Learn Bits
Kanalga Telegram’da o‘tish
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Ko'proq ko'rsatish1 305
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kunlar
-4230 kunlar
Postlar arxiv
1 305
නිවැරදි තැන රැඳෙන්න
ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ වැරදෙන්න එක හේතුවක් තමයි , වැරදි තැනක දිගු කාලීනව රැඳීම.
එක්තරා කතු වැකියක් තියෙනව මෙහෙම,
මුහුදෙ තියෙන එක ජල බිඳුවකට අනන්‍යතාවක් නෑ...
නමුත් එම ජල බිඳුව තියෙන්නෙ ගහක කොළයක් උඩ නම්
එය මුතු කැටයක් මෙන් දිදුලාවි...
මේ ජල බිඳුවෙන් නිරූපණය වෙන්නෙ තම තමාව. අපි අපිට ගැලපෙන තැනට ගිහින් , නොගැලපෙන තැනින් ඈත් උනොත් , අපිත් මුතු කැටයක් වගේ දිදුලයි...
ඒ වගේම,
මුහුදෙ තියෙන ජල බිඳුවක් කොහොමද ගොඩබිම තියෙන ගහක කොළයක් උඩට යන්නෙ කියන ගැටලුව ඔයාට මතක් උනාද?
ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක ලේසි වැඩක් නං මිනිස්සු මේ තරම් වැරදි තැන් වල රැඳෙන්නෑනෙ. වටිනාකම වැඩි වෙන තරමට මාර්ගය අමාරු වෙනව.
අමාරු පාරෙ ගිහින් නිවැරදි තැන රැඳෙන්න. නැත්තං ඔයාගෙ උත්සාහය අපතේ යාවි.
බුද්ධිමත්ව හිතන්න.....
1 305
හෝව්! හෝව්!
පොඩ්ඩක් නැවතිලා මේක කියවල ම යන්නකෝ 🙃
"A/L සාමාන්‍ය දැනීම පේපරේ හරිම අමාරුයි"
"ඒක දැක්කහම ඔලුව අවුල් වෙනවා"
"ඒක නිකං ගණන් පේපරයක් වගේ"
සාමාන්‍ය දැනීම පේපරේ ලියලා ආපු ගොඩ දෙනෙක් කියන කතා තමයි මේ🤧
ඔයාලා දන්නවද සරසවි වරම් හිමිකර ගන්න සාමාන්‍ය දැනිම අනිවාර්යෙන්ම සමත් වෙන්න ඕන කියලා?😐
A/L කරද්දී සාමාන්‍ය දැනීම විෂයට අවධානයක් දෙන්න වෙලාවක් නැතිම තරම් නේ අනිත් විෂයන් වලට ලොකු අවධානයක් දෙද්දී🫠
සාමාන්‍ය දැනීම හොයන්න අමතර කාලයක් වැය කරන්න ඕන නෑ දැන්. සාමාන්‍ය දැනීම කරුණු ආකාරයෙන් හා ප්‍රශ්න උත්තර ආකාරයෙන් චැනල් දෙකක් ඔස්සේ ඔයාලට ගෙන එන්න අපි සූදානම්. පාඩම් කරලා විවේකයක් ගන්න වෙලාවට ඔහේ කාලේ නාස්ති නොකර සාමාන්‍ය දැනීම ඉගෙන ගන්නට හා සාමාන්‍ය දැනීම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට අපි අවස්ථාව හදලා දෙනවා. ඇඟට නොදැනිම සාමාන්‍ය දැනීම පේපරෙත් ගොඩදාගමු ✊❤️
A/L කරන අය විතරක් නෙවෙයි දැනුම වැඩි කරගන්න කැමති හැමෝම එකතු වෙන්න අපිත් එක්ක 🕵♀🕵
සාමාන්‍ය දැනීම ඉගෙන ගැනීමට නිර්මාණය කළ චැනලය👇
@Danumasoyayamuofficial
සාමාන්‍ය දැනීම ප්‍රශ්න චැනලය👇
@Generalknowledgequizofficial
එකම තැනකින් සාමාන්‍ය දැනීම ඉගෙන ගන්නත් සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නත් දැන් ඔයාලට පුළුවන්. චැනල් දෙකම එක්ක එකතු වෙන්න. ✊❤️
1 305
මී පැණි කවදාවත් නරක් වෙන්නැද්ද?
