Learn Bits
الذهاب إلى القناة على Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
إظهار المزيد1 305
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-4230 أيام
أرشيف المشاركات
1 305
රැජිණගේ සංසර්ග කාර්යය?
මී මැස්සන් ගැහැණු හෝ පිරිමි ලෙස තීරණය වෙන්නෙ මිනිසුන්ගෙ වගේ XX හෝ XY වැනි ජාන අනුව නෙවෙයි. මී මැස්සන්ගෙ ස්ත්‍රී පුරුෂ බව තීරණය වෙන්නෙ, ඔවුන් සංසේචිතද නැතිද කියන කාරණය මතයි.
සරලවම, රැජිණක් විසින් ඇයගේ ඩිම්බයක් සහ පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් සංසේචනයෙන් නිපදවන බිත්තරයකින් ලැබෙන්නෙ ගැහැණු මී මැස්සෙක්.
හැබැයි පුරුෂ ශුක්‍රාණුවක් රහිතව, රැජිණගේ ඩිම්බයෙන් පමණක් නිපදවන බිත්තරයකින් ලැබෙන්නෙ පිරිමි මී මැස්සෙක්.
ඉතින් ජනපදයට අත්‍යවශ්‍ය කරන ගැහැණු මී මැස්සන් නිපදවන්න නම්, රැජිණට අනිවාර්යයෙන්ම පුරුෂ ශුක්‍රාණු අවශ්‍ය වෙනව. ඒ සඳහා ඇය සංසර්ගය සඳහා සුදුසු පුරුෂ මී මැස්සන් තෝරගන්නෙ විශේෂ ක්‍රමයකට.
ඇය මුලින්ම මී වදයෙන් එලියට ඇවිල්ල යම් දුරක් පියාසර කරනව. දිගු දුර පියාසැරියට හැකියාවක් තියෙන පුරුෂයන්, රැජිණ නිකුත් කරන ෆෙරමෝන ඔස්සේ ඇවිල්ල රැජින සමග සංසර්ගයේ යෙදෙනව. රැජිණ විසින් සංසර්ග වට කිහිපයක් පවත්වන්න පුලුවන්. ඒ වගේම එක් සංසර්ග වටයකදී, පුරුෂ මී මැස්සන් 7-12 අතර ප්‍රමාණයක් සමග සංසර්ගය කරනව.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
මී මැසි රැජිණගේ කාර්යය, පැවැත්ම සහ දේහ ලක්ෂණ?
සෑම මී මැසි ජනපදයක් සඳහාම එක් රැජිණක් බැගින් ඉන්නව. මී මැසි රැජිණ තමයි මී වදයක් තුළ සිටින එකම, ලිංගිකව දියුණු වූ හෝ සරු ගැහැණු මී මැස්සිය. ඉතින් මෙයාගෙ මූලිකම කාර්‍යය තමයි ප්‍රජනනය.
මී මැසි රැජිණ සංසේචනය කළ සහ නොකළ බිත්තර දෙවර්ගයම නිෂ්පාදනය කරනව. උපරිම නිෂ්පාදන කාලවලදි රැජින දිනකට බිත්තර 1500ක් දක්වා නිපදවනව. ඒ වගේම රැජිණක් තම ජීවිත කාලය තුළ බිත්තර මිලියනයකටත් වඩා දමන අවස්ථාත් තියෙනව.
මී මැසි රැජිණ සාමාන්‍යයෙන් අනිත් මී මැස්සන්ට වඩා දිගින් වැඩී. ඇයට පරාග කූඩ හෝ ක්‍රියාකාරී ඉටි ග්‍රන්ථි පිහිටන්නෙත් නෑ. රැජිණක් වසර කීපයක් ජීවත් වෙනව. සමහර විට අවු. 5ක් දක්වා ජීවත් වෙනව. නමුත් සාමාන්‍ය ආයු කාලය වසර 2-3 අතර වෙනව.
රැජිණගේ පරිපාලන ව්‍යුහය?
මී මැසි රැජිණට හැකියාවක් තියෙනව, ඇයගේ ග්‍රන්ථියකින් ෆෙරමෝන නිකුත් කරන්න. මෙන්න මේ ෆෙරමෝන් වලින් තමයි, ඇය අනිත් මී මැස්සන්ට විධාන නිකුත් කරන්නෙ. සහ ඒ ඒ මී මැස්සට අදාළ කාර්යයන් පවරන්නෙ.
