ar
Feedback
Learn Bits

Learn Bits

الذهاب إلى القناة على Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

إظهار المزيد
1 305
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-4230 أيام
أرشيف المشاركات
මරණ දණ්ඩනයේදී භාවිත වන "විදුලි පුටුව" හොයාගෙන තියෙන්නෙ දන්ත වෛද්‍යවරයෙක් විසින්. #Facts

ඔයා බොරු කියල තියෙනවද? "නෑ" කියල කියන්නත් බෑ , එතකොට ඒකත් බොරුවක් වෙනව නේද?😄 බොරුවක් කිව්වට පස්සෙ ඒ බොරුව manage කරන්න , තවත් බොරු ගොඩාක් කියන්න ඕනෙ. ඒක දිගින් දිගටම අඛණ්ඩව සිදු වෙලා අවසානයේ ඒක බොරුව තුළම ජීවත් වීමක් වෙනව. ඉතින් ඇයි අපිට බැරි වෙනස් වෙන්න? අපි ඇත්ත කියමු. ඕනෙම දුශ්කර අවස්ථාවක අපි ඇත්ත කියන්න පුරුදු වෙමු. ඇත්ත කතා කරමු. "එයා නං අවංක කෙනෙක්" කියල වෙන අය ඔයාව හඳුන්වන තැනට පත්වෙනකංම අපි ඇත්ත කියමු. නිකමට හිතල බලන්න... බොරුවෙන් වැහුණු ව්‍යාජ ලෝකයක් වෙනුවට , ඇත්තෙන් පිරුණු සරුසාර ලෝකයක ජීවත් වෙන එක කොච්චර සහනයක් වේවිද කියල. අනිත් අය වෙනස් වෙනකං බලන් ඉන්න එපා.... අද ඉඳන් , මේ දැන් ඉඳන් ඔයයි මමයි වෙනස් වෙමු...! #Life_Tips

Dismissed ! American green lottery visa මේ ගැන නං ඕනෙ තරන් youtube එකේ වීඩියෝ තියෙනව. ලිපියක් බලනවට වඩා එහෙම එකක් බලනකොට පැහැදිලි වෙයි හොඳට. Online Job ඒ සම්බන්ධව නං අපි කිසිම දැනුවත්කමක් නෑ. ඒ සඳහා වෙන්වුනු පාර්ශ්වයන්ගෙන් විමසන්න. #LearnBits_Q_A

විශ්මිත වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න😍 සත්තුන්ගේ දගවැඩ🤗 කෝලම්🤪 බලන්න👀............. එයාලට පිහිට වෙන්න😇 එන්න🙃 අප
විශ්මිත  වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න😍 සත්තුන්ගේ දගවැඩ🤗 කෝලම්🤪 බලන්න👀............. එයාලට පිහිට වෙන්න😇 එන්න🙃 අපිත් එක්ක එකතු වෙන්න....... 🐶🐱🦁🐼🐵🦉🐥🐦🐝🐗🦋🐛🦂🐙🐍🪳🐜🕷🦀🦑🐟🐳🦭🐆🦓🐫🦧🦛🐂🐏🐑🐄🐓🐁🐀🦔🦫🦦🦥🦚 °°°ලාංකීය ටෙලිග්‍රෑමය තුල සතුන් වෙනුවෙන් ආරම්භ කල දැනට පවතින මුල්ම සමූහය. CoPy කල හැක සම කල නොහැක.....🐾🙃😋

LearnBits තුළින් ඔයාලට වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නෙ?
Anonymous voting

මිනිසු සිරුර තුළ පරමාණු, 6,500,000,000,000,000,000,000,000,000 ක් පමණ තියෙනවා. #Facts

මේ මස 7 වන දින (11/07) උගන්ඩාව සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සමත් වුනා. ඒ PearlAfricaSat-1 චන්ද්‍රිකාවයි. #WorldWid
+4
මේ මස 7 වන දින (11/07) උගන්ඩාව සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සමත් වුනා. ඒ PearlAfricaSat-1 චන්ද්‍රිකාවයි. #WorldWide

විවිධ Phobia වර්ග Cacophobia - අවලස්සනට ඇති බිය Catagelophobia - සමච්චලයට ලක්වේ යැයි ඇති බිය Catoptrophobia - දර්පණ වලට ඇති බිය Chionophobia - හිම වලට ඇති බිය Chromophobia - වර්ණ වලට ඇති බිය Chronomentrophobia - ඔරලෝසු වලට ඇති බිය Chronophobia - කාලයට ඇති බිය Claustrophobia - ඇහිරුණු , තද අවකාශයන්ට/ස්ථානයන්ට ඇති බිය Coulrophobia - විකටයන්ට ඇති බිය (clowns) Cyberphobia - පරිඝණක වලට ඇති බිය Cynophobia - බල්ලන්ට ඇති බිය. #Knowledge #Phobia

වෙනසක් නැත්තං වෙනස ඔයා වෙන්න... #Free_Mind
වෙනසක් නැත්තං වෙනස ඔයා වෙන්න... #Free_Mind

