872
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-1030 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
فبراير '26
فبراير '260
في 0 قنوات
يناير '26
+6
في 0 قنوات
Get PRO
ديسمبر '25
+5
في 0 قنوات
Get PRO
نوفمبر '25
+9
في 0 قنوات
Get PRO
أكتوبر '25
+2
في 0 قنوات
Get PRO
سبتمبر '25
+13
في 0 قنوات
Get PRO
أغسطس '25
+18
في 0 قنوات
Get PRO
يوليو '25
+10
في 0 قنوات
Get PRO
يونيو '25
+16
في 0 قنوات
Get PRO
مايو '25
+9
في 0 قنوات
Get PRO
أبريل '25
+23
في 0 قنوات
Get PRO
مارس '25
+18
في 0 قنوات
Get PRO
فبراير '25
+7
في 0 قنوات
Get PRO
يناير '25
+11
في 0 قنوات
Get PRO
ديسمبر '24
+8
في 0 قنوات
Get PRO
نوفمبر '24
+2
في 0 قنوات
Get PRO
أكتوبر '24
+9
في 0 قنوات
Get PRO
سبتمبر '24
+9
في 0 قنوات
Get PRO
أغسطس '24
+13
في 0 قنوات
Get PRO
يوليو '24
+8
في 0 قنوات
Get PRO
يونيو '24
+15
في 0 قنوات
Get PRO
مايو '24
+18
في 0 قنوات
Get PRO
أبريل '24
+7
في 0 قنوات
Get PRO
مارس '24
+29
في 0 قنوات
Get PRO
فبراير '24
+50
في 0 قنوات
Get PRO
يناير '24
+68
في 0 قنوات
Get PRO
ديسمبر '23
+68
في 0 قنوات
Get PRO
نوفمبر '23
+50
في 0 قنوات
Get PRO
أكتوبر '23
+69
في 0 قنوات
Get PRO
سبتمبر '23
+77
في 0 قنوات
Get PRO
أغسطس '23
+128
في 0 قنوات
Get PRO
يوليو '23
+156
في 0 قنوات
Get PRO
يونيو '23
+830
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 18 فبراير | 0 | |||
| 17 فبراير | 0 | |||
| 16 فبراير | 0 | |||
| 15 فبراير | 0 | |||
| 14 فبراير | 0 | |||
| 13 فبراير | 0 | |||
| 12 فبراير | 0 | |||
| 11 فبراير | 0 | |||
| 10 فبراير | 0 | |||
| 09 فبراير | 0 | |||
| 08 فبراير | 0 | |||
| 07 فبراير | 0 | |||
| 06 فبراير | 0 | |||
| 05 فبراير | 0 | |||
| 04 فبراير | 0 | |||
| 03 فبراير | 0 | |||
| 02 فبراير | 0 | |||
| 01 فبراير | 0 |
منشورات القناة
Repost from N/a
⛈
විපතට පත් අපේම දරුවෙන් වෙනුවෙන් මේ පණිවිඩය දන්න කියන හැමෝටම Share කරන්න..❗️
ඔබ වෙනුවෙන් අපි ❤️🩹
ඇති වූ ව්‍යවසනය හමුවේ අසරණ වූ රටේ සුවහසක් දරුවන්ගේ වගකීම අපි භාරගන්නෙමු. දැනට නැති වෙලා තියෙන රසායන විද්‍යා සියලුම සටහන්, සියලුම නිබන්ධන ඔබට ලබාදීමට අපි සූදානම්.💌 ඔබ දන්න කියන කවර හෝ දරුවෙකු මෙම ව්‍යවසනය හමුවේ අවතැන් වී, අසරණ වී සිටීනම් මේ පණිවිඩය ඒ හැමෝටම ලබාදෙන්න. ⚠ SHARE PLEASE 📲 මේ සියල්ලම සමග ඔබේ උසස් පෙළ විභාගය දක්වාම නොමිලේම රසායන විද්‍යා විෂය උගන්වන වගකීම අපි භාරගන්නෙමු.🤝 මේ සියලු කටයුතු ඉදිරියේදී ඇරඹෙන තෙක් පහත Link එක මඟින් Whatsapp Community එකට සම්බන්ධ වී සිටින්න.❤️ 🍃 WhatsApp Community:- https://chat.whatsapp.com/EBm1S3kyB4k6mEMdOWNejL මේ මොහොතේ ඔබ වෙනුවෙන් කල හැකි සියල්ල ඉටුකර දීමට අප කණ්ඩායම සූදානම්.🔥
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස| 2 | ලෝකයේ බිහිවුණු විශිෂ්ඨතම anime නිර්මාණය බවට බොහෝදෙනා සලකන්නේ Attack on Titan නිර්මාණයයි. 2013 වර්ෂයේදී ප්‍රථම වරට නිකුත් වු Attack on Titan ආරම්භයේ ඉඳලාම ඉහළ සහ විශිෂ්ඨ ප්‍රේක්ශක ප්‍රතිචාර හිමිකරගත්තේ ලෝව පුරා දැවැන්ත ප්‍රේක්ශක ආකර්ශණයක් හිමි කරගනිමින්. Hajime Isayama ගේ manga නිර්මාණයකට ජීවය ලබාදුන්නු මේ කතාමාලාව සමාන්‍ය anime කතාමාලාවන්ගෙන් ඔබ්බට ගියේ තරමක සුවිශේෂී ගැඹුරු කතා මාලාවක් සහිතවයි.
කතාවට පාදක වෙන්නේ මිනිසුන්ව විනාශ කරන විශාල titan ලාගෙන් බේරෙන්න ලොකු තාප්ප 3ක් ඇතුලේ ජීවත් වෙන මිනිසුන් සමූහයකුයි. Eren Yeager කියන පිරිමි ළමයා වටා ගෙති යන මේ කතාව බලන ඕනේම කෙනෙක්ට හිතෙන්නේ මේක රුඳුරු titan ලාගෙන් බේරෙන්න මිනිස්සු ගන්න උත්සාහයන් සමුහයකින් සමන්විත dark fantasy වර්ගයේ කතාවක් කියලයි. ඒ වුනාට මේකේ තියෙන ඇත්තම කතාව ඒකම නෙමෙයි. Heroes ලා සහ villains ලා ඉන්න, හොඳ අය සහ නපුරු අය අතර ඇතිවන ගැටුම් වලින් සමන්විත අනිත් fantasy වර්ගයේ කතාවන් වගේ නෙමෙයි Attack on Titan එකේ ඇත්තටම heroes ලා සහ villains ලා නැහැ. හැමෝගෙම කෝණයෙන් බලද්දී හැමෝම කරන්නේ හරිදේයි, හැමෝටම කරන හැමදේටම motive එකක් තියෙනවා. ඒ වගේම සම්පූර්ණ කතාව උඩු යටිකුරු කරන plot twists ගොඩක්ම මෙහි අන්තර්ගත වෙනවා. ප්‍රාකාර 3න් පිටතම තියෙන ප්‍රකාරය වන Maria හි බිඳවැටිමත් සමඟම ආරම්භ වන කතාව අවසානය තෙක් ගලායන්නේ නරඹන්නන් කිසිසේත්ම අපේක්ශා කරන්නේ නැති සිඳුවීම් මතිනුයි. ඒ නරඹන්නන් කුතුහලයෙන්, ත්‍රාසයෙන් වගේම කියන්න බැරි හැඟීම් ගොඩකින් අන්තිම වෙනකල්ම රඳවා තඹා ගනිමින්.
මේකේ character development එක, animation style එක සහ අනිත් සියළුම දේ ඉතාමත් හොඳින් WIT සහ MAPPA studios විසින් නිර්මාණය කරලා තියෙනවා. Mikasa, Armin, Levi වගේ චරිත වල ගැඹුර සහ සංකීර්ණත්වය, වර්තමානය, අතීතය සහ අනාගතය එකට සම්බන්ධ කරගෙන සහ ඒ ඒ ගන්න හැම තීරණයක්ම කතාව වෙනස් වෙන්න බලපාන්නේ කොහොමද කියලා ඔයාට මේකෙන් බලාගන්න පුළුවන්.
