Learn Bits
الذهاب إلى القناة على Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
إظهار المزيد1 305
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-4230 أيام
أرشيف المشاركات
1 305
~ Honey Night ~
ලිංගිකව එකතු වීමකට පස්සෙ වැළඳගැනීම වැදගත්ද?
වැළඳගැනීම කියන්නෙ ලිංගිතක්වයේ කොටසක් හෝ , ලිංගික උද්දීපන ලබා දෙන දෙයකටත් වඩා දෙදෙනා අතර සෙනෙහස වර්ධනය කරන්න දායක වෙන දෙයක්.
ඉතින් ලිංගිකව එක් වීමකට පස්සෙ , මද වෙලාවක් දෙන්නම වැළඳගැනීමක් සිදු කරනකොට එකිනෙකා කෙරෙහි තියෙන සෙනෙහස වර්ධනය වෙනවා. සමහර කාන්තාවන් මේ අවස්ථාව "හුරතල් වෙනව" කියලත් හඳුන්වනවා.
මෙහෙම වැළඳගන්නකොට ශරීරයෙන් විශේෂ හෝමෝනයක් (oxytocin) ස්‍රාවය වෙනවා , අපිට සතුටක් සහ , සහකරුවා කෙරෙහි සෙනෙහසක් ඇති කරන.
ලිංගික ජීවිතය සුවපහසු කරගන්න වැදගත් වෙන පහසුම ක්‍රියාමාර්ගයක් තමයි මේක.
#Relationship_Tips 👩❤️👨 @LearnBits
1 305
ඔබ සරලවම , ඔබම වීම ගැන සෑහිමකට පත් වෙලා , අන් අයව අනුගමනය කරන්න , අන් අය සමග තමන්ව සංසන්දය කරන්න හෝ අන් අය සමග තරඟ කිරීමට නොයන්නේ නම් සියලුම දෙනා ඔබට ගෞරව කරනු ඇත.
- Lao Tzu
#Saying 🙆 @LearnBits
1 305
වහාම නවත්තන්න...🤚
🧚 දවල් වෙනකං නිදාගන්න එක නවත්තන්න.
🧚 අවස්ථාවන් මගහැරගන්න එක නවත්තන්න.
🧚 ඔයාගෙ , දවසේ කාලසටහන මගහරින එක නවත්තන්න.
🧚 සෘණාත්මක දේවල් වලට ඇහුම්කන් දෙන එක නවත්තන්න.
🧚 හැමදේ ගැනම ඕනෙවට වඩා හිතන එක නවත්තන්න.
🧚 ඔයාගෙ ජීවිතය නිරපරාදෙ නාස්ති කරන එක නවත්තන්න.
#Life_Tips 🤚 @LearnBits
1 305
ආජන්ටිනාවෙ විද්‍යාඥයින් විසින් ඩයිනසෝර් යුගයේ ජීවත් වූ තවත් සාමාජිකයෙක්ගෙ පොසිල අවශේෂයක් හොයාගෙන තියෙනවා. මේ පොසිල අයත් වෙන්නෙ "The Dragon Of Death" කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන , ඉපැරණි පියාඹන උරගයෙකුටයි. ඇස්තමේන්තු ගත කරන ආකාරයට මේ පොසිල අවුරුදු මිලියන 86ක් පරණයි.
පොසිල අධ්‍යනයෙන් පස්සෙ , සත්වයාගෙ ශරීර ප්‍රමාණය නිර්ණය කරනකොට හමුවෙලා තියෙන්නෙ , මේ සතා ලොකු බස් රථයක් තරම් වෙන බවයි.
මේ සතාව හඳුන්වන්නෙ Pterosaur (ටෙරොසෝර්) කියල. දිග අඩි 30කට (මීටර් 9ක් පමණ) ආසන්නයි. පර්යේෂකයන් කියන විදිහට , මේ උරගයා කුරුල්ලන්ගෙ පරිණාමයටත් කලින් ඉඳලම මිහිමත වාසය කරල තියෙනව.
