කියලා.
ඉතිම් එයා දැනට අවුරුදු 100 කට විතර කලින් Doctor කෙනෙක් වුනා නම්, එයාට අභියෝග රැසකට මුහුන දෙන්න සිද්ද වෙනවා නේ. ඒකියන්නේ ඒ අය රෝගවලට බෙහෙත් දන්නෑ, තාක්ශණයේ දියුනුවක් නැහැ, අන්න ඒක හින්දා ඒ කාලේ Doctor කෙනෙක් කරේ , එක්කෝ එකම දෙයක් හැමදේම වෙනුවෙන් කරා, ඊට පස්සේ ඒ හැමදේම වෙනුවෙන් එකම දේ හරියන්නේ නෑ කියලා තේරුම් ගත්තයින් පස්සේ තව හිත හිතමේ වෙද්දී එක එක රෝගවලට විවිද විවිද පොදු විසදුම් හොයලා තියෙනවා නේ.
එතකොට Doctor කෙනෙක් දැන් කරන්නේ, අන්න ඒ විසදුම් ඔක්කෝම ගැන ඉගෙන ගෙන, ඊට පස්සේ ඒ විසදුම් එක්ක ගණුදෙනු කරන එක නේ.
නැතුව මේ දැන් Doctor කෙනෙක්, කවුරු හරි ඔලුව රිදෙනවා කිව්වම, ඔලුව හිල් කරලා බලමු කියන්නෑනේ. ඒකට සම්මත විසදුමක් තියෙනවා, අන්න ඒක අනුව ප්‍රතිකාර කරන එකයි දැන් සිද්ද කරන්නේ.
අන්න ඒ වගේම තමයි. AI දියුනු වුනත්, ඒකෙන් වෙන්නේ සම්මත විසදුම් නිර්මාණය වෙන එකයි.
ඉතිම් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ Ai එක්ක වැඩ කරන්න ඉගෙන ගෙන, ඊට පස්සේ ඒ දේවල් එක්ක ගණුදෙනු කරන්නයි.
අන්න එතනදී වෙනස් විදිහට හිතන අයටයි ලොකු අවස්ථාවක් ඉස්සරහට උදා වෙන්නේ. මොකද මොන ai එකක් තිබ්බත්, මොන දේ automate කරත්, මනුස්සයෙක් හිතන විදිහට කිසිම දේකට වැඩ කරන්න බැහැ
😉අන්න එතකොට Doctors ලට අවශ්‍ය බෙහෙත් ටික, ඒ කියන්නේ විසදුම් ටික හොයලා දෙන්න Scientists ලා ඉන්නවා වගේ, Ai එක්ක වැඩ කරද්දී ඔයාලට ඒවගේ එන ගැටලු වලට විසදුම් හොයලා දෙන්න, Programmersලා, Ethical Hackersලා, Ai Engineers ලා ඉදීවී...
අන්න එතනදී ඔයාලා ඔලුවේ තියාගන්න ඔනි එකම දෙ තමයි, Doctor කෙනෙක් වෙන්න ලේසී නෑනේ. ඒකට සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.
අන්න එතකොට දැන් ඔය එහෙන් මෙහෙන් අටවගෙන වැඩ කරන අයට ජොබ් නැති වෙලා, පිලිවෙලට ලොකු දැනුමක් තියෙන අයට අනාගතයේදී Job හිමි වෙනවා...
අන්න ඒකයි ඉතිම් සරලව වෙන්නේ. මොකද ඉස්සර හැමදේම කරේ ඔය ආයුවේද කියාගත්ත සමහර ඔහේ හිටපු අය නේ.
ඒත් දැන් ඒ අය වලපල්ලට ගිහිල්ලා, දැන් ඉන්නේ උගත්, පිලිවෙලට ඉගෙන ගත්ත Doctors ලා නේ...
අන්න ඒ විදිහටම තමයි දැන් මේ IT ක්ශේත්‍රයටත් වෙන්න යන්නේ...
ඒක හින්දා ඉතිම් තමන්ගේ Skill එක හොදටම හදාගන්න. එතකොට ඉතිම් ආය අඩ අඩ ඉන්න ඔනි නෑ පස්සේ Job නැති වුනා කියලා...😉
මොකද ඉතිම් තමන් අනුවර්තනය උනේ නැත්නම්, අනිවාරයෙන්ම විනාශ වෙන්න තමයි සිද්ද වෙන්නේ කියලා මතක තියාගන්න...
♥️EXTRAORDINARY THINKERS(PVT)LTD♥️