ජපානයේ විතරක්ම නෙමෙයි ගෝලීය දර්ශන වාර උඩුයටිකුරු කරන්නට සමත් වුනු මේ නිර්මාණය සම්මාන රාශීයක්ද හිමිකරගත්තා. ඒ වගේම මේ කතාවේ අවසානය අදටත් බොහෝ දෙනා අතර කතාබහ කෙරෙන දෙයක්. 9.1/10 ක ඉහළ IMDb අඟයක් හිමිකරගත්තු Attack on Titan, episodes 89 කින් සමන්විත වෙනවා. ඔයා thriller, action, mystery සහ dark fantasy වගේ කතාවලට කැමැති කෙනෙක් නම් මේක අනිවාර්යෙන්ම බලන්න ඕනේ එකක්. මේ ගැන ඔගෝල්ලන්ගේ අදහසුත් comment එකක් විදිහට දාන්න.. | 261 |
| 3 | لا يوجد نص... | 200 |
| 4 | අප විසින් විශ්වයට නිකුත් කරන ලද විද්‍යුත් චුම්භක රේඩියෝ තරංග මේ වන විට අවම වශයෙන් වත් ආලෝක වර්ශ 60කට වඩා විහිද ගොස් ඇත. නමුත් අපට කිසිදාක ඒවා හට පිළිතුරක් ලැබි නොමැති අතර පෘථිවියට පිටතින් නිර්මාණය වූ අර්ථවත් රේඩියෝ තරංඟයක් ද අප වෙත ලැබී නොමැත. මෙම තරංඟ ආලෝකයේ වේගයෙන් ගමන් කලද, විශ්වයේ විශාලත්වය හා සෑසදීමේදී ඒවායේ වේගය අතිශයින් කුඩා අඟයක් වේ.
දශක ගණනාවක් පුරාවට කෙතරම් දියුණු අකාරයන් වල තාක්ශණයන් භාවිත කලද අපට අවම තරමින් බුද්ධිමත් හෝ බුද්ධිමත් නොවන, ප්‍රාථමික හෝ පෘථිවියෙන් පිටතදී නිර්මාණය වූ එක් අන්වීක්ෂීය බැක්ටීරියාවක්වත් හෝ ඔවුන් පිළිබදව කිසිදු සාක්ෂියක්වත් අද වනතෙක් හමුවී නොමැත......
එතකොට කොහෙද මේ අනිත් අය ඉන්නේ?
ඔවුන් අපෙන් සැඟව සිටින්න උත්සාහ කරනවාද?
අපිට කලින් නිර්මාණය වුනු සියළුම ජිවීන් විවිධ හේතූන් නිසා න්‍යශ්ඨ වී ගොස් ද?
නැත්තම් විශ්වයේ ජීවයකට සිටිනුයේ අපි විතරක්මද?
නැත්තම් පිටසක්වල ජීවය අපි හිතාගෙන ඉන්න පෘථිවියේ ජීවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ශක්තීන්, මානයන්, භෞතික සහ රසායනික ලක්ෂණ වලින් සමන්විත ද? නැතිනම් බුද්ධිමත් ජිවීන් දෙවර්ගයක් අතර විශ්වය හරහා සන්නිවේදනය ස්භාවධර්මය මඟින් වලක්වා ඇතිද?
කෙසේ වෙතත්, අඟහරු ග්‍රහයා මතදී හෝ විශ්වයේ මොන යම් හෝ තැනකදී එක් අන්වීක්ෂීය බැක්ටීරියාවක් හමු වුවහොත් එය මානව ඉතිහාසයේ තවත් විශිෂ්ඨතම සොයා ගැනීමක් වනු ඇත. එය මඟින් පරිණාමයේ ගලා යෑමක් ගොඩ නගන අතර, විශ්වයේ සෑම තැනකම යම් හෝ ආකරයක කෝස්මික, රසායනික සහ ජීව විද්‍යාත්මක සමානාත්මතාවයක් පවතින බව හෙළි කරනු ලබන අතර ජීවය කිසිවෙකුගේ නිර්මාණයක් නොවන බව සනාථ කරලනු ඇත.
එබැවින්, තමාගේ විශ්වීය අසල්වැසියන් හමුවනතෙක් මිනිසාගේ කුතුහලය කිසිදාක නොසන්සිදෙනු ඇත.
© පදාර්ථ - Padaartha
https://www.facebook.com/share/19xCeqwcSi/ | 379 |
| 5 | لا يوجد نص... | 300 |
| 6 | මෙම විශිෂ්ඨ සොයාගැනීම් සමූහය කාබනික සහ ලෝහ අයන යොදා ගනිමින් නිර්මාණය කරලිය හැකි ව්‍යුහයන් පිළිබඳව කිසිවෙකු නොදැන සිටි ආකාරයේ දැනුම් සම්භාරයක් විද්‍යාව වෙනුවෙන් නිර්මාණය කරන්නට සමත්වුනා. ස්වීඩනයේ Royal Swedish Academy of Sciences විසින් ප්‍රදානය කරනු ලබන රසායන විද්‍යාව සඳහා වෙන්වුනු 117 වන නොබෙල් ත්‍යාගය “for the development of metal–organic frameworks” යන සොයාගැනීම සඳහා හිමිවූනේ අවිවාදාත්මකව මානව ඉතිහාසයේ වූ තවත් විශිෂ්ඨතම සොයාගැනීමක් බවට එය පත් කරලමිනි.
#CharithaDissanayake #chemistrytutor #chemistry #NobelPrize #NobelPrizeWinner | 303 |
| 7 | 2025 වර්ෂයේ රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනමනු ලබන නොබෙල් ත්‍යාගය පසුගිය සතියේ ප්‍රදානය කරනු ලැබුවේ රසායන විද්‍යාව විසින් ළඟා කරගත් තවත් එක් විශිෂ්ඨතම සොයාගැනීමක්වූ Susumu Kitagawa, Richard Robson සහ Omar M. Yaghi යන විද්‍යාඥවරුන්ගේ metal–organic frameworks (MOFs) එසේත් නැතිනම් ලෝහ-කාබනික සැකසුම් ආකෘත්‍රීන් සඳහායි.
metal–organic frameworks (MOFs) කියන්නේ නවතම ආකාරයක අණුක ව්‍යුහයක් සහිත සංයෝගයන් කාණ්ඩයක්ය. මෙම සංයෝගයන් නිර්මාණය කර තිබෙනුයේ කාබනික අණු වලට සම්බන්ධ කරන ලද ලෝහ අයන වලිනි. මෙයින් නිර්මාණය වන අණු වල ව්‍යුහයන් තුල ප්‍රමාණයෙන් විශාල කුහර පවතින අතර එම කුහර සහිත අණු භාවිතා කරමින් කාන්තාරයන්ගේ සුළඟෙන් ජලය වෙන්කරගැනීමට, විවිධ වූ වායුන් වර්ග එහි ඇතුලත රදවා තබාගැනීමට, විෂ ද්‍රව්‍යය සහ දූෂක ද්‍රව්‍යය ඉවත්කරලීමට, එන්සයිම සහ උත්ප්‍රේරක රදවා තබාගනිමින් රසායනික ප්‍රතික්‍රියාවන් දිරිගන්නවන්න වගේම තවත් බොහෝ ක්‍රියාවලින් එම අණු මඟින් සිඳුකරලීමට හැකියාවක් පවතිනවා.
කාබනික අණු සහ ලෝහ අයන එකට එක්කරමින් මේ වගේ කුහර සහිත අණු නිර්මාණය කරන අදහස මුලින්ම එන්නේ Richard Robson කියන විද්‍යාඥයාටයි. ඒ 1974 තරම් ඈත වර්ෂයකදීයී. කොහොම වුනත් ඔහුට එම අදහස පරීක්ශණ මට්ටම දක්වා රැගෙන එන්න දශකයක් පමණ ගත වුනා. 1989 වර්ෂයේදී ඔහු විසින් කාබන් මූලද්‍රව්‍යය විසින් නිර්මාණය කරන චතුස්තලීය හැඩයක් ඇති දියමන්ති වලට සමාන ව්‍යුහයක් සහිත සංයෝගයක් වූ 4′,4″,4”’,4””-tetracyanotetraphenylmethane අණුව නිර්මාණය කරලනුයේ එහි සෑම කෙළවරකව ඍණ ආරෝපණයක් සහිත වූ නයිට්‍ර්යිල් කාණ්ඩ 4ක් සමඟයි. පසුව මෙවැනි අණු ගණනාවක් Cu+ ලෝහ අයනයන්ගේ උපකාර ඇතැතිව එකිනෙකට සම්බන්ධ කරලනුයේ විවිධ වූ සංයෝග අවශ්‍යය අවස්ථාවන් වලදී ඇතුලත රඳවා තබාගනිමින් පසුව එය නිකුත් කරලීමට හැකියාව දරන අභ්‍යන්තරයේ කුහර සහිත අණුවක් නිර්මාණය කරලමිනි.