ජනපදයක ශක්තිමත් බව තීරණය වෙන්නෙ ඇයගේ ජාන සැකැස්ම මත, රසායනික නිෂ්පාදනය (ෆෙරමෝන) මත සහ බිත්තර දැමීමේ හැකියාව මතයි.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
වැඩකාර මී මැස්සියකගේ කාර්යය, දිවිපැවැත්ම සහ ලක්ෂණ?
වැඩකාර මී මැස්සන්, එහෙමත් නැතිනම් ගැහැණු මී මැස්සන් තමයි මී වදයක ඉන්න කුඩාම මී මැසි වර්ගය. ඒ වගේම සාමාන්‍ය මී වදයක විශාලතම ප්‍රතිශතයක් ගැහැණු මී මැස්සන් වාසය කරනව.
මෙයාල ලිංගිකව නොදියුණු/නිසරු ගැහැණු සතුන්. ඒ කියන්නෙ සාමාන්‍යය ගැහැණු මී මැස්සෙකුට බිත්තර දැමීමේ හැකියාවක් නෑ.
ගැහැණු මැස්සියන්ට, පැටවුන්ට ආහාර ලබා දීමේ ව්‍යුහ, සුවඳ ග්‍රන්ථි, ඉටි ග්‍රන්ථි සහ පරාග කූඩ වැනි විශේෂිත ව්‍යුහයන් තියෙනව. මී වදයක සමස්ථ පැවැත්ම රඳා පවතින්නෙ මේ ව්‍යුහ මතයි.
මී වදයේ කුටීර පිරිසිදු කිරීම, පැටවුන් පෝෂණය කිරීම, රැජිණ පිරිසිදු කිරීම සහ රැකබලා ගැනීම, සුන්බුන් ඉවත් කිරීම, මී වදයට ලැබෙන මල් පැණි හැසිරවීම, මී වදය තුළ වායු පාලනය, ආදී බොහොමයක් කාර්යයන් වල වගකීම පැවරෙන්නෙ මේ ගැහැණු මී මැස්සන්ටයි.
මෙයාලගෙ ජීවිත කාලය, පරිසර තත්ව අනුව වෙනස් වෙනව. ඒ කියන්නෙ ගිම්හාන සෘතු වල නම් සති 6ක් සහ සරත් සෘතුවේ නම් මාස 6ක් පමණ මොවුන් ජීවත් වෙනව.
ගැහැණු මැස්සන්ට අදාළ කාර්යභාරය තීර්ණය වෙන්නෙ ඔවුන්ගෙ වයස මතයි. වයසින් පරිණත (දින 14කින් පසු) ගැහැණු මී මැස්සන් පමණක් මල් පැණි එකතු කරන්න පිටතට යනව.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
පිරිමි මී මැස්සන්ගෙ ලක්ෂණ, දිවි පැවැත්ම සහ කාර්යභාරය?
පිරිමි මැස්සන්ට සාමාන්‍යයෙන් කියන්නෙ "ඩ්‍රෝන" කියල. මෙයාල තමයි මී වදයේ සිටින විශාලතම මී මැසි වර්ගය. මෙයාලගෙ හිස රැජිනගේ හෝ වැඩකාර මැස්සියන්ගේ හිසට වඩා විශාලයි. ඒ වගේම මෙයාලට දෂ්ඨ කිරීමේ හැකියාව, පරාග කූඩ (පරාග ගෙන ඒමට) හෝ ඉටි ග්‍රන්ථි කියන කිසිම දෙයක් නෑ.
මෙයාලගෙ ප්‍රධානතම කාර්ය තමයි මී මැසි රැජින සමග සංසර්ගයේ යෙදෙන එක. පිරිමි මැස්සෙන් උපතින් සතියකට පස්සෙ ලිංගිකව පරිණත වීම සිදු වෙනව. සහ රැජිණ සමග සංසර්ගයෙන් පසු ක්ශණිකව මිය යනව.
