ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
සැහැල්ලු, එහෙත් අත්‍යවශ්‍ය පහසුකම් සියල්ලකින්ම සපිරි Keyboard app එකක් වන Dream Keyboard එක ගැන දැනගනිමු අප සෑම දෙනාම එදිනෙදා ජිවිතේ ජංගම දුරකථනය සම්බන්ධ කටයුතු වලදී අනිවාර්යෙන් තමන්ගේ දුරකථනයේ Keyboard එක භාවිතා කරන අතර බොහෝ විට අපට දුරකථනයේ ඇති default Keyboard එක සිංහල භාෂාව සහාය නොදක්වන නිසා හෝ වෙනත් හේතුවක් නිසා අප වෙනත් Keyboard එකක් download කර ගෙන භාවිතා කිරීමට හුරුවී සිටිනවා. මේ වන විටත් අපට සිංහල භාෂාව සඳහා සහය දක්වන Keyboard app කිහිපයක්ම ඇති නමුත් මෙම Dream Keyboard එක අනෙක් Keyboard app සමඟ සැසදීමේදී සරල සහ පරීශිලයන්ට භාවිතය පහසු වන ආකාරයට නිපදවා තිබෙන අතර මෙය ශ්‍රී ලාංකීක තරුණයෙකු විසින් නිපදවන ලද Keyboard app එකක් විම අනෙක් සුවිශේෂි කරුණ වෙනවා. මෙම Dream Keyboard එක මඟින් පරීශිලකයන් හට ශබ්දානුකූල ක්‍රමය (Singlish) සහ සම්මත විජේසේකර ක්‍රමය භාවිතා කර සිංහල අකුරු type කළ හැකි අතර මෙහි ඇති ඉතා සිත් ඇදගන්නා සුළු සහ සරල UI එකකින් සමන්විත වන අතර විවිධ අලංකාර themes ගණනාවක් නොමිලේම භාවිතා කිරීමට හැකියාව හැකියාව ලැබෙනවා. තවද Gestures, අක්ෂර දෝෂ හඳුනා ගැනීම, voice typing, clipboard එක හැසිරවීම, Keyboard එක හරහාම ඡේද/වචන සැකසීම, stylish fonts භාවිතා කිරීමේ හැකියාව, Keyboard එකෙහි අකුරු හා icon වල වර්ණය වෙනස් කිරීම වැනි පහසුකම් සහ තවත් පහසුකම් ගණනාවක් මෙන්ම emoji and number bar එකක්, emoji prediction වැනි සාමන්‍ය Keyboard වල ඇතුලත් නොවන අංග පවා මෙම Dream Keyboard එකෙහි ඇතුලත් වෙනු ලබනවා. මෙම Keyboard app එකෙහි විශේෂතාවක් වන්නේ ඉතා අඩු බැටරි, RAM, Storage හා CPU භාවිතයක් සහිත වීමයි. ඒ නිසා මිලෙන් අඩු දුරකථනවල ද ඉතා හොඳින් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින අතර, මෙම app එකෙහි අඩංගු සියලු පහසුකම් නොමිලේ භාවිතා කළ හැකියාව පවතිනවා. Keyboard app එකක් භාවිතා කරන විට අප විසින් Keyboard එක භාවිතයෙන් සංවේදී දත්ත හුවමාරු කරගන්නා නිසා මෙහි ඇති Privacy ගැන අපි විශේෂයෙන් සැලකිල්ලට ලක් කල යුතු අතර පහත Link එක ඔස්සේ ගොස් ඔබට එහි Privacy Policy එක ගැන සිංහල හා ඉංශ්‍රිසි භාෂාවන් ඔස්සේ දැනුවත් වීමේ හැකියාව පවතිනවා. Dream Keyboard - Sinhala Keyboard - සිංහල මෙම පෞද්ගලිකතා ප්‍රතිපත්තිය (Privacy Policy) මගින් Dream Keyboard - Sinhala Keyboard ඇප් එක භාවිතයේදි ඔබගේ දත්ත හසුරවන ආකාරය පිළිබඳව දැනුවත් කරනු ලැබේ. මෙම ඇප් එක මගින් ලබා ගන්නා දත්ත මොනවාද?මෙම ඇප් එක නිර්මාණ‍ය කළ අපි ඔබගේ පෞද්ගලික දත්ත කිසිවක් ලබා නොගන්නෙමු. එනම්, යතුරුපුවරුවක් ලෙස ඔබ එයින් Dream Keyboard app එක ඔබට භාවිතා කිරීමට අවශ්‍යය නම්, මේ වන විට මෙය Play Store සහ Huawei AppGallery මඟින් Download කර ගැනීමට හැකියාව ඇති අතර මෙම app එක ඉදිරියේදී iOS පරීශිලයන් වෙනුවෙන්ද නිපදවීමට ‍මෙම Keyboard app එකෙහි හි නිර්මාතෘවරයා බලාපොරොතුවෙන් සිටින බවට අපට සඳහන් කරනු ලැබුවා. Sinhala Keyboard - Dream Keyboard - Apps on Google Play Dream Keyboard යනු ඉංග්‍රීසි හා සිංහල භාෂා දෙකම මගින් ටයිප් කළ හැකි යතුරුපුවරුවකි. මෙම ඇප් එකෙහි අඩංගු සියලු පහසුකම් ඔබට නොමිලේ භාවිතා කළ හැක. පහසුකම් : 🇱🇰 සිංහල ටයිප් කිරීම• ශබ්දානුකූල ක්‍රමය (සිංග්ලිශ්) හා සම්මත විජේසේකර ක්‍රමය භාවිතා කර ටයිප් කළ හැක ⌨ සුපිරි පෙනුම• යතුරුපුවරුවක පැවතිය හැකි…