කොහොම වුනත් ආරම්භයේදී ඔහු විසින් මෙම අණු වර්ගයන් විවිධ වූ වෙනස්කම් වලට ලක් කරමින් ඒවාටම අනන්‍යය වුනු කාර්යයන් කරන්න පුළුවන් කියලා පෙන්නුවත් තවත් සමහරුන් විශ්වාස කලේ ඒවා එතරම්ම ප්‍රයෝජනවත් නොවන බවයි. මෙවන් අවස්ථාවක Richard Robson සමඟ එක්වුනු Susumu Kitagawa සහ Omar Yaghi විසින් 1992 සහ 2003 අතර කාලයන් වලදී සියල්ලන්ම මවිතයට පත් කරලීමට සමත් වුනු සොයාගැනීම් රාශියක්ම සිඳුකරනු ලැබුවා.
බොහෝ දෙනා ඔවුනගේ පරීක්ශණ ප්‍රයෝජනවත් නොමැති බව පැවසූවත්, ඔවුනට ඔවුනගේ පර්යේක්ශණ සිඳුකරලීමට අවශ්‍යය මුල්‍යමය ආධාර නොමැති වුවත්, ජපන් ජාතික Susumu Kitagawa විසින් විශ්වාස කරන ලද්දේ ප්‍රයෝජනවත් දෙයක් සේ නොපෙනෙන දෙයක් වුවද, කුමන හෝ ආකාරයකින් ප්‍රයෝජනවත් විය හැකි යන්නයි. එම නිසා එතැනින් නොනැවතුනු ඔහු 1992 වර්ෂයේදී කුහර සහිත ද්වීමාන අණු වර්ගයක් නිර්මාණය කරනු ලැබුවා. එය එතරම් ප්‍රයෝජනවත් නොවුනද එතැනින් නොනැවතුනු ඔහු සහ ඔහුගේ කණ්ඩායම 1997 වර්ෂයේදී cobalt, nickel හෝ zinc ලෝහ අයන යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබු 4,4′-bipyridine ත්‍රිමාණ ව්‍යුහයක් සහිත MOF අණුව හට එහි ව්‍යුහය වෙනස් නොකරමින් methane, nitrogen සහ oxygen වායුන් අවශෝෂණය කරලීමට සහ විමෝචනය කරලීමට හැකියාවක් සහිත විය. නමුත් ඒ වන විටත් මහා පරිමාණව භාවිතා කරනු ලැබු zeolites නම් කුහර සහිත ද්‍රව්‍යය හටද මෙවැනිම හැකියාවන් පැවතීම නිසාවෙන් Kitagawa ගේ නිර්මාණයන් එතරම්ම සුවිශේෂී එකක් නොවිනි.
Omar Yaghi යනු ජෝර්දාන ජාතිකයෙකුය. ඇමෙරිකාවේ Arizona විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පර්යේක්ශණ කණ්ඩායමක ප්‍රධානියා වූ ඔහු විසින් 350°C වැනි ඉහළ උෂ්ණත්වයන් වලදීත් ස්ථායීව පැවතිය හැකි metal–organic frameworks නිර්මාණය කරන ලදී. නමුත් එහි වූ සැබෑම විශිෂ්ඨත්වය විඳහා පෑමට ඔහු සමත් වූයේ 1999 වර්ෂයේදී ඔහු විසින් නිර්මාණය කරන ලද MOF-5 අණුවෙනි. එම අණුවෙහි ග්‍රෑම් කිහිපයක් හට පාපන්දු පිටියක වර්ගඵලයටත් වඩා වැඩි වර්ගඵලයක් සහිත වූයේ zeolite ටත් වඩා අති දැවැන්ත ප්‍රමාණයක වායුන් එම කුහරයන් ඇතුලත තබා ගැනීමට ඇති හැකියාව නිසාවෙනි. ඔවුන් පසුකාලීනව වර්ග කිහිපයක MOF නිර්මාණය කරන ලදී.
MOF-303 හට රාත්‍රි කාලයේදී කාන්තාරයන්ගේ ඇති සුළඟින් ජල වාෂ්ප අවශෝෂණය කරගනිමින්, උදෑසන කාලයේදී හිරු රෂ්මියෙන් ලැබෙන තාපය යොදාගනිමින් ඒවා එම කුහරයන්ගේ සිට පිටතට විමෝචනය කරලීමට හැකියාවක් සහිත විය. MIL-101 අණු වර්ගයන් හී ප්‍රමාණයෙන් විශාල කුහර සහිත වන අතර ඒවා හට බොර තෙල් විඝටනය උත්ප්‍රේරණය කරලීමට සහ දූෂිත ජලයෙන් ප්‍රතිජීවක වෙන්කරලීමටත් හැකියාවක් සහිත විය. එපමණක් නොව පරිපථයන් සඳහා අවශ්‍යය අර්ධ සන්නායකයන් නිර්මාණය කරලීමේදී අවශ්‍යය වන විෂ සහිත වායුන් රඳවා තබා ගැනීමටත්, රසායනික ආයුධයන් වල අඩංගු විෂ සහිත වායූන් බිඳ දැමීමටත්, හරිතාගාර ආචරණය අවම කරලීමට කර්මාන්තශාලාවලින් නිකුත් කරන කාබන් ඩයෝක්සයිඩ් වායුන් රඳවා තබාගැනීමටත් ඒවා හට හැකියාව ඇත. | 250 |
| 8 | لا يوجد نص... | 188 |
| 9 | ඒ වගේම මීට දින කිහිපයකට කලින් කොළඹ විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කරන ලද පිළිකා ඖෂධයක් නමින් අසත්‍යය ප්‍රචාරයන් සමාජ ජාලයන් වල සැරිසැරුවා. මේ පුවත සාවද්‍යය එකක් බව කොළඹ විශ්වවිද්‍යාලය විසින්ම නිල වශයෙන්ම ප්‍රකාශ කරලා තිබ්බා. ඒ නිසා මේ වගේ සංවේදී මාතෘකාවන් පිළිබඳව පුවත් නිර්මාණය කරද්දී එහි මුලාශ්‍රය පිළිබඳව සොයාබැලීමක් සිඳු නොකර පුවත් පල කිරීම අනුවණ ක්‍රියාවක්.
මේ නිසාවෙන් නැවතත් මේ වගේ පුවතක් ඔබ දුටුවොතින් හෝ ඒ පිළිබඳව වාර්තා කරනවානම්, එම පුවත සහ මූලාශ්‍රය පිළිබඳව හොඳින් සොයාබැලීමක් සිඳුකොට එය පලකරන ලෙස ඉල්ලා සිටින්නෙමු. මතක තියාගන්න ඕනේ දෙයක් තමයි facebook වැනි සමාජ මාධ්‍යයන් බොහෝ දෙනෙකු භාවිතා කරන නිසාවෙන් සත්‍යය සහ තහවුරු කරන ලද මුලාශ්‍රයන්ගෙන් පමණක් නිකුත් කරන පුවත් සහ වාර්තා කරන එක ඔබේ වගකීමක් කියන එක. එහෙම නැතුව monetization හෝ වැඩි reach එකක් ගන්න හිතෙන හිතන විදිහට අසත්‍යය සහ අසම්පූර්ණ පුවත් සහ ලිපි පල කරලීම ඔබේම අනුවණකම නිරූපණය කරන දෙයක්.
** මෙම ලිපියේ අරමූණ වූයේ පිළිකා රෝගයට අදාල ඖෂධ මුල් කරගනිමින් මාධ්‍යයන් සහ සමාජ මාධ්‍යයන්හි සැරිසරන පුවත් වල සැබෑම ස්වරූපය පෙන්වාලීමයි. මිරිඟුවන් වැනි බලාපොරොත්තු තබාගැනීමට වඩා සත්‍යය දැන සිටිම වඩාත් උචිතයැයි අප සිතමු. තවද කෙදිනකදී හෝ විද්‍යාවේ උපකාර ඇතිව ලෝව වටා රොගීන් සියල්ලන්ම සුව කරලීමට හැකියාවක් ලැබෙනුයැයි කියා අප ප්‍රර්ථනා කරන්නෙමු.