පිරිමි මැස්සන්, මී වදය වෙනුවෙන් මහ ලොකු දෙයක් කරන්නෑ. නමුත් සාමාන්‍ය මී මැසි ජනපදයක පැවැත්ම තීරණය වෙන්නෙ ඔවුන්ගෙ සංසර්ගය මතයි. 🗿
පිරිමි මැස්සන් යැපෙන්නෙ වැඩකාර මී මැස්සියන් ලබාදෙන ආහාර මතයි. ඒ වගේම පිරිමි මැස්සෙක්, වැඩකාර මැස්සෙක් වගේ තුන් ගුණයක ආහාර අනුභව කරනව. මෙන්න මේ හේතුව නිසා මී මැසි ජනපදයක් තුළ ඕනෙවට වඩා පිරිමි මැස්සන් ජීවත් වීම, ඒ ජනපදයට අමතර ආතතියක් වගේම හානිකර තත්වයක් ඇති කරනව.
මේ පිරිමි මැස්සෙක්, උපතින් දින 8කට විතර පස්සෙ මී වදයෙන් පිටතට විත් පියාසර කරන්න පටන් ගන්නව. හැබැයි මෙයාල මල් වලින් ආහාර ලබාගන්න බවක් නිරීක්ෂණය වෙලා නෑ. සරලවම ගෙදරින් කාල බීලා ඉවර වෙලා රස්තියාදු ගහන්න යන කාණ්ඩයක්.
හැබැයි මී මැසි ජනපදයක අඩුම ප්‍රමුඛතාවක් හම්බෙන්නෙත් මේ පිරිමි මී මැස්සන්ට.
සීත කාලගුණ තත්වයන් එක්ක, මල් පැණි, ආහාර ආදී සම්පත් මී වදය තුළ හිඟ වෙනව. හෝ අවශ්‍ය තරමට නැති වෙනව. ඉතින් ඒ වගේ කාලයන් වලදි, මේ පිරිමි මී මැස්සන්ව බලහත්කාරයෙන් මී වදයෙන් දොට්ට දානව.
කලින් කිව්ව වගේ, පිරිමි මී මැස්සන්ට, ආහාර සොයාගෙන පෝෂණය වීමේ හැකියාවක් නැති නිසා, එහෙම එළියට දැම්මට පස්සෙ ටික කාලෙකින් මිය යනව.
හැබැයි රැජිණක් නොමැති මී මැසි ජනපද වල ඔවුන්ට රැඳී සිටීමේ බාධාවක් නෑ.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
මී මැසි ජනපදයක මොන වගේ මී මැස්සන්ද වාසය කරන්නෙ?
සාමාන්‍යයෙන් මී මැසි ජනපදයක් තුළ වර්ග තුනක මී මැස්සන් වාසය කරනව. ඒ රැජිණක්, වැඩකාර ගැහැණු මී මැස්සන් සහ ඩ්‍රෝන ලෙස හඳුන්වන පිරිමි මී මැස්සන්.
එක් මී මැසි ජනපදයක් තුළ මේ එක එක අයට වෙන වෙනම කාර්යභාරයක් පැවරෙනව. උදාහරණයකට වැඩකාර ගැහැණු මී මැස්සන්ට, ආහාර එකතු කිරීම, මී වදය සැකසීම, පැටවුන් ඇති දැඩි කිරීම වගේ කාර්යයන් රාශියක් පැවරෙනව.
සාමාන්‍යයෙන් මී මැස්සෙක්ට අදාළ කාර්යයන් තීරණය වෙන්නෙ ඔවුන්ගෙ වයස අනුවයි. සමහර රටවල් වල පාර්ලිමේන්තු වගේ නෙවෙයි; මී මැසි ජනපදයක සෑම මී මැස්සෙක්ගෙන්ම කාර්යක්ෂම ලෙස සේවය ලබාගන්න පුලුවන් ආකාරයේ කාර්යභාරයක් ඔවුන්ට ලැබෙනව.
කලින් කිව්ව වගේ, මී මැස්සන් කියන්නෙ සමාජ කෘමි විශේෂයක්. ඉතින් කවර වර්ගයක හෝ තනි මීමැස්සෙක්ට "මම සිග්මා බී කෙනෙක්" කියල තනියම ජීවත් වීමේ හැකියාවක් නෑ.
එක මී මැසි ජනපදයකට එක් රැජිණක්, පිරිමි මී මැස්සන් සිය ගණනක් සහ කාන්තා මී මැස්සන් දහස් ගණනක් අයත් වෙනව. එක් එක් වර්ගය අතර හොඳ සන්නිවේදනයක් පැවතීම සහ, රැජිණගේ අණ ඉටු කිරීමේ ඵලදායක බව මත මී මැසි ජනපදයක පැවැත්ම තීරණය වෙනව.