මී පැණි හැදිල තියෙන්නෙ 80%ක් පමණම සීනි වලින් සහ 18%ක පමණ ජලය අඩංගු වීමෙන්. මේ කුඩා ජල ප්‍රතිශතය නිසා , ක්ශුද්‍ර ජීවින්ට මීපැණි තුළ ඝණාවාසිකරණය වෙන්න අපහසුයි. ඒ වගේම මීපැණි වල තියෙන අධික ඝන භාවය නිසා මීපැණි වාතනය වෙන්නෙත් ඉතාමත් අඩුවෙන්.
ඊට අමතරව මීපැණි වල අඩංගු වෙන ග්ලුකොනික් අම්ලය නිසාත් , මීපැණි වලට ආම්ලික බවක් ලබාදීලා ක්ශුද්‍ර ජීවි ඝණාවාසිකරණයට එරෙහි බාධකයක් ලෙස ක්‍රියා කරනව.
මේ වගේ දේවල් නිසා අපි සාමාන්‍යෙන් පිළිගන්නෙ මීපැණි වලට කල් ඉකුත් වීමේ දිනයක් නෑ කියල. කොහොම උනත් ගබඩා කිරීමේදි සිදුවෙන අක්‍රමවත් බව නිසා මීපැණි භාවිතයට නුසුදුසු සහ අපහසු තත්වයට පත් වෙන්න පුලුවන්.
මීපැණි තුළ පුස් වැනි ද්‍රව්‍ය දෘශ්‍යමාන වෙන්න පටන් ගත්තොත් ඒ මීපැණි භාවිතයට නුසුදුසුයි. නමුත් මීපැණි ඝන වීමක් සිදු වීමෙන් ඒ මීපැණි භාවිතයට නුසුදුසු තත්වයට පත් වෙන්නෑ.
Additional - Eatingwell.Com
#Knowledge
1 305
මොහොතකට පෙර තම මවගේ මව් කුස තුල සිට සාගරය දුටු බෙලූගා තල්මසෙක්. (පහළ පින්තූරය)
Beluga whales (𝘋𝘦𝘭𝘱𝘩𝘪𝘯𝘢𝘱𝘵𝘦𝘳𝘶𝘴 𝘭𝘦𝘶𝘤𝘢𝘴) යනු උත්තර අර්ධගෝලයේ ආක්ටික් සහ උප ආක්ටික ප්‍රදේශ වල දක්නට ලැබෙන මනස්කාන්ත තල්මසුන් විශේෂයකි. මොවුන් විශේෂයෙන් ආක්ටික් ප්‍රදේශ වල වාසය කිරීමට අනුවර්තනය වී ඇති අතර ඇන්ටාක්ටික් පෙදෙස් වලදී දක්නට නොහැකිය.
මොවුනගෙන් බහුතරයක් රුසියාව, ග්‍රීන්ලන්තය උතුරු ඇමෙරිකාව ආශ්‍රිත ආක්ටික කලාපයේ ජීවත් වන අතර දැනට අනුමාන කරන අකාරයට මොවුනගේ ලෝක ජනගහනය 200,000ක් පමණ වේ. බෙලුගාවන් සමාන්‍යයෙන් සතුන් 10ක් පමණ වන කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වන අතර වසන්ත සෘතුවේදී සිය, දහස් ගණනින් නොගැඹුරු මුහුදු තීරයන් වලට රැස් වේ. බෙලුගාවන්ගේ පිහිණුම් වේගය සාපේක්ෂව සෙමින් සිදු වන නමුත් විශ්මයජනක කරුණක් වනුයේ ඔවුනට 700m පමණ ගැඹුරක් දක්වා කිමිදීමට හැකි වීමයි.
මෙම ඡායාරූපයේ දැක්වෙන බෙලූගා මව අයත් බෙලූගා රංචුව ශිත සෘතුවේදී ග්‍රින්ලන්තය ආසන්නයේදී කල් ගෙවා අනතුරුව වසන්ත සෘතුවේදී කැනඩාවේ උතුරු ප්‍රදේශය වෙත සංක්‍රමණය වෙයි. ඔවුන් සමහර විටෙක උතුරු කැනඩාවේ Cunningham Inlet හි සති කිහිපයක් ගතකරයි. මෙහි සාගර ජලයේ උශ්ණත්වය -2°C දක්වා පහත වැටෙන නමුත් ගංගා මඟින් රැගෙන එන 3°C ක පමණ උශ්ණත්වයක් දරන ජලස්කන්ධය මෙම ප්‍රදේශයේදී සාගරය සිප ගන්නා බැවින් මෙම ප්‍රදේශයදී නව පැටවුන් බිහි කිරීමට බෙලුගාවන් මහත් කැමැත්තක් දක්වයි.