© පදාර්ථ - Padaartha | 271 |
| 10 | ගොඩ දෙනෙක්ගේ තියෙන තවත් ලොකුම වැරදි වැටහීම තමයි පිළිකාව කියන්නේ තවත් එක රෝගයක් කියලා හිතන එක. ඇත්තටම පිළිකාව කියන්නේ ශරීරයේ තියෙන පටකයන්ගෙන් සෑම එකකටම වගේ බලපාන්න පුළුවන් රෝග 200කට වඩා අයත් වන කාණ්ඩයකටයි. මේ ඔක්කොටම තියෙන පොඳු ලක්ශණය තමයි පාලනය කරන්න බැරි සෛල විභාජනය. දේහයේ තියෙන හැම සෛලයකටම පාලන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ පාලන යාන්ත්‍රණයෙන් තමයි සෛලයක් නිර්මාණය වෙන හැටි, එයාව නිශ්චිත කාර්‍යයක් ඉටු කරන්න හැඩගැස්වමින් විභාජනය කරන හැටි වගේම අවසානයේදී විනාශ වෙලා යන හැටි පාලනය කරන්නේ. හැබැයි සෛලයන් වල තියෙන න්‍යෂ්ටික ද්‍රව්‍යය වල ඇතිවෙන අහිතකර වෙනස්වීමක් නිසා ඒ සෛල තවදුරටත් ඒ පාලන යාන්ත්‍රණ වලට අවනත වෙන්නේ නැහැ. මේ නිසා ඒ සෛල දිගින් දිගටම බෙඳි බෙඳී ප්‍රමාණයෙන් ගුණනය වෙන්න ගන්නවා. මේ විදිහට විකෘත්‍රි වලින් සමන්විත සෛල ප්‍රමාණය tumor එකක් නමින් හඳුන්වනවා.
සමහර පිළිකා සෛල ආරම්භක ස්ථානයේ ඉඳලා වෙනත් ස්ථාන වලට රුධිර සංසරණ සහ වසා පද්ධතීන් යොදාගනිමින් ගමන් කරනවා. ස්ථානාන්තරණය (metastasis) නමින් හඳුන්වන මේ ක්‍රියාව නිසා පිළිකා රෝගයන් 100%ක් සාර්ථකව සුව කරන එක ලොකු අභියෝගයක් වෙනවා.
උදාහරණයක් විදිහට පියයුරු පිළිකාව වෙනුවෙන් ලබාදෙන ඖෂධයක් මහා අන්ත්‍ර හෝ පෙනහළු පිළිකාවන් සඳහා කිසිම විදිහකින් සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ වගේම විවිධ පිළිකා රෝගයන්‍ට හේතුව, පැතිරීමේ වේගය, ඖෂධ වලට දක්වන ප්‍රතිචාර වගේ දේවල් විශාල විදිහට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයන් විදිහට Leukemia ඇති වෙන්නේ රුධිර සෛල නිපදවන ඇට මිඳුළු වලයි, Carcinomas ඇතිවෙන්නේ සම, පෙනහළු, සහ අන්ත්‍රය ආශ්‍රිත අපිච්ඡද සෛල වලයි, Glioblastomas ඇතිවෙන්නේ මොළය ආශ්‍රිතව වගේම දැනට තියෙන ගොඩක් ඖෂධ සහ ප්‍රතිකාර එම රෝගයට එරෙහිව සාර්ථකත්වයක් පෙන්වන්නේ බොහෝම අඩුවෙන්. මේ නිසා දේහයේ විවිධ තැන් වල ඇතිවෙන පිළිකාවන් සඳහා ඒවාට ආවේණික වුනු ප්‍රතිකාර ක්‍රමයන් අවශ්‍යය වෙනවා.
උදාහරණයක් විදිහට Glioblastomas පිළිකාවන් සඳහා ඖෂධ මඟින් සුවකරන එක ගොඩක් අපහසු දෙයක් වෙන්නේ මොළය, රුධිරය සමඟ ඍජු සම්බන්ධතාවයකින් වෙන් කරනු ලබන blood–brain barrier එක නිසයි. ඒ කියන්නේ මොළයේ තියෙන අපිච්ඡද සෛල වලින් රුධිරයේ තියෙන්න පුළුවන් විෂබීජ, ව්‍යාධිජනකයන් සහ අහිතකර ද්‍රව්‍යය මොළයට ඇතුළුවීම වලක්වාලනවා. ඔවුන් අතශ්‍යවම දේවල් වලට විතරයි මොළය වෙතට ළඟා වෙන්න ඉඩදෙන්නේ. මේ නිසා රුධිරය ඔස්සේ එන ඖෂධයන් වලට වුනත් ඔවුන් මොළයේ තියෙන tumor එක වෙතට ළඟාවෙන්න දෙන්නේ බොහෝම අඩුවෙන්. තවත් උදාහරණයක් තමයි අග්න්‍යාශ පිළිකාව කියන්නේ. ඒක ගොඩක් ආක්‍රමණකාරී එකක් වගේම chemotherapy ප්‍රතිකාරයන් වලටත් ප්‍රතිචාර දක්වනවා අඩුයි.
තවත් සමහර පිළිකා වර්ග තියෙනවා සුව කරන්න පුළුවන් සහ හොඳින් පාලනය කරන්න පුළුවන් ඒවා. Testicular Cancer, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව, Hodgkin Lymphoma මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම මුල් අවස්ථාවන් වල හඳුනාගත්තොත් සමහර පිළිකාවන් 90%කටත් වඩා අවස්තාවන් වලදී සුව කරන්න පුළුවන්. චර්ම පිළිකාව (Basal Cell Carcinoma), ගැබ් ගෙල පිළිකාව, මෙලනෝමා සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව මේ අතරට අයත් වෙනවා.
හැබැයි සමහර පිළිකාවන් තියෙනවා සුව කරන එක සහ පාලනය කරන එක තරමක් අමාරු සහගත. මේවා ඇතිවෙන්නේ විශේෂයෙන්ම සාපේක්ශව ඉහළ රුධිර සැපයුමක් තියෙන තැන් වල නිසා දේහයේ අනිත් අවයව වලටත් පැතිර යාමේ ඉහළ හැකියාවක් තියෙනවා. අග්න්‍යාශය ආශ්‍රිත පිළිකාව (Pancreatic Cancer), පෙනහළු පිළිකාව සහ අක්මාව ආශ්‍රිත පිළිකාවන් උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්.
පිළිකා රෝගයන් වලදී පිළිකා සෛල බවට පත්වෙලා තියෙන්නේ වෙනස් වුනු දේහ සෛල නිසා, නිරෝගී දේහ සෛල වලට හානි නොවී පිළිකා සෛල හඹා ගොස් ඒවා විනාශ කරන්න පුලුවන් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කරන එක බොහෝම අපහසු කටයුත්තක්. ඒ වුනාට ඉහළ සාර්ථකත්වයක් පෙන්වන ඖෂධ නැතුවද නොවේ. විකිරණ ප්‍රතිකාර, විකිරණ සහිත ඖෂධ, එන්නත්, chemotherapy, පිළිකා සෛල අඩංගු tumor කොටස ඉවත් කරන ශල්‍ය කර්ම, දේහයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් සැඟවී සිටින පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශ කරලීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන Immunotherapy ප්‍රතිකාර, Hormone Therapy, මුලික සෛල බද්ධ කිරීම්, තවමත් දියුණු වෙමින් පවතින DNA හි ඇතිවෙන විකෘත්‍රීන් නිවැරදි කල හැකි Gene Therapy වැනි ප්‍රතිකාර ක්‍රම මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.
ලංකාවේ මේ පිළිබඳව තියෙන තවත් බොරු දෙයක් තමයි එක එක අත්බෙහෙත් ප්‍රතිකාර ඔස්සේ පිළිකාවන් සුව කරන්න පුළුවන්, ගස්ලබු යුෂ, අර යුෂ මේ යුෂ කිය කිය කියලා සමාජගත වෙන තොරතුරු සහ විශ්මකර්ම වෛද්‍යවරුන් නමින් පෙනී සිටින තැනැත්තන් පිළිබඳව සැරිසරන පුවත්. මේවායින් 100% ක් ම පාහේ අසත්‍යය සහ කිසිඳු සාක්ෂියක් හෝ විද්‍යාත්මක පදනකමකින් තොරව සමාජගත වන පුවත්. මෙයින් වෙන්නේ රෝගීයාගේ කාලය සහ මුදල් අනවශ්‍යය විදිහට අපතේ යන එකයි. | 231 |
| 11 | හිටිහැටියේම පිළිකාවට නසන්න පුළුවන් සාර්ථක ඖෂධයක් social media වල සහ මාධ්‍යයන් වල ඇවිල්ලා කාලයත් එක්කම අතුරුදහන් වෙලා යන හැටිත්, කාලෙන් කාලේට එක එක අත්බෙහෙත් වගේ ඒවා කරලියට එන හැටි අපි හැමෝම දැකලා තියෙනවා. ඒ වගේම පසුගිය සති කිහිපය තුළම මේ වගේ දේවල් ගැන ගොඩක් අහන්න ලැබුනා.