External Display එකක් නොමැතිව Samsung Tab වල Dex භාවිතා කිරීම කලින් සඳහන් කල සෑම අවස්ථාවකදීම ඔබට extenal display එකක්, එනම් පරිගණක හෝ රූපවාහිනී වැනි අමතර තිරයක් මත Dex භාවිතා කිරීමට හැකියාව තිබෙන නමුත් මෙහිදී ඔබට එවැනි අමතර තිරයක් නොමැතිව tab එක හරහා Dex භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඔබ සතු සතුව Samsung Tab S4 හෝ S6 වැනි උපාංගයක් ඇත්නම් ඔබේ උපාංගය තුළ Dex option එක pre-install කර තිබෙනවා. මෙම Tab වල Dex සඳහා shortcut එකක් notification panel එකට ඇතුලත් කර ඇති අතර, notification panel එක පහලට swipe කර DeX click කිරීම මඟින් ඔබට සම්පූර්ණයෙන්ම ඔබේ Tab එක Dex Mode මාරු කර ගැනීමේ හැකියාව තිබෙනවා. රැහැන් රහිතව, ඔබේ Note 20 5G උපාංගය Samsung රූපවාහිනියකට සම්බන්ධ කිරීම මඟින් 2018 වර්ෂයෙන් පසු නිකුත් කරන ලද සාමාන්‍ය Samsung TV හා Smart TV වල මෙම පහසුකම භාවිතා කළ හැකි අතර මෙය සහය දක්වන්නේ Note 20 හා Note 20 Ultra හි 5G Model එක සඳහා පමණයි. ඔබේ දුරකථනයේ notification panel එකේ ඇති Dex option එක click කලපසු දුරකථන තිරය මත ඔබේ රූපවාහිනී මාදිලිය පෙන්වනු ඇති අතර එය click කර start now ලබා දීමෙන් පසු, ඔබේ රූපවාහිනියට ලැබෙන instructions, allow කිරීම කළ යුතු අතර අනතුරුව ඔබට ඔබේ දුරකථනය රූපවාහිනිය මත දැකගත හැකිවනු ඇති. මෙම පහසුකමේ ඇති විශේෂත්වය නම් ඔබට wirelessly, එනම් කිසිදු ආකාරයක cable එකක් භාවිතා කිරීම අවශ්‍ය නොකර විශාල රූපවාහිනී තිරයක ඔබේ දුරකථනය භාවිතා කිරීමට හැකියාව ලැබීමයි. ඉතින් ඔබ සතුව Dex සඳහා සහාය දක්වන Samsung device එකක් තිබෙනවා නම් ඔබටත් ඉහත ඕනෑම ක්‍රමයකින් මෙම පහසුකම පරික්ෂා කිරීමට හා අත්විඳීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම Dex පහසුකම සමඟ ඔබට වෙනමම UI එකක් හා Settings menu එකක් ලැබෙන අතර එමගින් Dex සම්බන්ධ වෙනස්කම් සිදු කිරීමට හා Dex Mode එකෙන් ඉවත් වීම වැනි දේවල් කරන්නටත් පුළුවන් කම ලැබෙනවා. සමහර විට මේ Samsung Dex ගැන මීට වඩා දේවල් ඔය වෙන්නත් පුළුවන්.

විශාල තිරයක් හරහා පරිගණකයක ආකාරයෙන් ජංගම දුරකථනය භාවිතා කළ හැකි Samsung Dex පහසුකම ගැන සරලවම දැනගනිමු Samsung Dex යනු Samsung ජංගම දුරකථන වලට ලැබෙන ප්‍රධානම feature එකක් බව බොහෝ දෙනා දන්නේ නැහැ. විශේෂයෙන්ම මෙම පහසුකම ලැබෙන්නේ Samsung flagship උපාංග වලට පමණක් නිසා Samsung උපාංග භාවිතා කරන බොහෝ දෙනා ඒ පිළිබඳව නිසි දැනුවත්වීමක් ඇති බවක් දැකගන්න ලැබෙන්නේ නැහැ. මෑතකදී නිකුත් වුණ Samsung One UI 2.5 update එකත් එක්ක Samsung Dex feature එක notification panel එකට shortcut එකක් විදිහට ලබා දෙන්නටත් Samsung ආයතනය කටයුතු කර තිබුණා. Samsung Dex එකෙන් මොකක්ද හරියටම වෙන්නෙ කියන ප්‍රශ්නෙට තියෙන සරලම උත්තරය තමයි ඔබේ ජංගම දුරකථනය සම්පුර්ණයෙන්ම පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකය ඔස්සේ පාවිච්චි කරන්න මේ feature එකෙන් ඔබට පුලුවන් කම ලැබීම. මේ හරහා ඔබට කුඩා ජංගම දුරකථන තිරයක් මත සිදුකරන සියලුම දේවල් විශාල තිරයක් මත සිදු කිරීමට ඉඩ ලබාදෙන අතර එය ජායාරූප, වීඩියෝ නැරඹීමේ සිට PowerPoint වැනි app එකක වැඩ කිරීම පවා ඉතා පහසු කරවනවා. දැනට මෙම Dex feature එක අඩංගු වන්නේ Galaxy S9/S10/S20/Note 8/Note 9/Note 10/Note 20 Series වල මෙන්ම Tab S4/S5e/S6/S7 හා Fold යන series වල පමණක් වන අතර ඔබ සතුව Note 20 හෝ Note 20 Ultra හි 5G version එක ඇත්නම් ඔබට Wirelessly එනම් කිසිදු අමතර Cable එකක් නොමැතිව, ඔබේ දුරකථනය රූපවාහිනියකට සම්බන්ධකර භාවිතා කල හැකි වෙනවා. Dex