ඇස්තමේන්තු ගත කරල තියෙන විදිහට, මී මැසි ජනපදයක් වඩාත්ම කාර්යක්ෂම වෙන්නේ, එතුළ වැඩකාර ගැහැණු මී මැස්සන් 60,000 කට ආසන්න ප්‍රමාණයක් වාසය කරනකොටයි.
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
මී මැසි රාජධානියක වතගොත
(8 step explanation)
මී මැස්සන් මොන වගේ කෘමි කාණ්ඩයක්ද?
මී මැස්සන් කියන්නෙ සමාජ කෘමි විශේෂයක්. ඒ කියන්නෙ එයාල හොඳින් සංවිධානය උන විශාල සමූහ වශයෙන් එකට ජීවත් වෙන සත්ව කාණ්ඩයක්. සාමාන්‍යයෙන් හුදකලාව ජීවත් වන කෘමි විශේෂ වලට වඩා, මේ සමාජ කෘමීන් ඉතාමත් සංකිර්ණයක් ක්‍රියා ඉටු කිරීමේ හැකියාවක් දරනව.
සන්නිවේදනය, නිවසක් ගොඩනැගීම, පාරිසරික පාලනය, ආරක්ෂාව සහ ශ්‍රම විභාජනය වගේ ලක්ෂණ රැසක් සමාජ කෘමි විශේෂයන් දරනව.
මී මැස්සන් කියන්නෙ සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් කෘමීන්ට වඩා මිනිසුන් අතර උනත් යම් ආකර්ෂණයක් දිනා ගත්ත කෘමි කාණ්ඩයක්.
#Knowledge
1 • 2 • 3 • 4 • 5 • 6 • 7 • 8
1 305
සියවස් තුනක ජීවත් උන මිනිසා
Jiromen Kimura කියන්නෙ වයස අවුරුදු 116දි මිය ගිය ජපන් ජාතිකයෙක්. Jiromen ඉපදිලා තියෙන්නෙ 1897 වසරෙ. ඒ වගේම ඔහු මියගියෙ 2013 වසරෙ.
ඒ 19, 20 සහ 21 කියන සියවස් තුනේම ජීවතුන් අතර සිටි එකම මිනිසා හැටියට ඉතිහාසගත වෙමින්.
#WorldWide
1 305
VY Canis Majoris හෙවත් VY CMa
VY CMa කියන්නෙ, ක්ෂීරපථය තුළ තියෙන විශාලතම තාරකා වලින් එකක්. මේ තාරකාව අපගේ සූර්‍යයා මෙන් 1420 ගුණයකින් පමණ විශාලයි.
ඒ වගේම මේ තාරකාව ඇත්තටම තාරකාවක්ද එහෙමත් නැතිනම් තාරකා පොකුරක්ද කියන එක ගැන විද්‍යාඥයන් අතර විවාදයකුත් පවතිනව.
#Astronomy
1 305
ආයුබෝවන් ඔබ සැමට🙏
කොහොමද ඉතින් කට්ටියට.ඔයාලත් තාරකා විද්‍යාව ගැන ඉගෙන ගන්න.දැනගන්න.තාරකා විද්‍යාවේ සොයාගැනීම් කියවන්න කැමති ද❔
# පෘථිවියේ නිවුන් සහෝදරයා🌎
# අපිට පේන තරු මොන වගේ ද?✨
# අපේ ඉර මොකක් වගේ ද?🌞
# විශ්වය කොච්චර විශාලද?🤔
# ක්ෂීරපථය කියන්නෙ මොකක්ද?🧑🚀
මීට අමතරව තවත් ගොඩක් දේවල් තියෙනො තාරකා විද්‍යාව සම්බන්ධව🤓.දැන ගන්න ඕන නම් අපිත් එක්ක සෙට් වෙලාම බලන්නකෝ 😉
අපි ✨ World is in your hand 🔭
1 305
ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන Anna DeCinque සහ Lucy DeCinque කියන්නෙ, ලොව වඩාත්ම සර්වසම නිවුන් පුද්ගලයන් ලෙස සලකන සහෝදරියන් යුවලයි.
