Learn Bits
Kanalga Telegram’da o‘tish
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Ko'proq ko'rsatish1 305
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kunlar
-4230 kunlar
Postlar arxiv
1 305
Apple-1
Apple-1 පරිඝණකය , 1976 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් 666.66කට අලෙවි වෙලා තියෙනව.
පරිඝණකය සඳහා මෙවැනි මිලක් (666.66) තෝරගෙන තියෙන්නෙ , මේ පරිඝණකයේ නිර්මාතෘවරයා උන Steve Wozniak , පුනරාවර්තන අගයන්ට කැමැත්තක් දක්වපු නිසයි.
Additional - wikipedia
#History
1 305
ඔයාලම ලියපු ලිපි හෝ , Telegram තුළින් පිට විවිධ මූලාශ්‍ර වලින් දැනගත්ත කරුණු (කුඩා post ආකාරයේ) තියෙනව නං , ඒ දේවල් අනිත් අයටත් දැනගන්න අපිත් එක්ක බෙදාගන්න පුලුවන් ඔයාලට.
ඔයාලගෙ post හෝ ලිපි @DrgNo ට යොමු කරන්න.
කරුණු වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ තෙවරක්වත් පරීක්ශා කිරීමෙන් පසුව , එම දේවල් ඉහත account එකට යොමු කරන්න.
ඒ වගේම...
ඔයාටත් LearnBits team එකත් එක්ක එකතු වෙලා , ඔයාගෙ post පළ කරන්න අවශ්‍ය නම් @DrgNo_C ට ඒ බව දන්වන්න.
(LearnBits හි කොන්දේසි වලට යටත් විය යුතුයි)
ඔයාලට පුලුවන් #Knowledge #Facts #Astronomy සහ #Fun යටතේ යම් යම් post පළ කරන්න.
(වෙනත් චැනල් වලින් සොරාගත් post හෝ , ඔවුන්ගෙන් නොවිමසා ඔවුන්ට නිසි කතෲ අයිතියක් ලබා නොදී ඔවුන්ගේ post මෙහි පළ කිරීම සපුරා තහනම් වේ)
#Notice
1 305
මේ පොටෝ එක ඔයා අර්ථ දක්වන්නෙ කොහොමද?
පොලිස් සුනඛයන්ගේ ස්වයං පාලනය පරීක්ශා කරන අවසන් අදියරය
හෝ
සුනඛයා පොලිසීයෙ උනත් හමුදාවෙ උනත් සතේකට මායිම් නොකරන පූසෙකුගේ නිර්භය ගමන
#Fun
1 305
⭐️ The rat race »
📑 Meaning :
ඉහළ තරඟකාරීත්වය , අධික වැඩ සහ අධික ආතතියකින් යුතු ලෝකය හැඳින්වීමට මෙය යොදා ගනී.
🌱 Example :
Sally is sick of the rat race. She's going to quit her job in London and move to a quiet village and open a small cafe.
My uncle says that success in the rat race can make you rich, but it can also turn you into a self-centred and shallow person.?
#English
1 305
2023/03/17
- Some topics were closed in LearnBits Forum group. (Story , chat , designs)
- All designs were moved to another channel. (@drgno_d)
- LearnBits admin username changed from @Drg_No to @DrgNo. Use the new one to contact.
- "Four formation posting" system is active.
(Four posts at 6am , 11am , 4pm and 9pm / This may be change)
- Two new hashtags were added. (#writer , #Mythology)
#Major
1 305
2023/03/17
- Some topics were closed in LearnBits Forum group. (Story , chat , designs)
- All designs were moved to another channel. (@drgno_d)
- LearnBits admin username changed from @Drg_No to @DrgNo. Use the new one to contact.
- "Four formation posting" system is active.
(Four posts at 6am , 11am , 4pm and 9pm / This may be change)
- Two new hashtags were added. (#writer , #Mythology)
#Major
1 305
ඔබ පුරුශයෙන් වශයෙන් සැලකිලිමත් විය යුතු මහත්මා ගුණ 10ක්
1. උදව්වකට "ස්තූතියි" කියන්න. නිතරම "කරුණාකර" යන පදය සංවාද වලට යොදාගන්න.
2. අන් අයගේ විශ්වාසයන් අවතක්සේරු කරන්න එපා. අදහන ආගම , දේශපාලන මත හෝ ක්‍රීඩා කණ්ඩායම් සම්බන්ධව වුවත් , අන් අයගෙ විශ්වාසයන්ට ගරු කරන්න.
3. සෑම විටම පිරිසිදුව ඉන්න.
4. කාන්තාවකට , වැඩිහිටියෙකුට හෝ ආබාධිත අයෙකුට , සෑම විටකදිම මුල් තැන දෙන්න. උදව් කරන්න.