තවත් එක් විශේෂ කරුණක් වනුයේ මොවුනගේ නමින් හදුන්වන ගුවන් යනා වර්ගයක් පැවතිමයි, ඒ Airbus A300-600ST නොහොත් Airbus Beluga ය. එම ගුවන් යානයේ බාහිර ස්වරූපය බෙලූගාවෙකු වැනි නිසාවෙන් මෙම අන්වර්ථ නාමය එයට ලැබී ඇත.
📸 Photo by Brians kerry.
- Padaartha - පදාර්ථ
#Knowledge #Social_Mid
1 305
Repost from N/a
ඔයා කතා ලියන කෙනෙක්ද?
🔸 කතා වල කොටස් එක තැනකට ගන්න විදිහක් හොයනවද?
🔸 ඔයාටම කියල Author profile එකක් හදාගන්න ඕනෙද?
🔸 ඔයාගෙ සම්පූර්ණ කරපු නවකතා E-book එකක් විදිහට ආකර්ශණීයව පාඨකයන් අතට පත් කරන්න කැමතිද?
🔸 අනිත් writers ලත් එක්ක තරඟෙට කතා ලියමුද?
ඔයා කතා කියවන්න ආස කෙනෙක්ද?
🔸 කතාවක ඔක්කොම කොටස් හොයාගන්න පට්ට අමාරුද?
🔸 එකම Writer ගෙ අනිත් කතාත් හොයාගෙන කියවන්න පුදුම ගේමක් දෙන්න ඕනෙද?
🔸 කතාවක් කියවල ඒ කතාවට rating එකකුත් දෙන්න තිබ්බොත් හොඳයිද?
🔸 ලියා අවසන් කරපු සම්පූර්ණ කතා කියවන්න තැනක් නැද්ද?
මේ ඔක්කොටම උත්තර තියෙනව අපි ළඟ
READ Online Library In telegram
අපි ගැන දැනගන්න අපේ ප්‍රධාන චැනල් එකේ Introduction post එක කියවන්න
වෙනසක් හොයන අයට වෙනස් තැනක්.....
1 305
මේ උඩ රූපයේ ඉන්නෙ ප්‍රසිද්ධ Ghost Hunters ල කීප දෙනෙක්. (හොල්මන් දඩයක්කරුවෝ).
නිව්ශෑම්(Newsham) හි අතහැරල දාපු රෝහලක , මොවුන් 32 දෙදෙනෙකුගෙන් යුතු සමූහ ඡායාරූපයක් ගන්න අවස්ථාවක , මේ රූපයේ පෙනෙන විදිහට ඔවුන්ට සම්බන්ධ නැති "තවත් කෙනෙක්" ඡායාරූප ගත වෙලා තියෙනවා.
Additional - YahooNews
#Social_Mid
1 305
ඊජිප්තුව නං ක්ලියෝපැට්රා , ක්ලියෝපැට්රා නං ඊජිත්තුව...
ක්ලියෝපැට්රා කියන්නෙ වරක් ඊජිප්තුව පාලනය කරපු රැජිනක් කියන කාරණාව බහුතරයක් දෙනා දන්න දෙයක්. නමුත් ඇය ඊජිත්තු ජාතික කාන්තාවක් නොවන බව ඔබ දැන හිටියද?
ක්ලියෝපැට්රා කියන්නෙ ඇත්තටම ග්‍රීක ජාතික කාන්තාවක්. මහා ඇලෙක්සැන්ඩර්ගේ , මැසිඩෝනියානු ජෙනරල්වරයෙක් වුන ටොලමිගේ රාජවංශයෙන් තමයි ක්ලියෝපැට්රා පැවැතගෙන ඇවිල්ල තියෙන්නෙ. මේ ටොලමියානු රාජවංශය ග්‍රීකයට සම්බන්ධ නිසා , ක්ලියොපැට්රාත් ග්‍රීක ජාතික කාන්තාවක් විදිහටයි ඉතිහාසඥයන් අර්ථ දක්වන්නෙ.
