ar
Feedback
Learn Bits

Learn Bits

الذهاب إلى القناة على Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

إظهار المزيد
1 305
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-4230 أيام
أرشيف المشاركات
මිනිසුන් ඔයාට සලකන ආකාරයට නෙවෙයි , මිනිසුන් ඔයාට සැලකිය යුතුයි කියල ඔයාට උවමනා වෙන ආකාරයට අන් අයට සලකන්න. අන් අය කෙරේ වෛරය සහ වේදනාව පතුරන කෙනෙක් වෙන්න එපා. ඔයාට අනිත් මිනිස්සු සැලකුවෙත් එහෙම නම් , නමුත් ඔයාට අනිත් අයගෙන් අවශ්‍ය උනේ ආදරය කරුණාව නම් , ඔයත් මිනිස්සුන්ට දෙන්න ඕනෙ ආදරය කරුණාවමයි. මොකද ඔයාට සලකපු විදිහට , ඔයා අනිත් අයට සලකන්න ගියොත් , වෛරය , ක්‍රෝධය , වේදනාව පිරි මේ චක්‍රයෙන් කවදාවත් ඔයාට ගැලවෙන්න වෙන්නෑ. #Morning_Thoughts #Free_Mind

මගෙ Contact list එකේ කෙනෙක් status දාල තිබ්බේ මේක. Google එකට ගිහින් meteorite කියල search කරල මුකුත් නොකර ටිකක් වෙලා බලන් ඉන්න. 🙊 👀 #Social_Mid

කෙනෙක් අපෙන් වයස ඇහුවොත් , අපි සාමාන්‍යෙන් සට පට සත්තපඩි ගාල වයස කියල දානවනෙ. නමුත් සමාජයේ සමහරු තමන්ගෙ වයස හංගන්න උත්සාහ කරනව. උදාහරණයකට බියුටි කචල් එකක් කරගෙන ඉන්න අවුරුදු 25ක 30ක පෙනුමක් තියෙන අවුරුදු 40ක විතර ගෑණු කෙනෙක්ගෙන් වයස ඇහුවොත් , එයා බොරු අඩු වයසක් කියන්න සම්භාවිතාවක් තියෙනව. ඉතින් අපිට එහෙම කෙනෙක්ගෙ ඇත්තම වයස දැනගන්න ඕන්නං , මේ මනෝවිද්‍යාත්මක උපක්‍රමය භාවිත කරන්න. ඔයා කෙනෙක්ගෙන් වයස අහල , එයා කියපු වයස පිළිගන්න බෑ වගේ කියල හිතෙනව නං , ඉක්මනටම එයා ඉපදුණ අවුරුද්ද අහන්න. එයා කිව්වෙ බොරුවක් නං , එයා ආකලන අනුකලන දාල කලින් කියපු වයසට සරිලන , උපන් අවුරුද්ද ගණනය කරල කියන්න ටිකක් වෙලා යනව. නමුත් එයා කිව්වෙ ඇත්ත වයස නං , කිසිම පැකිළීමක් නැතුව එක පාරටම උපන් අවුරුද්ද කියනව. #Psycho_Facts #Life_Tips

පැයක් මිනිත්තු 60කටත් , මිනිත්තුවක් තත්පර 60කටත් බෙදා දැක්වීම භාවිත කරල තියෙන්නෙ බැබිලෝනියානුවන් විසිනුයි. ඒ තාරකා විද්‍යාවට සහ වයස් නිර්ණ කටයුතු වලට කියලයි පුරාවිද්‍යාත්මක ක්ශේත්‍රය තුළින් තහවුරු කරන්නෙ. කොහොම උනත් බැබිලෝනියානුවන් මෙම ගණිතමය පද්ධතිය පිළිබඳ දැනුම ලබාගෙන තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව 3500ක් තරම් ඈත අතීතයේ සිටි සුමේරියානුවන්ගෙනුයි. #Knowledge

කොවිඩ් හඳුනාගැනීමට , PCR සඳහා ශ්ලේෂ්මල සාම්පල ගන්නා පළමු දසුන ප්‍රංශයෙන් 😂. - 1553 #Fun
කොවිඩ් හඳුනාගැනීමට , PCR සඳහා ශ්ලේෂ්මල සාම්පල ගන්නා පළමු දසුන ප්‍රංශයෙන් 😂. - 1553 #Fun