ප්‍රාග් ඓතිහාසික යුගයේ , මුළු අහසටම අධිපති වගේ හිටපු මේ විශාල දඩයක්කාරයා තමයි පියාපත් හෝ ඒ හා සමාන උපාංගයන් පරිණාමය උනු පළවෙනි සත්වයා.
ආජන්ටිනාවෙන් මේ හම්බුනු පොසිලය අනුව , මේ තමයි දැනට හමුවුනු විශාලතම ටෙරසෝර් වරගයේ සත්වයා.
විද්‍යාඥයන් මත පල කරනවා ග්‍රහක බලපෑමෙන් ඩයිනසෝරයන් විනාශ වෙන්න , අවුරුදු මිලියන 20කට අධික කාලයක ඉඳන් මේ සත්වයන් ජීවත් උන බවට.
#Knowledge 🦖 @LearnBits
1 305
Dominator
අඩි විස්සකට ආසන්න දිගක් තියෙන මේ කිඹුලා තමයි , ලෝකෙ දෙවනියට විශාලතම කිඹුලා. ඒ වගේම වර්තමානයේ ජීවත් වෙන විශාලතම කිඹුලා.
#Knowledge ♡ @LearnBits
1 305
අපි බෝදිලිමා (Chameleons) කියල හඳුන්වන කටුස්සෙක් වැනි මේ සත්වයාට , එකවර දෙදිශාවකට ඇස කරකවන්න පුලුවන්.
#Facts ♡ @LearnBits
1 305
ඇයි අපිට දාඩිය දාන්නෙ?
දහඩිය නිපදවන්නෙ සම තුළ තියෙන ස්වේද ග්‍රන්ථි වලින්. අපේ මුලු ශරීරය පුරාම මේ ස්වේද ග්‍රන්ථි පිහිටල තියෙනවා.
දහඩිය දැමීමේ ප්‍රධානම කාර්යය තමයි ශරීර පෘෂ්ඨයේ උෂ්ණත්වය පාලනය කරන එක. ඔයාල දන්නව ඇති ජලය , සුලු ප්‍රමාණයක් වාශ්ප කිරීමෙන් උනත් , අධික තාප ප්‍රමාණයක් පිට කරන්න පුලුවන් කියල.
ඒ වගේම දහඩිය මගින් සම මතුපිට ක්ශුද්‍ර ජීවි ඝණාවාසිකරණය පාලනය කරනවා. නිරන්තරයෙන්ම සම සෝදා හැරීම මගින් ක්ශුද්‍ර ජීවින් වර්ධනය සීමා කරනව සහ , දහඩියේ ආම්ලික බව නිසා ක්ශුද්‍රජීවින් විනාශ වෙනව.
ඊට අමතරව , අත්ල වැනි ස්ථාන වල සුලු වශයෙන් දහඩිය ස්‍රාවය කරල අත්ලෙන් යමක් හොඳින් අල්ලා ගන්න හැකියාවක් ලබා දෙනවා.
#Knowledge ♡ @LearnBits
1 305
මීයන් සෑහෙන වේගයෙන් වර්ධනය වන සත්ව කොට්ඨාසයක්. එක ගැහැණු මීයෙකු සහ එක පිරිමි මීයෙකු අතර සංවාසයක් ඇතිවෙන්න දීල මාස 18කට පස්සෙ , ඒ මීයො දෙන්නගෙ පරපුරට අයත් මීයන් මිලියනකට වඩා දැකබලාගන්න පුලුවන්ලු.
මීයන් ව සර්පයන් , උකුස්සන් , සහ අනෙකුත් ස්වභාවික හේතුන් නිසා පාලනය උනේ නැත්තං.... 🫢 මී රාජධානියක අපිටත් ජීවත් වෙන්න වෙන්නෙ.
#Facts ♡ @LearnBits
1 305
හැමදේම ඔයා විසින්ම කරන්න උත්සාහ කරන්න එපා.... ඔයා කලින් හිටියට වඩා ගොඩක් ශක්තිමත්... ඔයාට කලින්ටත් වඩා බලයක් තියෙනවා
හැබැයි අවසාන ප්‍රතිඵලය විදිහට ඔයාට ගොඩක් වැදගත් දෙයක් ගැන අවධානය ගිලිහිලා.
