cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🇱🇰🔍Cylone Tube | දැනුමට යමක් 🌎🚀

Join us to learn about the amazing things around the universe 😁 New discoveries Strange strange pieces of work 😁 Mysterious 😱 Knowledge 😎 #Amazing_Facts 🧑‍🏭 #Discovery 🌎

Ko'proq ko'rsatish
Reklama postlari
2 349
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-77 kunlar
-3830 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

අපේ රටේ ජීවත් වන බොහෝ උගත් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන්ට එක්තරා අසනීපයක් තිබේ. ඒ සෑම දෙයකම විද්‍යාත්මක බව සෙවීමේ පුදුමාකාර අසනීපයයි. 👉 මේ යටතේ ඔවුන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ආගම, ආගමික සාහිත්‍යය, ඇදහිලි විශ්වාස, සංස්කෘතික අංග ආදී සියල්ලේ විද්‍යාත්මක භාවය ගැන ප්‍රශ්න කරති. ඊට සමච්චල් කරමින් තමන් සාඩම්බර විද්වතුන් බව පෙන්වීමට උත්සාහ දරති. 👉 එහෙත් පාස්කුව සමරන විට ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම විද්‍යාත්මක දැයි මෙරට කිතුනු බැතිමත්හු කිසිදා ප්‍රශ්න නොකරති. 👉 දීපවාලිය සමරන ලංකාවේ හින්දු ආගමිකයෝ ශ්‍රියා කාන්තාව කිරි මුහුදෙන් මතු වීම හෝ කෘෂ්ණ දෙවියන් නරක අසුරයා පරාජය කළ කතාවේ විද්‍යාත්මක බව ගැන ප්‍රශ්න නොකරති. 👉 ලංකාවේ හජ්ජි උත්සවය සමරන ඉස්ලාම් භක්තිකයෝ නබිතුමාගේ පුත්‍රයා වූ ඉස්මයිල්ව දෙවියන් වෙනුවෙන් කැපකිරීම විද්‍යාත්මක දැයි ප්‍රශ්න නොකරති. 👉 මෙවැනි ප්‍රකට උත්සවවලට අමතරව යුරෝපය, අමෙරිකාව, ජපානය ඇතුළු විද්‍යාව දන්නා බව කියන රටවල පැවැත්වෙන විවිධාකාර ආගමික හා ආගමික නොවන උත්සව කන්දරාවක් තිබේ. 👉 ඒ බොහොමයක් විද්‍යාත්මක හෝ තර්කානුකූල දේ නොවුණද විද්‍යාවේ දියුණුවෙන් ඉහළටම ගිය ලෝකයේ මිනිස්සු තවමත් පැරණි ආගම් හෝ ඇදහිලි මත පදනම් වූ කාරණා වෙනුවෙන් නානා මාදිලියේ උත්සව පවත්වති. 👉 විද්‍යාව දන්නා ජපානය තවමත් පැරණි අත්භූත කතාවක් මත පදනම් වූ ශිෂ්ණ උත්සවයක් සමරන අතර, ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ පුරුෂ ලිංගවල ආකෘති ඉදිකරමින් විනෝද වීම මේ පිළිබඳ අපූරු උදාහරණයකි. 👉 ලංකාවේ සිංහල අවුරුද්ද යනු මේ ආකාරයේ දෙවියන් භූතයන් හා බැඳුණු උත්සවයක් නොව පෙර කී සියල්ලට වඩා ස්වභාව ධර්මයේ නියාමයන් සමඟ බැඳුණු උත්සවයකි. (ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කළ හැකිය.) එසේ වුවද අන් කිසිදු දේවවාදී ආගමක පවා නැති ආකාරයට සිංහල අවුරුද්දේ විද්‍යාත්මක බව ගැන පමණක් ප්‍රශ්න අසන සිංහල උගතුන් මෙරට බොහෝය. 