මේකට බලපාන ප්‍රධානම හේතුව තමයි මාධ්‍ය ආයතන, පුවත්පත් සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍යය ජාලාවන් වල ඉන්න වගකීම් විරහිත පිරිස් විසින් සම්පූර්ණයෙන්ම ඒ මුල් පුවත වෙනස් කරමින් වාර්තා කරන එකයි. සමහර අය වැඩි අවධානයක් ලබාගන්න ඒ පුවතේ සැබෑ තොරතුරු අතිශ්‍යයෝක්තියක් සමඟින් වාර්තා කරනවා.
උදාහරණයක් විදිහට රුසියාව විසින් මීට සති කිහිපයකට විතර කලින් නිකුත් කරපු පිළිකා රෝගීන් හට ලබාදෙන EnteroMix කියන එන්නත ඇත්තටම භාවිතා කරන්න ඔවුන් බලාපොරෝත්තු වෙලා තිබ්බේ melanoma (චර්ම පිළිකාව) සඳහායි. ඊටත් පස්සේ ආපු වාර්තා වලට අනුව නම් ඔවුන් එය මුලින්ම භාවිතා කරන්න සැලසුම් කරන්නේ මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකාවන්ට එරෙහිවයි, එයටත් අමතරව මොළයේ ඇතිවෙන පිළිකාව (Glioblastoma) සඳහාද භාවිතා කරලිය හැකි තවත් වර්ගයක් මේ වන විටත් නිර්මාණය කරමින් පවතින බවත් ඔවුන් සඳහන් කරලා තිබ්බා. හැබැයි ඒ වුනාට අපේ රටේ මාධ්‍යයන් සහ facebook pages විසින් මේක වාර්තා කරලා තිබ්බේ "පිළිකාව සම්පූර්ණයෙන්ම සුව කලහැකි එන්නත" වගේ සිරස්තල එක්ක සම්පූර්ණයෙන්ම වැරදි විදිහටයි.
මේ වගේ තොරතුරු මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයන්හි පලකරද්දී ඒ පිළිබඳව ගැඹුරු සොයාබැලීමක් සිදුකොට එය පලකරලීම තමයි හොඳම දේ. එහෙම නැතුව තමන්ගේ page එකේ reach එක වැඩි කරගන්න බොරු news පලකරලීම සිඳුනොකල යුත්තක්. මේ රුසියානු එන්නත පිළිබඳව පලවුනු වාර්තා හොඳින් කියෙව්වොත් එකේ පැහැදිලිවම සඳහන් වෙනවා ඒ එන්නත් සාර්ථක පර්යේක්ශණ ප්‍රතිඵල පෙන්වලා තියෙන්නේ පිළිකා වර්ග කිහිපයකට විතරයි කියලත්, ඔවුන් ඒක භාවිතා කරන්න බලාපොරොත්තුවෙන් පසුවෙන්නේ පිළිකා වර්ග කිහිපයක් උදෙසා පමණයි කියලත්. එහෙම නැතුව සියළුම පිළිකාවන් සුව කරලීම සඳහා එය භාවිතා කරන්න බැහැ.
ඒ වගේම මේ එන්නත mRNA vaccine එකක් කියලා සඳහන් වුනත් තවත් වාර්තා වල සඳහන් වෙන්නේ මේක, පිළිකා සෛල සහ tumour cells හඳුනාගෙන ඒවා විනාශ කරලීමට හැකියාවක් දරන බෙලහීන කරන ලද වෛරස අඩංගු Oncolytic වෛරස එන්නතක් කියලයි. ඒ එන්නතෙහි අඩංගු වන ශක්තිය අඩු කරපු වෛරස මඟින් රෝගීයාගේ දේහයේ අඩංගු වෙනත් පිළිකා සෛල හඳුනාගනිමින් විනාශ කරලීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරලීමක්ද සිඳුකරනවා. කොහොම වුනත් මේ එන්නත පිළිබඳව තවමත් සම්පූර්ණ දත්ත නිකුත් කරලා නැහැ. ලෝකයේ වෙනත් රසායනාගාරයන් විසින්ද ඒ ඒ රෝගීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු personalized mRNA පිළිකා එන්නත් නිර්මාණය කරලා තියෙනවා, ඒවාත් ඉහළ මට්ටමේ සාර්ථකත්වයක් පෙන්නුවත් මහා පරිමාණ භාවිතය සඳහා ඒ කිසිවක් නිර්දේශ වුනේ නැහැ. මේ නිසා ඒ එන්නතේ අනාගතය කොහොම වෙයිද කියලා කියන්න අපහසුයි.
ඒ වුනාට මේ ප්‍රතිකාර ක්‍රම, ඖෂධ නිර්මාණය කරන එක අති දැවැන්ත වියදමක්, කාලයක්, දැනුමක් සහ ශ්‍රමයක් වැයවෙන ක්‍රියාවලියක්. කුමන හෝ ඖෂධයක් නිර්මාණය කරාට පස්සේ එහි සාර්ථකත්වය සහ ඵලදායිතාවය සොයාබැලීම සඳහා පර්යේක්ශණ, සතුන් සහ, රෝගීන් යොදාගනිමින් clinical trials ගණනාවක්ම සිඳුකරනවා. මොකක් හරි ඖෂධයක් පළමු මට්ටමේ පර්යේක්ශණ සාර්ථකව සමත් වුනා කියලා ඒ පර්යේක්ශණ ආයතනය විසින් නිවේදනය කරාට පස්සේ මාධ්‍ය ආයතන මේ පුවත විකෘත්‍රි කරමින් ජනතාව අතරට බෙදාහරින්නේ පිළිකාවට තිත තියන්න පුළුවන් ඖෂධයක් සොයාගත්තයි කියලයි. මතක තියාගන්න ඕනේ දෙයක් තමයි පළමු මට්ටමේ පර්යේක්ශණ සමත්වෙන ඖෂධ ගණනාවක්ම ඉදිරි පර්යේක්ශණ අසමත්වීම, ජිවී දේහයන් සඳහා අධික ලෙස විෂ සහිත වීම සහ බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොපෙන්වීම කියන හේතූන් නිසා පර්යේක්ශණයන්ගෙන් ඉවත් කරනවායි කියන එක. ඒ වගේම පිළිකාවට එරෙහිව ක්‍රියාකරන සියළුම ඖෂධයන් පාහේ සාර්ථකත්වයන් පෙන්වන්නේ එක වර්ගයක හෝ වර්ග කිහිපයක පිළිකාවන් සඳහා විතරයි. සියළුම පිළිකාවන් සුවකරලීම සඳහා ඒ ඖෂධ භාවිතා කල නොහැකියි.
මෙයිනුත් අවසන් මට්ටමේ clinical trials පවා සමත් වුනු, අතුරු ආබාධ අවම සහ විෂ සහිත බව අවම ප්‍රතිකාර ක්‍රම සහ රෝගීන් සඳහා භාවිතයට නිකුත් කරන ඖෂධයන් නිර්මාණය කරන්න අවුරුදු 10-15ක් අතර කාලයක් ගතවෙන්න පුළුවන්. Immunotherapy වර්ගයට අයත් වෙන pembrolizumab, nivolumab වගේම රුධිර පිළිකාවන් සඳහා යොදාගන්න CAR-T Cell Therapy, වෛරස මඟින් ඇතිවෙන්න පුළුවන් (human papillomavirus) පුළුවන් පිළිකාවන්ට එරෙහිව ආරක්ශාව ලබාදෙන HPV එන්නත, අක්මා පිළිකාවන් ඇතිවෙන්න හේතුවක් වෙන්න පුළුවන් අක්මා ප්‍රදාහ තත්ත්වයන් වළක්වාලන Hepatitis B එන්නත වගේ දේවල් ඇත්තටම විද්‍යාවේ සැබෑම ජයග්‍රහණ විදිහට පෙන්වන්න පුළුවන්. | 212 |
| 12 | لا يوجد نص... | 230 |
| 13 | ඒ නිසා මේ එන්නතේ ඉදිරි පරීක්ශණ කටයුතු වගේම අනුමැතිය හිමිවුනොත් ලොව වටා රොගීන් මිලියන ගණනක් සුව කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු, ඒ වගේම මේක කෘත්‍රිම බුද්ධිය යොදාගෙන මිනිස්සු අත් කරගත්තු තවත් ලොකු ජයග්‍රහණයක් වෙවී.