feature එක භාවිතා කිරීමට ඔබේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කලහැකි ක්‍රම කිහිපයක් තිබෙන අතර දැන් අපි ඒවා එකින් එක විමසා බලමු. ඔබට පහසු මෙම කුමන ක්‍රමයකින් හෝ මෙම පහසුකම අත්විඳීමට ඔබට හැකියාව තිබෙනවා. Dex Cable එකක් හෝ HDMI Cable එකක් භාවිතා කිරීම මේ හරහා ඔබට වෙනත් කිසිදු Accessory එකක් නොමැතිව ඔබේ පරිගණකය හා ජංගම දුරකථනය සම්බන්ධ කළ හැකි අතර Standard type-C to HDMI cable එකක් මේ සඳහා භාවිතා කළ හැකියි. මෙහිදී cable එකේ Type-C පැත්ත ජංගම දුරකථනයටත් HDMI පැත්ත පරිගණකයටත් සම්බන්ධ කළ පසු ඔබේ දුරකථන තිරය මතට ලැබෙන message එක continue කර, අනතුරුව start යන්න tap කළ විට device දෙක සම්බන්ධ වීම සිදුවෙනවා. එමෙන්ම ඔබට ඔබේ ජංගම දුරකථනය touch pad එකක් ලෙස භාවිතා කළ හැකි අතර දුරකථනයේ notification panel එක පහලට swipe කළ පසු පෙන්වන "Use your phone as a touchpad" යන්න Press කර පරිගණක තිරයේ පෙන්වන instruction සඳහා OK යන්න click කර මෙම පහසුකම භාවිතා කළ හැකි නමුත් මෙහිදී screen mirroring වීම automatically සිදුවන අතර ඔබට එය DeX mode එකට මාරු කරගැනීම settings හරහා සිදුකර ගත හැකි වෙනවා. Dex Pad එකක් හෝ Dex Station එකක් භාවිතා කිරීම Dex pad එකක් හෝ Dex Station එකක් යනු Docking station device දෙකක් වන අතර මෙම device දෙකම මත ඔබේ දුරකථනය ස්ථාපනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඔබට මෙම device දෙකම තිබීම අවශ්‍ය නැහැ, එකක් පමණක් තිබීම ප්‍රමාණවත්. මෙහිදී ඔබට දුරකථනය සමඟ ලැබෙන Fast charging travel adaptor එක Dex Pad එකට හෝ Dex Station එකට සම්බන්ධ කළ යුතු අතර අනතුරුව HDMI Cable එකක එක පැත්තක් Pad එකට හෝ Station එකටත් අනෙක් පැත්ත පරිගණකයත් සම්බන්ධ කළ යුතු වෙනවා. අනතුරුව දුරකථන තිරය මත පෙර පරිදිම instructions information ලැබෙන අතර ඒ ඔස්සේ ඔබේ දුරකථනය පරිගණකය හා සම්බන්ධ කල හැකියි. කලින් සඳහන් කළ ආකාරයටම මෙහිදීද ඔබේ දුරකථනය Touch Pad එකක් ලෙසද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. මෙහි තිබෙන ප්‍රධානම වාසිය නම් මෙම Dex pad එකට හෝ Station එකට සෘජුවම keyboard එකක් mouse එකක් වැනි උපාංග ද සම්බන්ධ කල හැකි වීම වෙන අතර අවශ්‍ය නම් ඔබට Bluetooth උපාංග මේ හරහා භාවිතා කිරීමටද හැකියාව තිබෙනවා. Dex PC App එක Computer එකට Install කරගැනීම මඟින් මෙම ක්‍රමය භාවිතා කිරීම සඳහා ඔබ විසින් කළ යුත්තේ Samsung Dex PC app එක ඔබේ පරිගණකයට install කර ගැනීම වන අතර එලෙස install කරගත් පසු ඔබ භාවිතා කරන සාමාන්‍යය USB Type-C charging cable එක හරහා පරිගණකය හා ඔබේ දුරකථනය සම්බන්ධ කළ යුතු වෙනවා. එලෙස සම්බන්ධ කළ වහාම Dex සඳහා access ලබා දෙන්නේද යන්න දුරකථන තිරය මත විමසන අතර එම Access ලබාදීම හරහා ඔබට Dex පහසුකම භාවිතා කළ හැකියි. මෙම Dex PC app එක හරහා ඔබට ඉතාම සරලව පරිගණකයේ ඇති දෙයක් Click and drag කිරීම මඟින් දුරකථනයට ලබා ගැනීමට හැකියාව තිබෙන අතර ඔබට දුරකථනයේ ඇති contacts වලට text messages යැවීමද පරිගණකය හරහා ම සිදු කළ හැකි වෙනවා. එමෙන්ම phone එකේ ඇති text එකක් ඉතාම සරලව copy කර පරිගණකයට paste කිරීම කළ හැකි අතර ඔබට දුරකථනය හා පරිගණකය මත simultaneously, app 5 ක් දක්වා එකවර භාවිතා කිරීමත් කරන්නට පුලුවන්. එමෙන්ම මෙහිදී වෙනත් කිසිදු විශේෂ කේබලයක් නොමැතිව ඔබේ සාමාන්‍ය USB Type-C charging cable එක පමණක් භාවිතා කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂ වාසියක් බවද මෙහිදී සදහන් කළ හැකියි.