👉 සැබවින්ම ඔවුන්ගේ හැසිරීම තුළ ඇත්තේ විද්‍යාව, ආගම, සංස්කෘතිය, මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක මුග්ධ බවක් මිස කිසිදු ආකාරයක විද්වත් බවක් නොවේ. 👉 ලෝකයේ සැබවින්ම විද්‍යාව දන්නා මිනිසුන් විද්‍යාව විද්‍යාව ලෙසත්, ආගම ආගම ලෙසත්, සංස්කෘතිය සංස්කෘතිය ලෙසත් පවත්වා ගත්තද, විද්‍යාත්මක දියුණුව අතින් ඉතා පහළ තැනක සිටින ලංකාවේ හීනමාන උගතුන් පමණක් සිය අනුකාරක විද්‍යාවේ පොල් කටුවෙන් ලෝකය වැසීමට උත්සාහ කරති. 👉 සංස්කෘතිය යනු විද්‍යාවේ අඩි කෝදුවෙන් පමණක් මැන බැලිය නොහැක්කක් බව ඔවුහු නොදනිති. 👉 විද්‍යාවේ දියුණුව සමඟ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් සපුරා අහෝසි වී යනු ඇතැයි සිතීම යල් පැන ගිය ගල් යුගයේ මතවාදයක් බව ඔවුහු නොදනිති. 👉 ආගම් හා විද්‍යාව අතර පැරණි ලෝකයේ පැවති මාරාන්තික ගැටුම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් මානව ආචාර ධර්මයක් බව ඔවුහු නොදනිති. 👉 ආගම් පමණක් නොව බොහෝ ආගමික නොවන සංස්කෘතික ක්‍රියාකාරකම්ද ඊනියා තර්ක බුද්ධියට අදාළ නොවන දේ බව ඔවුහු නොදනිති. 👉 මිනිසා යනු තර්කයෙන් බුද්ධියෙන් සියල්ල මැන බලනා මහදැනමුත්තෙකු නොව සිය තර්කයේ බුද්ධියේ සියලු බලය අතාර්කික ආශාවන් වෙනුවෙන් නාස්ති කර මිය ඇදෙන ජාගර ජීවියෙකු බව ඔවුහු නොදනිති. 👉 යමෙකු අහස ජය ගැනීමට පෙර තම මවු ඇකයෙන් පෝෂණය වී දෙපයින් සිට ගැනීමට සමත් විය යුතුය. 👉 තමන්ගේ සම්ප්‍රදාය සංස්කෘතිය වනාහී රටක් වශයෙන් අප පෝෂණය ලබන මවු ඇකයයි. එයට පහර දී බෝම්බ ගසා දෙපයින් සිට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත. 👉 විද්‍යාව, තාක්ෂණය ඔස්සේ අහස ජය ගැනීමට හැකි වන්නේ සම්ප්‍රදායෙන් සංස්කෘතියෙන් නිසි පෝෂණය ලැබූ මානසිකව සවිමත් ජාතියකට මිස විද්‍යාවේ සැතින් අධ්‍යාත්මය සිඳ ගත් හිස් බුද්ධිවාදීන්ට නොවේ. 👉 විද්‍යාත්මක දැනුම ගැන වහසි දොඩන්නන් මිස, විද්‍යාවේ, තාක්ෂණයේ, ආර්ථිකයේ මහා ජයග්‍රහණ ලැබීමට අපට හැකි වී නැත්තේ කුමක් නිසාද? 👉 ඊට හේතු බොහෝ තිබිය හැකි වුවද තමන්ගේ පදනම මත පා තබා ගත නොහැකි වීමද එහි එක් හේතුවක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුමය. ඉසුරු ප්‍රසංග
Hammasini ko'rsatish...
👍 6
သင်္ကြန် - තින්ග්‍යාන් උත්සවය හෙවත් බුරුම නව වසර ------------------------------------------ හිසට ඉහළින් කුඩා සීනු හඬ නංවයි.දහස් ගණන් පහන් එළි දැල්වෙන අතර සුවඳ ධූමයන්හි ගන්ධය අවකාශය සිසාරා පැතිරයයි. දුඹුරු පැහැ සිවුරු පොරවාගත් භික්ෂූන් පෙළ සැදී වැඩම කරන අතර තරුණියන් සිය ගණනක් ගෙවීයන වසරේ පවු ඉවත් කරගැනීමේ අභිප්‍රායෙන් කොසු අතැතිව සෑ මළුව ඇමදීමට සූදානමින් සිටිති. මේ ශවේදගොන් පාය පැගෝඩාව ( පැගෝඩා = ස්ථූපයට කියනා තවත් නමකි).