#CharithaDissanayake #chemistry #chemistrytutor #අපි_තමයි_අහස #Cancer #cancerawareness #cancervaccine #CancerTreatment | 381 |
| 14 | පිළිකා රෝගයට එරෙහිව සාර්ථකව සටන් කල හැකි එන්නතක් නිර්මාණය කරලීමට රුසියානු විද්‍යාඥයින් සමත් වෙලා තියෙන්නේ විද්‍යාව විශිෂ්ඨත්වය විඳහා පාන්න සමත්වෙමින්. EnteroMix නමින් හඳුන්වන මේ එන්නත mRNA vaccine එකක් කියලා සඳහන් වුනත් තවත් වාර්තා වල සඳහන් වෙන්නේ මේක, පිළිකා සෛල සහ tumour cells හඳුනාගෙන ඒවා විනාශ කරලීමට හැකියාවක් දරන බෙලහීන කරන ලද වෛරස අඩංගු Oncolytic වෛරස එන්නතක් කියලයි. ඒ එන්නතෙහි අඩංගු වන ශක්තිය අඩු කරපු වෛරස මඟින් රෝගීයාගේ දේහයේ අඩංගු වෙනත් පිළිකා සෛල හඳුනාගනිමින් විනාශ කරලීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරලීමක්ද සිඳුකරනවා. කොහොම වුනත් මේ එන්නත පිළිබඳව තවමත් සම්පූර්ණ දත්ත නිකුත් කරලා නැහැ.
සමහර අදහස් පරස්පර වුනත් වාර්තා වලට අනුව රුසියානු විද්‍යාඥයින් AI තාක්ශණය යොදාගනිමින් එන්නත් නිර්මාණය කරලීම සඳහා අවශ්‍යය වන neoantigens තොරාගැනීම වේගවත් කරලා තියෙනවා. neoantigens කියන්නේ සරලවම විකෘති සහිත පිළිකා සෛල වලින් නිකුත් කරන ප්‍රතිදේහජනක වර්ගයක්, ඒවාට පුළුවන් දේහයේ ප්‍රති පිළිකා ප්‍රතිශක්ති ප්‍රතිචාර උත්තේජනය කරන්න. කලින් කිව්වා වගේම මේ EnteroMix එන්නත තුළ, රෝගීයාට හානිකර නොවන වෛරස වර්ග 4ක් අඩංගු වෙනවා. වසර කිහිපයක පරීක්ශාවන් වලට පස්සේ මේ එන්නත පිළිකා සෛල වර්ධනය සහ දේහය තුළ ව්‍යාප්ත වීමේ වේගය විශාල ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා වගේම තවත් සමහර රෝගීන් තුළ පිළිකා සෛල සම්පුර්ණ විනාශ කරලීමක්ද සිඳුකරලා තියෙනවා.
2024 හි පෙබරවාරි මාසයේ රුසියාව පිළිකා රෝගයට එරෙහිව ක්‍රියාකරනු ලබන සාර්ථක ඖෂධයක් නිර්මාණය කරමින් පවතින බවත්, එය නොබෝදිනකින් භාවිතයට ගත හැකි බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් විසින් ප්‍රකාශයක් සිඳුකරලා තිබ්බා. FMBA (Federal Medical-Biological Agency of Russia) හි වර්තා වලට අනුව නම් මෙම එන්නත මේ වෙද්දී සායනික පරීක්ශාවන් අතිශය ඉහළ මට්ටමින් සමත් වේලා තියෙන්නේ, chemotherapy හෝ විකිරණ ප්‍රතිකාර වගේ කිසිඳු අතුරු ආබාධයන් රොගීන් තුළ ඇති නොකරමිනුයි. මේ Enteromix එන්නත නිර්මාණය කරලා තියෙන්නේ රුසියානු National Medical Research Radiological Centre සහ මොස්කව්හි Engelhardt Institute of Molecular Biology කියන පරීක්ශණ ආයතන එකතු වෙලයි.
melanoma (චර්ම පිළිකාව) සඳහා මෙම එන්නත ප්‍රථම වතාවට යොදාගන්න ඔවුන් සැලැසුම් කරලා තිබ්බත් නවතම වාර්තා වලට අනුව ඔවුන් එය මුලින්ම භාවිතා කරන්නේ මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකාවන්ටයි, එයට අමතරව මොළයේ ඇතිවෙන පිළිකාව (Glioblastoma) සඳහාද භාවිතා කරලිය හැකි තවත් වර්ගයක් මේ වන විටත් නිර්මාණය කරමින් පවතින බවත් ඔවුන් සඳහන් කරලා තියෙනවා.
මේ පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ වෙද්දී රුසියාව මත සම්බාධක 16,000කට වැඩි ප්‍රමාණයක් බටහිර සහ යුරෝපීය රටවල් විසින් පනවලා තියෙනවා. මේ නිසා මේ එන්නත ලොව වටා බෙදාහැරීම ගැන ලොකු මතවාද වගේම උභතෝකොටික තත්ත්වයක්ද නිර්මාණය වෙන්න පුළුවන්. සමහරවිට මේ නිසා මේ එන්නත ගැන තියෙන දේවල් රහසක් විදිහට තියාගන්න රුසියාව උත්සාහ කරනවද දන්නේ නැහැ.
පිළිකාව කියන්නේ බෝනොවන රෝග අතුරින් මෙතෙක් 100%ක් සාර්ථක ප්‍රතිකාර නිර්මාණය කරලීමට නොහැකි වුනු රෝගයක්. එක එක පිළිකාවන් ක්‍රියාකරන ආකාරය සහ දේහය පුරා ව්‍යාප්ත වන ආකාරයන් වෙනස්. සමහර පිළිකාවන් එකතැනකට සීමා වෙලා හිටියට තවත් සමහර පිළිකාවන් රුධිර සංසරණ හෝ වසා පද්ධතිය ආධාර කරගෙන දේහයේ තවත් තැන් වලට ව්‍යාප්ත වෙනවා. මේ නිසා පිළිකාව 100%ක් සාර්ථකව සුව කරන එක ලොකු අභියෝගයක්. මේ නිසා සමහර පුවත්පත් සහ සමාජ මාධ්‍යයන් වල සැරිසරන ලිපි මඟින් මේ එන්නත පිළිබඳව අසත්‍යය තොරතුරු ව්‍යාප්ත වෙනවා. මේ නිසා සම්පුර්ණ තොරතුරු දන්නේ නැතුව උපකල්පන සහ කරුණු ජනතාව වෙත ඉදිරිපත් කිරීම වැරදි දෙයක්. තවත් විශේෂ දෙයක් තමයි මේ එන්නත තවමත් සියළුම පිළිකාවන් සඳහා භාවිත කල හැකි බව නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. ලෝකයේ වෙනත් රාසයනාගාරයන් විසින්ද ඒ ඒ රෝගීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු personalized mRNA පිළිකා එන්නත් නිර්මාණය කරලා තියෙනවා, ඒවාත් ඉහළ මට්ටමේ සාර්ථකත්වයක් පෙන්නුවත් මහා පරිමාණ භාවිතය සඳහා ඒ කිසිවක් නිර්දේශ වුනේ නැහැ.