මෙයාල කොච්චර සර්වසමද කියනවනං, මේ දෙන්නම යාලු වෙලා ඉන්නෙ එකම පුද්ගලයෙක් එක්ක. (PH references නෙවෙයි)
ඒ වගේම ඔවුන්ගෙ දින චර්‍යාවන්, රැකියාව උනත් සමානයි. ඒ වගේම මේ දෙන්නගෙ සිතුම් පැතුම් පවා සෑහෙන දුරට සමාන බව කියවෙනව.
#Facts
1 305
අපි දින 30ක පුහුණු වැඩසටහනක් තියමු. මනස නිරවුල් කරගමු.
දවස් 30ක් එහෙමත් නැතිනම් මාසයක කාලයක් මේ දේවල් කරන්න. ඔයාගෙ මනස, දේහය සහ අධ්‍යාත්මික සුවය යම් වෙනසකට භාජනය වේවි.
» Pornography වලින් ඈත් වෙන්න. (සහමුලින්ම)
» දිනකට පැය 6ක් (අවශය නම් 5ක්) නිදාගන්න. එකම වෙලාවක් යොදාගන්න.
» දිනකට අවම වතුර ලීටර් 2ක් පානය කරන්න.
» පොඩි වෙලාවක් හරි එළිමහනෙ ඇවිදින්න. ඉර එළියට නිරාවරණය වෙන්න.
» සීනි, ලුණු, මිරිස් භාවිතය අඩු කරන්න.
» දවසට විනාඩි 30ක් වත් කියවීමට යොදන්න. අලුත් දෙයක් ඉගෙනගන්න.
» සතියට දවස් 3-5 බැගින් ව්‍යායාම වල යෙදෙන්න.
» දිනපතාම එළවලු පළතුරු ආහාරයට ගන්න.
» දිනකට විනාඩි 10+ භාවනා කරන්න.
» අනවශ්‍ය Social media ඇප්ස් අයින් කරන්න. (අමාරුවෙන් හරි ඉවසන් ඉන්න)
» LearnBits ගැන යාලුවන්ට කියන්න. 😉
#Free_Mind
1 305
🧚♀ලස්සන Wallpapers, Profile pictures download කරගන්න අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න🧚♀
🦋✨Hd wallpaper
🦋✨Girls dp
🦋✨Boys dp
🦋✨Animals
🦋✨Anime
🦋✨Fantacy
🦋✨Foods
🦋✨Couples
🦋✨Music and more...
🧚♀Our channel : https://t.me/Galaxypfp
1 305
සබඳතාවක් ඇති කරගැනීමට බිය වීම
බහුතරයක් අය අසාර්ථක සම්බන්ධයකින් පස්සෙ, අලුත් සම්බන්ධතාවක් පටන් ගන්න බය වෙන එක අපි හැමෝම දන්න දෙයක්. ඒක ඔයාටත් පොදු දෙයක් වෙන්නැති.
ඉතින් ජීවිතය ගලාගෙන යනවා. ඔයාට අලුත් මිනිසුන්ව හම්බෙනව. නමුත් ඒ අය එක්ක සම්බන්ධකම් ඇතිකරගන්න තරම් එඩිතර බවක් ඔයා තුළ නෑ.
අපි මුලින්ම තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි, අලුත් සබඳතාවක් පරිපූර්ණ වෙයි කියල කියන්න කාටවත් නෑ.
ඒ වගේම ඕනෙම සබඳතාවක්, කොටින්ම සත්‍ය ප්‍රේම භෘංග රාජ ආදර කතා පවා, දවසක අවසන් වෙන්න පුලුවන්.
අපි කවුරුත් ඒ සත්‍යතාවෙන් බැහැරව ජීවත් වෙන්නෑ. ඒක අපි හැමෝටම මුහුණ දෙන්න සිදුවෙන පොදු ධර්මතාවක්.
මේ පොදු නියතය අවබෝධ කරගැනීම සහ පිළිගැනීම කියන්නෙ, පරිණතභාවයට පත් වෙන එකටයි. සම්බන්ධයක් උද්‍යෝගිමත් වෙන්නෙත් මෙන්න මේ නිසාමයි. ඒක අවදානම්. ඒක භයානකයි. ඒක හොඳ වෙන්න පුලුවන්. නරක වෙන්න පුලුවන්. දවසක ඒක නිසා ඔයාට විඳවන්න වේවි. නැත්තං ඒක නිසා ඔයාගෙ ජීවිතේම සුන්දර වේවි.
