ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Kanalga Telegram’da o‘tish
A new ERA of Sri Lankan Programmers 🇱🇰 FaceBook @cursed_code Discussion @cursed_code_chat Break The Rules & Change The "HOST"
Ko'proq ko'rsatish268
Obunachilar
+724 soatlar
+187 kunlar
+1730 kunlar
Postlar arxiv
https://t.me/cursed_code_chat/13035
ඇත්තටම ඒකත් හොද අදහසක් 💖
Added to the plan 👻
Guys මට අදහසක් ආව Onlin Dating Platform එකක් හදන්න 😎
මන් දන්නව ඉතිම් මේ වගේ වැඩකට අතගහනව කියන්නෙ ලේසි පහසු වැඩක් නිමේ. මොකද නිතිමය ප්‍රශ්න වගේම සමාජීය ප්‍රශ්න වගේ දේවලුත් එන්න පුලුවන්. හැබැයි ප්‍රශ්න ප්‍රශ්න කියල වැඩේ අතඇරල දාන්න හිතෙන්නෙත් නෑ. ඒකයි මන් මේ පත හෑල්ලක් ලියන්න පටන්ගත්තෙ 🤕
මෙහෙමයි, මට මුලින්ම මේ අදහස අපුවහම මන් මුලින්ම කරේ මේ field එකෙ දැනට වැජඹෙමින් පවතින platform කිහිපයකට ගිහින් ඒවයෙ ඇතුලාතයේ ඉදන් පිට පොත්තට වෙනකන්ම හොද අධ්‍යනයකට ලක් කරන්න පටන්ගත්ත එක. මොකද ඒවයෙන් මින්ස්සුන්ට ගන්න බැරි දෙයක් මන් මගේ එකෙන් දෙන්න හිතුව. ඉතිම් මට අනිතිමටම පට්ටම අදහසක් ආව මගේ platform එක හැදෙන්න ඕනි මොන විදිහටද කියල 🧐
මගේ ඒ අදහසත් එක්ක මේ වැඩේ කරන් ගියොත් සාර්තක වෙන්න පොඩි ඉඩක් තියෙනව කියල මේකෙන් පස්සෙ මගේ මොලේට තේරුන. ඉතිම් මම ඉස්සරහටම කරන් යනන් හිතුව 😈
ඉතිම් මන් ඊලගට මේකට එන්න ඕනි මූලිකාංග මොනවද? සහ මොන විදිහටද UI & UX එක හදන්න ඕනි?, target audience එක කවුද?, මන් කොහොමද මගේ usersලට උපරිම ආරක්ශාවක් දෙන්නෙ?, මට කොච්චර වියදමක් යයිද? වගේ ප්‍රශ්න ගොඩකට මුහුන පෑව. ඉතිම් මන් දැන් ඒව එකින් එක නිරාකරණය කරගනිමින් ඉන්නෙ 🙃
කොහොමෙන් කොහොමහරි මන් මේ post එක ලියනවෙලාවෙ මගේ තත්වෙ ඔහොමයි. දැන් මන් කියන්නම් මන් ඇයි මේක ලියන්න හේතුව කියල ✍️
මේ වැඩේට මගේ ideas වගේම ඔයාලගෙ අදහසුත් මට වටිනව. ඉතිම් මට දැන් ඔයාලගෙන් දැනගන්න ඕනි මන් මේ වැඩේ දිගටම කරගෙනයන එක හොදද නැත්තම් මේක දැන්ම නවත්තල දාන්නද.
ඉස්සරහටම කරන් යන්න ඕනිනම් මේකට එකතුවෙන්න ඕනි දේවල් මොනවද ඉස්සරහට මොනවගේ ගැටලු ඇතුවෙන්න පුලුවන්ද වගේ දේවල් ටිකක් දැනගන්න. මන් හිතනව ඔයාල මේකට ඔයාලගෙ හදපතුලෙන්ම comment එකක් දෙයි කියල ❤️
මේක Part 1.
ඉස්සරහටත් වැඩේ කරන් ගියොත් part 2 එහෙකුත් ගේන්නම් 🇱🇰
✨ Shall we create a top-quality website at the lowest price? ✨
You can now easily create a highly modern website that fits your business 📈 or personal needs 👤 through us! 💻🚀
🔥 Why should you choose us? 🧐
✅ Professional Designs - Ultra-modern and attractive finishes 🎨
✅ Mobile Responsive - Looks great on any phone 📱
✅ Super Fast Speed - Websites that operate at lightning speed ⚡
✅ SEO Fully Free - To rank ahead in Google searches 🔍
✅ Technical Support - Free technical support even after website creation 💝
🌟 Our Services:
🔹 Business Websites
🔹 Online Stores (E-commerce) 🛒
🔹 Portfolio Blogs 📝
🔹 Educational Sites 🎓
🔹 Custom Websites 🌀
💰 Special discounts for a limited time! 🎁
Make your dream website a reality today. Send us a message now! 👇
💬 Contact Us on Telegram: https://t.me/dreamdevs_lk
💬 Contact Us on Whatsapp: 0770056229
Make your dream come true now 💖
මේකෙ Wattpad එකේ කතා කියවන අය ඉන්නවද?