කොහොම වුනත් රුසියාව විසින් නිර්මාණය කරපු මේ එන්නත ඊටත් වඩා ඉහළ සාර්ථකත්වයක් වගේම බාධක රාශියක් පසු කරගෙන එන්න සමත්වුනු බව වාර්තා වල සඳහන් වෙනවා. ඒ වුනාට අනිත් එන්නත් වගේම මේකේ තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි මේ එන්නත් මහා පරිමාණ භාවිතය සඳහා නිර්මාණය කරන එක සහ බෙදාහැරීම ලොකු අභියෝගයක් වෙන එක සහ දිගු කාලීන සාර්ථකත්වය කොහොම වෙයිද කියන එකයි. ගොඩක් කාලයක් තිස්සේ පිළිකා රෝගයට එරෙහි 100%ක් සාර්ථක ප්‍රතිකාරයක් නිර්මාණය කරලීම 'කළ නොහැක්කක් වුනා'. | 349 |
| 15 | لا يوجد نص... | 284 |
| 16 | අද වෙද්දී ලොකේ EV market එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වගේම සමස්ථ automobile industry එකම උඩු යටිකුරු කරන්න සමත් වුනු රථ වාහන නිශ්පාදන සමාගමක් තමයි BYD කියන්නේ. සාපේක්ශව ඉතාමත් ලාභදායී සහ ඉහළ ගුණාත්මක බවකින් යුක්ත BEV(Battery Electric Vehicle) නිර්මාණය කරන BYD සමාගම අද ඊයේ අලුතින් පටන් ගත්තු එකක් නෙමෙයි. එහි ආරම්භය 1995 වර්ෂය දක්වා දිව යනවා. චීනයේ දැවැන්ත කාර්මික නඟරයක් වුනු Shenzhen හි හිටපු රසායන විද්‍යාඥයෙකු වුනු Wang Chuanfu විසින් තමයි BYD සන්නාමය ආරම්භ කරන්නේ, ඒ ප්‍රතිආරෝපණය කලහැකි බැටරි (rechargeable batteries) නිර්මාණය කරන සමාගමක් විදිහට ආරම්භ වෙමින්. 2005 අවුරුද්දේදී Xi’an Qinchuan Automobile සමාගම මිලදි ගන්න BYD සමාගම ඔවුනගේ පළමුවන වාහනය වුනු BYD F3 කාර් රථය එළිදක්වනවා.
ඒ වගේම 2008 වර්ෂයේදී ඔවුනගේ පළමු plug-in hybrid රථය වුනු F3 DM රථයත්, 2009 වර්ෂයේදී all-electric e6 රථයත් හඳුන්වා දෙනවා. කොහොම වුනත් ඒ කාලේ EV market එකට ලොකු අවධානයක් හිමිවුනේ නැහැ. ඒ නිසා හැම අවුරුද්දකදීම BYD සමාගමට අලෙවි කරන්න පුලුවන් වුනේ රථ වාහන ලක්ශ 4-5ත් අතර අඟයක් පමණයි. හැබැයි හැමදේම අනිත් පැත්තට හැරුනේ 2021 අවුරුද්දෙන් පස්සේ ඇතිවුනු EV පෙරළියත් එක්කයි. ඔවුන් විසින් නිර්මාණය කරපු new energy vehicle (NEV) සංකල්පයට අයත් රථ වාහන චීනයේ විතරක් කොච්චර ජනප්‍රියත්වයක් හිමිකරගත්තද කිව්වොත් 5% ක තිබුනු market එක 27% දක්වා ඉහළ යනවා. ඒ 2022 වර්ෂයේ මැද වෙද්දී ලෝකයේ හොඳම plug-in electric රථ වාහන සැපයුම්කරුවා බවට BYD පත්වෙමින්.
2023 වර්ෂයේදී ඔවුන් battery electric vehicles 526,409ක් අලෙවි කරන්නේ Tesla සමාගමටත් වඩා රථ වාහන 40,000ක් පමණ අලෙවි කරමින්. 2023 වර්ෂයේදී හඳුන්වා දුන්නු ඔවුනගේ කුඩාම සහ මිලෙන් අඩුම ආසන 4ක, කාර් රථය වුනු Seagull කාර් රථයට හිමිවුනු ඉල්ලුම නිසා, මාස 7ක් ඇතුලත ඒ රථයෙන් ඒකක 200,000 නිර්මාණය වුනා. ඒ ලොව වටා කතා බහක් ඇති කරමින්. 2023 අවුරුද්දෙදී ඔවුනගේ මිලියන 5වන NEV රථය සැමරිමේ උත්සවයකට එක්වුනු BYD හි CEO විසින්, විදේශ රථ වාහන නිශ්පාදන සමාගම් වලට තරඟයක් වීම සඳහා සියළුම චීන රථ වාහන සමාගම් වලට එක්වන ලෙසට ආරාධනාවක්ද සිඳුකලා. කොහොම වුනත් 2024 අවුරුද්දේ විතරක් ලොව වටා BYD වාහන මිලියන 4.27ක් අලෙවි වුනා. ඒ 2023 වර්ෂයට සාපේක්ශව 41%ක විකුණුම් ඉහළ යාමකින්. 2024 අවුරුද්දේ විතරක් ඔවුනගේ සමස්ථ ආදායම ඇ.ඩොලර් බිලියන 115ක් පමණ වුනා. තවත් වැදගත් දෙයක් තමයි ලෝකයේ විශාලතම රථ වාහන ප්‍රවාහන නෞකාව වන BYD Shenzhen නෞකාව අයත් වෙන්නෙත් මෙම සමාගමටමයි, එයට එකවර වාහන 9,500ක් පමණ රැගෙන යාමේ හැකියාව තියෙනවා.
BYD රථ වාහන මෙච්චර සාර්ථකත්වයක් හිමිකරගන්න හේතු කිහිපයක්ම බලපෑවා. එයින් එකක් තමයි ඔවුනගේ cell-to-pack තාක්ශණයෙන් නිර්මාණය කරපු ඉහළ ආයුකාලයක් සහ ආරක්ශාවක් හිමි ලිතියම් Blade Battery එක. මේ තාක්ශණය Tesla සමාගමේ Supercharging තාක්ශණය අතික්‍රමණය කලේ විනාඩි 5ක් ඇතුලත 400 km ක දුරක් ගමන් කල හැකි තරමේ ආරෝපණයක් ලබාදෙමින්. ඒ වගේම futuristic look එකක් තියෙන කාර් රථ සහ SUV රථ පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වුනා. චීනයේ Shenzhen සහ Jinan නඟරයන් වල අලුත් නිශ්පාදන කර්මාන්තශාලාවන් වගේම සහ හන්ගේරියාව, තායිලන්තය, බ්‍රසීලය සහ තුර්කිය කියන රටවලත් නිශ්පාදන සමාගම් පිහිටුවන්නට ඔවුන් කටයුතු කරා. මේ නිසා 2024 අවුරුද්දේ එංගලන්තයේ විතරක් BYD වාහන වල විකුණුම 658%ක දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ ගියා.
2025 වර්ෂයේ මුල් භාගයේදී විතරක් BYD වාහන 1,023,381ක් ලොව වටා අලෙවි වුනා. ඒ වගේම 2025 අවුරුද්දෙදී හදුන්වලා දුන්නු e-Platform 3.0 සහ e-Platform 3.0 Evo වර්ගයේ රථ වාහන වුනු BYD Dolphin, Atto 3, Denza D9 EV, Sealion 07, Seal 06 EV/GT, Qin L EV, Tang L EV සහ BYD shark 6 රථ වාහන ලොව වටා වේගයෙන් අලෙවි වුනා. මෙයින් සමහරක් ශ්‍රී ලංකාවටද ආනයනය කරා.
ගණනය කිරීම් වලට අනුව 2025 වර්ෂයේ අන්තිම වෙද්දී ලෝකයේ විශාලතම BEV සැපයුම්කරුවා බවට පත්වෙන්න BYD වලට හැකියාවක් ලැබෙන්නේ Tesla සමාගමේ 15.3% market share එක පසුකරයමින්. ඔවුනගේ වර්ධනය මේ විදිහට දිගටම තිබ්බොත්, ඔවුන් සිහින විතරක් නෙමෙයි, ගමනාගමනයේ අනාගතයම නිර්මාණය කරන්නන් වෙවී. | 408 |
| 17 | لا يوجد نص... | 335 |
| 18 | CERN ආයතනය විසින් ලොව වටා රටවල් ගණනාවක විශ්ව විද්‍යාල සිසුන් හට මේ LHC එකත් සමඟ සම්බන්ධව විවිධ researches කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. CERN summer internship නමින් හඳුන්වන මේ වැඩසටහනට ශ්‍රී ලංකාවත් ඇතුලත්. මේ නිසා වාර්ෂිකව ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙක්ට මේ LHC එක සමඟ සම්බන්ධව විවිධ පර්යේක්ශණ කරන්න internships සහ ඒවා මඟින් එකතු කරගන්න දත්ත භාවිතා කරන්නත් අවස්ථාවක් හම්බවෙනවා. මේක ඇත්තම කිව්වොත් ගොඩක් වටින golden opportunity එකක්. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ Physics, Engineering Physics සහ Computational Physics කියන ගෞරව උපාධින් හදාරන සිසුන්ට මේ internship එකත් සමඟ එක් වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඔයා particle physics වලට ආස කරන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේක ගොඩක් ලොකු opportunity එකක්. ඒ වගේම CERN ආයතනය විසින් 2040 වර්ෂයේ 91 km ක දිගකින් යුක්ත Future Circular Collider (FCC) නම් අංශු ත්වරකයක් නිර්මාණය කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා.