Additional ලෙස සඳහන් වන්නේ , Post එකකට අදාළ කරුණු සම්බන්ධව ලියවුනු ලිපි ආදිය වේ. ඔබට අදාළ post එකෙහි අන්තර්ගතය සම්බන්ධව වැඩිදුර අධ්‍යනය කිරීමට අවශ්‍ය නම් එම links වලට ගොස් කරුණු දැනගත හැක. චැනලය තුළ post පළකරන අප එම අන්තර්ගතයන් පිළිබඳව මතුපිටින් පමණක් සොයාබලන නිසා , විද්වතුන් විසින් පවසන ලද සහ විද්‍යාඥයන් විසින් පර්යේශණ මගින් සනාථ කරන ලද එවැනි කරුණු අදාළ මූලාශ්‍ර වලටම ගොස් සොයාබැලීම වඩාත් උචිත වේ. එමෙන්ම එම කරුණු පිළිබඳ සඳහනක් ඇති ඔබ දන්නා වෙනත් මූලාශ්‍රයක් තිබේ නම් ඒවා comment section එක තුළ comment එකක් ලෙස තබන්න. එය අන් සාමාජිකයන්ටත් කරන උපකාරයක් වනු ඇත. #Notice

අධ්‍යන වලින් පෙන්නල දෙන විදිහට මුල් කාලීන පෘථිවිය වටා චන්ද්‍රයන් දෙදෙනෙක් ඉඳල තියෙනව. න්‍යායන්ට අනුව , වත්මන් චන්ද්‍රයා සෑදී
අධ්‍යන වලින් පෙන්නල දෙන විදිහට මුල් කාලීන පෘථිවිය වටා චන්ද්‍රයන් දෙදෙනෙක් ඉඳල තියෙනව. න්‍යායන්ට අනුව , වත්මන් චන්ද්‍රයා සෑදී ඇත්තේ එම මුල් කාලීන චන්ද්‍රයන් දෙදෙනා එකිනෙක ගැටීමෙන් බව විද්‍යාඥයන් මත පල කරනව. Additional - Nature / Space / National Geographic #Facts #Knowledge

🌿 Phyllium giganteum , එහෙමත් නැත්තං යෝධ මැලේසියානු කොළ කෘමීන් තමයි ලෝකෙ ඉන්න විශාලතම කොළ කෘමීන් වර්ගය. මේ විශේෂය සමන්විත වෙන්නෙ ගැහැණු සතුන්ගෙන් විතරයි. ඔවුන් සංසේචනය නොවූ බිත්තර දමමින් නව ගැහැණු සතුන්ට උපත ලබා දෙනව. (a.k.a - Giant Malaysian Leaf Insects) #Knowledge

යහපත් සබඳතාවක් පවත්වගන්න , මේ නීති පහ අනුගමනය කරන්න 1. සෑම අවස්ථාවකම අනෙකාට උපකාර කරන්න. ප්‍රසංශා කරන්න. 2. කිසිම වෙලාවක අනෙකාව සමච්චලයට හෝ නින්දාවට පත් කරන්න එපා. 3. අනෙකාගේ යහපත් දේවල් ගැන පමණක් කතා කරන්න. එසේ කිසිවක් නැතිනම් , ඒ සම්බන්ධ දේවල් කතා නොකර ඉන්න. (නමුත් ගැටලුවකදී සෑම දෙයක් ගැනම විවෘතව සාකච්ඡා කරන්න) 4. අනෙකාට නිසි අවධානය ලබා දෙන්න. ඔවුන් ගැන අවධානයෙන් සිටින්න. 5. අනෙකාගේ ධනාත්මක ගුණාංග දෙසට අවධානය යොමු කරන්න. කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නොවන නිසා සෘණාත්මක දේවලටම ඇලී ගැලී සිටින්න එපා. #Relationship_Tips