ඔයා ගැන හිතපු හැමදෙනාම , ඔයාට මේ තැනට එන්න උදව් කලා... ඔයාට දැන් බලය තියෙන නිසා ඔයා ඒ හැමකෙනාවම අමතක කරනව නං ඔයා ආත්මාර්ථකාමී උඩඟු කෙනෙක් වේවි ඉදිරියට.
ඔයා කොච්චර බලසම්පන්න උනත් , ඔයා විසින් තනියම හැමදේම කරන්න යන්න එපා.
මොකද එහෙම කලොත්... ඔයා දවසක අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා.
- Itachi Uchiha -
New!
#AnimeQuotes ♡ @LearnBits
1 305
Toxic මිනිසෙකුගෙ ලක්ශණ.
1. ඔවුන් ඔයාගෙ අවශ්‍යතාවන් නොසලකා හරිනවා.
2. ඔයාට ඔයා ගැනම කලකිරෙන තත්වෙට පත් කරනවා.
3. ඔවුන් ඔයාගෙ ජයග්‍රහණයන්ට ඊර්ෂ්‍යා කරනවා.
4. ඔවුන් කිසිම වෙලාවක සමාව ඉල්ලන්නෑ. තව තවත් ඔවුන්ව නිවැරදි කරගන්න උත්සාහ කරනවා.
5. ඔවුන් නැවත නැවතත් ඔයාගේ සීමාවන් උල්ලංඝනය කරනවා.
6. ඔවුන් නිතරම ඔයාව විනිශ්චය කරනවා.
7. ඔවුන් හැමතිස්සෙම "වින්දිතයාගෙ" කොටස රඟපානවා.
8. ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගන්න ඔයාව හසුරවන්න උත්සාහ කරනවා.
#Psycho_Facts ♡ @LearnBits
1 305
Curiosity Tea Break
මිනිසුන්ගේ ශරීරයේ ජාන කීයක් අඩංගු වෙනවද?
Bio කරන සමහරු නම් දන්නවා මිනිසුන්ගෙ ජාන සංයුතිය ගැන හදාරන්න , විද්‍යාඥයන් "මානව ගෙනෝම ව්‍යාපෘතිය" නම් Project එකක් කලා. මේ ව්‍යාපෘතියට කලින් විද්‍යාඥයන් හිතන් හිටියෙ මිනිසුන්ගෙ ශරීරයේ ජාන 100,000ක් හෝ ඊටත් වඩා තියෙනව කියල.
ඒකට හේතුව තමයි මිනිසා කියන්නෙ මේ ලෝකෙ ඉන්න සංකීර්ණම සත්වයෙක් වීම.
කොහොම උනත් මානව ගෙනෝම ව්‍යාපෘතිය අවසානයේ දැනගන්න ලැබුනා , මිනිසුන්ගේ ඇඟේ අඩංගු වෙන්නෙ ජාන 24,000ක් පමණ ප්‍රමාණයක් විතරයි කියලා.
#Knowledge ♡ @LearnBits
1 305
අපි අපේ කාමර ලොක් කරනවා. අපි අපේ ඔෆිස් එක ලොක් කරනවා. අපි අපේ කාර් එක , ගෙදර , සේප්පුව මේ හැමදේම ලොක් කරනවා.
හැබැයි අපිට අමතක වෙනවා අපේ මනස ලොක් කරගන්න. මනස ඕනෙවට වඩා විවෘතව තියෙන නිසා එතුලට , කුණු කසල , සෘණාත්මක ද්‍රව්‍ය එකතු වෙන්න ගන්නවා.
මතක තියාගන්න. ඔයාගෙ මනසත් හරියට කර්මාන්තශාලාවක් වගේ. ඔයාගෙ සිතුම් පැතුම් ඔක්කොම නිපදවන්නෙ මනසෙන්. ඔයා ඒ කර්මාන්තශාලාවෙ අමුද්‍රව්‍ය විදිහට අර වගේ කැලි කසල දානකොට , මනසෙන් නිපදවන සිතුම් පැතුමුත් ඒ වගේම වෙනවා.