Additional - Greekreporter.com
#History #Facts
1 305
ලෝකෙ මිනිසුන් භාවිත කරන සරලතම (අනාරක්ෂිතම) passwords යෙදුම් කීපය.
123456
123456789
Qwerty
Password
12345
12345678
111111
1234567
123123
Qwerty123
1q2w3e
1234567890
DEFAULT
0
Abc123
654321
123321
Qwertyuiop
Iloveyou
666666
According to Locker.io
#Social_Mid #Facts
1 305
අප්‍රිකාවේ මහා හරිත පවුර ගැන දන්නවද? (The Greate Green Wall)
අප්‍රිකාවේ මහා හරිත පවුර කියන්නෙ , සහරා කාන්තාරය දකුණු දෙසට ව්‍යාප්ත වෙන එක වළක්වන යෝජිත ගස් පෙළක්. ඒක කිලෝමීටර් 8000ක් පමණ දිග ගස් පෙළක්
අප්‍රිකානු සංගමයෙන් 2007 දි දියත් කරපු මේ ව්‍යාපෘතිය මගින් 2030 වෙනකොට සහරා කාන්තාරයේ දකුණු මායිම දිගේ හෙක්ටයාර මිලියන 100ක ගස් හිටවන්න ඉලක්ක කරල තියෙනව.
දැනට මේ ව්‍යාපෘතියෙ මුල් අදියර සම්පූර්ණ කරල තියෙන්නෙ.
විද්‍යාඥයන් විසින් මෑතක කරපු පරික්ශණ වලින් හෙලි උනේ දැනට සම්පූර්ණ කරන ලද ගස් රේඛාව දෙපස පිහිටි ප්‍රදේශ වල වර්ෂාපතනයේ සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වෙලා තියෙන බවයි. ඒ වගේම කාන්තාරයේ උණුසුම්ම ප්‍රදේශ තවත් උණුසුම් වන බවයි.
(උඩ පොටො එකේ මැද ඇති කොළපාට තීරුව)
#Knowledge
1 305
LearnBits වෙතින් අලුත් වැඩක්..
හැමදාම සාම්ප්‍රදායික තාලෙට කතා කියවපු ඔයාට , මෙන්න වෙනස්ම අත්දැකීමක් ලබාගන්න අවස්ථාවක් !
READ කියන්නෙ telegram තුළ විසිරිලා ඉන්න සෑම රචකයෙක්ටම තමන්ගෙ නිර්මාණ/කතා ගබඩා කරන්න හදපු online පුස්තකාලයක්. හැබැයි නිකංම පුස්තකාලයක් නෙවෙයි.
රචකයන්ට වගේම පාඨකයන්ටත් වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නවීන පුස්තකාලයක්.
වෙනස දැනගන්න , ඇවිල්ලම බලන්න....😉
LearnBits තුළින් ගෙන එන තවත් එක් ව්‍යාප්තියකි
1 305
අපි සාමාන්‍යෙන් යම් කිසි ඉලක්කයක් ජයගන්න වැඩ කරනකොට , නොදැනුවත්වම හෝ දැනුවත්වම , ප්ලෑන් එකකට වඩා හිතනව.
ඒ කියන්නෙ "Plan B" එකක් කලින්ම සූදානම් කරගෙන ඉන්නව. හදිස්සියෙවත් "Plan A" එක අසාර්ථක උනොත් කියල හිතල.
එහෙම දෙවනි සැලැස්මක් හිත හිත , පළවෙනි සැලැස්මට අනුව වැඩ කරන්න ගියාම , ඒ පළවෙනි සැලැස්ම අසාර්ථක වෙන්න වැඩි ඉඩක් තියෙනව.
ඒකට හේතුව තමයි , පළමු සැලැස්ම අසාර්ථක උනත් , තවත් සැලැස්මක් තියෙනව කියන සිතුවිල්ල අපේ ඔලුවෙ තියෙන නිසා අපි අපේ සම්පූර්ණ ශක්තියම පළමු සැලැස්ම වෙනුවෙන් යොදන්නෑ.