මේක අයිති වෙන්නේ phishing කියන attack ඝනයට. කොහොම වුණත් මේ විදිහේ attack එකකින් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි, username/password ගහන්න කලින් visit කරන website එකේ URL හරියටම හරිද කියල check කරල බලන එක. ගොඩක් වෙලාවට මේ URL හදන්නේ ප්‍රධාන වෙබ් අඩවියේ URL එකට ළඟින්ම යන විදිහට. ඒක නිසා බොහොම පරිස්සමින් ඒක check කරලා බලන්න ඔයාට සිද්ධ වෙනවා. ඔබ භාවිතා කරන Web Browser එක සහ භාවිතා කරන Extensions පිළිබඳ අවබෝධයෙන් සිටිම ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසිමේදි ඔබ භාවිතා කරන Web Browser එක පිළිබඳව අවධානයක් දක්වන්න. අන්තර්ජාලයේ පළ වි ඇති වාර්ථා දෙස බැලුවහම පැහැදිලි වෙන කරුණක්නම්, තමාවත් හරි හැටි නොදැන install කරගන්නා විවිධ Web browsers සහ විවිධ Extensions හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ account පිළිබඳ විස්තර Hackers ලා හට ලබාගන්න හැකිවෙලා තියෙනවා. මේ වගේ extension එකකට ගොඩක් වෙලාවට ඔයා යන websites මොනවද, ඔයා ඒවගේ මොනවද type කරන්නේ, මොන files ද download කරන්නේ වගේ ඕනම දෙයක් බලන්න. ඒ වගේම ඔයා දන්නෙම නැතුව ඔයාගේ credit card details, usernames සහ password වගේම cookies වගේ අතිශය පෞද්ගලික දේවල් හැම එකක්ම වගේ access කරන්නත් මේ වගේ extension වලට හැකියාව තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම තමන් භාවිතා කරන extension ගැන දැනුවත්ව ඉන්න ඕනා

හැකර්වරුන්ගේ ග්‍රහණයට හසු නොවී අන්තර්ජාලය තුළ බුද්ධිමත්ව හැසිරෙන ආකාරය පිළිබඳව දැනගනිමු බොහෝ දෙනා මේ වනවිට අන්තර්ජාලයත් සමඟ වැඩකටයුතු කිරීමට පෙළඹී ඇති අතර අන්තර්ජාලයත් සමඟ කටයුතු කිරීමේදී තමන්ගේ online accounts වල ආරක්ෂාව පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කිරීමට අපට සිදුවෙනවා. මෙවැනි online accounts ආරක්ෂා කරගැනීමට ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග කිහිපයක් ගැන මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරනවා. ශක්තිමත් password එකක් යොදාගන්න ඔබ ඔබගේ ගිණුම ආරක්ෂා කරගැනීමට ගතයුතු පළමු පියවර ශක්තිමත් password එකක් යෙදීම වන අතර password එකක් භාවිතා කිරීමේදී එය characters අටකට වඩා වැඩියෙන් ඇති capital letters, simple letters, numbers සහ symbols වලින් සමන්විත password එකක් භාවිතා කරන්න. දිගින් වැඩි මෙන්ම වඩා සංකීර්ණ password එකක් භාවිතා කිරීම මගින් ඔබගේ ගිණුමේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම password  එකක් නිර්මාණය කරගනිද්දි ඔයාගෙ උපන් දිනය, නම වගේ පහසුවෙන් අනුමාන කරන්න පුලුවන් දේවල් යොදාගන්න එපා. ශක්තිමත් password එකක් සඳහා උදාහරණ ලෙස පහත passwords පෙන්වා දෙන්න පුළුවන්. t3h#D4FqJa5tg_!Z Y4gsVPw*Z5@+U-sL Yk5U=*dDF6DF9cAh ?t5LQ_Fb$%tBD%X% ගොඩක් වෙලාවට හැකර්වරුන් කරන දෙයක් තමයි common password list එකක් අරගෙන, ඔයාගේ username එක හරි email එක හරි එක්ක මේ list එකේ තියෙන password එකින් එක, එකින් එක දාලා login වෙන්න try කරන එක. (මේක bot එකක් හදලා automate කරනවා. එතකොට අතින් එක එක දාලා check කරන්නේ නෑ.) මේකට කියන්නේ dictionary attack එකක් කියලා. මේක බොහොම ප්‍රාථමික මට්ටමේ attacking method එකක් වුණත්, ඔයා qwer123, asd.123, iloveyou, abc123 වගේ common password එකක් හරි, ඔයාගේ උපන්දිනය, NIC number එක, නමයි උපන් දිනයයි එකතු කරලා වගේ password එකක් හරි දාලා තියෙනව නම්, මේ වගේ attack එකකින් පහසුවෙන්ම ඔයාගේ account එක hack කරගන්න පුලුවන්. නමුත් ඔයා අර උඩ කියලා තියෙනවා වගේ බොහොම complex විදිහේ Password එකක් use කරනවා නම්, ඒ වගේ ඒවා අර කියන word dictonary වල නෑ. ඒ වගේම guess කරලා ගහන්නත් බෑ. 