නව වසරට සූදානම් වන ආකාරයයි.රන් පැගෝඩාව ලෙස අනවර්ථ නාමයෙන් හඳුන්වන මෙම මහා ස්ථූපය.අවට රනින් බබලවමින් මියන්මාරයේ යැංගොන් නගරය මධ්‍යයේ වැඩ සිටී.මියන්මාරය හෙවත් බුරුමයේ ජාතික සංකේතය වන්නේ මෙයයි. බුරුමයේ ඉතා වැදගත් සුවිශේෂීම උත්සවය සෑම වසරකම අප්‍රේල් මස 13 සිට 16 දක්වා බෞද්ධ ආභාශය ගත් තින්ග්‍යාන් (သင်္ကြန်) හෙවත් බුරුම නව අවුරුද්ද මියන්මාර් ජනතාව ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාව. ---------------------------------------- තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාවට හේතු පාදක වනුයේ බෞද්ධ ආභාශය ගත් හින්දු කතාවකි. එක් අවධියක බ්‍රහ්මයන්ගේ අධිපති වූ අර්සි සහ දෙවියන්ගේ අධිපතිවූ ශක්‍ර දෙවිඳුන් (သိကြားမင်း - ඉන්ද්‍ර /ශක්‍ර ) හා ඔට්ටුවක් දැමුවේය.එහි කොන්දේසිය වූවේ පරාජිතයාගේ හිස ගසා දැමීමයි.අවසානයේ ඔට්ටුවෙන් අර්සි බ්‍රහ්මයා පරාජය වූ අතර කොන්දේසි ප්‍රකාරව ඔහුගේ හිස ගසා දැමුණි.ඉතිරි වූ ක්වන්ධයට ඇතෙකුගේ හිසක් සම්බන්ධ කළ අතර එමගින් ගනේශ දෙවිඳුන් උපත ලැබීය. නමුත් එක් ගැටළුවක් විය,බ්‍රහ්මයාගේ බලගතු වූ අතර ඔහුගේ හිස සාගරයට දැමුවහොත් සාගරය වියළී යයි.පොළව මතට දැමුවහොත් පොළව විනාශ වේ.ආකාශයට දැමුවහොත් ආකාශය ගින්නෙන් වැසී යනු ඇත. මීට පිලියමක් සෙවූ ශක්‍ර දෙවියන්,අර්සි බ්‍රහ්මයාගේ හිස දෙවඟනන් දෙදෙනෙකු වෙත භාර කළහ.එක් දෙවඟනක මාස දොළහක කාලයක් හිස තමා සන්තකයේ තබාගෙන තිබිය යුතු අතර එම කාලසීමාවට පසුව අනෙකා වෙත හිස ලබාදිය යුතුය.එසේ හුවමාරු කරන අවස්ථාවේ නව වසරක උදාව සිදුවේ. තින්‍ග්‍යාන් උත්සවය --------------------- බෞද්ධයන් මෙදින උදෑසන බුද්ධ වන්දනය සිදුකර,අෂ්ඨාංග ශීලය සමාදන් වීම සිදුකිරීම හා විහාරස්ථාන තුළ වැඩ වසන භික්ෂූන් හට දන් පිලිගැන්වීම සිදුකරයි. මෙම තින්ග්‍යාන් දිනය ආ-ක්‍යා-නෙයි ( A-kya-nei ) හෙවත් ශක්‍ර දෙවිදුන්ගේ දිනය යනුවෙන්ද හදුන්වන නිසා ඔහුට උපහාර ලෙස පරිසරය ජලය ගසා තෙත් කිරීම සිදුකරයි.මීට අමතරව සමස්ත මියන්මාරය පුරා ජනතාව බුද්ධ ප්‍රතිමාව ජලයෙන් දෝවනය කර ජල උත්සවය ආරම්භ කරන අතර පසුව එකිනෙකාට ජලය ගසා ගනිමින් ප්‍රීති වීම සිදුවේ.මෙසේ ජලය ගසා ගැනීමෙන් ගෙවීගිය වසරේ පාපයන් සෝදා හැරීම අභිප්‍රාය වේ.
Hammasini ko'rsatish...
👍 3
2024 දී ලෝකයේ මධ්‍යසාර නොවන හොඳම පාන වර්ග 10, 1.🇲🇽 Aguas Frescas 2.🇮🇳 Mango Lassi 3.🇱🇰 Ceylon Black Tea ❤️❤️ 4.🇮🇳 Chai masala 5.🇬🇷 Espresso freddo 6.🇨🇴 Lulada 7.🇻🇪 Papelón con Limón 8.🇯🇵 Hōjicha 9.🇹🇭 Thai Iced Tea 10.🇨🇺 Café Cubano (tasteatlas) Shone Waik
Hammasini ko'rsatish...