අන්න ඒ නිසා අලුත් සම්බන්ධයක් ඇතිකරගැනීම කියන්නෙ, එක්තරා ආකාරය කේවල කිරීමක්. අවදානමක් ගන්න අය ඒ තුළින් ජීවිතය තේරුම් ගන්නව.
හැබැයි බුද්ධිමත් වෙන්න...!
#Psycho_Facts
1 305
පෘථිවිය තුළ, පසුගිය වසර 3500ක පමණ කාලය තුළ, යුද්ධයක් නොමැතිව පැවතුනේ වසර 268ක පමණයි.
#Facts
1 305
ඇයි අපිට ඉර කොළ පාටට පේන්නෙ නැත්තෙ?
සූර්යාගෙන් නිකුත් වෙන දෘශ්‍ය විකිරණයන්ගේ උපරිම තීව්‍රතාවට අදාළව වීන්ගේ විස්ථාපන නියමය යෙදුවොත්, අපිට ලැබෙනව අදාළ විකිරණ තීව්‍රතාවට අනුරූප තරංග ආයාමයේ අගය 500nm ක් පමණ වෙනව කියල. (සූර්ය පෘෂ්ඨයේ උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්)
මේ තරංග ආයාමය සමාන වෙන්නෙ, සාමාන්‍ය දෘශ්‍ය පරාසයේ තියෙන කොළ වර්ණයටයි. ඉතින් සූර්ය විකිරණ වල සැබෑ පාට කොළ කියල හිතෙයි ඔයාට.
නමුත් එහෙම නෑ. උඩදි මම කිව්වෙ "උපරිම තීව්‍රතාවට අනුරූප තරංග ආයාමය" ගැනයි. නමුත් ඇත්තටම මේ විකිරණ තීව්‍රතා පරාසය වෙනස් වෙනව. ඒකෙ ප්‍රථිඵලයක් හැටියට සූර්‍ය විකිරණ වල තරංග ආයාමය 400nm - 700nm අතර වෙනස් වෙනව. ප්‍රථිඵලයක් විදිහට රතු සහ නිල් වර්ණයන්ට අදාළ කිරණත් පිටවෙනව.
මිනිස් ඇසේ තියෙන දෘෂ්ඨි සංවේදක සෛල වලින් මේ හැම තරංග ආයාමයක්ම ග්‍රහණය කරගන්නව.වායුගෝලය තුළ තරංග විසිරීමක් නැතිනම්, සූර්යයා අපිට දිස් වෙන්නෙ සුදු පාටින්.
නමුත් කලින් පෝස්ට් එකක මම කිව්ව වගේ, වායුගෝලිය බාධකය නිසා නිල් වර්ණයට අදාළ තරංග පෙරීමකට ලක් වෙලයි අපේ ඇසට සූර්‍ය කිරණ ළඟා වෙන්නෙ.
සූර්‍ය කිරණ තුළ ඇති නිල් වර්ණය පෙරී යාමත්, කොළ සහ රතු වර්ණ ඉතිරි වීමත් කියන සංසිද්ධිය නිසා තමයි, සූර්‍යයාව කහ පැහැයෙන් පෙනෙන්නෙ.
(කොළ සහ රතු වර්ණ දෙකේ එකතුවෙන්, කහ වර්ණය සෑදේ)
ඉතින් සූර්යයා කොළ පාටින් නොපෙනෙන්න හේතුව සූර්‍ය කිරණ තුළ අඩංගු වෙන රතු වර්ණය, කොළ වර්ණයත් සමග මිශ්‍ර වෙලා කහ පාටට හරවන එකයි.
ඒත් ඔයාල දැකල ඇති සමහර රටවල් වලට සමහර කාලවලට, හඳ කොළ පැහැයෙන් දිස් වෙනව. ඒකට හේතුව සඳ මගින්, සූර්යයාගෙ කොළ වර්ණයට අදාළ කිරණ විතරක් පරාවර්තනය කිරීමයි.