1Password Generator ඊට අමතරව ශක්තිමත් password එකක් නිර්මාණය කරගැනීමෙන් පසු එය නැවත නැවතත් භාවිතා නොකිරීමට කටයුතු කිරීම සහ එකම password එක accounts කිහිපයක් සඳහා භාවිතා කිරීමෙන් වැළකී සිටීම මගින් ඔබට ඔබගේ accounts ආරක්ෂා කරගැනීමට තවත් පහසුවෙනවා. ඔබට මෙවැනි දිගු මෙන්ම සංකීර්ණ passwords කිහිපයක් මතක තබා ගැනීමට අපහසු බැවින් ඒ සඳහා password manager එකක් භාවිතා කිරීමට හැකියාව ද තිබෙනවා. හැකි සෑම අවස්ථාවකදීම Two-Factor Authentication පහසුකම සක්‍රිය කරන්න ඔබගේ accounts ආරක්ෂා කිරීමට ශක්තිමත් password එකක් පමණක් යෙදීම ප්‍රමාණවත් නොවෙන අතර යම් හෙයකින් ඔබගේ මුරපද breach වීමකට ලක් වුවහොත් ඔබගේ accounts එමගින් ආරක්ෂා කරගැනීමට ඔබට මෙම Two-Factor Authentication පහසුකම මගින් හැකියාව ලැබෙනවා. ඔබ Two-Factor Authentication පහසුකම සක්‍රිය කළ පසු password එක පමණක් ලබාදීමෙන් ඔබට ඔබගේ account එකට login වීමට හැකියාව ලැබෙන්නේ නැහැ. Login වීම සඳහා ඔබට එම මොහොතේ ලැබෙන තාවකාලික code එකද ඇතුලත් කිරීමට සිදුවෙනවා මෙම Two-Factor Authentication හරහා ලැබෙන තාවකාලික code එක ඔබට ක්‍රම කිහිපයක් ඔස්සේ ලබා ගන්න පුළුවන්. SMS 2FA Authenticator App / TOTP 2FA Push-based 2FA FIDO U2F / Security Keys Public computers භාවිතා කළ පසු ඔබේ browsing history එක clear කරන්න ඔබ public computer එකක් භාවිතයෙන් ඔබගේ ගිණුම් වලට පිවිසෙන්නේ නම් ඔබගේ කටයුතු අවසන් වූ පසුව ඔබගේ ගිණුමෙන් sign out වී, browsing history එක clear කිරීමට කටයුතු කරන්න. එමෙන්ම ඔබ Incognito/Private Browser එකක් භාවිතා කරන්නේ නම් ඔබට මෙම කටයුත්ත වඩාත් පහසුවෙන් කරගැනීමට පුලුවන්. ඊට අමතරව ඔබ public WiFi එකක් භාවිතා කරනවා නම් ඒ පිළිබඳවද සැලකිලිමත් වන්න. බොහෝදෙනා නිර්දේශ කරන විදිහට public WiFi එකක් භාවිතා කරමින් අන්ත්ර්ජාලයට පිවිසීමේදී VPN එකක් භාවිතා කිරීම මගින් අවදානම අඩු කරගන්න පුළුවන් URL පරික්ෂා කර වෙබ් අඩවි වෙත පිවිසීම ඔබ භාවිතා කරන වෙබ් අඩවි වල URL එක නිවරැදිදැයි යන්න පරික්ෂා කිරීම, අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කර ගැනීමෙන් වැළකී සිටීම, හැකි සෑම විටකම accounts වල recovery option වැනි අනෙකුත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තැබීම මගින් ඔබට පහසුවෙන්ම ඔබගේ accounts ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙනවා. ගොඩක් වෙලාවට Facebook එකෙන් සමහර අය "ඔයාගේ නරක photo එකක් leak වෙලා නේද? ‍දැක්කෙ නැද්ද? අන්න හැම තැනම share වෙනවා" කියලා link එකක් එවනවා සමහර විට දැකලා ඇති. මේ link එක click කරලා ගියොත්, ඊළඟට ඔයාගේ username/password ගහලා login වෙන්න කියනවා. ඔයා එතනදි enter කරන ඕනම username/password එකක් අදාල හැකර්වරයාගේ අතට ලැබෙන විදිහට තමයි ඒවා හදලා තියෙන්නේ.

එමෙන්ම ඔබගේ පරිගණකය සඳහා user accounts දෙකක් සාදා එහි admin account එක password එකක් යොදා තබන ලෙසත් ඔබ සාමන්‍ය භාවිතයේදී admin account එකෙන් log නොවී පරිගණකයේ ඇති අනෙක් ගිණුමෙන් log වී පරිශීලනය කිරීමට නුවණට හුරු කටයුත්තක් වෙනවා. මීට ප්‍රධානතම හේතුව වන්නේ යම්කිසි අවස්ථාවකදී ඔබ විසින් install කරන හෝ භාවිතා කරන application වල ඉහත සඳහන් කළ ආකාරයේ අනතුරුදායක වැඩසටහනක් අන්තර්ගත වන්නේ නම්, එම වැඩසටහනට පරිගණකයේ admin privileges ලබාගැනීමේ හැකියාව අවහිර කිරීමට මේ හරහා