#CharithaDissanayake #chemistry #chemistrytutor | 461 |
| 19 | The Large Hadron Collider (LHC) කියන්නේ යුරෝපීය න්‍යෂ්ටික පරීක්ශණ ආයතනය විසින් (CERN - European Organization for Nuclear Research) මෙහෙයවනු ලබන Synchrotron වර්ගයේ ලෝකයේ විශාලතම සහ ප්‍රභලතම අංශු ත්වරකයයි. මේ particle accelerator එක නිකන්ම නිකන් ඉංජිනේරු විශ්මකර්මයක් නෙමෙයි. ඒක ඇත්තටම පදාර්ථයන් වල සැඟවුනු රහස් අපිට හෙළි කරනු ලබන රහස් දොරටුවක් ය.
1998 අවුරුද්දේ ඉඳලා 2008 අවුරුද්ද දක්වා කාලසීමාව තුළදී ලොව වටා විද්‍යාඥයින් දසදහසක්, විශ්ව විද්‍යාලයන් සියගණනක් සහ රටවල් සිය ගණනක සහයෝගයෙන් නිර්මාණය කරපු ලෝකයේ විශාලතම අංශු ත්වරකය වෙන මෙහි නිශ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 13 ක් පමණ වුනා.
ප්‍රංශ සහ ස්විට්සර්ලන්ත දේශසීමාවේ පිහිටලා තියෙන වක්‍රාකාර හැඩයක් ගන්න මේ particle accelerator එකෙහි සම්පුර්ණ දිග 27 km ක් පමණ වෙනවා. ප්‍රභල චුම්භක භාවිතා කරලා ප්‍රෝටෝන සහ Heavy Ions ත්වරණය කරමින් ඒවා එකිනෙක ඝට්ටනය වීම් වලට ලක් කරමින් ඒවායේ හැසිරීම් නිරීක්ශණය කරලීම තමයි මෙතනදී වැඩිපුරම සිඳුකරන්නේ. පොළොව අභ්‍යන්තරයේ එකිනෙකට සමාන්තරව දිවයන පදාර්ථයන් ගමන් කරන beamlines දෙකකින් මේ අංශු ත්වරකය සමන්විත වෙනවා වගේම ඒ beamlines දෙක, ස්ථාන 4කින් එකිනෙකත් සමඟ ඡේදනය වෙනවා. මේ ස්ථාන 4හි තියෙනවා detectors 9ක්. මේ detectors වල කාර්යය වෙන්නේ පදාර්ථ එකිනෙකාත් සමඟ ඝට්ටනය වෙද්දී වෙන දේවල්, ඒවායේ ස්වභාවයේ වෙන වෙනස්කම්, ශක්තියේ සිඳුවන වෙනස්කම්, නිකුත් වන උපපරමාණුක අංශූන් හඳුනාගැනීම සහ තවත් ගොඩක් දේවල් අනාවරණය කරගන්න එකයි.
ප්‍රෝටෝන වගේ පදාර්ථයන් මේ beamlines තුළින් නිවැරදි දිශානතියකින් සහ ඉහළ වේගයකින් ගමන් කරවන්න dipole magnets 1,232 කුත්, quadrupole magnets 392 ක් ඇතුලුව සුපිරි සන්නායකයන් වලින් නිශ්පාදනය කරලා තියෙන චුම්භක 10,000ක් පමණ ඒ චක්‍රීය පථය තුළ පිහිටුවලා තියෙනවා. මේ චුම්භක වලට ඒවායේ ක්‍රියාකාරී උෂ්ණත්වය වෙන −271.25 °C ක ඉතාමත් පහළ උෂ්ණත්වයක් ලබාදෙන්න superfluid helium-4 ටොන් 96ක් පමණ අවශ්‍ය වෙනවා. LHC එක ඔවුනගේ පරීක්ශණයන් සිඳුකරද්දී ප්‍රංශයේ ජාතික විදුලි පද්ධතියෙන් 200 MW ක අතිදැවැන්ත විදුලි ප්‍රමාණයක් ලබාගන්නේ 6.8 TeV per beam ශක්තියක් එක් ප්‍රෝටෝන කදම්භයකට ලබාදෙන්න අවශ්‍යය නිසයි. මේ නිසාවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ආලෝකයේ වේගය මෙන් 99.9999991% ක අති දැවැන්ත වේගයකින් ගමන් කරන පදාර්ථයන්, detectors තියෙන තැන් වලදී එකිනෙකාත් සමඟ ගැටෙන්නේ 13.6 TeV ක ගැටුම් ශක්තියක් යටතේයි.
LHC හී පර්යේක්ශණයන් සිඳු කරද්දී ප්‍රෝටෝන ගමන් කරවන්නේ එකදිගට අඛණ්ඩ ප්‍රෝටෝන ධාරාවක් විදිහට නෙමෙයි. ඒ වෙනුවට කරන්නේ ප්‍රෝටෝන ගොඩවල් 2,808ක් වෙන වෙනම යවන එකයි. මේ එක ප්‍රෝටෝන ගොඩක, ප්‍රෝටෝන බිලියන 115ක් පමණ තියෙනවා. තත්පරයට ඝට්ටන මිලියන 40ක් වගේ ප්‍රමාණයක් මේකේ සිද්ධ වෙනවා වගේම එක දවසකට මේ ඝට්ටනයන් වලින් ලබාගන්න දත්ත ප්‍රමාණය terabytes 140ක් පමණ වෙනවා.
විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේ LHC එක අංශු භෞතික විද්‍යාවේ තියෙන මූලිකම රහස් ගොඩකට පිළිතුරක් සොයාගන්න උදව් කරයි කියලා. මේ අතරට elementary particles අතර ඇතිවන අන්තර්ක්‍රියා සහ බලයන්, කාලය සහ අවකාශය, වගේම quantum mechanics සහ general relativity අතර ඇති සම්බන්ධතාවයක් පිළිබඳව වැටහීමක් ලබාගන්න අපිට උදව් කරන්න මේ LHC එකට පුළුවන්කමක් තියෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. විශ්වයේ ශක්තිය සහ ස්කන්ධයෙන් 27%ක් හිමිකරගන්නා dark matter සහ dark energy පිළිබඳව පරික්ශණ සිඳුකරලන්න, string theory එක විසින් විස්තර කරන වෙනත් මානයන් සහ ඒවා අපට හඳුනා ගැනීමට හැකි වේද යන්නත්, වර්තමානයේ අප දන්නා නියුට්‍රිනෝ, බැරියෝන වැනි subatomic particles පිළිබඳව විග්‍රහ කරන the Standard Model of particle physics හි රහස් සොයා යන්නත් මේ පරීක්ශණ උපකාරී වෙනවා.
LHC හිදී සිඳුකරපු විශිෂ්ඨතම සොයාගැනීම් වලින් එකක් වෙන්නේ 2012 වර්ෂයේදී Higgs boson පදාර්ථය සොයාගැනීමයි. පදාර්ථයන් වලට ස්කන්ධයක් ලබාදෙන්නේ මේ Higgs boson particle එක සහ Higgs field එක විසින්. මේ LHC එක වගේම CERN ආයතනය විසින් කරන විවිධ පර්යේක්ශණ වලින් පිළිකා රෝගයන් සුවකරලීම වෙනුවෙන් කරන particle therapy ප්‍රතිකාරයන් සහ medical imaging උපකරණයන් වැඩි දියුණු කරන්නත් ලොකු දායකත්වයක් මේ හිමිවෙලා තියෙනවා. LHC එකේ කරන සමහර පර්යේක්ශණයන් වලදී Antimatter පවා නිර්මාණය වීමකට ලක්වෙනවා.
මෙහි සමස්ථ ක්‍රියාවලිය ගොඩක් සංකීර්ණයි. ඒක නිසා ඒවා මේ ලිපියේ අඩංගු කරන්න බැරි තරමට දීර්ඝ සහ පටලැවිලි සහඟත කරණුයි. සමහර අය විශ්වාස කරන්නේ LHC කියන්නේ වෙනත් විශ්වයකට යන්න දොරටුවක් විවර කරන්න පුළුවන් තැනක් කියලත්, එකේ කරන විවිධ පරීක්ශණ නිසා එම ස්ථානයේ කළු කුහරයක් හෝ wormhole එකක් විවර වෙලා පෘථිවිය විනාශ වෙන්න පුළුවන් කියලා භයකින් තමයි ඉන්නේ. | 390 |
| 20 | لا يوجد نص... | 261 |