5. ජාතීන් , ආගම් , ස්ත්‍රී පුරුශ භාවය ගැන කිසිම වෙලාවක විහිළු කරන්න එපා. එවැනි දේවල් විහිළු ලෙස දකින්නත් එපා.
6. පෝලිම් පනින්න එපා. තමන්ගෙ අවස්ථාව එනකං නිශ්ශබ්දව සිටින්න.
7. සෑම විටම රැකියා කටයුතු වලදී හමුවෙන අයට සහ ගණුදෙනු කරන අයට අතට අත දෙන්න. නිල වශයෙන් සුභ පතන්න.
8. අවශ්‍ය දේවල් නිතරම ළඟ තබා ගන්න. සෑම විටම හොඳ සූදානමකින් සිටින්න.
9. වරදක් වූ විට එය පිළිගන්න.
10. හැකි සෑම විටම සටන් මගහරින්න. සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳගන්න උත්සාහ කරන්න.
#Life_Tips
1 305
කෙනෙක් ඔයා වරදක් කළ බවට ඡෝදනා කරා කියල හිතන්න
ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?
අමතක කරල දාන්න. කිසිම ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍ය නෑ.
මිනිස්සු එකිනෙකාගෙ වැරදි පෙන්න පෙන්න ඡෝදනා කරන්නෙ , ඒ වැරදි ඇත්තටම නරක දේවල් නිසාම නෙවෙයි. මිනිස්සුන්ට හොඳ හැඟීමක් එනව , වෙන කෙනෙක්ගෙ වැරැද්දක් දැකල ඒකට ඡෝදනා කලාම.
උදාහරණයකට මේ සංසිද්ධියම භාවිත වෙන තැනක් තමයි පාසල් විභාගය කියන්නෙ. ඔයාට ලකුණු අඩු නං , ඔයා ගෙදර අයට කියන්නෙ "අහවල් කෙනාට ඊටත් අඩුයි" කියලනෙ. ඔයා වෙන කෙනෙක්ගෙ වැරැද්දක් පෙන්නල දුන්නම , ගෙදර හැමෝටම හොඳ හැඟීමක් එනව ඒකෙන්.
අන්න ඒ නිසා , මින් පස්සෙ වෙන අයගෙ ඡෝදනා වලට උත්තර බඳින්න යන්න එපා. අර්ථ විරහිත සාකච්ඡා වල පැටලෙනව වෙනුවට , ඔයා ඒ අය කියපු දේවල් පිළිඅරන් පැත්තකට වෙන්න. ඔයා , ඒ අයගෙ ඡෝදනාවට එකඟ නොවුනත් , ඔයා හරි උනත් , පැටලෙන්න යන්න එපා.
මානසික මට්ටම ඒ තැනට ගෙනාවම , ඔයාට පුලුවන් බාහිර බලපෑම් ආවත් , දිගටම ඔයාගෙ ගමන යන්න.
#Psycho_Facts
1 305
Nokia 1100 කියන්නෙ , ලෝකයේ මෙතෙක් කල් වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකථන මාදිලියයි. iPhones හෝ වෙනත් ඕනෑම දුරකථන මාදිලීන් පරදවමින් තවමත් එම වාර්තාව උසුලන , 2003 වසරේ වෙළඳපලට නිකුත් කෙරුන මේ දුරකථනයන් , මේ වෙනකොට ලොව පුරා මිලියන 255ක් අලෙවි වෙලා තියෙනව.
Additional - alltopeverything.com
#Facts
1 305
1990 දි පැනනැගුණ රුසියානු ආර්ථික අර්බුදය නිසා , එකල රුසියානු ගුරුවරුන්ගේ වැටුප් වශයෙන් ඔවුන්ට වොඩ්කා බෝතල් ලබා දී තිබෙනවා.
#History
1 305
අසතුටින් ජීවත් වන සහ අසාර්ථක මිනිසුන්ගේ පුරුදු පහක්
🪵 ඔවුන් සෑම විටම ඡෝදනා කිරීමට කැමැත්තක් දක්වනවා.
🪵 ඔවුන් යමක් කිරීමට පෙර ඒ ගැන සිතා බලන්නෑ.
🪵 ඔවුන් වැඩියෙන් කතා කරනවා. අඩුවෙන් ඇහුම්කන් දෙනවා.
🪵 ඔවුන් වැඩිපුරම අතීත සිදුවීම් එක්ක ජීවත් වෙනවා.
🪵 ඔවුන් ඉතා පහසුවෙන් , ඕනෙම වැඩක් අතහැරදමනවා.
#Life_Tips
1 305
ඔබේ ලේඛන විලාසය වැඩි දියුණු කිරීමට සුලු ඉඟි කිහිපයක්
1. සක්‍රීය භාශාවන් යොදාගන්න.