ඉතින් පුලුවන් තරන් ධනාත්මක සුන්දර දේවල් ඔයාගෙ මනස නැමැති කර්මාන්තශාලාවට සපයන්න උත්සාහ කරන්න.
එතකොට මනස විසින් ලස්සන , ධනාත්මක සිතුම් පැතුම් නිපදවයි.
#Quotes ♡ @LearnBits
1 305
Fact Check
මේ පොටෝ එක මම දැක්කෙ මගෙ contact list එකේ ඉන්න කීප දෙනෙක්ගෙ ස්ටේටස් වලින්. මොකක්ද මංද හෑල්ලකුත් එක්ක දාල තිබ්බෙ. කාගෙද මිනිසෙක්ගෙ පෙනහල්ලක කැරපොත්තෙක් ඉන්නව කියල , ඊට පස්සෙ ඒ මිනිහා වෙන ඉස්පිරිතාලෙකට ගියාම කියලලු කැරපොත්තා ඉඳල තියෙන්නෙ X ray මැශීන් එක ඇතුලෙ කියල.
මේකෙ වැරදි කීපයක්ම තියෙනවා. මේ X ray එක අයිති වෙන්නෙ Marilyn Monroe’s කියල පුද්ගලයෙක්ට. ඒක අරන් තියෙන්නෙ ලෙබනනයේ Cedars රෝහලේ. ඒ 1954දි.
ඒ කරුණ නොදන්නව උනත් කැරපොත්තෙක් ගෙ සහ පෙනහලුවක ප්‍රමාණයන් ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට මේක කොච්චර විහිලුවක් ද කියල තේරෙන්න ඕනෙ.
අනිත් කාරණය තමයි X ray එකකින් කැරපොත්තෙක්ව පේන්නෙ මෙහෙම නෙවෙයි. මේ තියෙන්නෙ
opacity අඩු කරපු color remove කරපු කැරපොත්තෙක්ගෙ පොටෝ එකක්නෙ.
සහ අවසන් කාරණය තමයි x ray මැශින් එකක් ඇතුලෙ කැරපොත්තෙක් හිටියට ඒක මෙහෙම පේන්න විදිහක් නෑ. X ray මැශින් එකක ආකෘතියක් දැකල තියෙන කෙනෙක්ට ඒක තේරෙන්න ඕනෙ.
Fact Status : FALSE ❌
#Facts_Check ♡ @LearnBits
1 305
Jaw-transformer
මේ මාලුවට තියෙන්නෙ පුදුමාකාර මුඛයක්. මේ මාලුවා , යම් ගොදුරක් දැක්ක ගමන් එයාගෙ කට , නලයක් ආකාරයට දික් කරගෙන , ඒ ගොදුර ඇදගැනීමකට ලක් කරනවා. සත්ව ලෝකයේ දැකිය හැකි පුදුමාකාරම අනුවර්තනයක් තමයි මේක.
වැඩි විස්තර බලාගන්න මේ ලින්ක් එකෙන් යන්න
https://www.zoobasel.ch/en/aktuelles/news/1265/stuelpmaullippfisch-der-mit-der-grossen-klappe/
#Knowledge ♡ @LearnBits
1 305
කුඩයකට බෑ වැස්ස නවත්තන්න.
හැබැයි ඒකට පුලුවන් ඔයාට වැස්සෙදි නොතෙමී ඉන්න උපකාර කරන්න.
ඒ වගේම....,
තමන් ගැනම විශ්වාස කිරීමෙන් ඔයාව සාර්ථක කෙනෙක් නොකරනව වෙන්න පුලුවන්.
හැබැයි ඒ විශ්වාසය , ඔයාට අමාරු කාලවලට මුහුණදෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.