ඒ නිසා මීට පස්සෙ "Plan B" එකක් කලින්ම සකස් කරගෙන හිටියට , ඒක නිදහසට කාරණාවක් කරගෙන "Plan A" එක සුලුවට ගන්න එපා.
#Psycho_Facts #Life_Tips
1 305
කිලෝකැලරි එකක ප්‍රමාණයක් දහනය කරන්න , කම්පියුටර් මවුස් එකක් කී වරක් ක්ලික් කරන්න ඕනෙද?
කිලෝකැලරි එකක් කියන්නෙ සාමාන්‍යෙන් ජූල් 4,184 ප්‍රමාණයක්. (1000Cal)
ඒ අනුව,
- මවුස් එක එක වරක් ක්ලික් කරන්න අපිට , නිව්ටන් 0.5ක බලයක් යොදන්න වෙනව. (සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක් උසුලන්න අවශ්‍ය බලය)
- ඇඟිල්ලෙන් මවුස් එක ක්ලික් කරන්න , චලනය කල යුතු දුර මිලිමීටර් 1ක් පමණ වෙනව.
ඒ දුර චලනය කරල මවුස් එක එක වරක් ක්ලික් කරන්න , ඇඟිල්ලෙන් ජූල් 0.0005ක ශක්තියක් වැය වෙනව. (යොදන බලය×දුර)
එතකොට , ජූල් 4,184ක් දහනය කරන්න නම් ඔයා මවුස් එක මිලියන 10 වාරයකට ආසන්න ගණනක් ක්ලික් කරන්න ඕනෙ.
තත්පරයට 10 වරක් මවුස් එක ක්ලික් කලොත් ඔයාට දවස් 11.5 කින් විතර කිලෝකැලරි එකක් දහනය කරන්න පුලුවන්...
#Knowledge
1 305
ලුණු වගේ වෙන්න...
සමහර මිනිස්සු හරියට මිරිස් වගේ. නිතරම අනිත් අයට වඩා කැපිල පේන්න ජීවත් වෙනව. ඕනෙම තැනක හඳුනගන්න පුලුවන් වෙන චරිතයක් ගොඩනගාගන්න හදනව.
නමුත් ඒකෙ තියෙන අවාසිදායක කාරණාව තමයි , මිරිස් උනත් ඕනෙවට වඩා වැඩි වෙනකොට , සැර වැඩි වෙලා අපි ඒක ප්‍රතික්ශේප කරන්න පුලුවන්.
හැබැයි මේ ලෝකෙ තවත් පිරිසක් ඉන්නව හරියට නිකං ලුණු වගේ.
එයාල ඉඳිය කියල , විශේෂයක් දැනෙන්නෑ. වැඩිය තේරෙන්නෙත් නෑ. හැබැයි එයාල නැති උනාම , ගොඩක් දේවල් වල රසක් නැති වෙලා යනව.
එහෙම කෙනෙක් වෙන්න උත්සාහ කරන්න...
#Night_Thoughts
1 305
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව , අවසානයට "mt" අකුරු දෙක එන එකම ඉංග්‍රීසි වචනය Dreamt කියලයි සඳහන් වෙන්නෙ.
ඔයාල දන්න තව වචනයක් තියෙනවද අවසානය mt වලින් ඉවර වෙන🤔
(The word's derivatives including undreamt, daydreamt, and redreamt are the only other words that end with the same letters.)
#Facts
1 305
වෙනත් කෙනෙක්ගෙ මනසෙ තියෙන දේවල් දැනගන්න මේ කරුණු කීපය උපකාර වේවි
😾 යම් කෙනෙක් ඔයත් එක්ක කතා කරනකොට , එයාගෙ ඇස් නිතරම/වැඩි වෙලාවක් වහගෙන ඉන්නව නං , එයා විවෘතව කතා බහ කරන්න අකමැත්තෙන් ඉන්නෙ. සහ එයා බාහිර ලෝකය සමග ගැටෙන්න අකමැත්තක් දක්වනවා.
😾 අපි යම් දෙයක් නොකිය ඉන්න සඟවනකොට නිතැතින්ම අපේ අත හෝ ඇඟිල්ලක් තොල් මතට එනව. එහෙමත් නැත්තං මුඛය අසලට අපේ අත හරි එනව. මේක අපි පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා තිබ්බ , වැඩිහිටි අවධියටත් අරන් ආපු පුරුද්දක්.