විවාහක කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගිකව හැසිරීමට ආශාවක් නොමැතිව ලිංගිකව හැසිරී ඇත. නමුත් මේක සිදුවෙන්නෙ සැමියාගෙ ප්‍රචණ්ඩත්වය නිසා වෙන බලපෑම් මත නෙවෙයි. සමහර කාන්තාවන් , තමන් විවාහක බව පදනම් කරගෙන අකමැත්තෙන් උනත් සැමියා වෙනුවෙන් ඒ ඒ රාජකාරි ඉටු කරනව. ඔවුන් පවසන්නෙ ලිංගිකව එකතු වීම ගෙදරපළ වැඩ කරනව සේම අසතුටුදායක ක්‍රියාවක් බවයි. ඒ නිසා අඹු සැමි අන්‍යෝන්‍ය සන්නිවේදනය මත මෙවැනි ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම තමයි උචිතම දේ. නැත්තං විද්වත් උපදෙස් ගන්නත් පුලුවන්. සතුටුදායක නමුත් දුක්බර (අද මැච් එකේ වගේ) සම්බන්ධයක් ඇතිකරගන්නවට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මෙවැනි ගැටලු නිරාකරණය කරගන්න. ඒක පවුල් ජීවිතයට ගොඩක් බලපාන දෙයක්. #Relationship_Tips

Repost from N/a
🌻පැහැපත් දිදුලන ලස්සන සමක් හිමි කර ගන්න ඔබත් කැමතිද?🌻 🌻දිගු,ඝන,හිස්හොරි වලින් තොර නීරෝගී කෙස් කළඹකට උරුමකම් කියන්න කැමතිද
🌻පැහැපත් දිදුලන ලස්සන සමක් හිමි කර ගන්න ඔබත් කැමතිද?🌻 🌻දිගු,ඝන,හිස්හොරි වලින් තොර නීරෝගී කෙස් කළඹකට උරුමකම් කියන්න කැමතිද ?🌻 🌻ලස්සන මුහුණක් වගේම🌻 🌻තරබාරුකමින් මිදී සිහින් සුන්දර සිරුරක් හිමිකර ගැනීමට කැමතිද ?🌻 🌻එහෙනම් ඔබත් දැන්ම 🌻 🌹සුන්දරත්වයේ ප්‍රමුඛයා🌹 🌹Herbline නිෂ්පාදන🌹 සමග එකතු වී වෙනස අත්විඳින්න🌻 🌻ඔබේ සියලුම රූපලාවණ්‍ය ගැටලු වලට විසදුම් මෙහිදී ලබා ගත හැක.🌻 🌻ගැහැණු,පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි.🌻 🌻ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි🌻 🌻ඒ වගේම Herbline Jewellery වෙතින් ද ඔබට අගනා රීදී මුදු පෙළක් ද ලබා ගත හැක.🌻 🌻සුන්දරත්වයේ රහස අත්විඳින ගමන් Herbline Family එකට එකතු වෙලා හොඳ income එකක් ගන්නත් පුලුවන් ඔයාලට🌻 🌻🌻ඉතින් Herbline සියලු තොරතුරු දැන ගන්න ඔයාලත් අපේ Telegram Channel එකට එකතු වෙන්න කියලා ආරධනා කරනවා 🌻🌻

කුහුඹුවන්ට අමාශ දෙකක් තියෙනව. (Stomach). එකක් කුහුඹුවන්ගේ පෞද්ගලික දේහයට. එකක් , අනෙක් කුහුඹුවන් සමග බෙදාගන්නා ආහාර ගබඩා කර තබා ගැනීමට. මේ ක්‍රියාවලියට කියන්නෙ trophallaxis කියල. ඒක කුහුඹුවන්ගෙ කණ්ඩායම් හැකියාව වැඩිදියුණු කිරීමේ තවත් එක් උපක්‍රමික ක්‍රියාවලියක්. #Knowledge