Direct Question from subscriber නිතරම ස්මාර්ට් දුරකථන භාවිතයෙන් සිතීමේ හැකියාවයි මතකයයි දුර්වල වෙන එක ගැන..... #LearnBits_Q_A #Knowledge

අපේ පළවෙනි Anonymous Contact හරහා යොමු කෙරුණු ප්‍රශ්නය. 👀 ☝️

Anonymous Question from subscriber ලෝකේ පලවෙනි පුවත්පත කුමක්ද??? ලෝකෙ පළවෙනි පුවත්පත තමයි , Acta Diurna’ කියන්නෙ. මේ පුවත්පත එළිදක්වල තියෙන්නෙ රෝමයේදී. ඒ 1605 වසරේ. Q. by - Hellow kitty #LearnBitsQ_A

සුරාන්තයකදි , ඇත්තටම දහනය වෙන්නෙ කැලරි 2 - 3 වගේ පොඩි ප්‍රමාණයක්. නමුත් සුරාන්තයට එළඹීමට සිදු කරන විවිධ ක්‍රියාකාරකම් වලට කැල
සුරාන්තයකදි , ඇත්තටම දහනය වෙන්නෙ කැලරි 2 - 3 වගේ පොඩි ප්‍රමාණයක්. නමුත් සුරාන්තයට එළඹීමට සිදු කරන විවිධ ක්‍රියාකාරකම් වලට කැලරි 50කට ආසන්න ප්‍රමාණයක් දහනය වෙනවා. #Facts

Traveling පිස්සෝ 🍃♥️🌱 මොන දේ තිබුණත් මානසික සුවය නැත්තම් ඒ ජීවිත වලින් වැඩක් නෑ ...🖤✨️ Traveling කියන්නේම ඒ සුවය ලබාදෙන බෙහෙතක් ඇබ්බැහි වුනොත් නවත්තන්න බැරි ...😌🥺 ජීවිතේ විදින්න ,ලස්සන Travel videos බලන්න,එන්න අපිත් එක්ක සයිබරයෙන් ලෝකේ වටේම යන්න ♥️🤩🌎💨 ජීවිතේ විදින්න Traveling වලට කැමති ඔයාලා වෙනුවෙන් 👣🍂🤗💖 Join with us 👇

LearnBits Christmas Mega Update..! LearnBits Channel   - Added new hashtag ( #Crime_Story ) LearnBits Main Blog ʷᵉᵇ   - Added snow falling effect. (toggle dark mode to see it clearly)   - Added heart animation.   - Added Anime Quotes generator. ( See in the menu )   - New "Anonymous Contact" option.ᴺᵉʷ LearnBits Article Blog ʷᵉᵇ   - UI design updated   - Dark mode added   - Some simple bugs fixed LearnBits Story Blog ʷᵉᵇ   - Whole theme changed   - Font size customization allowed   - Dark mode added   - New Story coming in December *Wallpaper bits is now long gone...! We'll focus only on our main subject from now on. #Update #Notice #LearnBits

🆕 🎥 Movie පිස්සෝ™ 🇱🇰 🔰 අලුතෙන්ම Release උන Movies, Tv Series සිංහල Subtitle එක්කම බලන්න හොයනවද? 🎭 එහෙනම් දැන්ම පහළ 🔗 L
🆕 🎥 Movie පිස්සෝ™ 🇱🇰 🔰 අලුතෙන්ම Release උන Movies, Tv Series සිංහල Subtitle එක්කම බලන්න හොයනවද? 🎭 එහෙනම් දැන්ම පහළ 🔗 Link එකෙන් Join වෙන්න,         ☑️ සිංහල හඩකැවූ.         ☑️ සිංහල උපසිරැසි සමග.         ☑️ News And Updates.         ☑️ Movie Reviews.         ☑️ Status And Stories. 🎥 ඔබට අවශ්‍ය ඕනෑම Movie එකක් 📥 Download කරගන්න වගේම 🎉 Online බලන්න එකතු වෙන්න. 🥳 📌 Share And Support Us.