හැකියාව ලැබීමයි. මෙවැනි standard ගිණුමක් භාවිතා කිරීමේදී background එකෙන් යම්කිසි application එකක් install වීමට හෝ ක්‍රියාත්මක වීමට තැත් කරන්නේ නම්, බොහෝ ‍විට ඒ පිළිබඳව පරිශීලකයාගේ අවසරය ලබාගැනීම සඳහා prompt කිරීමක් සිදු කරනු ලබනවා. එමෙන්ම පරිගණකයට මුදල් ගෙවා ලබාගත් premium virus guard එකක් භාවිතා කරන ලෙසත් එය මෙන්ම ඔබගේ පරිගණකය නිරන්තරයෙන් Software & OS එක update කර තැබිමත් වැදගත් වෙනවා. URL පරික්ෂා කර වෙබ් අඩවි වෙත පිවිසීම ඔබ භාවිතා කරන වෙබ් අඩවි වල URL එක නිවරැදිදැයි පරික්ෂා කිරීම, අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කර ගැනීමෙන් වැළකී සිටීම, හැකි සෑම විටකම accounts වල recovery option වැනි අනෙකුත් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තැබීම මගින් ඔබට පහසුවෙන්ම ඔබගේ accounts ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙනවා. එහෙන්ම සමහර අවස්ථාවලදී ඔබට විවිධ වූ link click කරන්න යැයි කියා පණිවිඩ/ඊමේල් වැනි දෑ ලැබීමට හැකියාව ඇත. විශේෂයෙන් sponsor කරනවා යැයි පවසමින් ඔබට ඊමේල් ලැබීමේ හැකියාව පවතිනවා. එවැනි අවස්ථාවල ඔබ විශේෂයෙන් එම link එක click කිරිමට පෙර සැලකිලිමත් විය යුතුය. Hacking වල ප්‍රාථමික, එහෙත් ඉතාමත් එලදායී ක්‍රමයක් වන Phishing attack හරහා login details, credit card details වැනි දත්ත leak වීම මහා පරිමාණයෙන් සිදු වන අතර, වසර කිහිපයකට පෙර එලෙසින්ම සිදු විය මුලින්ම ඔබට mail එක එවා ඇත්තේ කවුරුන්ද යන්න පරීක්ෂා කරගන්න. වගකිවහැකි ආයතනයක් කිසිවිටක Gmail හෝ වෙනත් free mail සේවාවන් භාවිතා කරන්නේ නැති අතර ඔවුන්ට ඔවුන් සඳහාම විශේෂ වූ custom mail ඇත. උදාහරණයක් වශයෙන් "hello@prabodhalakshan.com" වැනි custom mail එකකින්ද ඔබට පණිවිඩය ලැබි ඇත්තේ යන්න පරික්ෂා කර බලන්න. ඇතැම් අවස්ථා වලදී email වල ඇති from email address එක ලෙස පැමිණෙන email address එකට ව්‍යාජ ලෙස වෙනස් කර පැමිණිය හැකි අතර, සැක සහිත අවස්ථා වලදී අදාල email එකේ අනෙකුත් metadata පරීක්ෂා කිරීමට වගබලාගන්න. දෙවනුව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය සහ එම සමාගම ගැන සොයා බැලිය යුතු අතර ඉන්පසු ඔබට තහවුරු කරගැනිමට පහසු වෙයි මෙය spam mail එකක්ද නැද්ද යන්න පිළිබඳව. YouTube නාලිකාව Brand account එකක් ලෙස නිර්මාණය කර තිබිම සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදි ඔබ YouTube channel එකක් නිර්මාණය කල විට ඔබ එය නිර්මාණය කරනු ලබන්නේ personal YouTube channel එකක් ලෙස වන අතර ඔබ නාලිකාව නිර්මණය කරන අවස්ථාවේදිම ඔබගේ නාලිකාව Brand account එකක් ලෙස නිර්මාණය කරන ලෙසයි මා විසින් නිර්දේශ කරනු ලබන්නේ. ඔබ මේ වන විටත් YouTube නාලිකාවක් නිර්මාණය කර ඇත්නම් එය සරල පියවර කිහිපයකින් Brand account එකක් ලෙස move කර ගැනීමට හැකියාව පවතිනවා. ඔබ ඔබගේ නාලිකාව Brand account එක ලෙස සාදාගැනිමෙන් පසු ඔබට ඔබේ නාලිකාවේ Permission manage කිරීමට හැකියාව ලැබෙන අතර මෙහිදි ඔබට ඔබගේ නාලිකාවට Owner, Manager හා Communications manage යන තනතුරු සඳහා ඔබට අවශ්‍ය පුද්ගලයන්ව පත් කිරීමට හැකියාව ලැබෙන නිසාවෙන් කිසිඳු විටක ඔබගේ නාලිකාව පාලනය කිරීම සඳහා ඔබගේ password වැනි සංවේදි දත්ත ඔබගේ මිතුරන් සමග හුවමාරුකර ගැනීමට අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම මා විසින් නිර්දේශ කරණු ලබන්නේ ඔබගේ YouTube channel එක නිර්මාණය කර ඇති Gmail ගිණුම වෙනත් කිසිදු දේකට භාවිතා නොකරන ලෙසත් එම mail එක කුමක්දැයි කිසිවෙකුට දැන ගැනීමට ඉඩ නොතබන ලෙසයි.