#LearnBits_Q_A
1 305
ඔයා මේ රූපයේ මුලින්ම දැකපු දේ අනුව ඔයා ගැන කියවෙන දේවල් හරිද බලන්න🌚
(Photo enhanced by @LearnBits)
#Fun
1 305
ආදරය සම්බන්ධව හොඳම උපදෙස් දෙන්නෙ කවුද?
කලින් දාපු Poll එකේ පිළිතුරු වලට අනුව, ඔයාල බහුතර දෙනාගෙ උත්තරය උනේ 'තනිකඩයන්' කියන එක.
ඒ ගැන කතා කරන්න කලින් මම මේ දේ කියල ඉන්නං. සෑම සම්බන්ධයක්ම (ආදර හෝ වෙනයම්) එකකට එකක් වෙනස්. අනන්‍යයි. ඒ නිසා වෙනත් කෙනෙක්ට හරියන දෙය, තව කෙනෙක්ට හානියක් වෙන්න පුලුවන්. ඒ වගේම, ඔයා ගැන හෝ ඔයාගෙ සම්බන්ධය ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ගෙන් ලැබෙන උපදෙස් එකපාරටම පිළිගන්න එපා. ඒ දේවල් ඔයාට වලංගු වෙන්නෙ කොහොමද කියන එක හිතල බලල ඒව පිළිගන්න.
ව්‍යංගයෙන් මම කිව්වෙ, චැනල් වල පළවෙන හැමදේම පිළිගන්න එපා කියල. (LearnBits හි උනත්)
එහෙනං අපි බලමු තනිකඩයො කොහොමද ආදරය සම්බන්ධ ප්‍රශ්න වලට පට්ට දාර්ශනික උත්තර දෙන්නෙ කියල.
හිතන්න ඔයා ඉන්නෙ ලොකු කැලෑවක කියල. ඔයා අතරමං වෙලා. ඔයාට ඉමක් කොනක් පේන්නෙ නෑ. ඔයාට මුකුත්ම කරගන්න බෑ.
දැන් හිතන්න ඔයාගෙ තනිකඩ යාලුවා කැලේට උඩින් හෙලිකොප්ටරයක ගමන් කරනව කියල. එයාට ඔයාව පේනව. ඔයා ඉන්න තැනත් පේනව. කැලේ අනතුරු තියෙන තැන්, කැලෙන් පිටවෙන තැන් ආදී හැමදේම පේනව.
මම මේ කියපු 'කැලය' තමා 'ආදර සම්බන්ධය'. ආදර සම්බන්ධයක ඉන්න කෙනෙක්, තමන්ගෙ සම්බන්ධයේ තියෙන ප්‍රශ්න ගැන බලන්නෙ බොහොම පටු පරාසයකයි. මොකද එයාට බෑ සම්බන්ධයෙන් පිටතට ගිහින් සම්බන්ධය දිහා බලන්න.
නමුත් ආදර සම්බන්ධයක නැති කෙනෙක්ට, වෙනත් කෙනෙක්ගෙ සම්බන්ධයේ සෑම අස්සක් මුල්ලක්ම පේනව. (පිටතට දර්ශනය වන) ඒ කියන්නෙ, සාමාන්‍යයෙන් ආදරය කරන කෙනෙක්ට නොපෙනෙන සම්බන්ධය තුළ පවතින red flags හෝ green flags යනාදීය, පිටස්තර කෙනෙක්ට හඳුනගන්න බොහොම ලේසී.
මොකද ඔවුන්ට ආදරය කරන දෙදෙනගෙන් එක් කෙනෙක් සමගවත් එවැනි බැඳිමක් නැති නිසා, ඔවුන් නිතරම අපක්ෂපාතීවයි අදහස් ප්‍රකාශ කරන්නෙ.
ඒ වගේම, ආදරය කරන කෙනෙක් සාමාන්‍යයෙන් කැමති නෑ අනෙකාගෙවත් තමන්ගෙවත් වැරැද්දක් තියෙනව කියල පිළිගන්න. එයාල සාමාන්‍යයෙන් හිතන්නෙ, සුලු සුලු ගැටලු පස්සෙ හරියන නිසා ඒව සැලකිය යුතු නැහැ කියල. නමුත් තනිකඩ අයට ඒ වගේ සුලු සුලු ගැටලු පේනකොට ඔවුන් ඒ ඔස්සේ අනාගතයේ විය හැකි දේවල් උපකල්පනය කරලයි පිළිතුරක් දෙන්නෙ.