#Life_Tips ♡ @LearnBits
1 305
කිරි වීදුරුවේ කතාව
එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් , සල්ලි කීයක් හරි හොයාගන්න ඕනෙ නිසා ගෙවල් වලට පත්තර අරන් ගිහින් විකුණුවා. එක දවසක් මේ ළමයා බඩගින්නෙ ඉන්න වෙලාවක , පත්තර බෙදාහරිමින් ඉන්නකොට කලන්තෙට වගේ ආව. ඉතින් මේ ළමයා ඉක්මනට ළඟ තිබ්බ ගෙදරකට ගිහිල්ල කන්න මොනාහරි ඉල්ලුවා. ඒ ගෙයි හිටියෙ තරුණ ගැහැණු ළමයෙක්.
ඉතින් මේ ගැහැණු ළමයා අර පිරිමි ළමයට කිරි වීදුරුවක් දුන්නා බොන්න. පිරිමි ළමයා ඒ කිරි වීදුරුව බීල ඇහුවා , "මේ කිරි වීදුරුවට කීයක් අය කරනවද?" කියල.
ගැහැණු ළමයා කිව්වා "මට මුදල් එපා." කියලා.
පිරිමි ළමයා , ඒ ගැහැණු ළමයට ස්තූති කරල ආපහු පත්තර බෙදන්න ගියා.
කාලයත් එක්කම මේ තරුණ ගැහැණු ළමයා ලොකු උනා. නමුත් අවාසනාවකට ඇයට දරුණු ස්නායු ආබාධයක් ඇති උනා. ඇයගේ දෙමාපියන් සල්ලි කොච්චර වියදම් කලත් මේක සුව කරන්න ලැබුනෙ නෑ.
ඔන්න එතකොට ඒ කාලෙ හිටපු දක්ශතම ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් මේ ගැහැණු ළමයව සුව කරන්න භාර ගත්තා. ඉතින් දැඩි පරිශ්‍රමයකට පස්සෙ මේ ගැහැණු ළමයගෙ ස්නායු ආබාධය 100%ක්ම සුව කරන්න ඒ වෛද්‍යවරයට හැකියාවක් ලැබුණා.
රෝගය සුව උනාට ඒ වෙනකොටත් මේ ගැහැණු ළමයගෙ දෙමාපියන්ගෙ මුදල් ඔක්කොම වගේ වියදම් වෙලා තිබුණෙ. ඉතින් ගැහැණු ළමයට හිතාගන්න බැරි උනා මේ වෛද්‍යවරයට ගෙවීමක් කරන්නෙ කොහොමද කියලා.
ගැහැණු ළමයා රෝහලෙන් පිට වෙන දවසෙ රෝහල් කාර්යමණ්ඩලයෙන් කෙනෙක් ආව ගැහැණු ළමයව හම්බෙන්න. ඒ ආවෙ පොඩි ලියවිල්ලක් අරගෙනයි. ඒ තමයි රෝහල් ගාස්තුව.
ගැහැණු ළමයා බය උනා මිලියන ගණනක් ගෙවාගන්න වෙයිද? කොහොමද මම මේක ගෙවන්නෙ කියල.
ඒ උනාට අර ලියවිල්ලෙ සඳහන් උනේ ගාස්තුව ගෙවා ඇති බවටයි. ඒ බිලේ කෙලවරක තවත් මොනාද ලියල තිබ්බා. ඒ එයාගෙ රෝගය සුව කරපු වෛද්‍යවරයගෙන් පොඩි සටහනක්.
ඒකෙ තිබ්බේ,
"වෛද්‍ය ගාස්තුව ඔයා මීට අවුරුදු කීපෙකට කලින් , කිරි වීදුරුවකින් ගෙව්වා. රෝහල් ගාස්තුවත් එදා ඔයා මට දක්වපු කරුණාවන්තකමින් ගෙවල තිබ්බේ." කියල.
කතාවෙන් ගත හැකි දේ:-
ඔබ සිදුකරන සෑම යහපතක් සඳහාම ඔබටද යහපතක් වෙන බවට සිහියේ තබාගන්න.
#Story ♡ @LearnBits