YouTube නාලිකාවක් හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු නොවී බුද්ධිමත්ව පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දැනගනිමු මැතකදී බොහෝ දෙන මාවෙත යොමු කරපු ගැටලුවක් තමා YouTube channel එක වෙනත් පාර්ශවයකට අයිති කරගන්න බැරි වෙන්න, එහෙමත් නැත්නම් සරලව කිව්වොත් අපේ YouTube channel එක ආරක්ෂා කරගන්න අපිට මොනවාද කරන්න පුලුවන් කියන ප්‍රශ්නය. මෙම ලිපියේ අන්තර්ගත වන කරුණු බොහෝමයක් අනෙකුත් social media platform භාවිතයේදී ද වැදගත් වන නමුත් YouTube channel එක ආරක්ෂා කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ලැබෙනවා. (ඉදිරියේදී වෙන වෙනම අනෙකුත් social media platforms භාවිතා කිරීමේදී ආරක්ෂා වීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද ගැන ලිපියක් ගෙන ඒමට ද මා සූදානමින් සිටිනවා.) ශක්තිමත් password එකක් භාවිතා කිරීම ඔබ ඔබගේ YouTube නාලිකාව ආරක්ෂා කරගැනීමට ගතයුතු පළමු පියවර වන්නේ ශක්තිමත් password එකක් යෙදීම වන අතර password එකක් භාවිතා කිරීමේදී එය characters 8කට වඩා වැඩියෙන් ඇති, capital letters, simple letters, numbers සහ symbols වලින් සමන්විත password එකක් භාවිතා කිරීම ඉතාමත් සුදුසු වෙනවා. දිගින් වැඩි මෙන්ම වඩා සංකීර්ණ password එකක් භාවිතා කිරීම මගින් ඔබගේ ගිණුමේ ආරක්ෂාව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම password එකක් නිර්මාණය කරගන්නා විට ඔයාගේ උපන් දිනය, නම වගේ පහසුවෙන් අනුමාන කරන්න පුලුවන් දේවල් යොදාගැනිමෙන් වැලකී සිටිය යුතු වන අතර, වෙනත් අයෙකුට අනුමාන කළ නොහැකි passwords භාවිතා කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එමෙන්ම කිසිවිටකත් එකම password එක ගිණුම් දෙකකට භාවිතා නොකිරීමට ඔබ විසින් වගබලාගත යුතු වෙනවා. ඉතා පහසුවෙන් අනුමාන කළ හැකි (qwer@123, asd.123, iloveyou වැනි) password භාවිතා කිරීමෙන් වැලකී සිටීම, Password එක නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන් අංක සහ සංකේත භාවිතා කිරීම, දිගින් වැඩි password එකක් භාවිතා කිරීම යන දේවල් අනුගමනය කිරීමෙන් විශේෂයෙන්ම dictionary- attack යනුවෙන් හඳුන්වන ක්‍රමවේදය හරහා ඔබගේ ගිණුමෙහි password එක සොයාගැනීම අපහසු වෙනවා. ඔබගේ password manage කර ගැනිම සඳහා ඔබට අන්තර්ජාලයේ පවතින password manager සේවාවක් භාවිතා කල හැකි අතර ඒ පිළිබඳව අප විසින් ඔබව මිට පෙර දැනුවත් කරනු ලැබුවා Google account එක සඳහා අනිවාර්යෙන් Two-Factor Authentication පහසුකම සක්‍රිය කරන්න ඔබගේ YouTube නාලිකාව ආරක්ෂා කිරීමට ශක්තිමත් password එකක් පමණක් යෙදීම ප්‍රමාණවත් නොවෙන අතර යම් හෙයකින් ඔබගේ මුරපද breach වීමකට ලක් වුවහොත් ඔබගේ accounts එමගින් ආරක්ෂා කරගැනීමට ඔබට මෙම Two-Factor Authentication පහසුකම මගින් හැකියාව ලැබෙනවා. ඔබ Two-Factor Authentication පහසුකම සක්‍රීය කළ පසු password එක පමණක් ලබාදීමෙන් ඔබට ඔබගේ Google account එකට login වීමට හැකියාව ලැබෙන්නේ නැහැ. Login වීම සඳහා ඔබට එම මොහොතේ ලැබෙන තාවකාලික code එකද ඇතුලත් කිරීමට සිදුවෙනවා. තමන් භාවිතා කරන පරිගණකය පිළිබඳ සැලකිලිමත් වීම මා විසින් නිර්දේශ කරුණුයේ කිසිම මොහොතක ඔබ ඔබගේ පෞද්ගලික පරිගණකයකින් හැර ඔබගේ Gmail ගිණුමට log නොවන ලෙසයි. එය එසේ කීමට හේතු කිහිපයක්ම තිබෙනවා. යම් කිසි මොහොතක ඔබ ඔබගේ මිතුරෙකුගේ හෝ Public computer එකක් භාවිතා කල විට එහි ඔබගේ password වැනි සංවේදී දත්ත save වීමට වැඩි ඉ‍ඩකඩක් පවතින අතර ඔබ ඔබගේ ගිණුමෙන් sign out වුවත් පසුව වෙනත් පුද්ගලයෙකුට ඔබගේ password එක බැලීමට හැකියාවක් තිබෙනවා. Chrome, Firefox හෝ අනෙකුත් ඕනෑම Web Browser එකක save කර ඇති passwords, Hacking පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැති සාමාන්‍යය පුද්ගලයෙකුට පවා බලාගතහැකි බව මතක තබාගන්න. ඇතැම් අවස්ථා වලදී internet cafe වැනි ස්ථාන වල keyloggers හෝ spyware වැනි වැඩසටහන් එම ස්ථාන වල හිමිකරුවන් විසින්ම ස්ථාපනය කර තිබීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම ඔබ භාවිතා කරන පරිගණකය සඳහා කිසිඳු ආකාරයක cracked applications පාවිච්චි නොකර ලෙසද මා විසින් නිර්දේශ කරනු ලබනවා. crack කරන ලද applications භාවිතයේදී, සමහර අවස්ථාවල ඔබගේ පරිගණකයට විවිධ වූ වෛරස පැමිණිමෙන් ඔබගේ web browser එක ඇතුළු අනෙකුත් කටයුතු වෙනත් පුද්ගලයෙකු හට පාලනය කිරීමට හැකියාව පවතිනවා. එමගින් ‍ඔවුන් හට ඔබ මෙන් පෙනී සිට ඔබගේ YouTube නාලිකාව පහසුවෙන්ම hijack කිරීමට අවස්ථාව ලැබෙන අතර මැතකදී මෙවැනි සිද්ධි කිහිපයක්ම මා වෙත වාර්ථා වුණා. විශේෂයෙන්ම crack කරන ලද application වලින් keyloggers, browser cookies සොරකම් කරන වැඩසටහන්  වැනි වෙනත් spyware වැනි අනතුරුදායක වැඩසටහන් පරිගණකයට පැමිණිය හැකි අතර ඒ හරහා password වලින් පමණක් නොනැවතී ඔබගේ credit හෝ debit card details දක්වා හැකර්වරුන්ගේ ග්‍රහණයට පත් විය හැකි බව මතක තබාගන්න.