එහෙමත් නැත්තං කලින් ආදරය කරපු කෙනෙක් නං, එයාගෙම පෞද්ගලික අත්දැකීම් වලට අනුවයි පිළිතුරක් දෙන්නෙ.
හැබැයි මේකෙන් අදහස් වෙන්නෑ ආදරය කරමින් ඉන්න කෙනෙක්ට හොඳ උපදෙස් දෙන්න බෑ කියල. සම්බන්ධකම් ගැන හොඳාකාරවම තේරුමක් තියෙන කෙනෙක්ට, වෙන කෙනෙක් වෙනුවෙන් උපදෙස් දෙන්න පුලුවන්.
හැබැයි පෞද්ගලිකව මගේ මතය නම්, ඔයාව වත්, ඔයාගෙ සම්බන්ධය ගැනවත් අඳුරන්නැති අයගෙන් ගන්න උපදෙස් එකපාර පිළිගන්න එපා. මේ මම ලියපු හෑල්ලවත් එකපාරට පිළිගන්න එපා. මම කලිනුත් කිව්ව වගේ, ඔයා සෝශල් මීඩියා වල දකින හැමදෙයක්ම, තමන්ගෙ සම්බන්ධයට වලංගු වෙන්නෙ කොහොමද කියන එක හිතල බලල පිළිගන්න.
#Relationship_Tips
1 305
වර්තමානයේ, පෘථිවිය මත රයිනෝසිරස් විශේෂ කීයක් ජීවත් වෙනවද?
රයිනෝසිරස් කියන්නෙ "Rhinocerotidae" කියන කුලයට අයත් සත්ව විශේෂයක්. රයිනෝසිරස් කියන්නෙ ස්වභාවිකවම ශාක භක්ෂකයෙක්. ඝන ආරක්ෂිත සම, සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව ඇති කුඩා මොළය සහ ආකර්ෂණීය අඟ මේ සත්තුන්ගෙ කැපී පෙනෙන ලක්ෂණ වෙනව.
දැනට මේ කුලය තුළ රයිනෝසිරස් විශේෂ පහක් ඉන්නව. ඉන් විශේෂ දෙකක් අප්‍රිකාවෙත්, තුනක් දකුණු ආසියෙවත් දක්නට ලැබෙනව.
(ඉහත පින්තූරයේ පිළිවෙලට නම් සඳහන් කර ඇත)
අප්‍රිකානු විශේෂ :
1. කළු රයිනෝ
2. සුදු රයිනෝ
ආසියානු විශේෂ :
1. සුමාත්‍රානු රයිනෝ
2. ජවාන් රයිනෝ
3. ඉන්දියානු රයිනෝ
රයිනෝසිරස් කියන්නෙ ලොව වඩාත්ම තර්ජනයට ලක් වූ සත්වයන්ගෙන් කෙනෙක්.
#Animalia
1 305
Repost from චැප්ලින්📍𝗖𝗛𝗔𝗣𝗟𝗜𝗡
😄 ✨ චැප්ලින් ✨ 😄
හෝව් හෝව් !!! 🚫 🚫 🚫
කොහෙද යම්නෙ මේ ජම්බෝලේ වගේ 🤩😍🤩
🌙 පාඩම් කරලා පට්ට මහන්සිද කම්මැලී වගේද
❓❓❓
මහන්සිය නැතිකරගෙන 🆒
refresh වෙම්න ඕනිද 🆒 🆒
🌙 N2O ටිකක් දෙම්නද ✨
🌙 හිනා වෙන්න කැමති අය සෙට් වෙම්න, අපි දෙනව ඔයැයිලට මත්වෙම්න 😇😇
🌙 හොඳ හොඳ සෙල්ලම් බලම්න ඕනි නම් ඩැන්ම පහළ බටම් ඔබම්න
😓😓😓😓😓😓
🌙 චැප්ලින් සකරබයිස්ලා එක්ක සෙට් වෙලා පෝස්ටුවලට සිමෙන්ට් කරම්නත් අමතක කරම්න එපා 👀
සැ.යු : හිනා වෙම්න ගුලි කම්නම ඕනි නෑ 😂😂😂
❤️ 9000+ subscribers ✅️
🔤🔤🔤🔤 🔤🔤🔤💟
😀🔥 @Chap_lin_sl 🔥🔥