ඉන්නවනම් කියවන්න හොද කතා ටිකක් recommend කරනවද 🙂
මට කියනවද කවුරුහරි Infinix ද නැත්තම් Redmi ද හොද කියල. ඔය brand දෙකේ මොනාහරි ප්‍රශ්න තියෙයිද? 🙂
✨ අඩුම මිලට උසස්ම තත්වයේ Website එකක් හදාගමුද? ✨
ඔබේ ව්‍යාපාරය 📈 හෝ පුද්ගලික අවශ්‍යතාවයකට 👤 ගැලපෙන අති නවීන වෙබ් අඩවියක් දැන් ඉතාමත් පහසුවෙන් අප හරහා නිර්මාණය කරගත හැක! 💻🚀
🔥 ඇයි අපවම තෝරාගත යුත්තේ? 🧐
✅ Professional Designs - අති නවීන සහ ආකර්ෂණීය නිමවුම 🎨
✅ Mobile Responsive - ඕනෑම දුරකථනයක ලස්සනට පෙනෙන ලෙස 📱
✅ Super Fast Speed - අකුණු වේගයෙන් ක්‍රියා කරන වෙබ් අඩවි ⚡
✅ SEO Fully Free - Google සෙවුම් වල ඉදිරියටම ඒමට 🔍
✅ Technical Support - වෙබ් අඩවිය නිර්මාණයෙන් පසුවද තාක්ශනික සහය නොමිලේ 💝
🌟 අපගේ සේවාවන්:
🔹 Business Websites
🔹 Online Stores (E-commerce) 🛒
🔹 Portfolio Blogs 📝
🔹 Educational Sites 🎓
🔹 Custom Websites 🌀
💰 සීමිත කාලයක් සඳහා විශේෂ වට්ටම්! 🎁
ඔබේ සිහිනයේ වෙබ් අඩවිය අදම යථාර්ථයක් කරගන්න. දැන්ම අපට පණිවිඩයක් එවන්න! 👇
💬 Contact Us on Telegram: @
I_Am_Developer_LK 📥
දැන්ම ඔබේ සිහිනය යතාර්තයක් කරගන්න 💖ඔන්න ගායිස් නිකන් ඉන්න ගමන් පොඩි වැඩක් පටන්ගත්ත 🔥
💛 Join වෙලා බලන්න - https://t.me/+KNZWSEddq8MwMDE1
අපි ඕකට දාන්නෙ මේ වෙනකොට Telegram එකේ හොයාගන්න බැරි සහ මේ වෙනකොට කිසිම Sinhala Subtitle එකක් නිකුත් වෙල නැති Tv Series විතරයි. වෙන Channels වලින් එහෙම දීපුව නෑ.
ඕකට දාන ඔක්කොම TV Series වලට අපිම හදපු Sinhala Subtitles එහෙමත් දෙනව 💖නිකන් ඉන්න ගමන් පොඩි post එකක් ලියන්න හිතුන 🔥
ඒත් මොනද ලියන්නෙ කියල තාම හිතාගන්න බෑ 😶
ඔන්න ඉතිම් මන් අද ගෙනල්ල තියෙන්නෙ Web development වලට අලුතෙන් ආපු හෝ එන්න හිතාගෙන ඉන්න අපේ කොම්ලො කෙම්ලොන්ට වැදගත් වෙන විදිහෙ post එකක්.
Pro අයියලනම් ඉතින් මේක skip කරාට කමක්නෑ But,
Beginner කෙනෙක් වෙලත් උබ මේ post එක මග ඇරල යන්න හදනවනම් මන් මේ උබටයි කියන්නෙ, උබේ ඔය Web devloper කෙන්ක් වෙන හීනෙ අතඇරල දාල රෑට නියගලා අලයක් කාල බුදිගනිම්. 😏
වැඩි බයිල ඕනි නෑ දැන් අපි වැඩේට enter වෙමු 🤠,
අද කාලේ අපි Web development ගැන කතා කරනකොට
React, Vue නැත්නම් Angular වගේ Frameworks ගැන නිතරම ඇහෙනවා. ඉතිම් ඇයි අපි ඉස්සර වගේ නිකන්ම HTML, CSS සහ JavaScript (Traditional Method) පාවිච්චි කරන්නේ නැතුව React වගේ Framework වලට මාරුවෙන්නෙ? 🤔
මන් ඒක ගැන මේ React වල තියෙන වාසි අවාසිත් එක්කම සරලව පැහැදිලි කරන්නම්. 👇
Web Development: Traditional Style vs. React Style 💻✨
ඔයා වෙබ් අඩවියක් හදන්න පටන් ගන්නකොට මුලින්ම එන ප්‍රශ්නය තමයි "මම මේක නිකන්ම traditional විදිහට හදනවද නැත්නම් React වගේ එකක් පාවිච්චි කරනවද?" කියන එක. මේ දෙකේම හොඳ වගේම නරකත් තියෙනවා.