සිංහල භාශාවෙන් යමක් ලියනකොට , සරල සිංහල භාශාව තෝරගන්න උත්සුක වෙන්න. ඒකට හේතුව වර්තමානයේ ගොඩක් දෙනෙක්ට අවබෝධ වෙන්නෙ , සරල සිංහල භාශාව විතරයි.
2. ලියපු දේ ආයෙ ආයෙ පරික්ශා කරන්න
ඔයා ලියපු දේ , නැවත නැවත කියවල , වචන වල අඩුපාඩු , වාක්‍යවල අඩුපාඩු ආදිය සංස්කරණය කරන්න ඕනෙ. ඒ වගේම , අදහස් ඉදිරිපත් කිරීමේ ගැටලු තියෙන තැන් , නැවත සකස් කරන්න ඕනෙ.
3. සාමාන්‍ය ව්‍යවහාරයේ සංවාද භාවිත කරන්න
ඔයා ලියන්නෙ කතාවක් නං , ඒකේ සංවාදයන් අනිවාර්යයෙන්ම තියෙනව. ඉතින් මේ සංවාද ලියනකොට ඒක සාමාන්‍ය කථන භාශාවෙන්ම ලියන්න. ලිඛිත භාශාවෙන් සංවාද ලියනකොට , ඒකෙන් පාඨකයගෙ මනසට දැනිය යුතු හැඟීම් සමුදාය මගහැරෙන්න පුලුවන්.
4. වෙනත් රචකයන්ව අධ්‍යනය කරන්න
ඔයාගෙ ලේඛන විලාසයේ අඩුපාඩුවක් තියෙනව කියල ඔයාට තේරෙනව නං , ඒකට කරන්න තියෙන සුදුසුම දේ තමයි අනෙක් රචකයන්ව අධ්‍යාපනය කරන එක. සාර්ථක උන ගොඩක් රචකයන්ට , ඔවුන්ටම අනන්‍ය ලේඛන විලාසයක් තියෙනව. ඒව අධ්‍යනය කරල , ඔයාගෙ ලේඛන විලාසයටත් ඒව යොදල බලන්න.
#Writer
1 305
මම හිතුවෙ ජීවිතේ නරකම දේ , තනිකම කියලයි. ඒත් එහෙම නෑ. ජීවිතේ නරකම දේ , ඔයාට තනිකමක් දැනෙන්න අරින මිනිස්සු ළඟ නතර වීමයි.
- Robin Williams
#Saying
1 305
කොට සායට අකමැති විලාසිතා පොලිසිය
මෑත අතීතයේ , දකුණු කොරියාවේ "විලාසිතා පොලිසිය" නමින් විශේෂ පොලිස් ඒකකයක් පත් කරල තිබිල තියෙනව. ඔවුන්ගෙ කාර්යය තමයි , කාන්තාවන්ගේ සායවල් වල සැබෑ දිග මැනීම.
හිටපු ජනාධිපති කෙනෙක් වන Park Chang Hee විසිනුයි මේ නීතිය ස්ථාපනය කරල තියෙන්නෙ. ඒ කාන්තාවන්ගේ "mini skirt" විලාසිතාව එරට තහනම් කිරීමේ අරමුණින්.
1970 දී දකුණු කොරියානු කාන්තාවන්ට , රජයෙන් අනුමත කරපු දිගට වඩා අඩු දිගක් සහිත සායවල් අඳින්න අවස්ථාවක් ලැබුනෙ නෑ මේ නිසා. රජය විසින් ගෙනාපු මේ නීතිය මගින් , ප්‍රසිද්ධියේ අශෝභන ලෙස ශරීරය නිරාවරණය කරමින් ගමන් කිරීම බරපතල වරදක් හැටියට සලකල තියෙනව.
ඒ වගේම පුරුශයන්ටත් , රජයෙන් පනවන ලද දිගට වඩා , හිසකෙස් වැඩිපුර වැවීමත් තහනම් කරල තියෙනව. ඒ එහෙම කොණ්ඩෙ වවාගෙන සිටීම ලැජ්ජා සහගත සහ රටට අපහසුතාවක් ඇති කරන දෙයක් හැටියට රජයෙන් සලකල තියෙන නිසායි.
Additional - Procaffenation.com
#History
1 305
⭐️ Sit in for »
📑 Meaning :
වෙනත් කෙනෙක් නොපැමිණියේ නම් ඔහු/ඇය වෙනුවට ඉදිරිපත් වීම.
🌱 Example :
The manager has attended most of the negotiations, but his assistant sat in for him a couple of times.
I can't make it to today's meeting, so would you mind sitting in for me?
#English