2023 අවුරුද්ද වෙනස් කරගන්න මේ දේවල් කරන්න 1. සෑම දේකටම පැමිණිලි කිරීමේ අයහපත් පුරුද්ද අතහැර , තමන් කොතරම් වාසනාවන්තද යන්න දිනපතා සිතන්න. 2. තනිකම ශක්තියක් කරගෙන , ඔබ ඔබම වෙන්න. තනිකම තුළ ඔබගේ සැබෑ ප්‍රතිරූපය නිර්මාණය කරගන්න. 3. ඔයාගෙ ජීවිතයට ධනාත්මක ශක්තියක් ගෙන නොදෙන සෘණාත්මක දේවල්ම ගෙන එන පුද්ගලයන්ට සමුදෙන්න. 4. රූපවාහිනියෙන් ගැලවෙන්න. අන්තර්ජාලය සීමා කරන්න. 5. ඔබ කැමති හෝ , ඔබට අවශ්‍ය එක් නිපුණතාවක් තෝරාගෙන , එය වර්ධනය කිරීමට මුලු ශක්තිය සහ උත්සාහය යොදන්න. 6. ඉලක්ක සිහිකරගන්න. ඉලක්කය සපුරා ගන්නා තෙක් ආපසු හැරී නොබලන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. 7. ව්‍යායාම වල නිරතවෙන්න. දිනපතා හෝ සතිපතා කාලසටහනකට අනුව ව්‍යායාම කරන්න. 8. ඔබ කරන වැරදි වෙනුවෙන් දුක් වෙන එක නවතා , ඒවා නැවත නොවෙන්න එයින් යමක් ඉගෙනගන්න. 9. මිනිසුන්ට අවංක වෙන්න. ප්‍රියමනාප වෙන්න. ගරු කරන්න. 10. මනා කලමණාකාරීත්වයෙන් දවස ගෙවන්න. නින්ද උචිත ලෙස පාලනය කරගන්න. #Life_Tips

අපි අපේ ජීවිතය කාර් එකකට සමාන කරමුද? කාර් එකක ඉදිරිපස වීදුරුව ගොඩක් ලොකුයි සහ පුළුල්. නමුත් අපිට පිටුපස පෙන්නන පැති කණ්නාඩි හරිම පුංචියි. ඒකට හේතුව , පිටුපස බලනවට වඩා ඉස්සරහ බලන එක වැදගත් වීමයි. පිටුපස කියන්නෙ අතීතයට. අපි අතීතය දිහා බලන්න ඕනෙ තමයි. නමුත් ඉතාමත් සුලු වශයෙන්. ඉදිරිපස කියන්නෙ අනාගතයට. අනාගතය බලන්න විශාල වීදුරුවක් තියෙන්නෙ , අපේ අවධානය වැඩිහරියක්ම යොමු වෙන්න ඕනෙ අපේ අනාගතයට නිසයි. අතීතයට වඩා වැදගත් වෙන්න ඔයාගෙ අනාගතයයි. ඒ නිසා අනාගතය දිහා හොඳට බලන් ජීවන මාවතේ ගමන් කරන්න. ඒ අතරම වරින් වර අතීතය දිහා බලන්න. #Life_Tips

Final Result 1. කිකිළි 2. කෝච් ඩුමාල් 🤷 3. බිත්තරේ මේ ගැන ලිපියක් දාන්නම්.

වෙනත් මාසවලට වඩා ජනවාරි මාසය තුළදී , ආදරවන්තයින් හෝ විවාහකයන් වෙන් වීමට සහ දික්කසාද වීමට නැඹුරු වේ. වැඩිදුර තොරතුරු - Read #Facts

ඔයා හිතන විදිහට,
Anonymous voting

පිළිතුර බලාගන්න https://t.me/LearnBitsF/221/584

සැබෑ ආදරයට කවදාවත් සතුටුදායක අවසානයක් ලැබෙන්නෑ. මොකද සැබෑ ආදරය කිසිදා අවසන් වෙන්නෑ. #Night_Thoughts

දේශප්‍රේමී පරිසර හිතකාමී ඔක්සිජන් වලට ගරු කරන එක්තරා ඇමතිවරයෙක් විසින් , නගරයකට නිවෙස් 100ක් ඉදි කරවා දෙන ලදී. එම නිවෙස් 100ටම 1 සිට 100 දක්වා අංක සලකුණු කරන ලද අංක තහඩුවක් බැගින් සවි කරන ලද්දේ නම් , "9" හි ඉලක්කම එම අංක තහඩු වල කී වරක් සඳහන් වී ඇත්ද? #Fun