Instagram හි posts create කිරීම සහ edit කිරීම වැනි ප්‍රධානතම කාර්‍යයන් ඇතුළුව බොහොමයක් විශේෂාංග Instagram mobile version එකට පමණක් සීමා වී තිබෙන අතර desktop එක සඳහා වන Instagram වෙබ් අඩවිය හරහා එම කාර්‍යයන් කිරීමට පරිශීලකයන් හට හැකියාව නොමැති වෙනවා. නමුත්, developer කෙනෙකු සහ app analyst කෙනෙකු වන  Alessandro Paluzzi , විසින් පෙන්වා දෙන ආකාරයට desktop සඳහා වන Instagram වෙබ් අඩවිය හරහා post create කිරීමේ හැකියාව ලබාදීමට Instagram ආයතනය මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ඔහු විසින් ඔහුගේ twitter ගිණුම ඔස්සේ පළ කර ඇති images වල දැක්වෙන ආකාරයට desktop සඳහා වන Instagram වෙබ් අඩවියේ navigation bar එකේ ඉහළින් නව plus button එකක් දැකගැනීමට හැකිවෙනවා. එම plus button එක මත click කිරීමෙන් පසුව, ඔබට post කිරීමට අවශ්‍ය photos upload කල හැකි window එකක් දිස්වන අතර එයට photos upload කිරීමෙන් පසුව ඔබට square (1:1), portrait (4:5) සහ landscape (16:9) යන aspect ratio වලින් එම photos crop කිරීමටද හැකියාව ලබාදී තිබෙනවා තිබෙනවා. එයින් පසුව Instagram mobile version එකේ මෙන්, ඔබට කැමති filters භාවිතා කිරීමටත්, caption එකක් එක් කිරීමටත්, අවශ්‍ය පුද්ගලයන් tag කිරීම සහ location information ඇතුළත් කිරීමේ හැකියාවත් මේ සඳහා ලබාදී තිබෙනවා. Paluzzi විසින් සඳහන් කරන ආකාරයට, මෙම විශේෂාංගය මේ වනවිටත් අභ්‍යන්තරව පරීක්‍ෂාවට ලක්ව ඇති අතර එය වඩාත් පුළුල් ලෙස ලබාගත හැකි දිනයක් පිළිබඳව තොරතුරක් තවමත් වාර්තාවන්නේ නොමැති වෙනවා. කොහොම නමුත්, මෙම update එකත් සමඟ desktop පරිශීලකයින් හට stories, reels හෝ IGTV content upload කිරීමට හැකියාව තිබේද යන්න පිළිබඳව තොරතුරක් තවමත් වාර්තා වන්නේ නැහැ.

WhatsApp භාවිතා කරන කොයි කාටත් වටින දෙයක් තමා කියන්න යන්නේ, ඒ තමා විදෙස් වෙබ් අඩවියක් වන  WabetaInfo වෙබ් අඩවිය විසින් WhatsApp සදහා Multi Devices Login පහසු ලැබෙනවා පවසා තිබෙනවා. ඔයා දැනටමත් දන්නවා ඇති අපි වෙනත් devices එහෙකින් WhatsApp log වෙනවනම් main devices එකෙන් ලොග්වෙලා ඉන්න ඕනේ, ඇත්තම ඒ ක්‍රමය වෙලාවකට  පට්ටම ඇණයක්. ඉතින් Multi Devices Login ක්‍රමයේදී ඔයාට devices 4ට එක පාර ලොග් වෙන්න පුළුවන් වගේම මෙහි දි දැනට පවතිනවා මෙන් Main Device එක අන්තර්ජාලයට සම්බන්ධව පැවතිම අත්‍යාවශ්‍ය වෙන්නේ නැ. 😊 තවද  Multi Device Support එක යටතේ එක් WhatsApp ගිණුම Android මෙන්ම iOS Devices තුලද එක විට භාවිත කිරිමට හැකියාව ලැබෙන අතර එවිටAndroid Devices වල සිට iOS Devices සදහා මෙන්ම iOS Devices වල සිට Android Devices සදහා ද Chat History එක Migrate කිරිමේ Tool එකක්ලබා දිමටත් නියමිතයි. මෙලෙස Chat History එක Migrate කිරිමට නම් එම Devicesවල නවතම Update එක තිබිය යුතු වෙනවා. එමෙන්ම Multi Devices Support එක යටතේ එක් එක් Device එකෙන් හෝ සියලු Devices වලින් Chat History එක Delete කිරිමේ හැකියාව ලබා දිමේ පහසුකම වැඩි දියුණු කරමින් සිටිනවා. මුලින්ම මේ WhatsApp Multi Device Support එක WhatsApp Beta භාවිත කරන්නන් සදහා ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින අතර Beta Users ලාට WhatsApp Beta සදහා ඔවුන්ගේ අනෙක් Devices එක් කිරිමේ හැකියාව ලබා දෙනු ඇත. ඒ වගේම එක් ඒක Device එකෙන් වෙන වෙනම Log Out විම සදහා Log Out Option එක හදුන්වා දිමටත් නියමිතව පවතිනවා.