1. React පාවිච්චි කිරීමේ වාසි (The Pros) ✅
• Components පාවිච්චි කරන්න පුළුවන් වීම: React වල තියෙන ලොකුම වාසිය තමයි වෙබ් අඩවිය කෑලි වලට (Components) කඩලා හදන්න පුළුවන් වෙන එක. උදාහරණයක් විදිහට, එක පාරක් හදපු "Button" එකක් හෝ "Navigation Bar" එකක් මුළු සයිට් එකේම ඕනෑම තැනක ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. 🧩
• Virtual DOM නිසා ලැබෙන වේගය: සාමාන්‍ය විදිහට JavaScript වලින් දත්ත වෙනස් කරනකොට මුළු පේජ් එකම වගේ අප්ඩේට් වෙන්න යනවා. හැබැයි React වල තියෙන Virtual DOM එක නිසා වෙනස් වෙන්න ඕනේ හරිය විතරක් හඳුනාගෙන ඉතාම වේගයෙන් ඒක අප්ඩේට් කරනවා. ⚡
• Single Page Application (SPA) අත්දැකීම: සයිට් එකේ එක පේජ් එකක ඉඳන් තව එකකට යනකොට පේජ් එක රීලෝඩ් (Reload) වෙන්නේ නැතුව ඇප් එකක් වගේ ස්මූත් එකට වැඩ කරනවා. 📱
• විශාල Community එකක් තිබීම: ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් උදව් කරන්න ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම ඕනෑම වැඩකට කලින් හදපු Libraries ඕනෑතරම් තියෙනවා. 🌍
• Data Handling ලේසි වීම: දත්ත ගොඩක් එක්ක වැඩ කරන (Dashboard එකක් වගේ) සයිට් එකකදී, දත්ත වෙනස් වෙනකොට ඒක වෙබ් පේජ් එකේ පෙන්නන එක React වලින් හරිම ලෙහෙසියි.
2. React පාවිච්චි කිරීමේ අවාසි (The Cons) ❌
• ඉගෙන ගන්න කාලය ගත වීම: HTML, CSS වගේ නෙවෙයි, React ඉගෙන ගන්න නම් JavaScript ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම JSX, Hooks, State Management වගේ අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න වෙනවා. 📚
• Setup එක සංකීර්ණ වීම: සාමාන්‍ය සයිට් එකකදී index.html ෆයිල් එකක් හැදුවාම ඇති. හැබැයි React වලදී Node.js, NPM පාවිච්චි කරලා ලොකු Setup එකක් කරන්න වෙනවා. ⚙️
• SEO වල ගැටලු: React සයිට් එකක් හරියට Server-side Rendering (SSR) කළේ නැත්නම්, Google වගේ Search engines වලට සයිට් එකේ තොරතුරු කියවන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. (මේකට විසඳුම විදිහට තමයි Next.js පාවිච්චි කරන්නේ). 🔍
• Overhead (අනවශ්‍ය බර): ඔයා හදන්නේ හරිම සරල, පිටු දෙක තුනක තොරතුරු විතරක් තියෙන සයිට් එකක් නම්, ඒකට React පාවිච්චි කරන එක "කූඹියෙක් මරන්න තුවක්කුවක් ගන්නවා" වගේ වැඩක්. සරල සයිට් එකකට React දැම්මම සයිට් එකේ size එක අනවශ්‍ය විදිහට වැඩි වෙනවා. ⚖️
3. Traditional Style (HTML, CSS, JS) එකේ වාසි 🛠️
• සරල බව: කිසිම කරදරයක් නැතුව විනාඩි පහෙන් වැඩේ පටන් ගන්න පුළුවන්.
• Browser එකට ලෙහෙසියි: කිසිම Library එකක් Load වෙන්න ඕනේ නැති නිසා Browser එක කෙලින්ම ෆයිල් එක කියවනවා.
• SEO Friendly: සෙවුම් යන්ත්‍ර වලට ඉතාම ඉක්මනින් සයිට් එක හඳුනාගන්න පුළුවන්.
අවසාන තීරණය: මම තෝරාගන්න ඕනේ මොකක්ද? 🤔
• Traditional Method එක තෝරාගන්න: ඔයා හදන්නේ Portfolio එකක්, සරල තොරතුරු තියෙන සයිට් එකක්, නැත්නම් පේජ් එකක් දෙකක් තියෙන Landing page එකක් නම්. 📄
• React තෝරාගන්න: ඔයා හදන්නේ Dashboard එකක්, Facebook/Instagram වගේ ගොඩක් දත්ත වෙනස් වෙන සයිට් එකක්, නැත්නම් දිගුකාලීනව ලොකුවට කරගෙන යන Project එකක් නම්. 🚀
මතක තියාගන්න, React කියන්නේ Tool එකක් විතරයි. වැදගත් වෙන්නේ ඔයා හදන දේ අනුව නිවැරදි Tool එක තෝරාගන්න එකයි! 😊💡
ඔයාලගෙ අදහසත් පල්ලෙහයින් Comment පාරක් දාගෙම යම්න 🥹 Post එක හොදයිනම් React පරකුත් දගෙනම යම්න ❤️
#WebDev #ReactJS #CodingSinhala #Programming #WebDesign #CursedCode