👍 2🔥 2🌭 1
මධ්‍යකාලීන යුරෝපයේ ජනඝන්ත්වයෙන් අධික නාගරික ප්‍රදේශ කියන්නේ සම්පූරණයෙන්ම සනීපාරක්ෂක පහසුකම් නැතිව තිබූ කාලයක්. සාමාන්‍යෙන් 700 ක්‍රි.ව සිට 1600 ක්‍රී. ව දක්වා කාලය මධ්‍යකාලීන යුගය කියලා සලකනවා. විශේෂයෙන්ම මේ ජනයා අධික නගරවල අපිරිසිදු කාණු පද්ධති, ඌරන්, එළුවන් වැනි සතුන්ගේ මළ අපද්‍රව විතරක් නෙමෙයි මිනිස් මළපහත් උදෑසනට පිරිලා තිබිලා තියෙනවා. ජනගහනය අධික වීමත් නිසා වැසිකිළි පහසුකම් එහෙම තිබිලම නැති තරම්. බකට් වලින් මළපහ විසි කිරීම තමයි සිරිත.එක්තරා කාල වකවානු වල ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම සහ මළ පහ කිරිමත් පොදුවේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සුලබ දසුනක් වෙලා තියෙනවා.සාමාන්‍යයෙන් දිනකට මුත්‍රා ලීටර් දස දහස් ගණනින් නගරයට එකතු වෙලා තියෙනවා.මේවා කිසිම කාණු පද්ධතියක් තුලින් නිවැරදිව බැහැර වෙලා නෑ. දුර්ගන්ධය කොහොම වෙන්න ඇතිද. අද හයි හීල්ස් දාන්නේ කාන්තාවන් වුණාට එදා ගැහුනු පිරිමි දෙපාර්ශ්වයම හයි හීල්ස් දැම්මා. ඒකට එක් හේතුවක් තමයි මේ පාරවල් වල පිරිලා තිබුණු මිනිස් මළ ද්‍රව්‍ය, සත්ව කොටස්,කුණු වූ එළවළු වගේ ජරාව පාද වල ගැවීම වලකන්න. ඒ වගේම එකල කාන්තාවෝ ඇඳපු විශාල ගවුම් විලාසිතාව ජනප්‍රියයි. ගවුමේ ඉඟ හරියෙන් පහත කොටස විශාල වීම නිසා බොහෝ වෙලාවට කාන්තාවන් හට සිටගෙන කාටත් නොදැනී අදාල ශරීර කෘත්‍ය කරගන්න පහසුවක් වෙලා තියනවා. මේ ආකාරයෙන් ජරාවට පත් වු නගරවලින් නිකුත් වුණු අධික දුර්ගන්ධය නිසා සෙන්ට් වර්ග නිෂ්පාදනය ඉහළ යන්නත් හේතු වෙලා තියෙනවා.රජු මැදිහත් වෙලා නගර වල අපිරිස්දූ ගන්ධය නැතිකරන ක්‍රමයක් හොයන්න කියලා ඉල්ලපු අවස්ථාන් ද තිබිලා තියෙනවා. මේක මධ්‍යකාලීන යුරෝපයේ ගොඩක් ප්‍රදේශවල පමණක් නොවෙයි ගොඩක් වේලාවට්ට කාර්මික යුගය ආරම්භ වෙනකොටත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල තිබුණා. අද ප්‍රංශය, ලන්ඩන් වුණත් එකල filthy cities කියලා තමයි හැඳින්වුනේ. මේ නිසාම මධ්‍යකාලීන යුරෝපයේ ඇති වූ වසංගත ගොඩ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. පාචනය, කොලරාව,අතීසාරය වගේ ඒවගෙන් පටන් අරන් ලක්ෂ ගණන් මියගිය බ්ලැක් death කියන භයානක වසන්ගත පවා ඇති වුණු එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ මේක බොරු කරුණක් නොවෙයි. ඒ වගේම මේ ගැන පොඩි අයිඩීහා එකක් ගන්න BBC එකෙන් කරපු filthy cities කියලා පොඩි මිනි සිරිස් එකකුත් මේ ගැන තියෙනවා. ඇත්තමට මේ ජරා ජීර්ණ සනීපර්ක්ෂන ක්‍රම නැති ඒව වාර්තා වෙන්නේ මෑත යුගයෙන්. මෑත කිව්වේ මධ්‍යකාලීන යුගයට. විශේෂයෙන්ම මුල් රෝම යුගයේ මෙවැනි තත්ත්ව වාර්තා වෙනවා අඩුයි.
Hammasini ko'rsatish...
👍 1
Photo unavailable
Taf 💯 මිනිසුන්ට තමාටම සහ තමන්ගේම ඉතිහාසයට වෛර කිරීමට උගන්වන්න, එවිට ඔවුන් විවිධ පාර්ශ්වයන් විසින් හසුරවන ඇජන්ඩා වල පහසු ගොදුරක් බවට පත්වේ. විවිධ ප්‍රෝපගැන්ඩා වලින් ඔවුන්ගේ මනස බාහිර පාර්ශ්වයන් හට ලෙහෙසියෙන් විවිධ අහිතකර අරමුණු සඵල කර ගැනීම සඳහා ඔවුන්වම නොදැනුවත්ව භාවිතා කළ හැකියි. - එලොන් මස්ක් - ලෝකය පුරා මෙය බහුලව සිදුවන අතර, මේක තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ට ලංකාව තමයි ළඟම උදාහරණය කියලා පේනවා. copied
Hammasini ko'rsatish...
👍 1 1💯 1
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.