😾 කෙනෙක් ඔහුගේ/ඇයගේ ඇස් කණ්නාඩිය සෙමින් සපමින් ඉන්නව නං , එයින් අදහස් වෙන්නෙ ඔහු/ඇය යම් දෙයක් ගැන කණස්සල්ලෙන් ඉන්න බව වෙන්න පුලුවන්.
😾 අපි ගොඩක් ගැඹුරින් යමක් ගැන හිතනකොට සහ තීරණ ගන්න වෙලාවට අපි අපේ නිකට ස්පර්ශ කරනව. ඒ වගේ වෙලාවක අපේ ඇස් යොමු වෙලා තියෙන දිශාවේ වෙන දේවල් ගැන අපිට අවබෝධයක් නෑ. ඉතින් සමහරු හේතුවක් නැතුව ඔයා ඉන්න දිහා බලන් ඉන්නව නං එයාගෙ අත , නිකට ස්පර්ශ කරමින් තියෙනවද බලන්න.
😾 කාන්තාවක් එයාගෙ නිකට අත්ල මත තබාගෙන ඉන්නව දැක්කොත් , ඔබ ඇයගේ පෙම්වතා/සහකරු නම් ඇයට , ඇය ගැන ප්‍රසංශාත්මක යමක් කියන්න. ඇය එය බලාපොරොත්තු වෙනව වෙන්න පුලුවන්.
මේ දවස් ටිකේ මුකුත් දාන්න බැරි උනාට සමාවෙන්න. අසනීප වෙලා හිටියෙ.🥲
#Psycho_Facts
1 305
ගොඩක් සාර්ථක මිනිස්සුන්ගෙ වාසනාව හැදෙන්නෙ මේ දේවල් වලින්....
🌱 නිදිවර්ජිත රාත්‍රීන්
🌱 අලුයම අවදි වීම්
🌱 අසාර්ථක උත්සාහයන්
🌱 බාධාවන්
🌱 සමාජ ගැටළු
🌱 අවදානම් අවස්ථා
🌱 පවුල් ප්‍රශ්න
මේ දේවල් වලට මුහුණ දෙන්න සූදානම් නොවී ඒ වාසනාව ළඟා කරගන්න එක ගැන හිතන්න එපා.
#Life_Tips
1 305
අපේ මොළයේ වේදනා සංවේදක පිහිටල නෑ. ඒ කියන්නෙ මොළයට වේදනාව දැනෙන්නෙ නෑ. කොහොම උනත් මොළය ආවරණය කරමින් පිහිටන මෙනින්ජීය පටල වල සහ හිස්කබලේ වේදනා ප්‍රතිග්‍රාහක පිහිටල තියෙනව.
වෛද්‍යවරුන් පෙන්නල දෙන විදිහට , තාක්ෂණික වශයෙන් රෝගියාට වේදනාවක් ඇති නොවෙන්න මොළයේ සැත්කමක් උනත් කරන්න පුලුවන්.
#Knowledge
1 305
කොහේ හරි තැනක සුළු ප්‍රශ්නයක් හටගත්තොත් ඒක ඉක්මනට අලුත්වැඩියා කරන්න. හදාගන්න. දිනක ලොකු ප්‍රශ්න වෙන්නෙත් මේ සුළු ප්‍රශ්නම තමයි.
මේ සිද්ධාන්තය , ආදරය , සෞඛ්‍යය , මිතුදම් , සහ නිවෙසටත් වලංගුයි.
#Life_Tips
1 305
2016 වසරේදී විද්‍යාඥයන් විසින් "planet 9" ලෙස හඳුන්වන ලබන නව ග්‍රහලෝකයක් සොයාගත්තා. මේ ග්‍රහලෝකය පිහිටල තියෙන්නෙ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත කෙලවරේ පිහිටි කූපර් තීරයෙයි.
Planet 9 කියන මේ ග්‍රහලෝකය පෘථිවිය මෙන් දස ගුණයක පමණ ස්කන්ධයකින් යුතු බවත් , එයට සූර්‍යයා වටා පරිභ්‍රමණය වීමට වසර 10,000 - 20,000ක් පමණ ගත වනු ඇති බවත් විද්‍යාඥයන් පෙන්නල දීල තියෙනව.
#Astronomy