Introducing New Anonymous Contact #LearnBits_Q_A පටන් අරන් අපි දැන් ටික කාලයක් වෙනව. මේ කාලය ඇතුළත මම නිරීක්ශණය කරපු එක දෙයක්
Introducing New Anonymous Contact #LearnBits_Q_A පටන් අරන් අපි දැන් ටික කාලයක් වෙනව. මේ කාලය ඇතුළත මම නිරීක්ශණය කරපු එක දෙයක් තමයි , සමහර අයට කෙලින්ම අපේ බොට් මගින් හෝ , මගේ acc එකට ප්‍රශ්න යොමු කරන්න ලැජ්ජාවක් , බියක් හෝ වෙනත් හේතුවක් තිබුණා. ඉතින් ඔවුන් ඒ නිසා වෙනත් අය මාර්ගයෙන් ඒ ප්‍රශ්න අපිට යොමු කලේ. ඉතින් මෙන්න මේ තුන්වෙනි පාර්ශ්වයන්ගෙන් තොරව කෙලින්ම ඔයාගෙ ප්‍රශ්නය අපිට යොමු කරන්න අලුත් විදිහක් තමයි මේ හඳුන්වල දීල තියෙන්නෙ. Anonymous Contact මේකෙ විශේෂය තමයි ඔයාගෙ කිසිම තොරතුරක් අපිට ලැබෙන්නෑ. අපේ සයිට් එක මාර්ගයෙන් තමා ඔයාලගෙ ප්‍රශ්න මේ මාර්ගයෙන් අපිට යොමු කරන්න වෙන්නෙ. Link :- Anonymous Contact මේ ලින්ක් එකෙන් ගියාම ඔයාට පෙනෙයි නම සඳහන් කරන්න තැනකුයි , ගැටලුව සඳහන් කරන්න තැනකුයි. අවශ්‍ය නම් ඔයාගෙ සත්‍ය නම දෙන්න. නැත්තං ඔය Kitty වගේ මොකක් හරි නමක් දෙන්න. ගැටලුව ඔයාම සඳහන් කරල Send ඔබන්න. telegram bot හරහා ප්‍රශ්නයක් යොමු කලත් ඔයාගෙ නම ඒකෙ සඳහන් වෙනවා. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාට පුලුවන් ඔයාගෙ පෞද්ගලික නමුත් ගොඩක් අයට පොදු දෙයක් උනත් අපෙන් අහන්න. #Update #Notice

ඇයි සිංහයව කැලේ රජා කියල හඳුන්වන්නෙ? සිංහයා කියන්නෙ King of the jungle කියන මතය අපි පොඩි කාලෙ ඉඳන්ම තිබ්බ දෙයක්. ඒත් ඒක එහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන හිතල බැලුවද? සිංහයා කියන්නෙ ලෝකෙ ශක්තිමත්ම සත්වයා නෙවෙයි. වේගවත්ම සත්වයාත් නෙවෙයි. සහ බුද්ධිමත්ම සත්වයාත් නෙවෙයි. නමුත් සිංහයෙක් එනකොට අනිත් සතුන් පවා එතනින් අයින් වෙනවා. ඒකට හේතුව විදිහට , සත්ව චර්‍යා සම්බන්ධ විශේෂඥයන් කියන්නෙ , සිංහයොන්ට තියෙනවලු විශාල ආත්ම අභිමානයක්. ඔවුන් හිතන්නෙ ඔවුන්ට ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියලලු. ඒ වගේම සිංහයා කියන්නෙ හොඳ සමාජශීලි මෙන්ම , නායකත්ව ලක්ශණ තියෙන සත්වයෙක්. ඒ වගේම මොවුන් හොඳ කණ්ඩායම් ක්‍රියාකාරීන්. ඒ කියන්නෙ පිරිමි සිංහයන් තමන්ගෙ පවුලට සහ රැලට ආරක්ශාව සපයනකොට , ගැහැණු සිංහයන් දඩයම් කරල ආහාර හොයාගන්නවා. කොටින්ම කියනව නං , සිංහයෙක් කියන්නෙ නියම නායකයෙක්...! ඉතින් මේ වගේ හේතු ගණනාවක් නිසා සහ , සිංහයගෙ දරුණු ඝර්ජනාවත් , එයාට කැලේ රජා කියන නම පටබැඳෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනව. #Knowledge

අමාරු වැඩක් භාරදෙන්න , මම කම්මැලිම මිනිසෙක්ව තෝරගත්තා. මොකද ඒ කම්මැලි මිනිසා , අර අමාරු වැඩේ කරන්න , ලේසිම විදිහක් හොයාගන්න නිසා. - Bill Gates #Saying

දැන්ම නතර කරන්න... ☘ ඔයාව අගය කරන්නැති මිනිසුන්ව ආස්‍රය කරන එක නවත්තන්න. ☘ ඔයාගෙ ප්‍රශ්න වලින් පළායන එක සහ සත්‍ය වසන් කරන එක නවත්තන්න. ☘ දොර පාපිස්සනයක් මෙන් ඔබව පහතට දමා සිතීමෙන් වළකින්න. ☘ අතීතය සහ එකල දේවල් පැවති ආකාරය ගැන සිතා ඒ ගැන ආශාවෙන් බැඳීම නවත්තන්න. ☘ ඔයා කරපු මෝඩ වැඩ වලට ඔයාටම දඬුවම් කරගන්න එක නවත්තන්න. ☘ කලින් සම්බන්ධයක් ඔයාව රිද්දපු නිසා , නව සම්බන්ධතා ප්‍රතික්ශේප කිරීම නවත්තන්න. ☘ විවිධ පුද්ගලයන් සමග අමනාපකම් ඇතිකරගැනීම නවත්තන්න. ☘ පරිපූර්ණ වෙන්න උත්සාහ කිරීම නවත්තන්න. ඒක කාලය නාස්ති කිරීමක් විතරයි. #Life_Tips ☘